දඬු මොණරු

By yuchi91

44.8K 6K 1.5K

"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින... More

හැඳින්වීම
දඬු මොණරු 2
දඬු මොණරු 3
දඬු මොණරු 4
දඬු මොණරු 5
දඬු මොණරු 6
දඬු මොණරු 7
දඬු මොණරු 8
දඬු මොණරු 9
A/N
දඬු මොණරු 10
දඬු මොණරු 11
දඬු මොණරු 12
දඬු මොණරු 13
දඬු මොණරු 14
දඬු මොණරු 15
දඬු මොණරු 16
දඬු මොණරු 17
දඬු මොණරු 18
දඬු මොණරු 19
දඬු මොණරු 20
දඬු මොණරු 21
දඬු මොණරු 22
දඬු මොණරු 23
දඬු මොණරු 24
දඬු මොණරු 25
දඬු මොණරු 26
දඬු මොණරු 27
දඬු මොණරු 28
දඬු මොණරු 29
දඬු මොණරු 30
දඬු මොණරු 31
දඬු මොණරු 32
දඬු මොණරු 33
දඬු මොණරු 34
දඬු මොණරු 35
දඬු මොණරු 36
දඬු මොණරු 37
දඬු මොණරු 38
දඬු මොණරු 39
දඬු මොණරු 40
දඬු මොණරු 41
දඬු මොණරු 42
දඬු මොණරු 43
දඬු මොණරු 44
දඬු මොණරු 45
දඬු මොණරු 46
දඬු මොණරු 47
දඬු මොණරු 48
දඬු මොණරු 49
දඬු මොණරු 50
දඬු මොණරු 51

දඬු මොණරු 1

1.7K 149 20
By yuchi91

කතාව පටන් ගන්නත් කලින්ම තෑගි ලැබුණා.ගොඩක් සතුටුයි ඉතින්, ආදරෙයි හැමෝටම ❤️

darkadona12 ගොඩක් ස්තූති ළමයෝ මේ ලස්සන cover පික් එකට ❤️💐


JiaoGulfkanawut ඔයාටත් ගොඩක් ස්තූති සුදා මේ ලස්සන cover pic දෙකටම.

"කොලුවෝ"

"මේරි නැන්දේ"

"උබලත් එහෙනම් හෙට යනවා නේද"

"ඔව් නැන්දේ යන්න වෙනවනේ ඉතින්"

"ම්ම්ම්, අපි මේ දැනුත් වැල්ලේ ඉඳන් එන ගමන් කතා උනේ උබල ගැන, අපිට පුළුවන් උනා නම් උබලාව යවන්නේ නෑ කොල්ලො, පුළුවන් විදියට මෙහෙ තියාගෙන උගන්නනවා. ඒත් උබ දන්නවනේ පුතේ මේ වැල්ලේ එකාලා ජීවත් වෙන්න විඳින දුක.

"මං ඒක දන්නවා නැන්දේ, මේ දවස් ටිකේ ඔයාලා කරපු උදව් හොඳටම ඇති නැන්දේ. ඔයාලා හැමෝම නැත්නම් මල්ලියි, මමයි මොනව කරන්නද"

"යන තැනක හොඳින් ඉඳපන් පුතේ, මල්ලිවත් බලාගෙන හොඳට ඉගෙන ගනින්, අම්මයි තාත්තයි කොහේ හරි ඉඳන් උබල දිහා බලන් ඇති. පුළුවන් දවසක අපිව බලලා යන්න වරෙල්ලා"

"හොඳයි නැන්දේ, මං පොඩ්ඩක් වැල්ල පැත්තට ගිහින් එන්නම් "

ඉපදුන දවසෙ ඉඳන් අවුරුදු දා හතකට ලං වෙන්න කාලයක් වැල්ලේ ජීවත් වෙලා ඒ ජීවිතේට හුරු වෙච්චි මට හෙට ඉඳන් මහ මුහුදට ගව් ගානක් දුරින් තියෙන ගමක් ඇතුලට ගිහින් ජීවත් වෙන්න වෙනවා.....

කල්පනා කර කරම වැල්ලට ගොඩ වෙලා අයිනක තිබ්බ ලොකු කළු ගල් තලාවට පිට දීලා ඉඳ ගත්තේ ඉර බහින දිහා අන්තිම වතාවට බලා ඉන්න. ඉමක් කොනක් නොපෙනෙන මුහුද, ඉපදුන දවසෙ ඉඳන් ඇස් දෙකට හොඳට හුරුයි. ඈත ක්ෂිතිජයෙ ඉර ගිලෙන්න තව ටික වෙලාවක් යයි. මේ විලාප තියන මහ මුහුද මීට අවුරුදු තුනකට කලින් අපිට තිබ්බ වටිනම දේකුත් හංග ගත්තේ මේ විදියටම තමයි.

අම්මගෙයි, මගෙයි, මල්ලිගෙයි නළල ඉබල මං එනකම් පරිස්සමින් ඉදපල්ල කියලා මුහුදු ගිය තාත්ත ආයෙත් ආවේ නෑ, ඒ නිසාම වෙන්න ඇති අම්මටත් පරිස්සම් වෙන්න බැරි උනේ. පපුවේ අමාරුවක් හැදිලා එයත් අපිව දාලා ගිහින් මාසයක් වෙනවා.මල්ලියි මමයි අනාථයෝ වෙද්දි අවුරුදු දහ අටට අඩු අපේ භාරකාරයෝ උනේ අපි ජීවිතේට දැකලා නැති අම්මගෙ පවුලේ අය. අපිට හෙට ඉඳන් ජීවත් වෙන්න වෙන්නේ ඒ නෑයෝ එක්ක......



"මේ විදියට අතර මඟදි දාලා යන්න නම් ඇයි යකෝ මට ලං උනේ, උබට මාව දාහකින් එකෙක් වෙන්න ඇති, ඒත් මට හිටියෙ උබ විතරයි කියල මතක තියා ගනින් කේෂ්"

"මගේ හැටි දැන ගෙනමනෙ උබ මට ලව් කරේ බබා. ඒකට මට කරන්න දෙයක් නෑ "

"ඔව් මං තමයි මෙතන වැරදි, තෝ වගේ එකෙක් හැදෙයි කියල හිතල ඇත්තටම ආදරේ කරන්න ගියාට මමයි වැරදි"

"මං යනවා උබ ඇති තරම් වෙලා ඉදල පලයන් තුහින, හැබැයි ඉතින් මුහුදට පැනලා එහෙම මාව අමාරුවේ වැටෙන වැඩ නම් කරන්න එපා උබ"

"උබ වගේ එකෙක් වෙනුවෙන් මැරෙන්න තරම් පිස්සුවක් මට නෑ"



වැල්ලෙ තිබ්බ කළු ගලකට හේත්තු වෙලා ඔහේ මුහුද දිහා බලන් හිටපු මං උඩ ගිහින් බිම වැටුණේ ඒ ඇහිච්ච කට හඬට. මං හිතන්නේ ඒ සද්දෙට උඩ ගිය පාර ග්‍රහ ලෝකෙක ඔළු කට්ට වැදිලා තමයි මම මේ අමුතු ඇටේට ආයෙත් ලෑන්ඩ් කරේ. ඒ සද්දෙ ඒ තරම් සුපිරි. ඒත් ඉතින් හිතක විලාපය වචන වලින් පිට වෙද්දි ඔහොම තමයි.

මටත් එක පාරටම කෙනෙක්ව මතක් උනා, මගේ හිතේ ඒ කෙනා ගැන ඇති වෙච්ච හැඟීම මොකක්ද කියල නම් මං හරියටම දන්නෙ නෑ, ඒත් ඉපදිච්ච දවසේ ඉඳන් වයස් භේදයක් නැතුව වැල්ලේ එකට හිටපු උන් ගෙන් යාළු කමට එහා ගිය දෙයක් හිත ඇතුලේ තියෙනව කියල දැනුනේ ඌ ගැන විතරයි. අවුරුදු දාසයක් වෙද්දි හිතට දැනුනු ඒ හැඟීම මොකක්ද කියලා හරියටම කියන්න තරම් මං ලොකු මිනිහෙක් නෙවෙයි, ඒත් මට හිතෙනවා මගේ හිතේ කෙල්ලෙක් වෙනුවෙන් ඇති වෙන්න ඕන හැගීමක් තමයි එයා ගැන ඒ ඇති උනේ.වචනෙන් නොකිව්වට එයාටත් මං ගැන අනිත් අයට වඩා වෙනස් හැගීමක් තිබුණා කියලා මට දැනුනා, ඒත් ඒ හැඟීම් වචන වලට පෙරලගන්න අපිට බැරි උනා, ආයේ කවදාවත් බැරි වෙයි.....

එතකොට මං එකොළහ වසර, අපේ වැල්ලේ කොල්ලො ටික හරිම එකමුතුයි. අපි කොල්ලො හැමෝගෙම ආදරේ දිනා ගත්ත චරිතෙ සදීර අයියා. ඌ ක්‍රිකට් පිස්සෙක්, ඒ වගේම බයික් පිස්සෙක්. වැල්ලේ හරි කොහේ හරි අපි එකතු වෙලා ක්‍රිකට් සෙල්ලම් කරද්දි වැඩි පුරම වැඩ පෙන්නුවේ ඒකා.කවදා හරි නැෂනල් ටීම් එකට යන්න ඌ හීන දැක්ක. ඒ වගේම තමයි බයික් එක අරන් රේස් තියන්න ගියාම. අපි ඉස්කෝලෙ ඉවර වෙලා එද්දී මේකා හැමදාම පාරේ වැඩ දානවා.

එක දවසක්.... ඒ දවස ඒ මොහොත මට කවදාවත් අමතක වෙන එකක් නෑ. එදා ඉස්කෝලෙ ගිහින් එද්දී අපේ ඇස් ඉස්සරහම සදීර අයියව ලොරියක හැපිලා විසික් උනේ බයික් එක කුඩු පට්ටම් වෙද්දි. එදා තමයි මං හිතන විදියට මගේ පළවෙනි ආදරේ උන කෙනාව අන්තිමට පණ පිටින් දැක්ක දවස.ඊට පහුවදා එයාව ආයෙත් දැක්කෙ මිනී පෙට්ටියක ඉද්දී......

එදා ඉඳන්ම මං බයික් වලට බයයි, බයික් වල යන මිනිස්සු දැක්කම මට තරහයි. ඌට තිබ්බ පරිස්සම් වෙන්න.සදීර අයියගේ මතක එකතු කරල අපේ සෙට් එකේ ලොකු අය්යලා හදපු වීඩියෝ එකක් මං පස්සේ දැක්ක ෆෝන් වලින්. එයා අපි එක්ක ගත්ත ෆොටෝ, එයාගෙ තනි ෆොටෝ ..... අන්තිමට එයාගෙ මළ ගමේ ෆොටෝ, වීඩියෝ එකතු කරලා හදපු ඒ වීඩියෝ එක මේ වෙලාවේ මගේ ඇස් ඉස්සරහ මැවුනේ ඒකේ තිබ්බ සිංදුවත් දෝංකාර දෙද්දි.

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එනමග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන් වන්නට මුණ ගැසෙමු යලී...

වෙරළේ හැපෙනා දළ රළ අතරේ
හෙමිහිට මුමුණයි අපේ කතා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
සුදු වැලි මුමුණයි අපේ කතා...

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී
සමු ගන්නම් අද තරහ නොවී...

සදීර අයියගෙ ලෝකෙන් මිදිලා මං ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ කළුවර වැටෙන නිසා.ඉදගෙන හිටපු තැනින් නැගිටල එද්දී මං දැක්කේ මූණත් රතු කරන් ගලට ඔළුව හේත්තු කරගෙන ඇස් පියන් ඉන්න කොල්ලව.මෙච්චර වෙලා මගේ කන් දෙක ඇතුලේ දෝංකාර දුන්න සින්දුව එයාටත් ගැලපෙනවා.එයා එක්ක කතා බහ කරලා නැති උනත් ඉඳහිට වැල්ලට එනවා දැකලා තියෙනවා.තවත් කොල්ලෙක් එක්ක, මෙයාද එතකොට අර කෑ ගැහුවේ. බිම් මලක් වගේ පොඩි, හුරතල්, ලස්සන අයියා කෙනෙක්.'තුහින' නමත් ලස්සනයි.මෙයා එක්ක ඒ දවස් වල ආව කෙනත් මාර හැන්ඩියෙක්.කොල්ලො දෙන්නෙක් උනත් අපිට ගානක් නෑ ඉතින්, මේ වැල්ලට කොච්චර නම් එක එක ජාතියේ මිනිස්සු දවසකට එනවද.....




පාන්දර හත වෙද්දි මං මල්ලිත් එක්ක ආවේ පල්ලියේ කනත්තට, පල්ලියේ වත්තෙන්ම කඩා ගත්ත අරලිය මල් ඉත්තක් අම්මගෙ සොහොන උඩින් තියලා අපි දෙන්නා එතන බිමින් ඉඳ ගත්ත.

"අපි අද මෙහෙන් යනවා අම්මේ, පුළුවන් වෙලාවට ඔයාව බලලා යන්න එන්නම්, ඔයා බය වෙන්න එපා මං මල්ලිව බලා ගන්නම් අම්මේ. අපි හොඳට ඉගෙන ගන්නම්, ආච්චි අම්මලා කියන දෙයක් අහගෙන ඉන්නම්"

"මං අයියත් එක්ක පරිස්සමින් ඉන්නම් අම්මේ, ඔයා දුක් වෙන්න එපා"

මල්ලි එහෙම කියලා ඉකි ගහද්දි මං එයාව මගේ පපුවට තුරුල් කර ගත්ත. මේ පොඩි වයසට අපි දෙන්නගෙම හිත් වලට ලැබුණෙ දරා ගන්න පුළුවන් දුකක් නම් නෙවෙයි. තාත්තා නැති උනාම අම්ම හරි හිටිය. ඒත් එයත් අපි දෙන්නව තනි කරලා ගියාම අපි පුදුම තරම් අසරණ උනා......

අන්තිම වතාවට අඩනවා කියල හිතන් මං අම්මගෙ සොහොන ළඟට වෙලා ඇති වෙනකම් ඇඩුවා. මොකද මං හිත හයිය කර ගන්න ඕන, ලොකු අයියා විදිහට මල්ලිව බලා ගන්න ඕන මමයි, එහෙව් එකේ මං හිත දියාරු කර ගන්නේ නැතුව හයිය කර ගන්න ඕන.

මල්ලි අම්මගෙ සොහොන ළඟ ඉද්දිම මං නැගිටලා ආවේ සදීර අයියව හොයාගෙන. ඔයාගෙනුත් සමු ගන්න ඕන අය්යේ, ඔයාගෙ සොහොන් කොතේ තියෙන ෆොටෝ එක දැක්කම ආයෙත් මටත් නොදැනිම ඇස් දෙකේ කදුළු පිරුනා.....

'තමුසෙ නම් හිනා වෙලා ඉන්නවා නේද අය්යේ..... ඇයි බං උඹට පරිස්සම් වෙන්න බැරි උනේ, මැරෙන්නත් මගේ ඇස් ඉස්සරහට ආවේ ඇයි '

එයාගෙ ෆොටෝ එක උඩින් අත තියාගෙන මං හෙමින් මිමිණුවා.අනිත් අයට වඩා මං ගැන හොයල බැලුවා, ඔය බැල්මේ උනත් තිබුණේ අමුතු හැගීමක්.වැල්ලට එන සමහර පිරිමි මං එක්ක කතා කරන්න එද්දී ඔයා මාව පරිස්සම් කරා. මගේ ඉගෙන ගන්න වැඩ ගැන හොයල බැලුව. දැන් මං ගැන හොයල බලන්න කවුරුත් නෑ අය්යේ. හැමෝම ඈතට ගිහින්.අද ඉඳන් මමයි මල්ලියි තවත් තනි වෙනවා. නුපුරුදු ගමක, නන්නාඳුනන මිනිස්සු ගොඩක් මැද්දේ අපිට ඔයාලව ගොඩක් මතක් වෙයි....



"උබල දන්නවනේ මල්ලි අපිට කවදාවත් උබලාව බරක් වෙන්නේ නෑ, ඒ උනාට නීතියෙන් උබලව නෑයින්ට බාර දෙද්දි අපිටත් කරන්න දෙයක් නෑනෙ බං"

"ඒ ගැන හිතන්න එපා ජූඩ් අය්යේ, මෙච්චර දවස් ඔයාලා අපි ගැන පුළුවන් විදියට බැලුවනෙ"

වැල්ලේ හැමෝම මටයි මල්ලිටයි සමු දෙන්න එකතු උනා.

"කොල්ලො මේක පල්ලියේ සිස්ටර් උබට දෙන්න කියලා දුන්නා"

මේරි නැන්දා ඇවිත් මගේ අතේ සල්ලි කොළ වගයක් ගුලි කරා. ඊයේ හවසත් වැල්ලේ අය එකතු වෙලා පුළු පුළුවන් විදියට සල්ලි එකතු කරලා මගේ අතට දුන්නෙ මං එපා කියද්දිමයි. අම්මගෙ අවසන් කටයුතු වලටත් ධීවර සංගමෙන් එහෙම තමයි උදව් කරේ.

"දැන් යමු එහෙනම්, අපි එන්නම් බස් එකට දාන්න"

ජූඩ් අයියා, බාබු අයියා, මගේ හොදම යාළුව කණිෂ්ක අපි එක්ක එද්දී නැවතිලා හිටපු හැමෝගෙම ඇස් වල කදුළු පිරිලා තිබුණා.මගේ වගේම මල්ලිගෙත් ඇස් වල උනපු කදුළු එහෙම්ම තියෙද්දී අපි උපන් දා ඉඳන් හිටපු වැල්ලෙන් සමු ගත්තා.

අපිව එක්ක යන්න ගමෙන් කියල කිසිම කෙනෙක් ආවේ නෑ, එන්න ඕන විදිය කියලා ලියුමක් එව්වා විතරයි. ඇදුම් කෑලි ටිකයි පොත් පත් ටිකයි ඇරෙන්න වෙන මුකුත් නැති නිසා වැඩිය අරන් යන්න බෑග් තිබුණෙත් නෑ.

ජූඩ් අයියල අපිව රත්නපුර බස් එකකට නග්ගලා කොන්දොස්තර අයියටත් අපි ගැන බලන්න කියල තමයි ගියේ, ගමට ගිය ගමන් කොහොම හරි ෆෝන් එකක් හොයන් කෝල් කරන්න කියල ෆෝන් නම්බර් එකක් පවා බෑග් එකට දැම්ම. අපේම නෑයින්ට ගානක් නැති උනාට පිට මිනිස්සු එහෙමයි අපේ පරිස්සම ගැන හිතුවෙ.

රත්නපුර බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ආයෙත් ගම ඇතුළට යන අනිත් බස් එකේ නැගලා කොන්දොස්තරට බහින්න ඕන තැන කියල බැහැගෙන පාරේ හිටිය මනුස්සයෙක්ගෙන් සීයා ගැන කියල ගෙදරට යන පාරත් අහ ගත්ත. ගුරු පාරේ ටික දුරක් පයින් යන්න ඕන. ඒ යන අතරමඟදී මහ සද්දයක් දාගෙන වේගයෙන් රතු පාට බයික් එකක් අපිව පහු කරන් යද්දි මං බයටම ඇකිලුනා. බූරුවෝ, යනවා නෙවෙයි ඉගිල්ලෙනවා. ඊට පස්සේ කොහේ හරි ඇන ගත්තම අනිත් උන් දුක් විදින්න ඕන, උන්ට මොකද උන් මැරිලා යයි, ජීවත් වෙලා ඉන්න අපි එපැයි දුක් විදින්න.... බයික් එක ගිය දිහා බලාගෙන මං හිතින් බැන බැන හිටියෙ තරහ පාලනය කරගෙන....

"මෙහෙ නම් සෙල්ලම් කරන්න හොඳට ඉඩ තියෙනවා නේද අය්යේ"

ගොයම් කපපු කුඹුරක කොල්ලො ටිකක් එකතු වෙලා සෙල්ලම් කරනවා. අපි යන පාර අයිනෙම කුඹුර තිබ්බ නිසා මල්ලි ඒ දිහා බලාගෙන ඇවිදින ගමන් මං දිහා බලන් එහෙම කිව්වේ අපිට වැල්ලේ සෙල්ලම් කරන්න මහ ලොකු ඉඩක් තිබ්බෙ නැති නිසා. එක ළග හදපු ගෙවල්, ඊට පස්සේ රේල් පාර, ආයෙත් එක ගොඩේ තියෙන ගෙවල් වලට පිටි පස්සෙන් වැල්ල. අපි මේ ගමට එන පළවෙනි පාර නිසා හැමදේම අපිට අලුත්. මොකද ඉතින් ගෙදර මිනිස්සුන්ට පිටු පාල අපේ අම්ම, තාත්තාව කසාද බැන්ද නිසා එයාට ගම තහනම් වෙලානේ තිබ්බෙ, අපි අපේ ආච්චි අම්මයි, සීයයි දැක්කෙත් අම්මගෙ අවසන් කටයුතු දවසෙ.....

"චවික අය්යේ ඔයාලගේ අම්ම පණිවිඩයක් කියන්න කිව්ව"

අපිව පහු කරන් ගිය බයිසිකලයක හිටපු පොඩි එකෙක් අර සෙල්ලම් කර කර හිටපු කොල්ලන්ට කෑ ගහල කියද්දි එතන හිටපු එක කොල්ලෙක් දුවගෙන පාරට ආවා.

"මොකක්ද බට්ටෝ අම්ම කිව්වෙ"

"නැන්දා මෙතනට ඇවිත් කනෙන් ඇදන් යන්න කලින් ගෙදර එන්න කිව්වා"

"බුදු අම්මෝ කණත් රත් උනා යකෝ මතක් වෙද්දී..... අඩෝ රමියා මං ගෙදර යනවා හොදේ.... අපේ අම්මා කේස්... හෙට සෙට් වෙමු"

මල්ලි හරි අසරණ විදියට හිනා වෙලා මගේ දිහා බැලුවා, අපේ අම්මත් ඔහොම්ම තමයි, හවස් වෙද්දී එක්කො අම්මගෙ පණිවිඩේ අරන් මල්ලි මාව හොයන් එනවා. මල්ලිත් මං එක්ක රස්තියාදුවේ නම් වෙන කෙනෙක් ඔය පණිවිඩේ අරන් එනවා, එහෙම නැත්නම් අම්මාම අපිව හොයන් එනවා. ඇවිත් ඉතින් පිට මැද්දෑවට පාරවල් දෙක තුනක් දීලා අතෑරලා ගෙදරට දුවලා ඇග පත හෝද ගනියව් කියල කෑ ගහනවා.

බයිසිකලේ ආව කොල්ල එහෙන්ම යද්දි අනිත් කොල්ල යාළුවන්ටත් කෑ ගහගෙන පාරට ගොඩ උනා. අතින් කටින් බෑග් දෙක තුනක් එල්ලන් ඉන්න අපි දෙන්නගේත් ඔලුවෙ ඉඳන් කකුල් දෙක ලඟටම වෙනකම් හොඳට බලපු ඒකා ආයෙත් පාඩුවේ අපිට ඉස්සර වෙලා යන්න ගියා. අපිව ඉතින් සරණාගතයෝ වගේ පේනවා ඇති. එහෙම නැත්නම් අපි දෙන්නගේ විශේෂ පෙනුම නිසා වෙන්න ඇති.....

"කෝ අය්යේ අර කිව්ව ගේ තාම නෑනෙ"

"ටිකක් යමුකො ඉස්සරහට"

"දැන් තමුසෙ දන්නවද අර කිව්ව ගහ මොකක්ද කියලා"

මල්ලි ඔය අහන්නේ අපි බස් එකෙන් බැහැලා පාර අහද්දි ඒ මාමා කිව්වෙ මේ පාර දිගේම ගියාම ලොකු දූරියන් ගහක් හම්බ වෙයි ඊට එහා පැත්තෙන් තියෙන ගේ කියලනේ, ඉපදුණු දවසේ ඉඳන් වැල්ලේ හිටිය අපි දන්නෙ ඉතින් පොල් ගස්,වැටකෙයියා පඳුරු වගේ දේවල්නෙ.

"ආයෙත් කාගෙන් හරි අහමු"

"අර ඉස්සරහින් යන කොල්ලගෙන් අහමුද"

"අනේ මට නම් බෑ, උබට ඕන නම් අහපන් මල්ලි"

මං තරහෙන් කිව්වෙ තවම මගේ වැල්ලේ උෂ්ණේ ගිහින් නැති නිසා. අපි ඉතින් මුළු වැල්ලටම චණ්ඩි වගේ ඉදලා මේ ගමේ බයියෙක්ට සෙකන්ඩ් වෙයිද. ඒකත් දූරියන් ගහකට.......

"මේ අය්යේ..... දිසානායක සර්ලගේ ගෙදරට තව දුරයිද"

මල්ලි අර කොල්ලගෙන් අහද්දි මෙන්න මේකා ආයෙත් අපේ ඔලුවෙ ඉඳන් කකුල් දෙකටම වෙනකම් බලන්න ගත්ත. දෙන්න හිතයි ඔලුවෙන් පැණි බේරෙන්න.

"දුරක් නම් නෑ මං යන්නෙත් ඒ හරියට තමයි මම ගේ පෙන්නන්නම් ඕන නම්"

"අනේ එහෙනම් හොඳයි අය්යේ"

"ඔයාල එහෙටද යන්නෙ"

එහෙට යන නිසානේ යකෝ ඇහුවෙ, ගොන් වස්සා, මගේ තරහ ආයෙත් වැඩි උනේ අර රතු පාට බයික් එක අපිව පහු කරන් වේගෙන් ගිය නිසා. අර කොල්ලා මල්ලි එක්ක කතා කර කර අපේ විස්තර අහ අහ යද්දි මමත් පිටි පස්සෙන් ගෑටුව. මේ ගමේ රොයිටරේ මූ වෙන්න ඇති කියලා දැන් නම් මගේ හිතට සාධාරණ සැකයක් ඇති වෙලා තියෙන්නේ.

අපිට වැඩි දුරක් යන්න උනේ නෑ අර රතු බයික් එක පාර අයිනෙ නවත්තලා තිබ්බ, බයික් එකේ හිටපු එකා දාගෙන හිටිය ෆුල් ෆේෂ් හෙල්මට් එක ගලවලා හිටියත් මට මූණ පෙනුණෙ නැත්තේ අපිට පිටු පාල හිටපු නිසා. අනික ඒකා කොණ්ඩ කුරුල්ලෙක් නිසා බෙල්ල ළඟට ළං වෙන්න තිබ්බ කොණ්ඩෙ විසිරිලා තිබ්බෙ.

"ඒයි චවික මල්ලි, දුවික ගෙදර ඉන්නවා නම් එන්න කියපන් පොඩ්ඩක්"

කොණ්ඩ කුරුල්ලා බයික් එකේ ඉඳන් ඉද්දී එතන තිබ්බ බෝක්කුව උඩ තව කොල්ලො තුන් හතර දෙනෙක් ඉඳන් හිටිය. උන් එකෙක් අපි එක්ක හිටපු කොල්ල එක්ක කතා කරද්දි මං බැලුවේ කොණ්ඩ කුරුල්ලා දිහා. මූණක් කොහේ පේන්නද කොණ්ඩෙට මූණ වැහිලා තියෙද්දී. මේකගෙ ඇස් දෙකත් නළලට වැටිලා තියෙන කෙස් රොදවල් වලට වැහිලා. මට නම් ෂුවර් මූ පොට්ට සිරා වගේ ඉගිල්ලෙන්න ගිහින් අර දඬු මොණරේ කොහේ හරි ඇන ගන්නවා.

"කව්ද බං මේ අලුත් ඩයල් දෙක,සුද්දො පැටව් දෙන්නෙක්ද"

එතන හිටපු උන් අර කොල්ලගෙන් අහද්දි වත් කොණ්ඩ කුරුල්ලා නිකන් වත් අපි දිහා බැලුවේ නෑ.

"මේ අර දිසානායක සර්ලගේ ගෙදරට යන ළමයි දෙන්නෙක්"

"ආ එහෙමද, අර ඔළු බක්කගෙ නෑයොද"

ඔළු බක්ක, ඒ මොකාද, අපේ මාමා කෙනෙක් ගැනද දන්නෙ නෑ කියන්නේ.

"ඔව් ඔව් තඹරු අයියගේ නැන්දගෙ පුතාල, දිසානායක සර්ගෙ මුනුපුරෝ"

"අඩෝ සර්ට දුවෙක් හිටියද බං"

"ඔව් ඔව් බං අය්යේ, මේ අපි යනවා, අපේ අම්ම අන්න අරහේ මාව කන්න හොයනවා"

"හරි හරි පලයන්, පලයන්... අලුත් මල්ලි බබාලාව පස්සේ අදුර ගන්න බැරියැ"

අපේ වැල්ලෙ නම් මේරි නැන්දලා තමයි මාළු කූඩ ඔලුවෙ තියාගෙන ගිනි කාෂ්ඨකේ ඕපදූප කියෙව්වෙ. ඒකටත් එක්ක මේ ගම් වල ඕප හොයන්නෙ කොල්ලොද මන්දා.....

මුන් ටික ඔළු බක්ක කියල තියෙන්නේ අපේ මාමා කෙනෙක්ගෙ පුතෙක්ට වෙන්න ඕන. ෂුවර් එකටම ඇගට වඩා ඔළුව ලොකු ඇති. ගියාම බලා ගන්න බැරියැ තඹරු හරි බඹරු හරි මොකාගේ හරි ඔළුව ලොකුයිද කියල.

එන්න ලෑස්ති වෙලා ආයෙත් කොණ්ඩයා දිහා බැලුවත් ඒකා ඔළුව පාත් කරන් දමාගෙන ෆෝන් එකට කොටනවා. ෂුවර් එකටම කෙල්ල වෙන්න ඇති. අනේ මට මොකද මොකා උනත්.....

_____________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️

ඔන්න අලුත් කතාව පළවෙනි කොටස දැම්ම.ඉතින් ඔයාලගේ අදහස් කියාගෙන යන්න, කතාව එක්ක දිගටම ඉන්න ❤️

✍️ යූචි

Continue Reading

You'll Also Like

44.8K 1.6K 30
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...
29.6K 4.3K 14
ආදරේ කරන්න නොදන්න හිතකට ආදරේ කරන්න කියලා දුන්නු එයා ඒ ආදරේ අමතක කරන විදිහ කියලා දුන්නේ නැත්තන්...? ° nonfiction °
44.8K 6K 53
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
1K 79 4
අහම්බෙන් දැක්ක අහංකාර ඇස් අස්සේ අතරමං උනේ මන් මටත් නොදැනීම.... දිලිසෙන ඇස්වලින් හොරෙන් කී කතාවෙ තේරුම අදටත් හොයනවා මන් තාම.... දනිමි මන් අහසක් තරම් ව...