දඬු මොණරු

By yuchi91

41.1K 5.5K 1.4K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 1
දඬු මොණරු 2
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49

දඬු මොණරු 3

937 121 15
By yuchi91

රෑ දහයට ලං වෙද්දි සෝමා නැන්ද අපිට බත් පිඟන් දෙකක් ගෙනත් දුන්නා. ඊට පස්සේ එයා ආයෙත් ටිකකින් ආවේ එයාගෙ බත් එකත් අරගෙන, අපි එක්කම එයත් කන්න ගත්තේ අපි එක්ක කතා කරන ගමන්.

"ලොකු හාමිනෙයි, ලීල නෝනයි කියන දේවල් ගැන වැඩිය හිතන්න යන්න එපා"

ලොකු නැන්දා අපිට බනිද්දි සෝම නැන්දත් එතන හිටියනෙ. එයත් දුකෙන් අපි දිහා බලන් හිටිය මිසක් එයාටත් කරන්න දෙයක් නෑනෙ.

"ඒ ගෙදර වෙන කව්ද නැන්දේ ඉන්නෙ, ලොකු මාමට ළමයි නැද්ද"

මගෙ හිතේ තියෙන ප්‍රශ්නයක්ම මල්ලි ඇහුවා.

"ඇයි අපේ සුදු බබා ඉන්නෙ, දැන් නම් විස්ස විද්යාලෙනෙ, නිවාඩු දවස් වලට ගෙදර එනවා"

"සුදු බබා කිව්වෙ"

"ගාමිණී මහත්තයාගෙ පුතා, නම තඹර උනාට ඉතින් ගෙදර අය කියන්නේ සුදු බබා කියලනෙ"

ආ එහෙනම් ඔළු බක්ක ලොකු මාමගෙ පුතා.

"එතකොට නැන්දේ අනිත් මාමලා කොහෙද ඉන්නේ "

මමත් නැන්ද එක්ක කතා කරන්න ගත්තේ අම්මගෙ පවුලේ අය ගැන අපි වැඩි විස්තර දන්නෙ නැති නිසා.අම්ම අපි එක්ක ඒ දේවල් කතා කරෙත් නෑ අපි ඇහුවෙත් නෑ.

"වැඩිමලා ගාමිණී මහත්තයා, දෙවනියා සනත් මහත්තයා, එයා ඉන්නෙත් මේ ගමේම තමයි. එයාට ඉන්නෙ දුවලම දෙන්නෙක්. ඊ ළඟට ඉතින් අනෝමා නෝනනෙ පවුලේ තුන් වෙනිය. ඊ ළඟට කමල් මහත්තයා එයත් මේ අහල පහල ඉන්නෙ, කමල් මහත්තයාගේ දුවටත් දැන් අවුරුදු හතරක් පහක් විතර ඇති මයෙ හිතේ"

එතකොට අර සුදු බබාද සීයගෙ පරම්පරාව ගෙනි යන්න ඉන්න එකා. ඒක තමයි සුදු බබා ගගා හුරතල් කරන්නේ. අපි ඉතින් පවුලෙන් අයින් කරපු එකීගෙ ළමයි දෙන්නනෙ, ඒකනෙ මෙච්චර වෙනස්කම්.

අම්මට ඉන්නෙ අය්යලා දෙන්නෙකුයි මල්ලි කෙනෙකුයි,තාම ඒ තුන් දෙනාවම අපි දැකලා නෑනෙ, ලොකු මාමත් මළ ගෙදරක ගිහින් එන්න රෑ වෙයි කියන්නේ.

"අපේ ලොකු හාමිනේ එක්ක අනිත් ලේලිලා දෙන්නට ඉහ ගහන් ජීවත් වෙන්න බෑ. එයත් කැමති ලීලා නෝනට විතරයි. අනිත් ලේලිල දෙන්න වගේ නෙවෙයි සල්ලිකාර පවුලක නේ. දෑවැද්දත් යහමින් ලැබුණනෙ"

නැන්දා ඒ ටික නම් කිව්වෙ හෙමින් වට පිට බල බල.

"නැන්දා ඉන්නෙත් මෙහෙමද"

"ඔව්නේ, මිනිහත් මැරුණ, ළමයි දෙන්නත් ගමේ නෑනෙ, ඒ නිසා ලොකු හාමිනේලට උදව් කරගෙන මෙහෙට වෙලා ඉන්නවා "

සෝමා නැන්ද හරි මෙහෙ ඉන්න එක ලොකු දෙයක්, අපි ආව වෙලේ ඉඳන් අපි ගැන හොයල බැලුවේ එයා විතරයිනෙ.

"මං එහෙනම් යන්නම්, ඔය දරුවෝ දෙන්නත් එක්ක දොරවල් ජනෙල් හොඳට වහගෙන නිදා ගන්න එහෙනම්"

"හොඳයි නැන්දේ"

කාලා ඉවර වෙලා නැන්දා ගියාම අපි දෙන්නත් කාලා ඉවර වෙලා කාමර දෙකට ගියේ නිදා ගන්න. ගෙදර නම් එකම කාමරේනෙ හැමෝම නිදා ගත්තේ, ඒ නිසා තනියම නිදා ගෙන පුරුදුත් නෑ. මල්ලිට තනියම කාමරේක නිදා ගන්න ආස ඇතිනේ, ඒ නිසා ඔන්න ඔහේ ඉන්න දෙනවා..... එහෙම හිත හිත මං කාමරේ තිබ්බ පුංචි ඇදෙන් ඉඳ ගත්ත. පොඩි ලී ඇදක් එක්ක පරණ කොහු මෙට්ටයක් තිබුණේ. සෝමා නැන්දා ඇවිත් ඔක්කොම අස් කරලා බෙඩ් ෂිට් කොට්ට උර දාලා තිබ්බ නිසා හොඳයි. මේක අම්මලාගේ පරණ මහ ගේ වෙන්න ඇති.

ගෙදර බිම නිදා ගත්ත අපිට මේ කොහු මෙට්ටෙ නිදා ගන්න එක මහ ලොකු අමාරු දෙයක් නෙවෙයි. ඒ උනාට අද හරි හැටි නින්දක් නෑ, මං හිතන්නේ අලුත් තැනක් නිසා වෙන්න ඇති, අපි කවදාවත් ගෙදරින් පිට රැයක් ඉදල නෑනෙ.

ඇදට වෙලා ඔහේ කල්පනා කර කර ඉද්දී මාව ගැස්සුනේ එක පාරටම ඇහිච්ව සද්දයක් නිසා. මුලින්ම මොකක්ද කියලා තේරුම් ගන්න බැරි උනත් මං ටිකක් වෙලා අහන් හිටියා. හරියට මනුස්සයෙක් හූ තියනවා වගේ, එහෙම නැත්නම් අම්මෝ කියල කෑ ගහනවා වගේ. ඒක ඇහෙන්නේ එකම විදියකට, විනාඩියෙන් විනාඩියට වගේ, ටිකක් ඈතින් ඇහුණු සද්දෙ ටික වෙලාවකදී හොඳට ඇහෙන්න ගත්තා. මල්ලි එක පාරටම කොට්ටෙයි, බෙඩ් ෂිට් එකයි අරගෙන එන්නම් කාමරේට දුවන් ඇවිත් ඇදට පැන්න, ඒකා හොඳටම බය වෙලා. මං ඒ තරම් බය නැති නිසා හොඳයි.

"අය්යේ මොකක්ද ඕයි ඒ සද්දෙ, මේ බලනවා මගෙ ඇගේ හිරි ගඩු පිපිලා"

"මන්ද ඕයි, කවුරු හරි ගෑණු කෙනෙක් කෑ ගහනවා වගේනේ"

"අද මං ඔයා ළඟ ඉන්නම් හා ද "

"හ්ම්ම්, හ්ම්ම් බය නැතුව නිදා ගන්නව, මං ඉන්නවනේ ලඟ"

"තමුසෙට බය නැද්ද අය්යේ"

"ඔය පොඩි සද්දෙකට බය වෙන්න මේ මං, පිස්සු හැදෙයි,කට වහගෙන නිදා ගන්නව"

ටිකක් වෙලා යද්දි ඒ සද්දෙ නැති වෙලා ගිය නිසා මමත් ඇදේ ඇලවුනා, හෙට සෝමා නැන්දගෙන් අහ ගන්න ඕන ඒ සද්දෙ මොකක්ද කියලා,මල්ලිත් මගේ අස්සටම වෙලා නිදා ගත්තේ ඇදේ ඉඩ මදි නිසාම නෙවෙයි, ඒකා පුරුදු වෙලා හිටියෙ අම්මගෙ තුරුලේ නිදා ගන්න, අම්ම නැති මේ මාසෙට අපි දෙන්නා එක ළඟ නිදා ගද්දී ඒකා පුරුද්දට මගේ අස්සට ඇවිත් නිදා ගත්තා. අම්මව නිතරම මතක් වෙනවා, ඒ හැම සැරේම ඇස් දෙකට කදුළු පිරෙන්නේ මටත් නොදැනිම,අන්තිමට අපේ මතක පිරුණු තැනටත් සමු දෙන්න උනා.

මං ඊයේ රෑ කොච්චර වෙලා කල්පනා කර කර හිටියද මන්දා, දන්නෙම නැතුව නින්ද ගිහින්, පුරුද්දට වගේ උදේ හය හමාර විතර වෙද්දි මට ඇහැරුනා.පොඩි එකා නම් තාමත් මට තුරුල් වෙලා නිදි. මමත් ටිකත් වෙලා ඇදට වෙලා ඔහේ හිටියා, හතට විතර නැගිටලා මූණ හෝදන් එද්දී මල්ලිත් ඇස් දෙක පොඩි කර කර මූණ කට හෝදන්න ගියා. සෝම නැන්දා ගෙනත් දුන්න තේ දෙකත් අපි දෙන්නත් එක්ක පොඩ්ඩක් මිදුලට බැස්ස.

අපිට හුරු පුරුදු පරිසරේට වඩා ගොඩක් වෙනස්නෙ, උදේ හත පහු වෙලා තිබ්බත් යන්තම් පින්න වගේ තිබ්බ. හැම තැනම කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනවා. ඒ විතරක්ද ලස්සන ලස්සන කුරුල්ලෝ හැම තැනම. මෙච්චර කල් උදේට ඇහැරෙන කොට දැකපු ලෝකෙට වඩා වෙනස්ම ලෝකයක් මේ කොළ පාට පිරුණු ගම ඇතුලේ අද දැක්කෙ.....

අපිට ගෙයි ඉස්සරහ මිදුල වැඩිය නිදහසක් දැනුනේ නැත්තේ සීයලගේ ගේ තිබ්බ නිසා, ඒත් ගෙයි පිටි පස්සට වෙන්න නම් ගොඩක් ඉඩ තියෙනවා. ඒක ලොකු වත්තක්නෙ, ගෙයි පිටි පස්සට වෙන්න ටිකක් ඈතට යනකම්ම ඉඩ තිබ්බ නිසා මමයි මල්ලියි ඒ ටිකේ පොඩ්ඩක් ඇවිද්ද කම්මැලි කම යන්නත් එක්ක. එක එක ජාතියේ කුරුල්ලෝ එක එක ජාතියේ ගස් වල ඉඳන් කෑ ගහනව. පොඩි පොඩි ගෙඩි තිබ්බ ගස් වල,පදුරු වල ඉන්න උන් දිහා බල බල අපි දෙන්නා ටිකක් වෙලා ඉදල ආයෙත් ගෙට ආවා.....

කුස්සියේ තිබ්බ පරණ කොස්සක් අරන් මල්ලි ගේ අතු ගාන්න ගත්තා, එයා එහෙම තමයි ගේ අස් පස් කරන වැඩ සිද්ද උනේ එයාගේ අතින් තමයි හැමදාම. වැල්ලේ ඉද්දී අපේ වැඩේම මේකව කඩේ යවන එක. කවදාවත් බෑ කියන්නේ නෑ. නවය විතර වෙද්දී අපිට ඉඳි ආප්ප වගයක් ගෙනත් දුන්න සෝම නැන්දා කිව්වෙ කාලා ඉවර උනාට පස්සේ සීයා එන්න කිව්වා කියලා. අපි ඊයේ ආවට පස්සෙ ඒ කවුරුත් අපි එක්ක කතා කරෙත් නෑනෙ හරියට. මොනව අහයිද මන්දා.

°
°
°

"ආ ආවද"

අපි යද්දි සීයා ඉස්තෝප්පුවට වෙලා පත්තරයක් කියවනවා.අපි ගියාට පස්සෙ පත්තරෙත් පැත්තකින් තියලා අපි දෙන්නා දිහා හොඳට බලලා දාගෙන හිටපු කන්නාඩි දෙකත් ගලවලා පත්තරේ උඩින් තිබ්බා, ඊට පස්සේ පුටු ඇන්දට වැලමිට තියාගෙන අත් දෙකේ ඇගිලි එකට බැඳගෙන ඉස්සරහ ගුරු පාර දිහා බලාගෙන උගුර පෑදුවේ ලොකු කතාවක් පටන් ගන්න වගේ.

"දැන් ඔය ළමයා සාමාන්‍ය පෙළ ලියල නේද ඉන්නෙ,කොහොමද ප්‍රතිඵල උසස් පෙළ කරන්න පුළුවන්ද"

"පුළුවන් සීයේ"

"ම්ම්ම්, මෙයා එතකොට කීයේ වසරද"

"මං දහය වසර සීයේ"

"ම්ම්ම්"

සීයා එහෙම්මම කල්පනා කරද්දි ගේ ඇතුලේ ඉඳන් ආව කෙනෙක් අපි දිහා හොඳට බලාගෙන ගිහින් සීයට එහා පැත්තේ පුටුවේ වාඩි උනා. මං හිතන්නේ මේ ලොකු මාමා වෙන්න ඇති.

"මේ අර ළමයි දෙන්නද අප්පච්චි"

"ම්ම්ම්, දැන් ඉතින් ඉස්කෝලෙට බාර දෙන්නත් එපැයි. එක්කෙනෙක් දොළහට, අනිත් එක්කෙනා දහයට"

එයාලා කතා කරද්දී අපි දෙන්න ඔහේ හිටගෙන අහන් හිටිය.මදි පාඩුවට ආච්චියි ලොකු නැන්දයි දෙන්නත් ලේ කදුළක් නැති මූණු දික් කරන් ඉස්තෝප්පුව ට ඇවිත් ඉඳ ගත්ත.

"දැන් තව දවස් හතරක් පහක් වගේනේ අප්පච්චි ඉස්කෝලෙ පටන් ගන්න තියෙන්නේ"

"ඒක තමයි මමත් මේ කල්පනා කරේ, අඩු පාඩු හදල දෙන්නත් එපැයි"

"එහෙන් එද්දී ඒ දේවල් අරන් එන්න ඇතිනේ අපේ මහත්තයා, ආයේ මොකටද අපි බොරුවට වියදම් කරන්නේ"

අනේ මන්දා තමන්ගේ දුවගෙ ළමයින්ට ඉගෙන ගන්න දෙයක් අරන් දෙන්න තියෙන ලෝභකම.

"ඒ උනාට පොත් පත් එහෙම අරන් දෙන්න එපැයි හාමිනේ.... දැන් දෙන්නට සපත්තු, බෑග් එහෙම තියෙනවද"

"ඔව් සීයේ තියෙනවා"

"එතකොට පොත් පත් එහෙම"

"අලුතෙන් හම්බ වෙච්ච ටිකක් තියෙනවා. පරණ පොත් ටිකත් ගත්තම ඇති වෙයි"

"ම්ම්ම් එතකොට සුදු ඇදුම්, මෙයාට නම් අළුතින් දිග කලිසමක් එපැයි අදින්න"

නිවාඩු දෙන්න කලින් අපිට හම්බ වෙච්ච සුදු රෙදි වලින් ඇදුම් මහන්න උනේ නෑනෙ, මොකද අම්මගෙ මළ ගෙදර දවස් වල ඒව එක එක වැඩ ඉල්ලද්දි දෙන්න උනා. සුදු ඇදුම් මහන්න දෙන්න යන්න ඉද්දිනේ අම්ම නැති උනේ. මං හිතන් හිටියෙ මගේ පරණ කලිසමක් වත් මල්ලිට දෙන්න, ඒ කිව්වත් ඉතින් මට තිබ්බෙත් සුදු කලිසම් දෙකයි.

"නිල ඇදුම් මහන්න දුන්න රෙදි වලින් ඇදුම් මැහුවද නැත්නම් මෙහෙ ගෙනාවද"

"මේ.... මේකයි සීයේ.... අම්මගෙ මළ ගේ දවස් වල ඒවා එක එක වැඩ වලට ගත්තනෙ"

"හරිනෙ ඉතින් දැන් දාස් ගාණක් වියදම් කරලා සුදු ඇදුම් මහල දීපල්ලකො"

ආච්චි අම්මා ලොකු නැන්දගෙ මූණ දිහා බලලා කම්මුලේ අත ගහන් කියවන්න ගත්ත.

"අපේ සුදු බබාගෙ යුනිෆෝම් වඟයක් තිබ්බ, ඒවා ඇති වෙයි, ආයේ මොකටද අලුතෙන් මහන්නේ"

ලොකු නැන්දා එහෙම කියාගෙන අපිටත් ගස්සන් ගෙට ගියා.මේ මිනිස්සු මේ නොකියා කියන්නෙ අපිව බරක් කියල. අම්ම නැති උන දවසේ ඉඳන් දැනුනු අසරණකම, ඒ හැඟීම මෙහෙට ආවට පස්සෙ වැඩිපුර දැනුනා.

ලොකු නැන්දා ගෙට ගිහින් අරන් ආපු ඇදුම් ටික මගේ අතට දමල ගහන්න වගේ දීලා ආයෙත් ගිහින් ඉඳ ගත්ත. එතන තිබ්බෙ කමිස දෙකකුයි, කලිසම් දෙකකුයි,ඒවා අලුත් පාටට තිබ්බත් ටිකක් ලොකුයි වගේ, මල්ලිට නම් කොහොමත් අදින්න බෑ. මං හිතන්නේ සීයටත් ඒක තේරුණා.

"පොඩි හාදයට නම් ඕවා ලොකු වැඩි, කමක් නෑ මං සල්ලි දෙන්නම් ගිහින් ඇදුමක් මහන් එන්න.... මං අපේ සිරිසෝම ගෙ පොඩි කොල්ලට එන්න කිව්වා මේ දෙන්නත් එක්ක ටවුන් එකට ගිහින් එන්න, අද ඒකාත් පොත් වාගයක් ගන්න යනවා කියල සිරිසෝම පුතා කිව්ව"

"අනේ මන්දා අපේ මහත්තයා අපිට කොයි කාලයක් වියදම් කරන්න වෙයිද කියලා"

"එහෙමයි කියල මේ ළමයින්ව ගෙදර තියන් ඉන්න බෑනේ අම්මේ"

"ඉස්කෝලෙ මහත්තුරු දෙන්නෙක්ම ගෙදර ඉඳලත් මුන් දෙන්නව ඉස්කෝලෙ නොයවා හිටියොත් මිනිස්සු අපිට මොනව නොකියයිද හාමිනේ"

"අනිත් එක නීතියෙන් මේවා ගැන හොයල බැලුවොත් අපිට ලේසි වෙන්නේ නෑ අම්මේ "

"දැන් දෙන්නත් එක්ක ලෑස්ති වෙලා ආවනම්, මං සල්ලි දෙන්නම් ආවම"

මං ඉක්මනට මල්ලිවත් ඇදන් ආවා. තවත් එතන හිටගෙන ඉන්න තරම් හයියක් මට තිබුණේ නෑ, අපි දෙන්නම අන්ත අසරණ වෙලා කර ගන්න දෙයක් නැති කමට එතනට වෙලා හිටියේ.

"මට පුළුවන් උනා නම් මෙහෙම්ම ගෙදරට දුවනවා අය්යේ"

පොඩි එකාට මට තරම් වත් ඔය දේවල් දරා ගන්න බෑ. ආච්චි අම්මයි, නැන්දයි පුළුවන් තරම් අපිට රව රවා ආඩපාලි කිව්ව. අනිත් එක සීයා අපිව ඉස්කෝලෙ යවන්න වියදම් කරන්නේ නම්බුව ගැන හිතලා, එතකොට ලොකු මාමා නීතියට බයේ. තමන්ගේ කියල කිසිම හැගීමක් මේ මිනිස්සුන්ට නැද්ද දෙයියනේ.

අපි ලෑස්ති වෙලා ආවම සීයා මගේ අතට පන්දාහේ කොළ දෙකක් දුන්න, ඒ එක්කම ගේට්ටුව ඇරන් ඇතුළට ආවේ අර රොයිටරේ, චවික. කට කනේ ගෑවෙන්නම හිනා වෙවී අපි ළඟට ආව.

"ආ උබ ආවද කොල්ලො, එහෙනම් මේ දෙන්නවත් ටවුන් එකට එක්ක ගිහින් ඔය අඩුපාඩු ගන්න තැන් පොඩ්ඩක් බලපන්, ඔය උසස් පෙළට ඕන කරන පොත් එහෙම"

"හොඳයි ලොකු සීයේ"

"ආ අර සිල්වගෙ ටේලර් සාප්පුවට මේ දෙන්නව එක්ක පලයන්කෝ කොල්ලො. මතක ඇතුව සිල්වට කියපන් මං කිව්වා කියලා ඉරිදා උදේ වෙද්දි ඇදුම ඕන කියලා"

"හරි හරි ලොකු සීයේ බය වෙන්න එපා මං ඔක්කොම බලා ගන්නම්"

මේ ඇටයද යකෝ අපිව බාර දෙන්නේ, වැල්ලේ ඉද්දී නම් මං මේ වගේ උන්ව ගණන් ගන්නෙත් නෑ යකෝ.

මල්ලියි අර කොල්ලයි නම් මේ ඩිංගට ෆිට් වෙලා. කමක් නෑ ඉතින් මල්ලිට තනියක් නෑනෙ යාලුවෙක් හරි ඉන්නවනේ. හැබැයි මම නම් මේ වගේ එකෙක් කීයට වත් මගේ හොදම යාළුවෙක් කර ගන්නෙ නෑ. මේ බබ්බු වගේ කොල්ලො මට ආශ්‍රය කරන්න ගැලපෙන්නේ නැහැ. ඒ වගේද මගේ වැල්ලේ සෙට් එක, අන්න යාළුවෝ....

උන් දෙන්නා ඉස්සර වෙලා කියවන් යද්දි මමත් සාක්කු දෙකට අත් දෙක දාගෙන ඔහේ ඇවිදින්න ගත්ත, මොනව උනත් ලස්සන ගමක්.

"මේ ඒක නෙවෙයි අය්යේ, ඊයේ රෑ අපිට අමුතු සද්දයක් ඇහුණනෙ හලෝ "

මල්ලි අර කොල්ලගෙන් අහද්දි තමයි මටත් ඒක මතක් උනේ.

"ඈ ඒ මොකක්ද"

"නිකන් ගෑණු කෙනෙක් හූ තියනවා වගේ, සැරින් සැරේ ඇහුනා"

"ආ ඊයේ රෑ  උලමා කෑ ගහපු සද්දෙ වෙන්න ඇති. ඇයි ඔයාල මීට කලින් අහලා නැද්ද "

"උලම කියන්නේ මොකාද අදමයි ඇහුවෙත් "

"උලලේනා කියල වත් අහල නැද්ද"

"ආ... ඒක නම් අහල තියෙනවා කවි වල එහෙම"

"අන්න ඌ තමයි ඔය ඊයේ කෑ ගැහුවේ"

"ආ ඒ ලේනද ඔය ඊයේ කෑ ගැහුවේ"

මං කිව්වා නෙවෙයි කියවුණා, මොකද ඉතින් ගණන් ගන්නේ නෑ වගේ හිටියට මමත් ඒ කතාවට කණ පොඩ්ඩක් දාගෙනනෙ හිටියෙ.

"අයියෝ ඒ ලේනෙක් නෙවෙයි දෙයියනේ කුරුල්ලෙක්, බකමූණ වගේ ලොකු කුරුල්ලෙක්, ඌට හොල්මන් කුරුල්ලා කියලත් කියනවා"

ඔය ඉතින් කට පියන් ඉන්න බැරුවට නිකන් චාටර් උනානෙ, කව්ද යකෝ ඉතින් දන්නෙ උලලේනා කියන්නේ කුරුල්ලෙක් කියල, මං හිතුවේ පොඩි ලේන, දඬු ලේනා වගේ එකෙක් කියලනෙ.

"ඈ හොල්මන් කුරුල්ලා, ඒ කියන්නේ ඌ හොල්මනක්ද "

"අයියෝ දෙයියනේ, මට පොල්ලකින් ගහපන් ශාන්තයෝ "

"කෝ කව්ද ශාන්ත, ඒත් හොල්මනක්ද හලෝ "

මල්ලි නම් හොඳටම බය වෙලා, මං නම් බය නෑ, ඒත් ඉතින් සූදානම් ශරිරේ කියල මල්ලි එක්කම වට පිට බල බල ශාන්තයව හෙව්ව. අර යකා හරී කලකිරෙන බැල්මක් අපි දෙන්නට හෙලලා හොඳ හුස්මක් අරන් ආයෙත් කතා කරන්න ගත්ත.

"හොල්මන් කුරුල්ලා කියල නිකන් කතාවට අනේ කියන්නේ, ඔය අපේ ආච්ච්ල සීයල කියනව ඔය කුරුල්ලා කෑ ගැහුවොත් ගමේ මළගෙයක් වෙනව, එහෙම නැත්නම් මළ ගෙවල් හතක් වෙනවා කියල. ඒකයි ඔය වගේ නමක් කියන්නේ"

"ඉතින් ඇත්තටම එහෙම වෙනවද"

"සමහර වෙලාවට හරි යන වෙලාවල් තියෙනවා, ඒ උනාට ඕවා බොරු කතා අනේ"

"ඔයාලට බය නැද්ද ඌ කෑ ගහද්දි"

"පොඩි කාලේ නම් බයයි, දැන් නම් හුරු වෙලා, ඔය දෙන්න නම් ඊයේ බය වෙන්න ඇති නේද, ඔයාලට පුරුදු නෑනෙ"

"බය වෙන්න, පිස්සුද, මල්ලි නම් පොඩ්ඩක් බය උනා, මට ඕවා ගානක් නෑනෙ"

යන්තම් ජාමේ බේර ගන්න එහෙම කියාගෙන සාක්කු දෙකට අත් දෙක දාගෙන කොන්දත් කෙලින් කරන් වීරයා වගේ ඉස්සරහට යන්න හැදුවත් අඩි දෙක තුනක් යද්දි මාව ගල් උනේ ගුරු පාරේ දූවිලි අවුස්සගෙන මහ සද්දෙන් හෝන් ගහගෙන එන බයික් ටික දැකලා.

_____________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

මේ දවස් ටිකේ පොඩි වැඩකට හිර වෙලා ඉන්නේ ළමයි, ඒ නිසා කතාව දෙන්න පරක්කු උනේ. දවස් දෙක තුනක් දෙන්න ඒ නිසා.

කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි. ආදරෙයි, තාම කතාව හරියටම පටන් ගත්තේ නැති නිසා ඔයාලට බෝරින් ඇති. තව කොටස් දෙකකින් වගේ ඉස්කෝලෙ පටන් ගන්නව, එතකොට තමයි සමහර චරිත කතාවට එන්නේ වගේම ගොඩාක් සිද්දි ඇති වෙන්නේ. ඒ නිසා ඉවසන් ඉන්න ❤️

✍️ යූචි

Continue Reading

You'll Also Like

40.1K 6K 37
පෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ
26.7K 3.4K 43
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..
7.3K 869 25
මගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න. ❤︎❀❤︎