කස්තුරි සුවඳ ✓

By liversack

607K 106K 44.2K

Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ. More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
34 වන පරිච්ඡේදය
35 වන පරිච්ඡේදය
36 වන පරිච්ඡේදය
37 වන පරිච්ඡේදය
38 වන පරිච්ඡේදය
39 වන පරිච්ඡේදය
40 වන පරිච්ඡේදය
41 වන පරිච්ඡේදය
42 වන පරිච්ඡේදය
43 වන පරිච්ඡේදය
44 වන පරිච්ඡේදය
45 වන පරිච්ඡේදය
46 වන පරිච්ඡේදය
47 වන පරිච්ඡේදය
48 වන පරිච්ඡේදය
49 වන පරිච්ඡේදය
50 වන පරිච්ඡේදය
51 වන පරිච්ඡේදය
52 වන පරිච්ඡේදය
53 වන පරිච්ඡේදය
***
54 වන පරිච්ඡේදය
55 වන පරිච්ඡේදය
56 වන පරිච්ඡේදය
57 වන පරිච්ඡේදය
58 වන පරිච්ඡේදය
59 වන පරිච්ඡේදය
60 වන පරිච්ඡේදය
61 වන පරිච්ඡේදය
62 වන පරිච්ඡේදය
63 වන පරිච්ඡේදය
64 වන පරිච්ඡේදය
65 වන පරිච්ඡේදය
66 වන පරිච්ඡේදය
67 වන පරිච්ඡේදය
68 වන පරිච්ඡේදය
69 වන පරිච්ඡේදය
70 වන පරිච්ඡේදය
71 වන පරිච්ඡේදය
72 වන පරිච්ඡේදය
73 වන පරිච්ඡේදය
74 වන පරිච්ඡේදය
75 වන පරිච්ඡේදය
76 වන පරිච්ඡේදය
***
77 වන පරිච්ඡේදය
78 වන පරිච්ඡේදය
79 වන පරිච්ඡේදය
80 වන පරිච්ඡේදය
82 වන පරිච්ඡේදය
83 වන පරිච්ඡේදය
84 වන පරිච්ඡේදය
85 වන පරිච්ඡේදය
86 වන පරිච්ඡේදය
87 වන පරිච්ඡේදය
88 වන පරිච්ඡේදය
89 වන පරිච්ඡේදය
90 වන පරිච්ඡේදය
91 වන පරිච්ඡේදය
92 වන පරිච්ඡේදය
93 වන පරිච්ඡේදය
94 වන පරිච්ඡේදය
95 වන පරිච්ඡේදය
96 වන පරිච්ඡේදය
අවසාන පරිච්ඡේදය

81 වන පරිච්ඡේදය

4.8K 942 437
By liversack





'Zaiyan Shaikh started following you'

නමට මුලින් නිල් පාට verified සලකුණත් එක්ක ජංගම දුරකථන තිරය උඩ මාණික්‍ය ඒ ඇවිත් තිබුනු සමාජ මාධ්‍යයක පණිවිඩය දිහා ටික වෙලාවක් බලන් හිටියේ පුදුමෙන්. ඒත් එතන පුදුම වෙන්න දෙයක් නෑ. මොකද එයත් එක්ක ඔය විදිහට සමාජ මාධ්‍ය හරහා සම්බන්ධ වෙන තව ඕන තරම් තරු ඉන්නවා.

ඉතින් ඇත්තටම ඒකේ මහ ලොකුවට දෙයක් ගන්න නැති තැන මාණික්‍යත් අනිත් පැත්තට ඒ ගිණුමේ නිල් පාටින් පෙන්නන 'follow' තීරය උඩින් ඇගිල්ල තියලා දුරකථනය සාක්කුවේ දාගෙන රමණි ගිය දිහාවට ඇදිලා ගියා..

"ආ..! මල්ලිත් ඇවිත්!"

"පුතා හෙටත් ඉන්නවද?

"දැන් ඔක්කොටම කලින් කියන්න උදේට කාලා නෑ නේද? "

"ආහ් මේ මාණික්‍ය පුතා අද නම් හැදුවේ මනරු ආස දේවල්! උදේම කුණු කුණු පටන් ගත්තා! "

මාණික්‍ය කුස්සිය පැත්තට ආවත් හරි එතන හිටපු නෑදෑ පරපුර නා නා විද ප්‍රශ්න අහගෙන ගියා තමයි. ඒත් එයාට මුලින්ම උත්තර දෙන්න මතක් වුනේ එක ප්‍රශ්නෙකට විතරයි.

"හෙට නෑ නැන්දේ"

කොහොමත් වැඩි කතාවට අකමැති මාණික්‍ය වචනෙන් දෙකෙන් උත්තරේ දිලා එතනින් රමණිවත් අඩගන් පැත්තට ගියේ කනවටත් වඩා දෙයක් එයාට දැන ගන්න ඕන නිසා..

"ඇයි පුතා..? ඔයාට සනීප නැද්ද ආයේ?"

ඉතින්.. අහපු මුල් ප්‍රශ්නයෙන්ම එයා හිතින් කඩන් වැටුන කිව්වොත්.. මාණික්‍ය ඒක කොහෙත්ම පෙන්නන්න ගියේ නෑ.. ඒත් අර හැමතිස්සෙම කියනවා වගේ අනිත් අයට තමන්ව පේන්නේ ලෙඩෙක් ගානට කියලා දැනෙද්දි.. ඒකත් නිකන් කැස්සක් හෙම්බිරිස්සාවක් නෙවෙයි මානසික ලෙඩෙක් කියලා හිතෙද්දි.. බොරු කියන්න ඕනේ නෑ මානසිකව ඇද වැටිලා ඉන්න මාණික්‍යට හිතෙන්නෙම මේ හැමදෙයක්ම දාලා දුවන්න..

"නෑ අම්මා"

"එහෙනම්..මොකද මනරු ඔයාට කෑගැහුවද? ම්?"

ඒ ප්‍රශ්නෙට මාණික්‍යගේ උත්තරේ වුනේ නෑ කියන්න හිස සැලීමක් විතරයි..

"මනරුට කොහොමද අම්මා.? එයා හොඳින් ඉන්නවද?"

අවශ්‍ය පුද්ගලයාගෙන් ඒ දේ මාණික්‍ය කොහොම කියලා අහගන්නද? ඉතින් දැන් ඒක අනුන්ගෙන් අහලා දැන ගන්නවා.

"ඔය ඉන්නවා ඉතින්.. එහෙම වෙනසක් පේන්න නෑ ඒ්ත් කොල්ලා හරියට වෙනස් වෙලා කියලා හිතේනවා පුතා"

"ඒ කිව්වේ?"

ඇහුවත් මාණික්‍ය දැනටමත් ඒක දැකලා ඉවරයි.. ඒත් දැන් හිතට දැනෙන වේදනාව..

"ඉස්සර නම් තාත්තා කියන දෙයක්නේ එයාගෙත් වචනේ.. දැන් වාසු කියන මෙලෝ දෙයක් අහන්නේ නෑ.. ඊයේ තාත්තාටත් කෑගැහුවා.. අඩුම වාසුගේ මූනවත් බලන්න කැමති නෑ කිව්වා.. අපි මොනාද පුතා කරන්නේ..? අවුරුදු තුනට අපිට එයාව එපා වුනාද කියලා අහනවා ඔයාව ලං කරන් ඉන්නේ?? අනේ දෙවියනේ ඉන්න කල් හොයලා බෑලුවා කතා නොකරපු දවසක් නෑ, මං බෝධි පූජා නොතිබ්බ දවසක් නෑ..! රට ඉන්නකල් මං උහුලපු ගින්න දන්නේ මං විතරයිනේ මාණික්‍ය පුතා.. අනේ දෙවියනේ ඒ මගේ දරුවා..! මට නම් තවත් මේවා දිහා-"

දැනගන්න ඕන වුන හරිය මාණික්‍යට දැන් ඕනාවටත් වඩා දැනගන්න ලැබුනා.. රමණි කියන වචනයක් ගානේ හඩා වැටෙන මූන දිහා බලන් මාණික්‍යත් හඩා වැටුනා නම්.. නෑ. නෑ  මාණික්‍ය කදුලකට රමණි ඉස්සරහා ඇරයුම් කරේ නෑ.. ඒ වෙනුවට එයා රමණිගේ අත් දෙක අල්ලන් ලොකු හුස්මක් අරගත්තා කිව්වේත්,

"මට සමාවෙන්න අම්මා.."

"මගේ පුතා මොනාට සමාව ගන්නවද මේ..?"

"හැම දේකටම.. මං පොරොන්දු වෙනවා.. අම්මා මේ විදින දුක කවදා හරි දවසක ඔයාගෙන් නැති කරලා දානවා.. මං පොරොන්දු වෙනවා"

"ඒ කොහොමද මාණික්‍ය පුතා..?"

"මනරුට ඕනේ මොනවද?"

ඉස්සර නම් ඒක හිතා ගන්න පුලුවන් වුනාට දැන් පුලුවන්ද..

"අනේ කවුද පුතා දන්නේ.?? ඒ දරුවා අඩුම මුකුත් කියනවද.. නෑනේ.. ඒ හිතේ දැන් මොනවා තියෙනවද කියලා අම්මා වෙච්ච මටවත් හිතා ගන්න බෑ.. වාසුට පසුතැවෙන්න දැන් පරක්කු වැඩියි.. එයාට මීට වඩා මේ ගැන හිතන්න තිබ්බා.. "

ඒත් මාණික්‍යට මෙතනින් එහාට කියන්න දෙයක් නෑ.. කරා නම් ඒ කට වහගෙන රමණි දිහා බලාගෙන හිටපු එක නම් ඒ වෙලාවෙම වගේ ඇහුනු කටහඩත් එක්කම දෙන්නම ගැස්සුනා.

"අම්මා මං ආවා!"

මාණික්‍ය නම් ගැස්සුනා.. ඉතින් දෙන්නම ඒ දිහා හැරිලා බලද්දි මනරු බෑග් එකකුත් තනි අතින් එල්ලන් ඒ දෙන්නා දිහාවට උඩ ඉදන් පහලටම ගිය කැපුනු බැල්මක් දීගෙන උඩට යන්න පඩි පෙල නගින්න ගත්තා..

ඉතින් මාණික්‍ය අම්මාගේ අත් අත ඇරියා.. හරියට තමන්ට අයිති නැති දෙයක් අල්ලන් ඉඳලා අත හැරියා හා සමානව අම්මගේ අත් වලට යන්න දුන්නා..

"ආවානේ.. මං අර පැත්තට ගිහින් එන්නම් පුතා.. ආයේ පහලට ආවොත් එන්නේ බඩගිනියි කියාගෙන තමයි"

"ම්.."

රමණිගේ කීමට මාණික්‍ය කරේ හූමිටියකින් උත්තර දීමක් විතරයි. ඒත් එයාගේ ඇස් දිව්වේ උඩ පඩිපෙල නගින රූපය දිහාවට කිව්වොත්,

"උබ කොහෙද යන්නේ?"

උඩට යන්න අඩිය ඉස්සරහා කරන්නත් කලින් ඒ හරහට පබසර පැන්නේ වෙච්ච දේවල් දිහා හරියට එයා පැත්තක ඉදන් බලන් හිටියා වගේ.

"මනරුව බලන්න"

"උබට මැරෙන්නද ඕනේ??"

"මෙහෙම ජීවත් වෙනවට වඩා ඒක සැප නැද්ද?"

"හිටපං මාත් එනවා"

"එපා"

පබසරගේ වචනත් එක්ක මාණික්‍යගේ ඔලුවට මුලින්ම ආවේ රමණි කියපු දෙයක්..

"ඇයි? මොකද ඒ??"

"උබ මනරු එක්ක කතා කරාද?"

"ඔව් යකෝ! ඌ එන්න කලිනුත් කතා කරා දැන් ආවමත් කතා කරනවා!! මොකක්ද දැන් උබට වෙන්න ඕනේ?? දැන් මොකක්ද ගිහින් වෙන්න ඕනේ කියපං!"

"මනරු එක්ක ඉන්න.."

"මට ඌ එක්ක ඕන වෙලාවක ඉන්න පුලුවන් මචං.. මං ඌ එක්ක ඉන්නේ එක වසරේ ඉඳන් ඒක ආයේ මහ අමුතුවෙන් ඉන්න දෙයක් නෑ.. "

"ඒත් එයා තනි වෙයි ඔයා නැතුවනොත්"

"එතකොට උබට කවුද ඉන්නේ?"

දැන් පබසරට කේන්තියි..

"ඔය ඉන්නේ කට්ටිය.. "

"පකක් කියන්නැතුව හිටපං! මිනිස්සු නම් ඉන්නවා උබ කවද්ද ඉන්න එකෙක්ට උබ ගාවට එන්න දුන්නේ?? අර සිංහබාහු ලෙන වහලා ගියා වගේ උබත් හිටපං අර ගෙදර ඇතුලට වෙච්ච මොකාද එකා වගේ!! යකෝ මැරුනත් දන්නේ නෑ උබ!"

ඉතින් මාණික්‍යට කට කොනින් ලා හිනාවක් ගියා කිව්වොත් එයා පබසරගේ උරහිසට තට්ටුවකුත් දාලා එතනින් උඩට නගින පඩිපෙල නගින්න ගත්තා..

වැඩිය දෙයක් කියන්න ඕනේ නෑ.. මනරු මේ දැන් ටිකකට කලින් එයා දිහා බලන් ගියපු විදිහට එයාගේ හිතේ තමන් ගැන තියෙන කේන්තිය.. අර කිව්වත් වගේ වෛරයක්, පිලිකුලක් කොච්චර නම් ද කියන්න මාණික්‍ය උඩට නගින පඩියක් ගානට හිතුවා..

හරිම බර හැගීමක්.. එතන තියෙන වේදනාව ගැන මෙතන වචන කරන්නේ මොකටද.. මොකද මාණික්‍යගේ ජීවිතය ගෙවෙන හැම තත්පරේම තිබුනේ වේදනාව ඇරුනුකොට විදවීමක් විතරක් වෙද්දි තවත් ඒ ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නෑ.. එයාටත් නෑ..

ඒත් මනරුගේ හිතේ මොනවද තියෙන්නේ කියලා දැන ගන්න කොහොම අපහසු වුනත් එයා ගියේ කොහෙටද කියලා දැන ගන්න නම් මාණික්‍යට මහ අපහසුතාවයක් වුනේ නෑ..

මොකද මෙච්චර කල් වහලා තිබුනු මාණික්‍යගේ කාමරයේ දොර ලාවට ඇරිලා තියෙනවා දැක්ක ගමන් ඔන්න ආයේ හිත ගැහෙන්න ගත්තා..

ඉතින් ආයේ හිතන්නවත් ඕනේ නෑ.. මාණික්‍ය කාටත්, අඩුම ඇතුලේ ඉන්න කෙනාටත් නොතේරෙන වෙන විදිහට දොර හිමිහිට ඇරලා බැලුවත් වගේ දැක්කේ බිත්තියක් දිහා කිසි කතාවක් නැතුව බලන් ඉන්න එයා හොයපූ රූපය..

ඇදන් ආපු ඩෙනිම ඇරෙන්න උඩ ඇදුම ගලවලා බිමට දාලා තිබුනු මනරුගේ මුලු රූපය දිහාම මාණික්‍ය බලන් හිටියේ හිත කොනින් වේදනාවට පහුරු ගාන පටන් අරන් මොකද.. එයාට කොච්චර නම් ඒ සුවද ඕනෙද.. මේ මොනාටත් වඩා එයාට ඕන එකම දේ.. දැන් තමන්ගෙන් ඈතයි.. තමන්ගෙන් ගොඩක් ඈතයි කියලා තේරෙද්දි.. ඒකත් මේ ලග ලගම දකින රූපේ තමන්ට ඈතයි කියලා දැනෙනකොට..

නෑ.. ඒත් මාණික්‍යට දැන් ඒ හැගීම නිසා හෙම්බත් වෙලා ඇති වෙලා නිසාද.. තමන්ට නැති ධෛර්යයක් හිතට අරන් ඒ රූපය ලගට ඇදිලා ආයෙම.. ආයම තමන්ට තද කරන්.. තමන්ට හිර කරන් බදාගන්න.. මනරු මොන තරමින් කෑගැහුවත් කමක් නෑ කියලා මාණික්‍ය ඒ දේ කරා..

මනරු මේ මුලු ගෙදරටම ඇහෙන්න තමන්ට අවමන් කරත් ඒකෙන් අවුලක් නෑ කියලා මාණික්‍ය මනරු කලින් කිව්ව එයාගේ අවසරයත් නැතුව ගිහින් එයාව තමන්ගේ අත් අතරට හිර කර ගත්තේ නොහිතපු විදිහට මනරුව ගැස්සිලා යද්දි..

"මාණික්‍ය!!"

ඉතින් ආයෙමත්.. අර කේන්තිය කැවුනු කටහඩ.

"මාව අත අරිනවා! මාණික්‍ය මට යන්න දෙනවා!!"

"බෑ"

මාණික්‍යගේ නොවෙනස් ස්ථීර උත්තරයක්ද.. මොකද විරුද්ධත්වයෙන් කෑගහන මනරුගේ කට ටිකකට වැහුනා..

ඉතින් ඒ බලද්දි මාණික්‍ය මේ එයා විසින්ම අත ඇරලා දාපු කාමරේ ඇතූලේ එයාගේ මුලු හදවතින්ම ආදරේ කරන තමන්ගේ මුලු ලෝකයම වුනු ආත්මය මෙහෙම වැදගෙන ඉන්න ලැබුනු තත්පර ගාන ගැන හිතුවොත් මනරු තමන්ව ආයෙම කුණු ගොඩක් තරමට එයාගෙන් ඈත් කරලා දාන්න කලින් මාණික්‍ය අර එයා පිස්සුවෙන් වගේ හොයන සුවද ඉව කරන්න ගත්තේ මනරු එලියට දාගන්න බැරි පීඩනයකින් වීදුරු ජනේලයෙන් ඈත බලන් ඉද්දි..

ඉතින් මනරුව තද කරන් ඉන්න මාණික්‍යගේ අතක් මනරුගේ නිරුවත් පපුව උඩට ගෙනත් නතර කරන් ඒ උරහිස උඩ මාණික්‍ය බර හාදුවක් තිබ්බේ මනරුගේ නොපෙනෙන තොල් ලාවට වෙව්ලලා යද්දි නම්.. ඒ වෙනකොටත් මාණික්‍ය මේ දැනෙන සුවඳට පුදුම තරම් ලෝභ කමින් මනරුගේ ගෙල පුරාම තොල් තද කරන් සිපුම් තියනකොට,

"ම්. මාණික්‍ය.. එපා.."

මනරු ආයෙම හඩ නැගුවා වුනත් මාණික්‍යට ඒ වෙද්දිත් මනරුගේ පපුව ගැහෙන වේගය වැඩි වෙන විදිහ තේරිලා නම් තිබුනේ.. මාණික්‍යගේ මිදෙන්න අමාරු බන්ධනයෙන් මනරු කොහොම ඈත් වුනාද කිව්වොත් මාණික්‍යටත් ඒක හිතා ගන්න බෑ..

"මොන අයිතියකින්ද තමුසේ මාව අල්ලන්නේ මාණික්‍ය??! ඔයා මගේ කවුද!??"

"මනරු.."

මෙච්චර වෙලා හුස්මක දුරින් හිටපු කෙනා දැන් අඩි දෙක තුනක් දුර ගිහින් විතරක් නෙවෙයි.. රතු ගැන්වුණු කෝපාකාරී ඇස් තමන් දිහාවට තියුනු බැල්මෙන් බැන වදිනවා.. ඉතින් මාණික්‍ය උත්සහය අත ඇරියේ නෑ.. එයා මනරු ඈත් වෙන අඩිය ගානට එයාට ලං වුනා..

"මට සමාවෙන්න.."

"මොකක්??"

මනරු ලගට ඇදුනු මාණික්‍ය එයාගේ කම්මුලක් අල්ලන් පුදුම තරම් අසරණ විදිහට වචනෙන් වැද වැටුනත් මනරුගේ ඒ පෙනුමේ කිසිම වෙනසක් එයාට බලා ගන්න බැරි වුනා..

"හැමදේටම.."

"දෙන්න පුලුවන් උපරිම දුකත් දිලා දැන් තමුසේ ලැජ්ජ නැතුව මගෙන් සමාව ඉල්ලනවද මාණික්‍ය???!"

මාණික්‍ය ඒ අල්ලන් හිටියේ මනරුගේ කම්මුලකටත් වඩා කටු පිරුනු රෝස මලක්. මොකද කොච්චර ආදරෙන් ඒ රෝස මල අල්ලන් හිටියත් ඒ පිටවෙන වචන රෝස කටු තරම් වේදනාකාරියි.. සමහර විට ඊටත් වඩා.

"ම්.මං ඒ හැමදේම කරේ ඔයාගේ හොඳට දෙවියනේ.. මට මෙහෙම කරන්න එපා මනරු.. ම. මං.. මං මැරෙයි.."

"මගේ හොඳට??! මෙතන කුණුහරුප කියන්න එපා මාණික්‍ය!!  මගේ හැමදේම උදුරගෙන තව මගේ හොඳට ඒ දේවල් කරා කියලද තමුසේ දැන් කියන්නේ!??"

"ඔයාගෙන් මං මොනවා උදුරගන්නද මගේ රත්තරන්.."

ඉතින් ඒ වචන වල බරට මනරු තව වියරු වුනා නම්..

"අත ගන්නවා මගෙන්!!"

ඒ කියලා මනරු එයාගේ කම්මුලේ රැදුනු මාණික්‍යගේ අත තමන්ගෙන් ගසලා දැම්මේ හරියට හතුරෙක් ගානට.

"මොනවද අහන්නේ??! හැමදේම! මගේ හැමදේම!!! මට අයිතිවෙලා තිබ්බ හැමදේම!! මං තමුසෙට වෛර කරනවා මාණික්‍ය!! මං තමුසෙට සාප කරනවා!!"

"ම්. මං මැරිලා යයි මනරු please.. මට මැරෙන්න තරම් රිදෙනවා.. "

මාණික්‍යගේ වචන කෑගගාහා ඇඩුවා.. ඒවා අඩනවා.. අඩනවටත් වඩා මනරුගේ ඉස්සරහා දනින් වැටිලා නැතුවුනු ඒ ආදරේ අයදිනවා.. ඒත් මනරු..

"ඉතින් මැරෙනවා!!! මගේ දෑහැට නොපෙනි මැරිලා යනවා මාණික්‍ය!! මැරිලා යනවා!!"

කිව්වටත් වඩා කෑගැහුවා, ඒ වචන වලින් දමලා ගැහුවා.. හිතකින්ද නැත්තන් මොන විදිහටද කියලා හිතා ගන්න බැරුව එයා මාණික්‍යව පස්සට අත් දෙකෙන්ම තල්ලු කරලා එතනින් යන්න ගියේ ඒ තල්ලු වුනු පාරට වීදුරු බිත්තියේ ගැටුනු මාණික්‍ය අඩාගෙනම බිමින් ඉන්දෙද්දි..

ඉතින් දැන් තමයි මාණික්‍ය එයාගේ ඇස් දෙකට කදුලු ගත්තේ.. දැන් තමයි එයා එයාගේ වේදනාවට තෙතමනයක් දෙන්න ගත්තේ.. මොකද.. මනරුගේ ලේ කෝප වෙන කදුලු ආයෙම එයා ඉස්සරහා ගන්න මාණික්‍ය උත්සහයක් දුන්නා ඒක හොඳ සිහියෙන් ලෝදිය ගිලින තරම් වේදනයි..

"ම්මට මෙහෙම කරන්න.. එපා.. please.."

ඉතින් කවුරුත් නැති කාමරය ඇතුලේ මාණික්‍ය තනියම මිමිනූවා.. පලක් නෑ කියලා දැන දැන එයා තනියෙම මිමිනූවා.. හරියට මනරුට දැන් එයා කියන දේවල් ඇහෙයි වගේ.. ඒත්,

"ඕයි!"

මහ කුණාටුවට පස්සේ හඳ පෑව්වා..

"උබලා ආයේ මරාගත්තද යකෝ?! මොකද්ද උබට වුනේ?? ආයේ මනරු ගැහුවද!?? කියපං!"

මාණික්‍ය එතන වැටිලා හිටියේ හරියට තමන්ගේ ශරීරය තමන් විසින්ම අත ඇරලා ගිහින් වගේ.. ඒත් උත්තරේකට මාණික්‍ය නෑ කියන්න ඔලුව වැනුවා.

"එහෙනම් මොකක්ද වුනේ?! අරූ මොනාද කිව්වේ කියප??"

"පබසර.."

"ඔව් කියපං!!"

"මනරු ගාවට යන්න.. මට අවුලක් නෑ.. එයා ගාවට යන්නකෝ.. "

"මොකක්? උබ හිතුවේ මගේ ඇස් පේන්නේ නෑ කියලද හු@*!?"

"ඒත් දැන් ඔයාව ඕනේ එයාට.. මට නෙවෙයි.. එයා තනි වෙලා.. මගේ කොල්ලා තනි වෙලා පබසර..!"

"ඕයි!! ඌ තනිවෙලා නෑ! ඌ කොහේන් තනි වෙන්නද කියපං?? ඌට පවුලේ එවුන් ඉන්නවා! උබ හිටියත් ඒ මිනිස්සුන්ට එන්න දෙනවද?? ආහ්? මාණික්‍ය අහනවා උබට තව මොන විදිහටද තනි වෙන්න ඕනේ.. කියපං නැත්තන් මොකක්ද වෙන්න ඕනේ කියපං?!!"

"මට ඕනේ ඔයා මනරුත් එක්ක ඉන්න.. මෙතන දුක් විදින්නේ මං විතරක් නෙවෙයි.. මගේ කොල්ලත් ඉන්නේ ගින්දරක් උඩ.. ඒ නිසා ඔයා මනරු එක්ක ඉන්න.. please.. මගේ කොල්ලට එයාගේ දේවල් කියන්න කවුරුත් නෑ.. පවුලක් උදුරා ගන්න ගිය මට අන්තිමට එයාට යාලුවෝ නැති වෙනවා බලන් ඉන්න බෑ.."

"ඇයි උබ වෙස්සන්තරද???! හු*@!! කවුද යකෝ උබට අමාරු වෙන වෙලාවට ලගවත් ඉන්නේ?? කියපං.. අඩුම කවුද ඉන්නේ කියපං.. ඇත්තම කතා කරොත් උබේ ගෙදර මිනිස්සු ටික එකට ඉන්න දවසක් දකින්න හාවා හද දකින්න ඕනේ.. අනික තාත්තා කියපුවා අමතකද යකෝ?? මනරුට නම් උබ දොහොත් මුදූන් තියාගෙන ආදරේ පූජා කරලා රැකලා දීපු පවුලේ වුන් හරි ඉන්නවා ඒ වුනාට උබට ඕන වුනාම කවුරුත් නෑ! මං මේ ඉන්නේ තරහෙන් මාණික්‍ය ඒක නිසා හුත්*ක් කියවන්නේ නැතුව හිටපං!"

පබසරගෙන් මාණික්‍යට දිගම දිග දේශනයක්.. මාණික්‍යත් කිසි සද්දයක් නැතුව ඒක අහන් හිටියා වගේ පස්සේ එයා කකුල් දෙකෙන් හිටගත්තා..

"මට මටත් වඩා වටින්නේ මගේ මනරුව.. එයා එයාට ඕන තරමක් මාව රිද්දපු දෙන්.. මං ඒක සතුටින් භාරගන්නවා බං.. මට පුලුවන් මාව බලාගන්න.. "

යන්න හැරිලත් මාණික්‍ය ඒ ටික කියලා යද්දි පබසර තිබ්බ තරහටද මන්දා කකුලෙන් පාරක් ඇදට ගැහුවා..

"මං උබලා දෙන්නවම බාවනවා යකෝ!!!"

ඒක හරි කේන්තිකාර කටහඩක්.. ඒත් මාණික්‍යට නෑහුනා වගේ එයා දොර ලගට වෙලා උලු අස්සට අත තියන් හිටියේ..

"හිටපං..! මං අද මේක මනරු එක්ක බලා ගන්නම්! උබලට බෑනේ! මං හරි මේක ඉවරයක් කරලා දානවා!! ඊට පස්සේ උබලා මේ මගුල ඉවරයක් කරන්නේ නැත්තන් මං ම උබලා දෙන්නාව බාවනවා!!!"

එක අතකින් පබරස හිටියේ පුදුම පීඩනයකින්.. ප්‍රශ්නේ තියෙන කෙනාටත් වඩා ඒ දිහා බලන් ඉන්න අයගේ ඔලුව බරයි.. එයාලට ආදරේ කරන අයගේ හිතට අමාරුයි..

"අම්මා මං යනවා.."

ඉතින් මාණික්‍ය පහලට ආපු ගමන් කිව්වේ ඕක.. ඒ වෙලාවේ එයා හිටියේ මනරුට කවන ගමන්.. ඒ දැකලා මොන අවුල තිබුනත් මාණික්‍යට ගිහින් අම්මාගෙන් බත් කටක් කන්නත් හිතයි.. ඒත් බෑ.. ඉතින් එයා මනරු දිහාවට මධ්‍යස්ථ බැල්මක් දිලා විතරක් නැවතුනා..

"ආ..! කොහෙ යන්නද කාලාවත් නෑනේ?? පිස්සු නොකර යන්න කලින් කාලා යන්න මාණික්‍යට පුතා"

"මං කන්නම්කෝ අම්මා.. Sorry.. මට කිසිම උදව්වක් කරන්න බැරි වුනා.. අනිද්දා මැච් නේ.."

මාණික්‍ය ඒ කතා කරද්දි කන ගමන් හිටපු මනරුගේ ඇස් දෙක එක පිම්මේ දුවලා ගියේ මාණික්‍යගේ බෙල්ලේ ගහලා තිබුනු ප්ලාස්ටර් දෙකට.. ඒත් ඒ දැක්කත් මනරු කරේ කිසිම හැගිමක් නැතුව ඒ දිහා බලන් හිටපු එක විතරයි..

"නෑ නෑ උදව් නම් මුකූත් ඕනේ නෑ! ඒ වුනාට කාලා යන්න හොදේ! ඊයෙත් නෑ! ඔහොම ගිහින් අනිද්දට මැච් නෙවෙයි මාණික්‍ය පුතා ඔයා හොම්බෙන් යයි!!"

ඔන්න ඒ වෙලාවේ තමයි මාණික්‍යගේ මූනට පොඩි හිනාවක් හරි ආවේ.. ඒත් එයා මුකුත් නොකියා එතනින් එන්න හැරුනේ ඇත්තටම එයාට කන්න තරම් දැන් පිරියක් නැති නිසා..

"කට අරින්න මනරු..! "

පබසර පහලට එනවත් වගේ රමණි ඒ කිව්වේ මනරු මුරණ්ඩු කමට කට වහගෙන ගෙදර දොර දිහා බලන් හිටපු නිසා..

"මට ඇති"

"මගෙන් දැන් ගුටි කනවා චූටි පුතා! කටවල් දෙකයි කෑවේ!"

"ඇයි නෑන්දේ මූ කන්නේ නැද්ද? දෙන්න මං කවන්නම් ඕකට!"

පබසර හිටියේ වෙන ආත්මයක් වැහිලා වගේද මන්දා.. එයාගේ කතාවත් ඒ වගේ.. ඒත් රමණිට නම් ඒ කියන දේක කිසි තේරුමක් ගියේ නෑ.. කොහොම වුනත් පබසර ඒ දෙන්නා ලගටම ඇවිත් රමණිගේ අතේ තිබ්බ බත් පිගාන අතට ගත්තා..

"මං මූට ගානට කවන්නම් නැද්දේ.. ඊට පස්සේ ඔය කාට කාටත් ආයේ මූට කවන්න අමාරු වෙන එකක් නෑ"

ඇස් උඩින් අමුතු කේන්තියකින් එයා මේ මුකුත් හිතා ගන්න බැරුව බලන් ඉන්න මනරුට ඒ කියද්දි අනේ ඕන එකක් වගේ පෙන්නන් රමණිත් එතනින් නැගිටලා ගියා.. ගියා තමයි.. ඒ ගියත් වගේ පබසර මුලින්ම කරේ මනරුගේ අතකින් මිරිකන් ඉදන් හිටපු පුටුවෙන් නැගිට්ටවපු එක..

"මොකක්ද යකෝ වෙලා තියෙන්නේ!? අත ඇරපං රිදෙනවා!"

"ආ උබට රිදෙනවද? කියපං මොකද්ද මේ අතේ ප්ලාස්ටරයක් ගහන් ඉන්නේ??"

පබසර හිතා මතාම අල්ල ගත්තේ මනරුගේ වම් අත.. ඉතින් මනරු උත්තර දුන්නේ නෑ.. ඒ වෙනුවට පබසරගෙන් අත ගසලා ගත්තා.

"උබට වැඩක් නෑනේ ඒක! ගිහින් හොයා ගනින් උබේ යාලුවගේ දෙයක් මෙතන මගේ දේවල් හොයන් එන්නේ"

ඒ කතාවෙන් මනරු බලාපොරොත්තු වුනේ පබසරව තරහා ගස්සන්න නම්.. නෑ ඒක වුනේ නෑ.. ඒ වෙනුවට වුනේ පබසර මූනට සරදම් හිනාවක් ගත්ත එක..ඉතින් මනරු සද්ද නෑ.

"උබ අවුරුදු තුනක් රට ගිහින් ඉගෙන ගත්තේ මිනිස්සු කේන්ති ගස්සන එකද සගෝ..? එහෙනම් උබ ප්‍රගුන කරපුවා මට නම් කොහෙත්ම වැඩ කරන එකක් නෑ මචං මොකද මං මේ අවුරුදු තුනට ක්‍රිකට් ගහපු එකට අමතරව බුද්ධිකට හිටපු අමාරුම ලෙඩත් බලා ගත්තා.. ඒකට පුදුම ඉවසිමක් තියෙන්න ඕනේ බං.. හැබෙයි අද ඌ මගේ service එක එපා කිව්වා.. උබ ඒ ඇයි කියලාද හිතන්නේ? "

පබසර කතා කරේ පුදුම ඉවසීමකින් වගේම එයා ඒ කතා කරන අතර තුරේ මනරුගේ ගල් ගැහුනු මූන දිහා බලාගෙන බත් එකත් ඇනුවා.. අනලා විතරක් නැවතුනේ නෑ.. එයා අන්තිම ප්‍රශ්නෙත් එක්ක අනපු බත් කට පිලියමක් වගේ බලන් ඉන්න මනරුට කැව්වත්.

"කට ඇරපං! මං අරූටත් කෑම එකක් ගෙනියනවා! කාපං ඉතින් දැන්!"

කිව්ව මොන දේටද මන්දා මනරු කට ඇරියා.. ඒත් පබසර,

"අනික.. උබ නටන්න හදන නාඩම ගැන මම දන්නේ නෑ මනරු.. උබ අර කතා කරන කෙල්ල, මහ ලොකුවට උඩ දාගෙන මාණික්‍යට කියන්නේ දැන් උබට අයිතිකාරයෙක් ඉන්නවා කියලා.. ඒ කොල්ලා ඕක ගැන දන්නවා නම් අම්මපා ඌ මැරෙයි යකෝ.."

"ඇයි උබ කියන්නේ මට එහෙම අය ඉන්න බැරිද?? ඒ තමයි කාත් කවුරුත් නැති රටේ මගේ හයියිට හිටපු එකම කෙනා!"

"හොඳයි.."

මනරු පබසරගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුනා.. ඒත් නොලැබුනු ප්‍රතිචාරයට එයා ආයෙම කට ඇරියේ කේන්තියෙන්.

"මං මට ඕන කෙනෙක් එක්ක ඉන්නවා පබසර! ඒකට කාටවත් මුකූත් කියන්න බෑ!! මොකද මං කරන්නේ මට ඕන දේ!"

ඉතින් යාලුවගේ ආවේගශීලී වචන වලට පබසර නම් කොහෙත්ම කලබල වුනේ නෑ.. ඒ වෙනුවට එයා තව කටක් කවලා කට කොනට සමච්චල් හිනාවක් ගත්තා..

"ඒක ඇත්ත..! උබට ඕන විදිහට උබට ඉන්න පුලුවන්.. කිසි අවුලක් නෑ මචෝ.. ඊට කලින් උබට කරන්න දෙයක් තියෙයි.. ඊට පස්සේ උබ ඕන කස්තිරමක් නටා ගනින් "

"මොකක්ද?? තව මොනවද මට කරන්න කියන්නේ ආහ්?? වින්ද දුක මදිද!? දැන් වත් මට මගේ සැනසීම ඉන්න දෙන්න!"

"හරි හරි.. මං කිව්වනේ බං.. ඔය මොනාටත් කලින් එක්කෝ උබ මාණික්‍ය එක්ක මේ තියෙන මගුල ඉවරයක් කරලා කලින් වගේ කාගන්නේ නැතුව හිටපං.. නැත්තන්"

"නැත්තන්?"

මනරුට දැනගන්න ඕන වුන එකම දේ ඒක වගේ එයාගේ කුතුහලයත් හංගන් ඇහුවේ.. ඉතින් පබසර හිස් වුනු පිගාන තනි අතින් අල්ලන් මනරුගේ ඇස් දිහා කෙලින්ම බැලුවා.

"උබ දැන් වෙන කෙනෙක්ට කැමතියි, ඒ කෙනාට ආදරේ කරනවා, ඒක නිසා තමන් ගැන තවත් බලාපොරොත්තු තියා ගන්න එපා කියලා අර කොල්ලගේ මූනටම ගිහින් කියලා මේක ඉවරයක් කරපං.. ඊට පස්සේ ඒකා කර ගන්න දෙයක් කරගනි උබට උබේ නිදහසේ කෙල්ලෙක් නෙවෙයි ඉන්දියාවෙන් හරි අඃතපුරයක් දාගන්න පුලුවන් මනරු.. තවත් උබවත් ඌවත් මේක නිසා රස්තියාදු කරන්න එපා මේක මෙගා නාට්ටියක් නෙවෙයි.. එහෙම වුනාම උබටත් සතුටුයි මටත් සතුටුයි අපි හැමෝටම සතුටුයි..! මාණික්‍ය පිස්සු නටන්න ගියොත් එතකොට උබ වද වෙන්න ඕනේ නෑ.. මොකද මේක ඉවරයි..! මං මාණික්‍යව හිතේ සැනසීමෙන් Zaiyan ට දීලා දානවා.. නෑ නෑ මම ම ගිහින් උන් දෙන්නව එකතු කරනවා!! "

පබසර ඒ කියලා හැරිලා යන්නත් කලිනක මනරු යාලුවගේ අතින් ඇද ගත්තේ යක්සාවෙස වෙලා.

"කාව???"

ඉතින් පබසරගේ නක්කල් හිනාව.

"උබට දැන් මාණික්‍යගෙන් වැඩක් නෑනේ මනරු.. ඒ අමාරුව තියන අය විතරක් ඒක දැන ගත්තාම ඇති.. උබට වෙන්න ඕන දෙයක් කියපං මං උබ කතා කරන ඕන වෙලාවක කලින් වගේම උබ ගාව ඉන්නවා මොකද උබ මගේ යාලුවා"

මනරු අල්ල ගත්ත අත අරන් පබසර අන්තිමට ගියා මනරුට ඕන කරන උත්තරේ එයාගෙන් තව ඈත් කරලා.. ඉතින් කොහොමද ඒ පෙනුමේ වර්ණනාව දිග අරින්නේ.. මොකද මනරුගේ ඇස් දෙක කේන්තියටද මන්දා හරි ඉක්මනට රතු වෙනවා.. අර කොච්චරවත් ලස්සනට පේන ඒ මූනේ හැඩතල කේන්ති ගියාම පුදුමාකාර නපුරු විදිහට පේන්නේ..

ඒ මොනවා වුනත් මාණික්‍ය ගෙදර ගිහින්.. අද දවසට එයා තාම මුකුත් කාලත් නෑ.. ඒත් එහෙමයි කියලා එයාට බඩගින්නකුත් නෑ.. ඉතින් දැනෙන තනිකමටම එයා දාගත්තේ ෆෝන් එකේ රේඩීයෝව.. ඇත්තටම මාණික්‍ය ආත්මෙකට රේඩියෝ අහන කෙනෙක් නෙවෙයි.. ඒත් තනිකම යවාගන්න, එයාගේ අවධානය වෙනත් අතකට යවාගන්න මාණික්‍ය කලින් නොකරපු ඕන දෙයක් කරයි.. හැබෙයි.. ඒ උත්සාහයත් මාණික්‍යට සමච්චල් කරාද මන්දා..

'කුමරාණෙනි නැති දෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ..

සඳුටත් කියලා හිරුටත් කියලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවඳ සලා පෙති විහිදා
සුමුදු සිනා වින්දි සිහිනේ
කඳුලින්ම ගිනි බින්දේ..'

භාවනාවක් තරම් කලින් නාහපු ඒත් ඇහෙන පදයක් ගානට එයාට එයාගේ ඉස්සරහා ඇස් දෙක ඇරගෙන වුනත් මනරුවම මැවි මැවී පේන්න ගත්තේ හදවතේ වාර ගාන ආයෙම නොහිතපු විදිහට වැඩි වෙද්දි..

"මනරු.. ම්. මං ගාවට එන්නකෝ දෙවියනේ.."

මරියසෙල් ගුණතිලකගේ කටහඩ එච්චර දෙයක් මාණික්‍යට කරන්න පුලුවන් වෙයි කියලා එයාවත් හිතන්නේ නැතුව ඇති.. මොකද තමන්ට ගව් ගානක් ඈත රූපයක් දැන් තමන් ඉස්සරහා මවන්න තරම්.. ඒ හිනාව ඒ බැල්ම ඒ විදිහටම.. මාණික්‍යට දැන් කටට දැනෙන ලුණු රස ජීවිතේ කොටසක් වගේ.. වේදනාවට වෙව්ලන තොල්, දුකටම රැලි ගැහෙන ඇස්.. නොවරදවාම මාණික්‍යගේ දවසෙන් හරි අඩකටත් වඩා කදුලින් තෙමනවා..

"නවත්තපං ඔය සිංදුව!!"

ඉතින් හිටපු දුක් බර සමාධිය කැඩිලා ගියාද මන්දා.. මාණික්‍ය ගැස්සිලා උඩ බැලුවා.

"උබට අද ඉඳන් සිංදු අහන්න තහනම්!!"

"පබසර.. මෙහේ ඇයි?"

සිංදුවටත් නීතියෙන් තහනම් කරන්න පබසර නැගී හිටියා. ර්‍ඒ විතරක් නෙවෙයි බිම වැටීගෙන අඩ අඩ හිටපු කෙනා වත් හොඳවයින් දෙකක් අනින්න වගේ නැගිට්ටලා ගත්තා.

"ඔව් පබසර මෙහෙ තමයි! මොකද දැන් ඒකා part time job එකක් විදිහට කෑමත් delivery කරනවා!!"

ඉතින් පෙර පෙර හිටපු කදුලු පිහිදාගෙන මාණික්‍ය යාලුවා දිහා බැලුවේ හරි අහිංසක විදිහට.. ඒ අහිංසක කම කොච්චරද කිව්වොත් ආයේ පබසරට බනින්න හිතෙන්නේ නැති තරම් අහිංසකයි.. හැබෙයි පබසර,

"උබ කැමතිද මනරුගේ Show එක බලන්න යන්න? මිනිහාමයි  ticket එකත් දුන්නේ"














මතු සම්බන්ධයි...

තව ටිකයි තව ටිකයි 😁

Continue Reading

You'll Also Like

235K 8.7K 65
"ငါယဥ့်ကိုဘယ်တော့မှချစ်လာမှာမဟုတ်ဘူး" "ငါလည်း ညီ့ကိုချစ်တယ်လို့မပြောမိပါဘူး " "နင်စိတ်ချပါ နန်းစုယဥ်ဆိုတဲ့ငါက ကိုယ့်လည်ပင်းကိုကိုယ်ကြိုးကွင်းပြန်မစွပ...
4.5K 967 8
අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )
569K 109K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
24K 2.1K 21
هاتمەوە بە چیڕۆكێكی نوێ و جیاواز وە مافەكەشی هەموو دەگەڕێتەوە بۆ خۆم جۆری چیڕۆكەكە☇☇ خەمناگ♎︎خەمناگ♎︎خەمناگ ☹☹☹☹☹☹☹☹☹☹☹☹ كەسايەتيەكان ؛ كيم ن/ت ؛كچێ...