ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎

By clouzki

5.2K 1.1K 1K

Don't Copy My Work 🚫 Sinhala Fanfication BL BL - YoonMin Seosen 2 ♡︎ Ranking First #01 #1 SG දුශ්ථ ඕතරී 😈 More

♡︎ Story Intro ♡︎
~♡︎ 01. We Again
~♡︎ 02 ♡︎~
~♡︎ 03 ♡︎~
~♡︎ 04 ♡︎~
~♡︎ 05 ♡︎~
~♡︎ 06 ♡︎~
~♡︎ 08 ♡︎~
~♡︎ 09 ♡︎~
~♡︎ 10 ♡︎~
~♡︎ 11 ♡︎~
~♡︎ 12 ♡︎~
~♡︎ 13 ♡︎~
~♡︎ 14 ♡︎~
~♡︎ 15 ♡︎~
~♡︎ 16 ♡︎~
~♡︎ 17 ♡︎~
~♡︎ 18 ♡︎~
~♡︎ 19 ♡︎~

~♡︎ 07 ♡︎~

307 70 45
By clouzki

~♡︎~

ඊය රෑ වෙච්ච දේ මතක් වෙනවත් එක්කම යූන්ගි උන්නෙ ඇඳේ ඔහේ වැතිරිලා.. නින්දට ජීවිතේ ලොකුම තැන දෙන මිනිහ ඊය රෑ නිදිමරල ඇස් දෙකත් බීපු එකෙක් වගේ රතු කරගන ඔහේ සිවිලිම දිහා බලාගන ඉන්නවා...

හහ්.. හ්‍යොං ?? හ්‍යෝං... ??
ම්ම්හ්හ්ර්ර්.. මම දැනගත්තා ඔච්චර line එකේ ඉද්දි...
මොකෙක් හරි හෝතම්බුවෙක් ඇති කියල...
හහ්... ඌව එච්චර feelනම් උගෙ කට කන්නෙපැයි මාව කෑවෙ... ශිට්....
ආහ්... පාක් නෙවේ ෆක් ජීමින්...
මං දිහා ඔය දුඹුරු පාට ඇස් වලින් බලල මාව පිස්සු වට්ටල තමුසෙ මාව සෙල්ලමට ගත්ත එහෙනම්...
මාත් දෙන්නම්කො කොටා තමුසෙට Return එකක් රිදෙන්න.. හහ්...

" පුතා ඔයා තනියමද කතා කරන්නෙ "

කොල්ල එකපාරටම නැගිටල ඇඳෙන් බැහැල දොර ගාවට ආවෙ අප්ප කතා කරපු නිසා..

" ආහ් නෑ අප්පා.. ඇයි අප්ප හදිස්සියක්ද "

" නෑ පුතා.. අපි ආය top 2 ඇවිල්ල.. මට ඔයා ගැන හරි ආඩම්බරයි "

" ආ... ඒක මරු අප්පා... "

යූන්ගි උන්නෙ අප්ප එක්ක කතා කරන Minde එකකනම් නෙවේ. ඒක අප්පටත් කොල්ලගෙ ඇස් වලින් තේරුනා..

" පුතා ඇයි මේ ඇස් රතු වෙලා.. ඔයා ඇඬුවද ? "

" නෑ අප්ප මම මේ රෑ Film වගයක් බැලුව.. මෙලෝ රහක් නෑ... "

" ම්ම්.. මම Office එකට යනවා.. ඔයා පරිස්සමට වැඩ ටික කරගන්න "

" ඕ අප්පා.. පරිස්සමට යන්න... "

යූන්ගි කාමරේ දොරත් වහගන ඇවිල්ල ආපහු ඇඳට වැටෙද්දි එයාට මතක් උනා ඊය රෑ ජීමින්ගෙ මොබයිල් එකේ දැක්ක මැසේජ් එක.

••°°••Last Night ••°°••

Kiss කරල ජීමින් යූන්ගිගෙ ඇඟටම හේත්තු වෙලා නිදා ගද්දි එයාගෙ මොබයිල් එක vibrat වෙන්න ගත්ත නිසා ජීමින්ව කා එකෙන් දාල යූන්ගි එයාගෙ මොබයිල් එක අතට අරං බැලුවා... ඒ බලද්දි එදා මැසේජ් එක එවල තිබුන එකාම අදත් එකක් එවල..

" හෙට රෑ 8 වෙද්දි Red light Hotel එකේ Room Number 109 ට එනවා.. ඊට පස්සෙ ඔයාට මං යන්න දෙන්නම්... "

යූන්ගි මැසේජ් එක නොකපම ජීමින්ගෙ පොකට් එකට ආයම මොබයිල් එක එබුවා..

••~ Back To Present ~••

ඒක මතක් වෙනවත් එක්කම අමුතුම චරිතයක් සුගාට ආවේස වෙද්දි එයා ජීමින්ට ඩයල් කරනවා..

📞 : Hello Yoongi ...

📞 : අද රෑට මං එක්ක ගමනක් යන්ද ?

📞 : අනේ යූන්ගි අද මට දාගත්ත වැඩක් තියනව. මං ඒකට යන්නම ඕනා..

📞 : ඒක හෙටට Postpone කරගන්න..

📞 : Please yoongi. ඒක කරන්න බෑ... අනේ ටිකක් තේරුම් ගන්න..

📞 : හා..

📞 : යූන්ගි අනේ තරහ...
Call ended ....

හහ්.. බලමු තමුසෙ අද රෑ කරන වැදගත් වැඩේ මොකද්ද කියල..

යූන්ගි ශවර් එක යටට ගිහින් ඇරල මූනට තෙත් වෙලා වැටුන කොන්ඩෙ පස්සට කරගන්න ගමන් එහෙම කිව්වෙ කන්නාඩියෙන් පේන තමන්ගෙම ප්‍රතිභිම්බය දිහා නපුරු විදිහට බලාගන.









~♡︎~

දෙයියනේ මං කොහොමද කියන්නෙ මට ඔයත් එක්ක අද එන්න ඕන කියල...
ඒත්.. ඒත් මම ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක ...
මං දන්නෑ අද මම පනපිටින් ආපහු එයිද කියලවත්...
මං ආපහු ආවම ඔයාට හැමදේම කියන්නම්..

" චූටි පුතා... ඔයා ඔයාගෙ Account එකකින් money vidro කරගත්තද ?? කෝටි දහයක් ?? "

" ඔ.. ඔම්මා... ම්.. මේ ඒක... "

" මොනාහරි ප්‍රශ්නයක්ද ? කව්රුහරි ආයම ඔයාව Blackmail කරනවද ? "

" නෑ ඔම්මා.. එහෙම ප්‍රශ්නයක් නෑ.. මම මේ යාලුවෙක්ට gift එකක් දෙන්න කා එකක් ගන්න කියල "

" ම්ම්.. කව්ද එච්චර වටින ඔයාගෙ යාලුව "

" ම්... මේ.. ම්.. "

" Excuse me madam... සර් එන්නලු ඉක්මනට "

ජීමින්ව ඇපෙන් බේරෙන්න වගේ වෙලාවට ගෙදර සේවිකාවක් ඇවිල්ල ජීමින්ගෙ ඔම්මට කතා කරනවා..

" ආහ් හරී.. ඔයා යන දිහාක පරිස්සමට චූටි. පුලුවන් යූන්ගි දරුව එක්ක යන්න.. "

ඔම්ම එහෙම කියාගන යද්දි ජීමින්ට දැනුනෙ පුදුමාකාර දුකක්. සල්ලි ලෑස්ති කරගත්ත බෑග් එකත් ඇඳ උඩින් තියල ජීමින් ඇඳෙන් වාඩි උනේ ඇයි මම ජීවත් වෙන්නෙ කියල හිතල වගේ...

ඊය රෑ මං කොහොමද ආවෙ මොනාද කලේ කියලවත් මට මතක නෑ...
මට බයයි..

යූන්ගිට වගේ ජීමින්ටනම් බීපුවම කරපු කියපු දේවල් මතක නෑ.. අඩුම ඊය රෑ kiss එකවත්. එයාගෙ හිතේ තිබුනෙ අද රෑ ගැන බයක් විතරයි.









~♡︎~

Red Light Hotel කා පාක් එකට වෙලා හොඳට හුරු පුරුදු මිනිස්සු ටිකක් ඉන්නව දැක්ක ජීමින් කා එකෙන් බැහැල බයෙන් බයෙන් hotel entry එක ගාවට ආවා...

" ජීමින් බබා.. අද තනියම මොකෝ.. කෝ අර අපිට ගහන්න ආව අයිය  ?? "

" යූවොන් ඇතුලෙද ?? "

ජීමින් එයාලගෙ වදන් ගනන් නොගෙන දෙගිඩියාවෙන් ඇහුවෙ අදාල කෙනා කෝ කියල.

" ඔව් ඔව්.. ඇතුලට යන්න.. "

ජීමින් සූට්කේස් එකත් උස්සගන hotel එක ඇතුලට ගිහින් Elevator එක අරගන උඩට යන්න ගියා.. එයා ඇතුලට යනවත් එක්කම පාක් එකේ උන්න මැරයො ටික ටිකක් කලබල වෙලා එහා මෙහා බැලුවෙ ඉස්සරහින් එන කෙනා දැකල.. ෆුල් බ්ලැක් අව්ට්ෆිට් ගහල අඩියට දෙකට එයාල ගාවට ආවෙ සුගායි එයාගෙ ගාර්ඩ්ලයි...

" උබ ආය මෙහෙ ?? "

" ඕ... යාහ් මට මෙතන මේ ප#කු එක්ක ඉන්න වෙලා නෑ.. මුන්ව බලපං මං යනව උඩට "

" Ok Boss "

උන් යූන්ගිව හරස් කරන්න එන්න යද්දි සුගාගෙ මිනිස්සු ටික උන්ව වට කරගත්තා.. ඒ ක්ශනිකවම කොල්ල Hotel එක ඇතුලට ආවෙ තප්පරයක් හරි ජීමින්ට හිරිහැරයක් වෙයි කියල හිතල ..

~~ Room Inside ~~

" Oh.. Welcome my baby boy "

කාමරේ ඇතුලෙ සෝෆ එක උඩට වෙලා drink එකක් ගන්න ගමන් උන්න තරුණ කොල්ලෙක් Glass එක Table එක උඩින් තියල ඇවිල්ල ජීමින්ගෙ කරට අත දාගත්තා..

" Please එහාට වෙන්න... ආ.. ඔයා ඉල්ලපු ගාන.. දැන් හරිනෙ මම යනවා... "

" වෝව්... වෝව්... එහෙම යන්න දෙන්න බෑ... "

ජීමින් සූට්කේස් එක ඇඳට විසිකරල යන්න හැරෙද්දිම ආයම අර කොල්ල ජීමින්ගෙ අතකින් අල්ලල බිත්තියට හිර කරගත්තෙ ජීමින්ගෙ හදගැස්ම හොඳටම වැඩි කරල..

" මට යන්න දෙනවා... "

" ඇයි තමුසෙ මට කැමති නැත්තෙ ?? ආ... මොනාද මගෙ තියන අඩුපාඩු ආ.. කතා කරනව ජීමින් "

" අයියෝ.. මං කැමති නෑ මට යන්න දෙනවා.. "

" තමුසෙ දන්නවනෙ මං කව්ද කියල.. මට කරන්න බැරි දෙයක් නෑ... මට ඕන දේවල් මං බලෙන් හරි ගන්නවා... "

" තමුසෙ හමුදාවට නොයා බොරු කරල පිට ඉන්නව කියල අහූනාම ඕන දේවල් හම්බෙයි යූවොන්... "

" යාහ් ජීමිනා... මං Army chief ගෙ එකම පුතා.. ඒක කවදාවත් වෙන්නෑ... "

යූවොන් ජීමින්ගෙ පිරුන තොල් ඇඟිලි අලින් අල්ල අල්ල කියද්දි ජීමින්ගෙ ඇස් වලට කඳුලු පිරෙන්න තරම්.. මොකද ඇත්තටම මිනිහට දෙයක් කරන්න පුලුවන්..

" මට ඔයාව ඕනෙ ජීමින්... ඔයාගෙ ලස්සන බලන්න මට ඉඩ දෙන්න.. නැත්තම් අප්පා... "

ජීමින් ඇස් දෙකෙන් කඳුලු වැක්කෙරෙද්දි ඇස් පියාගන අහක බලගත්තෙ දැනටමත් යූවොන්ගෙ අතින් ජීමින්ගෙ ට්‍රව්සර් එකේ බට්න් ගැලවෙන නිසා.. මිනිහ පිස්සුවෙන් වගේ ජීමින්ගෙ දම්පාට උන බෙල්ල දිවෙන් තෙත් කරමින් හපා කනවා..

දඩාස් දඩාස් දඩාස් .....

" Ah Fuck කව්ද යකෝ.... "

එකපාරටම කව්රුහරි දොරට ගහනවත් එක්කම යූවොන් කෑ ගැහුවත් මිනිහ ජීමින්ගෙ ට්‍රව්සර් එක අස්සට අත දාගන ජීමින්ට වද දෙනවා.. මිනිහ දන්නෑ එලියෙ ඉන්නෙ ඇත්තටම යකෙක් බව..

යූන්ගි එලියෙ ඉඳං දොරට ගැහුවත් ඇරියෙ නැති නිසා දත් මිටි කාගන දොරට වේගෙන් වේගෙන් පයින් ගැහුවෙ යක්සාවේසෙන්.. කොච්චර ආවේගයක් තිබුනද කියනවනම් මෙච්චර හයිය දොරට පයින් පාර හය හතක් වැදෙද්දි ලොක් එක බුරුල් වෙලා යනවා.. ඒත් ඇතුලෙ ඉන්න එකා නෙවේ වැඩේ අතෑරියෙ...

දඩාස් ...

එකපාරටම දොර කඩාගන කොල්ල ඇතුලට එනවත් එක්කම යූවොන් ජීමින්ව අතෑරල පස්සට උනා...

" ය්.. යූන්ගියා... ඔයා මෙහෙ "

ජීමින් ඉකි ගගහ යූන්ගිගෙ නම මුමුනද්දි කොල්ල දත් මිටි කකා ජීමින් දිහා බැලුවෙ එයාට ගහන්න බැරි කමට.

" තමුසෙට තිබුන ලොකු වැඩේ මේකද ?? "

" යූන්ගිය එ.. එහෙම නෙවෙ.. මම "

" කව්ද යකෝ උබ.. "

යූවොන් කෑ ගහල අහනවත් එක්කම යූන්ගි මිනිහ ගාවට ගිහිල්ල නහය කැඩිල යන්නම මිටමොලවල පාරක් දුන්නෙ තිබුන තරහට. ජීමින් අමාරුවෙන් ඇඳුනුත් හදාන බිත්තිය දිගේ රූටල බිමින් වාඩි උනේ එයා මේ වෙද්දිත් බයට අඩපන වෙලා උන්න නිසාවෙන්.

" ආයිශ් ශීබාල්.. මොකාද යකෝ උබ... ආහ්.. තමුසෙ එහෙනම් එදා මගෙ උන්ට ගැස්සුවෙ මූට කියල.. ?? තුහ්... "

නහයෙන් ආව ලේ ටික පිහිදගන කෙල පාරක් ගහල නැගිට්ට. නැගිටල ඇවිල්ල තිබුන තරහට මිනිහ සුගාට ගහන්න කකුලක් උස්සනවත් එක්කම කකුල උස්සනකොටම ඌව අල්ලගන ඇදල ආපහු ගහල බිමට දැම්ම සුගා උගෙ ඇඟ උඩට නැගල ඉඳගත්තෙ හොම්බ කට කුඩු වෙන්න ගහන්න හිතාගන...

ආහ්... නෑ මම ටිකක් ගුටි කන්න ඕනා..

එහෙම හිතපු යූන්ගි ප්ලෑන් එකක් හිතේ තියාගන යූවොන්ගෙන් ට්කක් ගුටිකාල බැරිම තැන අරූව පෙරලං උගෙ උඩට ආවා...

" එපාහ්.... Please එපා යූන්ගියා... හ්හාහ්.. "

එකපාරටම පිටිපස්සෙන් ඇවිල්ල කොල්ලව හග් කරපු ජීමින් නිසා එයා අරූට උස්සපු අත එහෙන්ම පහත් කරගන උගෙ ඇඟ උඩින් නැගිට්ටා..

" උබ දන්නවද යකෝ මං කව්ද කියල "

" මට අදාල නෑ.. මම කව්ද කියල දැනගත්ත දාටනම් උබ බය වෙයි. බලපං උබට හෙට වෙන දේ "

" උබට මම "

" ඇයි ඇයි පො#නයෝ "

එහෙම කියපු සුගා ආයම අරූට ගහන්න හදද්දි ජීමින් එයාව ඇදගන කාමරෙන් එලියට ඇවිල්ල Reception hall එක පැත්තෙන් එලියට එනකොටම හරියටම මේන් ඩෝ එක හරියෙදි සුගා ජීමින්ගෙ අත ගසල දැම්මෙ ජීමින්වත් එහාට විසික් වෙන්න...

" ය්.. යුන්ගියා... "

ජීමින් කතා කරපු එක ගනන් නොගත්ත සුගා මේන් ඩෝ එක ගාවට ආව ජගුවර් එක ගාවට ජීමින්වත් පාස් කරගන එන්න ආවා. ඒ එද්දි ආයම ජීමින් සුගාගෙ අතින් අල්ල ගත්තා..

" යූන්ගියා... ඔයා මං එක්ක තරහ වෙලාද ? .. මේක.. මං උවමනාවෙන් කරපු ද්.. දෙයක් ... ආහ්... "

එකපාරටම සුගා ජීමින්ගෙ අතින් ඇදල අරගන ජගුවර් එකට හේත්තු කරගත්තෙ ජීමින්ගෙ පිටත් හයියෙන් වදින්න..

" I don't want to hear anything ... ඔය දේවල් ගිහින් Explain කරගන්නව තමුසෙගෙ හ්‍යොංට "

" මෝහ්.. ? ක.. කව්ද හ්‍යොං ?? "

ජීමින් ඒ කෝපි පාට දිලිසෙන ඇස් වල කඳුලු පුරෝගන ඇහුවෙ පුදුමෙන් වගේ...

" තමුසෙගෙ හ්‍යොං කව්ද කියල මමද දන්නෙ ? ඊට රෑ Drinks අරං ඌව imagine කරං මාව Kiss කලේ.. Don't you remember ? "

කොල්ල ලොකු කේන්තියකින් ඇහිබැමකුත් ඔසවගන ජීමින්ගෙ මූනටම ලං වෙලා දත්මිටි කකා කිව්වෙ ජීමින්ට අතක් උස්සන්න බැරි කමට...

" What ?? ම.. මම ඔයාව Kiss කලා.. ?? "

" හහ්.. මතකවත් නෑ...
Anyway මම හිතුවෙ නෑ තමුසෙ මේ වගේ පහත් කෙනෙක් කියල... මං කතා කලාම එන්න බෑ කිව්වෙ මේ වගේ වැඩ වලට එන්නනම් කෙලින් කියන්න තිබ්බනෙ "

චටාස්  ....

ජීමින් කඳුලු අතරින් දත් මිටි කකා හිතන්නවත් වෙලාවක් නොදී යූන්ගිගෙ කන රත් වෙන්න පාරක් දුන්නෙ කොල්ලට තව වචනයක්වත් කතා කරගන්න නොදී..

" How can you talk to me like that ?
මම තමුසෙ හිතනව වගේ දේකට මෙතනට ආවෙ නෑ...
මම ආවෙ මගෙ අප්පට කරදරයක් වෙයි... ආහ් ඇයි මම තමුසෙට මේව කියන්නෙ...
මම තමුසෙ ගැන හිතං හිටිය වැරදී..
ජරා සතා... "

යූන්ගිව අහකට තල්ලු කරගන ජීමින් එහාට ගිහින් කැබ් එකක් අරගන යන්න ගියාම කොල්ල එයාගෙ එකෙක්ට කිව්වෙ එයාව Follow කරල පරිස්සමට ගියාද බලන්න කියල...

" බොස් ඔයා ?? "

" ආහ් අව්ලක් නෑ... "

සුගා කට කොනකින් හිනා වෙන ගමන් කම්මුල අතගාගත්තෙ නිකං පාරක් වැදුනදවත් හිතල..

" බොස් වැඩේ හරි... ගානට තිතට කලා... "

" එහෙනම් එච්චරයි.. ආය ජීමින්ට අව්ලක් වෙන්නෙ නැත්තම් මට අව්ලක් නෑ... "

" 100% බොස්. හෙට උදේට News වලටත් යයි "

මං මොකද මේ අනවශ්‍ය වැඩ මගෙ කරේ දාගන්නෙ ??
අනවශ්‍ය ?? ජීමින් මට අනවශ්‍ය කෙනෙක්ද ?
මොකද්ද ඒ කොල්ල මගෙ ඔලුව අස්සට වෙලා කරන්නෙ ??
හහ්.. Damn විකාර....

" හරි එහෙනම් උබල යමල්ල.. මම Club එකට යනවා.. "

කව්ද ජීමින්ගෙ හ්‍යොං කියල හිත හිත යූන්ගි රෑ ක්ලබ් එකේදි හොඳටම බොන්න ගත්තා.. අව්ල් උන වෙලාවට හොඳටම බීලා කෙල්ලො එක්ක Slept කරන්න ඕනකම තිබ්බත් බීමෙන් පස්සෙ හෝ ඉස්සර යූන්ගිට කෙල්ලෙක් එක්ක Kiss එකකටවත් යන්න පුලුවන් වෙලා නෑ... මොන දේකින් හරි ඒක නවතිනවා....
කොහොම හරි හොඳටම බීල අප්පට හොරෙන් කොල්ල පාන්දර එකට විතර ගෙදර එනවා...











~♡︎~

සුවිසල් අලංකාර සාලෙ Tv එක ලඟ සෝෆ එකට වෙලා අත් දෙකත් හරහට බැඳගන කකුලක් පිට කකුලකුත් දාගන ජීමින් ඔහේ Tv එක දිහා බලන් උන්නට එයා Tv එකේ දේවල් වලටනම් නෙවේ අවදානෙ දීල උන්නෙ.
ජීමින් ලඟ ටේබල් එකට ජූස් එකකුයි පාන් බටර් එහෙම සේවිකාවක් ගෙනත් තියල ගියත් එයා ඒ දැක්කෙත් න. එයා තාම කල්පනාවක....

ඔයා කොහොමද මං ගැන එහෙම හිතුවෙවත්..
අනික.. අනික කව්ද හ්‍යොං ....
අනික මම ඔයාව Kiss කලේ කොයි වෙලේද ??
එයා බොරු කියන කෙනෙකුත් නෙවේ...

" දෙවියනේ... මේ කොල්ල "

එකපාරටම ඔම්ම එතනට ඇවිල්ල පපුවට අතකුත් ගහගන බය වෙලා වගේ කතා කරද්දි ජීමින් කලබලෙන් එතනින් නැගිට්ටා...

" අනේ ඔම්ම ඒක අහම්බෙන් උනේ "

ඔම්ම පපුවට අතක් තියාගන ජීමින් දිහා බලද්දී කොල්ල දැක්කෙ ඔම්ම කෑ ගහන්නෙ Tv එකේ යන News එකට කියල..

" අහම්බෙන් හරි මේ වෙච්ච දේනම් දෙවියන්ටවත් කරන්න බැරි දෙයක්... ඔයා හොඳින් නේද චූටි පුතා... "

" // හමුදා ප්‍රධානී සොන් මහතාගේ පුත් සොන් යූවොන් අසනීප තත්වයෙන් පසුවන නිසා හමුදා සේවයෙන් ඉවත්ව ප්‍රතිකාර ගන්නා බවට ඉදිරිපත් කල වාර්තා සියල්ල අසත්‍ය බව ඊයේ ඔප්පු උනා..
ඊය රාත්‍රියේ සිදු වූ සිද්දියකින් පසු ඔහු හොඳ සුවයෙන් පසු වන බවත් අද උදෑසන ඔහුව නැවත දැඩි නීති මත නැවත හමුදා සේවයට බඳවාගත් බවත් අපට වාර්ථා උනා..
මේ ඊයෙ දිනට අදාල සිදුවීමේ දර්ශන තල // "

ජීමින් කටත් ඇරගන Tv එක බලද්දි ඊය රෑ hotel room එකේ වෙච්ච ගාලගෝට්ටිය අපූරුවට පෙන්නනවා.. ගානට යූන්ගිගෙයි ජීමින්ගෙයි මූනු වහල..

" දෙයියනේ කව්ද අර ගුටි කන්නෙ...
බලන්න ඒ කොල්ල බොරු කරල ඇවිල්ල කරන ඒවා.. ඔය කොල්ල ඔයාටත් වද දෙන්න ආව නේද පුතා ? "

ජීමින්ට තාම ඔම්ම කතා කරනව ඇහෙන්නෙ නෑ... ඒ තරම් එයා මේ වෙන දේ හිතනව.

" ම්.. මං.. මං හොඳින් ඔම්ම... ඕ... ඕ... "

" ඉන්න ඉන්න මම අප්පටත් කියල එන්නම්. කාල ඉන්නකො "

ඔම්ම එක්තරා ආකාරයක සතුටකින් පනිවිඩේ අප්පටත් කියන්න දුවං යද්දි ජීමින් පපුවත් අල්ලං සෝෆා එකට හේත්තු උනා...

" පොඩි සර් !! "

" ඕහ්... සේමින් ?? "

ඔම්ම යනව බලන් ඉඳල හොරාට ජීමින් ගාවට එන්නෙ එයාගෙ Personal guard semin. එයා ඇවිල්ල ජීමින් ඊය රෑ අරගන ගිය සල්ලි බෑග් එක ගෙනල්ල සෝෆ එකෙන් තිබ්බා...

" යූන්ගි සර් තමයි හැමදේම දැනගන මේ දේවල් plan කරල කරවල තියෙන්නෙ "

" ඇයි ?? "

අහන්න ප්‍රශ්න කෝටියක් තිබ්බත් ජීමින්ගෙ කටින් පිට උනේ ඇයි කියල... ඇයි ??

" මම හිතන්නෙ චූටි බේබි නිසා.. නැතුව යූන්ගි සර්ට යූවොන් එක්ක කිසිම Personal problem එකක් තිබිල නෑ...
සර්... මුල ඉඳංම යූවොන් පොඩි සර්ට කරදර කරපු හැමදේම එයා හොයල...
අනික.. පොඩි සර් ගියාට පස්සෙ යූන්ගි සර් ඌට ආය හොඳටම ගහල..."

" ම.. මං නිසා ?? ඇයි ?? අනික එයා මට බැන්නනෙ "

" යූන්ගි සර් සර්ව අව්ස්සන්න කියන්න ඇති. මොකද ඇත්තටම එහෙම කියන්න හේතුවක් නෑ.. එයා දැනන් ඉඳල ඔක්කොම "

" ඒත් ඇයි ?? "

තවත් කියන්න දෙයක් ඉතුරු නොවෙද්දි සේමින් යන්තම් හිනා වෙලා එතනින් යන්න ගියා.. තවත් තප්පරයක්වත් නාස්ති කරන්න උවමනා නොව්න ජීමින් ලෑස්ති වෙලා යූන්ගිගෙ ගෙදරට කෝල් කලේ යූන්ගි මොබයිල් එක answer නොකරපු නිසා... එහෙන් අප්ප අරගන යූන්ගි Church ගියා කියපු නිසා ජීමින් එහෙන්ම Church යන්න පිටත් උනා..












~♡︎~

පටු පාරවල් ගොඩක් අස්සෙන් දාල ජීමින් කන්නදක් උඩක තිබුන හරි නිස්කලංක Church එකකට එන්න ආවා. පුදුමාකාර ලස්සනක් ගතට සනීප සීතල සුලඟක් එහි තිබුනා.. එයා කා එකෙන් බැහැල ඇතුලට යද්දි තිබුනෙ එක කා එකයි. ඒකත් යූන්ගිගෙ...
දෙපස තිබුන ලී බංකු මැදින් ඇවිදගන ජීමින් ආවෙ ඉස්සරහම බංකුවක් ලඟ දනගහගන වන්දනා කරන යූන්ගි ගාවට...

Full black outfit කරල දනගහගන අත් දෙකත් පපුව ලඟට අරගන ඇස් පියාන ජේසු වදින යූන්ගි දිහා ජීමින් හිමීට ලඟට ඇවිල්ල බැලුවෙ ලෝභකමින්.. හරි ලස්සනයි මේ නපුරු කොල්ල... ජීමින්ට ඕන උනත් ඒ මූන අල්ලන්න එයා හොඳ හුස්මක් අරගන කොල්ල දණ ගහං උන්න බංකු පේලියට අනික් පැත්තෙ යූන්ගි කෙලින්ම තිබුන බංකුවට ගිහිල්ල දණ ගහගන වන්දනා කරන්න ගත්තා..

" දෙවියනේ... එයා ඉල්ලන හැමදේම එයාට දෙන්න... මම දන්නව එයා නරක දෙයක් ඉල්ලන්නෙ නෑ කියල... "

යූන්ගි දිහා බලාගන එහෙම හිතපු ජීමින් ඇස් වහගන වඳින්න ගත්තා...

" දෙවියනේ... ජීමින්ට එයාගෙ සතුට හදල දෙන්න... ඒ අහිංසකයට වැරැද්දක් වෙන්න ඉඩ තියන්නෙපා... "

යූන්ගි හිතුවෙ එහෙම.. කුරුසෙත් ඇඳල වැඳල නැගිටින්න ඇස් අරිද්දි යූන්ගි දැක්කෙ සුදුම සුදු පාට ඇඳගන දෙවියන් වඳින ජීමින්ව.. සීත සුළං වලට නලලෙ එහාට මෙහාට දඟ දාන ජීමින්ගෙ රන්වන් පාට කෙහෙරැලි.. දිලිසෙන රෝස පාට පිරුන තොල් තද කලු දිග ඇහිපිය යූන්ගිගෙ හදගැස්ම තව වැඩි කලා..

මොකද්ද ඔයා මට කරන්නෙ ජීමින් ...
ඇයි... ඇයි අමතක කරන්න හදන හැම තප්පරේකම ඔයා මං ඉස්සරහට එන්නෙ..
කව්ද ඔයා ??
ඔයා කොහොමද මගෙ හදවතට මෙච්චර පීඩනයක් දෙන්නෙ ??
මම.. මම මොකද්ද මේ හැඟීමට කරන්න ඕන ?

ජීමිනුත් හිමීට ඇස් ඇරල යූන්ගි දිහා බලද්දි එයා වශී වෙලා වගේ ජීමින් දිහා බලන් ඉන්නවා. ජීමින් දණගාගනම අඩි දෙක තුනක් යූන්ගි ගාවට ඇවිල්ල පොකට් එකෙන් පොඩි බේත් ටියුබ් එකක් අරගන යූන්ගිගෙ පැලුන තොලක් අගට ගාන්න හදද්දිම ඒ අත අල්ල ගත්ත යූන්ගි අනික් අතින් ජීමින්ගෙ බෙල්ල පැත්තකින් අල්ලගන දණ ගහගනම ජීමින්ගෙ දෙතොල් වලට බර උනා...

ඔයාගෙ හ්‍යොං කව්ද දන්නෑ.. හැබැයි මට ඔයාව එයාට දෙන්න බෑ ජීමින් ...

කන්ඳ මුදුනේ ඒ නිදහස් පල්ලිය තුල දෙවියන් ඉදිරියේම යූන්ගි ජීමින්ගෙ දොතොල් අල්ලගන රසවත්ව සිපගන්නට උනේ මේ පරිසරයේ සුන්දරත්වයත් විඳින ගමන්ම....

එකිනෙකාට නොපැවසුවාට ඔව්න් දෙවියන්ගෙන් ඉල්ලුවේ එකිනෙකාව නොවේද.. මන්ද යත් ජීමින්ගෙ සතුට යූන්ගිත්... යූන්ගිට අවශ්‍ය සියලු දේ ලැබීමනම් ඒ ජීමින්ම නොවේද... 🖤💛












~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~











🥲 මට සික් එක වගේ ශීබාල්...

කමෙන්ට් ගොඩාක් හලන්න ළමායි... මම ආදරෙයිනේ...❤️❤️

මේක ලියද්දි මගෙ බඩේ සමනල්ලු යනව වගේ 😁...

වෝට් කමෙන්ට් කරන අයට කුමාවොයෝ ❤🖤❤🖤❤🖤

දුශ්ථ ඕතරී 😈

Continue Reading

You'll Also Like

160K 27.1K 80
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
110K 12.8K 65
လူတွေမသိတဲ့ ငါ့ရဲ့နောက်ပုံစံတစ်မျိုးကို ငါကိုယ်တိုင်တောင်အံ့ဩတယ်...
250K 14K 35
Taehyung×Jungkook Married life ကိုဦးစားပေးရေးထားသည်မို့ အဆင်ပြေမှ ဖတ်ကြပါ။ ❤️🕊️
700K 84.8K 78
Eternal love ..... . . . . . . . Start - 2022 December 28 End - 2023 April 27 School Lovers.. Siblings ..... 🔞 18 + ⚠️️ Mature Conteint