👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

Autorstwa ChenQing4

42.6K 6.1K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... Więcej

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 28 🌺👑

669 102 57
Autorstwa ChenQing4

අන්තිමේ ඒ දවස ඇවිත්...මගේ කියන හැමෝගෙන්ම මාස ගාණකට හරි ඈත් වෙන දවස ඇවිත් තියෙද්දි අපි අද උදේම කොළඹ ආවා..පහුගිය ටිකේ ගමනෙ වැඩ වලට එහෙ මෙහෙ යන්න උණ නිසා  දවස් වේගෙන් ගෙවෙද්දී යන එක ගැන දුක් වෙන්න වෙලාවක් නැති උණත් අන්තිම දවස් දෙක තුන ගෙවාගන්න එක ගොඩක් අමාරු උණා.අනික් අයගෙ හිත් රිද්දන්න බැරි කමට හොදින් කියලා පෙන්නන් ඉන්න උත්සාහ කරත් මන් කොහොමත් උන්නේ හොදින් නෙමෙ...
අනික් හැමෝමත් හොදින් බව පෙන්නන්න උත්සාහ කරත් පුංචි කාලෙකට උණත් සිද්ධවෙන්න යන වෙන්වීම දරාගන්න බැරිව මං වගේම අනික් අයත් හිත අස්සෙන් හඬා වැටුණ බව මං දැනගෙන හිටියා..

අක්කයි බාප්පයි විශේස ප්‍රතිචාරයක් නොදැක්කුවත් කොයිතරම් හිත හයියට අල්ලන් හිටියත් අවුරුදු 20ක ජීවිත කාලෙ පුරා එක රැයක් ගෙදරින් පිට ඉඳලා නැති මං මුල් වතාවට ඒ ගෙදරින් එළි බැහැලා එද්දී අම්මාගේ වගේම මගේත් ඉවසීමේ සීමාව පැනලා ගියා..අක්ක ලාංකාවෙන් ගිය දවසේවත් නැති තරම් අම්මා අඩා වැලපෙද්දී,
අඬලා වැලපිලා තවත් කඳුලු නැති වෙලා හූල්ලා වැටෙනකංම, සර් අම්මාවත් මාවත් දෙන්නම වාරු කරගද්දී එයාගෙන් ශක්තිය ලැබුණා වගේ අම්මාත් මාත් දෙන්නම හිත හයිය කරගන්න උත්සාහ කරත් පුංචි එකි නොතේරුම් කමට මට යන්න දෙන්න බෑ කිය කිය මග දිගට අඬා වැටුණ හැටි දරාගන්න එක ගොඩක් අමාරු උණා..

හෙට හවස 7යි ගානකට ප්ලයිට් එක තිබුණා වෙද්දි ඒජන්සියෙ පොඩි වැඩ වගයක් තිබුණ නිසා අපි අද පාන්දර කොළඹ එන්න ආවා..සර් වගේම පැතුම් අයියයි සුමංග අයියයි ගමනට එකතු උණා වෙද්දි උදේ ඒජන්සියෙ වැඩ ඉවරවෙලා හවස් වරුවම බීච් එකට වෙලා හිටපු අපි කලුවර වැටෙන්නත් ඇරලා බීච් එකෙන් එන්න ආවා...කලින් එයාපෝට් එක ළඟ හොටෙල් එකක රූම් 3ක් බුක් කරලා ආවත්,  මුහුද පේන හරියකම රැයක් නවතින්න තිබුණානම් කියලා මං කටට ආවට කියපු මෝඩ කතාවට පිංසිද්ද වෙන්න,රූම් හොය හොය සෑහෙන වෙලාවක් රස්තියාදු ගහපු අපි තුන්වෙනි පාරටත් මුහුද පේන මානේ තිබුණ කොළඹ තරු හෝටලෙක reception එකේ වාඩි වෙලා හිටියා...

"සර් මෙහෙ රූම් නම් තියෙනවා..ඒත් පොඩි අවුලක්.."

"මොකෝ.."

"රූම් 4 යි තියෙන්නේ..තුනක් නෝමල්.
බීච් සයිඩ් නම් special එකක් විතරයි  තියෙන්නේ..මල්ලිට මුහුද ළඟ රූම් එකකුත් ඕනලුනෙ. ඒත් නෝමල් ඒවා සර්ට සෙට් වෙන එකක් නෑ.මොකෝ කරන්නේ වෙන තැනක් බලමුද.."

සුමංග අයියා වාහනේ පාක් කරන්න ගිහිං තාම ආවෙ නැති වෙද්දි,අපි වාඩි වෙලා ඉද්දී රූම් බුක් කරන්න ගිය පැතුම් අයියා ආපහු ඇවිත් කියද්දි ,කලින්ම බුක් කරපු හොටෙල් එකට නොයා ඔහේ කටට ආපු දේ කියවන මගෙ කට ගැන මටම දැනුණේ තරහක්...

"දැන් රෑ වෙලා පැතුම්.. අපි දෙන්නා තෙමිලත් ඉන්නෙ..අනික්වගේ එකක්වත්  තිබුණෙ නෑනෙ..මෙහෙ තියෙන එකක් බලලා බුක් කරන්න.."

සර් මුහුදු වැලි ඇලුණ කකුල් දෙකත් පෙන්නලා කියද්දි පැතුම් අයියා සර්ට ඇගිලි දෙකකුත් පෙන්නලා ඔලුව හොලවලා හාද අහද්දී සරුත් හා කියන්න ඔලුව හෙල්ලුවත් තාමත් බීච් එකේ හිත තියලා ආපු මට ඒ කියපු දේ ගැන ගාණක් තිබුණෙ නෑ..

"ආදරෙයි කියන්න.."

"ආහ්..!"

"ආදරෙයි කියන්න මට.."

......

"ඒක නිකංම වචනයක් නේ සර්..ඒ නිසා කිව්වා කියලා වෙන්න දෙයක් නෑනෙ..නිකමට කියන්න.."

......

තමන් එක හිතින් ආදරේ කරපු කෙනාට..අපි ආදරේ කිව්වාමත් ආපහු,අපිට ආදරේ කියලා නොකිව්වම...සතුටු වෙන කෙනෙක්ව දැකැලා තියෙනවාද..කොහොම උණත්..මං අතරමන් වෙලා උන්නේ ඒ වගේ හැඟීමක...මේ මොහොතේ සිහියෙන් ඉන්න හැදුවත් සතුට , බලාපොරොත්තු ඇති විම , බලාපොරොත්තු නැති වෙන දුක ඔක්කොම එකපාර කවලම් උණ සංකීර්ණ හැඟීමක ගිලිලා මං උන්නේ තාමත් බීච් එකේ එයා එක්ක ගෙවුණ පැය කීපයේ හිරවෙලා වෙද්දි මට මෙතන වෙන දේවල් ගැන හිතන්න සිහියක් තිබුණෙ නෑ..

"මොකෝ.."

"මං නිසා කරදරේ නේද"

"මොකක්ද දැන් කරදරේ ම්ම්..."

"කටුනායක ගියා නම් ඉවරනේ..වදයක් නෑ මෙහෙ.."

"ඇති."

.........

"ඔයාව සතුටු කරන්න දෙයක් කරද්දි..ඔහොම තියෙන හිනාවත් නැති කරගන්නෙ ඇයි බබා..එතකොට කොහොමද මං සතුටු වෙන්නේ.."

"ස්..සොරි සර් මං.."

"දන්නවාද...ඔයා කිව්ව එක වචනෙට..ඔයාව බීච් එකක් ළඟ හොටෙල් එකක නයිට් එකකට අදම එක්ක යන්න ඕනා උණේ ඇයි කියලා.."

.......

"මොකද මන් මට ඕනා ඕන දේ දුන්නා ඇරෙන්න මේ තමා...ඔයා ඔයා කැමැති දෙයක්..මගෙන් ඉල්ලපු මුල්ම වතාව..."

"ස්..සර්.."

"සතුටින් ඉන්න..මට ඕනා එච්චරයි.."

පැතුම් අයියා ආයි යන්න යද්දි ඔක්කොම කල්පනා අස්සෙ ඉන්න තැනක් තියෙද්දීත් මේ වගේ රස්තියාදු වෙන්න උණ එක ගැන මන් අවුලෙන් ඉද්දී එයා මට කියපු දේවල් නිසා පපුවට දැනුණ මහ බර හැඟීම එක්ක මන් එයාගෙ අත මගෙ අතක පටලා ගත්තා...

"සර්..නෝමල් එකේ අපි ඉන්නම්.. beach side එක උඩ 3rd floor එකේ.."

"හරි එහෙනම්..උදේට කතා කරන්නම්.."

"හරි සර්..එහෙනම් අපි කැපුණා.."

"ඒ..ඔය කොහෙද යන්නේ...!!"

පැතුම් අයියා ඇවිත් සර්ට කී කාඩ් එකක් දෙද්දී ඒ එක්කම සර්ගේ උදව්වට ආපු ස්ටාෆ් එකේ කෙනෙක්ගෙන් සර් මොන මොනාදෝ අහන්න ගද්දී මන් මගේ බෑග් එකත් අරන් පැතුම් අයියාගේ පස්සෙ යන්න හැදුවත් පිටිපස්සෙන් ඇහුණ සර්ගේ කටහඬට මං නතරවෙලා සර් දිහා බැලුවා..

"රූම් එකට.."

"හනේ..උබ මොකෙක්ද බං..උඹට පිස්සුද යකෝ මං පස්සෙ එන්නෙ...අරහේ හොටෙල් එකක් බුක් කරලත් තියෙද්දි දැන් පැයකට කිට්ටුව රස්තියාදු උණේ ඇයි කියපන්...අපෙ රූම් එකට බීච් පේන්නෙ නෑ..සර්ගේ එකට පලයං...දැන් බීච් එක බල බල නිදියන්න ඕනා උණේ සර්ට නෙමෙනේ.. උඹට නේද ආහ්.."

"ඒ උ.නාට.."

"ඒ උනාට කියන්නේ...යකෝ උඹ කියන්නේ උඹට specil රූම් එක දීලා සර්ට නෝමල් එකක බුදියන්නද..!! බීච් බලන්න ඕනා උණා නම් ඒකට පලයං..සර් පෙන්නයි උඹට.."

සර්ගේ කටහඬට මගෙ ඉස්සරහින් ගිය පැතුම් අයියත් හැරිලා බැලුවා වෙද්දි මං රූම් එකට යනවා කියද්දි පැතුම් අයියා මගෙ ඔළුවටත් එකක් ඇනලා මට බනින්න ගද්දී මං මොකාදෝ වගේ ඔහේ බලන් හිටියා...ඇයි ඉතිං අප්පා ආසාවක් තිබුණත් යන්න කලින් එයා එක්ක රැයක් එකට ගත කරන්න , කටුනායක හොටෙල් එකේ රූම් බුක් කරද්දි සර්මයි කිව්වේ මට එකයි සර්ට එකයි අර දෙන්නට එකයි බුක් කරන්න..ඒ ඉතිං කොච්චර ළඟින් උන්නත් සර්ට මන් එක්ක රැයක් ගත කරන්න ඕනා නැති නිසානේ...අකමැති නිසානෙ...දැන් ඉතිං මොකක්ද... මුහුද බලන්න ඕනාවට සර්ට මටයි එක රූම් එකේ ඉන්න වෙනවාද  කියන්නේ...හඳ බලන්න  තරු බලන්න...ඕවාට නම් එක එක තේරුම් තියේ නේද...ඒ උනාට බීච් බලන්න..මුහුද බලන්න කිව්වම....වෙන තේරුම් නැතිව ඇති නේහ්...නෑනෙ..නැතුව ඇති...ඒත්..මොකෝ මූ කුපාඩි කමට හිනා වෙවී සර් පෙන්නයි කියන්නේ...මොකො ගිහිං ජනෙලෙ ළඟ හිටගත්තාම පේන්නෙ නැතිවද...මොකක් හරි...අනේ..හ් මට බෑ අයියෝ..හ්.....

"කිරුළු..!!"

"සර් මං."

"මොකෝ මං එක්ක ඉන්න බැරිද..හරි එහෙනම් පැතුම් යන්..වෙන තැනක් බලමු.."

"ආහ්..එපා..මං එන්නම්.."

"අද අන්තිම දවසේ උපරිම ප්‍රයෝජන අරන් ලැබෙන ප්‍රතිඵලයක් හවුලේ බෙදා ගණින්..සුබ පැතුම් කොල්ලො එහෙනම්.."

මන් තාමත් ඔහේ හිටගෙන මොකාදෝ එකා වගේ පැතුම් අයියයි සරුයි දිහා බලද්දී සර් ඇස් දෙකත් පුංචි කරන් අන්තිම නිවේදනේත් දෙද්දී මං පැතුම් අයියාටත් රව රව සර් පස්සෙන් ගියා...

"මොකෝ බයවෙලා ආ..මං එක්ක රූම් එකක තනියම ඉඳලා නැතිව නෙමෙ නේ...මාව විස්වාස නැතිද.."

"ඒ..එහෙම දෙයක් නෙමෙ..මට හුරු නෑ..කලින් ඇවිත් නෑනෙ.."

රූම් එකේ ඇරුණ දොරෙන් එපිට තිබුණු ජීවිතේ මුල් වතාවට දැකපු පිස්සු හැදෙන දර්ෂනේ දිහා මං ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දී ,මගෙ කන ළඟ පහත්වෙලා සර් අහපු දේට.. මේ නුපුරුදු හැමදේම මැද්දෙ, හැමදාම මාව පරිස්සම් කරපු... බැරිම තැනදීත් ඉවසපු... නිදහසේ ලෝකෙ දකින්න හුරු උණ හැඟීම් වලට මං වෙනුවෙන් ඉබි යතුරු දාන් උන්න ඔයාව නෙමෙ...ඔයා ටිකෙන් ටික මවපු ලස්සන ලෝකේ ඔයා මත්තේම නැහෙන්න..ඔයා වෙනුවෙන්ම කැපවෙන්න... හදවතට දිවුරුම් දීපු...ආදරෙන් පිස්සු වැටිලා ඉන්න මාවම මට ශුවර් නෑ කියන්න ඕන උණත් මං ඇත්තත් නොවෙන බොරුත් නොවෙන උත්තරයක් දුන්නා...


සර් මාවත් අතින් අල්ලන් රූම් බෝයි පිටිපස්සේ ඇතුලට ගියා..මොකක්දෝ හේතුවක් නිසා වැඩි පුර සුදු එක්ක රතු මිශ්‍ර වෙන්න සරසලා තිබුණ රූම් එක දකිද්දීම හැමදේකම නුහුරු බවටත් වඩා ඒ පාට ඉස්සරහා පපුවට දැනුණේ නොතේරෙන හැඟීමක්, ලැජ්ජාවක් එක්ක,අවිනිශ්චිත බවක් වෙද්දි , රැයක් නිදියන්න මේ තරම් කැටයම් මොකද හිතුණත්, ලොකු මිනිස්සු යන ඕනම හොටෙල් රූම් එකක පෙනුම විදිහ මෙහෙම වෙන්න ඇති කියලා හිතන ගමන්,ඒ දේවල් ගැන තව හිතලා වද නොවී ලැබුණ අවස්ථාවෙ ප්‍රතිපල කොහොම එකක් උණත්, සතුටින් බාර ගන්න මටම පොරොන්දු උණ මං ඒ ලෝබ හිතෙන දර්ශනේ පුරා ආසාවෙන් ඇස් යැව්වා...ජීවිතේ මුල් වතාවට විඳින මේ හැමදෙයක්ම මතකයක් විදිහට හිතේ ඇඳ ගන්න හිත බල කරද්දි ඇස් දෙකෙන් දකින පොඩි දෙයක් පවා මතක මංජුසාවක පුරවලා මං හිත අස්සෙ පරිස්සම්ම තැනකට තල්ලු කරා..

සර් රූම් බෝයි එක්ක ආපහු දොර ළඟට ගිහිං මගෙ ළඟ ඇස් තියන්ම මොන මොනාදෝ කියන්න ගද්දී අනික් ඔක්කොම තියෙද්දි බැල්කණියෙන් ඇවිත් නතර උණ මං අඩ අඳුරේ පේන මුහුද දිහා වශි වෙලා බලන් උන්නා...දැනටමත් මුහුදු වතුරට තෙමිලා උන්න නිසා ලුණු මිශ්‍ර මුහුදු හුළං ඇඟට ගෙනාවේ අපහසුවක් උණත් , එයා මම මෙහෙම එකට ඉන්නවා කියලා හිතද්දී, කොච්චර එකට තනි වෙලා තිබුණත් , මුළු රැයක් අපි දෙන්නා විතරක්ම මේ වගේ එකට තනිවෙන්න යනවා කියලා හිතද්දී ,මට දැනුණේ නුහුරු නුපුරුදු කෝල බවක් එක්ක ලැජ්ජාවක්...

තාමත් යන්තම් අඳුර වැටෙන පරිසරේ වියලි මුහුදු හුළං එක්ක දැනෙන සීතලක් නැති උණත් මං දැනුණ අමුතු හැඟීමටම පපුව වටේ කතිර හැඩේට බැඳ ගත්ත අත් වලින් උරහිස් මිරිකන් ඔළුවත් දෙපැත්තට වෙව්ලවලා , ඇස් දෙකත් තද කරලා පියන් හොඳ හුස්මක් ගත්තෙ දැනෙන නොසංසුන්කම නැති කරගන්න හිතන් උණත් ඒ එක්කම පිටිපස්සෙන් ආපු, කාලෙත් එක්ක ස්පර්ශෙකින් පවා අඳුනන්න පුළුවන් උණ ඒ අත්, දැනුණ නොසන්සුන් හැඟීම දෙගුණ කරන්, අයාලේ යන්න නොදී එක්තැන් කරගන්න උත්සාහ කරපු හැඟීම් නිදහසේ විසුරුවලා හරින ගමන්, එක ස්පර්ශෙන්ම මාව හිරි වට්ටන් මන් බැඳගෙන උන්න අත් උඩින්ම මාව තදට තුරුලු කර ගත්තා..

"...ම්ම්..හ්..ඇ.. යි..මේ රතු..වෙලා දඟ..ලන්නේ."

..........

"මා.ව..අවුස්සා..ගන්න..ද..ම්ම්.."

"ම්ම්...හ්..හිත..ලා රතු උණේ..නෑ.. නෙහ්.."

"හැමදේම ලස්සනයි නේද..හිත..අයාලේ යන්න තරම්...ඒත්..මං පරි..ස්සම් කරානේ ගොඩ..ක්..ඔයා වෙනුවෙන්ම...ඔයාව...ඉතිං..අදත් ඒ වගේ.ඉමු...සම..හරවිට...අනාගතේ දවස..ක...අපිට අපි වෙනුවෙන්... ලස්සන..දවසක් තියේ..වි..."

මගෙ වටේ අත් ඔතන් උන්න එයා මගෙ උරහිස ළඟට පහත් උණා වෙද්දි එයා ගෑවි නොගෑවී මගෙ බෙල්ල දිගට තොල් අරන් යද්දි මටත් නොදැනිම මගෙ කටින් කෙදිරියක් පිටවෙද්දී..එයා ඉක්මනින් මාව අත ඇරලා පැත්තකට උණා.. මුල් දවසෙ කිව්වත් වගේ හිතෙන හිතෙන වෙලාවට කිස් කරන්න පුරුදු වෙලා උන්න එයා කිස් කරන්න කොච්චර ආසද ,දක්ෂද කියලා දන්න නිසාම අද අන්තිම දවසෙ කෙදිරියකට බයවෙලා මගෙන් ඒ වගේ ඈත් වෙද්දි, මං ඔලුව හරවලා පිටිපස්සේ උන්න එයා දිහා බැලුවේ පුදුමෙන් වගේම හිත රිද්දන් උණත් මගෙ මූණ වෙනස් උණ බව දැකපු නිසාදෝ මාව ආපහු ළඟට ඇදලා තුරුළු කර ගත්ත එයා මගෙ ඔලුව අත ගගා දුන්න උත්තරෙන් මට ඕනා උත්තරේ ලැබුනා..පටන් ගන්නත් කලින්ම එයා මේ ලස්සන හැමදේම මැද්දෙත් පුරුදු විදිහට සීමාව ලකුණු කරා..

කියන්න ඕනා වල්පල් ඔක්කොම සිංහලෙන් කිව්වත් හොඳ හැටියේ රොමැන්ටික් වෙන්න ගියාම හෝ හොඳින්ම දෙයක් තේරුම් කරන්න ඕනා වෙලාවට ඒ වචන එළියට ආවෙ, මට ආයි ආයි දෙපාරක් විතර හිතලා තේරුම් ගන්න වෙන නිසාම, පුරුදු සිංහලෙන් ඇහුවාටත් වඩා බොක්කටම වැදෙන එයාගෙ භාෂාවෙන් වෙද්දි,ජර්මන් වලින් දීපු උත්තරේ ඇතුලේ ගොඩක් දේවල් කියවුණත්,අනික් ඔක්කොටම වඩා වෙනත් බාශාවකින් උණත් 'සමහරවිට' කියලා එයා බර කරලා කියපු වචනෙ විතරක් ඔළුවට යද්දි මගෙ පපුව වේදනා දුන්නා..

"සම..හර..විට කියලද..කිය..න්නේ..."

"හ්ම්ම්ම්."

"ඒ..කියන්නේ...කවදා..වත්...එහෙම දවසක්..එන්නෙ නැති..වෙන්නත් පුලු..වන්ද..සර්.."

".....ස..මහරවිට.."

"මං ඒ වචනෙට...කැමැති නෑ...!! පොඩ්ඩක්වත්.."

අකමැත්තක්..දුකක්...වේදනාවක්..දෙගිඩියාවක් ඔක්කොම කවලම් උණ හඬකින් උණත් එයා ආයි ඒ උත්තරේම දෙද්දී එයාගෙ අත් අස්සෙන් බලෙන්ම මිදුණ මං කෑ ගැහුවේ ටිකක් සැරෙන් වෙද්දි එයා ඇස් දෙකත් ලොකු කරන් බලන් උන්නා...ඒ සමහරවිට එක කවදාවත් නෑ කියන එකට ගොඩක් ළඟ බව දන්න නිසා වගේම...මට හිමි නැති ඒ දවස ලියා මිස්ගෙ වෙන එක අනිවාර්යෙන් සිද්ධවෙයි කියලා හිතෙද්දි,ඒ අස්සෙ අර හොටෙල් එකේ සර් එක්ක උන්න කෙල්ලවත් කොහෙන්දෝ හිතට එද්දී, මට නැති අයිතියක් ඒ හැමෝටම තියෙනවා කියලා හිතෙද්දි මගෙ පපුව ඕනවාටත් වඩා වේදනා දුන්නා...

".....මොකද මේ බෝම්බයක් වගේ ආහ්...දැන් යන්න..වොෂ් දාන් එන්න...කෑම අරන් එයි.. කාලා කලින් නිදියමු...ඉර පායන් එද්දී ගෝල් ෆේස් ලස්සනයිලු..බලන්න යන්න පුළුවන්.."

මුලින් පුදුමෙන් ලොකු උණ ඒ ඇස්.. දුකකින්..වේදනාවකින්..අසරණකමකින්..ආයි ආයි වෙනස් වෙද්දි ලොකු සුසුමක් හෙළන ගමන් තවත් හැඟීම් ගොන්නකින් වෙනස් වේගෙන ගිය ඒ ඇස් මගෙන් හංගපු එයා මාව පිටිපස්සෙන් තල්ලු කරගෙන ගිහිං බාතෘම් එකට දාලා දොර වැහුවා...

වැහුවේ බාතෘම් එකේ දොර උණත්, එයාට හැම අතින්ම ලං වෙන්න තිබූන අවස්ථාව සදහටම වහලා දැම්මා වගේ,පල නොකියා පලා බෙදනවා වගේ හැඟීමක් දැනෙද්දී වැහුන දොර දිහා ඔහේ බලන් උන්න මං , එකින් එක තේරුම් බේරුම් කරන්න බැරි හැඟීම් ගොඩක් වෙනුවෙන් ඇස් අස්සෙ පෝලිම් ගහන් උන්න කඳුලු වලට වතුර එක්කම දියවෙලා යන්න දෙන ගමන් ෂවර් එක යටින් හිට ගත්තා..

ගණන් අඩු සබන් කෑල්ලක් ගාලා වෙනදට නාන, ඒකත් නැත්තන් සන්ලයිට් ටිකක්ම ඇඟේ ගාන , එයා ආව මුල්ම දවස්වල ,ඇලේ ගිය සබන් කැටේ ණය පියවන්න එයා ගෙනත් දීපු කළු පාට අඟුරු සබන් කැටේ බාල එකක් කිය කිය එයාට බැන බැන ඇඟේ ගාපු...සුවදට ලෝබ කමේ හංගා ගත්ත පුංචි කෑල්ල ඇරුණම අනිත් තරම ගාලත් ඉවරවෙලා පස්සෙ කාලෙක ෆෝන් එකේ currency app එකේ පිහිටෙන් සබන් කැටේ ගාණ රුපියල් වලින් හොයන්..රුපියල් 3000කටත් වඩා වැඩි සබන් කැටයක් පෙණ කරලා විනාස කරාට හිත යටින් හූල්ලපු මං ,අද හිතේ අවුලටත් එක්ක තරු හෝටලේ බතෘම් එකේ, තිබ්බ තරමක් ජාති ඔක්කොම පෙණ හද හද ඇඟේ උලාගෙන කඳුලු එක්ක හවුලේම නාලා , ඇතුලේ තිබුණ බාත් රොබ් එකකුත් එහෙන් මෙහෙන් පටලන් එළියට ආවා...

"කිරුළු..බබා...ඇඳුම් දාගෙන ඉවරනම් මෙහෙට එන්න.."

නුපුරුදු ඇඳුමක් එක්ක එයා ඉස්සරහට එන්න හිතේ දෙගිඩියාවෙන් එළියට ආවත්, මගෙ වෙලාවට එයා පේන්න නැති වෙද්දි මට සැනසුම් සුසුමක් හෙළුණා...එයාම අරන් දීපු මෙරුම් පාට නයිට් ඩ්‍රස් එකක් එයා මං වෙනුවෙන් එළියෙන් තියලා තිබුනා වෙද්දී..ඔහේ සරම් කෑල්ලක් හරි කලිසම් කෑල්ලක් හරි පටලන් නිදා ගත්ත මට මේ විච්චූර්ණ මොකටද හිතුණත්, ඒ අමුතු ඇඳුම් එක්ක හරි එයාගෙන් තියෙන දුරස් බව යන්තම් නැති වෙන එක ගැන හිතට දැනුණ සැනසීමක් එක්ක ඒකත් ඇඳගෙන කණ්ණාඩියෙන් පේන ,මටම ලස්සනට පේන මං දිහා බලන් තවත් අඬන්න බැරි කමට වේදනාවෙන් හිනා උණ මං , එයා දීපු පින්න මල් වලින් හදපු සෙන්ට් එකත් හොයන් ටිකක් ගහගෙන එයා ගැන විපරම් කරන්න හදද්දී රූම් එකෙන් ඇහුණ මගෙ සද්ද බද්ද නිසාමදෝ එයා කතා කරන සද්දේ බැල්කනියෙන් ඇහෙද්දී මං එයාව හොයන් බැල්කනියට ගියා...කලුවරෙ ගිලිලා තිබුණ බැල්කනියේ එයා තියා කිසි දෙයක් පේන්න නැති පාර මං වටපිට බැලුවේ බයවෙලා...

" සප්‍රයි...ස්.....!!"

"අහ්..අ..නේ සර්.."

කලුවර මැද්දෙන් එකපාරම මතු උණ පුංචි ගිනි දැල්ලක් එක්ක එයාගෙ කට හඬ ඇහෙද්දී...ඒ එක්කම ඒ පුංචි එළියෙන් අතේ තිබුණ රතුපාට ඉටිපන්දම පත්තු කරපු එයා,ඒ පුංචි එළියෙන්, නයිට් ඩ්‍රස් එකකින් මුල් වතාට දකින් මගෙ උඩ ඉඳන් පහලට නිල් ඇස් දුවවන ගමන්, හිනාවේගෙනම අඩියෙන් අඩිය ළඟට ආවා...

ඒ පුංචි එළියෙන් එතන තිබුණ සැබෑම පුදුම කිරීම තාම නොදැක්කා උණත්, නොදන්න අනාගතේක...දරන්න අමාරු වර්තමානෙක... අතරමං වෙලා උන්න මාව හොයන් හිටි හැටියේ මගෙ ජීවිතේට ආපු එයා වගේම...පුංචි ඉටිපන්දම් එළියෙන්,කළුවර මැද්දෙන් මං ළඟට ආපු එයාම සප්‍රයිස් එකක් වෙද්දි මං හීනෙක ගිලුණා වගේ හැඟීමකින් එයා දිහා බලන් හිටියා...

ඉටි පන්දම මගේ අතට දීපු එයා මගෙ පිටිපස්සෙන් මගෙ ඉණ වටේ අතක් යවන්, අනික් අතින් ඉටුපන්දම අල්ලන් උන්න මගෙ අතින් අල්ලන්ම , බැල්කනිය පුරා තැනින් තැන වටේට ගහලා තිබුණ රතු පාට ඉටි පන්දම් ඔක්කොම එකින් එක මාත් එක්කම පත්තු කරා..එළිය වැටෙන එකින් එක ඉටිපන්දම් එක්ක එයාව මුණ ගැහුණ මුල්ම මොහොතේ ඉඳන් මගෙ ජීවිතේ දවසින් දවස එළිය උණ හැටි මට මැවිලා පෙනුනා..

පැය කීපෙකට කලින් බීච් එකේදි ආදරේ ගැන කෝටියක් ප්‍රස්න අහලා උත්තරත් හොයාගෙන, ඒත් වචන කරන එක ප්‍රතික්ෂේප කරපු ඒ ආදරේ...මට ඕනවාටත් වඩා පපුවට දැනෙද්දී,ඒ ආදරේ සදහටම මගේම කරගන්න බැරි වේදනාවෙන් හදවතේ උපන් කඳුළු බෝල , මටත් අවනත නැතිව ඇස් අස්සට ආවත්,එයා මං වෙනුවෙන් ගොඩ නඟන්න යන ලස්සන ලෝකේ ,කඳුලු ඉස්සර කරන් විනාස කරන්න බැරිව ඇස් අස්සෙම හිරවෙද්දී....මං හැමදේ ගැනම ඕනවාටත් වඩා සතුටින් බවට එයාව රවටන ගමන්,අපෙ අත් වලින් දැල්වෙන ඒ පුංචි එළි මගෙ ඇස් අස්සෙ කඳුළු එක්ක මුහු වෙලා...මගෙ ඇස් ඕනවාටත් වඩා දිස්න දුන්නා...

"මුහුද දිහා බලන්...Candle එක්ක....පුංචි පහේ romantic dinner එකක්...kirulu's only...මගෙ crown's baby ට විතරමයි...."

එහෙම්ම අතේ තිබුණ ඉටි පන්දමත්,දැනටමත් කෑම බිම එක්ක සරසලා තිබුණ පුංචි මේසෙ මැද්දෙ ගහලා එයාම පුටුවක් ඇදලා මාව පුටුවකින් වාඩි කරන ගමන් කන් වලට වගේම හදවතට බරක් ගෙනාපු කටහඬකින් මගෙ කන් පෙත්තක තොල් ගාව ගාව මේ හැම දෙයක්ම මං වෙනුවෙන්ම විතරක් කියලා මුමුනද්දී...මං තාමත් හිටියෙ මේ දේවල් අදහා ගන්න බැරිව වගේම හැමදේම දරා ගන්න බැරිව...

"මොකෝ ම්ම්.."

"මට..මට හිතා ගන්න බෑ මේ මොකුත්.."

මාව පුටුවෙන් වාඩි කරපු එයා පහත් වෙලා මගෙ නලල අයිනකින් පුංචි සිපුමකුත් තියලා වාඩිවෙන්න යන්න හැදුවත් මං අත් දෙකෙන්ම ඒ අතක එල්ලුනා...

"දන්නවාද...හෙට valentine ලූ..මට මතක තිබුණෙත් නෑ...රූම් බෝයි කියද්දි දන්නේ...මේ ඔක්කොම valentines special..."

"ඒත්..අපි.."

"හැමදේටම හේතු හොයන්න ගිහිං හිත රිද්ද ගන්න එපා බබා..මේ හැමදේම එයාලා කලින් ලෑස්ති කරලා තිබුණ valentine's day වෙනුවෙන් එයාලා දෙන special පැකේජ් එකේ දේවල්...beach side රූම් වෙන නැති නිසා මේක ගත්තෙ..මේවා අයින් කරන්නද ඇහුවත් මන් එපා කිව්වා...ඔයා යන්න කලින් විශේසයක් කරන්න ලොකු උවමනාවක් තිබුණා...හෙට ඒ වෙනුවෙන් දෙයක් ලෑස්ති කරලා තිබුණත්...අහම්බෙන් ලැබුණ මේ දේවල්...ඒ විශේශෙ වෙනුවෙන්...හොඳම දේ කියලා මට හිතෙනවා.."

"ස්..සො."

"මෙහෙ එනවා...පිස්සු කොල්ලා මගෙ.."

මගෙ නැවතීමත් එක්ක ආපහු පහත් වෙලා මගෙ බෙල්ල වටේ අත් යවපු එයා, මේ අමුතු හැමදේකම විශේසත්වේ පැහැදිලි කරද්දි ,එකපාර පුංචි බලාපොරොත්තුවක් ඇවිත් එයාගෙන් වචනයක් ගන්න හිතන් මගෙ වචන ඉස්සර උණත්,එයාගෙ පැහැදිලි කිරිම එක්ක ආයි බලාපොරොත්තු කඩ උණ එක ගැන දුකකටත් වඩා..ආයි ආයි බොළඳ දේවල් බලාපොරොත්තු වෙන මන් ගැනම මට ලැජ්ජාවක් දැනෙද්දී...මං සොරි කියන්න හැදුවත් එයා මාව අතෙන් ඇදලා ගන්න ගමන් අනික් පුටුවේ වාඩි වෙලා මාව ඔඩොක්කුවට ගත්තා වෙද්දි සල්ලි ගෙවලා ගත්ත කෑම ඔහේ මේසෙ උඩ සීතල කකා බලන් ඉද්දී එයා මගෙ තොල් කන්න ගත්තා..

ටිකකට කලින් බාතෘම් එකට එළවන්න කලින් සීමාව ලකුණු කරපු විදිහට මං හිතන් හිටියෙ අද මට එයාගෙ හුළඟක්වත් වදින්නෙ නැති වෙන්න මිටරේ දුරින් ඉඳි කියලා උණත් කවදාටත් වඩා හැඟීම් ගොඩක් අස්සෙ එහෙටත් මෙහෙටත් දෝලනය වෙන හිත එක් තැන් කරගන්න හදපු මං, නොහිතපු වෙලාවක ලැබුණ හාදුව හිත පුරා විඳගත්තා උණත්..නයිට් ඩ්‍රස් එකට යටින් පපුව පුරා දුවන, කලවා උඩින් මිරිකි මිරිකී උඩ පහල යන එයාගෙ අත් එක්ක...දිව තොල් ඔක්කොම එකතු කරන් ගැඹුරටම යන හාදුව එක්ක..හැඟීම් පිරිලා ඉතිරිලා ගිහිං මත් උණ බවක් එක්ක හොඳ සිහිය පැනලා යන්න හැදුවා උණත්, මං හැඟීම් පෙන්නුවොත්,ටිකකට කලින් වගේ එයා මගෙන් ඈත් වෙන්න හදයි කියලා බයේ, එයාව හොයන් යන්න දඟලන අත් ගල් කරන් කෙඳිරියක්වත් පිට වෙන්න නොදී ඒ හැඟීම් අස්සෙ ගිලුන බව එයාගෙන් හංගන්න මං අමාරුවෙන් උත්සාහ කරා..

"ඇති වෙන්න මුහුද බැලුවද..ම්ම්.."

"ම්ම්..බැලුවනේ...තව උණත් බලන්න පුළුවන්...වෙලාව තිබුණා නම්.."

"සතුටින්ද බබා ඔයා.."

"හ්ම්ම් ගොඩක් සතුටින්..ඔයා නිසා.."

"එහෙනම් සතුටුයි මටත්..."

"හැම.දේකටම...ස්තුතියි..සර්.."

"ඔයා..ටත්..මගෙ ජීවිතේට ආවට...ගොඩක් ස්තුතියි...මගෙ මල් කුමාරයෝ.."

'මං ආදරෙයි මගෙ සර්....'

කටවල් කාලා බඩ පිරෙන්නෙ නැති නිසා ගෙනත් තිබුණ කෑමත් කාලා සර් මට නොදී දැනෙන නොදැනෙන ගාණට වයින් විදුරුවක් බොද්දී කෙළත් ගිලලා..හැඟීම් වලට විතරක්ම කතා කරන්න දීලා...එකිනෙකාට තුරුළු වෙලා...හඳ එළියේ ඈතින් පේන මුහුද දිහා අපි සෑහෙන වෙලාවක් නිහඬවම බලන්  ඉඳලා අන්තිමේ වචන වලින් කියාගන්න බැරි හැඟීම් දහසක් එකතු කරලා එයාගෙ නලල උඩින් තොල් තද කරපු මං එයාට ස්තුති කරා...කටින් ස්තුතියි කියන වචනෙ පිට උණත්...මං හිත අස්සෙන් ආදරෙයි කියන වචනෙ ආයි ආයි මිමිනුවා..
.

.

.

කාලා ඉවරවෙලා කාපු ඒවා අඩු වෙනකණුත් උන්න අපි රූම් එකට ආවා...මං එහෙම්ම ගිහිං ඇඳේ ලස්සනට තිබුණ හංසයෝ දෙන්නා එහා මෙහා නොවෙන්න පරිස්සමින් අරන් සෝෆා එකෙන් තියලා.. කොණක තිබුණ රෝස මල් පෙති නිකංම නින්දක් වෙනුවෙන් පොඩි කරන්න ලෝබකමේ එකින් එක අහුලන්න ගද්දී මං දිහා බලන් ඉඳලා බර හුස්මක් හෙළපු එයා බාතෘම් එකට යන්න යද්දි...රෝස මල් අයින් කරපු ග්ලාස් වෝල් එකෙන් මුහුද පේන ඇඳ කොණේ, කළුවරේ පේන
මුහුද පැත්ත බලන් පෙරලුණ මං නිදාගන්න ලෑස්ති උණා..

"කිරුළු.."

"ම්ම්.."

"නිදි නැද්ද.."

"නෑනෙ.."

වොෂ් දාන්,සුවඳ විහිදුවන් ලයිට් ඕෆ් කරලා කළුවරේම ආපු එයා ඇදේ අනික් කොනේ හාන්සි වෙනවා දැනුණත්,මං නිදි කියලා හිතලදෝ.. ඊට පස්සෙ කිසි හැලහොල්මනක් නැති වෙද්දි හෙමින් සිරුවේ උඩ අතට හැරුණ මං පපුව උඩින් අත් බැඳ ගද්දි , කටටත් බර වැඩි වගේ දැනුණ වචන වලින් එයා මට කතා කරා...

"ඇයි.."

".......නින්ද යන්නේ නෑනෙ."

"ඇයි."

".......නිකං ඉතිං.."

"නිකං..!!"

එයාට මගෙ උත්තරේ ප්‍රමාණවත් නොවුණ බව තේරෙද්දි...හිත අස්සෙ හැබෑවටම තියෙන හේතුව කියම්දෝ නොකියම්දෝ තෝර ගන්න හිතන් ඔලුව විතරක් හරවලා එයා දිහා බලද්දී ග්ලාස් වෝල් එකෙන් ඇවිත් කාමරේ යන්තම් එළිය කරපු හඳ එළියෙන්, ඇදේ අනික් පැත්තෙ ශෝට් කෑල්ලක් විතරක් ඇඳගෙන, අතක් උඩ ඔලුව තියන් ,කකුලක් පිට කකුලක් දාන් හාන්සිවෙලා, අනික් අතින් පපුව උඩට නොසන්සුන් කමකින් තට්ටු දදා,ඔලුව විතරක් හරවන් මං දිහා බලන් උන්න එයාව පේද්දි ,හිත කෑ ගැහුවෙම ගිහිල්ලා තුරුළු වෙයන් කියලා උණත්,
එයා එද්දීම දාපු සීමාව මතක් කරන් මගේ හිතටම තරවටු කරපු මං ඉක්මනින් අහක බලා ගත්තා..ඒත් කියම්දෝ නොකියම්දෝ කියලා දෙගිඩියාවෙන් උන්න වචන...මං වෙනුවට එයාව හොයන් ගියා...

"නිදියන්න ඕන නෑ...මේ රැය ගෙවෙන්න ඕනා නෑ සර් මට...මේ රැයින් පස්සෙ උදා වෙන ඔයා නැති දවස් ගැන හිතන්නවත් ඕන නෑ...ඒ නිසාම නින්දක් නිදියලා මේ රැය ඉක්මනින් ගෙවලා දාන්න ඕනා නෑ ම..."

"කිරු..ළු...මගෙ වස්..තුව...මට..මටත් ඕනා නෑ....මටත්..ඕනා නෑ...දන්නවාද...උඹට තරම් වත්...මට බෑ.. මට බෑ..ඔය මූණ නොදැක ඉන්න..මට..මට බෑ මගෙ කොල්ලා නැතිව ඉන්න...මට ඕනා බන්..ඔයා හිතනවාටත් වඩා...මට උඹව ඕනා...ළඟ..ළඟම තියාගන්න ඔන..හැමදාටම..ළඟින් ඉන්න ඕනා..."

.........

මට ගිහිං තුරුළු වෙන්න බැරි කමට එයාව හොයන් ගිය වචන සම්පූර්ණ කරන්නත් කලින් මං බලාපොරොත්තු නොවුණ විදිහට එයා එක තප්පරෙන් මං ළඟට ආවා....ඇඟට බර නොදුන්නත් මගෙ ඇග දෙපැත්තෙන් කකුල් දාලා සම්පූර්ණයෙන්ම මාව වහගෙන උන්න එයාගෙ තාමත් තෙත බේරෙන ඔලුව මගෙ බෙල්ල පාමුල තද වෙද්දී එයා කටහඬ වෙව්ලා වෙව්ලා උගුර යටින් මුමුණපු වචන,මගෙ හැඟිමුත් අවුස්ස අවුස්සා... මගෙ හිත පතුළේ ගිලීගෙන ගිලිගෙන යද්දි...එයා දාපු සීමාව එයාම බිදී කියන බලාපොරොත්තුවෙන් දෙපාරක් නොහිතා මං මගෙ අත් එයා වටේ ඔතා ගත්තා....

මතුසම්බන්ධයි...
👩‍💻 dil

2024/02/14

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

Happy valentine's day මගෙ කඳුලු සුරදූතයිනේ....💖💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

එයාලටත් valentine ලූ...🙈🙈

යමක් වෙයිද ඈ..... හ්....ඕනා නෑනෙ නේ....පොඩි එකාව ලොකු නොකරම යවමු නේ..... 😊😊

බීච් එකේ ආදර පාඩමේ කතාව ජර්මනි ගිහිං අහමු හොඳේ... 🤗🤗

AyeshaWijesiri  හැගීම් කවි කරන අක්කි බබා ආවානේ කිරුළටත්....🥺🥺 සංසාරේට වගේම.. කිරුළටත් කිරුලක් වෙයි...එයාගෙ ලස්සන වචන...ගොඩක් ආදරෙයි අක්කියෝ.....🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

මේකත් බලන්නෝ...🤗🤗

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

දම් පාටින් ළා සඳ බැස යනවා අකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි..
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොහොතක් නැගෙයි දෑසට ළංව තවත් මේ මොහොතේ ගොළුවී ඉන්නෙමි මම්.. ගොළුවී ඉන්නෙමි මම්

සෙවණැලි නොමැකේ නම්..
එළිය කළු නොවේ නම්..

සෙවණැලි නොමැකේ නම්..
එළිය කළු නොවේ නම්..
බිත්ති පුරා ඔබෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි..
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා..

දම් පාටින් ළා සඳ බැස යනවා
අකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි..
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොහොතක් නැගෙයි දෑසට ළංව තවත් මේ මොහොතේ ගොළුවී ඉන්නෙමි මම්.. ගොළුවී ඉන්නෙමි මමේ

රෑ කල දිගුවේ නම්.. ළා සඳ නොමැකේ නම්..

රෑ කල දිගුවේ නම්.. ළා සඳ නොමැකේ නම්.. නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ ළමැද තලා යහනේ ඉන්නම් පමාවෙලා හිරු නැගෙන තුරා..

දම් පාටින් ළා සඳ බැස යනවා අකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි.. නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන්වී යන මොහොතක් නැඟෙයි දෑසට ළංව තවත් මේ මොහොතේ ගොළුවී ඉන්නෙමි මම්.. ගොළුවී ඉන්නෙමි මම්...

Czytaj Dalej

To Też Polubisz

39.4K 625 12
y/n goes to a new school ,she lives with her best friend Sabrina. she's not like others girls so she's not really into popular guys ,but once oikawa...
847K 39.4K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
1M 54.3K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
46.7K 1.9K 40
After living a peaceful and somewhat slacker life Cale passed away in old age. Only to wake up as a child in another world. Cale was now Sam Witwicky...