තේව් !

By Mrs_wang_kavi

6.5K 579 113

මං උඹට ආදරෙයි තේව් ! මගෙ ජීවිතේ තියෙනකල්ම තේව් යුහස් අහිංස මගෙ වෙලා ඉන්නයි ඕනෙ!🍃🖤 ... More

හැඳින්වීම...
°°°දෙවනි පරිච්ඡේදය°°°
°°°තුන්වෙනි පරිච්ඡේදය°°°
°°°හතරවෙනි පරිච්ඡේදය°°°
°°°පස්වෙනි පරිච්ඡේදය°°°
°°°හයවෙනි පරිච්ඡේදය°°°
°°°හත්වෙනි පරිච්ඡේදය°°°
°°°අටවෙනි පරිච්ඡේදය°°°
°°°නමවෙනි පරිච්ඡේදය°°°
°°°දහවෙනි පරිච්ඡේදය°°°
°°°එකොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දොළොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දහතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°දාහතරවෙනි පරිච්ඡේදය°°°
°°°පහලොස්වෙනි පරිච්ඡේදය°°°
°°°දාසයවෙනි පරිච්ඡේදය°°°
°°°දාහත්වෙනි පරිච්ඡේදය°°°
°°°දහ අටවෙනි පරිච්ඡේදය°°°
°°°දහනමවෙනි පරිච්ඡේදය°°°
°°°විසිවෙනි පරිච්ඡේදය°°°
°°°විසි එක්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිදෙවනි පරිච්ඡේදය°°°
°°°විසිතුන්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහතරවෙනි පරිච්ඡේදය°°°
°°°විසිපස්වෙනි පරිච්ඡේදය°°°
°°°විසිහයවෙනි පරිච්ඡේදය°°°
°°°විසිහත්වෙනි පරිච්ඡේදය°°°
°°°විසි අටවෙනි පරිච්ඡේදය°°°
°°°විසිනවවෙනි පරිච්ඡේදය°°°
°°°තිස්වෙනි පරිච්ඡේදය°°°
announcement

°°°පළවෙනි පරිච්ඡේදය°°°

551 30 1
By Mrs_wang_kavi

තේව්.. පොඩි පුතා ගිහින් ලෑස්ති වෙන්න.

අපෙ අම්මගෙ සුමිහිරි නාදෙන් උදේ පාන්දර මගේ දෙසවන් හිරිවැටී ගියා. අනේ අම්ම අද ගෙදරනෙ. ඒනං කනක් ඇහිල ඉන්න වෙන එකක් නෑ.

නිදිමරගාතෙ මං යන්තම් අම්මට ඇහුම්කන් දීල ආයෙ කොට්ටෙ බදාගෙන අනිත් පැත්ත හැරුනා.

අනේ අම්මා මේ මහපාන්දර නැගිටගෙන කොහෙ යන්නද?

ඈ බොල යකෝ කොහෙ යන්නද කියල අහන්නෙ? නගිටපිය කොල්ලො මං මේ කොස්ස එවන්න කලින් කලින්

ඌප්ස් උඩරට මැණිකෙට මලපැනල

ආහ් අනේ මොනාද අයියෝ

මං එන්නද? උඹ නැගිටල ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනවද?

අනේ හරි අනේ එන්නං

ඒසී එක සැරටම දාල තිබුන නිසා නැගිටින්න තියා මේ අලි බෙඩ්ශීට් එකත් අයින් කරගන්න බෑ.. සීතල වැඩිකමට ඇසුත් ඇරගන්න බැරි තරමට මාව කම්මැලි වෙලා කියල මට දැනුන. මුළු විශ්වයේම තියන බලේ ඇඟට අරන් මං පොරවන් ඉඳපු රෙද්දට පයින් පාරක් දෙද්දි ඒක කෙලින්ම නැවතුනේ දොරත් ඇරන් ඇතුලට ආව අපෙ ගෙදර වැඩට ඉන්න නැන්දගෙ ඔලුවෙ ඉඳන් වැටිලා..

ඌප්ස්

මං හිතන්න එයා තේ එක අරන් ඇවිල්ල.. හයියෝ මගෙ තේ එක හැලුනද දන්නෑ

සුමනා නැන්දේ....

මං හිමීට ඇඳෙන් බැහැල ගිහින් සුමනා නැන්දගෙ ඇඟට වැටිල තිබුන බෙඩ්ශීට් එක ලාවට උස්සල මගෙ තේ එකත් අරන් ජනේලෙ ගාවට ගියා.

අනේ පුංචිබේබි හැමදාම මට අඩත්තේට්ටම් කරනව.

එහෙම තමා අම්මට මොකෝ නැන්දට මොකෝ..හිහී....

සුමන නැන්ද මටත් ගස්සන් ගානට ඇඳේ බෙඩ්ශීට් එක හදල කාමරෙන් එලියට යන්න ගියා. පව් ඉතින් පොඩි කාලෙ ඉඳන් අම්මල බිස්නස් වැඩ වලට එලියට යද්දි සුමනා නැන්ද එක්ක තමා මං හිටියෙ. ඉතින් ගොඩ වෙලාවට මං අම්ම එක්කත් වඩා කිට්ටු සුමනා නැන්ද එක්ක. හේතුවක් දන්නෙ නම් නෑ ඒත් සුමන නැන්ද දැනටත් මැරි කරල නෑ... මං හිමීට වෝල් වොච් එකෙන් වෙලාව බැලුවා. පහයි!

ඉස්කෝලෙ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වශයෙන් මං හැමදාම හයහමාර වෙද්දි ඉස්කෝලෙ හිටියා. තේ එක බීල ඉවර වෙලා මං හිමීට මගෙ වයිට් කලර් ටවල් එක අරන් බාතෲම් එකට රිංගගත්තා...

මම...

මම තේව් යුහස් අහි‍ංස ෆ්‍රනෑන්ඩෝ. මගෙ තාත්ත ලංකාවෙ නම ගියපු බිස්නස්මන් කෙනෙක්. එතකොට මගෙ අම්ම, එයා තමා තාත්තගෙ ඉස්සර ප්‍රයිවට් සෙකට්‍රි වෙලා ඉඳල තියෙන්නෙ. පස්සෙ දෙන්න අතරෙ පොඩි ටිලිං ටිලිං එකක් ඇති වෙලා තමා මැරි කරලා තීන්නෙ. ඉතින් මැරි කරලා ටිකක් කල් යනෝට තමා අපෙ අම්මට මගෙ අයියා, ඒ කිව්වෙ දෙව්නක අනුහස් ෆ්‍රනෑන්ඩො හම්බෙලා තියෙන්නෙ... ඊටපස්සෙ අවුරුදු නමයකින් තමා මාව හම්බෙලා තියෙන්නෙ. ම්හ්ම්.... මරු පව්ලක් නේද? ඔව් ඒක එහෙම තමා. හැම සම්පතක්ම මට එයාල ගෙනල්ල දෙනව. ඒත් එයාලට ගොඩක් වෙලාවට මාව මිස් වෙනව. අයිය නම් දැන් ප්‍රසිද්ධ ලෝය කෙනෙක්. අම්මලගෙන් මග ඇරෙන ආදරේ ගොඩක් වෙලාවට හම්බුනේ මගෙ අයියගෙන් නැත්තං සුමන නැන්දගෙන්. ඉතින් කොච්චර සල්ලි බලේ තිබුනත් මං අම්ම තාත්ත නැති ජීවිතේකට හුරු වෙලා තමයි ඉන්නෙ. මගෙ ඉස්කෝලෙ ලංකාවෙ ප්‍රසිද්ධ ඉස්කෝලයක්. මරදානෙ තමා අපෙ ගෙවල් තිබුනෙ. මගෙ අයියත් ඒ ඉස්කෝලෙමයි. ගොඩක් වෙලාවට ඒ ඉස්කෝල වලට ආවෙ සල්ලිකාර ළමයි. අමුතුවෙන් කියන්නෝනෙ නෑනෙ. සල්ලිකාර ළමයින්ගෙ තරම. උන් අම්ම තාත්තගෙ සල්ලි ඔලුවට ගහන් පට්ට ලොකුකමකින් තමයි ඉන්නෙ.

හෝව්ව් හෝව්ව්....

හැබැයි මේ මම්??

මම එහෙම නෑ.. මොකද මං තේව් යුහස් අහි‍ංස ෆ්‍රනෑන්ඩෝ..

නාල කරල එලියට ඇවිල්ල මගෙ බේබි ක්‍රීම් එකයි, බේබි කොලෝන්ග් එකයි ගාගෙන මං කුස්සියට ගියා එතකොට අම්ම පාන් වල බටර් ගානව. පටගාල එකක් අරන් මං එලියට බැස්සෙ ඉස්කෝලෙට යන්න.

චූටී... ඔහොම ඉන්න මං ගෙනිහින් දාන්නම්. මට අද කෝට් එකට යන්න ඕනෙ.

හරි අයියෙ!

මං එහෙම්ම දොරකඩ නැවතුනේ අයිය කතා කරපු හින්ද. ම්ම්හ් වාසනාව. ගෙදර ඩ්‍රයිවර් ඉඳලත් මං තේරෙන කාලෙකට ආවයින් පස්සෙ ඉඳන් කවදාවත් එයා එක්ක ගිහින් නෑ. මොකද මං ඕනවට වඩා තියෙන දේවල් පෙන්නන්න කැමති නෑ... දවසක මගෙම සල්ලි වලින් මං බලපුලුවන්කාරකම් පෙන්නනව හරියට මගෙ අයිය වගේ.. එයා රස්සාවක් කරන්න ගත්තත් හරි මං කවදාවත් දැකල නෑ තාත්තගෙන් සල්ලි ඉල්ලනව. මාර චරිතයක් ඒ අතින්.

මොකෝ චූටි දොරකඩ හිටගෙන. යමු එන්න

අයිය මාවත් අඬගහන් පාකින් ඒරියා එකට ගියා. අයියගෙ ලා දම් පාට මික්ස් වෙච්ච BMW එකට නැගල ශීට් බෙල්ට් දාගත්තට පස්සෙ අයිය හිමින් වාහනෙ පාරට දාල යන්න ගත්තා.

අනෙ අයියෙ අශ්වින්ව එක්කන් යංද?

පස්සෙ මතක් උනේ. මං ඌ එක්ක යන්නං කිව්ව කියල අද.

හරි චූටී...

අයිය ආයම යූ ට'න් එකක් ගහල වාහනේ හරෝගත්තා. අශ්වින්ලගෙ ගෙවල් තිබුනෙ අපෙ ගෙදෙට්ට කිලෝමීටර් පහකට විතර එහා. උගෙ අම්මයි ඩොක්ට කෙනෙක්, තාත්ත නං ලංකාවෙ ටිකක් ප්‍රසිද්ධ සර් කෙනෙක්. නොදන්නව වගේ ටෝක් එක දුන්නට එයා ගාවට තමා මං ඉකෝන් වලට යන්නෙ. එයාලගෙ ගෙදරත් අපේ ගෙදර වගේම තමා. හැබැයි උන්ගේ අම්ම ඌට හරි ආදරෙයි.

අශ්වින්ලගෙ ගෙවල් පාරට දාන්න යනකොටම ඌ ඈත ඉඳන් අයියගෙ කාර් එක අඳුරගෙන අපි ගාවට දුවන් ආව

කව්ද අයියෙ මූ?

මාත් දන්නැති ගානට ලයින් එක දුන්න.

අනේ ඔය ළමයට ඉන්න දෙන්න චූටි

ඒක තමා නේද අයියෙ..

අඤ්ඤේපව්පගයා

මූ අපෙ ගෙදර මිනිස්සු ඉස්සරහ බබා වෙන එක තමා මට පේන්න බැරි.. මොනා උනත් මං ඌට හෙන ආදරෙයි. මගෙ එක වසරෙ ඉඳන් අර අඹ යාලුවද පොළොස් යාලුවද කියන එකා මූ.. ඌත් ඇතුලට නැග්ගම අපි ඉස්කෝලෙට ආවා.

හයයි හතලිස් පහයි!

මං ඉක්මනට කාර් එකෙන් බැහැගත්තා. අශියත් මං එක්කම වගේ බැහැල අයිය යනකල් අත වන වන හිටියා.

අනේ මේන් මෙහෙ වරෙන් වනන්නෙ.

අශියවත් ඇදන් මං කෙලිම්ම ඉස්කෝලෙ ඇතුලට ආව. ඒත් එක්කම මගෙ මූණට මුණගැහුනෙ...... ආපෝ!!

ආපෝ බං මේ අර ඔලුව උදුම්ම ගත්ත සෙට් එක නේද?

අශියට ඒක ටිකක් සද්දෙට කියවෙද්දි මං ඉක්මනට උගෙ කට වහගත්තා..

එතන හිටියෙ මේ ඉස්කෝලෙ අපිට පේන්නම බැරි අයියල සෙට් එක. ඒ උනාට උන් තමා අපේ සීනියර් ප්‍රිෆෙක්ට් බෝඩ් එක...

හෙඩ් ප්‍රිෆෙක්ට් අභිසෙස් අයියයි, ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් අශෙල් අයියයි, තව අර මෝඩ ට්වින් ජෝඩුව තුහාන් සයුල් ජෝඩුවයි, උන් දෙන්න තමා ගේම්ස් කැප්ටන්ල දෙන්න. හැබැයි එතනින් සයුල් අයියව අඳුරගන්න ලේසී මොකද පොර ජිම් එහෙම ගිහින් ඇඟ දසමහ යෝදය වගේ හදන් ඉන්නෙ

ඊව්... හිනා කළඳක් නැති මූණවල්.

හේතුවක් නැතුවම අපි කට්ටිය ඇරියස්..

ඒ මල්ලි!

මට ඇහුනෙ අශෙල් අයියගෙ කටහඬ

ඒ අරූ කතා කරනව මොකද කරන්නෙ?

ඇහුන්නෑ වගේ යමන්ද?

අශියගෙ කතාකරනව මට ඇහුන..

අපි ආයෙ එතනින් මාරු වෙන්න යද්දි ආයෙමත් අපිට ඇහුනෙ අශෙල් අයියගෙ කටහඬ

උඹලට කතා කරනව ඇහුන්නැද්ද?

ඇයි මොකද අයියෙ???

මං ෆුල් කන්ෆිඩන්ට් පිට හැරුන.

උඹ නෙමේ අනිත් එකා

අශියත් බයවෙච්ච මූණක් හදාගෙන ඒ පැත්ත හැරුන

ඊළඟ දවසෙ එද්දි කොණ්ඩෙ අඩු කරන් වරෙන්!

හරි අයියෙ!

උඹෙ මොනාද බං අඩු කරගන්න තියෙන්නෙ?

ම‍‍ං අශියගෙ කොණ්ඩෙ ඌ ඉස්සරහම අල්ලල බැලුවෙ සද්දෙට කියන ගමන්.

ඇස් කොනෙන් මං ලාවට දැක්ක මං ගාවට එන ටොප් බෝඩ් එක

ඇයි උඹලට ප්‍රශ්නයක්ද?

නෑ අයියෙ

නැත්තෙ මොකද?

නෑ නෑ අයියෙ ප්‍රශ්නයක් නෑ

නෑ යකෝ තියනව උඹෙ කොණ්ඩෙ අඩු කරන්නෙ කොහෙන්ද අහපන්.

නෑ නෑ මං අඩු කරන් එන්නං අයියෙ.

උඹ අහනවද මං අහන්නද?

ප්‍රශ්න ඇති කරන්න ඕනෙ නෑ බං යමන්

නෑ ඉඳපන්

මේ අයියෙ! මුගෙ කොණ්ඩෙ මොනාද අඩු කරන්න තියෙන්නෙ?

මං කෙලිම්ම ඇහුවෙ මගෙ ඉස්සරහ මූණත් දික් කරං බලන් ඉන්න අභිසෙස් අයියගෙන්.

මොකද්ද උඹ අහන්නෙ

ටොප් බෝඩ් එකනෙ ඔයාල එහෙනං ඉතින් උත්තර දෙන්න. මුගෙ මොනාද කපන්න තියෙන්නෙ ?

මොනාද උඹ අහන්නෙ

මුගෙ කට වැඩී අශෙල් මට මලපයිනව

එහෙනං හෝදගනිංකො අයියෙ

මොකද්ද පොඩි එකා කිව්වෙ???

හෝව් හෝව් ප්‍රශ්න ඇති කරගන්න ඕනෙ නෑනෙ ඔය මල්ලිල ක්ලාස් එකට යන්නකො...

මැදින් පැනපු තුහාන් අයිය කිව්ව.

හුහ් තුහාන් අයිය නැත්තං බලාගනී බොට කරන දේ මෝඩ අභිසෙස් පගයා

මං මූණත් රවාගෙන එතනින් යද්දි අභිසෙසයියත් මට සඤ්ඤා ක්‍රමයෙන් උඹ ආයෙ අහු වෙන්නෙපා වගේ එකක් පෙන්නුව. මං බයවෙයි ඕවට

යෑයි යෑයි තමා

මොකද බං උඹ අරූ එක්ක මරාගත්තෙ

මං ඌට කොහොමත් ආස නෑ බං.

ඇත්තමයි අර අශෙල් අනිත් එකා

සල්ලි හින්ද පිම්බිල ඉන්න උන්

මමයි අශියයි බැන බැන ක්ලාස් එකට ආවා.




















කෝමැයි ඉතින් කැමතිඩ ඔහෙලා. 😚

Continue Reading

You'll Also Like

40.6K 527 15
there will be smut and stuff like that so yeah also it starts out where nancy asks Steve to take care of a sick bryers that of course being Johnathan
811 109 43
" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
13K 1.1K 23
When Wei Wuxian fall from the cliff, instead of getting summon back to the living world by Mo Xuanyu. He woke up in the distance future....the modern...
3.6K 701 14
Just friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - * Cover credits goes to - Miku_Sasuke