කස්තුරි සුවඳ ✓

Bởi liversack

605K 106K 44.2K

Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ. Xem Thêm

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
34 වන පරිච්ඡේදය
35 වන පරිච්ඡේදය
36 වන පරිච්ඡේදය
37 වන පරිච්ඡේදය
38 වන පරිච්ඡේදය
39 වන පරිච්ඡේදය
40 වන පරිච්ඡේදය
41 වන පරිච්ඡේදය
42 වන පරිච්ඡේදය
43 වන පරිච්ඡේදය
44 වන පරිච්ඡේදය
45 වන පරිච්ඡේදය
46 වන පරිච්ඡේදය
47 වන පරිච්ඡේදය
48 වන පරිච්ඡේදය
49 වන පරිච්ඡේදය
50 වන පරිච්ඡේදය
51 වන පරිච්ඡේදය
52 වන පරිච්ඡේදය
53 වන පරිච්ඡේදය
***
54 වන පරිච්ඡේදය
55 වන පරිච්ඡේදය
56 වන පරිච්ඡේදය
57 වන පරිච්ඡේදය
58 වන පරිච්ඡේදය
59 වන පරිච්ඡේදය
60 වන පරිච්ඡේදය
61 වන පරිච්ඡේදය
62 වන පරිච්ඡේදය
63 වන පරිච්ඡේදය
64 වන පරිච්ඡේදය
65 වන පරිච්ඡේදය
66 වන පරිච්ඡේදය
67 වන පරිච්ඡේදය
68 වන පරිච්ඡේදය
69 වන පරිච්ඡේදය
70 වන පරිච්ඡේදය
71 වන පරිච්ඡේදය
72 වන පරිච්ඡේදය
74 වන පරිච්ඡේදය
75 වන පරිච්ඡේදය
76 වන පරිච්ඡේදය
***
77 වන පරිච්ඡේදය
78 වන පරිච්ඡේදය
79 වන පරිච්ඡේදය
80 වන පරිච්ඡේදය
81 වන පරිච්ඡේදය
82 වන පරිච්ඡේදය
83 වන පරිච්ඡේදය
84 වන පරිච්ඡේදය
85 වන පරිච්ඡේදය
86 වන පරිච්ඡේදය
87 වන පරිච්ඡේදය
88 වන පරිච්ඡේදය
89 වන පරිච්ඡේදය
90 වන පරිච්ඡේදය
91 වන පරිච්ඡේදය
92 වන පරිච්ඡේදය
93 වන පරිච්ඡේදය
94 වන පරිච්ඡේදය
95 වන පරිච්ඡේදය
96 වන පරිච්ඡේදය
අවසාන පරිච්ඡේදය

73 වන පරිච්ඡේදය

4.6K 880 168
Bởi liversack




තිබුනු කුතුහලයට අන්තිමට උත්තරයක් ලැබුනත් ගමනාන්තයේ අවසානයක් වෙනකල් ඒ අතරමග වැඩි වෙන හදගැස්මට පිලියමක් දෙන්න මාණික්‍යට කලින් සදහන් කරපු තැනට යනකල්ම අසමත්.

"Sir your key"

ඉතින් මනරු සද්ද නෑ.. මාණික්‍ය කිව්වත් වගේ ගලදාරී එකට ඇවිත් එයත් එක්කම ඇතුලට ගියේ හරිම සමාන්‍ය විදිහට. බලන් ඉන්න ඕන කෙනෙක්ටත් ඒ දෙන්නගේ අනවශ්‍ය වෙනසක් පේනුනෙත් නෑ..

"Thanks"

එක අතකින් යතුර අරන් මාණික්‍ය මනරුට ඉස්සරහා වෙන්න කියන්න ඇස් වලින් ඉගි කරද්දි එයා උඩට යන්න තියෙන සෝපානය දිහාවට මතක හැටියට ඇවිදන් ගියා.. ඒ ගිහින් එයාලට අවශ්‍ය මහලට ආවත් වගේ මාණික්‍ය මනරුගේ අතින් අල්ලන් යතුරේ සදහන් අංකය සහිත කාමරය ලග නතර වුනේ එයාගේ අතේ තිබුන පොඩි පෙට්ටිය සාක්කුවට දාගෙන..

මනරු ඒ මොකක්ද කියන්න දන්නේ නෑ.. ඒත් එයා ඒ ගැන ප්‍රශ්න කරන්න ගියෙත් නෑ..

"ඇතුලට යන්න"

වැඩි කතා බහක් නැතුව මාණික්‍ය ඒ කියලා මනරුට ඉස්සරහා වෙන්න කියලා එයත් ඇතුලට ඇවිත් දොර වහ ගත්තේ නිකන් නෙවෙයි.. අමුතුම හිරිය කින් ඇගම වැහිලා යද්දි..

"මාණික්‍ය.. ඇයි අපි මෙහෙට ආවේ-"

මනරුගේ හිත අස්සේ කැකෑරුනු ප්‍රශ්නය.. ඒත් වාක්‍ය අවසානයේ ප්‍රශ්නාර්තය දාන්නත් කලින් මාණික්‍යගේ අත් මනරු වටේට ගිහින් එයාව පිටි පස්සේන් වැලදගත්තත් වගේ ඒ ප්‍රශ්න හැම දෙයක්ම නතර වුනා..

"ආවේ ඇයි කියලද අහන්නේ.."

නෑ.. මනරුගේ පපුව ගැහෙන වේගය එයාට දැනටමත් ඒකට උත්තරය දිලා හමාරයි.. මාණික්‍යගේ කලබලයක් නැති තොල් එයාගේ කන් පෙත්තක් හිමිහිට තද කර ගනිද්දි මනරුට පන නැති තරම්.. ඒත්,

"මාණික්‍ය. හ්.."

"ම්.."

"ම්. මං කෑගහයි.."

මනරු ඒ වෙනකොටත් හිටියේ මාණික්‍ය එයාගෙන් හොරකම් කර ගත්ත සිහියට විකාරෙන් වගේ..

"ඒකට අවුලක් නෑ මනරු.. අපිව කාටවත් ඇහෙන්නේ නෑ"

ඉතින් ඒ ක්ෂනයෙන් මාණික්‍ය දිහාවට මනරූ හැරුනා කිව්වොත් හිතේ ඉපදෙන හැගීම අවුස්සන අර මොකක්දෝ මන්දා එකට එයා මාණික්‍යගේ තොල් අල්ල ගත්තේ තාමත් ආපු තැනම හිටගෙන ඉද්දි...ඒ නිසාම මන්දා මාණික්‍ය එකට ගැටෙන තොල් වෙන් නොවෙන්න වග බලාගෙන දෙන්නත් එක්කම කාමරය ඇතුලට ගියේ..

ඒ ගියත් එකිනෙකාගෙන් ඈත් වෙන්න ඕන වුනේ දේපාර්ශවයටම නෙවෙයි.. හිතේ නිදහසේ සිප ගන්න, වැලදගන්න, එකිනෙකාට ස්පර්ශ කරන්න මේ ලැබුනු නිදහසෙන් තත්පරයක්වත් අහකක දාන්න දෙන්නගෙන් කාටවත් ඕන වුනේ නෑ.. ඒත්,

"ෂර්ට් එක"

මනරුගේ තොල් වලින් ඈත් වුනු මාණික්‍ය ටිකකට ඈත් වෙලා මනරු ඇදන් හිටපු සුදු පාට ටී ෂර්ට් එක උනෙන් ටිකක් උඩට උස්සන ගමන් ඒ කිව්වේ මනරුගේ අවසර ඉල්ලන්න නෙවෙයි.. මොකද මනරු මොනවත් කියන්න කට අරින්න කලින් මාණික්‍ය එයාගේ උඩු කය නිරුවත් කරලා ඉවරයි..

"ඔය මොකක්ද? "

ඉතින් මාණික්‍ය අනිත් පැත්තට අතට ගත්තේ එයා එන ගමන් අරන් ආපු පෙට්ටිය..

"එන්න.."

ප්‍රශ්නයට උත්තරයක් වෙනුවට ඒ කියන ගමන් මාණික්‍ය මනරුව තමන් ගාවට ඇදගෙන ඇදේ ඉස්සරහා ඉඳගත්තේ අන්තිමට එයාව තමන්ගෙ කකුල් දෙක මැද්දේ හිර කරන්..

"මාණික්‍ය.."

"Happy birthday.."

අතේ තිබුනු රිදී පාටින් දිලිසෙන මාලයක් වගේ දෙයක් අරට අරන් මාණික්‍ය ඒ කිව්වේ මනරුගේ මූන දිහා බෙල්ල උස් කරන් බලාගෙන.. ඉතින් මනරු තාම සද්ද නෑ.. ඒ සද්ද නැති අතරේ මාණික්‍ය එයා අතේ තියන් හිටපු මාලයක් වගේ දේ මනරුගේ ගෙල වටේ වෙනුවට බඳ වටේ අරන් ගිහින් ගාන්ජුව දාද්දි මනරු ඒ දිහා බලන් හිටියේ ඒකට ප්‍රතිචාර දක්වන විදිහක් හිතා ගන්න බැරුව.. ඒත් මනරුගේ බද වටේට දැම්ම රිදි පාටින් දිලිසෙන දිලිසෙන දම්වැල් දාමය දිහාවේන් මාණික්‍යට ඇස් ගන්න බැරි තරම්..

ඒ ලෝභ කමින් එයා මනරුගේ යටි බඩ උඩින් හිපුමක් තිබ්බේ ඒ ඉන වටේට අත් යවන ගමන්.. ඉතින්.. මනරුගේ ඇස් ඒ ස්පර්ශට පිය වුනා.. පිය වුනා විතරක් නතර වුනේ නැත් මනරුගේ අත් මාණික්‍යගේ හිස පුරාම දුවලා තව තවත් ඒ දෙතොලේ ස්පර්ශය ඉල්ලද්දී..

ඉතින් මාණික්‍යගේ නැවතුමක් නෑ.. මනරුගේ කෙදිරියේ අවසානයකුත් නෑ.. ඒත්, සිපගැනීම එතනින් උඩටත් අරන් ගිය මාණික්‍ය අන්තිමට නැගිටලා මනරු මෙච්චර වෙලා හිටපු දැහැන බිදන් කෙලින් වුනේ වෙන මුකුත් නිසා නෙවෙයි.

"මෙතනින් එහාට මං ඔයාගේ.. ඔයාගේ අත් වලට.. එතනින් එහාට මං වෙන කාගෙවත් අත් වලට අවසර දෙන්නේ නැහැ මනරු.."

මාණික්‍ය ඒ වචන පේලිය කිව්වේ නිනක් නෙවෙයි.. කිව්ව වචන වලට වැඩි බරක් දෙන ගමන් එයාගේ අත් දෙක දෙපැත්තට විහිදලා.. ඉතින් මෙච්චර වෙලා මත්වීමෙන් හුස්ම අල්ලපු මනරුගේ තොල් කොටන හිනාවක් අවේ නිකන්මයි..

තියුනු බැල්මකට ඒ වචන යටත් වෙද්දි මනරු අඩියකින් හරි ඈත් වෙලා හිටපු මාණික්‍ය ලගට ලං වෙලා ඒ කම්මුලක් අල්ල ගත්තේ අර තියුනු බැල්ම මාණික්‍යගේ මූන පුරාවටම විහිදෙන ගමන්..

"ම්..ඔව්.. මාණික්‍ය මගේ.. ඒ නම අයිතිත් මට.. ඒ කෙනා අයිතිත් මට.."

ඉතින් මනරු අතින් මාණික්‍යව ඇද උඩට තල්ලු වුනා කිව්වොත් ඊලග තත්පරේ එයා අතින් මාණික්‍යව නිරුවත් වෙන්නත් මාණික්‍ය අතින් තමන්ගේ ඉතිරියත් ශූන්ය වෙලා යන්න ගියේ පොඩි වෙලාවයි.. හිතේ නිදහසකින් සිප ගන්නත්, එකිනෙකාගේ ඇවිස්සුනු හැගිම් එක්ක හදවතේ ස්පන්දනය කුල්මත් කරන පැය ගානකට වග කියන්න ඒ දෙපාර්ශවය සමත් වුනත් එක සිමාවක් ලග විතරක් එයාලා නතර වුනා.. ඒ නතර වීම ඒ දෙන්න අතරේ කිසිම ප්‍රතික්ෂේප වීමකින් තොරව වුනු දෙයක්..

ඒත් මේ අද දවසේ සිද්ද වුනු දේවල් එක්ක ගෙදර ගියත් කවුරු මොන සුභ පැතුම ගෙනාවත් මානරුට මාණික්‍ය එක්ක ගෙවුනු පැය ගාන තරම් වටින දෙයක් තවත් නැති තරම්.

නෑ ඒ පැය කීපය මොනවා කරත් මනසින් අයින් වෙන්නේ නෑ.. පිට යන්නෙත් නෑ.. මොන දේ වුනත්..

ඒත් දැන් ලග ලගම එන මහ සුනාමියක් තරම් රැල්ල.. සෞඛ්‍යමය, ආර්ථිකමය, සමාජීයව රට පහවට වැටුනු හේතුවෙන් කල් ගිය උසස් පෙළට දැන් උදාවෙන අවුරුද්දේ මුලම මුහුන දෙන්න සිද්ධ වෙලා තියෙන එකෙන් දැන් කාටත් නිදි නෑ..

නිදි සුවයක් නෑ.. එහෙමයි කියල මාණික්‍යටවත් පබසරටවත් එයාලගේ පුහුනුවීම් වලින් නිදහසක් තිබුනෙත් නෑ.. මොකද ඒකට හේතූව අනුමානේට වගේ පබසර කිව්ව කතාව ඇත්තක් වෙලා එයාලගේ කුසලාන තරගාවලියේ දින නියම වෙලා තිබුනේ අප්‍රේල් මාසයේ.. ඊටත් ජනවාරි මුලම තරගාවලිය සදහා යෝජිත නම් ලයිස්තුව ප්‍රසිද්ධ වුන එකෙන් උසස් පෙල නිසා තිබුනු මානසික ආතතිය පොඩ්ඩක් හරි ලබපු සතුටින් නැති වෙලා ගියා.. මොකද මිතුරු පාර්ශ්වේ නම් දෙකම ඒ ලැයිස්තුවේ සදහන්.

ඉතින් උසස් පෙළ ඉවර වුනා කියන්නේ මෙච්චර කල් කුඩු වෙලා හිටපු පරයි රෑනක් කූඩුවෙන් නිදහස් කරා හරා සමානයි..

ඉතින් නිදහස අර්ථවත් විදිහට ගෙවන්න කට්ටියට දැන් අමුත්තෙක් ලග ලගම එනවා..

"චූටි බබා.. මාව ඇහෙනවද..? මං මනරු මාමා"

"ඔව් ඔව් මෙතන තව මාමෙක් ඉන්නවා.. ආහ් නෑ පොඩි බාප්පා චූටි පුතා..! ඒ බාප්පගේ කටේ පිට්ටු!"

මනරු හිටියේ සෘති ඉඳන් හිටපු පුටුව ලගම දනගහගෙන.. දැන් ඒ කුස ඉදිරියට නෙරලා විතරක් නෙවෙයි ඒ ඇතුලේ ඉන්න අමුත්තා විඩෙන් විඩට පිටස්තර ලෝකෙන් ඇහෙන සද්ද වලට ප්‍රතිචාර දක්වන්නත් අරන්.. ඉතින් චරිතයෙන් මනරු පොඩි අයට ගොඩක් කැමති කෙනෙක්.. එත් මාණික්‍යත් ආස නැතුවත් නෙවෙයි. කොහොම වුනත් මාණික්‍යට අනිත් දෙන්නා තරම් ඔහොම කතා කරන දක්ෂතාවයක් නෑ. ඉතින් පබසර කුස ඇතුලේ ඉන්න දරුවාට වුනත් ඔච්චම් කතා කියන්න පසු බැස්සෙත් නෑ..

"උබ කොහොමද කියන්නේ මේ ඉන්නේ පුතෙක් කියලා?"

"දන්නෑ ඒ වුනාට එහෙම හිතෙනවා.. ඇයි දැන් උබ කියන්නේ කවුරු කියලද?"

යාලුවෝ දෙන්නා අතරේ සිද්ද වෙන වචන හුව මාරුව සෘතීට මහ ලොකුවට නොතේරුනාට එයා බඩත් අල්ලගෙන හිනා වුනා.. මාණික්‍ය නම් ඉදන් ඉන්න තැනට හොඳට ඇන තියාගෙන දෙන්නගේ මේ දුවෙක්ද පුතෙක්ද කියන වාදයට ඔලුව අතට ඇන තියන් අහන් හිටියා.

"මට නම් හිතෙන්නේ ඒ දුවෙක්! බලන්නකෝ අක්කගේ බඩ දිහා!"

"ඔච්චර හොඳට කියන්නේ සගෝ ඇයි උබ මීට කලින් වින්නඹුකම් කරාද කියපං මට"

"අනේ පලයං! අපේ අම්මා තමයි කිව්වේ අක්කට හම්බවෙන්නේ දුවෙක් කියලා හුහ්!"

දෙන්නාම සෘතී ලග දනගහගෙන ලොකු සංවිදෙක. අද මනරුගේ ගෙදර අය සෘතීව බලන්නත් එක්ක මෙහෙ ඇවිත් තිබුනු නිසා කතාව ඇහිලා අනගිත් ඒ පැත්තට ආවේ ඔලුවට අත ගහන්.

"නෑ නෑ බලපංකෝ මේ ඉන්නේ කොල්ලෙක්! නේද චූටි පුතා.. "

"අනේ අම්මෝ මරු මාමාලා බාප්පලා ටික! බඩේ ඉඳලම පොඩි එකාට හොඳ හෝඩියක් උගන්නන්න යන්නේ! බලන්න අම්මා මුන් දෙන්නා එකතු වෙලා පොඩි පැටියට නරක වචන උගන්නනවා!"

එතනට ආපු අනගී ඒ කියාගෙන රමණි හොයන් යද්දි මනරු පබසරගේ උරහිසින් පිටිපස්සට තල්ලු කරනකොට පබසර මනරුගේ බඩට ඇගිල්ලෙන් ඇනින දිහා ඔක්කොම පැත්තකින් දාලා මාණික්‍ය බලන් හිටියේ ඔලුව පුටුවේ ගහගෙන..

"අපේ අයියට බබාලා දෙන්නයි.. "

මාණික්‍ය කිව්වේ ඔච්චරයි.. ඒත් එක්කම වගේ නිර්මල ඇතුලට එද්දි කට්ටිය මෙච්චර වෙලා එලි දක්වපු වාග් මාලාව නවත්ත ගත්තා කිව්වොත් අනගි ඇවිත් ඒක ඒ ටිකට නිර්මලගේ කනේ තියලා ඉවරයි.

"මගේ රත්තරං ට මේ නරක ළමයි මොනාද කිව්වේ ම්..? තාත්තා දැන් නේ ආවේ මගේ රත්තරංව බලන්න.. අද කොච්චර දග කරාද..?"

මහන්සියවත් නොබලා නිර්මල සෘතී ලග දන ගහන් කුසට ලං වෙලා ඒ කතා කරේ ආදරේ උතුරන කටහඩකින්.. ඒත් ඒ කොච්චර කවුරු කතා කරක් සෘති ඒ නූපන් දරුවා එක්ක එකම වචනයක් කතා කරනවා මේ ගෙදර ඉන්න කවුරුත්ම තාම දැක්කේ නෑ.. ඉතින් දැන් පබසරත් නරක ලමයි ගොඩේ.

ඒ බැල්මෙන්ම තමයි කොල්ලා නිර්මල දිහාත් බලන් හිටියේ.. ඒක තේරුන නිසාමද කොහෙද නිර්මල තොල් තද කරන් හිනා වෙන ගමන් පබසරගේ කොන්ඩෙත් අවුල් කරන ගමන් නැගිට්ටේ..

"සෘතී ඔයත් බබා එක්ක කතා කරන්න..! නැත්තන් බෑනේ..! ඔක්කොටම කලින් බබා අම්මාව අදුන ගෙන ඉන්න ඇපැයි"

කට්ටිය ඉන්න තමනට ඒ කියාගෙන ආවේ රමණි. ඒත් සෘති කරේ එයත් එක්ක හිනා වුන එක විතරයි..

"I'll talk auntie"

එතනින් එහාට වෙන මුකුත්ම නොකියා සෘති ඉඳන් හිටපු තැනින් නැගිටින්න යද්දී නිර්මල ඉක්මනට එයාව අල්ල ගත්තා.. නිර්මල විතරක් නෙවෙයි පබසරත්.. ඉතින්,

"මං උදව් කරන්නම්"

නිර්මල සෘතීව අල්ලගෙන උඩට යන්න උදව් කරන්න ගියත් පබසර ස්වේච්ඡාවෙන්ම සෘතීව භාර ගනිද්දි ඉතින් නිර්මල මුකූත්ම නොකියා පැත්තකට වුනා..

"පඩිය බලාගෙන"

කවුරුත් බලාපොරොත්තු වුනේ නෑ.. ඊටත් පබසරත් එයාගෙන් මේ තරම් වෙනසක් බලාපොරොත්තු වුනේ නෑ. ඒත් හිතට දැනෙන අමුතුම මොකක්ද දේකට එයාට තවත් නිකන් බලන් ඉන්න බෑ.. මොකද ඒ දරුවා දැන් දගලනවා.. පබසරගේ වචන වලට අත පයින් උත්තර දෙනවා.. ඒ දේනකොට දැනෙන හැගීමට පබසරට සෘතීව කොච්චර ආරක්ෂා කරන්න ඕනෙද කියලා හිතෙනවා නම් ඒ තරම නිර්මලටවත් හිතිලා නැතූව ඇති.

"මෙතනින් ඉඳගන්නවද? මං වතුර එකක් ගෙන්නද?"

නිර්මලගේ කාමරේ ලගම තිබ්බ සෝෆා එකකින් සෘතීව ඉන්දන ගමන් පබසර ඒ ඇහුවේ හරි වගකීමකින්. ඉතින් ඒ මුකූත් එපා කියන්න සෘති අත වනද්දි එයා එක පාරටම බඩ අල්ල ගත්තා..

"ආහ්..!"

"ඇයි?? මොකද වුනේ අක්කා??"

"did you see?? He just kicked me.. look.. ආ. යේ කරයි"

බඩත් අල්ලගෙන සෘති කෑගහපු හේතුව එයාම කියලා පෙන්නද්දි පබසරව නිකන්ම එතන බිමින් ඉන්දවුනා කිව්වොත් එයාට දැන් ආයෙම පාරක් ඒ දැගලිල්ලි බලාගන්නකල් ඉවසිල්ලක් නෑ..

"පබසර මොකද දරුවෝ වුනෙ?"

නිර්මලත් ඒ පමාවට එතන..

"ආහ් නෑ නෑ දැන් ටිකකට කලින් දගයා ආයේ දග වැඩක් කරානේ.."

"ආ.. තාත්තා නැති ටිකටද මගේ පැටියා ඔක්කොම දග වැඩ කරන්නේ ආහ්..?"

ඉතින් නිර්මලත් එතන ලගින්ම දන ගහන් සෘතීගේ කුසත් එක්ක කතාවට වැටෙද්දී පබසර ඒ දිහා බලන් මූනට මදහසක් ගත්තේ හිතේ පොඩි ප්‍රශ්නයක් තියන්..

"ඔයා හිතන්නේ මේ ඉන්නේ දුවෙක් කියලද? "

ආයෙම සැරයක් දගලයි කියලා හිතලා ඒ සිහියෙන් බඩ උඩ අත තියන් පබසර ඒ ඇහුවේ නිර්මල ලෝක අමාරුවක වෑටෙන ප්‍රශ්නෙක දාලා.. ඒත්,

"ම්.. එයා දුවෙක් වුනොත් පබසර කැමති නැ-"

"මොනාද මේ කියන්නේ..! කවුරු වුනත් මං කැමතියි! මං ආදරෙයි!"

ඉතින් නිර්මලට සැනසීමක හිනාවක් ආවේ නිකන්මයි..

"එහෙනම් දුවෙක්? මං දෙගොල්ලොටම කැමතියි.."

"ම්.."

"ඒත් පබසර.."

"ආහ්?"

ඒ ප්‍රශ්නේ ආවේ නිර්මලගේ පැත්තෙන්.. පබසර නුපන් දරුවා සිහියෙන් හිටියට නිර්මලගේ සිහිය දැන් වෙනත් ප්‍රශ්නෙක.

"දුවෙක් ඉපදුනොත් පබසර දාන්නේ මොන වගේ නමක්ද..?"

"මම..? නමක් දාන්න..?"

"ම්.. ඔයා.. දුවෙක් නම් ඒ නම දාන්නේ ඔයා.. "

සෘති කරේ කටවහන් දෙන්නා දිහා හිනාවකින් බලන් හිටපු එක.. නම් තෝරණ එක ලේසි නෑ.. ඉතින් පබසර ඒ ලැබුනු බලාපොරොත්තු නොවුනු වරමට නමක් හිතා ගන්න බැරිව ටික වෙලාවක් නිර්මල දිහා බලන් හිටියා වුනත්..

"පිපුණි"

හිතුවටත් වඩා ඒ නම පබසරගේ කටට ආවා වගේ..

"පිපුණි.. ලස්සනයි.. "

නිර්මල ඒ නම සද්ද කරේ නමට දැහැන්ගත වෙලා වගේ.. ඒත් හරි අමුතුයි.. දැනෙන විදිහ කියා ගන්න නොතේරෙන කමට හිතට ගේන්නේ වෙනම ආස්වාදයක්.. ඒ නිසාමද මන්දා ලැජ්ජාවටම පබසර ලාවට ඔලුව කසන ගමන් හිනා වුනා.. ඒ හිනා වුනත්,

"පුතෙක් නම් ඔයා මොකක්ද දාන නම?"

මේ වතාවේ ප්‍රශ්නය නම් ආවේ පබසරගේ පැත්තෙන්.. ඊටත් එයා හිතෙන් දකින්න ආස කරන කෙනාට නමක්..

ඉතින් නිර්මල ටික වෙලාවක් පබසර දිහා බලන් ඉදලා මදහසක් මූනට ගත්තා..

"මෙහෙම දැම්මොත්.. එයාට හැමදාම අපි එයා ලග ඉන්නවා වගේ දැනෙයි.."

"කොහොමද..?"

කොහොමද කියන්නේ.. ඒ හිතේ තියෙන්නේ වචන කරන්න බැරි සතුටක්.. පබසර අහන්න ආසාවෙන් හිටපු දෙයක්..

"විසුද් තාරුණ්‍යය"










මතු සම්බන්ධයි...

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

4.5K 967 8
අග්නි පසුබිම් කතාංගයකි. ( එය නොකියවීම මෙය කියවීමට බාධාවක් නොවන වග සලකන්න )
568K 109K 119
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!
ELORA Bởi osi yr

Phi Hư Cấu

10.8K 1.9K 41
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...
433K 85.5K 91
අග්නි.... නමට අග්නි...ඒ උනාට... මට දැනෙනවා වෙලාවකට මේ පපුවෙ සීතල.... අග්නි..... හිතුවෙ පිච්චෙන ගින්දර.... ඒත් ඇතුලෙ තිබුනෙම... උතුරන ආලය.... අග්නි...