ඒ ගැන හිත හිත ඉන්නකොට එකපාරටම මල්ශි අක්කගෙ සද්දෙ ඇහුණම මට දැනුනේ කියාගන්න බැරි හැගිමක්...මොකද කියනවනම් මට ආව කෙනා ගැන විස්තර රෑට මල්ශි අක්කගෙන් දැනගන්න පුළුවන් නිසා...ආව කෙනා කවුරු උනත් එයා ගෙදරින් ගියේ දවල් කෑමට ඔන්න මෙන්න තියලා නිසයි මට තේරුණේ ඒ කෙනා පැය දෙක හමාරකට වඩා ආන්‍යා එක්ක ඉදලා කියලා....කට්ටියම වගේ අදත් කෑම මේසෙ වාඩි උනත් වෙනදා තරම් කට්ටියගෙ කතාවක් නැති උන තරම්....
අනික අද ආන්‍යා මගේ ඉස්සරහ ඉන්නවද කියලවත් මට හිතාගන්න බෑ...ඒ නිසා සැක හැර දැනගන්න ඕන නිසා මගේ කකුලින් ඉස්සරහට ගැහුවම ගිහින් ආන්‍යාගෙ කකුලේ හැප්පිලා ආන්‍යා කෑ ගැහුවා
"බුදු අම්මොහ්"
"මොකද උනේ නන්ගි"
"ආශ්...මල්ශි අක්කේ..මේ දනිස්ස හිරිවැටිලා වගේ ඒකයි"
වචන හද හද ආන්‍යා ඒම කිව්වෙ මම එකපාරම මූණ බිමට හරවගත්ත නිසා කියල මට හොදටම තේරුණා....
කට්ටියම වෙනදා වගේ නැතත් අද ඉක්මනට කාලා තම තමන්ගේ වැඩ කරන්න ගියා ...
අක්කා මගෙන් කාමරේට ගිහින් දාන්නද කියල ඇහුවත් මම අක්කට එපා කියලා කිව්වෙ මට කාමරේටම වෙලා ඇති වෙලා කියලා බොරු කතාවකුත් කියලා....
මන් එතනින් ගියෙ නෑ වගේම ආන්‍යාත් එතනින් ගියේ නෑ කියල මට තේරුණේ ආන්‍යාගේ පුටුව ඇදලා ආන්‍යා නැගිටලා ගියෙ නැති නිසා....
"princess "
"ඔහ්...මේ...මටද කතා කරේ"
"ඔව් ඉතින් මෙතන වෙන කවුරුත් නෑනෙ"
"එහෙමද...මට ඉතින් පේන්නෑනෙ..."
"අහ්...හරි හරි...මට කියන්නකෝ මගේ princess මොකද මගේ කකුලට ගැහුවෙ කියල"
"මන් ගැහුවෙ නෑ...ඒක ඇත්තටම....මේ...වැදුනා විතරයි.."
බිම බලාගෙන මම එහෙම කියනකොට ආන්‍යා නැගිටලා මන් ලගට ඇවිත් මගේ ළග තිබුණ පුටුවේ වාඩි උන බව මට දැනුනා.....
"මන් දන්නවා ඒක වැදුනා නෙවෙයි කියල..princess මට කියන්න මොකද උනේ"
"නැහැ අනේ..ඇත්තමයි මොකුත් නෑ"
"ඔයා බොරු කියන බව මන් දන්නව...දන්නවද...ඔයා බොරු කියනකොට ඔයාගෙ ඔය නහය තියෙනව නේද අන්න ඒ නහය රතු පාට වෙනවා"
"අනේ නෑ.."
"නැත්තෙ මොකද ඔය ඔය...ජම්බු ගෙඩියක් වගේ ඒයි"
එයා හිනාවෙවී මට එහෙම කියනකොට මට පොඩ්ඩක් ලැජ්ජ හිතුනත් මම බිම බලාගෙනම ආය එයාට කතා කරන්න ගත්තා...අනික මට තේරුණා බොරු කියලා තේරුමකුත් නැහැයි කියල....
"මේකයි...ආන්‍යා...මට ඕන උනෙ.....ඔයා....ඔයා...ඉන්නවද බලන්න"
"මන්"
"ඔව් ඔයා ඉන්නෝද කියල බලන්න ඕන උනේ"
"ඉතිම් ඒකට ගහන්නම ඕනද princess "
"නැහැ...ඒත් මට කතා කරන්න බෑ...අක්කා ඒම උනොත් සැක හිතයි"
"සැක හිතයි...ඒත් ඉතින් ඒ මොකෝ සැක හිතෙන්නෙ "
"නැහැ...ඔයාට තේරේන්නෑ....මට යන්න ඕන දැන් මෙතනින්.....අක්කා...අක්කා.."
"ආ...ශ්...ශ්...ශ්...අක්කට කරදර කරන්නෙපා.."
එහෙම කියපු ආන්‍යා මගේ කට එයාගෙ එක අතකින් වැහුවෙ මට අක්කට ආය කතා කරන්න බැරි වෙන්න....
ඒ එක්කම එයා මගේ ලගට ඇවිත් උරහිසෙන් අල්ලලා මාව නැගිට්ටවලා හිමීට හිමීට මාව කාමරේට එක්කන් ගියේ මගේ අක්කා වගේම මාව පරිස්සම් කරන ගමන්...අක්කා ළගදි වගේම මට එයා ළගදිත් ගොඩක් ලොකු ආරක්ශාවක් දැනුනා...
"ඔන්න..අපි ආවා.."
"ම්ම්ම්...මාව ඇද ලගට එක්ක යන්නකෝ"
"අහ්..ඉන්න..princess "
"ම්ම්ම්.."
"හරි ඔන්න එන්න....ම්ම්ම්...ඕම වාඩිවෙලා ඉන්න ඒනම් හරිද...මොනවත් ඕන උනොත් මට කතා කරන්න අක්කට හැම තිස්සෙම දුවන් එන්න බෑනේ.."
"ම්ම්..."
"ම්ම්..නෙවෙයි හා කියන්න.."
"හරි හරි අනේ"
මන් එහෙම කියල ඇදේ හාන්සි උනේ වෙනදා වගේම පොඩ්ඩක් දවල්ට නිදාගන්න කියල හිතන්....
ඒත් ආය නැගිට්ට මන්
"ආන්‍යා"
"ම්ම්ම්ම්"
"ඔයා ඉන්නෝද තාම"
"ඔව් අනේ..මන් මේ බැලුවෙ ඔයාගෙ අක්කගේ චිත්‍ර"
"චිත්‍ර...අක්කා හරි ආසයි චිත්‍ර අදින්න"
"ම්ම්ම්...ආසයි වගේම එයා ගොඩක් දක්ෂයි වගේ"
"ම්ම්...ගොඩක් ලස්සනයිද අක්කගෙ චිත්‍ර"
"ම්ම්ම්...ඔව්...oh my god"
"ඇයි ආන්‍යා"
"නෑ..මේ ඉන්නකෝ"
ටික වෙලාවක් යනකම් කතා නොකරපු ආන්‍යා ආය එකපාරම ගැස්සුන කටහඩකින් කතා කරේ අක්කා එකපාරටම ඇවිත් කතා කරනවත් එක්කමයි
"ආන්‍යා"
"ආ..ඔව්...මේ ඕ..අක්කේ.."
"මොකද කරන්නෙ ඔයා ඔය"
"මේ මන් මේ...ච්ත්‍ර බැලුවා ඔයාගෙ...ලස්සනයි ඒවා..මන් යන්නම් සොරි අවසර නැතුව බැලුවට....මේ princess මම යනවා...රෑට සින්දුවක් කියමු හොදෙ"
"ආ...හරී හරි ආන්‍යා"
මම එහෙම කිව්වත් එක්කම අක්කා කාමරේට ඇවිත් ටිකක් වෙලා ආන්‍යා හිටපු තැනට වෙලා ඉදලා ආන්‍යාට වහන්න අමතක උන අක්කගේ චිත්‍ර පොත වහලා මන් ළගට ඇවිත් වාඩි උනා..
"චූටි"
"ඕඕ ...අක්කෙ...
"ඇයි මට කතා නොකරේ කාමරේට එක්ක යන්න කියල"
"නෑ අක්කේ ආන්‍යා හිටිය නිසා..."
"ආය මන් නැතුව වෙන කා එක්කවත් එන්නෙපා කාමරේට"
"ඇයි අක්කේ මොකද උනෙ.."
"වෙන්න කලිම් කියන්නෙ..මන් කියන දේ කරන්න චූටි ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්නෙ නැතුව"
"සොරි අක්කේ"
මම එහෙම කිව්වත් එක්කම අක්කා සද්දෙට කාමරෙත් වහන් එලියට ගියේ වෙනදට වඩා අක්කගේ අමුතු හැසිරීම ගැන සෑහෙන්න හිතන්න මට ඉඩ තියලා....