මම කැස්බෑවෙක් වූ හැටි..✅

Door zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... Meer

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

31

227 50 100
Door zara-N1111

වර්තමානය.
Xiao Zhan

" xiao zhan , yang yang පොඩ්ඩක් එන්න. ඔයාලා දෙන්නා දැන ගන්න ඕන දෙයක් තියෙනවා."

නවකතාවෙ author  මටයි , yang yang ටයි කතා කලේ තුන් පාරක්ම අපි දෙන්නා කරපු සීන් එක හරියට ආවෙ නැති නිසා.
එයාලට ඒක සැටිස් නැති වුනාට මට වගේම yang yang ටත් හිතාගන්න බෑ මොකක්ද අපි කරපු හැටියේ වැරැද්ද කියලා.
කුමාරයො දෙන්‍නා බැන ගන්නවා , shen yuan කඩුව ඇදලා ගන්නවා . Jiahao මුකුත් නොකර බලා ඉන්නවා.
දෙන්නට දෙන්නා මූණ දිහා බලන් ඉන්නවා ටිකක් වෙලා. ඊට පස්සේ shen yuan කඩුව අකුලගෙන ආපහු යනවා. ඔච්චරයිනෙ.

ඒ වුනාට දැන් director සහ කතෘ දෙන්නම බොහොම සීරියස් මූඩ් එකකින් අපිට දෙයක් කියන්න ඇවිල්ලා.

" xiao zhan , yang yang.. ඔයාලා දෙන්නා නව කතාව බැලුවෙ නැද්ද? "

ඇත්තටම පොත ගෙන්වා ගත්තට බැරිවුනා ඒක බලන්න . කොහෙද අප්පා වෙලාවක්.
අපි දෙන්නම ඒක බැලුවෙ නෑ කියලා කිව්වා.

" කමක් නෑ. මේ කතාවෙ සැගවුනු දෙයක් තියෙනවා. මේකේ තියෙනවා අප්‍රකාශිත ප්‍රේමයක්"

" ඒ කිව්වේ ?? "

" ඒ කිව්වෙ , shen yuan එවපු ලියුම් ඔක්කොම ටික කුමාරියට ලැබෙන්නෙ නැතිවෙන්න jiahao ඒ ටික ඔක්කොම ගත්තනෙ . එයා ඒ කවි ඔක්කොම කියවලා Shen yuan කොයිතරම් ප්‍රේමණීය කෙනෙක්ද කියලා හිතෙනවා.එයාට නොදැනිම shen yuan ගැන ආදරයක් ඇති වෙනවා."

" මොකක්? ".
මායි , yang yangනුයි මූණට මූණ බලා ගත්තා.

" ඔව්ེ . Jiahao දන්නෙත් නෑ එයාගෙ හිතේ ආදරයක් ඇතිවෙලා කියලා . ඒත් බොහොම ලස්සන Shen yuan ආවට පස්සේ එයාට තේරෙනවා, තමන් shen yuan ට ආකර්ෂණය වෙනවා කියලා . එයා කුමරියට ආදරෙයි. ඒත් shen yuan ගැනත් feelings තියෙනවා"

" ඉතින් මේ සීන් එකේ ඔයාලා දෙන්නා නිකම්ම රණ්ඩු වෙනවා නෙවෙයි. පොඩ්ඩක් ඒ tension එක පෙන්වන්න ඕන දෙන්නට දෙන්නා ඇස් දෙක දිහා බලන් ඉන්න කොට"

දෙයියෝ සාක්කි.

" ඊට පස්සේ මොකද වෙන්නෙ කතාවෙ ඒ part එකට?? "

" jiahao ගැන shen yuan ගෙ හිතේ තියෙන්නෙ වෛරයක්.
Shen yuan , අර jade sword එක හොයන මෙහෙයුමට jiahao ව එකතු කරගන්නෙ අතරමගදී රහසේ මරාදාන්න හිතාගෙනනේ.
ඒත් ඒ මෙහෙයුමේදී එකිනෙකා ගැන අදුනගන්නකොට , ඒ අදහස වෙනස් වෙනවා . අවසානයෙ jiahao ව බේරාගන්න shen yuan ජීවිතය දෙනවා. "

" jiahao , එයාගෙ ආදරේ ප්‍රකාශ කරනවද? " ඒ yang yang.

" නෑ නෑ. එයා ඒක හංගගෙන ඉන්නවා. එයා හිත ඇතුලෙන් සටන් කරනවා ඒ feeling එක එක්ක . එයාට ඕන කුමාරියට අවංක වෙලා ඉන්න"

" එතකොට , shen yuan  ..? එයා jiahao ට ආදරේ වෙනවද??"
ඒ ප්‍රශ්නය මගෙන්.

"මම ඒ ටික නවකතාවෙ Open විදිහට ලිව්වෙ කියවන එක්කෙනාට ඕන අදහසක් ගන්න නිදහස තියලා. ඒත් ඉතින් අන්තිමට shen yuan ජීවිතයත් එයා වෙනුවෙන් දෙනවා කියන එකෙන් යම් අදහසක් එනවා නේද?? "

" xiao zhan, yang yang.. ඔයාල දෙන්නා නවකතාවෙ ඒ වගේ aspect එකකුත් තියෙනවා කියලා මතක තියාගෙන රගපාන්නකො"

" ඔව්. පොඩ්ඩක් ඇස් වලින් විතරක් ඒ feelings පෙන්නන්කො. "
ඒ දෙන්නා අපිට කිව්වා.

කතාව නම් ලස්සනයි.
මම කලිනුත් කිව්වෙ මේක සරල rom com එකක් නෙවෙයි කියලා . මේක සෑහෙන පැටලුන තුන්කොන් ආදරයක්.

ඒත් ..දෙයියෝ සාක්කි.  
Dilraba - xiao zhan වගේ නෙවෙයි අම්මෝ xiao zhan - yang yang කියලා CP එකක් හැදුනොත්. 
Fandom වලට භූමිකම්පාවක් ආවා වගේ තියේවි.

ඒ ඔක්කොටම වඩා wang yibo කියන හාදයා මේකට මොනව කියයිද දන්නෙ නෑ.

අනික නිලියකට වගේ නෙවෙයි. Yang yang ට ඇස් වලින් ආදරේ පෙන්වන විදිහට රගපෑවොත් බොබෝ මගේ ඔලුව කයි.

...........❤️💚..........

2021 - අගෝස්තු

Xiao Zhan

මේ අවුරුද්දෙ යිබෝගෙ උපන්දිනේ දවසේ අපි දෙන්නාට එක තැනක ඉන්න බැරිවුනා කියලා මම කලිනුත් කිව්වනේ.

අගෝස්තු පලවෙනිදා beijin , Hutong වල මගේ photoshoot එකක් තිබුනා.
ඒ මගේ ඔක්තෝබර් වලට එන birthday post එකට ගන්න.
එදා නිල් පාට ඩෙනිම් ශර්ට් එක , සුදු පාට ටීශර්ට්  එක එහෙම ඇදගෙන ඒ photoshoot එකක් කලා.

එයාගෙ බර්ත්ඩේ දවසේ අපිට එකට ඉන්න වෙන්නෙ නැති බව දන්න නිසාම බොබෝ එදා shanghai වල ඉදන් beijin ආවා. එක රැයයි අපිට තිබුනේ.

ඊට පහුවෙනිදම මට යන්න වුනා වැඩ වලට. ඒකයි 5 වෙනිදා තිබුනු එයාගෙ උපන්දිනේ එකට සමරන්න වුනේ නැත්තෙ.
ඒ වැඩ වලට ගිය අතරේ තමයි මගේ බර්ත්ඩේ පෝස්ට් එකට ඉතුරු ෆොටෝස් ටික ගත්තෙ.. අර කාන්තාරෙ ගත්ත ෆොටෝ ටික.

මම අගෝස්තු 6 වෙනිදා ආයෙත් beijin ආවා.  

අපි ආයෙත් හමුවෙන්න plan කරල තිබුනෙ qixi festival එකට.
ඒත් මාව පුදුමයට පත් කරමින් එයා Beijing ආවා අගෝස්තු 8 වෙනිදා.
covid outbreak එකක් නිසා යිබෝගෙ වැඩ කල්ගිය නිසා තමයි එයා ආවෙ.
සතුටෙන් ඉතිරිලා ගිය මම පුළුවන් විදිහට මගේ වැඩත් එහෙට මෙහෙට කරගෙන එයත් එක්ක කාලය ගත කලා.
දවස් 4 ක්.!!

ආයෙත් 12 වෙනිදා එයා ආපහු වැඩට යන්න beijin airport එකට ගියා.

" මෙහෙම දවස් හතරක්ම ඔයා ලග ඉදලා ගියාම , ආපහු මට තනියම ඉන්න වෙනකොට පාලුවෙ  බෑ බොබෝ.."
එයා යන්න හදනකොට , තව පාරක් තුරුල් වෙලා මම කිව්වා.

" Baobao....අපි පුළුවන් ඉක්මනින් ආයෙත් හම්බවෙමු.."
එයා කිව්වේ මාව ආයෙත් සිප ගනිමින්..
කම්මුල් , නලල, නහය, දෙතොල් හැමතැනම..

........

මම එයා ගියාට පස්සේ gym එකට ගිහින් ආයෙත් අපාර්ට්මන්ට් එකට ආවෙ හරිම පාලුවෙන්.

බැටරි බැස්ස රොබෝ කෙනෙක් වගේ මම bathroom එකට ගිහින් නාලා, ආයෙත් කාමරයට ඇවිත් ටවල් එකත් ඔහේ ගලවලා බිමට දාලා කබඩ් එකත් ඇරියේ ඇදුමක් හොයා ගන්න.
අපි දෙන්නගෙම ඇදුම් කලවමේ තියෙන අල්මාරියේ එයාගෙ සුවද රැදිලා තියෙනවා.
අද බොබෝගෙ ඇදුමක් අදින්න ඕනා එයා නැති පාලුව යන්න.

එතකොටම ඒ ගැන සිහියෙන් සිටි මාව තිගැස්මට ලක්කරමින් , උණුසුම් ලොකු අත් දෙකක් , මගේ නාපු ගමන් තෙත් සීතල ගතියෙන් යුතු නිරුවත් ඉන වටා එතුනා..

" zhan ge..."
ඒ කටහඩ ඇහෙන්න කලින් , ඒ උණුසුම , සුවද මම හිතේ මවාගත්ත එකක්ද කියලා මම හිත හිතා හිටියේ..

ඒත්.. එයාපෝර්ට් ගිය යිබෝ මොකද හදිස්සියේ ආයෙත් ආවේ..

ආපහු වැඩ කරන්න පටන් ගත්ත මගෙ මොලේ ඒ ප්‍රශ්නය ඇහුවා.

" බොබෝ , මොකද වුනේ ? " 
මම එයාට මුහුණ ලා හැරෙන ගමන් ඇහුවා

" changsa වලට flight කැන්සල් වෙලා zhan ge. එහේ ආයෙත් covid out break එකක්."

Changsa වල ජනතාව මට සමාව දෙන්න ඕනා.
ඒ ආරංචිය අහලා මගේ මූණෙ ඇදුනේ අර ප්‍රසිද්ධ ලොකු හිනාව තමයි .

මම එයාගෙ බෙල්ල බදාගෙන සිප ගත්තා.

Gym ගිහින් ගෙදර එනකොට බැහැලා තිබුන බැටරිය දැන් ෆුල් චාර්ජ් වෙලා. මුලු හිතම තොරණක් වගේ එලිය වෙලා..

සිප ගනිද්දී එයාගෙ අත් දෙක මගේ නිරාවරණය වෙලා තිබුනු සිරුරේ හැමතැනම දුවන කොට තමයි මට මීටර් වුනේ, මම මෙහෙම හිටියට තාම යිබෝ සම්පූර්ණ ඇදුමෙන් කියලා .

මේකා ගෙදරට ඇතුල් වෙද්දී ගලවන සපත්තු දෙක විතරක්  අයින් කරලා මිසක් තාම කැප් එකවත් , ජැකට් එකවත් ගලවලා නෑ කියලා.

බොහොම හොදයි මේ කෝවිඩ් වසංගත කාලෙ වැඩ කරන හැටි.

මම එයාව සිප ගන්න එක නවත්තලා , එයාගෙ අත් දෙක එහාට කරලා ඈත් වුනා.

" zhan ge.."
එයා complain කරන ස්වරයෙන් කෙදිරුවෙ මම අයින් උනාම.

" wang yibo, එයාපෝර්ට් ගිහින් ආවෙ ඔයා. ඔය ඇදුම් අයින් කරන්න"

" ඔහ්.. අමතක වුනා. හරි හරි. "

මේකා දඩබඩ ගාලා කැප් එකයි , ජැකට් එකයි ගැලෙව්වා.

" හෝව් .. හෝව්.. ඔහොම නෙවෙයි. පොඩ්ඩක් ඉන්න. ආයෙත් දාගන්න ඔය කැප් එකයි , ජැකට් එකයි"

" ආ?? "
එයා confuse වෙලා බලා ඉන්නවා.

" කියන දේ අහලා ඒක ආපහු ඇද ගන්න."

මට පිස්සුද වගේ බැල්මක් දාලා උනත් එයා එහෙම කලා .

ඊට පස්සේ මම ඇදට ගිහින්..බොහොම seductive pose එකකින් හාන්සි වුනා..  මම දන්නවා ඒකෙන් එයාට මොනවගේ බලපෑමක් වෙනවද කියලා .

" දැන් ඔයාගෙ ඇදුම් එකින් එක , හෙමිහිට ගලවන්න..
කැප් එකෙන් පටන් ගන්න.. "

" ඔහ්.. ok.. Zhan ge.."
එයා ඇස් අහකට ගන්නෙ නැතුව මා දිහා බලාගෙනම වැඩේ පටන් ගත්තා..

.............❤️💚

කොරෝනා විශබීජ නැතිවෙන්න අපි දෙන්නම wash එකක් දාන්න ගියේ නම් ඊට පැය දෙක තුනකට විතර පස්සෙ..
අවුලක් නෑ.. දැනට beijin වල outbreak එකක් නෑනෙ..

........❤️💚

එයා එදා අගෝස්තු 12 flight එක කැන්සල් වෙලා ආවට පස්සේ 18 වෙනිදා වෙනකල්ම beijin වල මා එක්ක හිටියා.

අගෝස්තු 8 වෙනිදා ඉදන් ගනන් ගත්තොත් දවස් 10 ක්ම අපි එකට.!!
බොහොම කලාතුරකින් විතරක් ලැබෙන අවස්ථාවක් ..
අපි කොහේවත් යන්නෙ නැතුව ගෙදරටම වෙලා එකිනෙකා තුරුලේ ගත කරපු කාලයක්..
හිතුවාට වඩා බොහෝම ඉක්මනින් ඔර්ලෝසුවේ කටු කැරකිලා ගිය දවස් ටිකක්..
දවස් දහයක් තමයි !!
But it was never enough !!

........❤️💚

අගෝස්තු 18 එයා beijin වල ඉදන් shanghai ගියා,  19 වෙනිදා program එකකට සහභාගි වෙන්න. LoL interview එක.
එදා එයා ඇදන් හිටියේ මම අගෝස්තු පලවෙනිදා shoot එකට ඇන්ද ඩෙනිම් ශර්ට් එකමයි.
අපි දෙන්නගෙ දීර්ඝ නිවාඩුවෙන් පස්සේ එයා සතුටින් , refresh වෙලා හිටියා කියලා බැලුවම හොදට පේනවා.

මෙච්චර කාලයක් සද්ද නැතුව හිටිය මම අගෝස්තු 19 වෙනිදා  කාන්තාරෙ ෆොටෝ තුනකුයි , මගේ සෙල්ෆි එකකුයි පෝස්ට් එකක් දැම්මා. ඒ එයා නැතිව පාලු බව කියන්න!!

.................❤️💚.................

වර්තමානය.

රයන්

මම Beijin වලට ගියා , යිබෝගෙ කකුලට physiotherapy session එකක් කරන්න.
එයාගෙ කලින් skateboard injury එක උන කකුල උඩට බයිසිකල් එක වැටිලනෙ.
අපේ zhan කලබල වෙලා මාව මෙහේ එව්ව තරම් අමාරුවක් නම් නෑ.
ඒත් මේ දවස් ටික ඉදලා කකුල ඉදීමීම එහෙම හොදටම අඩු වුනාම ආපහු shanghai යනවා. එහෙමයි ඉහලින් උපදෙස් ලැබුනෙ මට.

යිබෝට අලුත් චිත්‍රපටයක ප්‍රධාන චරිතයට ආරාධනා ලැබිලා. ඒකෙ නම "The patriot ." . යුද හමුදා නිලධාරියෙක් ගැන කතාවක්ලු.  ඒකෙ ප්‍රධාන චරිතය ගන්න නලුවො කීප දෙනෙක්ම බලා හිටියා කියලා ආරංචියි.

..........

මම beijin වල ඉදිද්දි යිබෝට Vogue magazine එකට  photoshoot එකක් තිබුනා.
Location එක අරගෙන තිබුනෙ 5 star හෝටලේක interior .
මාත් ඒකට එයා එක්කම ගියේ වෙන වැඩකුත් නැති නිසා.

එදා Stylist , ෆොටෝශූට් එකට අවශ්‍ය ඇදුම් සෙට් ටික හදලා ඔක්කොම පිලිවෙල  කරලා ගියේ එයාට හදසි වැඩක් යෙදුනු නිසා .

අන්තිමට තිබුනේ කලු පාට ටී ශර්ට් එකක් එක්ක නිල් පාට ඩෙනිම් කලිසමක්.
කලු පාට ටීශර්ට් එකේ රතු පාට නිල් පාට ඩිසයින් එකක් තිබුනා.
යිබෝ ඒක ඇදගෙන මේකප් රූම් එකට ගියාම  make up artist ටිකක් පුදුමයෙන් වගේ බැලුවා.

" ඔය ඇදුම stylist තියලා ගියාද?? අනික් ඒවට වඩා වෙනස් නේද ? ". එයා ඇහුවා.

ඔව් හැබැයි . ඒ ඇදුම යිබෝ මේ වෙනකල් ඇන්ද අනික් ඇදුම් පහටම වඩා වෙනස්.

" ඔව් , මේක 6 වෙනි number එක ගහපු hanger එකේනෙ එල්ලලා ගිහින් තිබුනේ"  stylist ගෙ ඇසිස්ටන්ට් කිව්වා.

" හ්ම්ම් කමක් නෑ එහෙනම් , අපි make up එක touch up කරලා ගමු."

.......................

" යිබෝ.., අර අන්තිම හරියේ ෆෝන් එකකින් ෆොටෝස් ගත්තේ yibo official ස්ටාෆ් එකේ කවුරු හරි නේද?? "

Vogue  සගරාවෙ cameraman ඇහුවෙ ෆොටෝ ශූට් එක ඉවර වෙලා.

යිබෝ අපේ දිහා ප්‍රශ්නාර්ථයක් එක්ක බැලුවා.
යිබෝගෙ ස්ටාෆ් අද ඇවිත් හිටියෙත් තුන් දෙනයි.

" අර face mask එකක් දාපු කෙනා?, මම හිතුවෙ ඒ ඔයාගෙ ඇසිස්ටන්ට් කෙනෙක් කියලා ?? "
YBO staff එකේ කෙනෙක් ඒ කැමරාමන්ට කිව්වා.

" නෑ නෑ. ඒ මගේ assistant කෙනෙක් නෙවයි. කවුද ඒ??"

ඒ කතාව අපිව ටිකක් කලබල කලා.
ඉක්මනින් ඒ පුද්ගලයව හෙවුවත් එයා දැනටවත් පේන්න හිටියේ නෑ.
සමහරවිට මේ හොටෙල් එකේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන් , යිබෝගෙ fan කෙනෙක් වෙන්න ඇති.. අපිට හිතුනා. 

............................

ඒත් යිබෝ ඒ කතාව zhan ට කිව්වම එයා නම් අපිට වඩා කලබල වුනා.
යිබෝගෙ GQ magazine එකේ හිටිය යාලුවා zixun ටත් කතා කරලා ඒ ගැන තව හොයන්න ඕන කියලා බොස් කිව්වා.

..............❤️💚

වර්තමානය.

Xiao zhan

Legend of shen yuan ..මේ කතාවෙ අලුත් පැතිකඩවල් අපිට දවසින් දවස පේන්න ගන්නවා..
Yang yang , මම , dilraba මේ අපිට අලුත් , සැගවුනු aspect එක ගැන කතා කලා.

" හොදයි, අපි දෙන්නට එහෙනම් ඇස් වලින් tension එක පෙන්වන්න වෙනවා එකිනෙකා දිහා බලන කොට නේද zhan zhan ? "
Yang yang ඇහුවා.

" මම අද මේ නවකතාව කියවන්න පටන්ගන්න හිතුවෙ. මේ චරිතය ගැන හරිම අදහසක් ගන්න "
මම කිව්වා.

" මම හිතන්නෙ , xiao zhan හංගාගත් ආදරය ගොඩක් ලස්සනට රගපාලා පෙන්නුවා නේද the untamed කතාවෙ. ඒ පාවිච්චි කල technic එක මේකටත් ගමු"

Yang yang ගෙ කතාවට මට බිබී හිටිය වතුර ටිකත් හිරවුනා.
Dilraba හයියෙන් හිනාවුනා.

" ඇත්තටම , zhan zhan මොකක්ද ඒ technic එක ? " එයා ඇහුවෙ හිනාවෙවී.

ඒකට කියන්න පුළුවන් උත්තරේ අර යිබෝ ඒ දවස් වල කිව්වා වගේ " true feelings" තමයි..

................❤️💚................

රූගත කිරීම් විවේකයක මම යිබෝට කෝල් එකක් ගන්න dressing room එක පැත්තට යද්දී නිශ්පාදකගේ කාමරේ පහුකරන කොට peng chao කාටදෝ බනිනවා මට ඇහුනා.

" ඔයා මොකද එහෙම කලේ? සීමාව ඉක්මවා යන්න එපා peng yue "
ඒ බනිනවා ඇහෙන්නෙ peng yue ට.
තාත්තගෙයි දූගෙයි හැමදාම ප්‍රශ්න.

මම ඉක්මනින්ම එතනින් ගියා.
මට ඒවා වැඩක් නෑ .

Dressing room එකට ගිහින් යිබෝට කෝල් එකක් ගත්තා.

" බොබෝ කොහොමද ඔයාගෙ කකුල ?? "

" ඒක නම් හොදටම හොදයි zhan ge... මට shanghai එන්න පුළුවන් ඔයාව බලන්න. එහෙම ආවම අපි proper date එකක් යමුකො"

" හරි අපි යමුකෝ.. "

" ඒක නෙවෙයි zhan ge., කොහොමද අද shooting ?? Yang yang එක්ක " සීන්" තිබුනද? "
පොඩි හිනාවකුත් එක්ක යිබෝ අහනවා.
මම ඊයෙ රෑ කිව්වනෙ මේ විනාකිරි බෝතලේට කතාව ගැන.

" ඔයා ආවම අපි yang yang , dilraba දෙන්නා එක්කත් කෑමකට යමුකෝ. Dilraba ආසාවෙන් ඉන්නෙ ඔයාව ආයෙත් හම්බ වෙන්න.."

" හරි. Zhan ge."

" ඒක නෙවෙයි බොබෝ. මම මේ dressing room එකට හදිසියේ ඇවිත් කතා කලේ වෙන වැඩකට"
මගේ ටෝන් එක සීරියස් ස්වභාවයක් ගත්තා.

" මම zixun ට කතා කලා. එයා එදා ෆොටෝ ගත්ත හොටෙල් එකේ manager ට කතා කරලා.
ඔයාගෙ ෆොටෝ ෆෝන් එකකින් ගත්ත කෙනා හොටෙල් ස්ටාෆ් එකේ නෙවෙයි. එයා yibo official එකේ කියලා id එකක් පෙන්නල ඇවිත් තියෙන්නෙ hotel security එකට . "

" ඒත් ඒ ඇයි? ඒ website වලට ෆොටෝ විකුණන මනුස්සයෙක්ද? "

" zixun ට ඒ ගැන සැකයි . එයාට field එකේ connection තියෙනවනෙ . එයා තව ඒ ගැන හොයල බලන්නම් කිව්වා.
බොබෝ.. ඔයා ගොඩක් කල්පනාවෙන් ඉන්න හොදේ. ගොඩක් පරිස්සමෙන් ඉන්න"

.....................❤️💚..........

යිබෝට කතා කරලා කෝල් එක තියන්න හම්බ වුනේ නෑ.
Zixun ගෙන් කෝල් එකක්.

" Zhan zhan , එදා යිබෝගෙ photoshoot එකේ stylist මට කෝල් කලා. එයා මගෙ යාලුවෙක්.
මටයි , එදා හිටිය vogue එකේ cameraman ටයි ඉක්මනින්ම එන්න කිව්වා එයාව හම්බවෙන්න . "

" ඇයි zixun , මොකක්ද අවුල? "

" අපි මේ එයා හමුවෙන්න යන ගමන්. Stylist ගොඩක්ම බය වෙලා කතා කලේ. යිබෝ වගේම ඔයත් පරිස්සමෙන් ඉන්න ."

.........❤️💚..........

To be continued

...............

මේ කතාව බලන ඔයාලාට ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි.. ❤️❤️💚💚

Ga verder met lezen

Dit interesseert je vast

46.1K 790 19
𝙰 𝚌𝚑𝚒𝚕𝚍𝚑𝚘𝚘𝚍 𝚋𝚎𝚜𝚝𝚏𝚛𝚒𝚎𝚗𝚍 𝚝𝚘 𝚊 𝚟𝚎𝚛𝚢 𝚜𝚙𝚎𝚌𝚒𝚊𝚕 𝚏𝚛𝚒𝚎𝚗𝚍 𝚝𝚑𝚊𝚝,𝚢𝚘𝚞 𝚠𝚒𝚕𝚕 𝚕𝚘𝚟𝚎 𝚠𝚒𝚝𝚑 𝚠𝚑𝚘...
323K 9.7K 105
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
4.4K 837 13
මන්දාරම් අහසටත් තිබුනා කියන්නට එක් කතාවක්. ..