𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺...

By KAVINI231

3.5K 512 72

"ඔයා ප්‍රාර්තනාවක් කරනවද 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀" "ම්ම්..ඔව්...කවදහරි දවසක මට හැමදේම දකින්න අවස්ථාව ලැබුනොත්..මම දකි... More

1 කොටස
2 කොටස
3 කොටස
4 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
අවසානයට පෙර කොටස
අවසාන කොටස (Part I)
අවසන් කොටස (Part II)

13 කොටස

91 13 1
By KAVINI231

එහෙම කියන් අනූයි තනුයි ගේ ඇතුළට ආවේ එයාලයි අම්මට එකපාර ඩෝන් ගිහින් නටපු නාඩගමට හේතුව අහගන්න....ඒ එක්කම කාර් එක ස්ටාර්ට් කරන් ආන්‍යාගෙ තාත්තා හොස්පිටල් එකට යන්න ගියේ එයා ගොඩක් බිසි වෛද්‍යවරයෙක් නිසා....

"අම්මා"

"කතා කරන්න එපා ලොකු ඔයා මා එක්ක"

"අනෙ ඇයි අම්මා"

"මට කිව්වද තමුන් බෝඩ් වෙන්න ගියේ දේවිකාලගෙ ගෙදර කියල"

"අම්මේ..මන් ඒක කිව්වෙ නෑ ..අම්මා ඒක දන්නෙ කෝමද"

"තාත්තා කිව්වේ"

"තාත්තා"

"ඔව් අක්කි..ඊයේ රෑ තාත්තා කිව්වෙ අම්මට"

"හරි..ඒකට කමක් නෑ..දැන් අම්මා ඇයි යේශිලාට අකමැති"

"අකමැති අකමැති නිසා අකමැති"

"අකමැති අකමැති ගගා මොකටද තවම එයාලට බොරුවට ආධාර මුදල් කියල පොතක් හදලා ඒකට සල්ලි දාන්නෙ"

"අනූ"

"මන් දන්නෑ කියල හිතන්නෙලා අම්මා..ඔය හැමදේම මම දන්නවා...දේවිකා නැන්දලව ඇක්සිඩන්ට් කරේ කව්ද කියලා විතරක් මම දන්නෙ නෑ"

"ඒක ඔයාලා දැනගන්න ඕනත් නෑ"

"ඒ කියන්නෙ අම්මා දන්නවා"

"මම..පිස්සුද තමුන්ලා දෙන්නට"

"අම්මා ඇත්ත කියන්න"

"දැන්මම යනවා මගේ කාමරෙන් එලියට"

"අම්මා"

"යනවලා...මගේ යකා අව්ස්සන්නෙපා"

"දේවිකා නැන්දලගෙ ළමයින්ට සලකන්න හොදයි...එයාල නොදන්න අම්මා දන්න ඇත්ත මන් දැනගන්න .....

ඒ එක්කම ආන්‍යාගේ අම්මා ආන්‍යාට කම්මුල්පහරක් ගැහුවෙ කවදාවත් නැතුව ලොකු තරහකින්....

"අම්මා...ඇයි අක්කිට ගැහුවේ"

"නෑ තනූ ඉන්න...අම්මා..මන් ඕක දැනගන්නවා..මන් දිව්රනවා...මට සැක ඒ අම්මද කියලා"

"මම"

"ඔව්..ඒ අම්මානම්..අම්මට උනත් මගෙන් සමාවක් නෑ..මගේ අහින්සකීගෙ දෙමාපියන් එයාට නැති කරාට"

"කටවහගනින්...ඔය පව්ලට සම්බන්ධ වෙන්න එපා "

"ඇයි ඒ පව්ල හිගන පව්ලක් නිසාද"

"ඔව් ඔව්..."

"කමක් නෑ..මාත් ඒනම් හිගන්නෙක්.."

"ලොකු දූ ...."

ආන්‍යාගේ අම්මා හයියෙන් කෑ ගහ ගහ ආන්‍යාට කතා කරත් ආන්‍යා ඇහුන්නෑ වගේ ගෙයින් එලියට ගියේ ආයමත් යේශි ගාවට යනව කියල හිතන්...

"ඔය පව්ලට සම්බන්ධ වෙන්නෙපා ලොකූ...මට බයයි...මට ඔයත් නැති වෙයි ලොකූ.."

ආන්‍යාගේ අම්මා කාමරේ ඉදන් ඉස්සරහ දොර ලග බිම වැටිලා ඒම කිය කිය අඩනකොට තනූ එයාව අල්ලගත්තෙ වත්සලා කරදරයක් කරගනියි කියල හිතන්...

ඒ කතාවත් එක්කම ගේට් එක ලගට යනකම් ගියපු ආන්‍යා හැරිලා බැලුවේ යන්නෙපා කියල  කෑ ගහන එයාගෙ අම්මා දිහා....

"කමක් නෑ...ඒ ගෙදර ඒ තරම් අපලයි නම්...ඒ ගෙදරට ගිහින් මට කරදරයක් වෙනවනම්..කමක් නෑ අම්මා...මන් ඉන්නේ මගේ හිත ඉල්ලන කෙනා ගාව නිසා එතනදි මට මොකක් උනත් මට කමක් නෑ"

එහෙම කියපු ආන්‍යා ගේට් එකත් ඇරන් එලියට යන්න ගියේ පයින් හරි කමක් නෑ යේශි ලගට යනවා කියල හිතන්....

ටික දුරක් ඇවිදන් ගියපු ආන්‍යා ලගින්ම නතර කරපු කාර් එකෙන් ආව හෝර්න් සද්දෙ නිසා නතර උන ආන්‍යාගෙ මූණට චූටි හිනාවක් ආවේ...ඒ ආවේ එයාගේ ට්වින් නිසා...ඒ එක්කම  තාන්‍යා වාහනෙ ඇතුලෙ ඉදන්ම කාර් එක ඇතුලට එන්න කියල කතා කරපු නිසා ආන්‍යා කාර් එකට නැගලා ලොකු හුස්මක් අරන් ඇස් දෙක ටිකකට පියාගත්තා

"මෝඩයා වගේ කොහෙ යන්නද ගියෙ"

"යේශිලාගෙ ගෙදර "

"මල විකාර..තමුසෙ ආදරෙන් අන්ධ වෙලා"

"ම්ම්..."

"ඇයි ඔයා ආවේ"

"දැන් දේදුණු අක්කද කව්ද කෙනත් නෑනෙ..මන් එනව එයාගෙන් හිස් උන තැන ගන්න"

"මොකාක්"

"හ්ම්ම්.."

"අමු කැවිලයි ඔහෙට..අම්මා ගෙදරට ඇවිල්ලා වඩිග පටුන නටයි"

"අම්මි තමා කිව්වෙ තව්සෙ එක්ක යන්න කියල
"

"හෑ.."

"ඔව්..අම්මි තමුසෙට ආදරෙයිනෙ"

"ආදරෙයිනම් තමා ඒත් මට අල්ලන්නැත්තෙ යේශිලාට කියන කතා"

"හේතුවක් ඇති"

"අනේ මන්දා තනූ..."

"යන්කෝ දැන්..මට බඩගිනිත් එක්ක මගින් කාලා යමුද"

"ම්ම්ම්..හරි "

එහෙම කියන් ආන්‍යා ටිකකට ඇස් පියාගත්තෙ යේශිගේ රූපේ හිතේ මවාගෙන.......

................*******............

"අක්කේ..."

"ම්ම්ම්ම්.."

"අහන්නකෝ අනේ මේ ඩ්‍රයිවර්ගෙන්.."

"මොකක්ද"

"එයාලයි ලොකු බේබි ගිය තැන..කොල් එක අරන් එනව කියලා ගිය කෙනා කාර් එකක නැගලා යන්න ගිහිම්"

"ම්ම්ම්..ඉන්නකෝ පොඩ්ඩක් "

"හරි හරි අක්කේ"

"මේ අන්කල්"

"ඕ නෝනේ"

"මේ ආන්‍යාට මොකද උනේ"

"අහ්..ලොකු බේබිගෙ අම්මා ආවනේ"

"ඈ...එයාගෙ අම්මා"

"අනේ ඔව් චූටි නෝනේ"

"ඉතින්..එයා ඇයි ගියේ"

"ලොකු නෝනා එක විදිහක් නෙ ඉතින්...මොකක් හරි වෙන්නැති චූටි නෝනෙ"

"ම්ම්ම්ම්...එහෙමද...එයාගෙ අම්මා නපුරුද මාමේ"

"අනේ ඒමත් නෑ චූටි නෝනේ..එයාගේ දරුවන්ට හරි ආදරෙයි නෝනා...විශේශයෙන් ලොකූ බේබිට ..."

"ඒමද"

"ඔව් චූටි නෝනෙ"

"එතකොට එයාගෙ පව්ලේ අනිත් අය"

"අනේ ලොකු මහත්තයා එතකොට සනූල්‍යා බේබි, තාන්‍යා බේබි, අදේශ් බේබි හරිම හොදයි..කරුණාවන්තයි..නෝනත් ඉස්සර හරි හොදයි..ඔය නෝනගේ යාලුවෙක්ට කරදරයක් වෙලා ඒ නෝනගේ යාලුවා නැති උනාට පස්සෙ ඉදලා ලොකු නෝනා වෙනස් උනා"

"ඒමද"

"ඔව් චූටි නෝනා"

"දැන් ඇයි අන්කල් මට චූටි නෝනා කියන්නෙ...මට යේශි දුව කියන්න.."

"අපෝ...අපෝ...බෑ චූටි නෝනෙ...අපේ ආන්‍යා බේබි හරි ආසාවෙන් නෝනෙට princess කියන්නෙ...ඉතිම් මාත් හරි ආසාවෙන් චූටි නෝනෙ කියන්නෙ"

"ම්ම්ම්ම්..මාමගෙ කැමැත්තක්"

යේශි ලයනල් අන්කල් එක්ක ලොකු කතාවක හිටිය නිසා දේශියි මල්ශියි එයත් එක්ක ඉන්න බව යේශිට ගානක් ගියේ නෑ...

ඒත් එක්කම මල්ශි යේශිගේ කනට ලන්වෙලා

"අප්පේ නන්ගි...පව්ලේ විස්තර දැනගත්තා ඒනම් නේ"

"මොනාද අක්කෙ කියවන්නෙ..මාමට ඇහෙයි"

"එයාට ඇහෙන්නෑ..හරි වැඩේ නේද දේශි මෙයාට වෙන්නෙ නැන්දම්මා ටිකක් සැරයිලු"

"අනේ අක්කෙ බලන්නකෝ මේ මල්ශි අක්කා"

යේශි බොරුවට මූණත් බෙරි කරන් ඒම කියනකොට දේශි මල්ශිට රැව්වෙ යේශිට ඇත්තටම දුක හිතිලා කියලා හිතන්...

"අනේ ...උබට පිස්සුද දේශි... නන්ගි බොරුවට යකෝ මේම හැසිරෙන්නෙ"

මල්ශි කොච්චර කිව්වත් යේශි බොරුවට ඒම කරේ කියලා දේශිනෙවෙයි ඒක පිලිගත්තෙ...ඒ අස්සෙ මල්ශිට දිව දික් කර කර යේශි තව ටිකක් මූණ බෙරි කරගත්තෙ අනුකම්පාව දිනාගන්න වගේ.......

Continue Reading

You'll Also Like

401 63 6
වැළලී ගිය පුරාවෘත්තයක නොමියෙන ප්‍රේමය.. . . . . . . . . . . . . . . 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්🚫
10.6K 1.7K 12
A Sinhala GL story 🥀 Cover by :- 2_seok_lover [ SOY'S COVER SHOP ].
3.5K 148 20
" කිසිදු දිනක හිමි නොවන බව දැන දැන පෙම් කළ ඇයත් සැමදා සහෝදරකමින් ඔබ්බට නොගිය ඇයත් හදෙහි හැගීම් මැරිගිය පසුවත් යළිත් ඇයටම එම හැගීම්වලට පණ දිය හැකි ව...
ඇය By cuv

Non-Fiction

1.9K 265 31
හිමි වූ නොවූ අවසානය නුඹම විය.