සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• විසි දෙවන දිගහැරුම •

575 131 117
By ___Sky-Heart___

" අනේ යුගාන් මාව උප්පු ගෙනියනවකෝ "

" පිස්සු කෙලින්න එපා බබා "

" දැන් තමුසෙට බෑද ?? ම්හුක් යාලු වෙන්න ආපු මුල් කාලේ නම් කිව්වේ මාව කරේ තියන් ලෝකේ වටේ එක්කන් යන්නම් කියලා දැන් මට තේරෙනවා තමුසෙ මට දුන්නේ බොරු ආදරයක් කියලා "

තීනු කැම්පස් එක මැදන් ඉදන් අඩි පොලේ ගහද්දි යුගාන් තමන්ගේ ඉනට අත් දෙකත් තියන් තීනුගේ මේ විකාරේ දිහා බලන් හිටියා . දැනට කොල්ලෝ දෙන්නා යාලු වෙලා සතියක් ගත උනත් ඒ සතිය පුරාවටම තීනු යුගාන්ට දුන්නු ගින්දර නම් එමටයි . ලෙක්චස් ඉවර උනු වෙලාවේ ඉදන් තීනු යුගාන්ට තමන්ව උප්පු ගෙනියන්න කියලා නහයෙන් අඩන්න ගත්තත් යුගාන්ට ටිකක් ලැජ්ජ හිතුනු නිසා යුගාන් තරමක් අදිමදි කලා .

" ඕයි බබා රෙද්දක් කියවන්න එපා මං තමුසෙට පැලෙන්න ආදරෙයි කියලා තමුසෙ දන්නවනේ !! "

" එහෙනම් මාව උප්පු ගෙනියනවා "

තීනු තමන්ගේ අත් දෙකත් හරහට බැදන් මූණ පුම්බ ගද්දි ඕන රෙද්දක් කර ගත්තුවාවේ කියලා යුගාන් තීනුව සතේකට මායින් නොකෙරුවා . හැබැයි තීනුට නම් ඒකට තරහ ගිහින් යුගාන්ගේ ඔලුවට අත් දිගෑරලා පාරක් දෙද්දි පුරුදු විදිහටම යුගාන් කෙදිරිල්ලක් පිට කරමින් තමන්ගේ ඔලුව අල්ල ගත්තා .

" මොකද බං ගහන්නේ ?? "

" මට ආදරේ නැහැ තමුසෙ !! මං යනවා යන්න !! එන්න එපා තෝ ආයේ තීනු බබා සුදු බබා අර බබා මේ බබා ගාගෙන "

තීනු යුගාන්ටත් ගස්ස ගෙන කැම්පස් එකෙන් එලියට යන්න හදද්දි යුගාන් තීනුගේ අතින් අල්ල ගෙන තීනුව නතර කර ගත්තා . ඒත් තීනු යුගාන්ගේ අත ගසලා දාලා ආයෙම යන්න හදද්දි යුගාන් තීනුගේ ශර්ට් එකේ කොලර් එකෙන් ගුලි කරලා අල්ල ගන්න ගමන් තීනුව තමන් ගාවට ඇදලා ගත්තා .

" මොකද මේ ම්ම් ?? තමුසෙ ඔහොම මුරණ්ඩු වෙනවට මං පොඩ්ඩක් වත් කැමති නැහැ තීනු !! මං උබට ආදරෙයි මං පුලුවන් හැම විදිහකින්ම උබට ඒක කිව්වා ඒ වගේම දැනෙන්න දුන්නා මාත් එක්ක එල්ලෙන්න විතරක් එපා මොකද උබට මං ආදරෙයි !! මං කැමති නැහැ උබට රිද්දන්න හැබැයි මගෙ සීමාව පන්න ගන්න හදන්න එපා එහෙම උනොත් උබට ගොඩක් රිදෙයි තේරුනාද බබා ම්ම්ම් ?? "

යුගාන් තීනුගේ කොලර් එකෙන් තමන්ගේ අත් අහකට කරලා තීනුගේ යටි තොල පිරිමදින ගමන් කියද්දි කට උල් කරන් හිටපු තීනු හොද කනේ පාරක් යුගාන්ට දුන්නේ දවල් අහසේ රෑ තරුත් යුගාන්ට පෙන්නලා . තීනු ගෙන් සැරටම ලැබුනු කනේ පාරත් එක්ක යුගාන්ගේ කන කීන් ගාන්න ගද්දි තීනු දත් මිටි කන ගමන් යුගාන් දිහා බලන් හිටියා .

" ඈ බොල ගොම මැස්සෝ උබ හිතුවද මං උබට බයයි කියලා ?? වරෙන් යකෝ ගේමට උබේ ඇට දෙක උගස් කරලා මං ටයිටැනික් බලන්න මුහුදු පතුලට යනවා දැන ගනිම් !! උබ දන්නේ නැහැ මේ තීනු ගැන තාම .. මං ලගට ආවොත් උබව පෙති කපනවා දැන ගනිම් !! මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා මෙහෙම හිටියට මං හෙන දරුණු මනුස්සයෙක් !! කනවා තෝව දැන ගනිම් යේසික බිජ්ජා !! "

තීනු ජලබීතිකාව හැදුනු සුනඛයෙක් වගේ දගලද්දි යුගාන් තමන්ගේ කම්මුලත් අල්ල ගෙන තීනු දිහා බැලුවා . හිටි හැටියේම තීනු ජෝන් සීනා වැහිලා වගේ හැසිරෙද්දි යුගාන්ට තමන්ගේ අනාගතේ ගැන ඇත්තටම ලොකු බයක් දැනුනා . තවත් මොනවා හරි තීනුට කිව්වොත් ඊලග පාර තීනු තමන්ගේ දත් තිස් දෙකම ආමාංශ ගත කරයි කියලා හිතුනු නිසාම යුගාන් තීනුට ලොකු කතා නොකියා ඉන්න තීරණය කලා .

" මොකද බබා මේ තමුසෙට සන්නියද ??? "

" ඔව් යකෝ සන්නිය උප්පු ගෙනියපන් මාව උප්පු ගෙනියපන් "

තීනු කෑගහන ගමන් යුගාන්ගේ බෙල්ලේ එල්ලෙදි යුගාන් හිතුවෙම තමන්ගේ බෙල්ලත් මූ කඩලා දායි කියලා . අවුරුදු විසි පහක් උනත් තාම තීනුගේ ලමා මානසිකත්වේ නිසා යුගාන් තීනුට අනුකම්පා කලා . දැන් කොහොමත් තමන් තීනුව උප්පු ගෙනිච්චේ නැත්තම් තීනු තමන්ගේ හතර හංදි දෙකට කඩලා තුන්මන් හන්දියක් ගාවින් ගිහින් දාන නිසාම ලැජ්ජාව බල්ලට දාලා තීනුව උප්පු ගෙනියන්න යුගාන් හිත හදා ගත්තා .

" ඔයත් අනේ මන් දන්නේ නැහැ බබා මාවම කන්න ආපු එකෙක් "

යුගාන් තීනුට බැන බැනම තීනු ගාවින් පහත් වෙද්දි තීනු යුගාන්ගේ බෙල්ල බදා ගෙන යුගාන්ගේ ඉන වටෙන් තමන්ගේ කකුල් දෙක පටලවා ගත්තා . තීනු හදිස්සියෙ වත් වැටෙයි කියන බයට යුගාන් තීනුගේ කලවා වලින් තදින් අල්ල ගෙන හිමීට නැගිට්ටා . තීනුට නම් උප්පු යන එක හෙන ජොලී ඒත් මේ ටිකට යුගාන් හිටියේ තමන්ගේ කොන්ද නැහැ වගේ . තීනු යුගාන්ට වඩා පොඩ්ඩක් විතරක් පොඩියට පෙනුනත් තීනු හොදට වැඩිලා බරට හිටියා .

" අනේ මෙහෙම ඉද්දි ශෝක් අප්පා "

" හොද වෙලාවට බබා මම හැමදාම උදේට කොල කැද වීදුරුවක් ගහන්නේ නැත්තම් උබව උස්සපු වෙලාවෙම මම බිම ... "

යුගාන් කිව්ව දේට තීනු යුගාන්ගේ බෙල්ල වටා තියෙන තමන්ගේ අත ටිකක් තද කරද්දි යුගාන් ඒ පාර නම් තීනුට කෑ ගහන්න ගත්තේ තීනු කරපු වැඩේට යුගාන්ගේ හුස්මත් හිර වෙලා ගියපු නිසා .

" යකෝ බබා අතෑරපන් මගෙ බෙල්ල උබට ඕනේ මං පෙට්ටියක සැතපිලා ඉන්නවා දකින්නද ?? "

" හැච හැච නවත්තන්නවා ඕක !! දැන් ඉදිරියට ඇදෙමු "

තීනු යුගාන්ගේ බෙල්ල බදා ගෙන කෑ ගහද්දි යුගාන් තමන්ගේ ඇස් දෙකත් කරකවලා තීනුව කරේ තියන් ගේට් එක දිහාවට යන්න ගත්තා . යුගාන්ගේ බෙල්ල වටා ඔතන් හිටපු අත් තීනු අහකට අරන් යුගාන්ගේ කොණ්ඩෙ දෙප්පැත්තෙන් අල්ල ගෙන යුගාන්ගේ ඔලුව එහෙ මෙහෙ පැත්තට හරවද්දි තීනුව අනිත් අතට අරන් උස්සලා පොලේ ගහන්න යුගාන්ට ලොකු වුවමනාවක් ඇති උනා . ඒත් මොනා උනත් තීනු කියන්නේ තමන්ගේ ලව් එක නිසා යුගාන් ඉවසුවා .

" තමුසෙ කන්නේ අලි මස්ද පුදුම බරක්නේ තියෙන්නේ "

" ඇයි ඇමති පුතාට මාව උස්ස ගන්න වත් බැරිද ?? ඇහුවොත් නම් ගමකට ගහන්න ඒත් මාව පොඩ්ඩක් උස්සන් ඉන්න බැහැ මූට ජබර කලන්තේ !! "

" සද්ද එපා තීනු බබා උබව බිමට අතාරිනවා දැන ගනිම් !! "

යුගාන් ලාවට වගේ තීනුගේ කලවා වල තියෙන තමන්ගේ අත් ලිහිල් කරද්ද්දි තීනු ඉක්මනට යුගාන්ගේ බෙල්ල ආයෙම බදා ගත්තා . කට වරද්ද ගෙන නිකන් බොරුවට හොට බිම ඇන ගන්න ඕනේ නැති නිසා කපටි තීනු යුගාන්ගේ කම්මුලකටත් උම්මා එකක් දීලා යුගාන්ගේ බෙල්ල ඉඹින්න ගත්තා . යුගාන් නම් දන්නවා ආයේ තීනු කියන්නේ සටම කපටි කුපාඩි බෙට්ට පිත්තලයෙක් කියලා . ඒත් ඉතිම් කොල්ලා තීනුට පණ ඇරලා .

" ගමේ කුපාඩිම බෑණා අපෙ අම්මගෙ වේවී
ඌ මං එක්කලා ඉද්දි තව කුපාඩි වේවී
නෑදෝයොන්ටත් දැන් හාට් ඇටෑක් හැදේවී
මගේ කුපාඩි තීනුවා මුලු ගමේම වැජඹේවී !! "

තීනුගේ මේ කපටි වැඩේට යුගාන් සින්දුවක් කියද්දි තීනු තමන්ගේ තොල් පෙරලලා යුගාන්ගේ බෙල්ල ටිකක් තදින් හැපුවා .

" මොකද යකෝ බෙල්ල හපන්නේ ?? උබ ඩ්‍රැකියුලා කියලද හිතන් ඉන්නේ ?? "

" බෙල්ල විතරක් නෙමෙයි උබේ බිබික්කමත් හපනවා දැන ගනිම් !! "

දෙන්නම කෑ ගගහා දගල දගල ගේට් එක ගාවට එද්දි තීර්ථ සිතිජ ගේ කරට අත දාගෙන හිටියේ සිතිජ එක්ක ලොකු කතාවක . දැන් යුගාන් තීනු එක්කම ඉන්න නිසා තීර්ථයි සිතිජයි තනි උනා හැබැයි යුගාන්ටයි තීනුටයි ඕනේ මගුලක් කර ගන්න දීලා තීර්ථයි සිතිජයි ෆිට් උනා . ගොඩක් වෙලාවට තීර්ථ දැන් ඉන්නේ තීනු එක්ක නෙමෙයි සිතිජ එක්ක . තීනු යුගාන්ගේ කරේ ඉන්නවා දැකලා තීර්ථ මූණ කොරහ කර ගනිද්දි තීනු ශේප් එකේ ගැරඩියා වගේ යුගාන්ගේ කරෙන් බැස්සා .

" යොහ් යොහ් තීර්ථ බොසා "

තීනු තීර්ථ ගාවට ගිහින් තීර්ථගේ කරෙන් අතක් දා ගත්තත් තීර්ථ තීනුව අහකට තල්ලු කරලා තීනුට පස්සත් භාගයට පයින් පාරක් එල්ල කලා . කොහොමත් ඔය තීර්ථගෙයි තීනුගෙයි ප්‍රශ්න වලට යුගාන් නම් අත දාන්න ගියේ නැහැ මොකද හැම දාම වගේ අන්තිමට වෙන්නේ තීනුයි තීර්ථයි හොද වෙලා යුගාන් වැරදිකාරයා වෙන එක .

තමන්ගේ ලගම ඉන්න සිතිජ ගෙ කරෙන් අතක් දා ගත්තු යුගාන් සිතිජ එක්ක කතා කරන්න ගද්දි තීනුයි තීර්ථයි සුපුරුදු ලෙස මරා ගන්න ගත්තා . හැබැයි ඒ දේවල් සිතිජ වත් යුගාන් වත් ගානකට ගත්තේ නැත්තේ තීනුගෙයි තීර්ථගෙයි මානසිකත්වේ මොන වගේ එකක්ද කියලා හොදාකාරවම දන්න නිසා .

" මොකෝ වෙන්නේ සිතිජ ඉස්සර වගේ උබ එක්ක ඉන්නත් බෑනේ "

" මං එක්ක නොහිටියට මොකද අරූව කට්ට කාලා සෙට් කර ගත්තා වගේ දැන් පරිස්සන් කරන්නත් එපැයි "

කොණ්ඩ කෙස් වලින් ඇද ගෙන තීර්ථ එක්ක දගලන තීනුව පෙන්නලා සිතිජ කියද්දි සිතිජ කිව්ව කතාවට යුගාන්ගේ කටින් ඉබේටම හිනාවක් පැන්නා . ඇත්තටම ඉතිම් සිතිජ කිව්ව කතාවෙත් වැරැද්දක් නැහැ . තීනුට තියෙන විසේට තීනුව නම් ඇහැක් වගේ බලා ගන්න ඕනේ හැබැයි යුගාන් නම් ඒ දේ අකුරටම කරයි කියන එක ගැන නම් කිසිම සැකයක් නැහැ .

" හෙන ගහන ඇත්තක් බං ඒක නම් !! ඉතිම් මොකද උබේ තත්ත්වේ ?? "

" අව්ලක් නැහැ ඉතිම් ඉන්නවා "

" ඈන් ගැන මොකද ?? "

" සේරම හරි අපි ගෙවල් වලට කතා කලා ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ අපි මැරි කලා සූස් ගාලා ඩුබායි වලට පැන්නා "

" අඩෝ සිරාවටම "

යුගාන් සිතිජගේ පිටට පාරක් ගහන ගමන් පුදුමයෙන් අහද්දි සිතිජ හිනා උනා . සිතිජව යුගාන්ට මග හැරුනු ටික දවසට සිතිජ කොහොම හරි තනියම ගේම ගහලා කියලා දැන ගත්තම අවංකවම යුගාන්ට සිතිජ ගැන සතුටු හිතුනා . ඊටත් වඩා වෙඩින් කේක් කෑල්ලක් ලගදිම කන්න ලැබෙනවා නේද කියලා මතක් වෙද්දි යුගාන්ට තවත් සතුටු හිතුනා . මොකද යුගාන් කියන්නේ ඔහොම හිටියට කේක් පෙරේතයෙක් .

" ඔන්න බලපන් උබට ලොවෙත් හරියනවා පුතේ "

යුගාන් ආයෙම වතාවක් සිතිජගේ උරහිසට පාරක් ගහලා කියද්දි සිතිජ හිනා වෙන ගමන් යුගාන්ගේ කරට අතක් දැම්මා .

" උබ පස්සේ අහු වෙයිනේ මට එතකොට බලා ගන්නම් අදට උබ බේරුනා කියලා හිතා ගනිම් !! "

" පස්සේ බලා ගනිම් මගෙ පුක දැන් පලයන් යන්න !! "

තීනුයි තීර්ථයි රණ්ඩු වෙවී ඉද්දි තීර්ථගේ තාත්තා තීර්ථට ඉක්මනට සුරාබදු ඔෆිස් එකට එන්න කියලා කතා කරද්දි තීනු ගෙයි තීර්ථ ගෙයි සිගිති වලිය එතනම නතර උනා . ඒ නතර වෙලත් මුන් දෙන්නා වට්ටි අම්මලා වගේ බැන බැනම දෙපැත්තට උනා . තීර්ථ තීනුට බැන බැනම යන්න ගද්දි තීනු තීර්ථට පුක පෙන්නන ගමන් මැද ඇගිල්ලත් පෙන්නලා කෑ ගැහුවා . ඒක දැකපු යුගාන් තීනුව ඇදලා තමන්ගේ ගාවට ගත්තේ තව ටිකක් වෙලා ගියොත් තීනු රෙදි නැතුව යන තැනට වැඩ සිද්ද කරන නිසා .

" මොකද තමුසෙ ඔය හැසිරෙන හැටි ?? "

" අනේ උබ මේ උපාසකයා වෙන්න හදන්න එපා හරි හොදට හැදිච්ච එකානේ මගේ ඇද හොයන්න එන්නේ "

" තුච්චැහි ගුම්මැඩියෙක් වෙන්න එපා තීනු බබා "

සේරම පැත්තක තියලා දැන් තීනු ටයි යුගාන් ටයි එල්ලෙන්න පොටක් පෑදීගෙන එද්දි සිතිජගේ කරේ තිබුනු යුගාන්ගේ අත සිතිජ අයින් කරලා ශේප් එකේ ලිස්සලා ගියා . සිතිජ කවදත් ඔහොමත් තීනුයි යුගානුයි පැටලෙද්දි බේරන්නේ නැහැ හිමීට කැපෙනවා . තීනු නම් තමන්ගේ අත් දෙකත් හරහට බැදන් තොලුත් උල් කර ගෙන ඉද්දි යුගාන්ගේ තමන්ගේ අතින් තීනුගේ කම්මුලක් පොඩි කරලා අල්ල ගත්තා . ඒත් කොහෙද තීනු යුගාන්ගේ අත ගසලා දාලා යුගාන්ට රවන්න ගත්තා .

" මාව අල්ලන්න මිරිකන්න එන්න එපා තමුසෙව හපලා දානවා දැන ගනිම් "

" හරි මට ප්‍රශ්නයක් නැහැ ආයේ මං තමුසෙට කිස් එකක් වත් නොදී හිටියම හරිනේ !! "

යුගාන් තමන්ගේ දිවෙන් කම්මුල තෙරපන ගමන් කියද්දි තීනු තමන්ගේ මූණ පුම්බ ගත්තා . කිස් කරන්න තීනුට තියෙන තදියමේ කාලක් වත් යුගාන්ට තිබුනේ නැහැ . මුල ඉදන්ම කට කන්න තීනුට තිබුනු වලිප්පුවත් එක්ක යුගාන් කිව්ව දේ නම් තීනුට ටිකක් දරා ගන්න බැරි උනා . කොච්චර යුගාන්ට තමන්ව අල්ලන්න එපා අරකයි මේකයි කියලා කිව්වට යුගාන් එක දිගට තීනුගේ ඇස් දිහා බලන් හිටියත් ඇති තීනුව දිය වෙන්න .

" යාහ්හ් එහෙම කොහොමද මට ඕනේ නම් මං තමුසෙගෙ කට කනවා තමුසෙ මගේනේ !! මෝඩ පනු ගෙම්බා "

" නැහැ නැහැ නැහැ !! දැන් ඔයාමනේ බබා කිව්වේ සෝ නෝ කිසස් ඇන්ඩ් නෝ චටස් "

යුගාන් තීනුව අවුස්සන්න හිතන් කියද්දි යුගාන් උත්සාහ කෙරුව දේ සාර්ථක උනා . තීනුගේ මූණේ හැටි දැක්කම යුගාන්ට හිනා යන්න ආවත් යුගාන් හෙන ගේමක් දීලා හිනාව කා ගෙන හිටියේ ඒකටත් තීනු ගෙන් ගුටි කන්න වෙයි කියලා . ඇන්ග්‍රි බර්ඩ් කෙනෙක් වගේ ඉන්න තීනුව දැක්කම යුගාන්ට පව් කියලත් හිතුනා ඒක නිසාම තීනුගේ මූණට පහත් වෙලා තීනුගේ නහය මතින් යුගාන් හාදුවක් තැවරුවා .

" එන්න එපා මාව ඉඹින්න මං යනවා වෙන කොල්ලෙක්ව සෙට් කර ගන්න තමුසෙ මහ නරක බිබික්කමක් !! "

තීනු යුගාන්වත් තල්ලු කර ගෙන බස් හෝල්‍ට් එක දිහාවට අඩියත් හප්ප හප්ප යද්දි යුගාන් තමන්ගේ සාක්කුවට අත් දෙකත් ඔබා ගෙන හිනා වෙන අතරෙම තීනුගේ පිටි පැස්සෙන් ගියා . උඩ දාගෙන තීනු ගියාට බස් එකේදී තීනු නිකන්ම තමන්ගේ ගාව නවතිනවා කියලා දන්න නිසාම යුගාන් වැඩිය ඒ ගැන නොහිතා හිටියා . කොහොමත් ඉතිම් තීනුට නම් යුගාන්ව ඇතුවත් බැහැ නැතුවත් බැහැ .

.
.

බස් එකට නැග ගද්දි තරහ වෙලා හිටපු තීනුයි යුගානුයි බස් එකෙන් බැස්සේ ආයේ යාලු වෙලා . සුපුරුදු විදිහටම යුගාන් තීනුව තීනුලගේ ගෙදරටම ඇරලවලා ආයෙම ගෙදර යද්දි තීනු ආව ගමන් හට්ටි මුට්‍ටි පෙරලන් කාලා නාගෙන නිදා ගත්තා . තීනු ගෙදර එන වෙලාවට තීනුගේ අම්මයි නංගියි ඉස්කෝලේ යන නිසා ගෙදර කවුරුත් රැදෙන්නේ නැහැ . ඒක නිසාම කොල්ලා දොරවල් බාගෙට වහලා දාලා නිදා ගන්නේ අම්මයි නංගියි දෙක තුන වෙද්දි ගෙදර එන බව දන්න නිසා .

ඉස්කෝලේ ඇරෙන වෙලාව කිට්ටු වෙද්දි අම්මයි නංගියි ගෙදර ආවත් තීනු නම් ඒ වගක් නොදැන තලපතා පොලේ ගහලා වගේ ඇදේ නිදි . තීනුගේ අම්මත් තීනුව ඇහැරවන්නේ නැතුව තීනුට එහෙන්මම ඉන්න දීලා හිටියේ තීනුට මහන්සි ඇතී කියලා . නොදැනීම පැයෙන් පැය ගෙවිලා හවස් වරුව කිට්ටු වෙද්දි මන්දාරමී උඩත් පැන පැනම තීනුගේ කාමරෙට ඇවිත් තීනුට කතා කලා .

" අයියේ නැගිටපන් පාර්ලිමේතුවට බෝම්බ දාලලු "

මන්දාරමී තීනුගේ කන් ගාවට ලං වෙලා කෑ ගැහුවත් තීනු කොට්ටෙන් තමන්ගේ කන් දෙක වහ ගන්න ගමන් ආයෙම නිදා ගත්තා .

" අර්හ් අයියේ නැගිටිනවා හලෝ !! අයී යූ අක්කා ලී ජොන්ග් සුක් අයියා ගෙන් ඩිවෝස් වෙලාලු "

ඒත් කොහෙද මන්දාරමීටත් කොට්ට පාරක් දීලා ආයෙම තීනු නිදා ගත්තා . ටික වෙලාවක් කල්පනා කරපු මන්දාරමීගේ ඔලුවට කුණාටුවක් වගේ අදහසක් පහල උනා .

" අන්න යුගාන් අයියට බඩේ අමාරුව හැදිලා නර්ස් අක්කෙක් පස්ස පැත්තට බෙහෙත් විදලලු "

ඒ පාර මන්දාරමී කියපු එක යාන්තමින් තීනුගේ කනට වැටුනු පාර තීනු ඉද්ද ගැහුවා වගේ ඇදෙන් කෙලින් උනා . මහසෝනා ගහලා වගේ තීනු ඉන්න විදිහ දැක්කම මන්දාරමී ගෙ පපුවත් හිර උනා .

" මූ කොහොමද යකෝ එක එක ගෑනුන්ට මුගෙ පුකට බෙහෙත් විදින්න දුන්නේ ?? අද මං මූව මකවනවා පගයා !! "

තීනු ඇදෙන් බැහැලා ෆෝන් එක අතට අරන් යුගාන්ට කෝල් කෙරුවත් යුගාන් නම් ෆෝන් එක ආන්සර් කලේ නැහැ . හැබැයි යුගාන් ෆෝන් එක ආන්සර් කලේ නැති නිසාම තීනුට තවත් තද උනා .

" ඕයි අයියේ යුගාන් අයියගේ පස්සට බෙහෙත් විද්දා කිව්වම ඇයි තමුසේ නිකන් තොගෙ පස්සට බෙහෙත් විදලා වගේ දගලන්නේ "

" කට වහපන් පොඩි පගයා !! ඕනේ එකටයි එපා එකටයි හැම හුයන්නකටම ඇගිලි ගහන්නේ නැතුව "

තීනු ඒ අස්සේ මන්දාරමීටත් බනින්න ගද්දි මන්දාරමී තීනුට රවන්න ගත්තා . ඊයේ රෑ තාත්තා ගෙනාපු චොකලට් එකෙන් බාගයක් තීනුට දීලා කෑවත් මූ කෙලෙහෙ ගුණේ අමතක කරලා මෙහෙම කතා කරද්දි මන්දාරමීට තීනුව උස්සලා පොලේ ගහන්න තරම් තරහක් ආවා .

" තමුසෙ මහ ගුණ මකුවෙක් හලෝ !! මම මේ තකහනියක් උඩට ඇවිත් තමුසෙව ඇහැරුවේ පහල යුගාන් අයියා තමුසෙව හම්බ වෙන්න ඇවිත් ඉන්නවා කියලා කියන්න "

මන්දාරමී තීනුට රව රවම කියද්දි තීනු ටුකුස් ගාලා මන්දාරමීගේ දිහාවට හැරුනා .

" එතකොට පුකට බෙහෙත් විද්දා කිව්වේ "

" බොරුවට යකෝ !! අයියේ උබව ඇහැරවන්න මං එහෙම කිව්වේ "

ඔන්න ඒ පාර නම් තීනුගේ ඇගට ලේ ටිකක් ඉනුවා . ඇත්තටම බෙහෙත් විදින්න යුගාන් පස්ස නර්ස්ට පෙන්නුවා නම් ආයේ ඉතිම් යුගාන්ට පස්සක් නැති වෙන්න තිබුනා .

" කෝ අහකට වෙයන් පාඩුවේ "

තීනු මන්දාරමීවත් තල්ලු කරන් පහලට ගිහින් සාලේ දිහා බැලුවත් යුගාන් පහල නම් පේන්න හිටියේ නැහැ . කුස්සිය දිහාවටත් එබුනු තීනුට අම්මව ඇරෙන්න යුගාන්ව නම් දකින්න ලැබුනේ නැහැ . එහෙන්මම කෝකටත් කියලා තීනු මිදුලට බහිද්දි ඔන්න ඒ පාර නම් යුගාන් මිදුලට වෙලා වත්තේ මල් පැල වල ෆොටෝ ගහන ගමන් ඉන්නවා තීනුගේ ඇස් වලට අහු උනා . තීනු සද්ද නොකරම ගිහින් යුගාන්ව පිටි පැස්සෙන් බදා ගනිද්දි යුගාන් එක පාරටම ගැස්සිලා ගියා

" අහ් තීනු බබා තමුසෙ මාව බය කලා "

යුගාන් තමන්ගේ පපුවට අතක් තියා ගෙන කියද්දි තීනු හිනා වෙලා යුගාන්ගේ අතින් අල්ල ගත්තා .

" මොකද මේ හැන්දෑ ජාමේ මෙහෙ ආවේ ?? "

" ඇයි මං එන්න එපාද ?? "

යුගාන් තීනුගේ මූණට බර වෙන ගමන් අහද්දි තීනු එක අතකින් යුගාන්ගේ නහය තදින් මිරිකුවා .

" එහෙම නෙමෙයි මෝඩයෝ වෙනදා එන්න කලින් කියනවනේ අද මොකද එක පාරම "

" මට මතක් උනා ඉතිම් මගෙ කොල්ලව "

යුගාන් තීනුව තමන්ගේ ලගට ලං කර ගන්න ගමන් තීනුගේ චූටි කොණ්ඩ කැරැල්ලක් කන පිටු පසින් රැදෙව්වා . යුගාන්ගේ ඇස් තීනුගේ ඇස් එක්කලා පටලැවෙද්දි තීනුගේ කම්මුල් ටිකෙන් ටික රෝස පැහැයට හැරෙන්න ගත්තේ යුගාන්ගේ දිය වෙලා යන බැල්ම නිසා බව නම් නොරහසක් . යුගාන් හිමින් සැරේ තීනුගේ මූණට පහත් වෙලා තීනුගේ කම්මුලක් සිප ගද්දි තීනු යුගාන්ගේ පපුවෙන් අත තියලා යුගාන්ව ඈත් කලා .

" එපා !! අම්මා දකියි !! "

" ඉතිම් දැකපුවාවේ "

යුගාන් ආයෙම තීනුගේ කම්මුලක් සිප ගනිද්දි තීනු කිසිම දෙයක් නොකියා තමන්ගේ තොල් තද කර ගත්තා . යුගාන්ව තමන් ගෙන් ඈත් කරන්නත් තීනුට හරි ලෝබයි ඒක නිසාම තීනුත් යුගාන්ට තවත් තුරුල් වෙන ගමන් යුගාන්ගේ උණුසුමට නතු උනා . යුගාන්ගේ තොල් හිමින් සීරුවේ තීනුගේ බෙල්ල පාමුල දග කරද්දි තීනු තමන්ගේ අත් වලින් යුගාන්ගේ ශර්ට් එක තද කරලා අල්ල ගත්තා .

යුගාන්ගේ තොල් තීනුගේ බෙල්ලේ ගෑවෙන වාරයක් පාසාම තීනුගේ මුලු ඇගම හිරි වැටිලා ගියා . ඒ හැගීම හරි වෙනස් !! යුගාන් ගෙන් තමන් උමතු වෙලා වගේ හැගීමක් තීනුගේ මුලු හදවත පුරාම ගුගුම් දෙන්න ගත්තා . ආදරණීයව යුගාන්ගේ තොල් තීනුගේ තොල් මතින් නතර වෙද්දි හදවතේ සියුම් තැන් වලට පවා ඔවුන්ට ඔවුන්ගේ ආදරය දැනෙන්න ගත්තා .

තීනුගේ ඇස් ඉබේටම පිය වී යුගාන්ගේ උරහිස වටා එතෙද්දි හාදුවට තිත තියපු යුගාන් තමන්ගේ නලලත තීනුගේ නලලතින් තියා ගත්තා . යුගාන්ගේ උණුසුම් සුසුමන් එක එල්ලෙම තීනුගේ රෝස පැහැයට හැරුනු මූණ සිප ගනිද්දි තීනු තමන්ගේ තොල් උල් කර ගනිමින් යුගාන්ගේ ඇස් දිහා බැලුවා . තීනුට යුගාන් ගේ ඇස් වලින් පෙනුනේ තමන්වම විතරයි !!

" හැම වෙලාවෙම මට ගහන බනින තීනුට වඩා මං ආසම මං ගාවදි මේ වගේ හුරතේලට ඉන්න තීනුට "

" අර්හ් ඉතිම් ගහන්නේ බනින්නේ හදා ගන්නනේ මැට්ටෝ !! "

තීනු තොලුත් පෙරලන් කියද්දි යුගාන් හිනා වෙන ගමන් ආයෙම තීනුගේ කම්මුලක් සිප ගෙන තීනුව තමන්ගේ පපුවට තුරුල් කර ගත්තා .

" මං කවදා හරි හැදෙයි කියලා හිතනවද ම්ම් ?? "

" හැදුනේ නැති උනොත් බලා ගමුකෝ !! හම ගහනවා තමුසෙව මම "

" ඇයි ඔච්චර නපුරු තමුසෙව මට ගිලින්න හිතෙනවා ඕයි !! "

යුගාන් තීනුගේ කම්මුලකට පහත් වෙලා තීනුගේ කම්මුලක් හව් ගාලා හපද්දි තීනු යුගාන්ගේ පපුවට හයියෙන් පාරක් ගැහුවා . යුගාන් හපපු පාර තීනුගේ කම්මුලේ යුගාන්ගේ දත් පාරත් හිටලා තියෙද්දි තීනු ගේ කම්මුල ජම්බු ගෙඩියක් වගේ රතු උනා . හැපුවට මොකද යුගාන් තීනුගේ මූණ ආයෙම තමන්ගේ අත් අතරට නතු කර ගෙන තීනුගේ මුලු මූණ පුරාම හාදු ගොන්නකින් පුරවන්න ගද්දි තීනුගේ මූණත් හරි ලස්සන හිනාවකින් පිරිලා ගියා .

" යු.. යුගාන් අයි..යේ .. ඔයා..ලා මොක..ක්ද මේ .. කර..න්නේ ??? "




To be continue

_________________________________________

යුගාන් අයියා මෆින් එකක් කකා හිටියේ නම්කි 😪

ඉතිම් කෝමද ටිකක් පරක්කු උනු නිසා ටිකක් දිග චැප්ටර් එකක් ගෙනාවා 🌚

උල්ලැයි උල්ලැයි ඌඌ උල්ලැයි උල්ලැයි ඌ

අද කොසට කෝමද

ඔච්චම් දෙවෙනි ඉනිම වගේ ඇද්දොත් කියවනවද 😪

මොකද මේක ටිකක් දිගට ඇදෙයි

හික්ස්

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

9.9K 1.5K 8
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...
141K 1.1K 29
Edit : I'm not taking anymore requests for any ship for sometimes, I'll tell you wheb I'll open it again This book is dedicated for writing Enhypen...
79.7K 1.1K 20
In the supernatural world, there's tons of individual beings just waiting for the story of their rise to greatness to start. A story where they rise...
32.2K 5.7K 49
නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending My second story and First Nonfiction...