👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

By ChenQing4

42.9K 6.1K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... More

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 32 🌺👑

641 103 114
By ChenQing4

~~~ Flash Back ~~~

හෙට මට ලංකාවෙන් යන්න තියෙද්දි අපි උන්නේ බීච් එකේ...අපි ඉන්නෙ ලංකාවෙ නිසාම අපි වගේ අයට සම්පූර්ණ නිදහසේ ඉන්න බැරි නිසා පැතුම් අයියලා සෙනඟ වැඩිය නැති ටිකක් පාළුවට ගිය ඒත් ලස්සන තැනක ඇවිත් වාහනේ නතර කරා වෙද්දි අපි දෙන්නා ගිහිං වැටකෙයියා පඳුරු වලින් වැහුන තැනක බිම වැල්ලේ වාඩි උණා...ඒ පමාවට මගේ කර වටේ අතක් යවපු එයා මාව ළඟට ඇද ගද්දී මං ඒ උරහිසේ ඔලුව ගහගද්දී , රැලි ගහන මුහුද දිහා බලන්,වචන ගොළු උණ,ඒත් මුහුදු රළ තරම්ම නොසන්සුන් උණ හැඟීම් විතරක් කතා කරපු දිග වෙලාවක් ඔහේ ගතවෙලා ගියා...

"දවසක ඔයාට තේරීමක් කරන්න උනොත්...ඔයා මොකද කරන්නේ කිරුළු.."

......

"මං කියන්නේ ඔයා ගොඩක්ම වටින දෙන්නෙක් අතර.."

......

ලොකු කල්පනාවක උන්න එයා සෑහෙන වෙලාවකට පස්සෙ මගෙන් අහද්දී මං එයා දිහා බැලුවේ අහපු දේ තේරුම් ගන්න බැරිව වෙද්දි එයා මට තව ටිකක් ඒ ප්‍රස්නෙ ලේසි කරා...

"නිකමට හිතුවොත්...ඔයාගෙ අම්මයි ඔයා ආදරේ කරන කෙනයි අතර...ඔයා කාවද තෝරගනෙ කිරුළු..."

".......අම්මාව..."

.........

"මොකද මං දැක්කා සර්..මට මතක ඇති කාලෙ ඉඳන් දැක්කා...මගේ අම්මා අපි වෙනුවෙන් විදපු දුක...හැමදේම දරාගෙන අපි වෙනුවෙන් නැගිටපු හැටි...දරාගන්න අමාරුම තැන උණත් අපි වෙනුවෙන් අල්ලන් උන්න හැටි..."

එයාගෙ ප්‍රස්නෙන් මං පුදුම උණත්...අනික් තප්පරේ මගේ අම්මාත් එක්ක මට සර්වම මැවිලා පෙනෙද්දී තව වතාවක් නොහිතා මං අම්මාගේ පැත්ත ගත්තා වෙද්දි මං හේතුත් එකින් එක පැහැදිලි කරද්දි එයා ගොඩක් උවමනාවෙන් අහගෙන හිටියා...

...........

"අවස්ථාවක් ආවොත් මට තේරීමක් කරන්න...මගේ අම්මා අනිවාර්යෙන් මගේ සතුට වෙනුවෙන් ඒ අත අත අරින්න මට බල කරයි සර්..."

...........

"ඒත් මට බෑ... මොකද මං දන්නවා...මේ ලෝකේ එයාව සතුටින් තියන්න දෙයක් කරන්න පුළුවන්  කෙනෙක් ඉන්නවානම් ඒ මං විතරක් කියන්න..."

..........

"මගේ ජීවිතේ තාමත් පටන් ගත්තා විතරයි...ඒත්...මගේ අම්මගෙ ජීවිතේ දැන් ගෙවිලා ඉවරයි... එයාගෙ ජීවිතේ හොඳම කාලෙ..මං වෙනුවෙන් ගෙවලා දාලා ඉවරයි..."

..........

"මගේ ජීවිතේට ඕනා තරම් අලුත් අය එයි.. යයි...ඒත්...දුක් විදලාම...අම්මගෙ ජීවිතේ දැනටමත් එක තැන නැවතිලා...කවුරු ආවා ගියත් එයාට එයාගෙ දරුවෝ තරම් වටිනා වැදගත් කෙනෙක් කවදාවත් මුණ ගැහෙන එකක් නෑ....අලුතින් අය ආවත්...ඒ එන දාහක් දෙනාට වඩා...මං දන්නවා...මගේ අම්මා මං ගැන විස්වාසෙන් බලන් ඉදි..."

.........

"ඉතිං මට ඕනා නෑ...එයාගෙ බලාපොරොත්තු බිඳලා...එයාගෙ හිනාව තව දුරටත් උදුරා ගන්න..."

..........

"එයාව සතුටු වෙන්න දෙයක් කරන්න පුළුවන් කෙනෙකුට ඉන්න පුළුවන් මං විතරක්ම බව දැන දන මාට ආත්මාර්ථකාමි වෙන්න බෑ සර්..."

...........

"මොකද ඒ මගේ අම්මා...."

මං මුහුද ලග ඇස් තියන් නැවතිල්ලේ කරපු පැහැදිලි කිරිම එයා සද්ද නොකරම අහන් උන්නා වෙද්දි මං ආපහු හැරිලා එයා දිහා බලද්දී හැඟීම් ගොඩක් හිර කරන් උන්න ඒ මූණේ මගේ බැල්මත් එක්ක, එයාට ඕනා උණ උත්තරේ ලැබුණා වගේ සැනසීම පිරුණු හිනාවක් ඇදිලා යද්දී එයා මාව අත්දෙකෙන්ම මිරික ගන්න ගමන් මගේ ඔළුවෙන් තොල් තද කර ගත්තා...

........

........

"එතකොට...ආදරේ කියන්නේ මොකක්ද කිරුළු...

......

"මං කියන්නේ ඒක දැනෙන්නෙ කොහොමද... අපි කොහොමද දැන ගන්නෙ...අපි කෙනෙකුට ආදරේ කරනවානම්...."

ඉතිං ආදරේ විස්වාස නොකරන කෙනෙකුට...එකපාර ආදරේ ගැන දැනගන්න ඕනා වෙලා...නිහඬවම ගත උණ මොහොතකට පස්සෙ එයා ආපහු අහපු ප්‍රස්නෙ එක්ක මං කලින් වතාවටත් වඩා පුදුම උණා...එයා බලාපොරොත්තු උණ උත්තරේ මොකක් උණත්...මේ විදිහට හරි එයා ගැන තියෙන අවංක හැඟීම එළියට දාන්න මට ලැබුණේ අවස්ථාවක් වෙද්දි මං එයා එක්ක හිනා උණා..

".....ආදරේ කියලා දැන ගන්නෙ කොහොමද නේද...."

"ම්ම්ම්...."

"හොඳයි අහන්නකෝ....නිකං හිතන්න...අපි මීට කලින් දැකලාවත් නැති, කතා කරලවත් නැති කෙනෙක් ගැන අපිට ආදරයක් ඇති උණා කියලා...ලව් ඇට් ෆස්ට් සයිට් කියන්නේ...එහෙම උනාම ඒ කෙනාව දැක්කත් ඇති.. මීට කලින් කා නිසාවත් නොදැනුන විදිහට අපෙ පපුව ගැහෙන්න ගන්නවා...ඒක නිකං...ම්ම්..තිගැස්මක් වගේ...සතුටකුත් එක්ක එන තිගැස්මක්...අපිට ඒ කෙනාව ආයි ආයි දකින්න ඕනා වෙනවා...මුනට මුණ නොගැහුණත්.. එයාගෙ ඡායාවක් දැක්කත්... සතුටක් සැනසීමක් දැනෙනවා...එහෙම බැරි උනොත්...ඒ තරම් කල් ආසාවෙන් කරපු දෙයක් උණත් කරන්න බෑ හිතෙනවා...හැමදේම එපා වෙනවා...ඒ කෙනා ගැනම හිත හිත ඔහේ ඉන්න හිතෙනවා...හේතුවක් නැති දේවල් ගැන උණත් ඕනාවට වඩා හිතෙනවා...දුක හිතෙනවා...ඒ කෙනාව බලන්න මග බලන් ඉද්දී වෙනදට නොදැනිම ගෙවුණ පැයවල්...ගෙවෙන්නේ නෑ වගේ දැනෙනවා.. කලින් හරි හෙමින් ගෙවුණ දවස් ඒ කෙනා එක්ක ඉන්න ගත්තාම....හරි වේගෙන් ගෙවිලා යනවා වගේ දැනෙනවා..."

........

"මොකද මේ බයවෙලා වගේ..ඔය කට වහගන්න.."

"ඊ..ඊට පස්සෙ..."

මගේ දිර්ඝ විස්තරේ එයා මුණ ගැහුණ මුල් දවස් වල මට හැඟුණ විදිහ ගැන වෙද්දි හොල්මනක් දැක්කා වගේ කටත් ඇරගෙන උන්න එයාට මං විහිළු කරද්දි එයා ඔළුව ගසලා දාලා ඊට පස්සෙ මොකද වෙන්නේ ඇහුවා...

"කල් යන්න යන්න ඒ කෙනා නැතිව බෑ වගේ දැනෙනවා...ඒ කෙනාව ලගින්ම තියාගන්න හිතෙනවා...හැමදේකින්ම පරිස්සම් කරන්න හිතෙනවා...තමන්ට මොනා උණත්...තමන්ට මොන තරම් රිදුණත්...ඒ කෙනා සතුටින් නම්... කොන්දේසි නැතිවම..ආපිට දෙයක් බලාපොරොත්තු නොවිම අපිටත් සතුටක් දැනෙනවා...දෙන්න පුළුවන් හැමදේම ආපිට බලාපොරොත්තු නොවීම දෙන්න හිතෙනවා...ඒ කෙනා හැමදේකින්ම දිනනවා බලන් සතුටු වෙන්න හීන දකිනවා..."

........

"ඔය වගේ ගොඩක් දේවල්....."

........

........

"ඉතින් ඒ හැම දේකම අවසානේ මොකක්ද කිරුළු...එකට ඉන්න එකද... එකට ජීවිතේ බෙදාගන්න එකද..."

මගේ ඊලඟ උත්තරේ මට එයා ගැන දැන් දැනෙන හැගිම් වෙද්දී ඒ කියපුවා මතක තියා ගන්න වගේ මොහොතක් ගත්ත එයාට ඊලඟට තව ප්‍රස්නයක් තිබුණා...

"ආදරේ කරන හැමෝ ම...එකට ඉන්නෙවත්...ජීවිතේ බෙදාගන්නෙවත් නෑ සර්..."

"ඇයි..ඒ...කාලෙත් එක්ක ආදරේ අඩු වෙන නිසාද...නැත්තං අර කියන්නත් වගේ ආදරේ කියන වචනෙන් අදහස් වෙන්නෙ ආකර්ෂණයක් විතරක් නිසාද... කාලෙත් එක්ක ඒ ආකර්ශනේ නැති උනාම ආදරේත් නැති වෙන නිසාද..."

එහෙම නෙමෙ සර්...නිකං හිතන්න ආදරේ කියන්නේ ඇත්තක් කියලා...ම්ම්...ඔයාට ලේසිවෙන්න මං මෙහෙම කියන්නම්...දැන් මොකක් හරි මලක්ක් කියලා හිතන්නකෝ... අපිට දැක්කම හිත යනවා...ආස හිතෙනවා...අයිති කරගන්න හිතෙනවා..තමන්ගෙම නමට ලියා ගන්න හිතෙනවා...ඒත් ඒ වෙනුවෙන් ඔයා එක්ක තරග කරන අය ගොඩක් ඉන්නවා..සමහර විට..ඒ මල දැනටමත් වෙන කෙනෙකුට අයිති...එහෙමත් නැත්තං....වෙන කෙනෙකුට අයිති වෙන්න ඔන්න මෙන්න...ඉතින් හිතන්න ඔයා ඒ මල අයිති කරගන්න තරග කරොත් ඒ තරගෙන් දිනනවාට වඩා අර මලට හානි වෙලා විනාසවෙන්න තියෙන අවස්ථාව වැඩි කියලා...ඔයා මොකද කරන්නේ..."

"තරග කරන එක නතර කරනවා..."

"හ්ම්ම්..තව හිතුවොත් ඒ මල ඔයාගෙ කරගන්න ඔයාට ඔය මොකුත් බාධාවක් නෑ..ඒත් මෙතාක් ඔයාගෙ ළඟ හිටපු අය ඔයා ඒ මල අයිති කර ගන්නවාට...ඒ මල ඔයා ළඟට ගන්නවට අකමැති නම්...එයාලගෙ අකමැත්ත එක්ක ගත්තා උණත් ඔයාට තියෙන්නේ ඒ මල රැකගන්න බැරි තත්වයක් නම්...එතකොට ඔයා මොකද කරන්නේ.."

"ළඟට නොගෙන ඉන්නවා.."

"අන්න දැන් හිතලා බලන්න...ඔයාට ඕනා උණත් ඒ මල ඔයාගෙ ළඟට ගන්න බැරි වෙනවා...ඒ දේ ඔයාගෙ ජීවිතේ කොටසක් කරන්න..ඒ දේ එක්ක ජීවිතේ බෙදාගන්න බැරි වෙනවා..."

.......

......

"ඉතිං හිතන්න..ඒ මලටත් පණ තියෙනවා වගේම...ඒ මලටත් ඔයා ළඟට එන්න ඕනා..ඔයාගෙ වෙන්න ඕනා...ඒත් අර ඉස්සෙල්ලා කියපු ඔක්කොම ප්‍රස්න ඇවිත්... ඔයා ඒ මල අයිති කරගන්න කරන සටනෙදි...ඒ මල පොඩිවෙලා පෙති තැලිලා යන්න පුළුවන් කියලා ඔයාට දැනුණොත්..අන්න එතනදි ආදරේ නිසාම..තව දුරටත් ඔයාට ඒ දේ ඔයාගෙ කරගන්න ඕනා නොවෙන්න පුළුවන්...අමාරුවෙන් උණත් අත අරින්න...එහෙම නැත්තං...දුරින් ඉඳගෙන හැමදාම ආදරේ කරන්න...ඔයාට හිත හදා බලන් වෙයි..."

...........

"තව හිතුවොත්...ඒ මලට හිතන්න පුලුවන් සහ...ඒ දේට...ඔයා ළඟට එන්න ඕනා නෑ කියලා...අන්න එතනදීත්...පපුවේ ඉඩ දුන්නට...අපෙ ජීවිතේ ඉඩක් දුන්නට...බලෙන් ඒ මල ළඟට ගන්නවත්...අයිති කරගන්නවත් බැරි උනාම...එතනත් ඒ වගේ...ඒත් හේතුවක් බලාපොරොත්තුවක් නැතිවම...අපි තාමත් ආදරෙයි...."

......

"ආදරේ කියන්නේ ඒ වගේ දෙයක් සර්...ආදරේ උණ පලියට එකට ඉන්නවත් අයිති කරගන්නවත් බෑ... ආදරේ නිසා එකතු උණ අයටත් වඩා...ආදරේ වැඩි නිසාම අත ඇරපු , ආදරේ නිසාම මඟ ඇරපු...මඟ හැරුණු... හදවත් මේ ලෝකේ ඕනා තරම් ඇති...අනික් කෙනාගේ සතුට වෙනුවෙන්...තමන්ගෙ ආදරේ හිත අස්සේම රහසක් කර ගත්ත...ඒ රහස් එක්කම අවසන් හුස්මත් හෙළපු හදවත් මේ ලෝකේ ඕනා තරම් ඇති සර්...."

.........

"අනික් අතට ආදරේ කියන්නේ මහ කන්දක් වගේ සර්...ඔයා මම අපි හැමෝම ඒ කන්ද වටේ හිටගෙන බලන් ඉන්නවා කියලා හිතන්න...ඔයාට පෙනෙන විදිහ නෙමෙ මට පෙනෙන්නේ...මට පේන දේ නෙමෙ තව කෙනෙකුට පේන්නෙ...ඉතිං එක එක්කෙනා එක එක නිර්වචන දෙනවා තමන්ගෙ පෙනීම
දැනීම එක්ක..ඉතිං ආදරේ කියන්නේ මොකක්ද කියලා කෙනෙකුට වචනෙන් කියන්න පුළුවන් කමක් නෑ..

.........

" අනික් අතට හිතන්න ආදරේ කියන්නේ මොකක් හරි සංඛ්‍යාතයක් තියෙන ශබ්දයක් කියලා... අපේ සංවේදනේ පරාසේ අනුව අපිට ඇහෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්...හැබැයි අපිට ඇහුණේ නැති නිසා කියන්න බෑ එහෙම දෙයක් නෑ කියලා.."

..........

..........

මං මට තේරෙන විදිහට මං දන්න විදිහට එයාට ආදරේ ගැන කියලා  දෙද්දී එයා වචනයක්වත් මඟ ඇරෙනවාට බයෙන් වගේ ලොකු උනන්දුවකින්  මන් කියපු දේවල් අහන් හිටියා වෙද්දි...මගේ කතාවෙන් පස්සෙ ආපහු ලොකු නිහඬ බවක් පැතිරිලා ගියා...

"කිරුළු...."

"ම්ම්ම්......"

"ඔයත් දවසක කෙනෙක්ට ආදරේ කරොත්...ඒත් ඔයා එයාට ලං වෙන් ගියොත් එයාට රිදෙයි කියලා හිතෙනවා නම්..ඔයා නිසා එයාට අපහසුවක් වෙයි කියලා හිතෙනවා නම්...ඔයා මොකද කරන්නේ කිරුළු..."

"අත අරිනවා...."

........

"මට ආදරේ නිසා විතරක් එයා දුකින් නම්...අපහසුවෙන් නම්...එයාට ලං වෙලා ඒ ජීවිතේ අවුල් කරන්න මට ඕනා නෑ සර්..."

ඉතිං පණ්ඩිතකම් කියවන් ගියාට එයා මගේ දේශනේ අනික් අතට මටම පාවිච්චි කරන්න පටන් ගද්දී හොඳ හුස්මක් ගත්ත මං සැලකිල්ලෙන් එයාට උත්තර දෙන්න පටන් ගත්තා...

"හ්ම්ම්ම්...එතකොට...මොන අවුලක් වෙන්න හරි....ඒ කෙනාට ඕනා උනොත්...ඔයාව ළඟට ළඟට ගන්න...ඒත් මේ වෙලාවේ එහෙම කරන්න බැරි නම්...ඔයා මොකද කරන්නේ කිරුළු.....ඔයාව අයිති කරගන්න කැමැති... ඔයාට ආදරේ කරන වෙන කෙනෙක් ළඟට යනවාද..."

"ඔයා අහන්නෙ මමත් ආදරේ කරන...මටත් ආදරේ කරන කෙනෙක් ගැනද..."

.......

එයාගෙන් උත්තරයක් නැති වෙද්දී ඒ ප්‍රස්නෙ පොදුවේ අහපු දෙයක් නෙමෙ එයා වෙනුවෙන් අහපු එකක් කියලා තේරෙද්දි  මං සම්පූර්නයෙන් එහා පැත්ත හැරිලා වාඩි වෙලා එයාගෙ අත් දෙක අල්ල ගද්දී එයා පුදුමෙන් බලන් හිටියා...

"හරි මට ආදරේ නෑ...ඒත් මාව ඕනා කෙනෙක්...මාව ළඟින් තියාගන්න ඕනා කෙනෙක්....එයාට බැරි මේ වෙලාවෙනේ.."

"හ්ම්ම්..."

"එහෙනම් මං හැමදාම බලන් ඉන්නවා...ඒ කෙනාට මාව ඕනා කියලා දන්න නිසාම...එයාට එයාගෙ ප්‍රස්න විසඳ ගන්න අවස්තාවක් දිලා මං බලන් ඉන්නවා...සදහටම උණත්..."

.......

"ඒ ආදරේ...හිතේ තියන්...අන්තිම හුස්ම වෙනකංම..වෙන කාටවකත් ආදරේ නොකර...වෙන කාටවත් අයිති නොවී...
මං ඒ කෙනා වෙනුවෙන් බලන් ඉදී..."

"ඒත් ඇයි..."

"මොකද මං විස්වාස කරනවා...දෙයක් අයිති වෙන්න තියෙනවා නම්...කාලෙ කොයිතරම් ගියත් ඒ දේ වෙනවා...අපෙ හිතේ ආදරේ ඇත්ත නම්...කොහොම වෙන් උණත්...දවසක ආපහු මුණ ගැහෙනවා...දෙවැනි අවස්ථාවක් ලැබෙනවා..."

"ඇත්තටම එහෙම හිතනවාද...පහුවෙලා හරි...ආපහු අවස්ථාවක් ලැබෙයි කියලා..."

"අනිවාර්යෙන්ම...."

.......

"අද ප්‍රස්නයක් වෙන දේ හෙට ප්‍රස්නයක් නොවෙන්න පුලුවන් සර්...හැමදේම එකපාර වෙනස් නොවුණත්...ඒ අවස්ථාව කවදා එයිද නොදන්නවා උණත්...ඒ අවස්ථාව ඉක්මනින් ගෙන්න ගන්න...අපිට පුලුවන් උත්සාහ කරන්න..."

"ඒ කියන්නේ...ඒ කියන්නේ....ඔයා...ඔයා ආදරේ කරන කෙනෙක්....ඔයාටත් ආදරේ කරන කෙනෙක්...හැමදේම විසඳගෙන ආයි එනකං...ඔයාගෙන් අවස්ථාවක් ඉල්ලුවොත්...ඔයා ඒ අවස්ථාව දෙනවා..."

"ඔව්...දෙපාරාක් නොහිතාම..."

මගේ උත්තරේත් එක්ක එයා එකපාර පැනලා හුස්ම හිරවෙන තරමට මාව බදා ගද්දී මං එ උණුහුම අස්සෙ මූණ හංගන් හිනා උණා...හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ ඔවට තමා ඉතිං...

"ඒත්..."

"මං වචන කොච්චර පාවිච්චි කරත්...ඔයාට ආදරේ කියන දේ තාම විස්වාස නෑ නේද..."

.......

මගේ තුරුළු කරගෙනම උන්න මොහොතකට පස්සෙ එයා ආපහු අඩමානෙට කතා කරද්දි මට ඉබේම සුසුමක් හෙළුණා...

"ආදරෙයි කියන්න...."

"ආහ්...."

"ආදරෙයි  කියන්න මට...."

"කිරුළු...!"

එහෙම්ම ඒ තුරුලෙන් මූණ උස්සපු මං මිමිනුවේ ඒ නිල් ඇස් දිහා බලන් වෙද්දි ඒ ඇස් ගැස්සිලා ගිහිං මං දිහා අදහන්න බෑ වගේ බලන් හිටියා..

"ආදරේ විස්වාස නොකරන කෙනෙක්ට...ඒක නිකංම නිකං වචනයක්නේ සර්...ඉතිං එහෙම කියන්න...එකම එකපාරක් මට ආදරෙයි කියලා කියන්න..."

..........

..........

"නිකංම..වචනයක්.. නේ... එකපාරක් කියන්නකෝ..."

"උඹ හරි කට්ටයි බං...මගේ පිස්සු කොල්ලා..."

කියන්න ඕනා මොකක්ද හිතා ගන්න බැරිව ඒ   තොල් වෙව්ලද්දි ඒ නිල් ඇස් මහම මහ කලබලේකින් මගේ මූණ පුරා දිව්වා වෙද්දී මගෙ කපටි කමට කෙසේ වෙතත් එයාගෙ කපටි කමට එයා මාව ඇදලා අරන් ආපහු ඒ පපුවට තුරුළු කර ගත්තා වෙද්දී , එයා වචනෙන් නොකිව්වට ඒ වේගෙන් ගැහෙන පපුව මට ඕනා උත්තරේ දෙද්දී නිකංම වචනයක් ගාණට දාලා එයා මට ආදරේ නොකියපු එක ගැන මං ගොඩක් සතුටු උණා...

"ඒ...ත් මං ආදරෙයි...!!"

"ආහ්..."

"මං මහ ගොඩක් ආදරෙයි මගෙ සර්.."

ඒ පපුව පාදන් තොල් තද කරපු මං , පුදුමෙන් බලන් උන්න එයාගෙ නිල් ඇස් දිහා බලන්, අවංකව හදවතින්ම ආපහු ආදරෙයි කිව්වා...

"කි...කි..රු..ලු.."

"ඒක නිකන්ම වචනයක් මෝඩයෝ......!! විස්වාසවත් නොකරන දෙයක් ගැන මොකටද ඔය තරම් වද වෙන්නේ මෝඩ දිගන්චියෝ.........!!"

මං දිහා  හැඟීම් ගොඩක් හිර කරන් බලන් උන්න ඒ ඇස් වල කඳුලු පිරිලා එන ගමන් ඒ තොල් වෙව්ලද්දි...මං එයාව අත් දෙකෙන්ම තල්ලු කරලා වැල්ල උඩ පෙරළලා දාලා මුහුද දිහාවට දුවන ගමන් කෑ ගැහුවා වෙද්දි එයාට හොරෙන්ම මගෙ ඇස් වලින් වැටුණ ලුනු කඳුළුත් මහ සාගරේ ලුණු කඳ අස්සේම කාටවත් දැනීමක් නැතිව හැන්ඟිලා ගියා....

~~~ Flash Back End ~~~

සමහර වචන වල , හැසිරීම් වල හැබැ තේරුම අපි තේරුම් ගත්තා කියලා හිතුවත්, ඒ දේවල් වල හැබෑම තේරුම හරියටම තේරුම් ගද්දී හුගාක් කල් ගිහිං...ඒත්...තේරුම මොකක් උණත්...සමහර මතක....සදාකාලිකයි....
ඉතිං මීට මාස ගාණකට කලින් මුල් වතාවට ප්ලේන් එකේ යද්දි හිතට වද දීපු මතකයේම ආයි යන අද දවසෙත් මං ගිලිලා හිටියා...

"එස්කියුස්මි සර්..මැඩම්...ඔයාලට මොනා හරි ඕනද..."

"නෑ..එපා...thank you.."

"දරුවෝ..."

"අම්මා.."

අපි උන්නේ ප්ලේන් එකේ...එක පිට එක ආපු කරදර ගොඩකට පස්සේ ප්‍රතිඵල බාරගන්න ආපහු ලංකාවට යන ගමන්...නොදැන පැටලුණ උගුලක ගැලවෙන්න බැරි වෙන්න උපරිමේ පැටලෙන්න යන බව දැන දැනම කරගන්න දෙයක් නැති කමට ඒ උගුලේම පැටලෙන්න යන ගමන්...

"ඔහොම ඉන්න එපා රත්තරං...මේ පපුවේ ඇවිලෙන ගින්න ඔයිට වැඩියි මගෙ රත්තරං...ඔහොම වැටෙන්න එපා පුතේ...මේ අම්මටත් හයියට ඉන්නෙ මගෙ පුතා විතරනේ මේ වෙලාවේ..."

........

"අපි ගිහිල්ලා ලෙවින් සර්ව හොයා ගමු..එයාමේ හැමදේම විසදයි.."

මං අම්මගෙ අතක් අල්ලන් ඇස් පියා ගද්දි එක පිට එක උණ දේවල් ආපහු හිතට වද දෙන්න ගත්තා...

~~~ Flash  Back ~~~

"හලෝ අයියේ..."

"කියන්න නංගෝ...ඇයි ෆෝන් ආන්ස්වර් නොකරේ..ඔයා හොඳින් නේද..."

"ම..න්.. මන් එයාව මුණ ගැහෙන්න යන ගමන් අයියේ.."

එදා ඔළුව විකාර වෙන මඟුල් වගයක් සිහලිගෙන් අහලා , සර් හීනෙන් බයවෙලා කියාගෙන කතා කරලා ගෙවුණේ දවස් 2ක් වෙද්දී අද මහ පාන්දර මෙහෙ වෙලාවෙන් 4යි ගාණක් වෙද්දි මට සිහලිගෙන් කෝල් එකක් ආවා...එදා ඒ වෙලාවේ ෂොක් එකට කෙල්ලට මොකුත් කියා ගන්න බැරි උණත්, පස්සෙ කල්පනා කරලා බැලුවාම කෙල්ලට තියෙන තත්වේ පැහැදිලි කරලා දීලා,තව දුර යන්න කලින් කෙල්ලව මෙතනින් ගලවා ගන්න එක හොඳම විසඳුම කියලා හිතපු මං ඒ ගැන කියන්න කෝල් ගත්තා උණත් කෙල්ලගේ ෆෝන් එක වැඩ කරේත් ,එදා කෝල් එකෙන් පස්සෙ කෙල්ල මට ආයි කතා කරේත් නැති වෙද්දි ,අම්මාටත් හදිසියෙන් කතා කරලා ෆෝන් එක තියපු බව කිව්වා වෙද්දි අද මේ පාන්දර එහෙන් උදේ 9ට කිට්ටු වෙලාවක කෙල්ල හදිසියේ කතා කරලා අඩ අඩ කියපු දේ නිසා මං ඇත්තටම බය උණා.

"ල්..ලේවින් සර්..ව...!!"

"හ්ම්"

"ඒ.. ඒ..ත්..මේ ක..කලබලේ... ත..නියම.අනි..ක එයා..එයා ඉන්නෙ ගා....."

"ම..මට..වෙන..කරන්න..දෙයක්..නෑ අ..යි.යේ... අනේ...අනේ මන් අසර..නයි නේ...අසර..නයි..නේ ගොඩක්..ඒ..එයා...එයා අද මැරි.. කරනවා..ලු අයි..යේ...මැරි..කරන..වලුනේ...ඒ..එහෙ..ම වෙන්න දෙන්න බෑ..නේ...මං..මං ගාල්..ලේ..ආවා...ඒ..එයා..මෙහෙනේ ඉද..ලා තියෙන්නේ..මං හොටෙල්..එකට යන ගමන්..."

මං කලබල උණ පාර කොළඹ උන්න කෙල්ල එයාව හොයන් ගාල්ලේ යවන එක නතර කර ගන්න මං උත්සාහ කරන්න හැදුවත් ඊලඟට අහපු දේ එක්ක ඔලුව උඩ අකුණක් ගැහුවා වගේ වෙද්දි අත ඇරෙන්න ගිය ෆෝන් එක මං බොහොම අමාරුවෙන් අල්ල ගත්තා...

"මොනාද...!!මොනාද ඔයා මේ කියවන්නේ..!! කවුද මැරි කරන්නේ....!!"

"මගෙ..මගෙ කුමාරයා...ලෙවින්.. ලෙවින්...එයා මැරි කරන්න යන්නෙ අයියේ...මාව අනාථ කරලා...එයා මැරි කරන්නලු යන්නෙ දෙවියනේ.."

"පිස්සු හැදිලද ඔයාට...ඒ..එයා...එයා..මැරි කරන්නේ නෑ..මට මට...කියන්..මොකක් හරි...මන් විස්තරයක් හොයලා කියන්නම්..කොහෙද ඉන්නෙ දැන්..විකාර නැතිව ගෙදර යන්න..."

ඔව් එහෙම වෙන්න බෑ....එයා හිතින් ආදරේ කරපු කොල්ලා මැරි කරන්න යනවා කිව්වම කෙල්ල බය උනාට වඩා...දුක් උනාට වඩා සියදහස් ගුණයක් සර්ගේ පහුගිය කාලෙ හැසිරිම මතක් වෙද්දි මං බය උණා..මාව කඩන් වැටුණා...දවසක මේ දේ වෙන බව දැනගෙන හිටියත් දවස් දෙකකට කලිනුත් කතා කරලා පොරොන්දු දීපු මනුස්සයා මේ වගේ මාව රවට්ටයි කියලා...මට හොරෙන් මේ වගේ තීරණයක් ගනී කියන එක මට හිතාගන්න බැරි උණා...හැමදාම බලාපොරොත්තු උණේ රැවටීම් පසු තැවිම් නැති හොඳ සමු ගැනීමක් වෙද්දි මේ අහපු දේ මට දරාගන්න විස්වාස කරන්න අමාරු උණා...ඒයා මට නොකියා එහෙම කරන්නේ නෑ කියලා කෙල්ලට කියන්න ඕනා උණත්,සර් එක්ක මට තියෙන සම්බන්දේ කියලා කෙල්ලව මේ වෙලාවේ තව කලබල කරන්න බැරි නිසා මං ඒ වචන ගිල ගත්තා...

"ම්ම්..මට මට හැරෙන්න..බෑ අයි..යේ...අනේ..මං... මං....මගෙ..මගෙ ද..ද..රුවට..එයා. ව ඕනා අ... යියේ.."

........

"ගෝ..ගොඩක්..කල් නෑ..නේ.ම.. මගෙ දරු..වට.ඒ..එයාගෙ..තා..ත්තාව..ඕනා..අයි..යේ..."

"ත..තමුසෙට පිස්සුද.. ඕයි...!! මොනාද මේ කියවන්නේ...දරුවෙක්...!! තමුසෙට...ලෙවින් සර්ගෙන්...!! ඒ..එයා...එහෙම මනුස්සයෙක් නෙමෙ...එහෙම මනුස්සයෙක් නෙමෙ...එහෙම වෙන්න විදිහක් නෑ...!!"

මං හිතුවා...විස්වාස කරන්න අමාරු උණත් මං අහන්න ඕනා නරකම දේ දැනටමත් ඇහුවා කියලා...ඒත් එක දෙයක් වරදිද්දී හැමදේම වැරදෙනවා කියන කතාව ඇත්ත කරන ගමන් හැමදේම ඕනවාටත් වඩා අවුල් වෙලා තියෙද්දි මං ෆෝන් එක ස්පිකර් දාලා පැත්තක තියලා අත් දෙකෙන්ම කොණ්ඩේ ඇද ඇද අඩා වැටුණා..කෙල්ල උන්නේ මටත් වඩා අසරණ තැනක වෙද්දි මං මේ තරම් කලබල වෙන්නේ අඬන්නේ ඇයිද අහන්නවත් සිහියක් නැතිව කෙල්ල අනිත් පැත්තෙන් අඩා වැටෙද්දී අහපු දේ විස්වාස කරාටත් වඩා එහෙම දෙයක් අහන එකම දරා ගන්න බැරිව මං අඩා වැටුණා...

"ඒ..ක..ඒ..ක...හිතලා...හිතලා...උණ දෙයක්..නෙමෙ අයියේ....ඒ..ක...ඒක..අත් වැරැද්ද..ක්..අයියේ...අ..අපිට..එහෙම..වෙන්න ඕනා...උණේ..නෑ අයියේ..අපි..අපි..බීලා හිටියෙ..දෙන්නා..ම..එදා ක්‍රිස්..ම්ස් පාටියේ..ක.කවුරු හරි...මගෙ..ඩ්‍රින්ක් එකට..මොනා හරි දාලා...අයියේ...මං.. මං සිහියෙන් හිටියෙ ..නෑ...ඒ..එයාට ඕනා..උණේ...මට උදව්..කරන්න විත..රනේ...උදව්..කරන්න විතරනේ.."

හිතලා කරේ නෑ...අත් වැරදීමක්.... එහෙම වෙන්න ඕනා උණේ නෑ....බීලා හිටියෙ...උදව් කරන්න ඕනා උණා....ක්‍රිස්මස් පාටියක්..
මේ වචන අතිතේ කොහේදෝ තැනකින් ඇවිත් හිත අස්සෙ දෝන්කාර දෙද්දී...ඔලුවට උඩින් එක පිට එක පුපුරපු අකුණු පාරවල් එක්ක අල්ලගන්න පිදුරුගහක්වත් නැතිව මං අසරණ උණා..

"ත්..ත..තමුසෙට..පිස්සු ඕයි...ඒ..ඒ වෙන කෙනෙක් වෙන්න පුලු..වන්...වෙන..කෙනෙක්...ඔව් වෙන කෙනෙක්..."

"මං.. මං එදාම හෙව්වා අයි..යේ...හො..ටෙල් රූම් එක බුක් කරලා තිබුණෙ ඒ නමින්..ඒ..එයාගෙ කාඩ් එකකුත් තිබුණා රූම් එකේ...උදේ..උදේ එයාම කිව්වා එයාගෙ නම...එයා...එයා...වැරැද්දක් උණේ කියලා...සමාව ඉල්ලුවා...එ..ත්..ඒ ත් හැමදේම හරි ගස්සන්න..ම් කිව්වා...මාව බාර ගන්නම්. කිව්වා අයියේ...ඒ..ත්..දැන් එයා...මැරි කරලා...හනි මූන් එකට..ඔහෙ එන්න ලෑස්තිඅයියෙ..අනෙ..ඊට..කලින්..ඒ..එයාව...හොයා..ගන්න ඕනා අයියෙ..."

" ත..තමුන්..ඕ..ක හංගන්න ඕනා නිසයි ගමේ නොගියේ...ඒ නිසයි එන්න එන්න මහත් උණේ...ත..තමුසෙට තිබුණා කලින් ම අම්මට කියන්න...අඩුම මට හරි...කියනවා...දැන් ද..රුවා...දරුවා හොදින්ද...කවද්ද එන්නෙ එයා..."

ඒ වචන එක්ක සර් තව ටික දවසකින් මාව බලන්න එනවා කියපු හැටිත් මට මතක් උණා..බලන් ගියාම ඒකත් මං වෙනුවෙන්ම එන ගමනක් නොවෙද්දී,නන්ගි කියපු දේවල් එක්ක මට කෙල්ලත් එක්කත් කේන්ති ගිහිං කෙල්ලට කෑ ගහද්දී කෙල්ලගේ ඇඬිල්ල තව වැඩි වෙද්දි මට ආපහු කෙල්ල පවු කියලා හිතුණා...වෙන කෙනෙකුට නොකියා මටම කතා කරලා පිහිටක් ඉල්ලද්දී කෙල්ල ඉන්න අසරණ තත්වේ එක්ක කෙල්ලට කෑ ගහපු එක ගැන මට වරදකාරි හැඟීමක් දැනුණා...

"ත..ව..තව...මාසයයි තියෙන්නේ...ඒ..එයා හොදින් අයියේ..අනේ..අනෙ..මගෙ අම්මට කියන්න එපා අයියේ..ඒ..එයාට දරා ගන්න බැරිවෙයි...ඒ..එයා කරපු වැරද්ද..ම මාත් කරා කිව්ව..ම...එයා..ට දරාගන්න..බැරිවෙයි..අයියේ..අනේ..මගෙ..මගෙ කෙල්ල මට නැති වෙයි අයියේ..එහෙ..ම එහෙම වෙන්න දෙන්න බෑ..අනේ..එහෙම කර..නන්න දෙන්න එපා...ම..ගෙ..මගේ හිතට හරි නෑ.. අයියෙ...මට බය..යි...අනෙ..මගේ කෙල්ලව...බලා ගන්න අයියෙ...එයාගෙ තාත්තට..එපා..නම්..වෙන කාට..වත් දෙන්න..දෙන්න එපා..මගේ..මගේ කෙල්ලව බලාගන්න..."

"දැන්... මේ දැන් තමුසෙ ආපහු හැරෙන්න ඕනා...මන් හැමදේම විසඳන්නම්...ඊට කලින්..ම්..ම..මං... මං...වීඩි..යෝ ඒ.. එක..ක් එවන්..නම්...ඒ... ඒ ඉන්නෙ...ත..තමු..සේ..ද බලනවා.."

කෙල්ල කලින්ටත් වඩා බැගෑපත් වෙවී අඩා වැටෙද්දී මගේම නංගියෙක් ළඟදී දැනෙනවා වගේ මගේ පපුව හිර උණා...මගේ නංගි මටත් වඩා අසරණ වෙලා ඉන්න වෙලාවේ..මට දැනෙන වේදනාව කොච්චර උණත්...එයාට ඉන්න එකම අයියා විදිහට මේ වෙලාවේ මං ගැන අමතක කරලා කෙල්ල ගැන බලන්න ඕනා කියලා හිතුවා වෙද්දි ෆෝන් එක කට් කරපු මං දයිවයේ හාස්කමකට වගේ එදා නිකං හිතට ආපු නිසා සර්ගේ ෆෝන් එකෙන් මගේ එකට සෙන්ඩ් කරන් ඒ එකම වතාවෙන් පස්සෙ ආයි නොබලපු ඒත් තාමත් ෆෝන් එකේ අස්සක හන්ඟලා තිබුණ විඩියෝ එක කෙල්ලට යවලා...ලැබෙන උත්තරේ දැන දැනත් මං ආශ්චර්යක් වෙනුවෙන් බලන් හිටියා...

"ඕ..ඔයාට කොහෙන්ද මේ..මේක...!!"

"ඒ තමුසෙද කියනවා....!! ඒ ඒ මනුස්සයද කියනවා...!!"

"මං තමා..ඒ...."

"හලෝ...නංගි...සිහලි...කතා කරනවා...හලෝ.."

ආපහු ටිකකින් රින්ග් උණ ෆෝන් එක මං අනික් අතට ආන්ස්වර් කරද්දි දරා ගන්න අමාරු උත්තරේ එයාගෙන් ලැබෙද්දී මට සිද්ද උණ හැමදේම විස්තර ඇතිව අහගන්න ඕනා උණත් එයාගෙ ෆෝන් එක කට් වෙලා ගියා...සිය දහස් වැනි වතාවටත් ආපහු ආපහු ගත්තත් එයාගෙවත් සර්ගේවත් පැතුම් අයියලාගේවත් ෆෝන් වැඩ නැති වෙද්දී මං පුදුම විදිහට අසරණ උණා....

ඒත් ටික වෙලාවකින් ලංකාවේ නොදන්න නම්බර් එකකින් ආපු විඩියෝ කෝල් එක මන් ආන්ස්වර් කරේ බලාපොරොත්තුවක් ඇති කරන් උණත්...කවුරුත් කතා නොකරද්දි
විඩියෝ එකෙන් live පේන වෙඩින් හෝල් එක..මුලින් ම සුරංගනාවියක් තරම් ලස්සනට ඇඳගෙන සතුටින් හිනා වෙවී උන්න ලියා මිස්ගෙ අතින් අල්ලන් ඉස්සරහට යන එලිනා මැඩම් වගේම ලොකුසර්....ඊලඟට අහිංසා අම්මාව රෝද පුටුවක තියන් එතන පහත්වෙලා අම්මා කියාපු මොනාටදෝ ඔලුව වන වන හිනා වෙවී ආර්ච් එක ළඟ උන්න ලෙවින් සර් දිහා මං දැනෙන හැඟීමවත් තේරුම් බේරුම් කරගන්න බැරිව බලන් හිටියා...ඒත් ඒ අස්සෙත් රෝද පුටුවේ ඉන්න අහිංසා අම්මා දිහා මං ආයි ආයි බැලුවේ එයා එහෙම ඉන්න බවක් මේ තරම් කල් දැනගෙන උන්නේ නැති නිසා වෙද්දී බලන් ඉන්න අමාරු උණත්...මනමාල ජෝඩුවගෙ ගැලපීම අගේ කරන ගමන් වටපිටින් ඇහුන එක එක්කෙනාගේ කතාත් අහගෙන , සියලිටයි දරුවටයි සර්ව දුන්නත්, ලියා මිස්ට දෙන්න බෑ කියලා හිත කෑ ගහද්දී..
අන්තිම මොහොතේ හරි ආශ්චර්යකින් මේ දේවල් නතර වෙනකං කඳුළුත් හිර උණ ඇස් වලින් මං බලන් හිටියා....

මනමාල ජෝඩුව ගිහිං ලංකාවේ විදිහට අත්සන් කරද්දීත් ,එයාලගෙ ආගමේ මෙහෙයවීම එක්ක මෙහෙ විදිහට මුදුමාරු කර ගද්දීත් කසාදේට විරුද්ධ අය ඉන්නවාද අහද්දී විරුද්ධයි කියලා හිතින් කෑ ගහන ගමන්....එයා කරට දාපු මාලේ අතක ගුලි කරන්...එක බැල්මෙන් පවා මං හැඟීම් කියවපු ඒ මූණේ මේ මොහොතක් ගානේ වෙනස් වෙන හැඟීමක් හොයා ගන්න මං උත්සාහ කරා...ඒත් අද මට පොඩිම හැඟීමක්වත් කියවා ගන්න බැරි වෙද්දි මුළු හෝල් එකේම ඉන්නෙ එයා එක්ක අහිංසා අම්මා විතරක් වගේ හැසිරුන එයා ආයි ආයි අම්මා දිහා බලන් හිනා වෙන හැටි මං බලන් හිටියා...

"දැන්...මනමාල ජෝඩුව චාරිත්‍රානුකූලව සිප ගෙන විවාහය සම්පූර්ණ කරන්න..."

අනික් මොහොතේ ඒ ඇහුණ වචනත් එක්ක තවත් බලන්න හයියක් නැති කමට මන් ඇස් පියා ගද්දී ,මගේ හිතේ ඇති උණ තරමේ කලබලයක් විඩියෝ එක ඇතුළේත් ඇති උණා වගේ එකපාරම කසු කුසුවක් පැතිරෙද්දී අනිත් මොහොතේ කෝල් එක කට් වෙලා ගියා...

.

.

"අනේ...පුතේ...මගේ කෙල්ල...මගේ කෙල්ල ඇක්සිඩන්ට් වෙලා දරුවෝ....ගොඩක් අමාරුළු මය පුතේ...අනේ..මගේ කෙල්ල..දෙවියනේ...."

අද ප්‍රැක්ටිකල් වලට හොටෙල් එකටවත් නොයා ගෙදර නැවතුණ මන්,අහපු දැකපු හැමදේකම පීඩනේ අමාරුවෙන් දරන් දවසම කරේ තොරතුරක් දැන ගන්න කෙනෙක්ව හොයා ගන්න උත්සාහ කරපු එක වෙද්දි දවල්වෙද්දී අම්මාගෙන් ලැබුණ කෝල් එක මාව අන්තේටම අසරණ කරා...තවත් මේ ඔක්කොම බලන් මෙහෙ ඉන්නවත්...අම්මාව තනියම යවන්නවත් හිත හදාගන්න බැරි වෙද්දි , කියපු විදිහට තව දවස් දෙක 3කින් ලෙවින් සර් එයාගෙ හනිමූන් එකට මෙහෙ එන බව දැන දැනත්..ඒ වෙනකං බලන් ඉන්න බැරි කමට අම්මට ටැක්සියක් දාන් ගෙදර යන්න කියලා ගෙදරින් එළියට බැහැපු මං අපි දෙන්නටම ලංකාවට යන්න ටිකට් බුක් කරන්න වෙහෙසුණා....

"පු..පුතේ මේ..ක..."

අන්තිමේ රෑ වෙනකං උත්සාහ කරත් අද තියා දවස් ගාණකින්වත් යන්න විදිහක් නැති වෙද්දි, සර් මොන මඟුලට හරි එනවා කියන බලාපොරොත්තුව විතරක් ඉතිරි වෙද්දි,මං ආපහු හැරිලා ගෙදර ආවෙ වැටෙන්න ඕනා අන්තේටම වැටිලා වෙද්දි , මං ගෙදර එද්දී මොකක්දෝ කවරෙකුත් අතේ තියන් දොර පඩියේ වාඩි වෙලා බයවෙලා බලන් උන්න අම්මා ඒ කවරේ මගේ අතේ තියද්දී මට මොකුත් හිතා ගන්න බැරි උණා....

"කොල්ලා එක්ක දෙන්නම එන්න...!!"

"කවුද උඹලා....!! මගේ කෙල්ල කොහෙද කියපන්...!!"

"එක්කෙනෙක් වෙනුවට කෙල්ලො දෙන්නෙක්ම බලන්න පුළුවන්...ලෙවින් සර්ගේ බලු කුක්කත් එක්ක ආවොත්..."

"නෑ..!! ඌ එන්නෙ නෑ....!! එච්චරයි...!! උඹලා කවුරු උණත්...ඕනා මොකක් උණත්....මගේ අහිංසකිව අල්ලා ගත්ත උඹලට මං මගේ කොල්ලාවත් දෙන්නේ නෑ.....!! අනික මගේ කෙල්ලව ඇස් දෙකෙන් නොදැක උඹලා කියන ඒවා මන් විස්වාස කරන්නෙත් නෑ....!!"

"හහ්.. හා...කොල්ලාත් ඇන්ටිගෙද....ශා..හ් බලන් ගියාම රට වටේ ඔක්කොම ළමයි ඇන්ටිගෙනේ...හරි මොකක් හරි....කෙල්ලනේ බලන්න ඕනා...ෆොටෝ එවන්නම්කො....දරා ගන්න නම් අමාරුවෙයි හැබැයි.... එතකොට ඔය ආන්ටි දුන්න එකා වෙනුවට ලැබුණ එකාව පරිස්සම් කරන හැටි බලන් ඉන්නකො....ඌට හෙට එන්නම වෙයි...!!!!"

........

"කවුරුත් දැන ගන්න බෑ... උඹලා මෙහෙ එනවා කියන්න....විශේසයෙන් ලෙවින් දැන ගන්න බෑ...!! ඌ ඔහෙ එද්දී උඹලා මෙහෙ ඉන්න ඕනා..ලෑස්ති කරලා තියෙන විදිහට වැඩ ටික කරලා පරිස්සමින් එන්නයි තියෙන්නේ.."

කවරේ ඇතුලේ තිබුණෙ අපි දෙන්නටම හෙට රෑ ලංකාවට යන්න බුක් කරපු ටිකට් වෙද්දි කවරේ උඩ ලියලා තිබුණ නම්බර් එකට කතා කරාට පස්සෙ අනික් පැත්තෙන් කතා කරපු මනුස්සයා අපි දෙන්නටම එන්න කියද්දි ඕනම වෙලාවේ දොර ළඟ ටිකට් පහල උන එක ගැන ම හොඳක් දැනුණේ නෑ... කෙල්ලට කරදරයක් කියන එක මිසක් අනික් දේවල් නොදැන උන්න අම්මටත් වඩා නරකක් කෙල්ලගේ සම්පූර්ණ කතාව දැනගෙන උන්න මගේ හිතට දැණෙද්දී අම්මා මාව එක්ක එන්නෙ නෑ කියලා කෑ ගැහුවත් ඊට පස්සෙ ඌ කියාපු දේවල් එක්ක පණනැතිව වැටෙන්න ගිය අම්මාව මන් වාරු කර ගත්තා උණත් කෝල් එක කට් වෙනවාත් එක්කම ආපු , icu බෙඩ් එකක මැෂින් වලින් ඉන්න සිහලිගේ විඩියෝ එක දැක්කම තව දුරටත් අම්මාව පාලනේ කරගන්න මට බැරි උණා....කාට උණත් ඕනා වෙලා තිබුණෙ සිහළිවයි මාවයි දෙන්නවම එකපාර ලෙවින් සර්ගේ පාරෙන් අයින් කරන්න කියලා තේරෙද්දී මොනා කරන්නද කියලා මටත් හිතාගන්න බැරි උණා...

"ම..මට..මට යන්න ලෑස්ති...කර..නන්න...පුතේ..."

"අම්මෙ මාත්..."

"හෙට අනිද්දා දිහාට ලෙවින් සර් එයිනේ..එතකන්...උඹ යන්නෙ නෑ....එච්චරයි....!!!"

.

.

.

"මොනාද මිනිහො...කරන්නේ මේ...හදිසියකට ලංකාවට යනවා මිසක් ගෙවල් මාරු කරනවා නෙමෙ අපි...මොන විකාරයක්ද මේ...!!"

"සොරි සර්...අපිට ගෙවලා තියෙන්නේ මේ ඔක්කොටම...අපි කරන්නේ අපිට කියපු දේ..."

පහුවදා උදේ පාන්දරම ගෙදරට ආපු මිනිස්සු වගයක් අපෙ විරුද්ධත්වේ මැදම ගෙට පැනලා අම්මගෙ බඩු මුට්ටු ඔක්කොම වාහනේක පටවද්දී පොලිසියට එහෙම කියන්න ගිහිං අරහේ මැරෙන්න වැටිලා ඉන්න කෙල්ලව තව අමාරුවේ දාන්න බැරි කමට අපි දෙන්නම කෑ ගහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් දැනගෙන හිටියෙ නෑ...

"සර් එනකං හොටෙල් එකක ඉන්න මේ දවස් ටික.."

අන්තිමේ කෑ ගහලා වැඩක් නැති තැන අම්මා මාව නතර කරද්දි ඔහේ පුටුවක වැටුණ මං තේරුමක් නැති බව දැන දැනම ආපහු සර්ට කෝල් ගන්න උත්සාහ කරලා බැරිම තැන,මේ කරදර නිසා ඊයේත් ගෙදරින් ආපු කෝල් මග ඇරපු නිසා අක්කාවත් මොනා හරි දන්නවාද බලන්න අක්කට කතා කරන්න හැදුවා... කවදාවත් නැතිව හත් අටවැනි වතාවටත් රින්ග් වෙවී කට් වෙද්දි මට මොකක්දෝ නරක හැඟීමක් එක්ක ගෙදර මිනිස්සු ගැනත් බයක් දැනුණා..

"අනේ දෙවියනේ...අපිට මේ මොකක්ද උණේ බං මල්ලියේ...ඇයි මෙහෙම උණේ අපට....ඇයි.."

"මොකද උණේ කියන්නකෝ...ඇයි අක්කෙ...මේ...කියපන් දෙවියනේ මොකද උණේ..!!"

අන්තිමේ ෆෝන් එක ආන්ස්වර් කරද්දි මං බය උණා වගේම අනික් පැත්තෙන් ඇහුනෙ විලාපයක් වෙද්දි තවත් දේවල් දරා ගන්න පුලුවන්දෝ කියලා මට මං ගැනම විස්වාසයක් නැති උණා...

"ගේ... ගේ ගිනි ගත්තා බං...පොඩි කාලෙ ඉඳන් අපි උන්න ගේ ඊයේ රෑ ගිනි ගත්තා...බාප්පට අමාරුයි රත්තරං...ගොඩක් අමාරුයි...කොල්ලා පළවැනි පඩියෙන් මහන්සි වෙලා අතු බැන්ඳ ගේ කිකියා නිවන්න හැදුවා බං...වැඩක් නෑ කිය කිය දැන දැන නිමන්න හැදුවා..."

.........

.........

"අම්..මා...පෝ..පො..ඩි එකී....ඕ
.ඔයා.."

දරාගැනීමේ සීමාව උපරිමේටත් පන්නලා උන්න මං අහන්න කියන්න ඕන මොනාද කියල වත් නොදනිද්දී...ඊයේ අර මනුස්සයා කියපු මට එන්න වෙයි කියන වචන මට මතක් උණා....

"අපි හොදින් බං..අම්මට ටිකක් තුවාලයි...බාප්පාව බේරන්න ගියා බං..අච්චර වද දීපු මිනිහාව බේරන්න ගියා..."

"ද්.. දැන්..දැන් කෝ...බප්පා.."

"ඉස්පිත්තාලේ අරන් ගියා..දන්නේ නෑ...තනි මං මොනා කරන්නද කියලා..."

"ස්..ස..ර්...සර්ට කතා කරන්න.."

"සර්ට..!! උඹව රවට්ටපු බොරු කාරයට...!! උඹව ඔහෙ ඇරලා කොලේ වහලා උඹට හොරෙන් ඊයේ මෙහෙ මඟුල් කාපු බොරු කාරයටද කියන්න කියන්නේ ආ...!! ඒ බොරු කාරයටද කියන්න කියන්නේ...!!!"

"අක්..කේ ඕ..ඔයා..ලා..."

"ඔව් දන්නවා අපි..දන්නවා මොකද නොදන්නෙ...උඹෙ මහලොකු මිනිහම ඇවිත් කිව්වේ..මං බදිනව කොල්ලට කියන්න එපා කියලා...හැමදේම විසඳනවලු...මොනාද විසඳන්නේ ඌ කොහොමද විසඳන්නේ..රටට කියලා මඟුල් කාපු දවසේ රැම,උඹට කියයි කියලා බයේ අපි රොත්තට නිදන් උන්න ගෙට ගිනි තියලා අපිව මරලා දාලද බං ඌ ඔක්කොම විසඳන්නේ...අපිව මරලා දාලද ඌ ඔක්කොම විසඳන්නේ...!! විස්වාස කරා බං උඹ අමාරුවේ වැටෙයි කියලා බයේ උඹ එක්ක කිය කිය බැන්නට මාත් විස්වාස කරා ඌව...මගේ අම්මගෙ මහ ලොකු සුදු පුතාව මාත් විස්වාස කරා....අර බේබදු මිනිහා උඹ ආපහු ලංකාවට එද්දී පුදුම කරන්න කිය කිය ඒ මිනිහා කියන දේ අහලා බිමන නවත්තන්න තරම් ඒ මිනිහාව විස්වාස කරා...ඒ..එහෙම එකා අපිට මෙහෙම කරා දෙවියනේ...මෙහෙම කරා..."

"ඒ..නෑ..එ.. යා..එහෙ..ම නෑ...එයා...නෑ..එහෙ..ම..නෑ..අක්..කේ..එහෙම්..නෑ..දෙවියනේ....එහෙ..ම නෑ....!!!!"

"ඔව්..උඹ තව විස්වාස කරපං....උඹට අපිටත් වඩා වටිනවානේ....දිය යටින් ගිනි අරන් ගිහිං  උඹටත් පත්තු කරනකං විස්වාස කරපං...දන්නවාද උඹ...ඕකා ඔය මිනිහා..අර මිනිස්සුන්ව රවට්ටන් මේ කුඹුරු යායමත් උගෙ නමට ලියන්..බප්පාවයි අම්මාවයි රවට්ටලා ගේ කෑල්ල තිබුණ එකත් ලියා ගත්තා ඔය මිනිහා..අද..අද මං දන්නෙත්..එහෙම එකාව විස්වාස කරපං තව.."

"ඇ...ඇති....!!! හොඳටම ඇති.... බොරුවට මිනිස්සුන්ට චෝදනා කරන්න එපා අක්කේ...!!!"

කවුරු මොනවා කිව්වත්...මොනවා ඇහුවා දැක්කත්..මොන දේවල් සිද්ද වෙලා තිබුණත්....තවමත් මේ මොහොතෙත් මට එයා ගැන වැරැද්දක් හිතන්න බැරි වෙද්දි...මට වැරැද්දක් කරාවි කියලා විස්වාස කරන්න බැරි වෙද්දි මං අක්කාටත් කෑ ගැහුවා....

"........හරි...උඹ ඕනා දෙයක් හිතන් ඉඳපන්... ඒත් ඔය නොදන්න රටේ උඹ පරිස්සමින් ඉඳපන් මගේ මල්ලියේ...පරිස්සමින් ඉඳපන් රත්තරන්...අම්මගෙ පණ ටික බං උඹ...අර මිනිහා උඹට කොච්චර අම්මලා දුන්නත්...මගේ අම්මට ඉන්නෙ උඹ විතරයි බං..උඹ විතරයි...උඹට මොනා හරි උනොත් එ මනුස්සයා එක මොහොතක් හුස්ම අල්ලන එකක් නෑ බං..."

"බය නැතිව ඉන්න මං අද රෑ මෙහෙන් එනවා...බාප්පව බලාගන්න..."

~~~ Flash Back End ~~~~

පැය 11කට කිට්ටු ගුවන් ගමන අන්තිමේ ගමන අවසන් බව දන්වන විනාඩියේ එක විනාඩියක් නින්දක් නැතිව බොරුවට පියන් උන්න ඇස් ඇරපු මං ප්‍රියා අම්මා දිහා බැලුවා...

"කවුරු හරි..අපි හැමෝවම...ලොකු උගුලක පැටලෙව්වා අම්මෙ....ඒ බව දැන දැනම....අපි ඒ දැලේ තව පැටලෙන්න යනවා අම්මෙ..."

........

"ඔයා හිතන් ඉන්නවාට වඩා...හැමදේම අවුල් වෙලා තියෙන්නේ අම්මේ....මෙතනින් එළියට ගියාම...මොනා සිද්ද උණත්...මොනා ඇහුවා දැක්කත්..මං වෙනුවෙන්....ඔයාගෙ පුතා වෙනුවෙන් හයියට ඉන්න අම්මෙ...මොන දේ උණත්...නංගිට ඔයා එක්කම මාත් ඉන්නවා කියලා මතක තියා ගන්න..."

"ඔයාගෙ ආදරේ විස්වාස කරන්න...මයෙ පුතාට වරදින්නේත් නෑ...ඔයාගෙ සර් ඔයාගෙ පැත්තෙන් හැම දෙයක්ම හරි ගස්සයි...එයා පොරොන්දු උණා නම් එ විස්වාසේ රකියි.... ඔයාට නොකියා කසාද බඳින්න එයාට හේතුවක් තියෙන්න ඇති... තනියම ඉන්න ඔයාට එ තරම් දුකක් දෙන්න හිත හදාගන්න බැරිවෙන්න ඇති...ඒ නිසයි හොයන්ම ඇවිත් කියන්න ඕනා වෙන්න ඇත්තේ...දැන් ඔයාව දැක්කම...එයාට සතුටු හිතෙයි..."

අද එයාගෙ දුව ඉන්න තත්වේට ඔය කියන කෙනාවත් හේතුවක් කියලා නොදැන අම්මා මගේ හිත හදද්දී දෙන්න උත්තර නැතිව මං,වෙන දෙයක් බාරගන්න හිත හදන් අම්මගෙ අතත් අල්ලන් උන්න තැනින් නැගිට්ටා...

මතුසම්බන්ධයි...
👩‍💻 dil

2024/02/21

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

ළමයි......අදත් ආවා ඔන්න....🤗🤗

ගොඩක් ප්‍රස්න විසඳෙන්න ඇතිනේ..🙃

කිරුළු ආදරේත් කියලා ඔයාලට හොරෙන්...😊😊

කල්පනාවෙන් කියෙව්වොත්...තව රහස් එළිකරගන්න හංගපු තැන් දෙක තුනක් තිබුණා....😇😇

මටත් ඊයේ ලියද්දි දුක හිතුණා පොඩි එකීව එයාලගේම කරන්න බැරි උණ එක ගැන... 🤧🤧 ඒත් මං mpreg ලියන්නේ නෑනෙ....

ඉතිං...සමහරු බයවෙලා...මුල ඉඳන් විටින් විට කිව්වා වගේ..මාව විස්වාස කරන්න තමා කියන්න තියෙන්නේ...🤗

ඊයේ හොඳ අනුමාන කිරීම් ටිකක් තිබුණා...මං බය උනත් එක්ක..🙈🙈

ඉතින් කවුරු වෙන්න ඇතිද මේ ඔක්කොම පිටිපස්සේ ඉන්නෙ...😌😌

හොයා ගත්තු ඒවා කියන් යමුකො ඔය ඉන්නෝ කියපු හිච්චි ෂර්ලෝක්ලා ටික 🙈🙈

හැමදාම දෙන ආදරේට...ගොඩක් ගොඩක් ස්තුතියි අක්කියෝ....හරි ලස්සනයි ඒවා....🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚

මේ දවස්වල ආසම සිංදුව...ජොලි වගේ පෙනුණට...වචන එක්ක අහද්දී හිත රිදෙනවා...,,🥺❤️💔⬇️⬇️

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

හිත පාරනා කතා එපා කියන්න
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස මොන දේ උනත් අනාගතේදි අපට
මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න...//

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන
මළ හිරු බැස යන දවසක හවසක සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද...

අත් නොහැරී යමු කියලා
දිගු ගමනක් පියමැනලා
නැවත හැරී බැලුවම මා
බොහොම දුරයි අප දෙදෙනා...//

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන...

හිතුවේ නැති මොහොතක මා 
තනි කෙරුවත් ඉවත බලා
කහට නැති මනස පුරා
මතක තියෙයි ඔබව සදා...//

හිත පාරනා කතා එපා කියන්න...

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන...

Continue Reading

You'll Also Like

302K 6.7K 23
Isaac Lacey and (y/n) Hale, and ironic match. Just as (y/n) settles into her new in life beacon hills, Isaac comes into it and turns everything all a...
399 65 8
පිට අයට අපිව සහෝදරයො වගේ උනාට උඹ මගෙ ජීවිතේම වෙලා ඉවරයි බං.....•
24.4K 170 10
Read as Naruto has to Deal with Yandere girls and even Genderswapped Yandere girls. No Yaoi. It ranges from Horror to Comics, Video games, and anime.
11.3K 1.7K 22
"මල්ලි, මට අරූව දීපම්!" "හහ්?" "අර කොන්ඩකාරිව මට දීපම්..." "උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මයෙ අයියන්ඩි..." ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍...