CEO

By AngelStella4

1.3K 189 72

ආදරයෙන් පැරදුණත් ජිවිතය ලස්සනට දිනපු ඒත් පුංචි පැටියෙක් එක්ක තනිවෙලා ජිවත් වෙන තරුණයෙක් ජිවිතේ හොදම කාලේදී ජි... More

Interduction
1❤️
2❤️
3❤️
4❤️
5❤️
6❤️
8❤️

7❤️

202 26 6
By AngelStella4

සුදු පාට තීම් එකකින් අලංකාර උනු ඔෆිස් රූම් එකේ සුදු පාටින්ම සැරසුණු ලස්සන තරුණයෙක් එයාගේ ටෙබල් එකේ ඉදගෙන ෆයිල් ගොඩකට ඔලුව ඔබාගෙන හිටියා

ඊට ඉස්සරහෙන් තියෙන පුංචි ටෙබල් එකක ඉදගෙන තව ෆයිල් ගොඩකට යට වෙලා හිටිය තරුණයෙක් කරදරකාරී හුස්මක් ගත්තේ එයාගේ ෆෝන් එකට එන ඇමතුමක් නිසායි

ඒ ඇමතුමත් විසන්ධි වෙනකන්ම ෆෝන් එක දිහා බැලුවෙ වත් නැති තරුණයා දිහා ඊට ඉස්සරහ ටෙබල් එකෙ ඉන්න තරුණයා නම් බැලුවෙ කලකිරීමෙන්

" ආහ් ජිමිනි දැන් ඇති අනේ යුන්ගි හියොන්ව මැඩෙව්වා එයා පව් ජිමී "

බල බල හිටිය ෆයිල් එක වහලා දැම්ම ටෙහියොන් එයාගේ ඉස්සරහ ඉන්න ජිමිට කිව්වෙ එයාගේ ලගට යන ගමන්

" ඔව් ඔව් ඔයාටත් ඉතින් යුන්ගි හියොන්ගේ වැරදි පෙන්නෙ නැ බෙයාර් "

තමන්ගේ ලගට ආව ටෙහියොන්ට රවලා කිව්ව ජිමින් ටෙහියොන්ව ගනන් නොගෙනම ආයෙම ෆයිල් එකක් අතට ගත්තා

" මං කියන්නද වැඩක් ඔයා යන්න හියොන් එක්ක චුට්ටක් ඇවිදින්න එතකොට ඔයාලාට පුලුවන්නේ ඕක ගැන තීරණයක් ගන්න "

ටෙහියොන් ජිමින්ගේ අතින් අල්ලන් මේ පාර කිව්වෙ එයාගෙ ඇස් දෙකත් බෝල කරලායි මොකද එයාගේ විදියට නම් හැමෝම මේ ක්‍රමයට රැවටෙනවා .

" ආහ් ඔහොම බලන්න එපා බබා මං ඕකට රැවටුන කාලේ ඉවරයි අනිත් එක මං නෙවෙයිනෙ මුලින් රණ්ඩු උනේ එයා ඒ හින්දා එයායි මාව එක්කන් යන්න ඔනේ කොහෙ හරි "

ජිමින් ඇස් රෝල් කරලා කිව්ව දේට නම් ටෙහියොන්ට හිනා ගියේ ජිමින් ටෙහියොන් දිහා මොකෙක්ද දිහා බලනවා වගේ බලනකොටයි

"  හරි චිමී ඔයා කියන්නෙ එයා කොහෙ හරි එක්කන් යන්න ඔනේ කියලානේ ඉතින් මෝඩයො එහෙම එක්කන් යන්නත් ඔයා එයා ගන්න කෝල් එක ආන්සර් කරන්න ඔනිනේ "

මේ පාර ටෙහියොන් කිව්ව දේට ගොන් විදියට හිනා උනු ජිමින් ,

" එකෙත් පොඩි ඇත්තක් තියෙනවා ඉතිම් හී හී "

" අනේ මගේ මෝඩ තරා පැටියා "

ජිමින්ගේ කම්මුල් දෙකම පොඩි කරලා කිව්ව ටෙහියොන් ආයෙමත් එයාගේ ටෙබල් එකට ගිහින් ඉදගත්තෙ අද දවස ඇතුලත වැඩ ටික ඉක්මනට ඉවර කරන්නයි

මොකද තව ටිකකින් එයාට වැදගත් මීටින් එකක්

" ඕහ් බෙයාර් "

" ම්ම්ම්ම් මොකො කියලා තියෙන්නෙ යුන්ගි හියොන් "

" හියොන් ගැන නෙවෙයි කිම් ඔම්මා කෝල් අරන් පහක් විතර හදිසියක්ද දන්නෙ නැනේ අද ටෙශිවත් ගෙදර තියලානේ ආවේ ඔයා "

ජිමින් කිව්ව දේ එක්ක කලබල උනු ටෙහියොන් ඉක්මනට තමන්ගේ ඔම්මාට කෝල් ගත්තාත් බීසි උනු නිසා එයා කෙලින්ම ගත්තේ වෙන කෙනෙක්ට ......





































































කලබලයෙන් වාහනය ඩ්‍රයිව් කරන් යන තරුණයෙක් එයාගෙ ෆොන් එකටයි යන පාරටයි මාරුවෙන් මාරුවට අවදානය දුන්නා

ෆෝන් එකෙන් තමන් ගත්ත කෝල් එක දහා වෙනි පාරටත් කට් උනේ බීසි ඇමතුමක් විදියටයි

" ඕහ් ඔම්මා ඔච්චරටම බීසි වෙන්න මොකක්ද ෆෝන් එකෙන් කරන්නෙ අෆ්ෆා"

ස්ට්‍රීන් වීල් එකට තදින් පාරක් ගැහුව තරුණය කෙලින්ම ඇවිත් නැවැත්තුවෙ ලොකු ශොපින් මෝල් එකක වෙනකොට කාර් එක පාකින් ඒරියා එකට දාගන්නවත් වේලාවක් නැති නිසා ලගම හිටිය ආරක්ෂකයෙක්ට යතුර දුන්නෙ අතට අහු උනු සල්ලිත් එක්කමයි

වේගයෙන් ඇතුලට ගිය තරුණයා දම් පැහැති කොෆි ශොප් එකක් පැත්තට අඩි තියන්න ගත්තේ එතන එලියේ එක සීරුවට ඉන්න බොඩිගාඩ්ලාව දැකලායි

පුදුමයි මෙච්චර බොඩිගාඩ්ලා ඔම්මාට නැ එතකොට ඒ කාගේද ...

උත්තරයක් නැති ප්‍රශ්නයක් තමන්ගේන්ම අහගත්ත තරුණයා ඒ පැත්තට අඩිය තිබ්බා

" අනේ ඔම්මා මොකක්ද උනේ ඔයාට "

" ජින් "

" ඔයාට කොහොමද ඔම්මා මොකක්ද උනේ කලන්තයක් ආවෙ ඇයි එකපාරටම "

" ආහ් ම්..මං හොදින් ලමයො කෝ කලබල වෙන්නෙ නැතුව ඉන්නකෝ "

" එතකොට බෙයාර් කිව්වෙ ඔයාට අමාරුයි කියලා "

" හී හී ඒක පොඩි සැලැස්මක් පුතේ "

" ඈ "

" මේකයි උනේ  ,































" මොකාක්ක්ක්ක්ක්ක් "






































































ශොපින් මෝල් එකේ විවෘත වී ඇති වීදුරු දොරෙන් එලියට ආවෙ මැදිවියේ කාන්තාවන් දෙන්නෙකුයි තරුණයො දෙන්නෙකුයි .

එක් තරුණයෙක්ගෙ අතේ පුලුන් ගුලියක් වගේ පුංචි පැටියෙක් හරි සනීපෙට නිදාගෙන හිටියා

මැදිවියේ කාන්තාවන් දෙදෙනාගේ දැන් පැයක තිස්සෙ ඇදීගෙන යන කතාවට පුංචි පැටියා වඩාගෙන ඉන්න තරුණයාත් ඉදලා හිටලා වචනයක් කිව්වාත් ඊට පිටිපස්සෙන් ෆෝන් එක ඔබ ඔබ එන තරුණයාගෙන් නම් එහෙමවත් වචනයක් ගන්න බැරි තරම් උනා

" එහෙනම් හායොනා අපි ගිහින් එන්නම් ඔයා අනිවාර්යයෙන්ම හෙට හවස එහෙ එන්න ඔනේ හොදද "

අනිත් කාන්තාවගේ අතින් අල්ලන් කිව්ව මිසිස් කිම් ලස්සනට හිනා උනේ මිසිස් ජෙනුත් පෙරලා හිනා වෙනකොටයි

" මං කිව්වොත් අනිවාර්යයෙන්ම ඒක කරනවා ඔයා දන්නවානෙ ඉතින් මං ගැන "

" අපොයි ඔව් "

" එහෙනම් ජින් පුතේ අද ඔයා අපිව ගොඩාක් සප්‍රයිස් කරා හැබැයි රත්තරන් ඔන්න ඉලග දවසේ නම් අනිවාර්යයෙන්ම මගේ බෑනාව ගෙන්න ඔනේ හරිද "

ජින්ගේ අතේ ඉන්න ගුකී පැටියාව හිමින් එයාගෙ අතට ගන්න ගමන් කිව්ව මිසිස් ජෙන් ජින්ට ඇහැක් ගැහුවෙ ජිනුත් මිසිස් ජෙන්ගෙ වැඩවලට හිනා වෙවීම ඔලුව උඩ පහල වනද්දී

" අනිවාර්යයෙන්ම ආන්ටි ඔයාට ඊලග වතාවෙ නම් එයාව දකින්න පුලුවන් "

" එහෙනම් කුකී පුතේ අපි යනවා හොදද මට ඔයායි මගෙ චුටි පුතායි කියලා වෙනසක් නැ ඔය දෙන්නාම සතුටින් ඉන්නයි ඔනේ .පුලුවන් නම් අනිද්දාට දෙන්නා මීට් වෙලා බලන්න අඩුම පැටියා වෙනුවෙන්වත් "

මිසිස් කිම් ජන්කුක්ගෙ අතින් අල්ලන් කියනකොට ජන්කුක් ඒ අත ආයෙමත් අල්ලන් ,

" අනිවාර්යයෙන්ම මං යන්නම් මගෙ පැටියා වෙනුවෙන් ඒත් මට ඔයාගේ පුතාට ආදරේ කරන්න තරම් නම් හිත හදාගන්න බැරි වෙයි ආන්ටි "

ජන්කුක් කිසිම හැගීමක් නැති ඇස් දෙකකින් එහෙම කියද්දි මිසිස් කිම්ගේ ඇස් ගැස්සුනාත් එයා දන්නවා එයාගේ බෙයාර්ත් මේකම කියයි ඒත් කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙයි ඉතින් ඒ නිසා එයා හිනා වෙලා ,

" අපි කාලයට ඉඩ දෙමු කුකී "

ජන්කුක් එතනින් එහාට මුකුත් කිව්වෙ නැ එයා ඔලුව වනලා මිසිස් කිම් එක්ක යන්තමින් හිනා උනා

දැන් එයාට මතකයි පොඩ්ඩක් පොඩ්ඩක් මිසිස් කිම්ව පුංචි කාලේදී එයාව බලා ගත්තා එයාගේ ඔම්මා ජොබ් එකට ගිහින් එනකන් කන්න දුන්නා ඇදුම් හේදුවා හැමදේම කරලා දුන්නා

ඉතින් ජන්කුක්ට පුංචි කාලේදීම එයා ලගින් හිටිය එයාගේ දෙවෙනි ඔම්මා වගෙ ඉන්න මිසිස් කිම්ගේ වචනෙට පිටින් යන්න බැ අනික ඔය කියන විදියට ජන්කුක්ට බදින්න වෙන්නෙ ජන්කුක්ගේ පුංචි කාලේ ක්‍රෂ් එකව

දැන් ඉතින් එයාලා ගොඩාක් ලොකුයි වගේම වගකීම් වලින් බැදිලා ලොකු කාලයක් වැයවෙලා ඉතින් දැන් ඒ හැගිම් වල පුංචි පුංචි වෙනස්කම් ඇති ඒත් ඉතින් ජන්කුක් කැමති නැ මෙතන ඉන්න කාටවත් කියන්න ඔයාලා ඔය මට බදින්න කියන්නෙ මගේ පොඩිකාලේ ක්‍රෂ් එකව කියලා

අනිත් ලොකුම කාරණෙ උනේ එයාගෙ ක්‍රෂ් එකට වැඩියෙ මීට දවස් ගානකට කලින් එයාගේ හිත ගත්ත රූපේ එයාට අයිති නැති ඒ ඇස් ඉතින් ජන්කුක් කොහොමද පොඩි කාලේ ක්‍රෂ් එකක් ගැන හිතලා සතුටු වෙන්නෙ

කොහොමින් කොහොම හරි කට්ටියම ගෙවල් වලට යන්න පිටත් උනේ හවස හතරත් පහු උනාට පස්සෙයි........




































































බස් හෝල්ට් එකක ඉදගෙන සැරෙන් සැරෙට පාර දිහා බලමින් හිටිය තරුණයයෙක් යටි තොල හපන් හිනා උනේ එයා බලාපොරොත්තුවෙන් හිටිය වාහනේ ඈතින් එනවා පේනකොටයි

ඉක්මනට උගුර පාදලා අත් දෙක පපුවෙ මැද්දෙන් බැදගත්ත තරුණයා වාහනය එන පැත්තට විරුද්ධ පැත්ත බලාගෙන රවන් හිටියේ ඇහෙ කොනෙන් බස් හෝල්ට් එක ලග නැවැත්තුව කලු පාට කාර් දිහා බල බලයි

තමන්ගේ පැත්තට එන තරුණයා දිහා නොබලා ඉන්න උපරිම උත්සාහ කරන ගමන් ෆෝන් එක ඔබන්න ගත්ත තරුණයා ගැස්සිලා ගියේ අනිත් තරුණයා ඇවිත් එක පාරම හරහට වඩගත්ත හින්දායි

" ආහ්හ්හ්හ්හ් හියොන්...... මොකද කරන්නෙ තියනවා මාව බිමින් පූස් ......."

යුන්ගිගෙ බෙල්ල බදාගෙන කෑ ගැහුව ජිමින් යුන්ගිගේ ටයි එකෙන් ඇද්දෙ එකපාරටම හිර වෙච්චි ටයි එක නිසා යුන්ගිට එලොව පොල් පෙන්නලයි

ජිමින්ව බිමින් තිබ්බ යුන්ගි බෙල්ලත් අල්ලන් දෙකට නැවිලා පොඩ්ඩක් කැස්සෙ ටයි එකත් තනි අතකින් අදින ගමන්මයි

" අනේ පූස් මගේ පූස් අනේ හබී ඔයාට රිදුනාද අනේ මගේ පූස් ඔයාට හුස්ම ගන්න අමාරු උනාද කියන්නකෝ 😭😭 "

ගොඩාක් අමාරු නැති උනාත් දැනටත් ඇස් වල කදුලු පුරවගෙන අඩන ජිමින්ව දැක්කාම යුන්ගිට හිතුනේ එක දෙයයි දැන් තමා යුන්ගියා චාන්ස් එක කොහොම හරි යාලු කරගනින්

" කැහ්! කැහ්! අම්- මෝ ! බබා ඔයාට ඔනේ මාව මරන්නද පැටියෝ මැරුනා නම් හොදයි තමා දැන් නම් ඔයා මං ගන්න කෝල් එකක් ආන්සර් කරන්නෙත් නැ ඒ මදිවට මං වැඩ පැත්තක තියලා ඔයාව බලන්න ආවම ඔයා බෙල්ල මිරිකනවා කමක් නැ චිමී ඔයාට හොදයි කියලා හිතෙනවා නම් මරන්න මාව ම්ම් "

යුන්ගි බොරුවට අඩන්න වගේ මුණත් හදාගෙන ජිමින් දිහා බලන් කියනකොට අඩ අඩ හිටිය ජිමින් තවත් හයියෙන් අඩන්න ගත්තා

ඒත් ඉතින් .......

උපරිම විනාඩියයි ......

" ආහ්හ් බබා එක නම් ඇත්තටම රිදුනා ඈ මරන්නද යකෝ හදන්නෙ "

" අන්න හරි ඔය ඉන්නෙ මගෙ රියල් මිනිහා "

අඩන ගමන් දනහිස් වලින් නැමුණු ජිමින් යුන්ගි ඔලුව පාත් කරනකන් ඉදලා ක්ෂණික නැගිට්ටෙ යුන්ගිගේ මුණෙ ජිමින්ගේ ඔලුව වැදිලා නහයෙන් ලේත් එද්දීයි

එහෙම්ම බොරුවට ඇඩුව ජිමින් කොණ්ඩ කෑල්ලක් කන පිටිපස්සෙන් රදවගෙන ගස්සගෙන ගිහින් කාර් එකට නැග්ගා

" ඉක්මනට එනවා නැත්තම් අද රෑටත් සෝෆාවෙම නිදා ගන්න එකයි ඇත්තෙ

ජිමින් ගිය දිහා බලාගෙන රව රව කුටු කුටු ගාගා බනින යුන්ගිට ජිමින් වාහනේ ඉදන්ම කෑ ගැහුවෙ යුන්ගි ස්මයිල් ඉන් පෙයින් වගේ මුණක් හදාගෙන වාහනේට යනකොට
























පාස්පොර්ට් එකක් අතේ තියාගෙන කලු පාටම ඇදගෙන හිටිය තරුණයෙක් මාස්ක් එකක් දාගෙන ඔලුව පහත් කරගෙන ඉස්සරහට ඇදුනේ මිනිස්සු අමුතුවට එහා දිහා බලනකොටයි .

එන්ට්‍ර්‍රස් එකෙන් එලියට ආව තරුණයා ලගම තිබ්බ කැබ් එකක් ලගට ගියේ අතේ අරන් ආව බෑග් එකෙන් අත දාලා සල්ලිවගයකුත් අරගෙනමයි

" සුබ සැන්දෑවක් මහත්තයෝ මහත්තයාට කොහෙටද යන්න ඔනේ "

කාර් එකේ පිටිපස්සෙන් නැග්ග තමන්ගේ සේවාදායකයාට කට පුරා හිනා වෙලා කතා කෙරුව මහලු මනුස්සයා වාහනය ස්ටාට් කරා

" කිම් කම්පැණි එක ලගට "

මහලු මනුස්සයා දිහා බලලා උත්තර දුන්න ආගන්තුකයා කටකොනෙ පොඩි හිනාවක් දැම්මෙ මහලු මනුස්සයාට මාස්ක් එක නිසා ඒ හිනාව මග ඇරෙනකොටයි

පැය කාලක් විතර යනකන් කිසිම සද්දයක් නැතුව ඔලුව ශීට් එකට හේත්තු කරගෙන ආව පිටිපස්සෙ ආගන්තුකයා කලර් ලයිට් එකකින් නැවැත්තුව වාහනය නැවැත්තුව ගමන් ඇස් ඇරියේ ආයෙමත් අර කටකොනෙ හිනාව ඇදිලා මැකිලා යනකොටයි

" ආආහ්හ්හ "

වේදනාබර කෙදිරිල්ලක් එක්කම වාහනේ ඩ්‍රයිවර් මහලු පුද්ගලයා ස්ට්‍රීන් වීල් එක උඩට කඩාගෙන වැටුනේ පිටිපස්සෙන් හිටිය ආගන්තුකයා කටෙන් කරදකාරී සද්දයක් පිටවෙනකොටයි

තවත් තත්පර ගානකට පස්සෙ කලර් ලයිට් ගනන් ගන්නෙ නැතුව වාහනය ඉස්සරහට ඇදුනේ වටපිටෙ වාහනත් කලින් ඉදන්ම තිබුනෙ නැති නිසායි .

පිටිපස්සෙ ශීට් එකේ හිටිය පුද්ගලයාගේ බෙල්ලෙ පුංචි සිදුරකින් ලේ විදිමින් තිබ්බා වගේම ඒ ලගම ඉන්ජෙක්ට් එකක් වැටිලා තිබ්බෙ උනු දේට සාක්ෂි දරලයි

වාහනයේ රෙඩියෝ එක ඔන් කෙරුව තරුණයාගේ මුණේ මෙවර කටකොනෙ හිනාවක් වෙනුවට සරාගී හිනාවක් ඇදුනේ එයා බලාපොරොත්තුවෙන් හිටිය කටහඩක් ඇහෙනකොටයි

**  අපිට කියන්නකෝ මිස්ටර් කිම් ඔයාගේ මේ ලස්සන වීමේ රහස ගැන ඇත්තටම ගෑණු ලමයි උනාත් කැමති වෙයි ඒ ගැන නම් දැන ගන්න   **

රේඩියෝ වැඩසටහනෙන් කලින් දවසක මිස්ටර් කිම් එක්ක කෙරුව ඉන්ටර්විව් එක ප්ලේ උනා වගේම ඇහුව ප්‍රශ්නෙත් එක්ක ඇහුනේ හුරතල් හිනාහඩක්






" බෙබී !

" බෙබී !

" ඔයාගේ සප්‍රයිස් එක මග එනවා මැණික ඔන්න බලන්නකො ඔයාව මං සප්‍රයිස් කරන විදිය ඔයා මාරම කැමති වෙයි එකට හ්හාහාහාහාහ් "










































Update ekak genawa .......

Hodai nam like ekak danna .....




Bye bubula  ❤️

Continue Reading

You'll Also Like

805K 23.8K 64
"Real lifeမှာ စကေးကြမ်းလွန်းတဲ့ စနိုက်ကြော်ဆိုတာမရှိဘူး ပျော်ဝင်သွားတဲ့ယောကျာ်းဆိုတာပဲရှိတယ်" "ခေါင်းလေးပဲညိတ်ပေး Bae မင်းငြီးငွေ့ရလောက်အောင်အထိ ငါချ...
351K 22.4K 65
In the vibrant city of Jaipur, a secret deal was struck between two worlds. Abhimaan Deep Shekhawat, the enigmatic King of Rajasthan, controlled the...
231K 26K 67
#Book-2 of Hidden Marriage Series. 🔥❤️ This book is the continuation/sequel of the first book "Hidden Marriage - Amazing Husband." If you guys have...
421K 5.8K 32
Rajveer is not in love with Prachi and wants to take revenge from her . He knows she is a virgin and is very peculiar that nobody touches her. Prachi...