👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

By ChenQing4

49.8K 6.7K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... More

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 27 🌺👑

666 115 61
By ChenQing4

"ආහ්..ගුඩ් මෝනින් සර්.."

"ගුඩ් මෝනින්...කෙනුල නේද මේ..."

"ඔව් සර් මං.."

"මට මතකයි...වෙළේ ගෙදර පොඩි කොල්ලා.."

.......

පහුවදා උදේම මං පුරුදු විදිහට බංගලාවට ආවා...ලෙවින් සර් බැලුන් ගිහිං තාමත් ඇවිත් නැති වෙද්දි සෙවරින් සර් ඉන්න නිසා මං බංගලාවට ගියේ ලැජ්ජාවෙන් වගේම එලිනා මැඩම් වගේ මාව එළවයිදෝ කියන බයෙන් වෙද්දී මගෙ වෙලාවට වගේ සෙවරින් සර් පේන්න හිටියෙ නෑ..ඉතිං හිතට දැනුණ අපහසුව අමතක කරලා මං පුරුදු විදිහටම උදේ කෑම හැදුවා වෙද්දි  ලෙවින් සර් ආවෙම බඩගිනි කියාගෙන වෙද්දී සර් වොෂ් දාගෙන එනකං මං උන්නේ කෑම ටික උඩ මේසේට අරන් යන්න ලෑස්ති කරන ගමන් වෙද්දි එකපාර කුසියට ආපු සෙවරින් සර්ට මං ගුඩ් මෝනින් කිව්වා..

"ඔය දරුවාද අපෙ එක්කෙනාගේ කෑම හදන්නෙත්.."

"ආහ් ඔව් සර්..තව විනාඩි 5ක් දෙන්න කෑම මේසෙට අරින්නම්.."

"මන් ඉද්දී තිබුණාට වඩා බංගලාව දැන් හරි එලියයි...ලස්සනයි...ලෙවින් මෙහෙ ආපු විදිහට මං බලාපොරොත්තු උනෙම නෑ එයා සතියක්වත් ඉඳී කියලා...ඉතිං දැන් පිළිවෙළට ඉන්න විදිහ දැක්කමත් පුදුමයි මට..මං එන්න කලින්ම ලෙවින් මං එක්ක ටිකක් කිව්වා ඔය දරුවගේ හපන්කම් ගැන....ඇත්තටම ඔය දරුවගේ වැඩ හරි ලස්සනයි.."

" thank you සර්.."

"ම්ම්..සුවඳයි... මොනාද කන්න ති..මේ..මේවා..!!"

ලොකු සර් මං එක්ක කතා කර කරම ගිහින් වතුර එකකුත් විදුරුවකට පුරවන් ඇවිත් මං බෙද බෙදා උන්න කෑම භාජන වලට ඔළුව දැම්මා වෙද්දි කෑම දැකපු ගමන් ලොකු සර් මන් දිහා බැලුවේ පුදුම වෙලා...

"සර් කැමැති නේද..අම්මා කිව්වා ම..ආහ් සොරි මං කිව්වේ අහිංසා මැඩම් කිව්වා මට සර් ආස නිසා හදන්න කියලා.."

"ඊයේ රෑ කෑමත් ඔය දරුවාද හැදුවේ.."

"ඔව්..ඔව් සර්..හොඳ නැද්ද.."

"නෑ හොඳයි.. ඇත්තටම රසයි..ජර්මන් කෑම නිසා මං හිතුවෙ ලෙවින් පිටින් ඕඩර් කරන්න ඇති කියලා...මං හිතුවෙ නෑ ඔය දරුවා හැදුවා කියලා.."

.......

ලොකු සර් තාමත් පුදුමෙන් උන්න බව පෙනුණත්, අහිංසා මැඩම් මතක් කරපු නිසාදෝ ඒ පෙනුම අමුතු වෙද්දි එහෙම්ම ගිහිං පොඩි මේසෙ තිබුණ පුටුවක වාඩි උනා...

"අපේ අහිංසද කියලා දුන්නේ..කතා කරනවාද එයා ඔයාට.."

"ඔව් අම්..මේ මැඩම් කියලා දෙන්නෙ මට..
ගොඩක් දේවල් බෑ...ඒත් මන් ආසයි ඒ කෑම වලට...මං ඉගෙන ගන්නවා  අලුත් කෑම හදන්න.."

"ම්ම්..සතුටුයි...ඔයා ලෙවින් එක්ක ඉන්න නිසා...අහිංසාටත් දුක් වෙන්න හේතුවක් නෑ ඔයා ඉන්න නිසා"

.......

"ආහ් අහිංසා කිව්වද..එයාට අම්මා කියන්න කියලා.."

"ආහ්.. මේ ඔව්..සර් අකමැති නම් මං නොකි.යා.."

"එහෙම එකක් නෑ දරුවෝ...එයා කිව්වා නම්..ඒ විදිහට කතා කරන්න..මං ඉන්න තැන වෙනසක් ඕන නෑ..එයාට හැමදාමත් ඕනා උණා...ලෙවින් එයාට අම්මා කියන්න.."

.......

"එයාට...පුතාලා එක්කෙනෙක් වෙනුවට...දෙන්නෙක් ඉන්නවාට...මමත් කැමැති...ඉතිං එයාට අම්මා කියන්න හොඳද.."

"හා..හරි සර්..සර්ට කෝෆි හදන්නද .."

"ම්ම්..කෝෆි..සීනි අ.."

"මං දන්නවා...අම්මා කිව්වා මට.."

ඇත්තටම මං පුරුද්දට අම්මා කියලා කියද්දි සර්ගෙ මූණ වෙනස් උණ හැටියට,එහෙම කියනවාට ලොකු සර් අකමැතිවත්දෝ කියලා ඇත්තටම මට බය හිතුණත් සර් හිනා වෙලා හරි සතුටින් මමත් මැඩම්ගෙ පුතෙක් කියලා පිළිගද්දී මට සැහැල්ලුවක් දැනුණා...

"එයා හොදින් ඉන්නවාද දරුවෝ.."

"ආහ්.."

"ඔයාගෙ අම්මා..අහිංසා එයා හොදින් ඉන්නවාද..."

"ඔව් සර්...එයා..."

එකපාරම ලොකු සර් අහිංසා මැඩම් හොඳින්ද අහද්දී ඒ අහපු ප්‍රස්නෙටත් වඩා ලොකු සර්ගේ කටහඩේ එකපාර උණ වෙනස නිසා මාව ගැස්සුණා වෙද්දි මං උත්තර දෙන්න ගියත් ඒ එක්කම ආපු  ලෙවින් සර් නිසා මගේ කතාව මඟ නතර උණා...

"එක එක්කෙනාගෙන් එයා ගැන අහන්නෙ මොකද...ගිහින්ම බැලුවොත් නරකද..!!"

"සර් එපා.."

"කිරුළු මං.."

"ආයි එපා..ලොකු සර් එක්ක උඩට යමු..මං කෑම අරන් එන්.."

ලෙවින් සර්ගේ වචන ඇතුලේ පැහැදිලිවම තරහක් කලකිරීමක් මිශ්‍ර වෙලා තියෙද්දි එයා සින්ක් එක ළඟට ඇවිත් සද්දෙට විදුරු පෙරළන ගමන් කෑ ගහද්දී ලොකු සර්ට පිටුපාලා උන්න ලෙවින් සර් නොදැක්කට ලොකු සර්ගේ මූණේ ඇඳුන වේදනාව පැහැදිලිව දකිද්දී මං තරවටු බැල්මක් එක්ක සර්ගේ අතින් ඇද්දා...මගේ තරවටුවත් එක්ක එයා සමාව අයදින බැල්මක් එක්ක මං එක්ක ඇස් වලින් කතා කරා වෙද්දි එයාගෙ නිල් ඇස් ළඟ තිබුණ බැල්ම ලොකු සර්ගේ බැල්ම ළඟ නතරවෙද්දී,ඇස් පුංචි කරන් බලන් උන්න ඒ බැල්ම දැක්කම මගේ වචන මඟ හිර උණා...

"අපි මෙතන මේ පොඩි මේසෙ කන්නම් දරුවෝ...ලොකු මේසෙක දුරින් කනවාට වඩා මෙතන පොඩි මේසෙ හොඳයි...මං හැමදාම කෑවේ මෙතන...එතකොට ගොඩක් පාළු නෑ.."

ලොකු සර් එතන පොඩි මේසෙට කෑම අරින්න කියද්දි පුතණ්ඩියා නම් කෑම කද්දි පාළු මකා ගන්නෙ ලොකු මේසෙ වාඩි උනාම ජනෙලෙන් ඈත්  වෙල් යාය කෙළවරේ පේන පොල් අතු පැලක් දිහා බලන් කියලා හිතින් කිව්ව මං, ලෙවින් සරුත් ඇවිත් ලොකු සර් ළඟ පුටුවක් ඇදලා වාඩි වෙද්දි සර්ලා දෙන්නට පිඟන් දෙකක් එක්ක උඩට ගෙනියන්න ලෑස්ති කරපු කෑම ට්‍රේ එක මේසෙ උඩින් තිව්වා...

"ඔයාගෙ පිඟාන කෝ බබා..."

"ස්..සර්..මං මේ..මං පස්සෙ කන්නම්.."

"ඇයි පපා ඉන්න නිසාද... එයා හිටියා කියලා වෙනසක් ඕන නෑ...මෙච්චර දවස් එකටනෙ කෑවේ මං එක්ක...ඉස්සරහාටත් එහෙමයි...මේ මේසෙ මං එක්ක කවුරු වාඩි උණත් ඒක එහෙමයි...පපාට ප්‍රස්නයක් නෑනෙ.."

අම්මටහුඩු ඒ මොකක් උණාද...මං නම් හිතුවෙ අපි දෙන්නා කිට්ටු බවක් ලොකු සර් දැන ගන්නවාටවත් ලෙවින් සර් අකමැති වෙයි කියලා උණත්,ලෙවින් සර් බය නැතිව බබා කියාගෙනම මටත් කන්න වාඩි වෙන්න කියද්දි ලොකු සර් ඇස් යටින් බලන් උන්න බැල්මට අඬන්න බැරි කමට හිනා උන මං මොකක් කරම්දෝ උඩ බිම බලද්දී ලෙවින් සර් පුටුවත් පස්සට කරන් නැගිටලා ගිහිං මං කෑම කන පුරුදු පිඟාන එයාම අරන් ඇවිත් මේසෙ උඩින් තියද්දි ,අපි අතරෙ මාරු උන ලොකු සර්ගේ බැල්මට ලෙවින් සර්ගෙ කටකොණේ හිනාවටම සමාන අමුතු හිනාවක් එකතු වෙද්දි මට දැනුණ අපහසුව දෙගුණ තෙගුන උණා...

"මට..ආහ්..නෑ..ප්‍රස්නයක් නෑ...ඔයත් එන්න දරුවෝ..."

.......

"මං ඉන්න එක ගැන හිතන්න එපා...මන් එන්න කලින් ඔයාලා උන්නේ කොහොමද...ඒ වගේම සුවපහසුවට ඉන්න දරුවෝ..."

ගමේ මිනිස්සුන්ට හැමදාමත් කරුණාාවෙන් සලකපු මනුස්සයෙක් උණත්, ලොකු සර් ලොකු සර් නිසාම එයාගෙන් මේ තරම්ම ළෙන්ගතු පිළිගැනීමක් බලාපොරොත්තු නොවුණ නිසා තාමත් පුදුමෙන් උන්න මාව ලෙවින් සර් අතින් ඇදලා එයා ළඟින්ම වාඩි කරගද්දී , සැහැල්ලුවෙන් හිනා වෙවී උන්න  ලොකු සර් අතින් මුල්ම කෑම හැන්ද මගෙ පිඟානේට බෙදෙද්දී මං බලන් උන්නේ හුස්මත් හිර කරගෙන...

.

.

.

"මං කිව්වනේ බං..මමත් සිහියෙන් හිටියෙ නෑ...ඩ්‍රින්ක්ස් අරන් හිටියෙ..ඒකිට උදව් කරන්න විතරයි ඕනා උණේ.."

.......

ලොකු සර් එක්ක function එකට කොළඹ ගියපු ලෙවින් සර් ආපහු ආවා කියන ආරංචියට නත්තලට කලින් දවසෙ හවස් වෙද්දී මං බංගලාවට කඩාගෙන බිඳගෙන ආවේ දවස් දෙකකට පස්සෙ එයාව දකින්න තිබුණ නොයිවසිල්ල නිසාමයි...වෙනදා නම් කොහෙ හරි ගිහිං ආ හැටියේ,මන් බංගලාවේ නැත්තන් එන්න කියලා සර් කෝල් එකක් දුන්නත් අද සර් ආපු බව දන්නෙම ඇවිත් පැය ගාණකට පස්සෙ අනුමිලාගෙ දිහා ගිහිං ආව පොඩි එකී අක්කාට හොරෙන් මට දීපු ඔත්තුව නිසා වෙද්දි, සර් කතා නොකරපු එකට දුක හිතුණත් , ඒවා ගැන හිතනවාට වඩා සර් ආපු සතුටට පිම්මේ ආපු මං කෙලින්ම එයාගෙ කාමරේ ඇතුලේ නතර වෙද්දි දොරට පිටුපාලා,තාමත් ඇඳුම්වත් මාරු නොකර
එහෙටත් මෙහෙටත් ඇවිද ඇවිද ෆෝන් එක කනේ තියන් උන්න එයාගෙ කටහඩේ තිබුණ කේන්තිය අඳුනා ගත්ත මං එයා කෝල් එක ඉවර වෙනකං කියලා හිතන් ආපහු අඩියක් පස්සට ගත්තා...

"මං දන්නේ නෑ..ඒ කෙල්ල මට දැකලා හුරුයි වගේ දැනුණා..දන්නවා වගේ..නිකංම..බලන් ඉන්න බැරි උණා බං මට.."

........

"දැන් වෙන්න ඕනා දේවල් උනාට පස්සෙ මොනා කරන්නද බං..ඔය අවුල ලිහපන් කොහොමහරි.."

........

"ඔව්..රූම් එකේ  කාඩ් එකක් තියලා ආවෙ...පස්සෙ කතා කරයි කියලා...පොඩි කෙල්ලෙක්නේ බන්...මට ඕනා උණේ අරූගේ හැටි කියලා දෙන්න..හිතු..හිතුවෙ නෑ යකෝ...මං අතින් මෙහෙම වැරැද්දක් වෙයි කියලා....!"

........

මං නැවතුණා...දොරෙන් එළියට යන්න හැදුවා උණත් ඊලගට ඇහුණ දේ නිසා මං දොර ළඟ නැවතුණා වෙද්දි අනුන්ගේ කතාවක් අහං ඉන්න ඕනා නොවුණත්...කෙල්ලෙක් ගැන කියවෙද්දීම ඒ වෙලාවේ අහන් හිටපන් කියලා හිතට ආපු මොකක්දෝ සිතුවිලක් මාව දොර ලගින් නතර කරා..

"කොයි විදිහෙන් හරි.. උන්ට ඕනා කිරුළු මේ ඔක්කොම දැන ගෙන හැමදේම අවුල් කරන්න නම්...එයා දැනගන්න බෑ එච්චරයි.."

........

"උඹට පිස්සුද බං..මේ තියෙන ප්‍රස්න මදිවට තව ටික දවසකින් යන්න ඉන්න එයාගෙ ඔළුවට තව ගෑනියෙක් ගැන දාන්න ඕනා නෑ මට.."

.........

මොකක් උණත් ප්‍රස්නෙ කොණක මාත් ඉන්න බව තේරෙද්දී...ඊටත් වඩා ඒක මගෙන් හංගන්න හදන දෙයක් වෙද්දි මගෙ පපුව නොදැනිම වේගවත් වෙද්දී දොරෙන් එළියට ආපු මං පපුවට අත තියන් දොරට මුවාවෙලා හිට ගත්තා...

"කිව්වම අහපන් බං..ඕක කිව්වා කියලා හොඳක් වෙන්නේ නෑ..කොල්ලා හිත රිදවා ගන්න එක විතරයි..එයා මොකුත් කියන එකක් නෑ..ඒ උනාට කොල්ලා ඕවා ගැන හිතනවා බං..ලියා ගැන ඇහෙද්දී...ඒ මූණ...ඒ මුනත් ඒ වෙලාවට හරියට පපාවයි එලිනා මමාවයි මතක්  කරද්දි මගෙ මමාගේ මූණ තියෙනවා වගෙමයි බං..මගෙ මමාගේ ඇස් වල..මං දකින්න අකමැතිම උණ වේදනාවමයි...මං කිරුළුගේ ඇස් වල දකින්නෙ...ඩ්‍රින්ක්ස් අරන් ඉද්දී උණ අත් වැරැද්දක් නිසා..මට ඕනා නෑ...බං..ඒ ඇස් තව තව වේදනාවෙන් පිරෙනවා බලන්න ඕනා නෑ.."

........

කෙල්ලෙක්...රූම් එකක්...උදව් කරන්න ගිහිං..බීලා ඉද්දි උන අත් වැරැද්දක්...ඔය වචන එකින් එක ඔලුවට යද්දි පපුවට දැනුණ ගැස්ම , එයාට ඒක මගෙන් හංගන්න ඕන උණ හේතුව ඇහෙද්දී කඳුලු වෙලා මගෙ ඇස් වලින් මටත් නොදැනිම කඩන් වැටුණා...

"ඔව් ඒ නිසා...පුළුවන් නම් ඒ කෙල්ලව හොයන් පැහැදිලි කරපන් ප්ලිස්..මං දන් නෑ..මං මේ මොකුත් දන්නේ නෑ බං.."

.....

"ඔව් cctv මකපන් දැන්ම..."

කෝල් එක කට් කරපු එයා ෆොන් එක පැත්තකට දාලා අත් දෙකෙන්ම කොණ්ඩේ ඇදගත්තා වෙද්දි , ආයි දෙයක් මතක් උණා වගේ ෆෝන් එක අතට අරන් කලබලේට එබුවා වෙද්දි  ප්ලේ කරපු විඩියෝ එකක පසු බිමින් ලාවට ඇහුණ සිංදු සද්දේ මටත් ඇහුනා...

"මගෙ අලි කඳෝ.....දිගංචියෝ.... ඔයා ආවද ඒ..යි....හොර ගෙඩියෝ....."

ඒ වෙලාවේ මොනා කියන්නද කරන්නද..කියලා අදහසක් හිතට නොඑද්දී
මොනා කරන්නත් එයා ඉස්සරහට යන්න ඕනා නිසා මොකුත් ඇහුණේ නැති ගාණට හොඳ හුස්මක් ගත්ත මං හිත සංසුන් කරගන්නත් එක්ක ආපහු පස්සෙන් පස්සට පඩියෙන් පඩිය පඩිපෙළ බැස්සා... පහලම පඩියේ නතර වෙලා ආපහු හොඳ හුස්මකින් පපුව පුරවන් පුරුදු ස්වරයෙන්ම එයාට කෑ ගහගෙන ආයිමත් පඩිපෙළ දිගේ උඩට දිව්වා වෙද්දි...උඩ කොරිඩෝ එකේ හිටගෙන ඉනටත් අත් තියන් මගෙ සම්පූර්ණ ක්‍රියාදාමේ බලන් උන්න සෙවරින් සර් දැක්කාමයි මට මේ ගෙදර තවත් මනුස්සයෙක් ඉන්නවා කියලා මතක් උණේ...ආයි හැරෙන්නත් බැරි තැන අහිංසකයා වගේ ඔළුවත් නමලා ප්ලාස්ටික් හිනාවකුත් දීලා , කාටවත් කිසිම හේතුවකට දොර නොඇරෙන තමන්ගෙ එකම පුතාගෙ අධි ආරක්ෂිත බෙඩ් රූම් එකට අවසර නැතිවම රිංගන අමුතු ජීවියා දිහා ලොකු සර් ඇස් ලොකු කරන් බලන් ඉද්දීම මං ලෙවින් සර්ගේ කාමරේට රිංගුවා....ඉතිං කිව්වනේ...එයා හිටියට කමක් නෑ.. වෙනදා වගේ සැහැල්ලුවෙන් ඉන්න කියලා...ඒක තමා මේ කරන්නේ....

"සුද්දො...ඔයා...ආවද..හලෝ....."

මං යද්දීත් තාම ඇඳේ වාඩිවෙලා උන්න එයාගෙ අතේ නහර ඈතටත් පේන තරම් තදින් ෆෝන් එක එයාගෙ අතේ මිරිකිලා තිබුනා වෙද්දි මගෙ කට හඬ ඇහුණ නිසා එයා මං එනකං දොර දිහා බලන් හිටියා..ඒත් ඒ මූණේ හිනාවක්වත් නොවෙද්දී යටපත් කර ගත්ත කේන්තියක් එක්ක මොකක්දෝ ලොකු දුකක් ලියවෙලා තියෙද්දි මොහොතක් බලන් උන්න එයා හිනාවක්වත් නොදී වචනයක්වත් නොකියා ෆෝන් එක ඇඳ උඩට විසි කරලා බාත් රූම් එකට ගිහිං දොර වහ ගද්දී මූණටම වැහුන දොර දිහා බලන් උන්න මගෙ ඇස් වලින් කඳුලු පෝලිමක් ගලන් ගියා...

වැරදි.. මේ කරන්න යන දේ වැරදි...ඒත් හිත කිව්වේම බලපන් කියලා වෙද්දී ඇඳ උඩ වාඩි උණ මං සර්ගේ ෆෝන් එක අතට ගත්තා...සද්දෙත් අඩු කරලා මුලින්ම ගිහිං බැලුවේ කෝල් හිස්ට්‍රි එක වෙද්දි අන්තිම කෝල් එක විදිහට සුමංග අයියාගේ නම්බර් එක තියෙද්දි කෝල් හිස්ට්‍රි එකත් එක්කම ස්ක්‍රින් එකේ තිබුණ විඩියෝ එක වෙව්ලන ඇගිලි වලින් මං ඕපන් කරා..

කෙල්ලෙක්.. සර් උන්නේ කොටම කොට ගවුම් කෑල්ලක් ඇඳ ගත්ත කෙල්ලෙක්ව වාරු කරන් හොටෙල් රූම් එකක් ඉස්සරහා වෙද්දි කවුරු නමුත් විඩියෝ එක පැහැදිලිව ළඟටම අරන් තිබුණ නිසා ඒ කෙල්ල උන්නේ මත් වෙලා කියලා බැලූ බැල්මට පෙනුණා වෙද්දි සර් කෙල්ලවත් වාරු කරන් දොර අරින්න හදන ටිකට ඒ කෙල්ල වාරු නැතිව යද්දි සර් නැමිලා  කෙල්ලව හරහට වඩා ගන්න හැටිත් කකුලෙන් දොර තල්ලු කරන් රූම් එක ඇතුලට ගිහිං කෙල්ලව ඇඳේ තියනවත්, සර් ආපහු නැගිටින්න හැදුවා උණත්, නැගිටින්න නොදි අර කෙල්ල බෙල්ලෙ එල්ලෙන හැටිත් ,ඒ අත් වලින් ගැලවිලා කෙල්ලගේ කකුලේ තිබුණ සෙරෙප්පු දෙකත් ගලවලා දාලා සර් ඇඳගෙන උන්න උඩ ඇඳුම් ගලවලා දාන හැටිත් සර්ට වහන්න අමතක උණ දොරෙන් කවුරු නමුත් හරි පැහැදිලිව විඩියෝ කරලා තිබුණා...

දුක් වෙන්න හේතුවක් නැතත්...මොකක්දො අහේතුක කඳුලක් මටත් හොරෙන් ඇස් වලින් එළියට ඇවිත් ෆෝන් එක උඩට වැටෙද්දී මං සිහියට ආවා... තේරුමක් නැතිවම ඉක්මනින් ඒ විඩියෝ එක මගෙ ෆෝන් එකට send කරලා ආපහු හිස්ට්‍රි ක්ලියර් කරලා ෆෝන් එක තිබුණ තැනම තියලා මං බැල්කනියට ආවා...

හිත පුදුම තරම් නොසන්සුන්...එයා කෙල්ලෙක් එක්ක රූම් ගියපු නිසා නෙමෙ...එයා මං එක්ක කිට්ටුවෙන් හිටිය උණත්...එයා වෙන අයට ලං වෙද්දි...ලියා මිස්ට පවා ළංවෙද්දී දරාගන්න බැරි තරම් හිත රිදුණත්, මං කොහොමවත් එයා හුස්මකින් පවා මගෙ විතරක් වෙන්න ඕනා කියලා මං බලාපොරොත්තු උණේ නෑ...මොකද වචන දීපු..පොරොන්දු දීපු..නමක් දීපු...අයිතියක් ලියවුණ සම්බන්ධයක් අපි අතර නැති වෙද්දි,මං මේ ළංවෙලා ඉන්නෙත් වෙන කෙනෙකුට අයිති දේකට වෙද්දි එහෙම බලාපොරොත්තු වෙන එක අසධාරණයි කියලයි මට හිතුණේ...

ඒ නිසාම...එයාව මෙහෙම දකින එක හිතට කොයිතරම් වේදනාවක් උණත් ඒ ගැන නොහිතා ඉන්න මටම තරවටු කරගනිද්දි ,කවුරු නමුත් මේ දේවල් විඩියෝ කරලා එයාට කරදරක් කරන්න උත්සාහ කරනවාදෝ කියන එක මගෙ හිතට වද දුන්නා...ඒකත් ටිකකට කලින් ඇහුණු දේවල් නිසා කවුරු නමුත් සර්ට බලපෑම් කරන්නේ මං ගැන කියලා බව තේරෙද්දි , සර් මං මේ ගැන දැනගනී කියලා වද උණ හැටි මතක් වෙද්දි මාව අතරමං වෙනවා වගේ දැනුණා...එයා කෙල්ලෙක් එක්ක දකින එක ගැන වද නොවී ඉන්නම මං මටම දුන්න හේතු එක්ක බැලුවාම අපි අතරෙ එහෙම වගකීමකින් බැඳිලා රකින්න දේවල් නැතිවම,මගෙ හිත රිදෙනවට බයේ සර් මේ දේවල් මේ තරම් මගෙන් හංගන්න එක ගැන මට හිතාගන්න බැරි උණා...

ඉස්සර එයාගෙ ජීවිතේ කොහොම ගත උණත්..සමහරවිට පැතුම් අයියලා කියන්නා වගේ මාව මුණ ගැහුණට පස්සෙ මොන හේතුවක් නිසා හරි එයා වෙන කෙනෙකුට ලන් වෙන්න නැතිව ඇතිද...ඉතිං එහෙම උන්න එයාට ,එයා පිළිගන්න අකමැති ආදරේ අස්සෙ වෙන කෙනෙකුට ලං වෙලා මට වැරැද්දක් කරා කියලා වරදකාරි හැඟීමක්  දැනෙනවා ඇති ද..ඒත්..ඒක විකාරයක් නෙමෙද...හෙට අනිද්දා කසාද බැදලා ලියා මිස් එක්ක ජීවිතේ ගොඩ නගන්න හිතන් ඉන්න එයා මේ වගේ දේකට පස්සෙත්, මං එක්ක මේ වගේ උන්නට පස්සෙත් වද වෙන්න ඕනා ලියා මිස් ගැන මිසක් මං ගැන නොවෙද්දී මේ ගැට ලිහා ගන්න මට තේරුණේ නෑ...එයාගෙන් අහන්න ඕනා උණත්...එයා සීමා මායීම් දාපු මාතෘකා නොබිඳ මේ දේවල් කතා කරන්න බැරි නිසා නිහඬ වෙන එක හොඳයි කියලා මට හිතුණා...

"කි..රු..ලු...බබා....ඔයා ගියා..ද..!! ශිට් මං...!!"

එකපාර රූම් එක ඇතුලෙන් එයාගෙ කලබලේ පිරුණ කටහඬ ඇහෙද්දී එයා මං යන්න ගියා කියලා හිතුව බව තේරුණා වෙද්දි යන්න හැරෙන ටිකට මොනවාදෝ බිඳෙන සද්දයක් ඇහෙද්දී මං අඩියට දෙකට කාමරේට දිව්වා...

"දෙ.. වි..යනේ සර්..ඇයි මේ..!!"

"ගියේ නෑ නේද..ගියා නෙමෙ..ද..යන්නෙ නෑ නේද...මගෙ කිරුළු..යන්නෙ නෑ නේ..ද ඔයා..යන්න එපා..ප්ලිස්...යන්න එපා..මොනා උණත්..මං..මං ළඟ ඉන්න...මං..මං බලා..ගංනම් හැමදේ..ම..මං ළඟ ඉන්න..."

මං යද්දීත් මල් වාස් එකක් එයා උන්න තැනට විරුද්ධ පැත්තෙ බිත්තියේ වැදිලා කුඩු වෙලා තියෙද්දි අනිකත් බිත්තිය හොයාගෙන ඉගිලෙන්න ඔන්න මෙන්න එයාගෙ අතේ තියෙද්දි දුවලා ගිය මං ඒ වාස්  එක උදුරලා පැත්තකින් තියන පමාවට මාව ඒ අත් වලින් කිටි කිටියේ මිරික ගත්ත එයා විකාරෙන් විකාරෙන් කියවන් යද්දි මට මොකුත් හිතා ගන්න බැරි උණා...

"මං කොහෙවත් ගියේ නෑ අනේ...බැල්කනියෙ හිටියෙ...ඇයි සර් මේ...ඇයි කලබලවෙලා...ඔයා මොකක්හරි ප්‍රස්නෙකද ඉන්නෙ සර්.."

"ම්හු.මොකුත් නෑ..මෙහෙම මං ළඟින් ඉන්න එතකොට හරි.."

මගෙ පරණ සාළු කෑල්ල යාන්තං ඉනට පටලාගෙන තෙත බේරි බේරි උන්න එයාගෙ නිරුවත් පපුවේ ගැස්ම ඒ සිතල පපුවට තද උණ මගෙ කම්මුලට හොඳට දැණෙද්දී එයාව සංසුන් කරන්න හිතන් මගෙ අතක් එයාගෙ පිට දිගේ උඩ පහල ගියා...

"අහ්..මේ මොකෝ...තෙතයි ඔයා හොඳටම..කෝ නැගිටින්න...හොඳට පිහගෙන ඇඳුමක් දාගෙන කෝපි එකක් බීලා  එමු.."

"ම්ම්..හ්..ක්...මොකුත් එපා..මෙහෙම ඉන්න දෙන්න.."

මාව අත් දෙක අස්සෙ හිර කරන් මගෙ හිස් මුදුනේ මූණ ගහන් උන්න එයා එකපාර මාව උස්සලා අත් දෙකට අරන් ඇඳ උඩ අත ඇරලා මගෙ ළඟින්ම පෙරළිලා දිග අඬු ඔක්කොම මගෙ ඇග උඩින් දාලා මාව තුරුළු කරගෙන මගෙ බෙල්ල පාමුල තෙත බේරෙන ඔළුව ගහගද්දී මට මොකුත් හිතාගන්න බැරි උණා...

"ස...ර්.."

"නින්දක් නෑ...දවස් දෙකක්ම..මට.මට නිදාගන්න බැරි..උණා බබා...නිදිමතයි..මට.."

"ඒ..ත්..ඇ."

"ෂ්.."

එයාගෙ තෙත බේරෙන ඇගෙන් ආපු සීතල මාවත් වහගද්දී , ඒ අස්සෙ යාන්තං ඉණේ රැදිලා තිබුණත් , මගෙ ඇග උඩින් දාගත්ත කකුල නිසා දෙබෑඋන සාලු කෑල්ලෙන් එළියට ආපු එයාගෙ පණ ගහපු දේවල්, උඩට ඇකිලුන ශෝට් කෑල්ලෙන් එළියට ආපු මගෙ කලවා වලට අමු අමුවේ දැනෙද්දි...ඒ මදිවට එයා උන්න විදිහට මැද්දෙන් ඉරුණ සාලු කෑල්ලෙන් එයාගෙ සුදු පස්සත් සිවිලිම දිහා බලන් මං එක්ක හිනා වෙද්දි,තත්වේ විදිහ ගැන වගේ වගක් නැතිව ඔළුව උස්සපු මටම පාලනයක් නොවුන මගෙ හැඟීම් එයාගෙ ඉන දිහාවට තට්ටු දාන්න ගද්දී  නම්බුව රැකගෙන මෙතනින් පැනලා යන්න මට ඕනා උණා....ඒ නිසාම මං එයාව නැගිට්ටවන්න හැදුවත් එයා තව ටිකක් මාව යට කරගෙන එයාගෙ හැඟීම් තව ටිකක් මගෙ ඇගට තද වෙන්න එහාට මෙහාට වෙලා හරි බරි ගැහිලා මාව බදා ගත්තා මදිවට මාව තේරුණා වගේ , මගෙ ඇග උඩින් තිබුණ කකුල තව උඩට අරන් , පිස්සු හැදිලා උන්න මගෙ හැඟීම් උඩින් ඒ දනහිස ළඟින් නැමුණ කකුල තද කරන් එයාට නිදි මතයි කියද්දි මන් ඇයි අහන්න හැදුවා උණත් එයාගෙ අතක් ඇවිත් මගෙ කට උඩින් තද වෙලා මාව නතර කරා...

"කිරුළු..."

"ම්ම්ම්.."

එයාගෙ අතට යට උණ මුවින් පිට පිට නොසන්සුන් කමේ පිටවුණ මගේ උණුසුම් හුස්මත් , මගෙ බෙල්ල පාමුල නොසන්සුන් කමින් පිටවුණ එයාගෙ හුස්මත් ටික වෙලාවකට පස්සෙ සංසුන් වෙද්දි මගෙ බෙල්ල අස්සෙ මූණ ගහන්ම එයා ඇහෙන නෑහෙන ගාණට මට කතා කරා..

"ඔයාට මාව විශ්වාසද බබා...."

"සර්.."

"කියන්න...මාව විස්වාසද කිරුලු...."

එකපාරම එයා මං බලාපොරොත්තු නොවුණ ප්‍රස්නයක් මගෙන් අහද්දී...එයා දැන් මේ අදහස් කරන්නේ මොන විදිහෙ විස්වාසයක් ගැනද කියන්න මට මොකුත් හිතාගන්න බැරි උණා...ඒත් මුලින් හිතට ආවෙ දැන් ටිකකට කලින් අහපු දැකපු දේවල් වෙද්දි මං ඉක්මනින් ඒ දේවල් අමතක කරන්න උත්සාහ කරා...මොකද මට හිතුණේ එතන උණේ මොකක් උණත් මට අදාල නෑ කියලාමයි..ඒ ගෑණු ළමයා කවුරු උණත් කොහෙ උණත්,කාගෙ කවුරු උණත් හොටෙල් එකක ඒ වගේ ඇඳගෙන බීලා උන්න විදිහට ඒ සමාජෙට හුරු උණ කෙනෙක් වෙන්න ඇති කියලා හිතෙද්දි...අනිත් දේ සර් වද උණේ ඒ ගෑණු ළමයා ගැනටත් වඩා , මන් ඒ ගැන දැනගනිද කියන එක ගැන වෙද්දි...මොනා උණත් ඒ ගෑණු ළමයා හොදින් ඇති කියලා මං හිතුවා...ඒ නිසාම තවත් ඒ ගැන බලෙන් හාරා අවුස්සලා සර් එක්ක එකට ඉන්න තියෙන අන්තිම දවස් ටික කලින් වතාවේ වගේම අවුල් කරගන්න කොහොමවත් මට ඕනා උණේ නෑ...

"ම්ම්..ගොඩක් විස්වාසයි...මගෙ..සර්..."

ඉතිං මං හිතුවා...මට එයාව විශ්වාසද...අනික් අය සම්බන්දෙන් කොහොම උණත්...මගෙ පැත්තෙන් බැලුවාම...නොඉල්ලාම මං වෙනුවෙන් හීන දකින..මං ගැන හොයලා බලන...මං වෙනුවෙන් කැප කිරීම් කරන...මගෙ හිත නොරිද්දා ඉන්න මේ තරම් වද වෙන...ඕනවාටත් වඩා මාව පරිස්සම් කරන...මං වගේ කෙනෙකුට ඒ ජීවිතේ මේ තරම් ඉඩක් දීපු එයාගෙන් මට කරදරයක් නොවෙන බව මට විස්වාසයි....කවදා කොහොම ඇති උනාද නොදන්නවා උණත්...මගෙ සර්ව...මට විස්වාසයි මහ ගොඩක්.....

"විස්...වා..සයි...මගෙ කිරු..ලුට මාව විස්..වාසයි..."

මගෙ වචනත් එක්ක සැහැල්ලුවෙන් පිරුණ ලොකු සුසුමක් මගෙ බෙල්ල පාමුලම අත ඇරපු එයා මගෙ උරහිසේ ඇස් තද කරන් ඔළුව හොල්ල හොල්ලා ආයි ආයි මුමුණද්දී මං අත් දෙකෙන් ම එයාගෙ ඔළුව අල්ලන් එයාගෙ නළලෙන් තොල් තද කරා...

"ඔව් විස්වාසයි...ගොඩක්...මං දන්නවා...ඔයා මට නරකක් වෙන්න දෙන්නේ නෑ..."

මං මුමුණද්දී එයා තව ටිකක් මාව ඒ අත් අස්සෙ හිර කරගත්තා...

"වි..ස්..වා..සයි..ලු...බබා..ට..මාව..."

......

"ඔව්..විස්.වාසලු...බය..වෙන්න..ඕනා..නෑ...විස්වා...සනේ.."

......

"එයාගෙ..ලු නේ..විස්වා..සලුනෙ.."

මගෙ අත් ඒ කෙස් ගස් අවුස්සා අවුස්සා ඒ ඔළුව පුරා දුවද්දී මාව තුරුළු කරගෙනම සනීපෙට ඒ ඇස් පියවෙලා ගිහිං සෑහෙන වෙලාවකට පස්සෙ ඒ උණුහුමටම මගෙ ඇසුත් පියවෙලා යන මොහොතේ මට හිනෙන් වගේ එයා නින්දෙනුත් මුමුණනවා ඇහුණා...

.

.

.

පෙබරවාරි මාසෙ මුල් සතියේ දවසක් උණ අද මං උන්නේ බංගලාවේ මට දීලා තිබුණ කාමරේට වෙලා ජර්මනි යද්දි අරන් යන්න ගෙනපු බඩු වල අඩුපාඩු බලන ගමන්...ජනවාරි මුල යන්න තිබුණ ගමන කෝස් එක පටන් ගන්න දිනේ මාස 2කින් කල් ගියපු නිසා පෙබරවාරි මැදක් වෙනකං පස්සට යද්දි,සර් එක්ක ඉන්න ලැබුණ කාලෙ වැඩි උණ නිසා ඇත්තටම මට දැනුණේ සැනසීමක්....

ඉතිං දෙවැනි නත්තලත් එයා එක්ක ගෙවුණා... ගිය වතාවේ වගේම එයාගෙ නත්තල් ගහේ තරුව මගෙ අතින් එල්ලෙද්දී මේ වතාවේ කලින්ටත් වඩා උස උණ නත්තල් ගහේ තරුව එල්ලන්න එයා විතරක් නෙමෙ ලොකු සරුත් එකතු උණා..මේ වතාවේ නත්තලේ එලිනා මැඩම්ට බංගලාවේ දොර වැහෙද්දී ලියා මිස් විතරක් අපි එක්ක එකතු උණා..
ඒ ඔක්කොටම එක්ක පැතුම් අයියා,සුමංග අයියා වගේම අලුතින් වැඩට ආපු අනික් කොල්ලෝන්ට අමතරව අපෙ ගෙදර අනික්  හතර දෙනාටත් ආරාධනා ලැබෙද්දී අම්මා වගේම දෝනි අවංකවම සතුටු වෙද්දි අක්කා නම් හිතේ දෙගිඩියාවෙන්.. බාප්පත් අනික් දේවල් ගැන කෙසේ වෙතත් අන්තිමේ රට බීම ලැබුණ එක ගැන හරි සතුටු උණා...

දැන් බංගලාවේ ආයි මල් පිපිලා..කලින් වතාවටත් වඩා හැමදේම ලස්සන වෙද්දි, සාර්ථක වෙද්දි කාලෙකට කලින් හිතට දැනුණ වේදනාව අතුරුදන්ම වෙලා තිබුණා...ගතවුණ කාලෙ නිසා හිතට දැනුණ සතුට සැහැල්ලුව නිසාමදෝ කීප වතාවක් ලියා මිස් බංගලාවට ඇවිත් ගියත් ඒ දෙන්නා එකට ඉන්නවා දැක්කත් ,  ලියා මිස් ඉන්න තැනත් සර් මං ගැන සැලකිලිමත් වෙන බව දැනෙද්දී කලින් වගේ හිත නොරිද්දාගෙන ඉන්න මට පුලුවන් උණා...

ඉතිං දවස් ගෙවෙද්දී මට යන්න ඉතිරි වෙලා තිබුණෙ සතියක කාලයක් විතරක් වෙද්දි , දැනටමත් යන්න හිත හදන් හිටියත් එකම දෙයක් විතරක් මගෙ හිතට වද දුන්නා...නත්තල් නිවාඩුව ඉවර වෙලා ආපහු යන්න ආපු සෙවරින් සර් මේ වෙනකංම නවතිද්දී මට නොකිව්වට එයාලා මොකක් හරි ප්‍රස්නෙක ඉන්න බව මට තේරුණා...ඒ කලින් වතාවේ කෙල්ලෙක් නිසා උණ ප්‍රස්නෙ නෙවේ කියලා විතරක් තේරෙද්දී
බලන් ඉන්න බැරිම තැන සර්ගෙන් හේතු ඇහුවත් උත්තර නොලැබෙද්දී කොච්චර එකට කාලා බීලා උන්නත් මං කියන්නේ එයාලට පිට කෙනෙක් බව හිතන ගමන් මං ඒ දේවල් නොහිතා ඉන්න උත්සාහ කරා...ඒත් මොකක්දෝ හේතුවකට..ඒ ප්‍රස්න වල කොණක මාත් ඉන්න බව දැනුණ එක මාව ටිකක් කලබල කරා...

"හැමදේම ලෑස්තිද දරුවෝ..."

"ඔව් ලොකු සර්..සර් කිව්වා documents වල මොකක්දෝ පොඩි අවුලක් තියෙනවා කියලා ඒක බලන්න මෙහෙන් යන ගමන්ම ඒජන්සියට යන ගමන විතරයි තියෙන්නේ..."

කොච්චර හිත හයියට ඉන්න හැදුවා උණත් ප්‍රියයන්ගෙන් වෙන් විම දුකක් වෙද්දි , එකට උන්න මතක පපුව හාරද්දී සර්ම එකින් එක යට ඇඳුමේ ඉඳන් තෝරලා, වියදම් කරලා අරගෙන දුන්න ඇඳුම් නම නම උන්න මං ඇස් වලින් වැටෙන්න ආපු කඳුලක් පිට අල්ලෙන් පිහලා දාද්දී ඇහුණ ලොකු සර්ගේ කටහඬට මං ඔළුව උස්සලා බැලුවා...

"හ්ම්ම්..ඒක හදාගන්න අමාරු වෙන එකක් නෑ...ඉතිං ඇයි ඔය මූණ අවුල් කරන්... කැමැත්තෙන් නෙමෙද යන්නේ.."

"ඒ..එහෙම එකක් නෑ.."

"දුකින්ද ඉන්නෙ..ගෙදර දාලා යන්න..ලෙවින් නැතිව ඉන්න..."

.......

"මං ඔයාව බලාගන්න කෙනෙක් බලලා තියෙන්නේ...බය නොවී ඉන්න...ඔයාගේම අම්මයි ලෙවිනුයි දෙන්නම ඔයා ළඟ කියලා හිතෙයි එයාව දැක්කම..."

ලොකු සර්ගේ ප්‍රස්නෙට උත්තර නොදීම ආපහු ඇස් වලට උණාගෙන ආපු කඳුලු හංගන්න මං උත්සාහ කරද්දි මගෙ ළගින් වාඩි වෙලා මාව ළඟට ගත්ත ලොකු සර් මගෙ ඔළුව අත ගෑවෙ එයාගේම දරුවෙක් වගේ...බාප්පා වගේ..මට හිතුණේ එහෙම..මට මතකයක්වත් නැති තාත්තා නෙමෙ..මට මතක තියෙන පුංචි කාලෙ මාව ළඟට අරන් ඔළුව අතගාලා හිත හදපු බාප්පා වගේ...

අහිංසා අම්මා මේ මාස 6ට මාව එයා ළඟට එක්ක ගන්න කැමති උණත් ලොකු සර් වගේම ලෙවින් සර් දෙන්නම මාව එයා ලඟ නතර කරන්න මොකක්දෝ හේතුවක් නිසා අකමැති වෙද්දි සෙවරින් සර් එයා අඳුනන කෙනෙක් ඒ වෙනුවෙන් තෝරාගෙන තිබුණා..ඒ කවුරු උණත් මං කවදාවත් නොදැකපු නොදන්න කෙනෙක්ගෙන් මට කොහොමද මගෙ අම්මාව දැනෙන්නේ...මගෙ සර්ව දැනෙන්න අහන්න ඕනා උණත් ලොකු සර්ගේ වචන ඇතුලේ තිබුණ විස්වාසේ මට ඔය කියන කෙනාව බලන්න ආසාවක් ඇති කරා..

"ලොකු සර් දැන්ම එන්නෙ නැද්ද එහෙ.."

"එන්න ඕනා...ඒත් පොඩි ප්‍රස්න ටිකක් තියේ ඉක්මනින් විසඳ ගන්න..ඒ ටික ඉවරවුණ ගමන් එනවා.."

"ප්‍රශ්..න..ලොකු ප්‍රස්නයක්ද...ඒ නිසාද ලෙවින් සර් කලබලවෙලා ඉන්නෙ.."

ලොකු සර් කියද්දි මං එයා දිහා බැලුවේ එයාගෙන්වත් මේ ප්‍රස්නෙට උත්තරයක් ලැබේවිද කියන බලාපොරොත්තුවෙන් උණත් එයා කියපු දේ නිසා මගෙ බලාපොරොත්තු බිඳිලා ගියා...

"ඔයා ඒ ගැන හිතන්න එපා...ලෙවින්ව විස්වාස කරන්න...එයාට ටිකක් කල් දෙන්න..ඒ දේවල් ගැන නොහිතා ඔයා යන වැඩේ උනන්දුවෙන් හරියට කරගන්න...ලෙවින් ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නෙ ඒ ගැන.. ඉතිං ඔයා යන වැඩේට විතරක් අවධානේ දෙන්න..ඔයා මැදිහත් නොවෙන තරමට එයාට මේ ප්‍රස්න විසඳ ගන්න ලේසි වෙයි..බය නොවී ඉන්න මට බැරි උනාට හැමදේම ලෙවින් විසඳයි ඉක්මනින්.."

ලොකුසර් මගෙ අතකින් අල්ලන් ආපහු ඒ දේවල් ගැන හොයන්න එපා කියලා අඟවන්න වගේ ස්ථිර හඬකින් කියද්දි ,අඳුරේ අතපත ගාණවට වඩා මේ වෙලාවේ හොඳම දේ එයාලා පෙන්නන පාරෙ යන එක වෙද්දි, වෙන කරන්න දෙයක් නැතිකමට හා කියන්න ඔළුව හොලවපු මං ගමනට ඇඳුම් ලෑස්ති කරන්න ගත්තා.....

මතුසම්බන්ධයි...
👩‍💻 dil

2024/02/12

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

ළමයි......🙃🙃

මොකෝ මේ වෙනවා ඇත්තේ....🤧🤧

කවුද මේ කෙල්ල...😶😶

ඇත්තටම අත් වැරැද්දක් වෙන්න ඇතිද ආ.... 💔💔

කවුද විඩියෝ කරන්න ඇත්තේ....

ඇයි ලෙවින් කිරුළුගෙන් හංගන්නෙ මේ දේවල්....

කිරුළු හැමදේම ප්‍රස්න නොකර එන හැටියකට බාර ගන්න එක හරිද....🥺🥺

ලෙවින්ට අලුතෙන් ආපු ප්‍රස්නෙ මොකක් වෙන්න ඇතිද...😌😌

වැලන්ටයින් තෑගිත් අරන් 14 එන්න බලන්නම්...🤗🤗

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

නැවතුනෙමි මං
අහස බලමින්
නුඹේ මුව යලි දකින්න...
අහිමි නුඹ මට
හිමි වු අහසට
නුහුරු ආදරේ විඳින්න...

මවා සේයා බලා දුර හිඳ
පෙනෙන තුරු නුඹ මැදිය මේ...
දුටිමි සිතුවම් නුඹේ සේයා
ඈත දුර ආකාසයේ.....

හුරු වෙන්නේ මං
කොහොම රිදවා
විඳවන්න තනි ආදරේ....
නොලැබුනත් නුඹ මගේ හුස්මයි දන්නවද මගෙ ප්‍රේමියේ....

නැවතුනෙමි මං..//

Continue Reading

You'll Also Like

1.1M 38.2K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
3.5K 368 15
හෂේන් අත්තනායක නම් පොඩි හාමු ගේයි ආරොන් දිසානායක ගේ ආදර කතාව.......
672K 33.8K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
330K 9.9K 105
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...