𝗧𝗛𝗘 𝘁𝗼𝘂𝗰𝗵𝗲𝗿 𝗢𝗙 𝗺...

By KAVINI231

6.1K 681 75

"ඔයා ප්‍රාර්තනාවක් කරනවද 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀" "ම්ම්..ඔව්...කවදහරි දවසක මට හැමදේම දකින්න අවස්ථාව ලැබුනොත්..මම දකි... More

1 කොටස
2 කොටස
3 කොටස
5 කොටස
6 කොටස
7 කොටස
8 කොටස
9 කොටස
10 කොටස
11 කොටස
12 කොටස
13 කොටස
14 කොටස
15 කොටස
16 කොටස
17 කොටස
18 කොටස
19 කොටස
20 කොටස
21 කොටස
22 කොටස
23 කොටස
24 කොටස
25 කොටස
26 කොටස
27 කොටස
28 කොටස
29 කොටස
30 කොටස
31 කොටස
අවසානයට පෙර කොටස
අවසාන කොටස (Part I)
අවසන් කොටස (Part II)

4 කොටස

210 25 1
By KAVINI231

අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා
අමතක වෙන්නැති හීනය අද්දර
නුඹ ඇවිත් ඉන්නවා
ආදරේ කියනවා
හඬන්න දන්නැති නෙත් දෙක මැද්දේ
කඳුළු ඇයි අහනවා
නුඹ මගෙයි දන්නවා
සසරේ
යනෙනා
ආදරයයි මුමුණනවා
අඬන අහසට වෙලා
ජීවිතේ හොයනවා
ඇවිත් නවතින තුරා
මග බලන් ඉන්නවා
හිතේ හැමතැන පුරා
නුඹම ඇයි අහනවා
වැටෙන හුස්මට පවා
අපි අපේ හිතෙනවා

"අඩ්ඩෙහ්...නන්ගි බබා..."

සින්දුව ඇතුලේ අතරමන් වෙලා සින්දුව ඇතුලෙ ජීවත් උන අපි දෙන්නම පියවි සිහියට ආවේ දේදුණු අක්කගේ සද්දෙට.....

"ඒයි දේශි..අපිට දැන් ගායකයෝ දෙන්නෙක් ඉන්නෝ යකූ"

කට්ටියගේ වර්ණනා මැද්දෙ තාමත් ඇයි ආන්‍යා කතාවක් නැත්තෙ කියලා මන් කල්පනා කරේ මම සින්දුව කියපු විදිය එයාට හොද නැතුවද දන්නෑ කියල හිත කියන්න ගත්ත නිසා....

"මට හිතාගන්න බැහැ...ඔයාගෙ කටහඩ ගොඩක්ම ලස්සනයිනෙ 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀"

ඒ මෙච්චර වෙලා මන් බලාපොරොත්තු උන කටහඩ....

මගේ මුලු හිතම පිරිලා ගියේ මන් නිසා එයා සතුටින් කියල මට දැනුණ නිසා..නුහුරු හැගීම් ගොඩකින් හිත පිරිලා ඉතිරිලා යද්දි එයා මගේ මූණෙන් අල්ලගෙන

"ඔයා නම් ගොඩක්ම දක්ෂයි 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀,ඔයාගෙ අක්කගෙ අවසරය තිබ්බොත් ඒ වගේම ඔයා කැමති උනොත් මට පුළුවන් ඔයාව ලෝකෙටම පෙන්නන්න...දන්නවද මට තියෙනව යූ ටියුබ් චැනල් එකක්..ඒකෙ නම 𝗮𝗻𝘂 𝘄𝗶𝘁𝗵 𝗺𝘂𝘀𝗶𝗰 මගේ යූ ටියුබ් චැනල් එකෙ මහ ගොඩක් සබ්ස්ක්‍රබ්ස්ලානම් නෑ ඒත් 30𝗸 ඉන්නව...මට පුලුවන් එතනින් ඔයාව ලෝකෙට පෙන්නන්න..පලවෙනි පියවර විදියට මන් පස්සෙ ඔයාව..."

එයාට ඉතුරු ටික කියාගන්න උන්නෑ අක්කා එකපාරට ඇවිත්

"අපි ගොඩක් හිතලා බලලා ඒක කියන්නම් ආන්‍යා " අක්කා එකපාරම ඒම කිව්වම ආන්‍යා සද්ද නැතුව

"ම්ම් හරි අක්කෙ"

කියල එකපාරම එතැනින් ගියා වගේ දැනුන නිසා මන් අඩන්න ගත්තෙ අක්කා එයාට රවන්නැති නැත්නම් වෙන මට ඇහෙන්නැතිවෙන්න මොනා හරි කියන්නැති කියල හිත කියන්න ගත්ත නිසා මන් හයියෙන් හයීයෙන් අඩන්න ගත්ත නිසා අක්ක එකපාරම මන් ළගට ඇවිත්

"අනේ ඇයි මගේ බබෝ මොකෝ උනේ ඔයාට"

අක්කා එහෙම අහනකොට මන් ඉකිගගහ ගහ
ගහ

"ඔ....යා...බැ....න්..න...නේ...ද..ආන්...යට......ම..ම්...ට කිය්...න්..න.."

"අනේ නෑ නන්ගි..දේශි මොනවත් කිව්වෙ නෑ.."

"අනේ ඔව් යේශි බබා ,අඩන්නෙපා" ඒ දේදුනු අක්කා....කෝ එතකොට ආන්‍යා....

"න්නෑ...නෑ...අක්...කා...බැ...න්න..ලා"

"අයියෝ නෑ 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀 "

"ඔ...ඔ...යා..කෝ එන්....න...මෙ...හාට.."

මන් එහෙම කිව්වම මට දැනුනා මන් ලග බිම එයා දණගහගන්නව වගේ මන් මුලින්ම මගේ අත්වලින් එයාගේ මූණ අල්ලලා බැලුවෙ අක්කා නිසා එයා අඩලානම් දැන්  කදුලු මූණෙ තියෙන්න ඕන නිසා ....

නෑ ඒත් ඒ වෙනුවට සිනිදු කම්මුල් දෙකක්...ඒ වගෙම කොටට කපපු කොණ්ඩ කෑලි මගේ අතේ ගෑවෙනකොටයි මට තේරුණේ මන් ඉන්නෙ වැරදි වැටහිමක කියල...මන් බොරුවට කලබල උන එක ගැන මට ලැජ්ජ හිතුණත් අක්කා මගේ අතින් අල්ලන් මට කතා කරේ...

"චූටි බබෝ...මම ආන්‍යාට අපි හිතලා බලන්නම් කිව්වෙ ඕකට කොච්චර දේවල් අපි ලෑස්ති කරගන්න ඕනද කියල දන්නැති නිසා අනේ"

"ඔව් 𝗽𝗿𝗶𝗻𝗰𝗲𝘀𝘀..අක්කා මට බැන්නෙ නෑ..මට සතුට වැඩිකමට කියෝගෙන කියෝගෙන ගියා එකපාරම අක්කා හිතලා බලන්නම් කිව්වම මන් සයිලන්ට් උනා ඉතිම් "

"සයිලන්ට් උනා"
එයාගේ තියෙන මහ අමුතු කතාවලට මට නොදැනිම හිනා ගියෙ මෙච්චර වෙලා මන් ඇඩුවා නේද කියන එකත් මට අමතක වෙලා යද්දි....

"මෙන්න යකෝ දැන් මේ පොඩි පැටියා හිනාවෙනව" දේදුණු අක්කා එහෙම කියනකොට හැමෝම හිනා උනත් එක්ක වෙනදා ඇහෙන්නැති හිනාවකුත් ඒ අස්සෙ ඇහෙන්න ගත්තම මට් තවත් සතුටු හිතුනෙ ඉතින් මන් නිසා එයා හිනාවෙන නිසා....

දන්නැති හැගීමක් නුහුරු හැගීමක් ...එයා හිනාවෙනකොට වෙනදා නොදැනෙන සතුටක් දැනෙන එක ..එයාව අල්ලද්දි අත පවා වෙව්ලන්න ගන්න එක....එකපාරටම එයා ළග ඉන්නවා කියල දැනෙනකොට දැනෙන අමුතුම බය.....එයා එක්ක කතා කරද්දි වචන අමතක වෙන එක මීට කලින් කවුරුත් නිසා ඇති නොවුන හැගීම් ගොඩක් ඇති වෙන එක මටම හිතාගන්න බෑ මට මොනව වෙලාද.....

Continue Reading

You'll Also Like

2M 100K 44
Scarlett and Nate are the epitome of "right person, wrong time", and two years after their one night together, Scarlett sees him interviewing for his...
20.9M 751K 105
❝ What did I do to deserve you? ❞ ❝ Nothing, nothing at all, ❞ Irene Rose didn't want to be tied down by a mate, but fate was cruel when she pair...
3.8M 136K 57
TRAILER IN CHAPTER 1 #1 Memories 10/10/2019 #1 Hurt 27/09/2019 #1 Werewolf 04/07/2019 #1 Blind 09/02/2020 #1 Time 10/06/2020 There are three of them ...
5.1M 188K 47
Cat Logan is a single teen mother with a deadbeat ex-boyfriend and parents that haven't spoken to her since she got herself knocked up at the age of...