අවසන් සඳ

By Norah_Yoneli

86K 18.9K 1.8K

ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශ... More

ආදර කතාවක්
ගමේ සුවඳ
මහ වලවුව
මහ නිළමේ
පොඩි මැණිකේ
පොඩි නිළමේ
මගේ පංතිය
කලාකාරයා
අද්භූත චරිත
කලාත්මක මොළය
නගරයට
මායා සිහින
මනුසත්කම්
ඉතාලියේ පුදුමය
සඳ යට
විල්තෙර අරණ
ප්‍රති උපකාර හා යුතුකම්
මහාචාර්යතුමාගේ අනාවැකිය.
සිංහල ඇඳුම
උඩරටින් ආ නිළමේ
එපා උන සහේ
රාත්‍රියේ සාජ්ජය
අවවාද හා පිලිපැදීම්
ආදරයේ අවධානම
සිංහල භාශාව හා සාහිත්‍ය
පොඩි නිළමේගේ උදවුව
මනරම් සඳ
ගුණේ ගේ බලාපොරොත්තුව
එකලු උන හදවත්
සීත දිය තලය
නපුරු තරහ
තරඟ
මළ හත්තිලවුවයි!
මගේ ළමයි
එළුවා සහ එළවළු සුප්
වෙදමහතාගේ මත්ද්‍රව්‍ය
දරුණුම පාළුව
සඟවපු ආදරය
සදාකාලික වේදනාව
අම්මේ
මිහිරිගේ ප්‍රශ්නය
විල්තෙර අරණට නැවතත්
දැවැන්තම ප්‍රශ්නය
ආදරණීයම හමුවීම.
භයානක ඇත්ත.
පොරොන්දු හා බලාපොරොත්තු
බටනලාව
මංගල්‍යය
අවසන් සමුදීම
ආත්මීය අඳෝනාව
සොඳුරු අඳුරු බලාපොරොත්තු
වැරදි වැටහීම්
උඳු වළළු හා රතු පැණි
බිඳෙනසුලු බලාපොරොත්තු
සීතල පොරොන්දු
යුතුකම්
සුභ ආරංචි
සඳේ අඳුරු පැත්ත
අවසරයි
අවධාරණයෙන්
විල්තෙර අරණට, අවසන් වරටත්
නරක ළමයි
මගේ ළමයි, අවසන් වරටත්
අවසන් සඳ
කතෲගෙන් වදනක්

සඟවපු ඇත්ත

946 252 99
By Norah_Yoneli

"කොළඹ ගියාම මට මෙතන නිතරම මතක් වේවි..." මම වලහයේ තරු දෙස බලාගෙන සෙමින් මිමුණුවෙමි.

"ම්..." මට පසෙකින් අඩ නින්දේ සිටි පොඩි නිළමේ කීවේ ය.

"මේ තරු, මේ චිත්‍ර, මේ ඉටිපන්දම්....! මේ හැමදෙයක්ම මට ආය ආය මතක් වේවි...!" මම වීදුරුව තුලින් ගලා ආ සඳ කිරණ ලෑලි බිම මත වැදී රවුමක් සාදා ඇති අයුරු බලමින් කිවෙමි.

මා දෙසට හැරුණු පොඩි නිළමේ සිහින් සිනහවක්ද සමඟ මගේ නළලට සෙමින් තට්ටුවක් දැම්මේය.

"මම සිහිනගේ කාමරේටත් ඇඳලා දෙන්නම්කෝ චිත්‍ර ටිකක්"

"ඒ උනාට මේ සෝල්දරේ තියන මායාකාරී හැඟීම කොළඹ කොහෙන්වත් ගන්න නෑ... මේක වෙනම ම කලාවක්" මෙට්ටය මත සෙමින් එහෙ මෙහෙ වෙමින් මම කීවේ අපේ ශබ්ද පහල වලවුවාසීන්ට ඇසේවි යැයි බියෙනි.

පොඩි නිළමේගේ අඩ නිරුවත් සිරුර, ඇලයට වැතිරී මගේ පසෙකින් ලා නින්දක පසුවෙයි. මගේ සුදු කමිසයත් ළඟම කොහේ හෝ ඇති... මා එය සෙවීමය කරදර නොවීමි. නිවීගෙන යන ඉටිපන්දම දැං වේලාව ආසන්න වශයෙන් මධ්‍යම රාත්‍රියට ළඟ බව කීවේය. මම ඉටිපන්දම් වලින් වෙලාව කියවීමට ඉගෙනගත්තේ මේ ළඟදීය. මට එය පෙන්වා දුන්නේ උඩගෙදර නිළමේ යි. ඉටිපන්දම පත්තු කරන වේලාව ගැන දළ අදහසක් ඇතන්ම් ඉටිපන්දම ගෙවීගොස් ඇති ප්‍රමාණය අනුව ගතවී ඇති වෙලාව කිව හැක. කොළඹ මගේ කාමරයටත් ඉටිපන්දම් රඳවනයක් මිලදීගත යුතු යැයි මා සිතාගත්තෙමි.

මේ වලවුවේ මගේ අවසන් රාත්‍රිය යි.

කවදා හෝ අවසන් රාත්‍රියක් එළඹෙන බව මා දැනගෙන සිටි නමුදු එයට මගේ හදවත සූදානමින් නොසිට බව මට දැනුනි. එය පාරාදීසය හැරයාමක් වැන්න. මේ අඳුරු සියුම් මිහිරි මායාවන් හැරදමා කොළඹ එකාකාරීත්වයටත්, බටහිරකරණය වූ සංස්කෘතියටත් යලි මිශ්‍ර වීමට සිදුවීම හිත කළකිරවනසුළු ය.

මගේ සිතුවිලි දාමය බිඳෙන විට පොඩි නිළමේ ඇඳ රෙදි වල සුවසේ එතී හොඳටම නිදිය. මා ඔහුගේ රත්‍රන් කෙස් මෑත් කොට නළලට සියුම් හාදුවක් තැබීමි. ඔහුව මා මුල් වරට සිපගත්තේද මේ සෝල්දරයේ සිටය. අපේ බැඳීමේ සෑම අවධියක්ම දුටු මේ මායාකාරී සෝල්දරය ට අවසන් වරට සුභගමන් කී මම ඉණිමගෙන් පහලට බැස්සේ උදෑසනට පෙර අහුරා අවසන් කල යුතු තව සුළු බඩු ප්‍රමාණයක් ඉතිරිව තිබූ බැවිනි.

මා බලාපොරොත්තු වූයේ මගේ කාමරය ඝණ අඳුරේ තිබෙනු දැකීමට ය. නමුත් ඉණිමගේ පඩි දෙක තුනක් බැස්ස විට මා දුටුවේ කාමරයේ ලාම්පුවක් දැල්වෙමින් තිබෙන බවය. මට මතක තිබූ ලෙස සෝල්දරයට නැගීමට පෙර අපි ඉටිපන්දම් සියල්ල නිවා දැමුවෙමු. කුතුහලයෙන් ඉණිමගෙන් පහලට බැස්ස මම හැරී බැලුවෙමි.

මගේ කටෙන් නික්මීමට ගිය මර ලතෝනිය මා නවත්වාගත්තේ බොහෝ අමාරුවෙනි!

මගේ මේසයට වූ පුටුවේ වාඩි වී ලොකු මැණිකේ දැල්වෙමින් තිබූ ලාම්පු එළියෙන් යමක් කියවමින් සිටී!

ඈට මගේ පැමිණීම දැනුනේ නැතුවා සේය. ඈ මේසය මත වූ යමකට ඇගේ සම්පූර්ණ අවධානය යොමු කොට තිබුනි. ඇගේ ස්වභාවික සහජ දැනීම පවා අක්‍රිය වීමට තරම් වැදගත් දේ කුමක්ද යන්න බලා ගැනීමට මම අඩි දෙක තුනක් සෙමින් සෙමින් ඈ වෙතට ලං උනෙමි.

දුටු දෙයින් මගේ ඇඟේ හීන් දාඩිය දමන්නට වූ අතට මගේ හදවත එක් මොහොතකට නතර කිරීමට එය සමත් වීය!

මගේ මේසය මත ඉතා පැහැදිලිව දිගඇර තිබුනේ පොඩි නිළමේගේ කොළ පාට පොතයි. එහි වූ ඉහත්තාවේ සිතුවම දෙස ඈ දෑස් නොහෙළා බලා සිටී!

කිහිපවරක් වේගයෙන් හුස්ම ගත් මම තත්පර කිහිපයක් දෑස් තදකොට වසාගෙන සිටියෙමි. දැං ඈ එය දැක හමාරය. ශබ්දයක් නොනැගෙන පරිදි මට ආපහු උඩට යා නොහැක. මට ඇති එකම විසඳුම ඈට මුහුනදීමයි.

මගේ පැමිණීම සැළකිරීමට මම සෙමින් උගුර පෑදුවෙමි.

ගැස්සී ගිය ලොකු මැණිකේ ලාම්පුවේ අත වද්දාගෙන එක්වරම හැරී බැලුවේ ලාම්පුව මේසයෙන් පහලට වට්ටමිනි. ඉක්මනින් ඉදිරියට පැන්න මම එක් ක්ෂණයකින් ලාම්පුව අල්ලා ගත්තේ එය බිම වැටීමට පෙරයි.

එලෙසම ගල් ගැසුණු අප දෙදෙනා එකිනෙකා දෙස බලා සිටින්නට වූයේ ඊළඟට කුමක් කරන්න දැයි සිතාගත නොහැකිවය.

යලිත් වරක් උගුරපෑදූ මම සෙමෙන් යලිත් ලාම්පුව මේසයෙන් තැබුවෙමි.

"වාඩි වෙන්න"
ඇගේ අණට අවනත වූ මම ඇඳ මත අපහසුවෙන් ඉඳගත්තෙමි. කොට කලිසමකින් පමනක් සැරසී ඈ ඉඳිරියේ මඳ අඳුරේ ඉඳගෙන සිටීම ඉතාම අපහසුකාරී වීය.

අප අතරේ වූයේ වේදනාත්මක නිහැඬියාවකි.

"මං දැනං උන්නා"

මා ඈ දෙස බැලුවේ ඈ දැනගෙන හිටියේ කුමක්දැයි අසන්නට ය. ඈ වාචිකව පිළිතුරු දීම වෙනුවට මේසය මත වූ පොතට අත යොමු කලා ය. මා ඉතාම අපහසුවෙ න් ඈ දෙස බලා සිටියෙමි.

"මං දැනං උන්නා ඔක්කොම. මේ වලවුවේ මගේ ඇස් වලින් වහං වෙලා මොකවත් වෙන්නෑ!" ඇගේ කටහඬේ ගැබ්ව ඇති හැඟීම් වටහාගැනීමට අපහසු වීය. එය තරහක් ද, කලකිරීමක් ද,දුකක් ද යන්න පැහැදිලි නැත.

"පොඩි ඉස්කෝලේ මහත්තයා වලවුවට එන්න කලියෙන් හිටපු පොඩි නිළමේ නෙමේ දැං ඉන්නේ. ඒ වෙනස මට නොතේරෙයි කියලැයි හිතුවේ?" සමහර විට එය සියළු හැඟීම් වල සංකලනයක් විය යුතුය.

"පොඩි මැණිකේ දිහා ඇහැක් ඇරලා නොබලපුහාම මට තේරුනා යම් වරදක් ඇති බව. මං ඒ කෙල්ලව තේ අරං පොඩි ඉස්කෝලේ මහත්තයගේ කාමරේටම එවුවා! එහෙවු එකේ ඒ කෙල්ලට කිසිම ඇල්මක් පෙන්නල නෑ! "

පොඩි මැණිකේ? ඈ මට තේ රැගෙන ආවේ ලොකු මැණිකේගේ අනුදැනුම ඇතිව බව මා දැනගෙන සිටියෙමි. නමුත් ලොකු මැණිකේ එසේ කලේ මගේ හිතේ ඈ ගැන කැමැත්තක් ඇතිකිරීමට බව මා කිසිසේත්ම නොසිතුවෙමි. කුමක් කියන්න දැයි සිතාගැනීමට නොහැකිව මා ඈ දෙස පුදුමයෙන් බලා සිටියෙමි.

"මට තේරුනා මොකක් හරි යටිකූට්ටු වැඩක් ඇති බව. මං මුලිං කට වහං උන්නේ පොඩි ඉස්කෝලේ මහත්තයා ගුරුවරයෙක් නිසා දැනුම් තේරුම් ඇති කියල හිතාගෙනයි."

මගේ සිරුර පුරා හිරියක් යවමින් මට මා ගැනම කලකිරීමක් ඇතිවිය. ඈ ඉදිරියේ වරදක් කර හසුවූ ලමයෙකු සේ මා වාඩි වී සිටී.

"කල් යන්න කල් යන්න මට තේරුනා තත්වේ බරපතල විත්තිය. පොඩි නිළමේ පොඩි ඉස්කෝලේ මහත්තයා වලවුවේ නැති වෙලාවට හොල්මන වගේ! ඔළුව එල්ලගෙන පොත් කියවනවා, නැත්තං අර ගුහාව අස්සට රිංගගෙන නිදි! පොඩි ඉස්කෝලේ මහත්තයා වලවුවට ආපුහාම බලන්ඩ ඕනේ සිරියාව! සුවාමියා දැක්ක බලු කුක්කා වගේ!" ඇගේ හඬේ වූයේ අනුකම්පාවකි.

"පොඩි ඉස්කෝලේ මහත්තයත් ඒම තමා! පොඩි නිළමේ වැඩියෙන්ම සතුටිං ඉන්නේ පොඩි ඉස්කෝලේ මහත්තයා අහල පහල ඉද්දීං. ඒ කොලුවා මේ වලවුව අස්සේ වින්දේ අපා දුකක්, පොඩි ඉස්කෝලේ මහත්තයෝ... ගමේ එකාලගෙං වෙනස්කං, එලියට පහලියකට යන්නෑ, කා එක්කවත් කතා නෑ... ඒ කොල්ලා විඳින දුක මට බලාන ඉන්න බැරුවයි උන්නේ... පොඩි ඉස්කෝලේ මහත්තයා ආවට පස්සේ කොළුවට අළුතෙන් පණ ගැහුවා වගේ!"

මා ඈදෙස බලා සිටියෙමි. දිගු සුසුමක් පිට කල ඈ පොත දෙසට දෑස් හරවාගත්තාය.

"පොඩි ඉස්කෝලේ මහත්තයා දැනගන්න ඕනේ දෙයක් තියේ. හෙටිං පස්සේ ආයෙත් මේ ඉහත්තාවේ පොඩි ඉස්කෝලේ මහත්තයා නැති නිසා මේවා තවත් හංගලා දැං කාරි නෑ... පොඩි ඉස්කෝලේ මහත්තයට මේ ගැන මම කීව වගක් අපේ නිළමෙට වත් පොඩි නිළමෙටවත් කියන්ඩ එපා.."

මගේ හදවත වේගයෙන් ගැහෙන්නට වීය.

"පොඩි නිළමේ කියන්ඩේ මට ඉතුරු වෙච්ච වේදනාකාරී මතක සටහනක්... ම්.. මං කොහෙන්ද පටංගන්ඩේ... ඔන්න එකෝමත් එක කාලෙක, මුහුදෙනුත් එහා.. දුර ඈත රටක උන්නා මේ ලෝකේ ලස්සනම චිත්‍ර අඳින සිත්තරෙක්..." ඈ දිගු සුසුමක් ගෙන දෑස් වසාගත්තාය.

"නාඹර තරුණ වයස... ලස්සන ඇත්දළ පාට හම, උරහිස ගාවට දිග ලස්සන රත්තරං පාට කෙස්, හීනි උස ඇඟ, නිල් අළු පාට ඇස්, පින්සල් අල්ලලාම හැඩ වෙච්චි දිග ඇඟිලි... ග්‍රීසියේ පොඩි දූපතක තමා ජීවත් උනේ... ඔන්න එකපාරටම මේ සිත්තාරට හිතුනා ලෝකෙ වටේ සවාරියක් ගිහිං දකින්න හම්බෙන ලස්සන ලස්සන තැං අඳින්න..."

ඈ දෑස් විවෘත කොට මේසය මත වූ සිතුවම දෙස බැලුවාය.

"ආන්න එහෙමයි නිකලස් ඩ්‍රේකාස් ඉහත්තාවට ආවේ... ඒ වෙද්දී මං ඉහත්තාවට ඇවිත් අවුරුදු හතරයි. පොඩි මැණිකේ ඉපදිලා අවුරුදු දෙකයි. මගෙත් නාඹර තරුණ වයස... නිකලස් වලවුවේ නැවතුනේ අපි එක්ක අවුරුද්දක්ම ඉන්න පොරොන්දු පිටයි... ගමේ හැමෝලම නිකලස්ට හරිම ආස උනා... හැමෝගෙම හිත් ගත්තා.. කැඩිච්ච සිංහලෙන් වචන දෙක තුනක් ගලපගන්න පුලුවන් වෙද්දී නිකලස් ඇවිත් හරියටම මාස දෙකයි..."

ඇගේ දෙතොලේ වූයේ අනුකම්පාව පිරුණු සියුම් සිනහවකි.

"නිකලස් මට පෙන්නුවේ හරි වෙනස් ලෝකයක්... මුහුද ගැන, අහසින් යන ප්ලේන් ගැන, උසම උස කුළුණු ගැන... නිකලස් ගිය හැම තැනකදිම ඇඳපු චිත්‍ර ලොකු සූට්කේස් එකක තිබ්බා. එයැයි මට ඒවා පෙන්නද්දී මං ඒවා බැලුවේ හරි ආසාවෙන්..." 

මා ඈ දෙස නිහඬවම බලා සිටීයෙමි.

"හැමදේම වැරදුනේ මෙතනදි..." ඈ මේසය මත වූ සිතුවමේ සියුම් පැන්සල් ඉරි දිගේ ඇගේ ඇඟිලු යැවුවාය.

"මමයි නිකලස්ට මුලින්ම විල ඉහත්තාව පෙන්නුවේ...එයැයි විල ඉහත්තාවට හරි ආස උනා. අපෙ නිළමේ වලවුවේ නැති වෙලාවට පොඩි මැණිකෙව උක්කුංට බලාගන්න දීල අපි යනවා විල ඉහත්තාවට, බිම වාඩි වෙලා නිකලස් විලේ චිත්‍ර අඳින දිහා බලං ඉන්න මමත් හරි ආසයි..."

ඈ බිම බලාගත්තාය...

"මට තිබුනා පරිස්සං වෙන්ඩ.. මට තිබුනා ඒ දේවල් නොකර ඉන්න... ඒත් ඒ කාලේ හරි ලස්සනයි.. තරුණයි.. එළියයි!" ඈ දිඟු සුසුමක් ගෙන දෑස් වසාගත්තාය.

"අවුරුද්දක් පිරෙන්න ඉස්සරිං නිකලස් යන්න ගියා. ඒ අපි කාටත් නොකියා, හොරෙන් ම... හරිම නීච විදිහට... අඩුම තරමේ මට වත් කියන්ඩ තිබ්බා...!" ඇගේ දෑසේ දිලිසෙන කඳුළුය...

"ඊට පස්සෙයි පොඩි නිළමේ ඉපදුනේ... ඒ ලස්සන නිල් අළු පාට ඇස් මට හොඳටම හුරු පුරුදු විදිහට මගේ උකුලේ ඉඳං මං දිහා බලාගෙන උන්නා...! ඒ සිනිඳු කෙස් කිසි වෙනසක් නැතුව එහෙම්මම පිහිටලා තිබ්බා...! ඒ ඇඟිලි! එ තොල්!... පොඩි නිළමේ දකින දකින වාරයක් ගානේ මගේ මතකේ අවුරුදු දහ නමයකින් ආපස්සට යනවා... හරිම වේදනයි පොඩි ඉස්කෝලේ මහත්තයා... හරිම වේදනයි!

ඈ නිහඬවම හඬා වැටෙයි.

"ගමේ හැමෝම කාරණා කාරණා ගලපගන්න ඇති... අපෙ නිළමේ මාව දොට්ට දැම්මේ නෑ... මේ විදිහට පොඩි නිළමේව හැමදාම දැක දැක, ගමේ එකාලට හැමදාම මූන දි දී ඉන්න එක තමා මට දෙන්න පුලුවන් හොඳම දඬුවම... ඒ දඬුවමට මම සුදුසුයි.. මගේ වැරදි වලට මේ ලැබෙන දඬුවම් මදි පොඩි ඉස්කෝලේ මහත්තයා..."

මා ඈ දෙස අනුකම්පාවෙන් බලා සිටියෙමි.

"පොඩි නිළමෙට චිත්‍ර හැකියාව ඒ වගේම පිහිටලා තිබ්බා...කටහඬත් ඒ වගේමයි... ඒ දරුවා ඇත්ත දැනගත්තේ පොඩි කාලෙමයි... තමන් නොකරපු වැරැද්දකට ඒ දරුවා ඉපදුන දා ඉඳලා දුක් විඳිනවා... හතර පාරක් ජීවිතේ නැති කරගන්න හැඳුවා... ගමේ එකාලා ඒ කොළුවට අනුකම්පා කරනවා. මේ ඉහත්තාව ඉන්නකල් ඒ කොළුවට සැනසීමක් නැති විත්තිය මං දැනං උන්නා"

ඈ පොත වසා දැම්මාය.

"පොඩි නිළමේ පොඩි ඉස්කෝලේ මහත්තයාට හිතයි. ඒක ගලේ කොටලා වගේ ඉස්තීරයි. පොඩි ඉස්කෝලේ මහත්තයත් පොඩි නිළමෙට හිතයි... මගෙන් ඒකට අකමැත්ත නෑ ඕං... හැබැයි ගමේ එකාලගෙ අදහස් වෙනයි. උංගේ පටු අදහස්... මේ වලවුවට වෙලා තියන නින්දා ඇති, ගමේ එකාලා මේ විත්තිය දැනගත්තොත් වෙන නින්දාව ඕනි නෑ අපිට"

ඈ සුසුමක් පිට කළාය.

"කොළඹට ලියුම් ලිවුවේ මම. පොඩි ඉස්කෝලේ මහත්තයා ඉහත්තාවෙන් ගියොත් පොඩි නිළමේත් ඒත් එක්ක යන්න අකමැති නැති විත්තිය මට තේරිලා තිබුනේ... මං හිතාන උන්නේ පොඩි නිළමව එක්කං යන්න කියලා කියන්න.. ඒත් ඒ තීරණේ ඔයැයිලා කලින්ම අරං. මට හරි සතුටක් දැනුනේ"

මා තවදුරත් නිහඬ ය.

"ගමේ එකාලා ඇත්ත දැනගෙන තැන තැන කතා හදන්න කලින් දෙන්නම ඉහත්තාවෙන් යන එක දෙන්නටම හොඳ බව පොඩි ඉස්කෝලේ මහත්තයා තේරුම් ගන්න... මට ඕනේ ඔයැයිලව එලවගන්න නෙමේ. මට ඕනේ ඔයැයිලා සතුටින් ඉන්නව දකින්න. මගේ කොළුවා මං නිසා දුක් වින්දා ඇති. එයැයිට ජීවිතයක් තියෙන්න ඕනේ. පොඩි ඉස්කෝලේ මහත්තයා මගේ කොළුවව මට වඩා හොඳට බලාකියාගන්න..."

මම හිස වනා ඇයට එකඟ වූවෙමි.

පුටුවෙන් නැගී සිටි ඈ ලාම්පුව අතට ගත්තාය. මමත් ඇදෙන් නැගිට්ටෙමි.

"මං ආවේ මේක තියලා යන්න" ඈ මේසය අසල බිම තබා තිබූ කල්තබාගත හැකි කෑම ජාති ඇති වීදුරු බෝතල් පිරවූ මල්ලක් පෙන්නුවාය.

"මගේ පුතාලට වරදින්නෑ... තිස්තුං කෝටියක් දෙවිවරු පුතාලව ආරක්සා කලාවි." මගේ හිසට තට්ටුවක් දැමූ ඈ පිටව යාමට හැරුනාය.

"පරිස්සමින් යන්න. පරිස්සමෙන් ජීවත් වෙන්න. ඉහත්තාව අමතක කරන්න එපා"

ඈ දෙර පළු අතරින් නික්ම යන තුරුත් මා නිහඬ ය.

Continue Reading

You'll Also Like

105K 14.9K 35
දුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️
57.5K 1.9K 37
Type - boy×girl Genre - Thriller, Romance "ငါတို့ ရှင်သန်လှုပ်ရှားနေရတဲ့ လောကကြီးက အထိအရှ မခံဘူး။ ပြောရရင် ခရစ်စတယ် သလင်းကျောက်တွေလိုပေါ့။ ကွဲအက်လွယ်...
19.6K 3.1K 34
මුලින්ම නම, """"පෙන්ඩින්ග්"""" පොඩ්ඩක් විතර වෙනස් නමක් වගේ නෙහ්හ්.... ඉතින් අපී හැමෝගෙම ජීවිත මැරෙනකම් පෙන්ඩින් නෙහ්... ඒකයී ඒ වගෙ නමක් දැම්මේ....කතා...
5.3K 541 15
දෙනෙත් පුරා බලා හිදි ආදරයේ කතාව