𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺...

By KAVINI231

3.5K 512 72

"ඔයා ප්‍රාර්තනාවක් කරනවද 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀" "ම්ම්..ඔව්...කවදහරි දවසක මට හැමදේම දකින්න අවස්ථාව ලැබුනොත්..මම දකි... More

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
අවසානයට පෙර කොටස
අවසාන කොටස (Part I)
අවසන් කොටස (Part II)

15 කොටස

98 14 1
By KAVINI231

මේ සිද්ධිය දිහා බලන් හිටපු ලයනල් අන්කල් ආන්‍යා ලගට ඇවිත් හිමීට ආන්‍යාව ඈත් කරේ ආන්‍යාගෙ ඔලුව අත ගාන ගමන්...

අබිරුත් පිටිපස්ස හැරිලා ආන්‍යාට කොලොප්පන් කරන්න ගත්තෙ තාම ඒ දෙන්නගේ විකාර වැඩේ ඉවරකරගන්න ඒ දෙන්නටම උවමනා නැති නිසා...

ඒ එක්කම මේ ඔක්කොම බලන් හිටිය දේශි තරහ මූණක් අරන් දෙන්නටම කෑ ගැහුවෙ ඒ දෙන්නා නිසා මහන්සියෙන් ඉන්න යේශි ඇහැරෙයි කියල බයට....

"නතරකරගන්න දැන් දෙන්නම පොඩ් උන් වගෙ.."

"ඒකනෙ ලොකු බේබි..දැන් ඇති චූටි නෝනා ඇහැරුනොත් ඒම"

"ඔව් ලයනල් මාමේ..පොඩි ළමයි වගේ මල විකාර මෙයාලගෙ

ලනයල් මාමේ..යන් මා එක්ක කෑම කාමරේට මන් තේ එකක් හදලා දෙන්නම්"

"අනේ ඕන නෑ ලොකු නෝනෙ"

"නෑ නෑ එන්නකෝ මාමේ...මේ ඩබල...ආය විකාර වැඩ බෑ හරිද නන්ගි ඇහැරෙයි එයාට ගොඩක් මහන්සි නිසා නිදාගන්න ගියෙ එයා"

එහෙම කියලා ආන්‍යටයි අබිරුටයි සැර කරපු දේශි ලයනල් මාමා එක්ක කෑම කාමරේට ගියේ ලයනල් මාමට තේ එකක් හදන්න හිතාගෙන...

ඒ අස්සෙ ආන්‍යා ඇවිත් සාලෙ පුටු සෙටිය උඩ වාඩිවෙලා ඉන්න අබිරුගෙ ඉස්සරහින් වාඩි උනේ මුරණ්ඩු මූණක් හදාගෙන...ආන්‍යාගෙ වැඩවලට හිනාවෙවි අබිරුත් ආන්‍යා දිහා බැලුවේ එයාටත් නන්ගි කෙනෙක් හිටියනම් මේ වගේ ඉන්න තිබුණනෙ කියල හිත හිත ...

"ඒයි රිලා මොටෝ"

"ඇයි යෝධ මිනිහෝ"

"මොකක්ද තව්සෙගෙ නම"

"ඇයි අහන්නෙ"

"දැන ගන්න යකූ"

"ආන්‍යා"

"ලස්සන නම හැබැයි අහ්.."

"හා..මිස්ටර් අබිරු"

"princess ගෙ අයිතිකාරයා ඔයාද"

"ඔව් මස්සිනේ"

"අහ්..හරි හරි එල බොසා"

"හරි එල"

එහෙම කියන් දෙන්නට දෙන්නා මූණට මූණ බලන් හිනා උනේ මෙච්චර වෙලා රණ්ඩු කරපු හැටි පවා අමතක කරන්

"අප්පටසිරි මෙන්න මේ ඩබල "

"ඇයි මොකෝ"

"නෑ නෑ හොදයි ඉතින්"

"මල්ශි අක්කෙ..."

"අරයා කාමරේද"

"කව්ද"

"නන්ගි අනේ..තාන්‍යා"

"ආ ඔව් ඔව්..යන්න ඔයා පොඩ්ඩක් බලන්න"

"හරි ..අහ්..බොසා මන් ගියා ඇහ්"

"හරි හරි රිලා බොස්"

අබිරුට ආයම බොරුවට රව රව ආන්‍යා ගියේ තාන්‍යාගේ රූම් එකට...

"තනූ"

"ම්ම්ම්"

"මොකද කරන්නෙ"

"මෙයාලගෙ අම්මලා තාත්තලා හිටියනම් එයාලා එක්ක මේ අය කොච්චර සතුටින් ඉදියිද කියල කල්පනා කරේ"

"ම්ම්ම්...ඒකනම් ඇත්ත තනූ"

"මොකද කරන්නෙ අක්කි අපි දැන්"

"ඇක්සිඩන්ට් එක කරපු එකා දේවිකා නැන්දා සෙනරත් මාමව බදින්න කලිම් පස්සෙන් ආව මිනිහෙක් කිව්වා නේද"

"ඔව්ලු..දැන් නම් ලොකු බිස්නස් කාරයෙක්ලු හැබැයි"

"ම්ම්ම්...මිනිහා ඒ කාලෙමයි ඔය කඩවල්වල cctv ටිකෙන් ඇක්සිඩන්ට් එක අයින් කරවන්න ඇත්තෙ..ඒ කාලෙත් සල්ලි තියෙන්නැති හොදට "

"ඔව් ...අනික තව දෙයක් දන්නවද "

"මොකක්ද.."

"ඔය බිස්නස් කාරයට ඉන්නවලු අප්පා ලොකු පුතාලා තුන්දෙනෙක්"

"මොකක්"

"ඔව් අක්කේ"

"මිනිහා ඒ කියන්නෙ බැදලා ඉදල තියෙන්නේ "

"ඔව්ලු...දේවිකා නැන්දා බැදලා ටික කාලෙකින් බැදලා තියෙන්නේ ...නිලියක්ලු"

"හෑ නිලියක්"

"ඔව්..මිනිහට නැන්දට පෙන්නන්න ඕන වෙන්නැති එයත් හොද කෙනෙක් හොයාගත්තා කියල"

"ඔව් ඒක තමයි..අනික දැන් ඩිවෝස්ලු..මිනිහා දේශිලා එක්ක පවා තරහ ඇති"

"ම්ම්ම්...ඒක තමා අම්මා කිව්වෙ"

"ම්ම්ම්..ඔව්...අපිත් කරදරේ වැටෙයි කියල"

"අපි නෙවෙයි ඔයා "

"හ්ම්..මට ඌව හම්බෙන්න ඕන...උගෙ පව්ලම විනාස කරනව මම"

"පිස්සුය අක්කෙ ඔහෙට"

"ඇයි ...ඌ මගේ යේශිගෙ පව්ල විනාස කරේ"

"විකාර කරන්න ගිහිම් යේශිට ඔයාවත් නැති වෙයි...ඌව විනාස කරන එක ඔයා කරන්න ඕන නෑ..ඒක කොයි වෙලාවක හරි වෙයි"

"ඔයා කියන්නෙ මිනිමරුවව දැනගෙනත් පැත්තකට වෙලා ඉන්න කියලද"

"නැහැ මෝඩියේ ..දැන් ඔයා ඔය දේවල් spoiler කරන්නෙපා..කරොත් වෙන්නෙ සාක්කි දුන්න මිනිහවත් ඉතුරු වෙන්නැති එක...අපේ සැලැස්සම අපතේ ගියොත් අපේ එක පියවරකින් මේ හැමදේම විනාස උනොත් සාධාරණයක් කරන්න වෙන්නෑ අපිට කාටවත්"

"ම්ම්ම්ම්"

"බලමුකෝ..මමත් දැන් ඉන්නවනෙ...අපි දෙන්නා හැමදේම හරිගස්සමු"

"ම්ම්ම්..හරි..හරි..තනූ වොශ් එකක් දාන් රෑට එන්න කෑම කාමරේට මන් යනව මගේ රූම් එකට"

"හ්ම්ම්ම්...හරි හරි"

................******.................

"අක්කේ"

"ඕඕ"

"අහ්..මට හිතුනේ ඔයා කුස්සියෙ කියල"

"මන් කුස්සියෙ තමා හිටියෙ චූටි..කට්ටියම කාලා ගියා නිදාගන්න ..මම මේ ඔයාට කතා කරන්න ආවේ.."

"ම්ම්ම්"

"වොශ් එකක් දාන් එන්නකෝ චූටි "

"හ්ම්ම්ම්..."

යේශි වොශ් එකක් දාගෙන එනකම් දේශි බාත් රූම් එක ලගට වෙලා බලන් හිටියා...යේශි ඉක්මනට ඇග සෝදන් එලියට ආවේ ආන්‍යා එයාට අරන් දුන්න ගව්මත් තුරුලු කරන්...

"අක්කි.."

"ම්ම්ම්.."

"හැමෝම නිදිද අක්කි"

"ඔව්නේ..ඔයයි මායි විතරයි ඇහැරන් ඉන්නෙ.."

"ආන්‍යාත්"

"ම්ම්ම්"

"අනේ අක්කි"

"මොකෝ.."

"මට එයා එක්ක කතා කරන්න ගොඩක් දේවල් තිබ්බා අක්කේ"

"හෙට කතා කරන්න"

"ම්ම්"

"අහ්..අපිට අලුතින් බෝඩ් වෙන්න කෙනෙක් ආවනෙ"

"අද..ඒ කොයි වෙලේද"

"ම්ම්ම්...ආන්‍යා එක්ක ආවේ එයාව"

"ගෑනු ළමයෙක්ද..අනේ ඒ කව්ද අක්කෙ.."

"ආන්‍යා වගේම කෙනෙක්"

"ඒ කිව්වෙ"

"ආන්‍යාගෙ ට්වින් ළමයෝ"

"ඇහ්..එයා කැනඩා කිව්වනෙ"

"එයා ලන්කාවට ඇවිත් ...එයාටත් ආන්‍යා එක්ක ඉන්න ඕන වෙලා"

"ම්ම්ම්..ඒනම් මට දැන් ආන්‍යා එක්ක ඉන්න එක තවත් අඩු වෙයි"

"ඇයි ඒ"

"ට්වින් ආවම එයා ට්වින් එක්ක ඉන්න ගනී ඉතිම්"

"නෑ නෑ...එයාලා වෙන වෙනම ඉන්නෙත්.."

"හ්ම්ම්..බලමුකෝ..අපි නිදාගමු අක්කි"

"ඇයි බත් කන්නෑ"

"බෑ අක්කි"

"අනේ විකාර නෙවෙයි නන්ගි"

"බෑ අක්කි..උදේට කමු"

"ඔය කන්නැත්තෙ ආන්‍යා නිදි නිසාද"

"නැහැ"

"නැහැ තමා...ඒක කිව්ව විදියෙන්ම මට තේරුණා මොකක්ද ඇත්තටම හිතන්නෙ කියල"

"විකාර නැතුව කන්න එන්න නන්ගි...ආන්‍යාට මහන්සියි කියල නිදාගත්තෙ දෙතුන් සැරයක්ම ආවා ඔයාව ඇහැරවන්න ..ඔයා නිදි හැටි දැක්කම ඇහැරවන්න හිතෙන්නෑ කියලා එයා කාලානිදාගන්න ගියේ"

"ම්ම්ම්"

"යන් යන්"

"හ්ම්ම්"

දේශිගෙ පෙරැත්ත නිසාම යේශි බත් කන්න ගියේ ආන්‍යා එයාව බලන්න කාමරේට ආව බව දැනගත්තට පස්සෙයි...මේ අතරේ ආන්‍යායි තාන්‍යායි දෙන්නම නිදි නැතුව යේශිගෙ අම්මවයි තාත්තවයි ඇක්සිඩන්ට් කරපු මනුස්සයගෙ පුතාලා ගැන හොයන්න ගත්තෙ වැඩි හොදටත් එක්කමයි.....

Continue Reading

You'll Also Like

3.6M 289K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
ඇය By cuv

Non-Fiction

1.9K 265 31
හිමි වූ නොවූ අවසානය නුඹම විය.
293 96 7
"I was her first lover " ♡
1.1K 245 7
"ඒ දේවල් එහෙම තමයි" අපිටත් පොළවේ පය ගහන්න අයිතියක් තියෙනව කියල ඔප්පු කරන්න උන සමාජයක් මේක. Written by WinterbearsAngel ~2022/07/04