රත් මල් ~ [Yizhan]

Oleh Mwahli_z

1.5K 169 90

ඉහල පැලැන්තියක උන මගේ පවුල අපිට වඩා පහත් මිනිස්සුන්ට සැලකුවෙ මහ නපුරු විදිහට ... Lebih Banyak

intro ~
1~
2~
3~
5~
6~
7~
8~
9~
10 ~
11~
12~
13~

4~

111 14 12
Oleh Mwahli_z


ගෙදර යනවා කියලා හිතං ගියාට මගදි හිත වෙනස් උන නිසා කෙලිම්ම කොලු බාගෙගෙ ගෙදර දිහාට හැරුනා...හවස් උන හින්දා බනීද දන්නෙත් නෑ...ඒකිගෙ අම්මා මහ ඕනෙ නෑ...හෙන සැරයි...ඒකටම හරියන්න අක්කෙකුත් ඉන්නවා...පව් කෙල්ල...දඩු අඩුවකට හිරවෙලා වගේ ඇති...ඒත් ඉතින් ඒකි ඒකිට ඕනෙ නිදහස විදිනවා හැබැයි...තාත්තා ඕනෙ දෙයක් කර ගන්න කියලලු තියෙන්නෙ...දැං ඇති ඉතිං පුකත් උඩ දාගෙන කොහෙට හරි වෙලා පෝන් එක ඔබ ඔබ

මං හිමිං සැරේ යනකොට ඇන්ටි පහන තියන්න මල් කඩනවා...මං ඉතිං ශේප් එකේ ලගට යන්කොට ඇන්ටි දැක්කා

අහ්...පුතේ...හවස්වෙලා මෙහෙ මොකෝ ?

නිතුරිව හම්බෙන්න කියලා ඇන්ටි...ඉන්නවද ?

අපොයි ඉන්නවා ඉන්නවා...ඇතුලෙ ඇති ගිහින් බලපංකො කොල්ලො

හරි ඇන්ටි

මං ඉතිං ශේප් එකේ ගෙට ගියා...මේක මට නුහුරු තැනක් නෙමේ...හිච්චි කාලෙ ඉදන් මුංගෙ දිහා මං බඩ ගෑවා එකනෙ...

අයියෝ නෑ අනේ...ඔයා නං මොකෙද්ද මන්දා...ගස් හිවලා

ගස් හිවලා....!!!

සාලෙට අඩිය තියනවත් එක්කම ගස් හිවලා කියාපි...පපුවත් එක්ක මොකද්ද උනා...මං හිතුවෙ මට කිව්වා කියලා...අපොහ් නෑ නිතුරිගෙ අක්කා කෝල් එකක...ඒ කෙල්ලට ඉතිං කවදත් කෝල්...රට හතර වටේටම ඉන්න කොල්ලන්ට කතා කරනවා ඒ උනාට තාම බදින්න මිනිහෙක් නෑ...එයා මිනිස්සු තෝරනවා...නැන්දා කියනවලු වෙලාවකට...හම්බෙන දෙමලෙක්ට හරි බන්දලා දෙනවා කියලා....නිතුරිට වඩා අවුරුදු දහයක් වැඩිමල්...දැං තිහත් පැනලා...නිතුරි හැමවෙලේම කියෝනවා ඔය ගැන...මට සැනසීමෙ ඉන්න නං ඕකිව ගෙදරිං පන්නන්න ඕනෙ ඒත් මේකිට කර ගහන්න එකෙක් නෑනෙ කියලා....අනේ ඉතිං කාට කියන්නද මේවා...හොද වෙලාවට මට මං විතරක් උන්නේ...බුදු අම්මොහ්..මගෙ වාසනාව

ශේප් එකේ අක්කගෙ කෝල් එකට බාදාවක් නොවී ගිහින් අරකිගෙ කාමරේට එබුනා...ඒකි ඊට වඩා හපං හෙඩ් සෙට් එකත් කනේ ගහන් පුක කැඩිච්ච කඩියා වගේ නටනවා...ඒකි සින්දුවට නැටුවට එලියෙ ඉදන් අහන් ඉන්න එකෙට්ට හිතෙන්නෙ එක්කො පොලොවෙ අඩි හප්පනවා...එක්කො මෙලෝ යකෙක්ට අහන්න බැරි විදිහට සින්දුව කනවා...එක්කො ඒකිගෙම අතපය ඔය කොහෙ කොහෙ හරි තහ් තොහ් ගාලා වද්ද ගන්නවා....රිදෙන්නෙ නැද්ද මන්දා මේකිට...බලං ඉදලා දැන් මට කලන්තෙ වගේ

මේකි නවතින පාටක් නෑ....ඒ නිසා බැරිම තැන ගිහින් ඔලුවට එලොව පොල් පේන්න හොද පොල් ටොක්කක් ඇන්නා

යෝ...හ් මොන #කා ද යකෝ අ...

ඔව් ඔව් මොන #කාද ?...ප්‍රභාත් #කා...

අඩොහ් උඹ කොයි වෙලේද ආවෙ බං ?

ආවනෙ කොයි වෙලේ හරි...ඈ බං...තොට මොංගල් ද යකෝ ?

ඇයි අහන්නෙ...?

නෑ මට පේන නිසා

අනේ පලයං උත්තො යන්ඩ

මේකි ඔලුවක් කස කස හෙඩ් සෙට් එකත් ගලෝලා මේසෙ උඩින් තියලා මා එක්ක කට ගහගෙන කුණු හරුප පලන්න එනකොට ආයෙම සැරයක් අත දිග ඇරලා පිටට ඩෑස් පාරක් කෙලලා ඇරියා තරු පිට තරු පේන්ඩ...ඇයි යකෝ ඔය කියන එක කුණු වචනයක් නැන්දට ඇහුනා නං ඉවරයිනෙ

ඌ..යියාහ් යකෝ...දෙන්නෙ උම්බට

ඇයි ඇයි ගහන්ඩ ද ඈ...ගහපිය බලන්ඩ...අඹරනවා අත

මටත් මක් වෙලාද මන්දන්නෑ ඒකි එක්ක බොරුවට එල්ලෙන්න ගත්තා...සමහර විට මට අවදානෙ නොදුන්න නිසා වෙන්න ඇති...එක්කො රණ්ඩු වෙන්න මට ගෙදර එකෙක් නැති නිසා ඒකිගෙ පිටිං ඒ සේරම යවන්නද කොහෙදෝ...අපි දෙන්නා බොරු හේතුවකට අතපය විසික් කර කර මරා ගන්නකොට මල් කඩන්න ගිය ඇන්ටි කාමරේට ඇවිදින් දෙන්නටම අඩුවක් නැතුවම පිටවල් පුපුරන්න කෙලලා ඇරියා දෙක දෙක...ඇන්ටිගෙන් පාර කාපු අපි දෙන්නා මොක්කුද වගේ ගිහින් ඒකිගෙ ඇදෙන්ම ඉදගෙන මාරුවෙන් මාරුවට පිට අත ගාගත්තා...ඒ තරං ඒ පාරවල් සැරයි...කසනවා කසනවා වගේ

යෝහ්...බලපං මං ගුටි හතරක් කෑවා...පිට නෑ වගේ තොගෙන් දෙකයි අම්මගෙන් දෙකයි සැහ්...තොට මාන්දමද මං අහන්නෙ...මට ඇවිත් කතා කරා නං එකක්නෙ ගහන්න තියා ගත්තෙ....බල්ලා තෝ....බල්ලා නෙමේ ඇල්සේසන් බල්ලා...ගස් හිවලා...

හරි දැන්නං ගස් හිවලා කියලා මූනටම අහගත්තා...අනේ මන්දා මුංගෙ කටේම ඉන්නෙ ගස් හිවල්ලු...මං නං දැකලා නැ ගස්වල නරියො ලගිනවා...ඒ අස්සෙ මගෙ පිට අත ගාන ගමං මේකි කොනිත්තනවා මට බැන බැන...මං කං දෙකත් පාත් කරගෙන ඔහෙ අහං හිටියා තෝ ඕනෙමගුලක් කියපං කියලා

ඇයි තෝ මෙහෙ ආවෙ...කියපං බලන්න

ඒකි පිට අත ගාන එකත් නවත්තලා දැං ආවෙ ඇයි අහනකොට මං ඒකිගෙ පැත්තට හැරුනා...මට කියන්ඩෝනෙ අද මට වෙච්ච කෙරිච්ච දේවල්...මට මක් වෙලාද කියලා මට අදහසක් ගන්ඩෝනෙ...අද පොඩි එකාව වෙනදට වඩා ලස්සනට පෙනුනෙ ඇයි අහන්ඩෝනෙ...ඒත් විලි වහගෙන මං කොහොමද මෙව්වා අහන්නෙ..."තොපිලා එහෙං මෙහෙං ඇද උනාට මං තනි කෙලිං" කියපු මං මෙව්වා අහනකොට ලැජ්ජා හිතෙන්නෙ නැත්තෙ මොකාටද....විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ

යෝ...හ් ඇට කිඹුලො...තෝ මොන සිහියෙද ඉන්නෙ...කියපංකො මොකටද ආවෙ

මං එක එක එව්වා හිතපු නිසා චුට්ටක් අවදානෙ බිදුනම මේක් මට ඇට කිඹුලලු

තොට ආයෙ කන්ඩ ඕනෙද ?

අපෝ අපෝ ඕන්නෑ....කියපංකො තටමන්නෙ නැතුව ඕයි

මේ...පොඩි ප....

ආ බීපල්ලා...මේ තේ ගෙනාවා පුතේ

හොද හුස්මක් අරං පහල දාලා කියන්ඩ ගියා විතරයි ඇන්ටි තේ උස්සන් කාමරේට ආවා...මං ඉක්මනට කට පියා ගත්තා...ඇන්ටි තේ එක දීලා කාමරෙන් එලියට ගියා විතරයි මං කිව්වා එලියෙ තියෙන සිමෙන්ති මේසෙ ගාවට යං කියලා තේ එකත් අරං...ඊට පස්සෙ මායි නිතුරියයි සිමෙන්තෙ මේසෙ ගාවින් ගිහින් තේ එක හිමි හිමිං බොන්ඩ ගත්තා...දැං හතර හමාර පහ විතරද කොහෙදෝ...ඉර බැහැං යන නිසා අහස පට්ට ලස්සනයි...අරකි තේ බොන එක පැත්තකට කරලා කටත් ඇරං උඩ බලං ඉන්නවා...පිලිවෙලකට ඉන්න බෑ මේකිට...කකුල් දෙක සිමින්ති පුටුවෙ තියං පුකත් පැත්තකට හරවං කට ඇරං උඩ බලං ඉන්නවා...දකින ඕනෙම එකෙක්ට පේන්නෙ ගෙඹි බෙට්ටක් වගේ...මටත් බකස් ගාලා හිනා වෙන්න හිතුනා...ඒ උනාට කාගෙන හිටියා...නැත්තන් වෙන්නෙ තේ එක කෙලිම මූනෙ හලා ගන්න....ඔය හිටියට මේකිට මට වඩා කොලු විසේ

ඈ බං...තෝ කියන්න ආව කිය කියපංකො...තටමන්නෙ නැතුවා

හරි හරි....මේකයි කියන්න ගියෙ

කෝකද ?

මේ...මට කෙනෙක්ව ලස්සනට පේනවනේ ඒයි

මට කෙනෙක්ව ලස්සනට පේනවා කිව්වා විතරයි මේකි දනිපනි ගහලා නැගිටලා කෙලින් ඉදගෙන ඇදන් ඉන්න ඇදුම හදාගෙන කට උල් කරං ගොංත කතාවක් කිව්වා

අඩොහ්....ඔව්වට නං එන්න එපා මං කොල්ලන්ට ආස නැති බව උඹ හොදාකාරවම දන්නවා...

අනේ මගෙං කුණුහරුප නාහා ඉදිං...තෝ ගැන මට ඇති පුකේ අමාරුවක් නෑ බං...තෝ කොහෙද ලස්සන ගෙඹි බෙට්ටක් වගේ

යෝ...දෙන්නෙ මේ සෙරෙප්පුවෙං...ඇරත් මං ලස්සන නෑ තමා ඒ උනාට මං හැන්ඩියා

අනේ හැව් හැව් තමා...උඹට උඹ හැන්ඩියෙක් වගේ ඇති...ඒ උනාට මටයි සතිශයටත් තාම උඹ අපේ ඉස්සර උන්න කරච්චලේ එච්චරයි...ඉස්කෝලෙ ඉවර වෙලා වෙනස් උනාට මොකෝ...ඉස්සර අපුරූවට කොන්ඩ දෙක ගොතලා ගවුම ඇන්ද එකියක් උඹ..දැං මේ කොලුපාට් දදා අපිව ආං බාං කරන්න ආවට....ඉදකිං බලහංකො දැන් උඹ මගෙ මූඩ් එක කෑවනෙ

අනේ පල යන්ඩ...හිකනලා...

හරි හරි....මට ලස්සනට පෙනුනෙ පොඩි එකාව...පොඩි හාමුව

හෑ....!

පොඩි හාමුයි කිව්ව ගමං මේකිගෙ කට ඇරුනෙ නැද්ද නිකං ආමාශෙ ඇතුලත් පෙවුනද කොහෙද...ඇතුලෙ ඉදන් මැස්සෙකුත් එලියට ආවද මන්දා

ම්ම්ම්....

යකොහ්....එන පොට හොද නෑ වගෙයි...නැමීගෙන වගෙයි එන්නේ....ම්ම්ම්ම්

අහක බලා ගනිංකො ඔහොම බලන්නෙ...

මේකි මාව පාච්චල් කරන්න හිතං ඉදං ඉදපු තැනිං නැගිටලා ලගටම ඇවිදින් ඇගට ඇගිල්ලෙන් අයිනගමන් අමුතු කුපාඩි බැල්මට් එකක් දාන ගමන් මං නැමීගෙන එනවයි කිව්වා...බොරු කියන්ඩ ඕනෙ නෑ ගහක් ගලක් වගේ කෙලිං උන්න මට ලැජ්ජා හිතුනා සාන්ත...

ඉතිං ඉතිං කියපංකො විස්තර...කිය...පං...කෝ

මං ලැජ්ජාවෙ ඇඹරෙන්න ගන්නකොට මේකි තේ එකත් පැත්තකින් තියලා මේසෙ උඩින් ඉද ගන්න ගමන් මාව හෙලෙව්වා කැරකිල්ල හැදෙන්ඩම...වමනෙටත් වගේ

යෝහ්....නිකං ඉදපංකො...ඔක්කාරෙටත් වගේ

හරි හරි කියහංකො අප්පා

ඔක්කාරෙට වගේ කිව්ව ගමන් මේකි පටස් ගාලා මාව හොල්ලන එක නවත්තලා ටීශර්ට් එකත් හදලා උරිස් දෙකට තට්ටු දාලා කියන්න කිව්වා...මං ටිකක් වෙලා ඒකි දිහා බලං ඉදලා පෙනහලු පිරෙන්ඩ හුස්මක් අරං කියන්ඩ හැදුවා විතරයි අරකිගෙ තාත්තා ආවා උදැල්ලකුත් කරේ තියං...කොහෙ හරි සුද්ද කරලා වගේ...දස මහ යෝධයෙක්ගෙ පුතෙක් වගෙනෙ යෝහ් අපේ සෝමෙ මාමා හෙන හැන්ඩියනෙ....ශිහ් ඒ මොක උනට්ග් මේකිගෙ අම්මයි තාත්තයි එලියට ඇවිත් තියෙන්නෙ බාධා කිරීමේ නැකතෙ...එච්චරයි

කොලුවො...

ආහ්...මාමේ සුද්ද කරන්න ගියැයි

ම්ම්ම් ඔව්නෙ හරියට කැලේ බං...කොහෙද කොලු බාගයක් ඉන්නවා උදව්වටවත් එනවා යෑ

ඒකනෙ නේද මාමේ...

අනෙහ් මේ නිකං ඉදපංකො

කොහෙද මේකිට උදැල්ලක්වත් උස්ස ගන්ඩ පන නෑනෙ බං...එක කොටලා දෙක කොටනකොට ඉනට අත තියා ගන්නවා බබ්බු හම්බෙන්ඩ වගේ

අනේහ් තාත්තෙ....නවත්ත ගන්ඩකො අප්පා...

මායි නිතුරියයි මාමා ආව නිසා කර කර හිටපු කතාවත් නවත්තලා කයියකට වැටුනා..ඒත් මායි මාමයි එක පැත්තක් අරං අරකිව පච කරලා චුරු කරන්න ගත්තා...යෝහ් මේකි අත පය වන වන කියවන්ඩ එපා කියනකොට චූබරක් මතු වෙන්ඩ මේකිගෙ කකුලක් වැදුනා මගෙ බඩේ....කදුලුත් පැන්නා...ඒ පාර දෝනි ඇන්දයි තාත්තණ්ඩියි දෙන්න එකතු වෙලා මට හිනා වෙනවා....සත්තයි මං අද මේ දැං පිලි ගන්නවා කලකම් පල දෙනවා කියන්නෙ නිකං නෙමේ කියලා...karma is real


මගෙ මූන ඤොරොක් වෙලා කොරහක් වගේ උනා...මගෙ මූන බලං ඉන්ඩ බැරුවද කොහෙද සෝමදාස හෙමිංම ලිස්සලා යන්ඩ ගියා එයාගෙ නෝනා පොඩ්ඩට කතා කරන ගමන්...ඒ අස්සෙ අරකි මේසෙන් බැහැලා ආයෙම සිමෙන්ති පුටුවෙන් ඉදන් කකුලක් පිට කකුලක් දාන් අතකුත් කකුලට තියන් තේ එක ලොවනවා...අම්මාපා එක වෙලාවකට පොඩි සෝමයා කියලමයි කියන්න හිතෙන්නෙ...ඒ උනාට වැදුන පාරට ඇගිලි පහම හිටින්න දෙන්න හිතයි මූනට

මටෝන්නෑ....මං යනවා...විහිලුවක්නෙ ඉතින් මාව

අඩොහ් අඩොහ් සොරි බං කියාංකො

ම්ම්ම්...අද පොඩි එකාට කෝපි එක දෙන්න ගියාම එයා දොර ඇරං ආවෙ නාලා අදින ඇදුම පිටිං...ඉතිං මට පොඩ්ඩක් ලස්සනට පෙනුනා...එච්චරයි

තවත් නලව නලම තටමන්නෙ නැතුව මං කෙලිම්ම කියලා දැම්මා...කිව්වට මොකෝ කිව්ව මෝඩකං කියලා හිතුනා සත්තයි....මේකි තේ එකත් පැත්තක දාලා උඩ පැන පැන මේසෙ වටේ දුවන්න ගත්තා..ඒ අතරෙ මං කොන්ඩෙත් අවුස්ස අවුස්ස ඒකත් ජයසිරි මංගලම් කියලා හයියෙං කෑ ගැහුවා

යෝ මොංගලියේ.....නවතිනවකො යකෝ....නිතුරී...!!

බැරිම තැන මං කෑගැහුවා...කැරකි කැරකි හිටපු එකීව ඇදලා අරං පුටුවෙං ඉන්දවල නලලට ඇගිලි පහෙම්ම තල්ලුවක් දැම්මා...රිදෙන්නත් ඇති...ඒ උනාට මේකි හෝගාලා කුපාඩිකමට හිනා වෙනවා...අඹරන්න හිතයි අතක්...ලැජ්ජයිත් වගේ යකොහ්....මූනත් රතු උනාද මන්දා

නිතුරී.....කෑගන්න එපා බං උඹගෙ අම්මා උඹගෙයි මගෙ කොදු ඇට දෙකක් ගලෝලා අතට ගනී

ම්ම්ම්....සතුටුයි ඒ උනාට

යෝහ් ලැජ්ජයි බං

ඉතිං කියහංකො...උඹ කැමතිද ?

ශුවර් නෑ අයියෝ...අද හිතුන එකක්නෙ අප්පා...

හරි හරි බලමුකො නෙහ්...තව ටිකක් පොඩි එකාව ආශ්‍රය කරලා

ඔව් නෙහ් බලමුකො.....අම්බෝ උඹේ මූනෙ තියෙන හිනාව...සතුටු ඇතිනේ මගෙ නැම්මට

නැතුව නැතුව

ම්ම්ම්....උඹ දන්නවනෙ මට දෙයක් උඹට නොකියා ඉන්න බැහැයි කියලා...ඒකයි කියන්න ආවෙ...

දන්නවා දන්නවා...උපදෙසක් දෙන්නද ?

හා දියංකො ඒකටනෙ ආවෙ

උපදෙසක් දෙන්ඩද කියලා අරකි මං ලගට ඇවිත් කනට කරාලා කාටත් නෑහෙන්න රහසක් කිව්වා

' තව ටික කාලයක් බලපං හොදේ විභාගෙත් ලගයිනෙ...ඊට පස්සෙ ඕනෙ මගුලක්...දෙකම ශේපෙ අරං පලයං '

තොට පිස්සුද බං....පෙනුම ලස්සන නිසා හිත ඇදිලා ගියා මිසක් තාම ආදරේ හිතුනෙ නෑනෙ ඇට කිඹුලියේ

යෝහ් නිකං කිව්වෙ ඉතිම්...දැනට ඉදාම්කො...පස්සෙ උපදෙස් මාලාවක් දෙන්නං

අම්බේ උඹ....තාම මොකියක්වත් හොයාගෙනත් නෑ....හිටපු එකත් කැඩිලා සමතලා වෙලා ගිහින්....ඒ උනාට උපදෙස් දෙන්ඩ....

හෙ හේ....ඇත්තමයි බං මගෙ සිකුරා පච වෙලා කියලා හිතෙන්නෙ නැද්ද ?

හිතෙනවා හිතෙනවා...සිකුරා නෙමේ තෝයි පච වෙලා තියෙන්නෙ

අනෙහ් මේ....

ඇයි ඈ.....?

නෑ නිකං....ඒක නෙමේ බං...මට ටොප් පට්ටම පැත්තකට දාලා බොටමකට බහින්න හිතයි...ටොප් කෙරුවාව හරියන්නෑ වගේ

අනෙහ් මේහ් මගෙං මුකුත් නාහා හිටිං...වෙන්නැති දේවල් කියලා

ම්ම්ම්....උඹ මොකාද උඩද යටද ?

යකොහ් එකෙක් ලස්සනයි කියලා හිතුන ගමන් මං උඩද යටද කියලා හිතන්නෙ කොහොමද බූරු දෙනේ

මං ඇන්නා....ඔලුව පැත්තට විසික්කා වෙන්න ආයම ඇගිලි පහෙන් තල්ලු කෙරුවා...මං ටොප් ද බොටම්ද අහපු නිසා....උඹ ඔහොම ඇහුවට මං හෙන ලැජ්ජා වෙලා ඉන්නෙ යකෝ...තාත්තාගෙ කොල්ලට ලැජ්ජයි බොල...අනික ඊව්...ඊව්...මං බොටම් නං වෙන්නෑ හීනෙකිංවත්...මට ඇත්තටම මාවම රෝසපාට ඇදන් කනේ මලකුත් ගහං බුවනෙකගෙ අතේ එල්ලිලා යනවා මැවිලා පෙව්නා....ඊට පස්සෙ ඒ ඇදුමම එයාට අන්දවලා මගෙ අතේ එල්ලිලා යනවා මවලා බැලුවා...ම්ම්ම් කොහොමද ගැම්ම...මරු මරු මැචින් කපල්...මං චුට්ටක් කොටයි තමයි ඒත් මැචින්....සැහ් මට පිස්සු නියතයි....විකාර හිතෝනවා චික් චික්

ඕයි....කොස් ඇටයෝ...කියපංකො

ටොප් ටොප් එච්චරයි...!!!










එච්චලායි අදට....gloom එක්ක එන්නම්

බායි...🖐️

චතූ 🐸

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

32.3K 766 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...
54.5K 2.3K 22
Story about a married couple who's life was so toxic to live in. ⚠️ !!!𝗔𝗧𝗧𝗘𝗡𝗧𝗜𝗢𝗡!!!⚠️ ♡ This story is going to contain domēstic abu$e, so r...
39.3K 4.9K 28
කුලදාරීන්ගේ නම්බුකාර ජීවිත රග මඩල
46.3K 6.3K 50
🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ මසිත සුවඳින් මත් කලා ලෝකයේ රුදු නෙත් වස...