ONCE AGAIN - 2 | SɢJᴍ ♡︎

By clouzki

4.7K 1.1K 994

Don't Copy My Work 🚫 Sinhala Fanfication BL BL - YoonMin Seosen 2 ♡︎ Ranking First #01 #1 SG දුශ්ථ ඕතරී 😈 More

♡︎ Story Intro ♡︎
~♡︎ 01. We Again
~♡︎ 02 ♡︎~
~♡︎ 03 ♡︎~
~♡︎ 04 ♡︎~
~♡︎ 05 ♡︎~
~♡︎ 07 ♡︎~
~♡︎ 08 ♡︎~
~♡︎ 09 ♡︎~
~♡︎ 10 ♡︎~
~♡︎ 11 ♡︎~
~♡︎ 12 ♡︎~
~♡︎ 13 ♡︎~
~♡︎ 14 ♡︎~
~♡︎ 15 ♡︎~
~♡︎ 16 ♡︎~
~♡︎ 17 ♡︎~
~♡︎ 18 ♡︎~
~♡︎ 19 ♡︎~

~♡︎ 06 ♡︎~

243 64 54
By clouzki

( Valentine Special ) 🖤

~♡︎~

+ HOSPITAL +

Private Hospital එකේ VIP Room එකක තියල Doctorsල දෙන්නෙක් ජීමින්ව බලනවා.. ජීමින්ගෙ ඔම්මත් එතන ඉඳං කනගාටුවෙන් බලන් ඉන්නවා. එලියට වෙලා තවත් බලන් ඉන්න බැරි උන යූන්ගි හිමීට දොරත් ඇරගන ඇවිල්ල ඔම්ම ගාවින් හිටගත්තා...
ජීමින්ට සේලයින් එකක් දීල තිබුනෙ...

" ප්‍රශ්නයක් නෑ මිසිස් පාක්.. සේලයින් එක ඉවර උනාම එක්කං යන්න.. "

" මොකද ඩොක්ටර් එකපාරටම ? "

" ටිකක් Tention වෙලා ඒකට පපුව පොඩ්ඩක් හිර කරල.. but he is fine now.. "

" Thankyou doctor "

" ඔම්ම ඔයා යන්න.. ගෙදරත් ඔයාට වැඩනෙ. ජීමින් ඇහැරුනාම මම එක්කගන එන්නම් "

" ඕහ්.. ලොකු දෙයක් පුතේ ඔයා උන්න එක.. අංකල්වත් උන්නෙ නෑනෙ "

යන්න ඕන නොව්නත් මේ වෙලේ එයාට ගෙදර ඉන්න කියල පාක් ගිහින් තිබුනෙ.. යූන්ගි එතන ඉන්න එක හයියක් කරගත්ත මිසිස් පාක් යූන්ගිගෙ මූන අතගාල ජීමින්ව එයාට භාරදීල යන්න යනවත් එක්කම යූන්ගි ජීමින්ගෙ ඇඳ ලඟට ලං උනා...
එතකොටයි කොල්ල දැක්කෙ ජීමින්ගෙ බෙල්ලෙ දම්පාට වෙච්ච ඇඟිලි පාරක් තියනව කියල..
ඉබේම යූන්ගිගෙ දත් මිටි කැවෙද්දි එයා කාමරෙන් එලියට ඇවිල්ල එයාගෙ මිනිස්සු ටික එතනට ගෙන්න ගන්නවා...

" කියන්න බොස් "

" මගෙ කා එකේ Black cam එක අරං බලපං ජීමින්ගෙ ගෙවල් පාරට දාද්දි ගිය වාහනේ කාගෙද කියල... "

" හොයන්නම් බොස් "

" ඒ කරල ඒකෙ ගිය උන්ට ජීමින් එක්ක තියෙන්නෙ මොන වගේ සම්බන්දයක්ද කියල මට හොයල කියපං "

" හරි බොස් "

" බලල ඉක්මනට කියපං.. "

සුගාගෙ සෙට් එක එතනින් යනවත් එක්කම කොල්ල ඉක්මනට ආපහු ජීමින් ගාවට ආවා.. පැයක් විතර කාමරේ එහාට මෙහාට ගිය යූන්ගි දැක්ක ජීමින්ගෙ සේලයින් එක ඉවර වෙලා කියල...










~♡︎~

" චූටි පුතා.. නැගිටල මේ කිරි එක බීල ඉන්න "

ඔම්මගෙ කටහඬ ඇහෙනවත් එක්කම ජීමින් අමාරුවෙන් ඇස් ඇරල ඇහැරල බලද්දි එයා උන්නෙ එයාගෙ කාමරේ..

මම ඊය රෑ දැක්කෙ හීනයක්ද ??
යූන්ගි මගෙ ලඟ උන්න නේද ?? ආහ් මගෙ ඔලුව...

" ම්ම්.. උණ අඩුයි..
හොඳ වෙලාවට යූන්ගි පුතා උන්නෙ. නැත්තම් අප්පත් නැතුව මම මොනා කරන්නද... "

" යූන්ගි ?? "
එහෙනම් ඒක හීනයක් නෙවේ...

" ඔව් ඊයෙ ඒ දරුව ආව නිසා හොඳයි.. කෝ මේක බීල ඉන්න චූටි.. "

ඔම්ම කිරි එක අතට දීල යනවත් එක්කම ජීමින් යටි තොල හපාන බැලුවෙ මොබයිල් එක දිහා.. යූන්ගිව මතක් වෙලා ලස්සන හිනාවක් මූනට එනවත් එක්කම ඉස්සරහ Mirror එකෙන් දම්පාට වෙච්ච බෙල්ල දකිද්දි ජීමින්ගෙ අතින් කිරි වීදුරුව අතෑරිල බිඳිල යනවා...

~
" This is the last time...
දවස් තුනක් ඇතුලත මාව හම්බවෙන්න නාවොත් අප්පව Caze එකකට පටලල Election එකෙන් අයින් කරල දානව..
Don't worry babe... මම ගොඩක් රිද්දන්නෑ... "
~

" චූටි පුතා.. යූන්ගි පුතා ඇවිල්ලා... "

ඊය රෑ වෙච්ච කතාවක් මතක් උනත් හරි ඔම්මගෙ කටහඬ ඇහෙනවත් එක්කම ජීමින් හැදුවෙ ඇඳෙන් බැහැල දුවල යන්න උනත් ඇඳෙන් නැගිටින්න යනකොටම ජීමින්ගෙ බඩ අස්සෙන් අත දාල කව්රුහරි පිටිපස්සෙන් ඇදල ආයම ඇඳට පෙරලගත්තා..

" හ්හාහ්... යූන්ගි ශී... හාහ්.. හ්.. "

යූන්ගි හරියටම උන්නෙ ජීමින්ගෙ ඇඟ උඩින්.. ජීමින්ට ඕන උනේ නෑ යූන්ගිට අහකට යන්න කියන්න.. එයා වශී වෙලා වගේ යූන්ගි දිහා බලන් උන්නා... යූන්ගිගෙ messy heir එක ජීමින්ගෙ මූනට වදින්නම වැටිල යූන්ගිගෙ පොඩි ඇස් දෙක ලස්සනට දිලිසිලා ජීමින්ට පේනවා..

" glass එකත් අතෑරල මෝඩය වගේ ඒ පැත්තෙන්ම බහින්න ගියේ මොන සිහියෙන්ද "

ජීමින් මොකුත් නොකිය ඒ හෙලවෙන නපුරු තොල් දිහා බලන් උන්නා..

ඔයාට බැරිද යූන්ගි දිගටම මෙහෙම ඉන්න..
කාටවත් බැරිද මේ වෙලාව නතර කරන්න...
මොනවද මම මේ හිතන්නෙ. එයාට ලස්සන Girl කෙනෙක් ඉන්නවා...

" යාහ්.. අහකට යන්න.. "

යූන්ගි ඇඳෙන් බැහැල ජීමින්ව මේ පැත්තෙන් ඇඳෙන් බස්සව ගත්තා.. යූන්ගි හිමීට ජීමින්ගෙ නලලට අතක් තියල බැලුවෙ උණ අඩුද කියල.

" දැන් හොඳයි නේද ??... "

" ම්ම්.. ඔම්ම කිව්ව ඔයා ඊයෙ මං නිසා කරදර උනා කියල.. ඒකට Sorry... "

" Thankyou කියනව.. "

" මට බෑ... "

ජීමින් කොල්ලට ගස්සල ටවල් එක අරගන wash room එකට යන්න යනකොටම යූන්ගි ආයම ජීමින්ගෙ ඇඟේ හිරිගඬු පුප්පෝන ගමන් එයාගෙ බෙල්ල පැත්තකින් අල්ල ගත්තා..

" ඇයි මේ ?? "

" ම්.. ඒක.. ම්.. මේ නිකං.. "

" ඇත්ත කියනවා... "

කරේ තිබ්බ ටවල් එක තරහින් දමල පොලවෙ ගහපු ජීමින් යූන්ගිගෙ අත අහක් වෙන්න එකක් ගැහුවා..

" යූන්ගි ශී... ඔයා ඇයි මං ගැන මෙහෙම Worry වෙන්නෙ ??
ඔයාට Girlfriend කෙනෙක් ඉන්නවනම් එයා ගැන හොයාගන්නකෝ...
ඔයා මෙහෙම කරන එකෙන් ඔයාටනම් ප්‍රශ්නයක් නැතුව ඇති හැබැයි මට ප්‍රශ්නයක් තියනවා..
Please මගෙන් ඈත් වෙලා ඉන්න.. "

යූන්ගි අත් දෙකත් පොකට් දෙකට ඔබාන හිනා උනා...

" යාහ්... කොට උනාට කටේ සැර..
මං ආවෙ තමුසෙව අද රෑට එලියට එක්ක යන්න ගෙදරින් Permission ගන්න.
අද Shoot එකේ photos out කරන නිසා කට්ටිය එක්ක Drink එකක් ගන්න බැලුවේ... "

ජීමින් යන්තම් හිස හොලවල බාතෲම් එකට රිංගගන්න අතරෙ යූන්ගි බැලුවෙ කාමරේ දිහා.. තනිකර සුදුම සුදුයි.. පොඩිවට තව පාටක් තිබ්බනම් ඒ Gold පාට.. හරි ලස්සනට පිලිවෙලට girl කෙනෙක්ටත් වඩා හොඳට ජීමින් කාමරේ තියාගන ඉන්නවා. ඒ අස්සෙ යූන්ගි දැක්කෙ ඇඳේ තිබුන ජීමින්ගෙ මොබයිල් එක..

ආහ්.. ඉන්නවකො මාව මමම Save කරල දෙන්න...

මූන හෝදල පිහ පිහ උන්න ජීමින්ට මතක් උනා මොබයිල් එක ඇඳ උඩ වගේම යූන්ගි දැන් ඉන්නෙ එයාගෙ කාමරේ කියල..
කඩාන බිඳගන ජීමින් දුවගන එද්දි යූන්ගි අතේ මොබයිල් එක තියනව දැකල කොල්ලට කෑ ගැස්සුනා...

" යාහ්.. අන්ද්වේ ඕක දෙනව මෙහාට... "

" හ්හාහ්... මොකද්ද මේ.. ?? මොකද්ද මේ ගහල තියෙන්නෙ ආ... කියනව... "

" අනේහ් ආහ්.. දෙනව ඕක මට... යාහ්.. "

" චීන මූනා... ?? කව්ද චීන මූනා... "

" ඒක.. වැරදුනා.. හෙහ්.. යාහ්.. "

යූන්ගි මොබයිල් එක උස්සගන එහාට මෙහාට යද්දි ජීමිනත් උඩ පැන පැන ආවෙ ඒක අරගන්න උනත් යූන්ගිගෙ දෙක වෙච්ච මූන දැකල ජීමින්ට හොඳටම හිනා ගියා..

" හහ් හිනා වෙනව නේ... තමුසෙට මම.. "

" හරි හරි..Sorry කෝ දෙන්න ඕක අයින් කරන්න.. "

යූන්ගි රවාගන ජීමින්ට මොබයිල් එක දෙනවත් එක්කම ජීමින් තොල් දෙකෙන්ම කට තද කරන් හිනාව පාලනය කරගන එයාව MinMin කියල Save කලා..

" මින්මින්.. ඒක ලස්සනයි. Black heart එකකුත් දාන්න.. "

ජීමින් යූන්ගිට රව රව Black heart එකකුත් දාල එයාට call එකක් ගත්තෙ වැටෙන විදිහ බලන්න. ඒ ක්ශනිකවම යූන්ගි මොබයිල් එක අතට ගන්නකොට ජීමින්ගෙ මූන අපායෙ යකෙක්ගෙ වගේ උනා...

"ආහ්.. හාහ්.. හාහ්.. "
යූන්ගි අමාරුවෙන් බොරු හිනාවක් මවාගන හිනා උනා...

" කොට භූතයා... කව්ද කොට භූතයා ?.. "

" හරි හරි ඒක නිකං මං ගැහුවෙ. හරි වෙනස් කරමු ඉන්න ඉන්න.. "

යූන්ගි ජීමින්ගෙ නම Chimmy කියල වෙනස් කරල White heart එකකුත් දැම්මා..

" Chimmy ? "

" ඇයි හොඳ නැද්ද.. ඔයා Cute නිසා.. ජිම් වෙනුවට චිමී දැම්ම.. හරි එපානම් වෙනස් කරමු... "

" යාහ්.. එපා ඒක ලස්සනයි "

එකපාරටම ජීමින් යූන්ගිගෙ අතේ එල්ලිලා මොබයිල් එකට එබුනෙ චූටි එකෙක් වගේ.. යූන්ගි බලන් උන්නෙ ජීමින්ගෙ Cute look එක දිහා.. උගුරත් පාදගන යූන්ගිගෙන් අයින් උන ජීමින් ටවල් එක රැග් එකෙන් එල්ලද්දි යූන්ගි හිමීට ආයම ජීමින් පස්සට ඇවිල්ල හිට ගත්තා..

" යූන්ගි ශී මම ලෑස්ති වෙලා එන්නම් එතකල් ටිකක් එලියෙන් ඉන්න බැරිද ?? "

" ඇයි තමුසෙ කෙල්ලෙක්ද ??
ඔහොම Dress කර ගන්නවා.. මං ටිකක් නිදා ගන්නවා.. මම පාන්දර ගෙදරින් ආවෙ තමුසෙ නිසා.. "

යූන්ගි කිව්වෙ ජීමින්ගෙ ඇඳේ ටිකක් වැතිරෙන ගමන්. කොල්ල කම්මුලකට අතත් ගහං පැත්තට ඇල උනේ ජීමින් දිහා බලාගනම. කොච්චර ලැජ්ජ උනත් එයාට Second වෙන්න නොහිතුන ජීමින් යන්තම් කට කොනකින් හිනා උනා..

" Ok "

ජීමින් යූන්ගි දිහා බලාගනම බාත් ටව්ල් එකට යටින්ම brown colour trousers එකක් ඇඳගත්තෙ කොච්චර ලැජ්ජ උනත් ඒක නොපෙන්වා.. ඒ කරපු ජීමින් ටවල් එක ගලවල රැග් එකෙන් එල්ලල අල්මාරිය ඇරියෙ ස්වේටර් එකක් හොයා ගන්න. ජීමින්ගෙ ඉනෙන් උඩ ඔක්කොම දැන් නිරුවත්..
Shape waist එකත් පොඩි six pack එකත් තිබුන බන්ඩියත් ජීමින්ගෙ පිටේ තිබුන tatto set එකත් පපුවට යටින් තිබුන Nevermind tattoo එකත් දැක්ක යූන්ගිට ගිලින්න කෙලත් හිර වෙලා තිබුනෙ...

What the fuck ??

යූන්ගි අමාරුවෙන් කෙල ගුලියක් ගිලල තාමත් ගල් වෙලා වගේ ඒ දිහා බලන් ඉන්නවා...
සුදු ටී එකක් අරගන ඇඳගත්ත ජීමින් ඒක කලිසමට යට කරගන ලස්සන ස්වේටර් එකක් අරං උඩින් ඇඳගන අල්මාරිය වහල දැම්මා..

" මොකෝ.. "

ජීමින් ප්‍රශ්නයක් ඇහුවත් යූන්ගිට මැවිල පෙනුනෙ ජීමින්ගෙ නිරුවත් උඩ කොටස.. කෙල්ලෙක්ටත් වඩා maintain කරපු ලස්සන Figer එකක් කොල්ලට තිබුනෙ...

" යූන්ගි ශී.... යාහ්... යූන්ගි "

" ඕහ්... ඕහ්... "

" ලෑස්තී මං අපි යමු "

ජීමින්ට හිනා යන්න උනත් එයා තොල් දෙක හපාන හිනාව පාලනය කරගත්තෙ යූන්ගි උන්නෙ තාම ශොක් වෙලා නිසා. ජීමින් බෑග් එකත් අරගන යූන්ගිගෙ අතින් අල්ලගනම යන්න ගියා...

ජීමින්ගෙ look එක...







~♡︎~

හවස හත වෙද්දි ලස්සන පොඩි පරන කඩේක හමුවෙන බලාපොරොත්තුවෙන් යූන්ගිත් ජීමිනුත් සමුගත්ත අතර යාලුවො ටිකත් රෑට එතනට එන බවට යූන්ගිට පොරොන්දු උනා.. උදේ වැඩ ටික ඉවරකරගන යූන්ගි කාටත් හොරා එන්න ආවෙ Seoul වීදි පොල පස්සෙ අතෑරල දාපු පරන මාලු මාකට් එකට..
ලොකු ගස් හතර පහකින් වට උන open building එකක් ඒක.. තාමත් බිත්තිවල මාලු ලේ පාරවල් එහෙම තිබුනා..

" සුගා බොස්.. ඇයි මෙහාට ආවෙ කතා කලානම් මම එනවනෙ "

" මේ ටිකේ උබල ටව්න් බහින්න ඕන නෑ...
අනික කාලෙකින් මට මේ පැත්තකට එන්න බැරි උන නිසා ආවා... "

" බොස් මේ details .... "

ඩෙරන් යූන්ගිගෙ අතට ෆයිල් එකක් දෙනවත් එක්කම කොල්ල සිගරට් එකක් පත්තු කරගන ඒක බලන්න ගත්තා..

" එදා එතනින් හරවපු වෙහිකල් එක Normaly රොබරි වලට කුලියට ගන්න වාහනයක්..
ඉන්චොන් එකක්..
ඒකෙන් ආපු එකෙක් ජීමින් සර්ව Blackmail කරපු පාටක් තමා බොස් පේන්නෙ.. මේ "

ඩෙරන් යූන්ගිගෙ අතට ටැබ් එකක් දුන්නෙ වීඩියෝ එකක් play කරල.. කලු සුදු දර්ශන උනත් කව්රුහරි උස මහත එකෙක් තව දෙතුන් දෙනෙක් වට කරං ජීමින්ගෙ බෙල්ල මිරිකගන මොනාහරි කියනවා.. ඒක දකින්න දකින්න යූන්ගිට දත්මිටි කැවෙන්න ගත්තා..

" මේ පො#නය කියන මොකුත් මට ඇහෙන්නෑ "

සුගාගෙ හැටි දන්න එයාගෙ මිනිස්සු වීඩියෝ එකේ මිනිහ කට හොල්ලන දිහා බලාගන කියන දේවල් පවා නිරීක්ශනය කරල..

" හරියටම ශුවර් නෑ බොස් ඒත්...
ජීමින් සර්ගෙ අප්පව ගාවල ජීමින් සර්ව blackmail කරල කොහාටහරි ගෙන්න ගන්න හදන්නෙ "

" Fuck එහෙමද ?? කව්ද මේ ප#යා.. ? "

" මිනිහ ගැනනම් තොරතුරු මොකුත් හම්බුනේ නෑ බොස්.. මූන පේන්නෙ නැති නිසා හොයන්න අමාරුයි.. හැබැයි මීට කලිනුත් දෙතුන් පාරක් ජීමින් සර් එක්ක.. ම්.. මේ.... "

" යකා අව්ස්සන්නෙ නැතුව කියපං "

" ඌ ජීමින් සර් එක්ක Slept කරන්න හදල තියනවා. I think man gay "

යූන්ගි කටින් සුසුමක් හෙලල බෙල්ල පස්සට කරල හිරි කඩාගන ටැබ් එක අරූ අතට විසි කලා...

" ජීමින් පස්සෙන් අපේ එකෙක් දාපං.. ඉතුරු ටික මං බලාගන්නම්.. "

" Ok Boss... "










~♡︎~

යූන්ගි හරි කේන්තියෙන් ආපහු ගෙදරට එන්න ආවා.. අප්ප ඉන්න නිසා ආයම අහිංසක mood එකත් දාගන යූන්ගි ගෙට ආවා...

" පුතා... ඔයා වැඩේ හරි ලසනට කරල.. ජීමිනත් හරි ලස්සනයි... "

යූන්ගි වෙලාව බලද්දි හයහමාරයි.. අද හයටනෙ ශූට් එකේ වැඩ Reles කරනව කිව්වෙ. කොල්ල Tv එක දාද්දි Business tv එකේ ඒ Product එක ගැන ප්‍රචාරය වෙනවා... යූන්ගිට ලොකු ආඩම්භරයකුත් දැනුනා..

" මට හරි ආඩම්භරයි ඔයා ගැන පුතා.. ඔම්ම උන්නනම් ගොඩක් සතුටු වෙයි.. "

" ම්.. අප්පා... අපි Dinner out එකක් ගමුද "

" පස්සෙ පුතා.. දැන් අද ඔයා යාලුවො එක්ක එලියට යනව කිව්ව නේද ?? "

" ඕ හැබැයි "

" අනේ කපටියා.. හා හා.. රෑ වෙන්න කලින් එන්න පුතා.. "

" හරි අප්පා... "

කොල්ල ක්ශනිකවම wash දාගන පැය භාගෙට යාලුවො එක්ක එයාල කතා උන Restaurant එකට set උනා.. එතන තරුණ වයසෙ කෙල්ලො කොල්ලන්ට බොන්නම හදපු තැනක්..
කට්ටියම සෙට් වෙලා ඉද්දි ජීමිනාත් වෑන් එකකින් ඇවිල්ල ගාර්ඩ්ල එක්ක බැස්ස. කොල්ල ගාර්ඩ්ලට එලියෙන් ඉන්න කියල යාලුවො ගාවට ආවා...

" හූ.... ඒන්ජල්... එන්න එන්න.. ඔයා නිසා කම්පනි එකේ මේ පැය දෙකට rating 26% කින් වැඩිවෙලා..  "

" really.. ආහ් මට හරි සතුටුයි.. මම හිතුවෙ නෑ ඇත්තටම.. "

" හිතපු දේවල් නෙවේ ඇත්තටම උනේ "

එහෙම කියන ගමන් යූන්ගි එයාගාවින් ජීමින්ට පුටුවක් ඇදල දෙනවත් එක්ක ජීමින් ලැජ්ජාවෙන් වගේ එයා ගාවින්ම වාඩි උනා.. ඒ එක්කම හැමදාම පරක්කු ජංගුකා කඩාගන බිඳගන ඇවිල්ල ආපු ගමන් සෝජු බෝතලයක් කඩල ගන්න ගත්තා...

" ආ... ආ.. ආ.. Calm down calm down my boy "

හෝබ කොල්ලගෙ පිට අතගානවත් එක්ක හැමෝම හිනා වෙලා කෝප්ප වලට සෝජු වක්කරගන්න ගත්තා...

" යූන්ගි.. උබ නූෂි එක්ක Breackup උනාද ? "

ජංගුක් එහෙම අහනවත් එක්ක ඔක්කොම හොල්මන් වෙලා කොල්ල දිහා බැලුවා.. එයානම් අඩුවක් අරං මස් එහා මෙහා හරෝනව..

" breackup වෙන්න අපි අතර Relationship එකක් තිබ්බෙ නෑනෙ.. "

" ඇයි ඒ කෙල්ලට උබ කැමතීනෙ. උබල හොඳට හිටියනෙ.. "

" හොඳට කියන්නෙ ඉතිං මං එයාට ආදරෙයි මගෙ නංගිට වගේ...
අනේ මන්ද ඒ කෙල්ල මං ලඟට ආපු හැම වෙලාවකම මට ඕන උනා ඒකිට ආදරේ කරන්න. ඒ උනත් මට හිතෙනව වෙන කාටහරි මාව අයිතී වගේ දෙයක්..
ඒ කෙනාව මට දැනෙනව.. ඒත් මට අඳුරගන්න බෑ වගේ දෙයක්... "

යූන්ගි කාගෙවත් මූනවල් දිහා නොබල මස් පෙති එහා මෙහා හරෝ හරෝ කතා කලේ ලොකු වේදනාත්මක හැඟීමක් හිතේ තියාගන. ජීමින්නම් ඒ මූන දිහා බලන් උන්නෙ ඇහිපිල්ලම් නොගහ..

" අපි  බිව්වෙත් නැතුව මූට වැදුනෙ කොහොමද බන්.. "

" අනේ මෝඩයො... උබනම්.. "

හෝබ ඇහුවෙ ටේගෙ කනට කරල.. ටේ හෝප්ගෙ කකුලක් කොනිත්තල ඒ කතාව එතනින් නතර කරෝල දැම්ම..

" හරි හරි.. මට බඩකිනී.. අපි බොමූ... "

" ඕ... චියර්ස්... "

කට්ටියම කාලෙකට පස්සෙ හරි සතුටින් කයියක් ගගහ හොඳට බොන්න ගත්තා.. ටේ නිසා කුකියත් ජීමින් නිසා යූන්ගිත් බිව්වෙ අඩුවෙන්.. කට්ටියට හොඳටම වැදිල.. නම්ජුනා එකටම Dope උනා..

" ආහ්.. විනාසයි.. මේ උබල දෙන්නට මේ දෙන්නව Manage කර ගන්න පුලුවන්නෙ.. මං මූව එක්කං යන්නම්.. "

" හරි හරි ඉක්මනට යමං පරිස්සමට "

හෝප් ජූන්ව එක්කගන යද්දි ජීමින් ආයම බොන්න ගිය කප් එක යූන්ගි ඇදල අරගන බීල දැම්මා...

" ම්ම්.... අනේ අප්පා.. "

" දැන් ඇති.. "

" මට.. ඔ.. ඔයාලට කියන්න දෙයක් තියනවා.. "

" මොනාද ?? "

" කියන්න ජී..මිනා... "
ටේ පුටුව මේසෙ ලඟට තව ඇදගන ජීමින්ගෙ කතාව අහන්න ආවා..

" ම්.. මට කවදාවත් ම්.. මෙහෙම යාලුවො එක්ක ඉ.. ඉන්න ලැබිල නෑහ්...
මං.. කොච්චර ආස උනත් ආ.. අප්.. අප්පා Minister කෙනෙක් නිසා මට එ.. එලියට යන්න යාලුවො ආශ්‍රේ කරන්න ඉඩ දීල නෑ...
ම.. මට සතුටුයි ඔයාල එක්ක මෙහෙම ඉන්න ලැබුනට..
ක්.. කුමාවෝ... "

" අනා මගෙ ජිමිනා... හ්... "

ටේ පැනපු ගමන් ජීමින්ව බදාගද්දි යූන්ගි බලන් උන්නෙ ජීමින්ගෙ රතූ පාට උන කම්මුල් දිහා. යූන්ගිට ජීමින් ගැන හරි අමුතු හැඟීමක් දැනුන. ඒක කොල්ලනම් හිතං උන්නෙ අනුකම්පාවක් කියල උනත් ඒක ඊට එහා ගිය හැඟීමක් කියල එයාවත් දැනගන උන්නෙ නෑ..

" අපිටත් සතුටුයි පුංචි භූතයෝ.. යාහ් යූන්ගි මේ ජීමින්ව ගිහින් දාපං. මම මෙයාව අරං යන්නම් "

" හරි ජංගුක් පරිස්සමට යමං "

" අනේ කුකී ඇයි මාව අදින්නෙ ?? "

" යං යං.. ගෙදර යන්න.. "

ජංගුක් කොහොම හරි ගැරඬි දෙන්න වගේ එතිල උන්න ජීමිනයි ටේගෙනුයි ටේව ගලෝගන ඌර පිටේ අරගත්තා.. ඒ දෙන්න යන දිහා ජීමින් ආසාවෙන් බලන් උන්නෙ බෙල්ලත් පැත්තට කඩාගන..

" ඔයත් යං කොට්.. ම්.. මේ ජීමින්.. "

ජීමින් හා කියන්න ඔලුව වනල නැගිටින්න ගියා විතරයි ඇගේ තිබුන ශක්තියට මිනිහ එකපාරටම බිමට පත බෑ වුනේ දනහිසත් ලෙලි ඇරගන..

ආහ්.. අව්... ම්....

" යාහ්... අයියෝ... තුවාල කරගත්ත නේද.. කෝ ඉඳගන්න ඔහොම ඉඳගන්න.. "

යූන්ගි ටක් ගාල ආයම කොල්ලව නැගිට්ටවල ප්ලාස්ටර් ස්ටූල් එකෙන් වාඩි කරවල තුවාල උන කකුලෙ කලිසම දනහිස උඩට එන්න නැව්වා. නවල එයා සාක්කුවෙ තිබුන ලේන්සුවක් අරගන සීරිලා ලේ එන දණහිස Cover වෙන්න බැඳල දැම්මා...

" කෝ යං එන්න.. "

" අල්ලනෙපා.. මට ගියෑකි "
යූන්ගිගෙ අත ගසල දාල ජීමින් නැගිට්ටෙ පැද්දි පැද්දි..

" ඕ ඇඹරෙන ඇඹරිල්ලෙන් ගිහෑකි කියල පේනව. එනවකො එහෙනම් මම යනවා.. "

යූන්ගි තැබෑරුමෙන් එලියට ඇවිල්ල අත් දෙකත් පොකට් දෙකට ඔබාන යන්න ගත්තම ජීමිනත් කකුල් පටල පටල එයා පස්සෙන් එනවා.. ගොඩක් රෑ වෙලා නිසා සෝල් වීදි වල සෙනගත් නෑ හරිම නිස්කලංකයි.
යූන්ගිටයි ජීමින්ටයි පස්සෙන් එයාගෙ මිනිස්සු ටික එන නිසා කොල්ල ජීමින්ව ගනන් නොගෙන යන්න යනවා..

" යාහ්.. මෝඩියෝ.... "

" ආහ් ?? මටද කිව්වෙ ?? කොටෝ "

ජීමින් කෑ ගහනවත් එක්කම පස්ස හැරිල බලපු යූන්ගි දැක්ක ජීමින් එන්නෙ මේස් පිටින් කියල.

" ම්ම්.. කෝ බබා ඔයාගෙ සපත්තු දෙක.. "

" මේ තීන්නෙ "

ජීමින් මේස් පිටින්ම එයාගෙ කකුලෙ චූට්ටං ඇඟිලි ටික හොලෝල යූන්ගිට පෙන්නුව. යූන්ගි කවදාවත් නැති විදිහට ලස්සනට හිනා වෙලා ජීමින් දිහා බැලුවා..

Cute අප්පාහ්..

එක කකුලක කලිසම දනහිස ලඟටම නවල අනික දිගයි සපත්තු දෙකත් මග ගැලවිලා ඉන්න ජීමින්ව දැක්කම යූන්ගිට හරි දුක හිතුන. මිනිහ බීලත්නෙ...

* මං.. කොච්චර ආස උනත් ආ.. අප්.. අප්පා Minister කෙනෙක් නිසා මට එ.. එලියට යන්න යාලුවො ආශ්‍රේ කරන්න ඉඩ දීල නෑ...*

එයාට මතක් උනේ ජීමින් කියපු කතාව. යූන්ගි එක් දනක් නවල ජීමින් ඉස්සරහ නැවිල එයාගෙ කකුල් දෙකෙන් මේස් දෙක ගලවල අයින් කලා..

" හෙහේ.. සීතයි..  "

ජීමින් පොඩි එකෙක් වගේ හිනා වෙලා කකුල් දෙක පාරෙ වදින නිසා..

" එන්න මං ඔයාව කරේ ගෙනියන්න.. "

ජීමින් ආසාවෙන් යූන්ගිගෙ කරට ආවම යූන්ගි එයාව උස්සගන නැගිට්ටා.. ජීමින් යූන්ගිගෙ බෙල්ල බදාගන උරහිසේ ඔලුව ගහගන ඔහේ යනව.. ටිකක් යන්න යන්න ජීමින් නින්දෙන් වගේ යූන්ගිගෙ උරහිසේ ඔලුව ගහගන අඬනවා...

" ජීමින්.. ඇයි මේ අමාරුද කකුල "

" හ්... හ්‍යොං... "

" කව්ද ?? ජීමින්... "

ජීමින් හොඳටම අඬන නිසා හ්‍යොං ගගා යූන්ගි ජීමින්ව බස්සල එයාගෙ උරහිස් වලින් අල්ල ගත්තා.. කොල්ල ඇස් වලින් කඳුලු හල හල යූන්ගිගෙ කම්මුල් දෙපසින් අල්ල ගත්තා..

" ජීමින්.. "

" හ්... හ්‍යොං... ම.. මගෙ හ්‍යොං "

එකපාරටම යූන්ගිට හිතන්නවත් කාලයක් නොදී ජීමින් එයාගෙ කකුල් වල ඇඟිලි තුඩු වලින් ඉස්සිලා යූන්ගිගෙ දෙතොල් සිප ගත්තෙ යූන්ගිගෙ ඇස් පුදුමෙන් ලොකු කරමින්... යූන්ගිට තේරුනා ජීමින් ඉන්නෙ මොනයම් හෝ යම් වේදනාත්මක හැඟීමක කියල.. ඒ නිසාම යූන්ගි අමාරුවෙන් ඉස්සිලා ඉන්න ජීමින්ව ඉන පස්සෙන් අත දාල ඇඟට ලං කරං අල්ල ගත්තා.. යන්තම් කොල්ලගෙ කකුලෙ මහපටැගිල්ල විතරයි බිම වදින්නෙ යූන්ගි එයාව අල්ලං ඉන්න විදිහට...

ජීමින්ගෙ තොල් වලින් ඔහු හිනාවෙනව යූන්ගිට තේරෙද්දි එයත් හිමීට ඇස් වහගත්තෙ ජීමින්ට ඕන දෙයක් කරන්න ඉඩ හැරල..

ලබ් ඩබ්.. ලබ් ඩබ්.. ලබ් ඩබ්....

මේ ජීමින් Drinks අරං නිසා සිහියෙන් කරන දෙයක් නෙවේ... එච්චරයි...










~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~~♡︎ ♡︎~












ඕ ඕ එච්චරයි අපි මෝඩයොලූ 😌👊

🙂 මගෙ පුප කහනව නොදී ඉන්න හිතෙන්නෑ.. අනේ කමෙන්ට් 60 70 තිබ්බ ඒ පාර කමෙන්ට් වත් නෑ හරිම අගෙයි.. ආයෙ මගෙන් bl නෑ පුතාල.

👍

වෝට් කමෙන්ට් කරන අයට කුමාවොයෝ 👍

දුශ්ථ ඕතරී 😈

Continue Reading

You'll Also Like

109K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
37.8K 5.6K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
3K 948 8
"යුන්ගියා මන් ඔයාට ලොකූඌඌඌඌම ලොකු උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
6.8K 2.1K 13
රොබෝ වරුන් පෘතුවිය පාලනය කරන අවධියක සාගර පත්ලේ සැගවුණ විශාල අයිස් කුට්ටියකට සිරවී සිටි ඔහුගෙන් ප්‍රතිනිර්මාණය කල මනුෂ්‍යයා එවකට පෘතුවි තලයේ වූ අවසාන...