සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

21.3K 4.4K 3K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •

• විසිතුන් වන දිගහැරුම •

539 130 124
By ___Sky-Heart___

" මා දැන ගතිමි මා සැක කලෙමි !! කවදාවත් නැතුව අයියා රෑ එලි වෙනකල් කෝල්ස් වල ඉද්දි තනියෙන් කතා කරද්දි තනියෙන් හිනා වෙද්දි යුගාන් අයියත් මෙහෙට හවසට හවසට රිංගද්දි මොකාක් හරි මං නොදන්න දෙයක් සිද්ද වෙනවා කියලා මගේ වම් පෙනැහැල්ලට ඒ ගැන කලින්ම තේරුනා "

මිදුලට එද්දි යුගානුයි තීනුයි හිටපු විදිහ දැකලා මන්දාරමී කෑගහන්න ගද්දි තීනුයි යුගානුයි වෙඩිල්ල වගේ ඈත් උනා . තීනු නම් පණ ගැහි ගැහී හිටියේ මන්දාරමී දැකපු දේවල් අම්මට කියයි කියලා . ඒ ගැන යුගානුත් ගේ හිතටත් බයෙක් දැනෙන්න සැලැස්සුවත් කෝල්ලෝ දෙන්නා නොදන්නවා උනාට එයාලා සෙට් වෙනවට මන්දාරමී හෙනට පෙරුම් පිරුවා .

" ඕයි චූටි අම්මට කියන්න එපා කිසිම දෙයක් !! "

තීනු තමන්ගෙ මූණ හකුල ගෙන කියද්දි යුගාන් තීනු දිහා බලලා තීනුට ලං උනා . තීනුගෙ මූණ දැක්ක ගමන්ම පේනවා තීනු ඉන්නේ හුගක් බය වෙලා කියලා . ඒක නිසාම යුගාන් තීනුගේ අතින් අල්ල ගෙන තීනුගේ අත පිරිමදිද්දි ඒ දිහා බලන් හිටපු මන්දාරමීට කුචි කුචි වගේ එකක් දැනෙන්න ගත්තා . කොහොමත් මන්දාරමී මුලදිම තීරණය කරලා තිබුනේ තීනුට කොල්ලෙක්ව සෙට් කරලා පවුලට මස්සිනෙක්ව ගෙනල්ලා දෙන්න .

" මං අම්මට කියන්නේ නැහැ !! මේ ඒක නෙමෙයි ඔයාලා දෙන්නා සෙට්ද "

මන්දාරමී ඇඹරෙන ගමන් අහද්දි යුගාන් ඔව් කියන්න වගේ ඔලුව වැනුවා .

" යොහ් වූහ්හ්හ් මම ගිය සතියෙ ඇම්බැක්කේ දේවාලේ ගිහින් ඉසිරු මුණියෙ පෙම් යුවල යටින් ලිව්වෙත් ඔයාලා දෙන්න සෙට් වෙන්න කියලා .. අනෙ එයාලා මං කිව්ව දේ කරලා "

මන්දාරමී පිස්සෙක් වගේ උඩ පැන පැන කෑ ගහද්දි තීනුයි යුගානුයි මේ දිහා තාමත් කන්ෆියුස් උනු සීන් එකකින් බලන් හිටියා . මන්දාරමී ගෙන් බලාපොරොත්තු උනාට වඩා වෙනස්ම ප්‍රතිචාරයක් ලැබෙද්දි තීනුට පලවෙනි පාරට තමන්ගේ නංගි ගැන හොද හැගීමක් දැනෙන්න ගත්තා .. මන්දාරමී උඩත් පැන පැන එහෙන්මම යුගාන් ගාවට ඇවිත් යුගාන්ව බදා ගද්දි තීනු තමන්ගේ ඇස් දෙකත් හීනි කරලා ඒ දිහා බැලුවා .

" යුගාන් අයියට මං හෙන ආදරෙයි .. මේ ලෝකේ ඉන්න ලස්සනම මස්සිනා ඉන්නේ මට "

" මං ඒ තරම් ලස්සනද පැටියෝ ?? "

" ආයෙත් අහලා අපේ අයියටත් වඩා ලස්සනයි "

මන්දාරමී කියපු දේට තීනු තමන්ගේ අත් දෙකත් හරහට බැදන් ඇස් රෝල් කරන්න ගද්දි යුගාන් තීනුට පේන්න තමන්ගේ කොලර් එක පොඩ්ඩක් හදා ගත්තා . මන්දාරමී කිව්වා වගේම මේ ලෝකේ ඉන්න ලස්සනම මස්සිනා ඉන්නේ එයාට . මන්දාරමී ඒ දවස් වල ඉදලම යුගාන්ට ගොඩක් කැමති නිසා කෙල්ල යුගාන්ව බදා ගෙනම ඔහේ කියවන්න ගත්තා . යුගාන් උනත් මන්දාරමීට හෙනට ආදරේ උනේ හස්නා එන්න කලින් නංගි විදිහට යුගාන් මන්දාරමීව සලකපු නිසා .

" අපෙ අයියා මෝඩයා උනාට හරිම කෙනාව තමා සෙට් කර ගෙන තියෙන්නේ "

" අනේ තමුසෙ කට වහනවා !! පොඩි එවුන් පොඩි එවුන් විදිහට ඉදපන් "

" අහ් එතකොට මහ එවුන් මහ එවුන් විදිහට ඉදපන් මං එද්දි මහ එවුන් කලේ පොඩි එවුන් දකින්න හොද දේවල්නේ "

මන්දාරමී මූණත් පුම්බන් යුගාන්ගේ අස්සේ ඉදලම තීනුට කෑ ගහන්න ගත්තේ තීනු හදිස්සියේ වත් තමන්ට දෙකක් ඇන්නොත් බේර ගන්න යුගාන් ඉන්න නිසා . කොහොම නමුත් මන්දාරමී පොල්ලෙන් ගැහුවා වගේ කිව්ව එකට යුගාන්ට පොඩි ලැජ්ජාවකුත් දැනුනා ඒ වගේම මන්දාරමීට මෙච්චර වෙලා කෑ ගහපු තීනුගේ කටත් වැහුනා .

" තමුසෙගෙ කට වැඩී කොයි වෙලාවක හරි මගෙන් ගුටි කනවා "

" මට ගැහුවොත් යුගාන් අයියට කියනවා "

මන්දාරමී තීනුට දිවත් කරලා ආයෙම යුගාන්ව බදා ගනිද්දි යුගාන් හිනා වෙන ගමන් මන්දාරමීගේ ඔලුව අත ගෑවා .

" යුගාන් අයියට කියලා කොරයි මට "

" ඉන්නවකෝ !! යුගාන් අයියේ මෙයා හැම වෙලාවෙම මට බනිනවා ඊයේ රෑත් මොකක්දෝ රෙස්ලින් ගහ ගන්න එකක් බලලා මෙයා මගේ බෙල්ල හිර කරලා මාව මරන්න හැදුවා එතකොට අද උදේ මේකා කොහෙදෝ ඉදලා බැට් මෑන් වගේ ඇවිත් මගේ අතට ගැටයක් දාලා මාව උස්සලා සෝෆා එකට විසික් කලා .. "

මන්දාරමී කිව්ව දේත් එක්ක යුගාන් ගෙන් සැර බැල්මක් තීනු දිහාවට එල්ල වෙද්දි තීනු කකුලේ ඇගිල්ලෙන් පොලොව හාරන්න ගත්තා . මීට කලිනුත් තීනු මන්දාරමීට බනිනවට ගහනවට යුගාන් තීනුට බැන්නත් ඔය කිව්වට නංගිට වද නොදී ඉන්න තීනුට බැරි උනා . හැබැයි යුගාන් මන්දාරමීට ආදරේ නිසා තීනු විහිලුවට වත් කෙල්ලට අතක් උස්සනවට යුගාන් අකමැති උනා . දැන් ඉදලම මන්දාරමිත් යුගාන්ට කේලම් කියන්න ගත්තු නිසාම තීනු කරන හැම දෙයක්ම යුගාන්ට නිකන්ම මාට්ටු උනා .

" මං කියලා තියෙනවා නේද තීනු නංගිට අත උස්සන්න එපා කියලා !! "

" ආසාවට ගහන්නේ නෑනේ වැරැද්දක් කලොත්නේ ගහන්නේ !! "

තීනුත් උස් හඩින්ම යුගාන්ට පෙරලා පිළිතුරු දෙද්දි මන්දාරමී තීනුට රවන්න ගත්තා .

" ඔය බොරු යුගාන් අයියේ !! මෙයා මට නිකනුත් ගහනවා හරිම දුෂ්ටයි !! "

" මං බලා ගන්නම්කෝ පැටියෝ ඔයාගේ අයියා ගැන දැන් හොද කෙල්ල වගේ ඇතුලට යන්නකෝ !! "

" ම්ම්ම්ම් "

යුගාන් මන්දාරමීගේ ඔලුව අතගාලා කියද්දි කෙල්ල යුගාන්ට ඒ සැනින් අවනත උනා . තීනුටත් දිව දික් කරලා මන්දාරමී ආයෙම ගේ ඇතුලට දුවද්දි යුගාන් තීනු දිහාවට හැරිලා තීනුගේ පස්ස තමන්ගේ අතින් තද කරලා මිරිකුවා . යුගාන් මිරිකපු පාර කොච්චර සැරද කියනවා නම් යුගාන්ගේ අතේ නහරත් තදින් ඉලිප්පිලා තිබුනා . යුගාන් මිරිකන් ඉන්න විදිහට තීනුට රිදුනු නිසාම තීනු යුගාන්ව අහකට තල්ලු කරලා තමන්ගේ රිදෙන පස්ස අත ගාන්න ගත්තා .

" මොකද මෝඩයෝ "

" ඇයි නංගිට ගහන්නේ මං කියලා තියෙනවා නේද තමුසෙට නංගිට අතක් වත් උස්සන්න එපා කියලා අහ් ?? ආයේ එහෙම කලොත් මම හොද වැඩක් තමුසෙට කරනවා තීනු !! "

යුගාන් තරමක් තදින් තීනුට බනිද්දි තීනු තමන්ගේ මූණත් පුම්බ ගෙනම යුගාන්ට රවන්න ගත්තා . තමන් කොච්චර යුගාන්ට බැන්නත් තීනු කැමති නැහැ යුගාන් ගෙන් නම් බැනුම් අහන්න .

" තමුසෙ මහ ගැරඩියෙක් !! තමුසෙ මට ද ආදරේ නැත්තම් අර පොඩි බඩුවටද කියනවකෝ ?? ඇයි යකෝ ඒකි මොකක් හරි කිව්ව ගමන් පරල වෙලා මට කෑ ගහනවා .. තමුසෙගෙ බොරු ආදරේ පිරිමි ඔක්කොම එකයි !! "

තීනු යුගාන්ටත් ගස්ස ගෙනම ගේ ඇතුලට අඩි හප්ප හප්ප යද්දි යුගානුත් තීනුගේ පස්සෙන්ම ගේ ඇතුලට ගියා . යුගාන්ව ගනන් ගන්නේ නැතුව තීනු සෝෆා එකෙන් වාඩි වෙද්දි යුගානුත් තීනුගේ එහා පැත්තෙන් වාඩි උනා . හැබැයි යුගාන් තමන් ලගින් වාඩි උනු නිසාම තීනු සෝෆා එකෙන් නැගිටලා තමන්ගේ කාමරේට යන්න හිතා ගෙන පඩිපෙල නගින්න ගත්තා .

යුගානුත් ඉතිම් තීනුගේ පස්සෙන් පඩිපෙල නැගලා යද්දි පහලට වෙලා ගිරිපුර ඇත්තෝ බල බල හිටපු මන්දාරමී මුන් දෙන්නට එක පාරටම මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව ඔලුවත් කස කස ආයෙම කාටූන් එක බලන්න ගත්තා . තීනු මිරිස් කරල වගේ මූණත් රතු කරන් යුගාන් ව තඹ සතේකට වත් මායින් නොකර කාමරේට ගිහින් දොර වහන්න හදද්දි යුගාන් දොරට අත තියලා තීනුගේ කාමරේට රිංග ගත්තා .

තීනුව කාමරේ දොරට හේත්තු කරපු යුගාන් තමන්ගේ අත් තීනුගේ දෙපැත්තෙන් තියලා තීනුගේ මූණට ලං උනා . ඒත් තීනු නම් තාමත් තමන්ගේ මූණ පුම්බ ගෙන යුගාන්ගේ දිහා තරහින් බලන් හිටියා . එක මොහොතකට වත් තීනුගේ නපුරු බැල්මේ කිසිම වෙනසක් උනේ නැහැ . කොහොමත් තීනු කියන හාදයා එක්ක යුගාන්ට ලේසි උනේ නම් නැහැ මොකද තීනු කියන්නේ අනිත් අය වගේ හුරතලයක් නෙමෙයි හුරතලේ ඇතුලේ නපුරු කමත් පොදි බැද ගත්තු කෙනෙක් .

" මොකද ඔච්චර රවන්නේ ?? ඇහේ පොට යයි තමුසෙගෙ "

" ඉතිම් මොකෝ මගේ ඇහේ පොට ගියත් තමුසෙට වැඩක් නෑනේ "

" ඒත් බබා මගෙ බෝයිෆ්‍රෙන්ඩ් පොට්ටයෙක් වෙනවට මං ආස නැහැනේ "

යුගාන් තමන්ගේ දබර ඇගිල්ල තීනුගේ මූණ පුරාම අරන් යන ගමන් කියද්දි තීනු යුගාන්ගේ ඇගිල්ල දෙකට නැව්වා . යුගාන් මූණත් දෙක කරන් තමන්ගේ ඇගිල්ල ගසද්දි තීනු නම් ඒ දිහා කිසිම අනුකම්පාවක් නැතුව බලන් හිටියා .

" තමුසෙ නම් මහ බෝම්බයක් තීනු !! මං ගැන කිසිම ආදරයක් නැහැ "

" හහ් !! තමුසෙත් එහෙමනේ !! මටත් ආදරේ නෑනේ බොරුකාරයා !! යාලු උනාට පස්සේ ඉස්සර තරම් වත් මට ආදරේ නැහැ කෙදි නැති උගුඩුවා "

තීනු ආයෙම යුගාන්ට රවන ගමන් කියද්දි යුගාන් තමන්ගේ අත් වලට තීනුගේ මූණ මැදි කර ගත්තා .

" හැම වෙලාවෙම ආදරේ හාර හාර හොයන්න එපා බබා !! මං ආදරෙයි ඒක තමුසෙ නොදන්නවා නෙමෙයිනේ "

" ආදරේ හාර හාර හොයන්න උබ හිතුවද ආදරේ තියෙන්නේ නහය අස්සේ කියලා !! "

තීනු යුගාන්ගේ නහයට ඇගිල්ලෙන් ඇනලා කියද්දි යුගාන්ගේ මූණ නිකන් කුණ්ඩ හට්ටිය වගේ උනා . තීනු කියන ඒවට හැම වෙලාවකම වගේ යුගාන් හිර උනා . තීනු ගෙන් ඈත් උනු යුගාන් තමන්ගේ කොණ්ඩෙනුත් ඇද ගන්න ගමන් ලග තිබුනු මේසෙට පාරක් ගැහුවේ තීනු එක්ක වාද කරන්න ගියොත් තීනු තමන්ගේ අතින් මැරෙන නිසා .

" තමුසෙ එක්ක කතා කරලා මට දින්න බැහැ බබා කොයි වෙලාවක හරි මං පිස්සෙක් වෙනවා ඒ තමුසේ නිසා "

" වෙන්න දෙයක් නැහැ තමුසෙ කොහොමත් පිස්සෙක් තමයි "

තීනු යුගාන්ට ඇද කරලා කියද්දි යුගාන් තීනුට රැව්වා . යුගාන් කොච්චර සීරියස් මනුස්සයෙක් උනත් තීනුට නම් සීරියස් කියන වචනෙ එක අකුරක් ගෑවිලා වත් තිබුනේ නැහැ .

" තමුසෙ දන්නවද දැන් ඇයි මම මෙහෙට ආවේ කියලා ?? "

" තමුසෙ කියන්නේ නැතුව මං කොහොමද දන්නේ ?? "

තීනු යුගාන්ට පෙරලා උත්තර දෙද්දි යුගාන් තමන්ගේ සාක්කුවේ තිබුනු පොඩි කොලයක් වගේ දෙයක් අතට අරන් තීනුගේ අතින් තිබ්බා . ඇත්තටම ඒක කොලයක් නෙමෙයි ටිකට් එකක් . හැබැයි ඒක නිකන්ම ටිකක් එකකුත් නෙමෙයි ඒක අහස් රැය කොන්සට් එකේ ටිකට් එකක් . තීනු ටිකට් එක දැක්ක ගමන් කෑ ගහගෙන යුගාන්ව බදා ගත්තෙ අහස් රැය කොන්සට් එකට යන්න තීනු ගිය අවුරුද්දේ ඉදන් ආසාවෙන් හිටපු නිසා .

හැබැයි අවාසනාවකට වගේ තීනුට ගිය අවුරුද්දේ ඒ චාන්ස් එක මිස් උනා . තමන් ආසම ආටිස්ලා විතරක් ඇවිත් සින්ග් කරන අහස් රැය කොන්සට් එකේ ටිකට් එකක් තමන්ගේ අතට ලැබුනම තීනුට පිස්සු හැදිලා වගේ ෆීලින්ග් එකක් ආවා . යුගාන්ගේ බෙල්ලත් බදා ගෙන තීනු නහයෙන් අඩ අඩ යුගාන්ගේ කම්මුලෙන් හාදු තවරන්න ගත්තේ කොල්ලට දැනුනු සතුටට .

තීනුට සතුට වැඩි කමට ඇඩෙන්නත් වගෙ . තීනු එක මොහොතකට වත් යුගාන් ගෙන් ඈත් වෙන්නේ නැතුව දිගටම යුගාන්ව බදා ගෙන ඉද්දි යුගාන් හිනා වෙලා තීනුගේ ඉන වටින් තමන්ගේ අත් යවා ගන්න ගමන් තීනුව තමන්ට තවත් නැඹුරු කර ගත්තා . යුගාන්ගේ තොල් තීනුගේ නලලතින් තද වෙද්දි තීනු තමන්ගේ ඇස් දෙකත් පියා ගන්න ගමන් යුගාන්ගේ පපුවෙන් තමන්ගේ ඔලුව තියා ගත්තා .

" ඇයි මෝඩයෝ මෙච්චර සල්ලි වියදම් කලේ ඒ ටිකට් එක ගොඩක් ගනන්නේ "

" ඔයා වෙනුවෙන් ඕන දෙයක් තීනු !! මට ඒක පොඩි දෙයක් "

යුගාන් තීනුගේ ඔලුව අත ගාලා කියද්දි තීනු ආයෙම යුගාන්ගේ බෙල්ල අස්සේ මූණ ඔබා ගත්තා . තීනු කොච්චර යුගාන්ට සැර පාට් ලොකු සීන් දාගෙන හිටියත් ඇත්තටම තීනු යුගාන්ට හෙනට ආදරෙයි .

" තමුසෙට ආදරේ හිතෙනවා යුගාන් !! "

" මොනවා හරි දුන්නොත් විතරනේ ඔය ආදරේ ඉතිම් "

යුගාන් කිව්ව දේට තීනු තමන්ගේ තොල් පිට පෙරලලා යුගාන්ගේ පපුවට පාරක් ගහද්දි ඒ වෙලාවේ නම් යුගාන්ට තීනුව මාශ්මිලෝව්ස් එකක් වගේ කටේ ඔබා ගෙන හපන්න හිතුනා . මූණත් රතු කරන් තමන්ගේ නහය යුගාන්ගේ පපුවෙහි තීනු අතුල්ලද්දි යුගාන් තීනු දිහාවට පහත් වෙලා තීනුගේ කන් පෙත්තක් හිමින් හැපුවා . හැබැයි ඒකට නම් තීනු යුගාන්ගේ කම්මුලක් තදින් හැපුවේ තමන්ගේ දත් පාරත් යුගාන්ගේ කම්මුලේ හිටින්න සලස්වලා .

" කොල්ලෙක් කියලා මම රැවටිලා තියෙන්නේ ලේනෙක්ටද කොහෙද "

" ම්හුක් ආයේ හපන්නද "

" යහ්හ් එපා බබා "

තීනු ආයෙම යුගාන්ගේ කම්මුල දිහාවට ලං වෙන ගමන් හද්දි යුගාන් කෑ ගහන ගමන් තීනුව තමන් ගෙන් ඈත් කලා .

" මේ ඒක නෙමෙයි කොන්සට් එක බලන්න යන්න ඔයත් එනවා නේද ?? "

" නැතුව !! මං ඔයාව තනියෙන් යවනවද ??

" තනියෙන් යන්නත් පුලුවන් මට මොකද මම බබෙක් නෙමෙයිනේ !! "

" කාට බබෙක් නොවුනත් තමුසෙ මට බබෙක් !! "

යුගාන් තීනුගේ නලලට ඇගිල්ලෙන් ඇනලා කියද්දි තීනු තමන්ගේ මූණ පුම්බ ගන්න ගමන් ඇස් හීනි කරලා යුගාන් දිහා බැලුවා . තීනු පොඩ්ඩක් වත් කැමති නැහැ යුගාන් තමන්ව බබෙක් වගේ දකිනවට . තීනුට ඕනේ තමන්ව දකිද්දි යුගාන්ගේ ඇස් බය වෙනවා දකින්න ඒත් කොහෙද සිද්ද වෙන්නම ඒකේ අනිත් පැත්ත .

" චීක්කා එතකොට මං කෙල්ලෙක් වගේනේ "

" වගේනේ නෙමෙයි කෙල්ලෙක් තමයි "

" ඔන්න ඔන්න යුගාන් තමුසෙ ඔය හදන්නේ මට කියලා තමුසෙගේ ඇට දෙක කුඩු කර ගන්න තමයි ඔය "

දැන් ටිකකට කලින් තිබුනු ආදරණීය ගතිය එහෙන්මම යට ගැහිලා සුපුරුදු විදිහටම දෙන්නගේ වලි මූඩ් එකට තීනුයි යුගානුයි එන්ටර් උනා . තීනු යුගාන් ගෙන් ඈත් වෙලා යුගාන් දුන්නු කොන්සට් ටිකට් එක ලග තිබුනු මේස ලාච්චුවෙන් දාලා ආයෙම යුගාන් ගාවට ලං උනා  

" මට දැන් හොදටම තරහ ගිහින් තියෙන්නේ ඒක නිසා මං දැන් තමුසෙගෙ කකුල හැපුවොත් තමුසෙ මට දියබරියා කියලා නම් කියන්න එපා "

" මොකක් ඕයි තීනු පිස්සුද බං !! තමුසෙට මොලේ හොද නැද්ද ?? "

" මගේ මොලේ හොදයි නම් මං තමුසෙ වගේ ගම් බිත්තරයෙක් එක්ක යාලු වෙනවද ?? "

" කවුද යකෝ ගම් බිත්තරයා මං අල්පොන්සු ඇමති තුමාගේ පුතා !! "

යුගාන් තමන්ගේ ශර්ට් එකේ අත් දෙක නවා ගන්න ගමන් ගේමට වගේ කතා කරද්දි තීනු තමන් ඇදන් හිටපු කොට කලිසම ටිකක් උඩට උස්ස ගෙන අවදානමට පෙර සූදානම් උනා .

" තාත්තගෙ ඇමති පට්ටමෙන් රගන තොපි වගේ එවුන්ව පෝලිමට හිටවලා පුකට වෙඩි තියන්න ඕනේ "

" මොකක්ද යකෝ උබ කියන්නේ !! "

තීනුගේ ඇදේ තිබ්බ කොට්ටෙ අතට ගත්තු යුගාන් තීනුගේ ඔලුවට කොට්ට පාරක් දෙන ගමන් අහද්දි යක්ෂාවේස උනු තීනු යුගාන්ගේ ඇගට පැනලා යුගාන්ගේ කොණ්ඩෙන් අදින්න ගත්තා . තීනු යුගාන්ගේ ඇගට පැන්න පාර යුගාන් කෙලින්ම තීනුගේ ඇදට වැටෙද්දි තීනු යුගාන්ගෙ ඇග උඩ ඉදන්ම තමන්ගේ අත් දෙකෙන් යුගාන්ගේ කොණ්ඩ කෙස් රොත්තක් ඇදලා ගත්තා .

යුගාන්ගේ ක්‍රේල් කොණ්ඩෙන් සැලකිය යුතු කොටසක් ගැලවිලා තීනුගේ අතට එද්දි යුගාන් කොට්ටෙ උස්සලා තීනුගේ මූණට ගහ ගෙන ගහ ගෙන ගියේ තීනුත් අස්සෙන් මෙහෙන් යුගාන්ට පාරවල් නෙලද්දි . තීනු ඉදලා හිටලා රෙස්ලින් බලන නිසා අන්ඩර් ටේකර් ගේ ගැට දෙක තුනක් යුගාන්ට දාන්න හැදුවත් යුගාන් ජෝන් සීනා අයියගේ ෆෑන් කෙනෙක් උනු නිසා තීනුට ටිකක් වැඩේ අමාරු උනා .

යුගාන් නම් තීනුට කොට්ටෙන්ම ගහද්දි යුගාන්ව හපනවා හූරනවා ඇරෙන්න තීනුට වෙන කිසිම දෙයක් කර ගන්න බැරි උනා . යුගාන්ගේ අත් වලයි බෙල්ලෙයි උරහිසෙයි බඩෙයි මේ හැම තැනකම තිබුනේ තීනුගෙ දත් පාර වලුයි නියපොතු පාරවලුයි විතරයි . දෙන්නගේ සිගිති වලිය නිසා තීනුගේ කාමරේ පුරාම හෙනම ඝෝෂාව .  තීනුගේ ඇදත් චික් චික් චුක් චුක් චච් චච් ගගා හෙල්ලෙන්නේ කොල්ලෝ දෙන්නා නිකන් වෙන නරක වැඩක් කරනවා වගේ .

යුගාන් කොට්ටේ තීනුගේ බඩෙන් තියලා තමන්ගේ කකුලෙන් තද කරන් තීනු ගේ අත් දෙකත් තමන්ගේ අත් දෙකෙන් අල්ලන් තීනුව හිර කර ගනිද්දි තීනු යුගාන් ගෙන් ගැලවෙන්න හෙන ගේමක් උනා . තීනු එක්ක දගලලම යුගාන් හිටියේ පට්ටම මහන්සියෙන් . ඒ අස්සේ තීනු තමන්ගේ කකුලෙන් යුගාන්ගේ පස්සට ගහන්න ගද්දි යුගාන් තමන්ගේ දත් ටිකත් උල් කර ගෙනම තීනුගේ බෙල්ලට පහත් උනේ තීනුව හපන්න .

" අර්ර්ර්හ්හ් පලයන් පිසාචයා මගෙන් අහකට !! "

තීනු යුගාන්ගේ කන ගාවම ඉදන් කෑ ගහද්දි යුගාන්ට දැනුනේ තමන්ගේ කන් බෙරේ පිපිරුවා වගේ හැගීමක් . තීනු දිගින් දිගටම කෑ ගහන එක නතර කරන්නේ නැති නිසා යුගාන් ලග තිබුනු බෙඩ් ශීට් එක ගුලි කරලා තීනුගේ කටේ එබුවා . ඒත් කොහෙද තීනු බස්සෙක් වගේ හ්ම් හ්ම් ගගා දගලන්න ගද්දි යුගාන් තීනුගේ බඩට තියලා හිර කරන් හිටපු කොට්ටෙ අරන් තීනුට හොද කොට්ට පාරක් දුන්නා .

තීනුගේ කාමරෙන් එන අමුතු අමුතු සද්ද බද්ද නිසාම තීනුගේ කාමරේ ලගින් ගියපු මන්දාරමී ටික වෙලාවක් තීනුගේ කාමරේ ගාවට වෙලා කන් දීගෙන හිටියා . තීනුගේ කටේ ඔබලා තියෙන බෙඩ් ශීට් එක නිසාම තීනු හ්ම් හ්ම් ගාන එක මන්දාරමීට ඇහුනේ වෙන විදිහකට . ඊටත් වඩා තීනුගේ ඇදේ චිරි චිරි ගාන සද්දෙත් මන්දාරමීගේ කනට වැටෙද්දි කෙල්ල නියපොත්තක් හප හපන තීනුගේ කාමරේ දොරට අත තිබ්බා .

හැම දාම වගේ තීනු කාමරේ දොර අදත් ලොක් කරලා නැති නිසාම මන්දාරමී හිමීට කාමරෙ පුරා ඇස් යවද්දි කෙල්ල දැක්කේ තමන් හිතපු දේට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් . මුන් දෙන්නා අසවල් වැඩේ කරන්නේ නැතුව නයයි මුගටියයි වගේ මරා ගන්න ගද්දි මන්දාරමී ඉනට අත් දෙකත් තියන් තීනුයි යුගානුයි දිහා බලන් හිටියේ තමන් මවපු සිහින මාලිගා සේරම මුන් දෙන්නා කඩලා දාපු නිසා .

" මොන කෙංගෙඩියක් ද මේ කරන්නේ ?? ශික් මං හිතුවා කාමරෙන් ඇහුනු සද්දත් එක්ක හොද අඩව්වක් දෙන්නා අල්ලනවා ඇතී කියලා .. යුගාන් අයියේ ඔයා අයියා ගැන බලා ගන්නම් කියලා කිව්වම මං හිතුවේ නැහැ ඔයා මෙයාට මේ වගේ පනිශ්මන්ට් එකක් දෙයි කියලා ඇත්තටම මං බලාපොරොත්තු උනේ වෙන විදිහේ එකක් අඅර්ර්ර් !! "

මන්දාරමී කොහෙන්දෝ ඉදන් එක පාරටම තීනුගේ කාමරේට කඩන් පාත් වෙලා කියව ගෙන කියව ගෙන යද්දි යුගාන් තීනුගෙන් ඈත් වෙලා තීනුගේ කටට ඔබපු බෙඩ් ශීට් එක අයින් කලා . තීනුගෙ කටට මේ වෙලාවේ අසභ්‍ය වචන දාහක් ආවත් කොල්ලා කිසිම දෙයක් නොකියා යුගාන්ට රවන්න ගත්තේ තමන්ගේ කාමරේ ඇතුලේ මන්දාරමීත් ඉන්න නිසා 

" ඇයි ඔයාලා ඔහොම ගහ ගන්නේ ?? අනික යුගාන් අයියේ ඔයාගේ වට කෙස් මැද හිස් !! කෝ මැද කොණ්ඩ ගස් ටික "

තීනු යුගාන්ගේ කොණ්ඩේ ඇදපු විදිහට කොණ්ඩ ගස් ගැලවිච්ච එක නම් පුදුමයක් නෙමයි . යුගාන් තමන්ගේ කොණ්ඩෙත් අත ගගාම තීනු දිහා රවලා බලද්දි තීනු කිසිම දෙයක් නොකරපු ගානට අහක බලා ගත්තා .

" අපි පොඩි සෙල්ලමක් කලා ඔබද හල්ක් මමද හල්ක් කියලා ඒකයි මේ අපි ගහ ගත්තේ "

එක පාරටම යුගාන් එහෙම කියද්දි යුගාන් කියන දේ හරී කියන්න වගේ තීනු ඔලුව වැනුවා .

" ඒවා මාර සෙල්ලම් නේ තව ඩිංගෙන් දෙන්නගේ කෑලි එකතු කරන්න වෙන්නේ සවලෙන් "

" මොකක් හරි !! දැන් ඇයි උබ මගෙ කාමරේට ආවේ ?? "

" ඔය මරා ගන්න සද්දේ ඇහිලා ඒත් දැන් දෙන්නම පහලට එන්න අම්මා කිරි කෝෆි එක්ක කන්න පැණි වලලු හදලා "

මන්දාරමී පැණි වලල්ලක් ගැන තීනු එක්කලා කියවද්දි යුගාන්ට සේරම අමතක උනා .

" පැණි වලලු ?? ම්ම්ම් මං මේ දැන්ම යනවා පල්ලෙහට "

යුගාන් තීනුවත් තල්ලු කර ගෙනම පැණි වලලු කන්න පහලට දුවද්දි තීනු තමන්ගේ දිවත් හපා ගෙන යුගාන්ට බනින්න ගත්තා . මන්දාරමීත් තීනුට ගස්සලා තීනුගේ කාමරෙන් එලියට යද්දි තීනු තමන්ගේ කලිසමත් ටිකක් උස්ස ගන්න අතරෙම පල්ලෙහට ආවා . තීනු එන ඩිංගට යුගාන් පල්ලෙහා සාලේ සෝෆා එකේ වාඩි වෙලා පැණි වලලුත් කකා කිරි කෝෆි බොනවා . තීනුගේ අම්මා යුගාන් පැණි වලලු කන්න කන්න යුගාන්ගේ දීසියට පැණි වලලු දානවා .

" යකෝ මූ මැෂිමක් වගෙනේ "

යුගාන් පැණි වලලු කන හැටි දැකලා තීනු තමන්ටම මුමුණ ගන්න ගමන් පල්ලෙහට ආවා . යුගාන් ගේ එහා පැත්තෙන්ම වාඩි වෙලා යුගාන්ගේ දීසියෙන් තීනු පැණි වලල්ලක් ගන්න හදද්දි තීනු ගේ අම්මා තීනුගේ අතට පාරක් ගැහුවා .

" යුගාන් පුතාගේ එකෙන් කන්න එපා !! ඕනේ නම් කුස්සියේ තියෙන එකෙන් අරන් කනවා "

තීනු ගේ අම්මා තීනුට බනිද්දි තීනුගේ මැලවිච්ච මූණ දැකලා යුගාන් තීනුට හෙන සවුත්තු හිනාවක් දැම්මා . යුගාන්ටත් බැන බැනම කුස්සියට ගියපු තීනු පැණි වලලු දෙකක් කුස්සියේ ඉදලම කාලා නෝන්ඩි නැතුව තව දෙකක් අරන් සාලෙට ආවේ කලින් පැණි වලල්ලක් දිහා ඇහැක් ඇරලා නොබලපු ගානට .

" පුතා පැණි වලලු කන්න ආසයි කියලා කිව්වා නම් මං තීනුගේ අතේ හදලා එවනවනේ "

" ම්හ්හ් ඒත් කරදර කරන්න බෑනේ ආන්ටි "

" මොන කරදරයක් මං හදලා එවන්නම්කෝ තීනුගේ අතේ "

තීනුගේ අම්මා යුගාන්ගේ ඔලුවත් අත ගගා කියද්දි යුගාන් හිනා වෙන ගමන් කිරි කෝෆි එකෙන් උගුරක් බිව්වා . හැබැයි මේ සුකුරුත්තම් දිහා බලා ගෙන හිටපු තීනු තමන්ගේ ඇස් දෙකත් රෝල් කරලා එහෙන්මම පැණි වලල්ලක් කටේ ඔබා ගත්තේ තමන්ගේ අම්මා යුගාන්ව හුරතල් කරන විදිහට තමන්ව හුරතල් කරන්නේ නැති නිසා .

" යුගාන් පුතා දැන්මම යනවද ?? "

" ඔව් ආන්ටි පරක්කු උනොත් එහෙම අම්මා බනියි "

" අයියෝ මං බැලුවේ රෑට කාලම යන්න කියන්න "

" අනේ කමක් නැහැ වෙන වෙලාවක මං එන්නම් කෑමට ඉන්නත් එක්කම ඒත් අද නම් බැහැ "

ඒ අස්සේ තීනු නම් හිතින් හිතුවෙම යුගාන් ගෙදරම පලයන් කියලා .

" ඔන්න වෙන දවසක අනිවාර්යයෙන්ම එන්න ඕනේ "

" හරි ආන්ටි "

යුගාන් හිනා වෙලා කියද්දි තීනුගේ අම්මා මේසේ තිබුනු හිස් දීසියයි තීනු බීලා හිස් කරලා තිබුනු කිරි කොෆි කෝප්පෙයි අරන් කුස්සියට ගියා .

" මේ අම්මා කිව්වට තමුසෙ මෙහෙ රෑ කෑමට එහෙම එන්නේ නැහැ "

" ඒ මොකද ඒ මට ඕනේ නම් මං එනවා "

" එන්න එපා මං කැමති නැහැ .. රෑට අපේ තාත්තා ගෙදර අනික අපේ තාත්තා තමුසෙගෙ තාත්තට කැමති නැහැ "

" ඒක මට අදාල නැහැ !! "

එක හුස්මට ඉතුරු වෙලා තියෙන කිරි කෝෆි එකත් බීලා මේසෙන් උඩින් තියන ගමන් යුගාන් කියලා සෝෆා එකෙන් නැගිට්ටා . යුගාන්ට කියලා දෙයක් තේරුම් කරන්න ගියොත් දැන් මූත් එක්ක ආයෙම මරා ගන්න සිද්ද වෙන නිසා තීනු ඉතිම් පාඩුවේ හිටියා .

" මං යනවා ආන්ටිට මං ගියා කියන්න "

" හ්ම්ම් "

යුගාන් තමන්ගේ ඇදුමත් හදා ගෙන සාක්කුවෙන් බයික් එකේ යතුරත් අතට අරන් මිදුලට බහිද්දි තීනුත් යුගාන්ගේ පස්සෙන්ම මිදුලට ආවා . යුගාන් බයික් එකට නැගලා හෙල්මට් එකත් දාගෙන බයික් එක ස්ටාර්ට් කරන අතර තුර තීනු ගේට්ටුව ගාවට ගිහින් යුගාන්ට බයික් එක එලියට දාන්න ගේට්ටුව ඇරලා ගේට්ටුව ගාවින්ම හිටන් හිටියා . යුගාන් බයික් එක හරවලා අරන් යන්න කලින් ගේට්ටුව ගාව ඉන්න තීනු ගාවින් බයික් එක නතර කලා . 

" මං ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්නවා "

" ම්ම්හ් තමුසෙත් පරිස්සමෙන් යනවා "

තීනු තොලුත් උල් කරන් කියද්දි යුගාන්ගේ තොල් අතර ඉබේටම හිනාවක් ඇදුනා . බයික් එක රේස් කරලා යුගාන් ගේට්ටුවෙන් බයික් එක එලියට දාන්න හදද්දි තීනු ආයෙම යුගාන්ට කතා කෙරුව නිසා යුගාන් බයික් එක නතර කලා .

" කියන්න බබා මොකද ?? "

යුගාන් බයික් එක නතර කරලා අහද්දි තීනු යුගාන් ගාවට ඇවිත් තමන්ගේ කලිසම් සාක්කුවේ තිබුනු පොඩි චිට් එකක් යුගාන්ගේ ශර්ට් එකේ උඩ සාක්කුවෙන් දැම්මා . යුගාන් ඒක අතට අරන් දිගෑරලා බලන්න හදද්දි තීනු යුගාන්ව නතර කලා .

" ඔහොම ඉන්නවා මම ගේ ඇතුලට ගියාට පස්සේ ඕක කියවලා බලනවා "

එහෙම කියලා තීනු ගේට් එක වත් වහන්න ඉන්නේ නැතුව ගේ ඇතුලට දුවද්දි යුගාන් බයික් එක ගේට්ටුව ගාවින් එලියට දාලා පාරේ තියාම චිට් එක දිගෑරලා බැලුවා .

තීනු චිට් එකේ ලියලා තියෙන එක දකිද්දි යුගාන්ට දැනුනේ තමන් රත් වෙනවා වගේ හැගීමක් . චිට් එක කෑලි කෑලි වලට ඉරලා දාපු යුගාන් ඒ කෑලි ටික අරන් තමන්ගේ කටේ ඔබා ගන්න ගමන් මහ පාරෙ ඉදන්ම කෑ ගහන්න ගත්තේ තරහින් .

" ආර්ර්ර්හ්හ් තීනූනූනූනූනූනූනූනූනූ !!! "



To be continue

_________________________________________

ඔන්න අද ටිකක් දිග චැප්ටර් එකක් ගෙනාවා

ඔයාලා ඉන්නවද

කට්ටිය නැහැ වගේ

ඊලග චැප්ටර් එකෙන් යුගාන්ගේ පස්ස පැත්ත සුදුද කියලා තීනු දැන ගනියි

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

14.6K 1K 21
The young dragon; Lan Zhan finds love, but just when he decides he can confess his feelings to Wei Ying, the phoenix and his family suddenly disappea...
19.3K 800 8
FF based on IPKKND. Same characters, different settings. Khushi is falling for a Raizada, but are her feelings reciprocated? Will the family approve...
1.8K 294 3
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කා...
88.7K 2.7K 27
༶•┈┈୨♡୧┈┈•༶ M/n is a regular adult who works as a cashier at a convenient store, people say that M/n had got the most beautiful face, body and skin m...