තත් 🔞

By sheronhesaraa

24.7K 1K 1K

තත් හතක් මත වැටුනු පිනිකැට කියන අරුමැසි ආදරේ ....♥♥♥ More

පළමුවන ස්වරය.♥
දෙවන ස්වරය ♥
තෙවන ස්වරය ♥
සිව්වන ස්වරය ♥
පස්වන ස්වරය ♥
සයවන ස්වරය ♥
සත්වන ස්වරය ♥ 🔞
අටවන ස්වරය ♥ 🔞
නවවන ස්වරය ♥
දසවන ස්වරය ♥ 🔞
එකොලොස්වන ස්වරය ♥
දොළොස්වන ස්වරය ♥
දහ හතරවන ස්වරය ♥
පහළොස්වන ස්වරය ♥
දහසයවන ස්වරය ♥🔞
දහ හත්වන ස්වරය ♥
දහ අටවන ස්වරය ♥ 🔞
දහ නවවන ස්වරය ♥
විසිවන ස්වරය ♥
විසි එක්වන ස්වරය ♥ 🔞
විසිදෙවන ස්වරය ♥
විසි තුන්වන ස්වරය ♥
විසි හතරවන ස්වරය ♥
විසිපස්වන ස්වරය ♥
විසිහයවන ස්වරය ♥
විසිහත්වන ස්වරය ♥
විසිඅටවන ස්වරය ❤️
විසිනවවන ස්වරය ❤️🔞
තිස්වන ස්වරය ❤️
තිස් එක්වන ස්වරය ❤️ 🔞
Special note

දහතුන්වන ස්වරය ♥

275 14 42
By sheronhesaraa

"සුදු මහත්තයා....පොල් ටික ඔයලා ඉවරද ? "

"තාම නෑ අම්මා...අම්මා හාල් පෙඟෙන්න දැම්මද ?"

"හාල්නම් පෙඟෙන්න දැම්මා...ඔච්චර දේවල් දැන් උබ හදන්න දන්නවද පුතේ.."

"ඔව් මම දන්නවා...ලැජ්ජයි අම්මා...ශික්කේ...ලැජ්ජාවේ බෑ අම්මේ...අම්මාට බෑ කැවිලි හදන්න හැබැයි පුතාට පුලුවන්...."

"උබත් දන්නෙ ඉතින් මගෙ අම්මාගෙන් ඉගෙනගෙන නෙ...ඒක නෙවෙයි සුදු මහත්තයා දැන් අර දරුවා කොහේ කිව්වද..."

"දැන් අලුත්ගම කිව්වා අම්මා...දොලහ පහුවේවි එද්දි..."

"ම්ම්ම්...කොල්ලො හවස් වෙන්න කලින් දොදොල ලිපේ තියාගන්න ඕන...හවසට විස්වාස නෑ....වැස්සොත් සේරම ඉවරයිනෙ...."

"ඔව් අම්මා...අම්මා මේ ටික ගාන්න ගන්නකො...කෝ අර මූසලී...යකෝ මම ගෙදර පුතා...ඒකි දුව...හරිනම ඒකිනේ මේවා කරන්න ඕන..."

"ඒකි තාම පොඩියිනෙ පුතේ..."

"එහෙම කොහොමද...නංගීඊඊඊඊඊහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්....."

".................."

"නංගීහ්හ්හ්හ්හ්හ්....නංගීහ්හ්න්න්න්න්......"..

"මොකද අනේ කෑගහන්නෙ...barister babu බල බල හිටියේ..."

"බැරිස්ටර් බාබු නෙවෙයි ප්ලාස්ටර් බාබු හරි බලපන් මේවා ඉවරවුනාම...අද දොලහ හෙට දහතුන....හෙට හවස හතරෙන් පස්සෙ නොනගතේ...වරෙන් උදව් කරපන් අම්මට අර පොල් ටික ගාන්න...පොල් ගෙඩි දහාටක්..."

"හරි හරි වදේ....මම පිට්ටුව හදලා දෙන්නම් කියලා කිව්වනෙ..."

"අපි මේ සේරටම මැරෙන්නයි උබ පිට්ටුව විතරක් හදලා දීලා මාරුවෙන්නයි....එහෙනම් අර බැදුමට ලූනු ටික කපපන්..."

"අපෝ මේ...ඒකනම් බෑ...කඳුලු එනවා...මම මෝජුවට වම්බටු ටික කපලා දෙන්නම්..."

"අනේ සුදු මහත්තයා ඕකිට ඉන්න දෙන්න...ඕකි කුස්සියට ආවම අත කපාගන්නවා , මෝල්ගහ කකුල උඩ දාගන්නවා...එක වැඩේ දෙක වෙනවා...."

"අම්මා ඔය වම්බටු ටික සාලෙන් ගෙනත් තියන්න...මේකි කපාවි..."

"හා හා...සුදු මම මුංඇට ටික බැද්දා...ඔයා බ්ලෙන්ඩ් කරගන්න...."

"හරි අම්මා...මම ඒක කරගන්නම්...ඔයා කැවුම් වලට කිව්වද අර හදන තැනට..."

"ඔව් ඔව්...කොන්ඩ කැවුම් 25යි ආස්මි දහයයි පැනි වලලු දහයයි..."

"හා හා...ඔය තුනම හදන්න බෑ මට...හදන්න දන්නවා...හැබැයි පලපුරුද්ද නැතිනිසා ඒදාගන්න බෑ හරියට...එතකොට හබක් ඉතින්....කොහොමත් ඔය තුනම ආච්චිටත් බෑ...ඉතින් ආච්චිට බෑ කියන්නෙ එයාගෙන් ඉගෙන ගත්තු මටත් බෑ 😁"

"ඔව්...කොල්ලෝ මම එහෙනම් පොල් ටික ගාන්න යනවා...අර දරුවා දැන් කොහෙද බලන්න..."

"හරි අම්මා...දැන් අම්බලන්ගොඩට කිට්ටු ඇති."

"අහන්න ඒ දරුවා රෑට කන්න ආසා මොනවද කියලත්..."

"හරි අම්මා..."

ඕගොල්ලො බලනව ඇතිනේද මේ මොකද කියලා...අද 2022 අප්‍රේල් 12...අනිද්දා අවුරුදු...ඒ අස්සෙ මගෙ කොලු පැටියත් එනවා කිව්වා අද පලවෙනි පාරට මෙහේ...එයාට නිවාඩුනේ...ඒවුනාට එයාලට අවුරුදු නෑනෙ...එයාලා කොතෝලිකනෙ....ඉතින් දැන් ඔන්න එයා ට්‍රේන් එකේ මාතර අපේ ගෙදර එන ගමන්.

කෝමහරි අපේ ආච්චිට පින් සිද්ධ වෙන්න මට සුපිරියට උයන්න පුලුවන්...සමහරු කියනවනෙ කොල්ලො උයන්නෙ නෑ , උයනව කියන්නෙ කෙල්ලො කරන වැඩක්...බ්ලෑ බ්ළෑ බ්ලා ...
ඒවා තමා ලමයි මල විකාර කියන්නෙ...උයන එකේ ආතල් එක දන්නෙ උයන්න දන්න කොල්ලෙක්ම තමා...අනික බෝඩිමට ඉද්දි , රට ගියාම එහෙම උයන්න දනන්වා කියන්නෙම කොල්ලෙකුට මාරම හයියක්.
දෙයියනේ කියලා කන්න තියා අල්ලන්නවත් අකමැති බීෆ් , පෝක් , මට්න් , දඩමස් වගේ මස් වර්ග ඇරුනම කැවිලි පෙවිලිවල ඉඳලා ඕනිම කෑමක් මට උයන්න පුලුවන්...අපේ අම්මට බෑ හැබැයි...ඒක වුනේ මම හැදුනෙ ආච්චි එක්කනේ...ඉතින් අපි දෙන්නට කරන්න දේකුත් නෑනෙ..අපි කරන්නෙ එක එක කෑම හදාගෙන ආච්චියි , මායි , සීයයි තුන්දෙනා එක්ක බඩපැලෙන්න කන එක...එහෙම නැත්නම් සින්දු දාගෙන නටන එක , නැත්නම් ෆිල්ම් බලන එක...අපෙ ආච්චි මාරම ආදරනීය කෙනෙක්...අපි දෙන්නා හවසට එලියෙ පුටු තියාගෙන සින්දු කියනවා....මගෙ ඇඟට කලාව කාවැද්දුවෙ එයා තමා.

"බබා කොහෙද ඉන්නෙ බොල දැන්...."

"ආ දැන්...අහුන්ගල්ල..."

"තාම අහුංගල්ලෙද ඕයි.

"ඔව් අප්පා..මේක ලේට් අද...ඔයා මොකද කරන්නෙ..."

"අපොයි කරන්නද වැඩ නැත්තෙ...අපේ ගෙදර අවුරුද්දට තියන වැඩ කන්දරාව ඔයා ආවම බලාගන්නකො....ආ අම්මා අහන්න කිව්වා රෑට කන්න මොනාද ඕනි කියලා "

"රොටියි සම්බලුයි...හැබැයි රොටිය වැනෙන්න ඕන හොඳේ..."

"හා හා...රොටිය නොවැනුනොත් වැනිලා ටිකක් හරි දාන්නම්...පරිස්සමින් හොඳද...වැලිගමදි මට කියන්න..."

"හාකො හාකො...පරිස්සමින් එහෙනම්..තෙරුවන් සරනයි..."

"පරිස්සමින් මැනිකෙ...බුදුසරණයි ..."

අද තාම උදේ දහයයි ..කොහොමහරි හෙට හවස 4.47 ට නොනගතේ ලබන නිසා කැවිලි පෙවිලි ටික ඊටකලින් හදලා අහවර කරන්නත් එපැයි...

අම්මා දොදොල් වලට පොල් ගානවා , මල්ලි කිරි උතුරවන්න කොලපු ඇහිඳින්න කියලා ගියා...නන්ගි මෝජු හදන්න වම්බටු කපනව...මට තමා ඉතුරු සේරම හදන්න වෙන්නේ....තාත්තානම් හෙට කිරි උතුරන්න ඕන නිසා කුරුදු දර වගයක් හීනියට පලනවා...

කෝමහරි අම්මා කබලෙ බැදපු මුංඇට ටිකයි , දියේ දැම්ම හාල් ටිකයි හොඳට පිටි වෙනකල් බ්ලෙන්ඩ් කරපු මම...ඒ ටික පොඩ්ඩක් හලාගත්තා පෙනේරෙකින් වෙන වෙනම...හාල්නම් සේරු අටක්...ඇයි දොදොලටම සේරු දෙකක් නේ....

ඉතින් ඔය හාල්ටික පිටිකරලා දොදොල්වලට අයින්කලා...ඉතුරු ටික ඉතින් ඉතුරු කැවිලිවලට.

"නන්ගේහ්හ්හ්හ්හ්....මෙහේ වරෙන්...පිට්ටුව තම්බලා දීපන් වැලිතලප ඕනනම්...."

"හා හා...තව වම්බටු ටිකයි තියෙන්නෙ...මේකත් කපලම එන්නම්...."

"හරි...එහෙනම් මුලින්ම මම පොල්ටොෆි ටික හදනවා...මොන පාට කලරින්ද ගෙනාවා..."

"රෝස පාට..."

"අපෝ බන්...වෙන පාටක් තිබ්බෙම නැද්ද...."

"තිබ්බා...මම ආස නිසා රෝස පාට ගෙනාව ඉතින්..."

"හ්ම්ම්...එහෙනම් මෙහෙම කරමු ගෑස් එකේ ලිප් දෙකේ පොල් ටොෆි මුං කැරලියි දෙකම එකපාර හදමු...."

"හරී...ඔයා ඕක කරන්නකො..මම ඉම්මනින් පිට්ටුව තම්බලා දෙන්නම්...."

අපේ නංගි වැලිතලප වලට පට්ටම පෙරේතයි...ඉතින් ඕකි හදන්න දන්න එකම දේත් පිට්ටු විතරයි...කෝමහරි වැලිතලප හැදිල්ල පස්සට දාලා මම පොල් ගාලා ඒ පොල් වලට ලුනු දාලා පැත්තකින් තිබ්බේ ලොකු තාච්චියක් ගෑස් එකෙන් තියලා කිතුල් පැනි බෝතල් කාලක් විතර ඒකට දාලා මධ්‍යම හීට් එකකින් පැනි ටික රත්කරන ගමන්...

පැනි එක රත්වෙන අතරේ ලොකු සවාන් එකක බටර් ටිකක් අතගාපු මම යන්තමට රත්වුනු පැනි එකට එනසාල් , කරාබුනැටි , වැනිලා දාලා යාන්තමට බුබුලු එනකල් නටවලා ඊළඟට මුං පිටියි හාල් පිටියි දාලා හොඳට කලවම් කලේ අතේ නොඇලෙන ගානට මෘදු තලපයක් හැදෙනකල්...ඊළඟට මේ තලපේ අර සවාන් එකට දාලා හොඳට තවපු කෙහෙල් කොල කෑල්ලකින් තුනී කරගෙන බටර් ගෑව පිහියකින් සමාන්තරාස්‍රයි රොම්බසයි කැපුවා....

ඔහෙලා දනන්වනෙ රොම්බස...ඕලෙවල්ස් ගනන් පාස් වුනේ අත උස්සලා නෙවෙයිනෙ...අර සමචතුරස්‍රෙට පයින් ගැහුවම ලැබෙන එක...

ඊළඟට ටිකක් හයි වෙනකල් ඒක පැත්තකින් තිබ්බ මම නන්ස්ටික් පෑන් එකකට සීනි දාලා ඒකට උනු වතුරත් දාලා උකු පැනි එකක් වෙනකල් හැඳිගෑවෙ එනසල් , වැනිලා එහෙමත් දාන ගමන්...ඊළඟට අර ලුනු වැදුනු පොල්ටික මේ පැනි එකට දාලා කුරුඳු කුඩුයි කිරිපිටි හැන්දකුයි දාලා ගණකම් වෙනකල් හැඳිගෑවෙ පාටවෙන්න ෆුඩ් කලරින් දාන ගමන්.
ඒකත් බාලා තුනී කරලා කැපුවා සමචතුරස්‍ර...මේවා ලේසි නෑ...අඩිරූලෙන් මැන මැන කපන්නෙ...බොරු බන්...හිතේ මිම්මට කපන්නෙ...මගෙ කොල්ලා එක්ක කපන කැපිලි වල හැටියට මේවත් වැඩද ඉතින් මට....හිකි හිකි... 😁

දෙකක් හරි...කැවිලි දෙකක් ගොඩ...හැබැයි මුං කැරලිනම් තවම හදලා ඉවර නෑ...බැද්දෙ නෑනෙ තවම.

"සුදු මහත්තයා...එන්න මේ දොදොල ලිප තියන්න...වාසනාවන්ත පිරිමි අතකින් තිබ්බම හොඳට තෙල් එනවා...."

"එනවා අම්මා..."

කෝමහරි මිටිකිරට හකුරුයි හාල්පිටියි සීනියි දියකරලා ලුනු පදමට දාලා ලිප තියලා දෝත් මුදුන් දීලා මම ගෙට ආවේ අම්මයි තාත්තයි අල්ලපු ගෙදර මාමයි ඇන්ටියි මාරුවෙන් මාරුවට පතුගානවා ඇහෙද්දි....අපේ පැත්තෙ දොදොල් හැඳිගානවට කියන්නෙ පතුගානවා කියලානෙ...

ඊළඟට මම පාන්පිටිවලට කහයි ලුනුයි පොල්කිරියි දාලා උකු බැටර් එකක් හදාගත්තෙ වැඩිහොඳට බිත්තරේකුත් කඩලා දාලා...මේ බැටර් එක අපිට කැවිලි තුනකට පාවිච්චි කරන්න පුලුවන්...කොකිස් , මුං කැරලි , නාරං කැවුම්.

ඊලඟට පැනි පොල් මැල්ලුමක් හදාගෙන ඒකට කබලේ බැදපු හාල් පිටි ටිකකුත් දාලා කලවම් කරගෙන මල්ලිට දුන්නා ගුලි කරන්න.

"මෙන්න මේ ගානට ගුලි කරන්න ඕන...තේරුනාද..."

"හරි මෙහෙ දෙනවකො.."

"මොකද ඕයි ඔය කරන්නෙ...උබට කිව්වෙ ගුලි කරන්න මිසක් කන්න නෙවෙයි..."

"හරි අප්පා...පොඩ්ඩක් කාලා බැලුවෙ ආසාවට."

ඌ පැනිපොල් ගිලිනවා හොරෙන්...කෝමහරි තෙල් තාච්චු දෙකක් ලිපතිබ්බ මම එකකට මුංකැරලි හදන්න ගත්තේ අනිකට කොකිස් අච්චුව දාලා.

"අම්මේහ්...."

"ඕ...ඉන්න එනවා...අක්කෙ පොඩ්ඩක් මේක බලන්න..."

"හරී නංගි...නංගි යන්න ...මම ඉන්නවනෙ..."

"අම්මේහ්හ්හ්...."

"මේ එනවා සුදූ...මොකද බන් මේ විලාපේ...."

"ආ මෙන්න මේ කොකිස් ටික බදින්න මම නාරං කැවුමුයි මුං කැරලියි බදිනකල්...."

"හා හා...අච්චුව රත්කලාද..."

"ඔව් ඔව්...ඔයා හදන්න ගන්න....දැන් රත්වුනා ඇති "

කෝමහරි...පැයක් විතර යද්දි තවත් අලුත්ම ලොකු වීදුරු බෝතල් පිරෙන්න කැවිලි වර්ග පහක් හැදිලා තිබුනා...මුං කැරලි , මුං ගුලි , නාරං කැවුම් , කොකිස් , පොල්ටොෆි...

"අයියේ....එක බම්බුවක් ඇතිද..."

"මදිවේවිනේ...අපේ ගෙදර ඉන්නේ වැලිතලප පෙරේතයෝනේ...බම්බු දෙකක් හදන්න...."

"අම්මේ කෝ පිට්ටු බම්බුව..."

"ඒක හෝදලා නෑ සුදුනෝනා...හෝදලා ගන්න"

"අයියේ පිට්ටු බම්බුව හෝදා නෑලු ...පිට්ටු ටික වතුර මුට්ටියට උඩින් රෙද්දක් ගැටගහලා ඒකෙ තම්බන්නද...."

"ඒකට කියන්නෙ කඩවුන්න කියලා බොල ගෙම්බියා...කෝමහරි කමක් නෑ තම්බලා දියන් ඉක්මනට....නංගි මතක ඇතුව ගොලගැටි පොඩියට ගනින්...ලොකු ඒවා ගල් වෙන්න බලනවා පැනි දැම්මම...."

ටිං ටිං....📲📲

මැසෙජ් එකක්...වෙන කාගෙන්ද ඉතින් මගෙ කොලු පැංචාගෙන් මිසක්.

"අම්මේහ්...මම යනවා...අරයා වැලිගමලු දැන්...මම ස්ටේශන් එකට ගිහින් එක්කගෙන එන්නම්..."

"හරි සුදූ ...ගිනි අව්වෙ නොයා කැප් එක දාගෙන යන්න."

"හරි අම්මා....අන්න අරකි කුස්සියේ...පුලුවන්නම් මන් එද්දි අර ඉඳිආප්ප ටික රෙඩි කරලා තියන්න..."

"ආ හරි සුදූ...පරිස්සමින් ..."

"මම යන........ආ අම්මේ...මෙන්න සුදුමාමා ඇවිල්ලා..."

"ලොකු අක්කේහ්හ්...ආ මෙන්න මේක ගන්න...අපේ එක්කෙනා කජු අලුවා හදලා..."

"සුදු මල්ලි...එනවා තේකක් බොන්න..."

"බෑ අක්කේ මම මේ හකුරු ගෙනියන්න ආවේ...අපේ ගෙදර වටලප්පන් හදනවා..."

"ඒ සුදු මාමේ...වටලප්පන් නම් අපිත් කනවා."

"ආ ඇත්තද...උබත් කනවද...හිටපන් හෙට එද්දි අරන් එන්නම්...තාම හදලා ඉවර නෑ....ආ මම යනවා අක්කේ එහෙනම්...සුදු මහත්තයා උබ කොහෙද යන්නෙ...මම මගට දාගෙන යන්නම්..."

"හරි..යන් ...මාත් ස්ටේඑශන් එකට යන්නෙ.."

"ම්ම්ම්...හරි හරි...දෙන්නම පරිස්සමින් එහෙනම්....සුදුමල්ලි මතක ඇතුව හෙට වරෙන් පොඩි උන් දෙන්නයි නංගියි එක්ක..."

"හා හා...ඔය හදන හැම එකෙන්ම මගෙ පංගුව අයින් කරපන් අක්කේ...හොඳේ..."

"හරි හරි ...උබ සේරටම වඩා පොඩි එකා වෙනවා...."

අපේ ගෙවල් තියෙන්නෙ ස්ටේශන් එක කිට්ටුව...ටිකක් යන්න ඕනි හැබැයි...මේ දවස්වල පයින් යන එකත් ආතල්..ඒ වුනාට සුදු මාමා මාව ගෙනත් දැම්මා මෙතනටම...ඒ තමා අම්මලයි පවුලෙ බඩ පිස්සා...තාම නිකන් හුරතල් වෙනවා අපේ අම්මා එක්ක..අම්මට වඩා අවුරුදු දහයකටත් වඩා බාලයි....

අපි ඉන්නෙ මාතර ටවුන් එකේමයි....කොහෙත්ම ගමක්නම් නෙවෙයි...ළඟ ලඟ ගෙවල්...හැබැයි අවුරුදු කාලෙට ගමකට දෙවෙනි නෑ...මාතර අපි අවුරුද්ද සුපිරියට සමරනවා...අද ගොඩාක් ගෙවල් වල අය එලියෙ ලිප් බැඳගෙන දොදොල් හදනවා...

එක එක කැවිලි වල සුවඳ මුලු පලාතෙම...එහෙන් අදත් ඇඳුම් මලු එල්ලගත්තු උදවිය පාර පුරා යනවා...අදත් සමහරුන්ට ශොපින්...ගොඩාක් අය හිතන් ඉන්නේ අවුරුදු ලබන්නෙ ඇඳුම් ගන්නයි කියල...ඇඳුම් ගන්නව , කඩෙන් කැවිලි ටික ගන්නව , නැකතට කනවා...
හැබැයි ගෙදර කැවිල්ලක් හැදෙද්දි , දොදොලක් හැදෙද්දි , එලියෙ ලිප් බැඳගෙන මෝජු , බැදුම් , හත්මාලු හදද්දි ලැබෙන සතුට...ඒක වචන වලින් විස්තර කරන්න බෑ...ඒක මරුම මරු ෆීලින්ග් එකක්.

ආයෙම මැසෙජ් එකක්...📲📲📲

"කොහෙද ඉන්නේ..."

"මම ස්ටේශන් එක ඉස්සරහා...කොහෙද ඉන්නෙ දැන්..."

"කඹුරුගමුව කියලා ස්ටේශන් එකක් පහුවුනා...."

"ආ ඊළඟ එක වල්ගම...ඊළඟ එක තමා මාතර .."

"හරි...මම බැහැලා මොකද කරන්නෙ..."

"බැහැලා එන්න එලියට...මම ගේට් එක ළඟ ඉන්නෙ..."

ආ අර එන්නෙ ට්‍රේන් එක...දැන් ඉතින් එන්නෙ නැතෑ එලියට.
ආ අර එන්නෙ....මම ඉතින් අත වැනුවා හැලපයාට...පව්නේ.

"අම්මෝ තමුසෙලා මොකටද අප්පා මෙච්චර ඩොටේ ගෙවල් හදලා...."

"මේ ඩොටේ නෙවෙයි...අපි ඉන්නෙ ටවුන් එකේමයි...මාතර ටවුන් එකේමයි...."

"හරි හරි බඩිගිනියි අප්පා...දවල්ට මොනාද අම්මා ඉව්වෙ."

"ඊව් බබා ඊව්....ගොඩබැස්සා වුතරයි කනබනේ...."

"හරි අප්පා..අපිනම් නත්තලට , පාස්කුවලට එහෙම පුඩින් , කේක් කොච්චර හදනවද...ඔයාලගෙ අවුරුදුනම් වැඩක් නෑ අප්පා."

"අනේ මේ ඕයි...අපි කේක් පුඩින්නම් හදන්නෙ නෑ...සිංහල කැවිලි තමා අපි හදන්නෙ...."

"ඒවත් හොඳයි හැබැයි මම ආස කිරි ටොෆිවලට.."

"දැන් කිරිටොෆි හදන්නනම් වෙලාවක් නෑ...තාත්තා කොහොමත් බිස්කට් , කේක් , තල කැරලි ගෙනෙද්දි කිරිටොෆිත් ගේනවා...ඒක එයාගෙ හැටි ඉතින්."

"අහා මගෙ මාමන්ඩියා මරුනේ..."

."ම්ම්...දවල්ට බල මාලු හොදියි , කොස් තම්බපුවයි , පොලුයි....දවල්ට උයන්න වුනේ නෑ අම්මට...උදේ ඒවමයි...එයාලා දොදොලක වැඩ උදේ ඉඳන්..."

"ආ ඔයලා දොදොලුත් හදනවද...ශෝක්නේ "

"ඔව්...දොදොල් , මෝජු , බැදුම් තව කොච්චර දේවල් හදනවද."

"මරු අප්පා...යමු යමු....මේ කකුල් දෙකනම් සිදෙනෝ හැබැයි..."

"හොරා උබ..නොකියා කියන්නෙ ත්‍රීවීලර් එකක යමු කියලනේ...කෝ එන්න මේකට නගින්න.."

"හී...මගෙ හොඳ කොල්ලා."

"අම්මෙහ් උබෙත් බටර් බබා."

කෝමහරි මේ හැලප සිරාවත් ඇදගෙනම මමත් ආවා අපේ ගෙදර අපේ අම්මාගෙනුයි මල්ලිගෙයි එයාට ලොකුම ලොකු පිලිගැනීමක් එක්ක තාත්තගෙන් කට පුරෝලා හිනාවකුයි නංගිගෙන් හරිම ලැජ්ජාශීලී හිනාවකුයි ලැබුනා...තාත්තගෙනම් හැටි කියමුකෝ...නංගිගෙනම් හැටි නෙවෙයි...ඒකි මවාපානවා ඒකි හොඳ ලැජ්ජ බයට හැදුනු කෙල්ලෙක් කියලා...තව දවසක් විතර ගියාම තමා ඕකි පූලාන් දේවි වෙන්නෙ.

"මේ මෙන්න මේක තමා මගෙ කාමරේ...බබා ඔයා එහෙනම් චේන්ජ් කරගෙන එන්න දැනට...අවුරුද්දට ඇවිත් ඉතින් නිකන් ඉන්න දෙන්න බෑ...එන්න කුස්සියට කෙලින්ම...වැඩ තියෙනවා කරන්න ඇතිතරම්...."

"අපෝ බබා...ඔයාගෙ ආගන්තුක සත්කාරයනම් අන්තිමයි ඈ".

"අනේ මේ...උබ මේ ගෙදර ලොකු බෑනා...ඒක මතක තියාගන්.."

"හරි හරි ඉතින්...දැන් මොනාද කරන්න ඕන...."

"බත් වේලපුවා ඇති...ඒ ටික සුවඳ ගහනකල් බැදලා ඕන...පස්සෙ ඒවට පැනි දාල අග්ගලා හදන්න පුලුවන් නෙ...."

"හරි...ඒක පස්සෙ කරන්නම්...දැන් අපි යමුකො දොදොල් හදන තැනට..."

"කෝ දිගට බොටම් එකක්වත් ඇඳගන්න...දැන් දොදොල ඉහෙනවා වටේටම...කකුල් පිච්චේවි..."

"ම්ම්ම්...යමු."

කෝමහරි කකුලට ඉහේවි කියලා බයට එයාට දිගටත් අන්දවගෙන එලියට එක්ක ආවා...ඒ වෙද්දිත් දොදොල් හදන තැන සෙනග පිරිලා...අහල පහල ගෙවල් වල ලමයි , වයසක උදවිය පුටු තියාගෙන වටේට වාඩිවෙලා ඉන්නව...අම්මා තේත් එක්ක බිස්කට් බෙදනවා.

"ආ මේ ඉන්නෙ අපේ දොස්තර පුතා...අපේ සුදූගෙ යාලුවෙක්...මේ පාර අපි එක්ක අවුරුද්දට ඉන්නවා..."

"අනේ තාම දොස්තර වුනෙ නෑ නැන්දෙ...තාම ඉගෙනගන්නවනෙ..."

"ආ ඒ වුනාට කවදාහරි වෙනවනෙ...සුදූ දැන් ඔයාගෙ කැවිලි හැදිල්ල ඉවරද...ඉවරනම් මේ දොදොල හැඳිගාන්නකො ටිකක්...කාටත් මහන්සියි දැන්...මේ ටික තමා අමාරු...තව ටිකකින් තෙල් පෑදෙන්න ගනීවි...."

"ඉවරනම් නෑ...අරකි පිට්ටුව තම්බනකල් මම හැඳිගාන්නම්...කෝ දෙන්න..."

"මල්ලීහ්....මල්ලීහ් ....ඔය මගෙ පෙන් එක ටීවී එකට ගහලා සින්දුවක් දාපන් සවුන්ඩ් වැඩිකරලා..."

"හා හා.....ඉන්න දාන්නම්."

"කන්ද උඩින් හදපායන ලීලා
ලන්දෙ වෙලේ රුක් අත්තන පිපිලා
මන්ද කොහෝ හඬලනු හැංගීලා
එන්ඩ තමා බක්මහ ලංවීලා "


අමිතා වැදිසිංහගෙ කටහඬින් වටපිටේ පාලු කපද්දි හිනා හඬවල් , කෑකෝ සද්ද , දොදොල පතු ගාන සද්ද හැම තැනම විසිරිලා තිබුනා.

කෝමහරි දොදොලක් හැඳිගාන එකේ ආතල් එක දන්නෙ හැඳිගාපු උන්ම තමා...මම කියන්නෙ රියල් දොදොල් ගැන...ඩර්ටී මයින්ඩ්...ඩර්ටී මයින්ඩ්.

"අයියේහ්....පිට්ටුව රෙඩී..."

"ආ ඔහොමම පොඩි කරන්න රස්නෙ පිටින්ම.."

"හරී...මෙහෙ එනවකො ඕයි...මේක බාගන්න...හුමාලේ වදිනවා අතට මගෙ...."

"ඉන්නවා මල වදේ...මේ එනවා...."

"ආ හරි...දැන් ඕක පොඩි කරපන් මම මේ පැනි ටික නටවගන්නකල්...."

"ම්ම්ම්ම්....මේ ගානට ඇතිනේ..."

"ම්ම්ම්ම්."

ලිප උඩ මැටි ඇතිලියේ පැනි උනුකරගෙන ඒකට කුරුදු කුඩු , එනසාල , වැනිලා එහෙම දාලා..අර පොඩි කරගත්ත පිට්ටුවත් දාලා ගනට එකට එකතුවෙන ගාන වෙනකල් හැඳිගානවා ඉතින්...අතත් රිදෙනවා මේකටනම්.

"ආ ඔය තැටිය තියපන්...."

"ආ ආ...ඔන්න බලාගෙන."

කෝමහරි තැටියට දාලා තුනි කරගෙන ලස්සනට කොටු කපලා හයිවෙනකල් ඒකත් පැත්තකින් තිබ්බ මම අම්මා එලියෙන් තියලා තිබුනු වේලුනු ඉඳිඅප්ප ටික අරගෙන අර ගොබ්බස්ට කතා කලේ මේ වැඩේ එයාට බාරදීලා සින්හල අච්චාරුවට එලෝලු ටික කපන්න ඕන නිසා...
"
"නෙතූඋ...නෙතූහ්හ්හ්හ්හ්"

"එනවා එනවා...මේ මග එනගමන්...."

"ආ මෙන්න මේ ඉඳිආප්ප ටික බදිනවා...පුච්චගන්න එපා."

"අයිශ්ශම්මා ගුන්ඩු...මේ බලන්නකො ඒයි මේක තෙලට දැම්මම පිපිලා ආව හැටි....ආසාවෙ බෑ...අනේ ලස්සනයි අප්පා.."

"අනේ මේ ඕයි...පුන්චි එකෙක් නොවී ඔන්න ඕක බදින්න දරුවො...මගෙ ඇස් දෙකත් දනවා මේ මාලු මිරිස් කපලා..."

"හා ඉතින්...මට ආස හිතුන නිසානෙ...ම්හුක්."

"අනේ උබේ බලු හුරතලේ."

"අම්මේහ්හ්හ්හ්...."

"මොකද...මොකද බන්."

"කෝ මල්ලිව යැව්වද මුරුංගා පොත්තක් කපන් එන්න...."

"ඔව් ඔව්...ගියා...දැන් එනවා ඇති....ආ ඔය එන්නේ කියනකොටම."

"හා හා....මම එලවලු ටික කැපුවා...ඔයා දැන් ඒක හදන්න ගන්න...ඒ අතර මම් එලියෙ ලිපේ වම්බටු ටික බැදලා දෙන්නම් අම්මෙ...."

"හරි හරි...මම එහෙනම් සින්හල අච්චාරුව හදන්න අබ , ගම්මිරිස් , උලුහාල් , මුරුංගා පොත්ත විනාකිරෙන් අඹරගන්නම්..."

"නැන්දේ මම අඹරන්නද...මම කවදාවත් අඹරලා නෑ..."

"නැත්තෙ මොකද...දැනුත් ඔය ඇබරෙන එකනෙ කරන්නෙ..."

"අනේ මේ...මම කිව්වෙ නැන්දටනෙ..."

"හා හා...පුන්චි උන් වගේ රන්ඩු නොවී ඉඳිල්ලා ලමයිනෙ...පුතාට මේ මිරිස් ගලේ අඹරන්න බෑ...දන්න අල්ලනව අත් දෙක...අනික මේ ගල කකුල උඩ වැටුනිත් අවුරුදු කෑම පැත්තකින් තියලා හොස්පිට්ල් දුවන්න වෙනවා..."

"ඔව් අම්මා...මූ බකපන්ඩිතයි."

"සුදූහ්හ්හ්...මගෙන් ගුටි නොකා අර වම්බටු ටික බැදලා ගොරකා ටික තැම්බෙන්න තියන්න...ඇබුල්තියල රෑට හදලා තිව්වානම් හරි..."

"හරි අම්මා....මම එහෙනම් එලියෙ ලිප ළඟට යනවා...මෙන්න මේ පුතන්ඩියාව බලාගන්න...ඕකා තෙල් ඉහාගනීවි...පස්සෙ ඉඳීවි බතික් කරලා වගේ...."

කහයි ලුනුයි අතගාපු දිගටි වම්බටු තීරු තෙලට වැටුනු සැනින් සුදු පාට පෙන ගොඩක් අස්සෙ හැන්ගිලා යනවා....

මිදුලෙ එම පැත්තක දොදොලක් කරවෙනවා...අල්ලපු ගෙදර නැන්දා බොකුටු හැන්දකින් තෙල් අරන් මැටි වළඳකට එකතුකරගන්නව....තවත් පැත්තක වම්බටු බැදෙනවා....ගොරකා තැම්බෙනවා...කුස්සියේ ගෑස් ලිපේ ඉඳිආප්ප බැදෙනවා...කුස්සියෙ දොරකඩ බිම බැඳපු ලිපේ විනාකිරෙන් එලවලු තැම්බි තැම්බි සිංහල අච්චාරු හැදෙනවා....අවුරුදු කියන්නෙම පුදුමාකාර හැඟීමක්.

ඒ සේරම අස්සෙ ගමටම ඇහෙන්න අපේ ගෙදරින් අවුරුදු සින්දු පාලු කපනවා..

"මී අඹ අත්තේ කොහෝ කොහේ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකැත් වෙලාවට
නළාව පිඹහන් කොහෝ කොහෝ"

නීලා වික්‍රමසිංහ මැඩම්ගෙ කටහඬින් පාලු කැපෙද්දි සූ සද්දෙට වන්බටු තෙලේ බැදෙනවා...එහෙන් චස් චික්ස් චස් චික්ස් සද්දෙට දොදොල පතුගානවා...

"ශෙරෝ....ඉඳිආප්ප ටික බැදලා ඉවරායි...."

"ඉන්ඩෝ...මටත් මේ තෙලේ තියන ටිකෙන් වම්බටු ඉවරයි...මම ඇවිත් ඉතුරු ටික කරගන්නම්....."

මගෙ කොල්ලා ඉඳිආප්ප බැදලා ඉවරයි කියන්නෙ...වම්බටුත් දැන් තෙලේ තියන ටික විතරයි...

"ඒයි ඒයි...කන්නෙහෙම නෑ...නවත්තනවා."

"මොකක්ද ඕයි...කුනු ලෝබයෙක් වෙන්න එපා ශුඩු මහත්තයා..."

"මේ ගිනි දවල් එලියෙ ලිප් බැඳන් බදින්නෙ...කෑල්ලක් විසික් කරනවා මුලින්...."

"ආ...අපි ඉතින් ඕවා දන්නෙ නෑනෙ අනේ...."

ඒ අස්සෙ මේ හිවල් පැටියා ඇවිත් වම්බටු එකට අත පොවනවා...වම්බටු බැදිල්ල අහවර වෙද්දි නීලා මැඩම් ජෝතිපාල මහත්තයටයි සුජාතා මැඩම්ටයි ආවඩලා තිබුනා.

"කොහෝ මල් වාරම් ගයනා උදේ
මැනිකේ බලන් අපේ ගමේ.
අපේ ගමේ රබන් ඇයෙන්නා.
ගමේ ඔන්චිල්ලා බාඳෙනා දිනේ
ආවා වගේ ගමින් ගමේ
සින්හල අවුරුද්ද ලබන්නා."

අපි දෙන්නා බැදපු වම්බටු ටිකත් අරගෙන ගෙට එද්දි අම්මාත් අච්චාරුව හදා තියලා...මේකා වේලපු බත් ටිකත් බැදලා , ඉඳිආප්ප ටිකත් තෙලේ බැදලා....මගෙ කොල්ලා හොඳයිනෙ.

"අහන්නකො...අපි දැන් පොඩි රෙස්‍ට් එකක් ගමු..."

"හා මගෙ අතට රස්නෙ වැදුනා අප්පා...මට කැවුමක්වත් දෙනවකො..".

"කැවුම් හැදුවෙ නෑ පන...ඒවා හෙට තමා කඩෙන් ගේන්නෙ...මුං කැරැල්ලක් දෙන්නද..."

"මුං කැරලි කියන්නෙ මොනාද ?"

"ආ මෙන්න මේවා."

මේ මුං කැවුම් නේ...මොන කැරලිද.

"අපි කියන්නෙ මුං කැරලි කියල...උබ කාපන්කො බකපන්ඩිතයා නොවී..."

කෝමහරි අපි දෙන්නා දොදොල් පතුගාන තැනට එද්දි එතන එකම සාජ්ජයක්...කොහෝ මල් වාරම් සින්දුවට අල්ලපු ගෙදර ආච්චියි පිටිපස්සෙ ගෙදර නැන්දයි නටනවා...දනන්වනෙ අර රබන් ගහද්දි ආච්චිලා නටන එක...අන්න ඒවගේ...හැබැයි මෙහේ රබන් නම් ගහන්නෙ නෑ....අපේ ආච්චිලා පොඩි කාලේ ගැහුවලු....ඊටපස්සෙ නෑලු...පොඩි වෙනසකට තියෙන්නෙ ඒ රබන් ගහන ආච්චිලා නටන්නෙ රෙදි හැට්ට ඇඳගෙනනේ මෙයාලා නටන්නෙ දිග ගවුම් හරි ස්කර්ට් බ්ලවුස් හරි ඇඳගෙන.

ඉස්සරහ ගෙදර සාංචි අක්කයි අපේ අම්මයි වාඩිවෙලා අත්පොඩි ගහන්වා...තාත්තා දොදොල් හැඳිගානවා...හැමෝම හරිම සතුටින්...

"සුදු මල්ලි...ටැංගෝල් ගහමු හොඳේ හෙට..."

"හරි අක්කේ...එහෙනම් නොනගතේට ගහමු...උබ බෝඩ් අඳිනවද අක්කේ..."

"මම අඳින්නම්..අන්ක මල්ලත් හදාගත්තා උදේ..."

"නොනගතේ ලැබුවම පැදුරු අරන් ගෙවල් වලින් එලියට එන්න...අපි මේ අඹගහයට ටැංගෝල් ගහමු එහෙනම්...."

ටැංගෝල්...මාතර අපිටම ආවේනික අවුරුදු ක්‍රීඩාවක්...මම වෙන පළාත්වල මේ සෙල්ලම කරනවා දැකලාවත් අහලාවත් නෑ...වෙන පලාත්වල මේ සෙල්ලම කරන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාලා තියන්න.

මේක කරන්නෙ මෙහෙමයි.

පිටි පෙට්ටි වලින් හතරැස් බෝඩ් කපාගන්නවා...ඒ කපාගෙන හරහට කොටු පහයි දික් අතට කොටු පහයි විදිහට කොටු විසිපහකට බෙදාගෙන මැද කොටුව අතෑරලා අනිත් හැම කොටුවකටම එකේ ඉඳන් හැත්තෑ පහ වෙනකල් තමන් කැමති අංක ලියාගන්නවා...ඒ ලියන පිලිවෙලක් තියෙනවා...ඒවා ඉතින් විස්තර කරන්න බෑ...

ඊළඟට හීන් කුරුඳු පොල්ලකින් දික් අතට රවුම් කපාගෙන ඒ රවුම් වල අන්ක ලියනවා...මෙහෙම 1- 75 වෙනකල් අන්ක කෑලි හදාගෙන ඒටික කොට්ට උරේකට දානවා...

ඊzලඟට කරන්නෙ මේ කොට්ට උරේ කාටහරි දීලා අනිත් හැමෝම පැදුරු එලන් බිමවාඩිවෙලා බෝඩ් බිම තියාගෙන ගල් කැට හරි වැලි හරි කිට්ටු කරගන්නවා.

ඊළඟට අර කොට්ට උරෙන් බලන්නෙ නැතුව අහඹු විදිහට කෑල්ලක් අරගෙන ඒකෙ අංකෙ හයියෙන් කියවනවා...ඉතින් ඒ අන්කෙ බෝඩ් එකේ තියනම් ඒ කොටුව උඩින් ගල් කැටයක් හරි වැලි ටිකක් හරි තියාගන්නව....පුන්චිම දරුවගෙ ඉඳන් හැරමිටියෙන් යන ආච්චි අම්මගෙ ඉඳලම මේ සෙල්ලම කරන්න එකතුවෙනවා..

අපිට කැමති බෝඩ් ප්‍රමානයක් බලන්න පුලුවන්...හැබැයි සෙල්ලම පටන්ගන්න කලින් සල්ලි එකතු කරනවා...එක බෝඩ් එකක් බලන්න රුපියල් පහක් හෝ දහයක් ගනන්වා...හොඳට පුරුදුකාර අය බෝඩ් වැඩිප්‍රමානයක් බලනවා...මම බෝඩ්ස් හයක් බලනවා සාමාන්‍යයෙන්.

ඊළඟට ඔහොම දිගින් දිගටම අන්ක කෑලි කියවගෙන යද්දි බෝඩ් එකේ හරහට එකම පේලියක් හරි දික් අතට එකම පේලියක් හරි විකර්න පේලියක් හරි සම්පූර්නෙන්ම පිරුනොත් එයා ටැංගෝල් කියලා කෑගහනවා...එතකොට අර එකතු වුනු සල්ලි සේරම එයාට දෙනවා...

ආයෙම සල්ලි එකතු කරලා තව වටයක් මුල ඉඳන් පටන්ගන්නවා...ඔන්න ඕක තමා සෙල්ලම...නිකමට හිතන්නකො පේලියක් පිරෙන්න එක අන්කයයි අඩු කියලා , ඉතින් ඒ වෙලාවට ගැහි ගැහි බලන් ඉන්නේ....මාරම ආතල්....මෙහෙම කිව්වට වැඩක්නෑ...ඒක කරලම බලන්න ඕන...මැද කොටුව අහුවෙන පේලියක ටැංගෝල් එන එක තමා ලේසිම...මැද කොටුව කොහොමත් පිරිලා කියලානෙ සලකන්නෙ...ඉතින් ගොඩක් අයට එක අන්කයක් නම් අඩු කාට වාසනාව ලැබේදෝ කියලා ගැහි ගැහි බලන් ඉන්නෙ 😁

කොහොමහරි මේ අතරේ සුජාතා මැඩම් එක්ක සනත් නන්දසිරි සර් ඇවිත් තිබුන අපේ පාලු කපන්න..

"කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියවදෝ
අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ
කොහෝ කොහෝ ..."

"මේ ඒයි...ඔයාට පින් සුදු මහත්තයා. "

"ඇයි වස්තුවේ.."

"මට ලස්සන අත්දැකීමක් දුන්නට...අපි මෙහෙම අවුරුදු සමරන්නෙ නෑනෙ...බලන්නකො අනේ හැමෝම එකතුවෙලා , කැවිලි හදලා , සින්දු කියලා , නටලා , සෙල්ලම් කරලා..."

"ඔයා තාම හරියට දැක්කෙ නෑ දේවල්...අපි අවුරුදු ලැබුවට පස්සෙ බලන් ඉන්නේ හිස තෙල් ගානකල්...."

"ඇයි ඒ."

"හිස තෙල් ගාන දවසට අපි දවසෙම ඉන්නේ තෙමිලා.
එදාට වැරදිලාවත් කඩේකටවත් යන්න බෑ...."

"ඒ මොකද අනේ ඒ."

"එදාට මුලු ගමම පාරට ඇවිත් එකිනෙකාට වතුර ගහගන්නව...අපි අන්තිමටම නාන්නෙ 13නේ...ආයෙම නාන්නෙ ගොඩාක් වෙලාවට 16 හිස තෙල් ගාලා...ඉතින් එදාට වතුර ගහගන්නවා , ගෙවල් වලට පැනලා ගෙවල් වල මිනිස්සු එලියට අරන් ඇවිත් නාවනවා..."

"ගුටිකන වැඩනේ අප්පා...."

"ඔව් වෙන දවසක වගේනම් එහෙම තමා...ඒත් එදාට එහෙම නෑ...හැමෝම විනෝද වෙනවා...ගෑනු පිරිමි , බාල මහලු කියලා නෑ...ආච්චිලා පවා වතුර බාස්කට් අරන් එනවා පාරට...මාරම විනෝදයි ඉතින්..😁"

"අනේ ශෝක් අප්පා...මම හිතන්නෙ මාතර අවුරුදු සමරන විදිහ ටිකක් වෙනස් අනිත් පලාත්වලට වඩා..."

"ඔව්...මෙහේ අවුරුදු කියනෙ ආයෙ පුදුම විදිහට සමරන උත්සවයක්...කොයිතරම් අඟ හිඟ තියන කෙනෙක් වුනත් මෙහේ උපරිමෙන්ම අවුරුදු සමරනවා...සමහර චාරිත්‍ර මාතරටම විතරක් ආවේනිකයි...සමහර පලාත්වල නොනගතේට අලුත් උයපු කෑම නොකා නොනගතේට කලින් උයපු කෑම කනවා...හැබැයි මාතර අපි එහෙම කන්නෙනෙ නෑ...නොනගතේ ලැබුවට පස්සෙ කිසිම දෙයක් ඉඳුල් කරන්නෙ නෑ , ගේ ඇතුලෙ වැරදිලාවත් ගින්දර පත්තු කරන්නෙ නෑ , ගෙවල් අතුගාල කුනු එලියට දාන්නෙ නෑ , සල්ලි අතගන්නෙ නෑ , වෙන ගෙවල්වල සීමාව පනින්නෙ නෑ , කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් ඉල්ලන්නෙ නෑ , කිසිම දෙයක් අතට දෙන්නෙ නෑ , අපේ අම්මට වුනත් මොනාහරි ඕනනම් මම ඒක මේසෙ උඩින් තියනවා මිසක් අතට දෙන්නෙ නෑ ..."

"හරි ශෝක් හැබැයි...මේ මට එතකොට හෙට කීයෙන් පස්සෙද කන්න බොන්න බැරි..."

"හෙට හවස 4.47න් පස්සෙ බෑ...අඩුම පොතක් පතක්වත් කියවන්නෙ නෑ බනපොත් ඇරුනම...ආයෙ කන්න තියෙන්නෙ මහ පාන්දර 2.17 ට..."

"ම්ම්ම්...ඊටකලි කාලා කාලා ස්ටොක් කරගන්න ඕනි එහෙනම්..".

"හා හා...හෙටත් වැඩ ගොඩාක් තියේ...නරක් වෙන්න බලන කැවිලි හදන්නෙ හෙට ..අද හැදුවොත් මේසෙට තියද්දි ගොඩක් වෙලාවට නරක් වෙනවා...ඒ නිසා හෙට තමා බත් අග්ගලා , හැලප , ලැවරියා වගේ දේවල් හදන්නෙ....අම්මා අද රෑට බල මාලු ඇඹුල්තියල් හදලා , මෝජුයි , හාල්මැස්සො බැදුමුයු හදනවා....අපි දෙන්නා රෑට අර බැදපු ඉඳිආප්ප උඩට පැනි වත්කරලා දාලා අරන් තියලා...බැදපු හාල් ටික කොටලා තියමු...අදට අපේ වැඩ ඉවරයි එතකොට..."

"ම්ම්ම්ම්ම්ම්....හා...හරී..රතිඤ්ඤ ගේනවෙ නැද්ද ..."

"තාත්තා ගෙනේවි හෙට...අපි දැන් යමු අම්මා එක්ක වළන් ගේන්න...."

"ඇයි ඒ වලන්."

"අලුත් වලඳෙ තමා අලුත් කිරිබත් හදලා නැකතට අනුභව කරන්නෙ."

"ආ යමු...මේ ළඟද..."

"ඔව්...හන්දියේ."

අම්මයි මායි මගෙ හැලපයයි දෙන්නම ආවා ඉතින් හන්දියට...වයසක ආච්චියෙකුයි සීයෙකුයි අලුත් වලන් යායක් මැද්දෙ එහෙ දුවනවා මෙහෙ දුවනවා...හරියට වැඩ.

"අම්මේ අම්මේ...මට කිරි බත් උයන්න ලොකු මුට්ටියයි , මූඩි පියනයි , කිරි උතුරන මුට්ටි පුංචකුයි දෙන්නකො...."

"ආ හරි දුව...ඉන්න ඔහොම...ඕන් බලාගන්න එහෙනම්...වතුර දැම්මා... යන්නෙ නෑ...හරිනේ..."

"හරි අම්මෙ...එහෙනම් මට ඔය තුන දෙන්නකො..."

අපේ අම්මා අර ආච්චිගෙන් වලං ගද්දි මගෙ හොර උගුඩුවා මගෙ කනට කොඳුරනවා...

"මේ ඒයි...අර ඔයාලගෙ අම්මගෙ අම්මද..."

"නෑ නෑ...අපේ පැත්තෙ වයසක අයට අම්මා , තාත්තා කියලා කතා කරනවා...ඒ හැටියක්.."

"ආ ඒක මිසක්.."

"ආ පොඩ්ඩක් ඉන්න මට තව ටිකෙන් මතක නැතිවෙනවා...අම්මේ...කලය බිඳුනනෙ ගිය සැරේ කලේකුත් ගන්න..."

"දැන් කලයක් ගන්න බෑනෙ සුදූ...කලයක් ගත්තොත් කෑලි හතරක් වෙනවා...ඉරට්ටේ ගනන් අසුබයි...ගෙනියන්නෙ නෑ....යන්කෝ අර මගෙ දෑවැද්දට හම්බුනු පිත්තල සෙම්බුව ඇති...ටිකක් බරයි...කමක් නෑ ඒක ගමු...."

"හරි අම්මා...කමක් නෑ...එහෙනම් එහෙම කරමු..."

අපේ අම්මා අර ආච්චිට සල්ලි දීලා ඉතුරුත් නොගෙනම ආවා...ඒක චාරිත්‍රයක්...එයාලගේ හිත සතුටු කරන එක සුබයි කියනවනෙ...

කොහොමහරි එදා රෑ අම්මා තම්බපු ගොරකා ගම්මිරිස් ලුනු ගොරකා තම්බපු වතුරෙන්ම අඹරලා බල මාලු ඇබුල් තියල් කලා..

"අම්මේ...යාන්තමට අඩිය කරවෙන්න දෙන්න...එතකොට තමා රස...."

"හරි සුදු මහත්තයා...එහෙනම් දැන් ඔයාලා කෑම කාලා නිදාගන්න පුතේ...හෙට රෑත් අවදියෙන් ඉන්න එපැයි...මම මෝජුවයි , බැදුමයි සාංචි අක්කා එක්ක එකතුවෙලා හදාගන්නම්...."

"හරි අම්මා...අපි යනවා එහෙමනම් කන්න..."

දවල් මාලු හොදියි උම්බලකඩ සම්බලුයි එක්ක උනුම උනු රොටි...ම්ම්ම්ම්...අපි දෙන්නා බඩ පැලෙනකල් කෑවා...

කාලා කාලා හෙට කරන්න තියෙන වැඩ ටිකත් මතක් කරගෙන අපි දෙන්නා ඇඳට ආවේ කොහේදෝ ගෙදරකින් ප්‍රදීපා ධර්මදාස මැඩම්ගෙ කටහඬින් සින්දුවක් ඇහෙද්දි....ඒ අරතින් ඇහෙන යක් බෙර සද්දෙ මට පුදුමතරම් ලස්සනට ඇහුනෙ පාතරට මාතර අභිමානවත් නර්තන , ගායන , කෝලම් , ශාන්තිකර්ම මෙකී නොකී දාහක් දේවල්වලට උරුමකම් කියපු අපිට යක් බෙරේ පව්ලෙ කෙනෙක් තරමට සමීප නිසා ම වෙන්න ඇති.

"නාඩන් පුන්චි හිරමනේ
ඇවිදින් ඔන්න වසන්තේ."

..........................................................................................................................

මතු සම්බන්ධයි ♥

ඊළඟ ස්වරයෙන් හමුවෙමු..
මම ශෙරෝන් ♥





















Continue Reading

You'll Also Like

7.4K 1.8K 22
ආදරයෙන් ලියමි....🖋️ සත්‍ය සිදුවීම් ඇසුරෙන් මා ලද අත්දැකීම් මෙලෙස ආදරයෙන් අකුරු කිරීමට පටන් ගත්තෙමි... මගේ සිතුවිලි ඔබට වඩා වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩිය...
6.1K 307 13
ඔය ඇස් මා ළග නැවතුන දා .... හිත දැන් ඔබගේ වෙලා ....... රහසේ තුරුලේ සැතපීලා.... ඉන්නම් මියෙනා තුරා......
3.7M 237K 98
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
85.8K 1.6K 40
عندما يعشق القلب وتدق نبضاته لشخص بعينه يتغاضى الفؤاد عن قسوته وجبروته♥️♥️