දඬු මොණරු

By yuchi91

44.8K 6K 1.5K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49
දඬු මොණරු 50
දඬු මොණරු 51

දඬු මොණරු 4

1K 132 17
By yuchi91

උල ලේනෙක් නිසා සායම හේදීගෙන එනවා වගේ දැනෙද්දී මං ශේප් එකේ කට පියාගෙන ඉස්සර උනා. මං දන්න උල ලේනෙක් නෑ, ඔන්න ඉතින් ලෝල්ලු, බෝල්ලු, කෙලවල්ලෝ, ඇටවල්ලෝ, කාරල්ලෝ ගැන ඇහුව නම් දෙන්නම්කෝ විස්තර රම්පෙට පොරි හැලෙන්න.

සාක්කුවට අත් දෙකත් දාගෙන කොන්ද කෙලින් කරන් වීරයා වගේ යන්න ගියාට මොකද හෝන් ගහගෙන වේගෙන් එන දඬු මොණර සේනාව දැක්ක ගමන් මටත් උනේ නැට්ට මොකක්ද අස්සේ ගහ ගත්ත මොකාද එකා වගේ වෙව්ලන්න.

බයික් එකක් සාමාන්‍ය විදියට මගේ ළගින් යද්දි මට සාමාන්‍ය විදියට ඉන්න පුළුවන්, ඒත් සද්දෙන් හෝන් ගහගෙන වේගෙන් යද්දි මාව ගල් ගැහෙනවා. පුදුම බයක් හිතට එන්නේ. දැන් උනෙත් ඒ දේ, උන් ටික හෝන් එක උඩ නැගගෙනද කොහෙද.

මං අත් දෙකත් තද කරල මිට මොලවන් පුළුවන් තරම් පාර අයිනට වෙලා පිටි පස්සට හැරුනා.චවික හිනා වෙවී බයික් ටිකට අත වනනවා දැක්කෙ එවෙලේ, සමහර විට ඔය හෝන් ගහන්න ඇත්තෙත් මූට වෙන්න ඇති. බයික් ටික අපිව පහු කරන් ගිහින් ඒ සද්දෙ නැති උනාට පස්සේ හොඳ හුස්මක් ගත්ත මං ආයෙත් ඇවිදින්න ගත්තේ මල්ලිලා මට ඉස්සර වෙලා ඇවිදන් යද්දි.

සීයා දුන්න සල්ලි වලින් මුලින්ම මල්ලිට යුනිෆෝම් එකක් මහන්න ඇඩ්වාන්ස් එකක් දුන්නා. දිසානායක සර්ගෙ මුණුපුරා කිව්ව ගමන් ටේලර් ශොප් එකේ මනුස්සයා ඉක්මනට මල්ලිගෙ මිම්ම අරන් ඉරිදා උදේ වෙද්දි මහල තියන්නම් කිව්ව, අද බ්‍රහස්පතින්දා, ඔය කියන විදියටම ඉරිදා උදේ වෙද්දි මහල දුන්නොත් හොඳයි.

දෙසැම්බර් 25 නත්තල් දවසේ පල්ලියෙන් වැල්ලේ ඉන්න ළමයින්ට තෑගි හම්බ උනා.විශේෂයෙන්ම මටයි මල්ලිටයි, සපත්තු, බෑග් එක්ක පොත් කට්ටල දෙකකුත් හම්බ උනා, පෑන්, පැන්සල්, මකන එක්ක කවකටු පෙට්ටි දෙකක් තිබ්බ වෙනම පාර්සලයකුත් ඒ අස්සේ තිබුණ. මේ පාර නත්තල එද්දිත් අම්ම නැති වෙලානේ, ඒ නිසයි අපි දෙන්නගෙ තෑගි වලට අනිත් අයට වඩා වැඩි දේවල් එකතු වෙලා තිබුනේ. මං ඔය පල්ලියෙන් හම්බ උන දේවල් ගැන උදේ කිව්වෙ නැත්තේ ආච්චි අම්මල ඒකටත් මොනව හරි කියයි කියල හිතුන නිසා.

අපි දෙන්නට ඒ තෑගි ටික ලැබුණෙ නැත්නම් අද උදේ කොච්චර අසරණ වෙන්න වෙයිද කියලා හිතා ගන්න වත් බෑ. මොකද ආච්චි අම්මලා කවදාවත් ඔය අඩු පාඩු ටික අපිට අරන් දෙන එකක් නෑ.

"අයියෙ මොනවද හලෝ තව ගන්න තියෙන්නේ"

"අනේ මන්දා හිතා ගන්න බෑ ඕයි. පොත් එහෙම අඩුයි නම් ඉස්කෝලෙ පටන් ගත්තට පස්සෙ ගන්න පුළුවන්නෙ බලලා"

"මේ මෙයා දහය වසර නම් ඔයා කී වසරෙද අනේ, මං නම් මේ පාර දොළහ වසරට"

ඒක ඇහුණ විතරයි මට නැති කැස්සකුත් හැදුන, යකෝ ඒ කියන්නේ මේකා දොන්ත බබක්ක වගේ හිටියට මගේ වයසනේ, මදැයි මල්ලි කෙනෙක් කියලා හිතන් ගණන් ඉස්සුවා.

"ඈ ඔයත් එතකොට අපේ අයියගෙ වයසේ නේද චවී අය්යේ"

"මෙයත් මේ දොළහෙද"

"ඔව් ඔව්"

"ඒ මේ, මොනාද බං උබ කරන්න හිතන් ඉන්නේ"

"ආර්ට්"

"අඩෝ මමත් ආර්ට්, තමයි, මරුනෙ එහෙනම් දෙන්නම එක පන්තියේ"

හයියෝ මට මූත් එක්ක එක පන්තියේ ඉන්නත් වෙනවද, කමක් නෑ ඔන්න ඔහේ හිටපුවාවේ. මං ගණන් ගන්න යන්නෙ නෑනෙ. මේ වගේ දොන්තයෙක් නම් කවදාවත් මගේ හොදම යාළුවෙක් වෙන්නේ නෑ.

"මං එක්ක එකොළහෙ හිටපු උන්ගෙන් භාගයක්ම නෑනෙ බං ඉතින් දොළහට යද්දි, ඉතින් යාළුවෝ හොයා ගන්න වෙනවා. දැන් ඉතින් උබත් අපේ ගමේ එකානේ. අපිට හොදම යාළුවෝ වෙන්න බැරියැ ඉතින්"

වෙන්නම් මං හොදම යාළුව, දවල් හීන දැක දැක ඉඳපන්, මල්ලිට නම් ඒ කතාවට සතුටුයි වගේ. මොකද මට වැල්ලේ හිටිය යාළුවෝ තොගේ හැටියට මෙහෙ කවුරුත් නැති වෙද්දි එයාට දුක ඇති.

"ඔය උසස් පෙළට මොනාද පොත් වගයක් ගන්න තියෙනවා බං, ඉස්කෝලෙ ගියාම ඒ ලිස්ට් එක ඉල්ලන් ආයේ දවසක ටවුන් එමු, මට සපත්තු දෙකක් ගන්න ඕන DSI එකට යමුද ඔහොමම"

චවික කියද්දි මමයි මල්ලියි දෙන්නත් ඒ පස්සෙන් ගියා, ඊට පස්සේ බුක් ශොප් එකකට ගිහින් පොත්, පෑන්, පැන්සල් වගේ එයාට ඕන කරන දේවල් ගද්දී අපිත් පොත් වලට පිට කවර දාගන්න ඕන දේවල් ටික ගත්ත.ඊට පස්සේ චවිකයා අපිවත් ඇදගෙන කෑම කඩේකට රිංගුවා.

"මගේ ගානේ හොඳේ, නෑ බෑ කියන්නේ නැතුව කන්න ඕන දෙන්නම"

මාළු පාන්, රෝල්ස්, උළුදු වඩේ වගේ දේවල් තිබ්බ ලොකු පිඟානක් අපේ මේසෙට එද්දී චවිකයා උගේ ගානේ හොඳට කන්න කියලා අපි දෙන්නටත් කියල මාළු පාන් ගෙඩියක් බදා ගත්තා. උදේට ඉඳි ආප්ප කෑවට මටත් දැන් යන්තම් බඩගින්නක් ඇවිත් තිබුණේ, ඒත් මගේ ලොකුකම නිසා මේ කොල්ලගේ ගානේ කන්නත් බෑ. මල්ලි මට අතට තට්ටුවක් දාලා ඇහෙන් ඉගි කරා මොනව හරි කන්න කියලා. මොකද කෑවේ නැත්නම් අර කොල්ලගේ හිත රිදෙන නිසා. ඔන්න ඔහේ ඕන දෙයක් කියල ලොකු කම පොඩ්ඩක් පැත්තකින් තියලා මමත් මාළු පාන් ගෙඩියක් බදා ගත්තා........

චවිකයා ඉස්කෝලෙට ඕන දේවල් වලට වඩා ගත්තේ කඩචෝරුද මන්දා, ඒ අතරේ මොකක්ද මන්දා පාර්සලයක් මල්ලිගෙ අතටත් දුන්නා.

"ඉදල ඉදලා ටවුන් එකට ආවම ඇති වෙනකම් කන්න ඕන බං"

එහෙම කිය කියා ඒකා කරේ ගෙදරින් ඉස්කෝලෙට ඕන කරන දේවල් ගන්න දුන්න සල්ලි වලින් හොඳට කාපු එක, ඌට නම් ගානක් නෑ සල්ලි තියෙන පවුලක් වගේ, ඒත් මං නම් හිතා ගත්තා සීයා දුන්න සල්ලි පුළුවන් තරම් ඉතුරු කරන් එයාට ආයෙත් දෙන්න.

රත්නපුර බස් ස්ටෑන්ඩ් එකට ආව දෙවනි වතාව, සෙනඟ මැද්දෙන් චවික ඉස්සරහට යද්දි අපි දෙන්නත් ඒ පස්සෙන් ගිහින් ගමට යන බස් එකට නැග්ගා. ගමට යන බස් එක කිව්වට ඉතින් අපිට ගමට යන්න නම් මඟින් බැහැලා ගුරු පාරේ පයින් යන්න වෙනවා. ඒත් ඒක මහ ලොකු දුරක් නෙවෙයි.

"ආ... චවී අය්යේ, ඇවිදින්න ගිහින් වගේ"

පොඩි අඩි පාරකින් ගුරු පාරට ගොඩ වෙච්ච කොල්ලෙක් චවික එක්ක කතා කරන්න ගත්ත.

"ආ ධනුක මල්ලි, ටවුන් එකට ගිහින් එන්න ගියා බං, සඳුදා ඉස්කෝලෙනෙ, උබ කොහෙද ගියේ"

"ආච්චිලහ ගියා.නිවාඩුවත් ඉවරයි නේද ඕයි, ඒ උනාට අවුලක් නෑ මං මේ බලන් ඉන්නේ සුදු දිග කලිසම ඇදලා ඉස්කෝලෙට යනකම්"

"ආ පොඩි පගය උබ මේ පාර දහයට නේද, දික් කලිසම් ඇදගෙන අපිට එහෙම පාර්ට් එක දාගෙන එන්න එපා හරිද"

"අඩෝ පිස්සුද බං අය්යේ උබලට එහෙම කරනවද"

"ම්ම්ම් හරි හරි. ඒක නෙවෙයි මේ ඉන්නෙ නේත්‍ර, මේ මින්සඳ, මීනු කිව්වම ලේසි. මෙයාලා ඉන්නෙ අපේ දිසානායක සර්ගෙ ගෙදර හරිද. මීනුත් උඹේ වයස, සඳුදා ඉඳන් අපේ ඉස්කෝලෙ. කොල්ල ගැන චුට්ටක් බලපන් හොඳේ"

"ෂා මරුනෙ, අපේ පන්තියටම වැටුනොත් නම් හොඳයි. මං ධනුක, ධනූ කියල කියන්න"

ඒ කොල්ලා මල්ලි එක්ක හිනා වෙලා කතා කරන්න ගත්ත, ඔහොම හරි අදුරන අය සෙට් උනොත් මල්ලිටත් ඉස්කෝලෙ ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් වෙයි, මොනා උනත් චවිකයා හොඳ එකා අප්පා....

"මං එහෙනම් මෙතනින් යනවා, ඔය දෙන්නා වෙලාවක එන්න අපේ ගෙවල් පැත්තෙ. දැන් ඉතින් ඉස්කෝලෙ පටන් ගත්තම අපිට නිතරම හම්බවෙන්න පුළුවන් එක නම් ෂෝක් නේද"

චවියා එහෙම කියාගෙන අපි තුන් දෙනාට අතත් වනාගෙන ගියා.අපොයි ඔව් ෂෝක් ෂෝක් තමයි, ඒ ගැන නම් කියල වැඩක් නෑ. මොනව උනත් ඉතින් අපේ තනියට ආව මනුස්සයා නිසා මං අමාරුවෙන් හරි හිනා වෙලා යන්නම් කියලා සමු ගත්ත.

යන්තම් ගේ පේන මානෙට ආවා විතරයි කාල ගෝට්ටියක් ඇහෙන්න ගත්තා, හරියට බියට්‍රිස් නැන්දයි, මර්සි නැන්දයි වැල්ලේ කෙහෙ වලු පටලන් හැමදාම මරා ගන්නව වගේ සද්දෙ, උන්දැලා නම් ඉතින් මරා ගන්නෙ ඔස්ටින් මාමටනෙ, ඒත් ඉතින් නම්බුව ගැන ඉහටත් උඩින් හිතන මේ ගෙදර එහෙම ගමටම ඇහෙන්න රණ්ඩුවක් වෙන්න විදියක් නෑනේ, ධනුක මල්ලි පාර දිගේ ඉස්සරහටම යද්දි අපි දෙන්නා ඉක්මන් කරලා ගේ ළඟට ඇවිත් ගේට්ටුවත් ඇරන් ඇතුළට එද්දී තමයි විස්තරේ දැක්කෙ.

ආච්චි අම්මයි, ලොකු නැන්දයි දෙන්න කළු පාට රෙදි දෙකක් ඔලුවෙ ඉඳන් පෙරවන් එළියට බැහැලා කෑ ගහනවා. ලොකු නැන්දගෙ නම් මූණේ වෙස් මූණක්. කළු පාට ඒ වඳුරු වෙස් මූණත් ලොකු නැන්දගෙ මූණට වඩා නම් ලස්සනයි. අපි උන්දැලව අදුර ගත්තෙත් කට හඬින්. මමයි මල්ලියි මේ වඳුරු කෝලම් බල බල ඉද්දී තමයි දැක්කෙ වත්තේ ගස් උඩ රිලා කෝලම් ටික. වැල්ලට නිතරම එන අහිකුණ්ඨක මිනිස්සු එක්ක එන රිලව් දැකලාම අපිට ඒ කෝලම් පුරුදුයි. ඒත් ඉතින් මෙහෙම රංචු පිටින් ගස් උඩ එහෙ මෙහෙ පනින උන් දැක්කම නම් ආසාවේ බෑ. සමහර රිලව් චූටි පැටව් බඩේ බැඳගෙන.

"මේ කාලකන්නි හැත්තත් අපිටම වද දෙන්න එනවනේ"

ලොකු නැන්දා ඒක කිව්වෙ රිලවුන්ටද එහෙම නැත්නම් මිදුලෙ ඉන්න අපිටද කියල හිතා ගන්න බෑ. දෙන්නත් එක්ක බැරි බර ගාතේ කැටපෝලයක් අරන් රිලවුන්ට ගල් විදිනවා, එක්කෙනෙක් ගල් ගහනවා. හැබැයි එකක් වත් උන්ට වදින්නේ නෑ. මං ඉක්මනට මල්ලිවත් ඇදන් ගේ ඇතුලට ආවා. මොකද මේ දවස් වල අපි දෙන්නට තියෙන වාසනාවේ හැටියට ඔය අහක යන ගලක් උනත් ඔළුව උඩට පත බෑ වෙන්න බැරි නෑ.

අපි ගෙට ඇවිත් ටික වෙලාවකින් වහලේ උඩ පෙරළෙන සද්දයක් ඇහෙන්න ගත්තා, බලද්දි රිලව් වහලේ උඩ එහෙ මෙහෙ දුවනවා. මල්ලියි මමයි එළියට බැහැලා පොඩි ගල් කැට ටිකක් ගහල උන්ව බය කරලා එළව ගත්ත. එහෙම නැත්නම් උළු කැට ටික බිම තියෙයි.

මල්ලිගෙ යුනිෆෝම් එක ගන්න විතරක් සල්ලි තියාගෙන මං ඉතුරු ටික සීයා අතට දෙද්දි එයා පුදුම වෙලා වගේ සල්ලි ගත්තේ එයා හිතන්න ඇති අපි ඔහේ සල්ලි නාස්ති කර ගනී කියල. අපේ අම්මයි, තාත්තයි අපිව හොඳට හැදුවා. හොරකම් කරන්න, වංචා කරන්න, සල්ලි නාස්ති කරන්න.... ඒ වගේ පුරුදු අපි ළඟ නෑ කියලා,අපිව පහත් කරන්න බලන එයාලත් දැන ගන්න ඕන....

අපි ගෙදරට එන්න කලින් කව්රු හරි අපේ බෑග් අවුස්සලදෝ කියල මට සැක හිතුනා, බෑග් වල තිබ්බෙ අපේ ඇදුම් කෑලියි, ඉස්කෝලෙට ඕන කරන දේවල් විතරයි. ආච්චි අම්මා හරි ලොකු නැන්දා හරි වෙන්න ඇති. ඇවිත් නිධානයක් හෙව්වද දන්නෙ නෑ. හොඳ වෙලාවට මං ලඟ තිබ්බ සල්ලි ටික යද්දි අරන් ගියේ. නැත්නම් මෙලහට අපි හොරු වෙලා.

දවල්ට කාලා ඉවර උනාට පස්සෙ මල්ලි අපි දෙන්නගෙම පොත් අරන් පිට කවර දාන්න පටන් ගත්තා, ගෙදර ඉද්දිත් පොත් වලට පිට කවර දැම්මෙ අම්මයි මල්ලියි, මං ඒ වැඩ වලට හවුල් උනේ නෑ. අද ටවුන් ගිය වෙලේ චවිකයා මල්ලි අතට දුන්න පාර්සලේ මොකක්ද කියලා බලද්දි ඒකේ තිබ්බෙ බූන්දි වගයක්, ඒ පගා අපිටත් එක්ක කඩචෝරු අරන් තියෙන්නේ.

°
°
°

සිකුරාදා දවල් දොළහට විතර අපේ ගෙයි දොරකඩ ළඟ පුංචි අමුත්තෙක් ඉන්නවා හිනා වෙවී, හුරතල් බටු ඇටයක් වගේ නංගි බබෙක්, පෙර පාසලක නම ගහපු කහ පාට ටී ශර්ට් එකකුයි චූටි රැළි තියෙන කළු පාට සාය කොටේකුයි ඇදගෙන, චූටි කොණ්ඩ දෙකක් බැඳගෙන, කට වටේ චොක්ලට් එකක් ගාගෙන හිනා වෙවී ඉන්න පොඩි එකීව දැකලා මමයි මල්ලියි දෙන්නම එයා ළඟට ගියා.

"ආ... මෙන්න රුවී බබා අය්යලා දෙන්නව හොයන් ඇවිල්ලා"

සෝම නැන්දා හිනා වෙවී ඇවිත් බටු ඇටේව වඩා ගත්ත.

"මේ අපේ කමල් මහත්තයගෙ දුව"

සෝම නැන්දා අපිට නංගි බබාව අදුන්නල දුන්නා, ඒ කියන්නේ අපේ චූටි මාමගෙ දුව.

"බලන්නකෝ සෝම නැන්දේ මං මේ කෙල්ලව ගේ පුරා හොයනවා"

එහෙම කියාගෙන එතනට ආවේ අපේ චූටි මාමා වෙන්න ඇති, වැඩි වයසක් නම් පේන්න නෑ.

"රුවී බබා අය්යලාව හොයන් ඇවිත්නෙ කමල් මහත්තයා"

"ෂා... අපේ අක්කට යස ඉලංදාරි දෙන්නෙක්නේ ඉදල තියෙන්නේ"

මාමා එහෙම කියාගෙන ඇවිත් අපේ ඔළුව අත ගාලා පිටට තට්ටුවක් දැම්ම.මාමව දැක්ක ගමන් මට මතක් උනේ අම්මව, එයා ඒ තරම්ම අම්ම වගේ. මාමයි නංගි බබායි ගේ ඇතුලට ඇවිත් ඉදගෙන ටිකක් වෙලා කතා කර කර හිටියා, මාමා අපිට එයාලගේ ගෙදර ගිහින් එන්න යමුයි කියද්දි අපි දෙන්නත් උඩින්ම කැමති උනා. ඇයි දෙයියනේ වැල්ලේ ඉද්දි මේ කකුල් දෙකට නිවනක් නෑ රස්තියාදු ගහල. මෙහෙ තාම අලුත් නිසා පොඩ්ඩක් ගෙදරට වෙලා හිටියේ, මාමා එක්ක ගියොත් ගම එහෙම ටිකක් බලා ගන්නත් පුළුවන්. අනිත් එක තමයි මේ වගේ තරුණ මාමා කෙනෙක් ඉන්නවා කියල හිතෙද්දි මට දැනුනේ ආඩම්බරයක් , ඒ වගේම එයා අම්ම වගේම නිසා තවත් ටිකක් එයාගෙ ලඟ රැදෙන්න තරම් හිත ලෝබ උනා.

"චුට්ටි අයියලාත් එක්ක ඉන්න මං සීයලාට කියල එන්නම්"

අපි මිදුලට එද්දී මාමා ගේ ඇතුලට ගියා. ඒ නිසා අපි තුන් දෙනා මිදුලට වෙලා ඉද්දී චුට්ටි අපිව අතෑරලා ඉස්සරහට දුවගෙන ගියා, බලද්දි ගේට්ටුවෙන් ඇතුලට එන කොල්ලෙක් දැකලා දුවගෙන ගිහින් ඇගේ එල්ලුනා. බෑග් එකක් එල්ල ගත්ත කොල්ල චුට්ටි එක්ක කතා කර කර ඇවිත් එක පාරටම අපිව දැකලා ඔළුව උස්සලා බැලුව. මං හොඳටම දැක්ක මාව දැක්ක ගමන් ඒ ඇස් ගැස්සෙනවා. එයා පුදුමෙන් වගේ අපේ දිහා බැලුවත් ආයෙත් මූණ නපුරු කරන් ඔරවගෙන ගේ ඇතුලට යන්න ගියේ මල්ලියි මමයි බලා ඉද්දී.

"අනේ දෙයියනේ මගේ කොල්ලා ඇවිත්, එනවා කියල වත් කෝල් එකක් වත් දුන්නෙ නෑනෙ සුදු මහත්තයා"

ඒ කොල්ලා ගෙට යන්නත් කලින් ආච්චි අම්මා ඇවිත් ඒකව බදා ගත්තා.

"අපිට සතියක් නිවාඩු ආච්චි අම්මා, ඒ නිසා ආවා ඉතින් "

ඒකා එහෙම කියාගෙන ආච්චි අම්මා එක්ක ගෙට ගියා.මං හිතන්නේ ඕකා තමයි සුදු බෙබා, නෑනෙ සුදු බබා. මොකා හරි කමක් නෑ මොන අහවල් දේකට එරෙව්වද මන්දා. බලන්න එපැයි ආච්චි අම්මා ඌට තියෙන ආදරේ. අපිව සත පහකට ගණන් ගත්තේ නෑ.

°
°
°

චූටි මාමගෙ ගේ තිබ්බෙ වෙල් යායකට මැදි වෙලා, හරිම ලස්සන, හිත පිරෙන, හිත නිවෙන තැනක් ඒක.මිදුල පුරාම මල් පැළ, එළවළු පැළ හිටවලා. හරිම ලස්සනට පිරිසුදුවට තියන ගෙයක් වගේම වට පිටාවත් හරිම පිරිසිදුයි. ගේ නම් බ්ලොක් ගල් වලින් හදල, තාම කපරාරු කරල වත් නෑ. චූටි මාමා බැදලා ඉන්නෙ සදා නැන්දා, එයාටත් අවුරුදු විසි අටක් වගේ වෙන්න ඇති. චූටි බන්ඩි ගෙඩියක් උස්සන් අපි ළඟට ඇවිත් හරි ආදරෙන් කතා කරා. චූටි මාමයි නැන්දයි ළඟ ඉද්දී ආයෙත් පාරක් අපිට දැනුනා අපේම කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියල. මොකද අම්ම නැති උනාට පස්සෙ ඒ හැඟීම අපෙන් ඈතට ගිහින් තිබ්බෙ.

"අපේ චුට්ටිට දැන් අය්යලා තුන් දෙනෙක්ම ඉන්නව නේද"

"ඔව්නේ අප්පත්ති, තුදු අයියයි, ලුතු අයියයි, තූති අයියයි"

කෙල්ලට තාම සමහර වචන කියා ගන්නත් බෑ, නහයත් උඩට ඇද ඇද කතාව. මේ පොඩි උන්ට නම් හෙම්බිරිස්සාව නැති දවසක් නෑනෙ අප්පා. චූටි මාමගෙ ගෙදරින් දවල්ටත් කාලා ඉවර වෙලා ටිකක් වෙලා ඉද්දී චූටි මාමා කිව්ව මද්දු මාමගෙ ගෙදර යමු කියලා, එයාලා වැඩිය ආච්චි අම්මලගේ ගෙදර එන්නේ නැතිලු. දේපල ඔක්කොම ලොකු මාමා බදා ගත්ත නිසාලු ඒ. චූටි මාමත් ඉදල හිටල සීයා බලන්න යනවා කියල තමයි කිව්වෙ.......

වෙල දිගේ ඇවිත් ආයෙත් ගුරු පාරට ගොඩ වෙච්ච අපි ගෙවල් පැත්තට නොයා ආයෙත් දිගටම ඇවිදින්න ගත්ත.
පාර අයිනෙ හිටපු කොල්ලො ටිකක් එක්ක මාමා නැවතිලා කතා කරද්දි අපි දෙන්නත් නැවතුනා.ඒ වෙලාවේ තමයි මම කොණ්ඩයාව දැක්කෙ. ඒකාගේ අතේ බැට් එකක් තිබ්බ. කට්ටිය ක්‍රිකට් සෙල්ලම් කරන්න යනවා ඇති. කොණ්ඩයා අතේ තිබ්බ බැට් එක කොල්ලෙක්ගෙ අතට දීලා ඉවර වෙලා අත් දෙකෙන්ම මූණට වැටිලා තිබ්බ කොණ්ඩ කෑලි එකතු කරන්න ගත්තා. බිම බලාගෙන කොණ්ඩ කෑලි ටික එකතු කරන් ඉවර වෙලා එක අතක මැණික් කටුව ලඟ තිබ්බ කළු පාට චූටි පටියක් අරන් කොණ්ඩෙ බැද ගත්ත, ඊට පස්සේ එහෙමම ඔළුව ඉස්සුව ගමන් ඒ ඇස් නැවතුනේ මගේ ඇස් ඇතුලේ. මං වශී උනේ නෑ කිව්වොත් ඒක බොරුවක්. මෙච්චර වෙලා මං කරලා තියෙන්නේ කටත් ඇරන්, ඇස් දෙකත් ලොකු කරන් මෙළෝ සිහියක් නැතිව ඒකා දිහා බලන් හිටිය එක.

මං පියවි සිහියට ආවේ ඒකා මට රවල බැට් එක ආයෙත් අතට අරන් හෙමින් ඉස්සරහට ඇවිදන් යද්දි. යකෝ මුන් හැම එකාම මගේ දිහා බලන් රවන්නේ ඇයි. මුන් නම් පුදුම ගංකාරයෝ තමයි.

_____________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි ❤️💐

✍️ යූචි

ඉඳපන්, මල්ලිට නම් ඒ කතාවට සතුටුයි වගේ. මොකද මට වැල්ලේ හිටිය යාළුවෝ තොගේ හැටියට මෙහෙ කවුරුත් නැති වෙද්දි එයාට දුක ඇති.

Continue Reading

You'll Also Like

29.6K 4.3K 14
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
44.8K 6K 53
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
34.3K 528 51
What the title said. You are a Worker Drone BTW Slow Updates because My motivation is dying.
184K 19.9K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...