šŸ‘‘ šŸŒ·ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·ŠšŸŒ·šŸ‘‘ C...

By ChenQing4

43K 6.1K 3.7K

šŸŖ‚šŸŒ·šŸ‘ØšŸ»ā€šŸ¦±šŸ‘ØšŸ»ā€šŸ¦° FF/Non FF šŸ‘ØšŸ»ā€šŸ¦±šŸ‘ØšŸ»ā€šŸ¦°šŸŒ·šŸŖ‚ ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·Š..ą¶šą¶³ą·”ą·…ą·” ą¶‡ą¶ŗą·’ ą¶øą·™ą¶­ą¶»ą¶øą·Š.... ą¶…ą¶±ą·”ą¶±ą·Šą·ƒą¶­ą·” ą¶‹ą¶ŗą¶±ą¶š ą¶“ą·’ą¶“ą·“ ą¶”ą¶¶... More

šŸ‘‘ ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·Š..šŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 1 šŸŒŗšŸ‘‘
šŸŖ‚šŸŖ‚ Air balloon introduction šŸŖ‚šŸŖ‚
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 2 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 3 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 4 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 5 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 6 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 7 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 8 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 9 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 10 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 11 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 12 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 13 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 14 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 15 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 16 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 17 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 18 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 19 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 20 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 21 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 22 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 23 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 24 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 25 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 27 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 28 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 29 šŸ”ž šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 30 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 31 Bonus šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 32 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 33 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 34 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 35 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 36 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 37 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 38 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 39 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 40 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 41 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 42 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 43 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 44 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 45 ~ End ~ šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶“ą·’ą·„ą·’ą¶«ą·”ą·€ą·™ą¶øą·” ą¶‹ą¶©ą·” ą¶œą¶øą·Šą¶¶ą¶½ą·...ą¶šą·’ą¶»ą·”ą·… spec 1 - 1 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶“ą·’ą·„ą·’ą¶«ą·”ą·€ą·™ą¶øą·” ą¶‹ą¶©ą·” ą¶œą¶øą·Šą¶¶ą¶½ą·.. ą¶…ą·€ą·ƒą·ą¶±ą¶ŗ šŸŒŗšŸ‘‘

šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 26 šŸŒŗšŸ‘‘

676 101 84
By ChenQing4

සර් ආපහු ඇවිත් සති කීපයක් ගෙවිලා ගිහිං තියෙද්දි ,නත්තලුත් කිට්ටුවෙලා තිබුණා...නත්තල වෙනුවෙන් සෙවරින් සර්ගේ යාළුවෙකුගේ හොටෙල් එකක තියෙන ලොකු function එකකට විශේස ආරාධිත අමුත්තො විදිහට සහභාගි වෙන්න සෙවරින් සර්ලගෙ පවුලේ අයට ආරාධනා ලැබුණ නිසා ලොකු සර් ලංකාවට එන බවක් දැනුම් දුන්නා වෙද්දි ,ලොකු සර් එක්ක එන්න ලෙවින් සර් අද පාන්දර පැතුම් අයියාත් එක්ක එයාපෝට් ගියා...උදේ ඉඳන් රෑ වෙනකං එයා ළඟ පාත ඉඳලා ඉඳලා එකපාර මේ වගේ පැය කීපෙකට හරි ළඟ නැතිවෙද්දී, අපිට එකට ඉන්න තියෙන්නෙ තව දවස් ගාණක් කියන්න මතක තියෙද්දි මං ඇත්තටම දරාගත්තේ හරි අමාරුවෙන්...

ඒකත් අද මුළු දවසක් වෙද්දි උදේ ඉඳන් ගාඩ්න් එකේ වැඩ කරලා හිත නිදහස් කරන්න හැදුවත් බැරි වෙද්දි,අමාරුවෙන් දවස ගෙවාගෙන 6ටත් කිට්ටු වෙනකං මඟ බලන් උන්නත් ස්ර එන්න රෑ වෙයි කියපු නිසා, සර්ලා දෙන්නටම රෑ කෑම හදලා තියලා මං ගෙදර ගියා...සර් ඇවිත් සති 2කට පස්සෙ අක්කාත් ලංකාවට ආවා වෙද්දි අක්ක නැති කාලෙ පොඩි එකිගේ temporary mother උණ අනුමි අක්කා ආවත් හරි කොයි වෙලාවෙත් හිටියෙ අපෙ ගෙදර..වෙනදාට මන් බංගලාවේ ඉඳන් එද්දී අනුමි ආපිට ගිහිං හිටියත් අද මන් බංගලාවේ එන්න පරක්කුත් වෙලා  කෙලින්ම ඇලට එද්දීත් මාව පුදුම කරන ගමන් අක්කයි අනුමියි පොඩි එකියි ඔක්කොම නාන මන්කඩ ළඟ මඟ රැකගෙන හිටියා වෙද්දි අක්කා මන් ආ හැටියේ පොඩි එකීවත් අපිට බාර දිලා ෂේප් එකේ මඟ ඇරල යද්දි මට හොඳක් දැනුණේ නෑ...

"ඔයා..ඇත්තටම යනවාද.."

"හ්ම්ම්."

"ඒ..එතකොටු..ඒ හැම..දේම ඇත්තද සුදු අයියෙ.."

"මොන.."

පොඩි එකීව නාවන ගමන් උන්න අනුමි අහද්දී,කෙල්ලෙක් ඉස්සරහා තනිපංගලමේ නාන එක හරි නැති නිසා පොඩි එකීවත් නාවන් අනුමි යනකං පඩියක වාඩි උණ මං ඕනාවට එපාවට හූ මිටි තිව්වා උණත් මඟ රැකගෙනම ඉඳලා මේ පටන් ගන්න හදන කතාව ගැන දැනටමත් මට ඉව වැටෙද්දී ඊයේ හවස උණ දෙයක් මට මතක් උණා..

"උඹ..උඹත් අමාරුවේ වැටෙන්නද යන්නෙ මල්ලි...උඹටත් ඕනා ඔය බංගලාවේ උන් නිසා මන් වගේම ජීවිතේ විනාස කර ගන්නද...ඇයි තේරෙන්නේ නැත්තෙ උඹට..ඔය සල්ලි අතගාන සෙල්කක්කාර මිනිස්සු ගාව ආදරේ නෑ බං... උන්ට ඕනා ඕනා එපාකම් පිරිමහගන්න මොකෙක් හරි විතරයි...උගන්නන්නම් රට යවන්නම් කිව්වම උඹ අර මිනිහාට දෙන්න පුලුවන් ඔක්කොම දුන්නද ආ...ඇයි බං...ඇයි...යකෝ ඒත් පිරිමියෙක්...උඹත් පිරිමියෙක්...මට තේරෙන්නේ නෑ...හිතද්දීත් ඔලුව විකාරවෙනවා මගේ.. අනේ ලොකු අමාරුවක වැටෙන්න කලින් ඕක අමතක කරපං මල්ලි...උඹ මොන රටකවත් යන්න ඕනා නෑ...ඉගෙනගන්න ඔන නම් මෙහෙ මොකක්හරි කරන්න මන් සල්ලි දෙන්නම්..උඹට ලව් කරන්නම ඕනා නම් අර අවුරුදු ගාණක් උඹ ගැන හිතන් ඉන්න එකි ගැන හිතපන්...සද්ද නැතිව අහං ඉන්නවා වගේ නෙමෙ මන් අද කිව්වා කියලා මතක තියා ගණින්..උඹ දැම්ම ඔය මගුල අමතක නොකරොත්..දවසක උඹට මටත් වඩා වන්දි ගෙවන්න වෙයි...නොගැලපෙන මිනිස්සුන්ට ආදරේ කරපු වරදට.."

අක්කා ආවත් හරි සර්ව නිදහසේ අපෙ ගෙදර එක්ක එන්න බැරි වෙද්දි...අක්කා  උදේ ඉඳන් කඩේ ගෙදර බව දන්න නිසා ඊයේ හවස නාගෙන මන් සර් එක්කම ගෙදර ගියා වෙද්දි දෙන්නට තියෙන අමාරුවට නාන කටා එකක් එකට කට තියන් කන්න ගිහිං කුසිය මැද ඇවිලුන හාදුවක් අස්සේ අපේ වෙලාවට අපි නොදැක අක්කා කඩා පහත්වෙලා තිබුණා වෙද්දි ඒ වෙලාවේ නොදැක්කා වගේ මඟ ඇරලා ගියත් සර් ගිය හැටියේ අක්කා එයාට වැරදුණ තැන් ගැනත් මතක් කර කර මට ලොකු දේශනයක් දුන්නා...කොහොමහරි අද අනුමිගේ හදිසි ආගමනෙටත් ඊයෙ සිද්දිය බලපාන්න ඇති කියලා මට ඉවෙන් වගේ තේරුණා..

"අපෙ අ..යියලා කිව්වේ..මි..හිරි අක්කාත් කිව්වේ..ඔයයි..ඔය.යි ස...රු..යි...."

"ඉතිං.."

පොඩි එකීව පඩිය උඩ හිටවන් කිවෙනි පාරටදෝ එකම තැන තුන්වෙනි පාරටත් සබන් කෑල්ල අතුල්ලන ගමන් මගේ ඇස් මඟ ඇරලා උන්න අනුමිගේ කටහඬ බිදිලා වගේ තියෙද්දි මට සුසුමක් හෙළුණා..අනුමි මං ගැන බලාපොරොත්තු තියන් උන්නේ අද ඉයෙක ඉඳන් නෙමේ කියන්න මං දැනගෙන හිටියා..පොඩි කාලෙ ඉදන්ම මගේ හොඳම යාළුවා වෙද්දි මට මාස 2කට බාල උණ කෙල්ලව මට ඇත්තටම දැනුණේ  මගේ නංගි කෙනෙක් වගේ...

ඒත් 10 වසරේ ඉන්න කාලෙ මමත් නොදැන අපි අතරෙ තිබුණ යාළුකමට,සහෝදරකමට එයා හිත අස්සෙ වෙන අර්ථකථන දෙන්න අරන් තිබුණා..ටික ටික දේවල් තේරුම් යද්දි මං පරක්කු වැඩි උණා වගේම ol කාලෙ එයාම මගෙන් ඇහුවා වෙද්දි මං කෙලින්ම එයාව ප්‍රතික්ෂේප කරත් ප්‍රතික්ශේප කරන්න හේතුව විදිහට මං දුන්න හේතුව උණේ මට ඔයා ගැන එහෙම අදහසක් නෑ කියන එක වෙද්දි අනුමි කොහොමත් ඒ හේතුව පිළිගන්න කැමැති උණේ නෑ...මිනිස්සුන්ගේ කැමැත්ත කාලෙත් එක්ක වෙනස් වෙනවලු...එයා මං ගැන එහෙම හිතද්දී... මමත් එයා ගැන එහෙම හිතුවා..

කොහොම උණත්,පොඩි කාලෙ ඉඳන් එකට උස්මහත් උණ එකීව අත ඇරලා මඟ ඇරලා දාන්න හිත හදාගන්න මට බැරි වෙද්දි අනුමි ඒකම හේතුවක් කරගෙන,කවදා හරි දවසක මං ආදරේ කරාවි කියන විස්වාසෙන් තව දුරටත් බලාපොරොත්තු තියා ගනි කියලා මං හිතුවෙ නෑ..මගෙ ප්‍රතිශේප කිරිමත් එක්ක ආපහු ඉඟියකින්වත් කෙල්ල හිතේ තිබුණ දේවල නොඅගවද්දී ඒක ඉවර ඇති කියලා මං හිතුවා..ඒත් සර් ආවට පස්සෙ එයා කෙසේ වෙතත් සුමංග අයියා කියපු දේවල් එක්ක අනුමි බලාපොරොත්තු නැති කරගෙන නෑ කියන්න තේරෙද්දි,දැනටමත් කිවතාවක්දෝ එයාට පැහැදිලි කරන්න හදලම එපා වෙලා උන්න මං කරේ එයාව පුළුවන් තරම් මඟ ඇරපු එක..කොහොම හරි මට අද වෙනකං ඒ ගැන හිතන්න අමතක උණත් අනුමිව ප්‍රතික්ෂේප කරන්න පැහැදිලි හේතුවක් මට දැන් ලැබිලා තිබුණා වෙද්දි මං හිතුවා අන්තිම වතාවටත් එයාට දේවල් පැහැදිලි කරන්න උත්සාහ කරන්න..

"ඉතිං මේ..මං කියන්නේ මේ.."

"ඔයාට මොනවාද දැන ගන්න ඕනා අනුමි..සරුයි මගෙයි අතර සම්බන්ධයක් තියෙනවා කියලද...අපි ආදරේ කරණවාද කියලද.....ඒක කියන්න මං වත් දන්නේ නෑ...ඒත් දැන්වත් බොරුවට මං ගැන බලාපොරොත්තු තියා නොගෙන ඔයාට ආදරේ කරන කෙනෙක් ගැන හිතන්න තරම් හේතුවක් එතන තියෙනවා.."

"ඒ..ත්..ඒ ත් ඒක වෙන්නේ නෑ..සර්ට බඳින්න කෙනෙක් ඉන්නවා අයියෙ...අනික...අනික... ඔයාලා..දෙන්න..ම.."

"අපි පිරිමි කියන එකද අනුමි..!!"

"අ..නේ..මං..මං.."

මගේ කට හඩ නපුරු උණ නිසාදෝ කෙල්ල ගොත ගහද්දී මං නැගිටලා ගිහිං පඩිය උඩ තිබුණ බකට් එක අරන් සබන් ගාලා උන්න පොඩි එකිව ඉක්මනින් නෑව්වා...

".....අපි පිරිමි උණ එක නෙමෙ අනුමි ප්‍රස්නෙ..ඒක වෙනම දෙයක්..කොහොම උණත්..ඔයාට අමුතුයි වගේ දැනෙනවා නම් මට කියන්න තියෙන්නේ මට ඒකෙ අමුත්තක් නෑ...ඔයාගෙ හිතේ මං ගැන තියෙන්නේ කොහොමද ඒ හා සමාන හැඟීමක් මටත් සර් ගැන තියෙනවා...ඔයාගෙ හැඟීම් මොනවගෙද කියන්න...කවදාටත් වඩා මට තේරෙනවා..ඒත් තව කෙනෙක්ගෙ තුවාලයක් නිසා දැනෙන වේදනාවක් දැකලා හූල්ලනවා ඇර ඒ වේදනාවෙන් භාගයක් ඉල්ලන්න බෑ වගේ..මට ඔයා වෙනුවෙන් කරන්න දෙයක් නෑ නංගි.."

........

"මං දන්නේ මං සර්ට ආදරෙයි එච්චරයි...සර් ආපිට ආදරේ කරා හෝ නැතා..ප්‍රතිපල කොහොම උණත් මං දන්නේ මං ආදරෙයි කියන්න විතරයි...ෆේල් වෙනවා කියන එක සීයට සියක් ශුවර් උණත්...මට ඕනා ඒ විභාගේ කොහොම හරි ලියන්න...මං උත්සාහ කරානේ කියන හැඟීමෙන් හරි සැනසිමක් ලබන්නයි මට ඕනා."

.........

"කලින් කිව්වා වගේ මට ඔයාට බලපෑම් කරන්න බෑ..මොකද ආදරයක් හිතෙන් මකන්න බෑ කියන එක කාටත් වඩා මට දැන් තේරෙනවා...ඒත් ඔයා බලාපොරොත්තු තියා ගන්න හදන්නෙ තේරුමක් නැති දෙයක් ගැන කියලා අන්තිම පාරටත් මතක් කරන එක මගේ යුතුකමක් කියලා හිතනවා.."

කෙල්ල නාවලා ඉවරවෙනකම් කල් ගත්ත මං අනුමි පොඩි එකිව පිහදන අතරෙ හිතේ තිබූන දේවල් එක දිගට එළියට දැම්මා...

"....මගේ බලාපො..රොත්තු වලට...තේරුමක් නැත්තෙ නෑ.."

"මොනවාද කියන්නේ ඔයා.."

"මට කමක් නෑ..ඔයා සර්ට ආදරේ කරන්න...හති වැටෙනකන් ආදරේ කරන්න..ඔයා ෆේල් වෙනවා කියලා සුවර් කියන්නේ...තාමත් අවස්ථාව මට තියෙනවා කියන එක නේද අයියෙ..."

"ඔයාට විකාර ද අනුමි...!!"

"....විකාර..!! ඔයාට එහෙමද පේන්නේ..වෙන්න ඇති.. ඔයා කිව්වා වගේ කිසිම තේරුමක් නැතිව පිරිමියෙක්ට ආදරේ කරන ඔයා වගේම අවුරුදු ගාණක් ඔයාට ආදරේ කරන මාත් විකාරයක් වෙන්න ඇති."

ඇස් වලින් ගලන කඳුලු අත් දෙකෙන්ම පිහ පිහා පොඩි එකීට අන්දපු ගවුමේ ශීපර් එක දාගන්න බැරිව ඔට්ටු වෙන කෙල්ල දිහා අනුකම්පාවෙන් බලන් උන්න මං අනුමිව පැත්තකට කරලා ශීපර් එකත් දාලා සාක්කුවේ තිබුණ චොක්ලට් එකත් අතට දීලා පොඩි එකිව ගෙදර යැව්වෙ අදම මේ ගැන විසඳ ගන්න හිතන්...

"පිරිමියෙක්ට ආදරේ කරන එකේ තේරුමක් නැත්තෙ නෑ..මාත් කාලෙකට කලින් එහෙම හිතුවා..ඒත් මං දැන් දන්නවා ඒක තේරුමක් නැති දෙයක් නෙමෙ..සර්ට මගේ හිතේ තියෙන ආදරේට උණත් තේරුමක් නැත්තෙ නෑ...ඔයා එහෙම කියන්නේ මට එයාගෙ අයිතිය ලියන්, කසාද බැදලා එක වහලක්යට එකට පවුලක් ගොඩ නඟන්න බෑ කියන එක ගැන හිතලා නම්..මට කියන්න තියෙන්නේ අයිතිකරගෙන ළඟ තියාගන්න බලන් ආදරේ කරන එකම නෙමෙ නංගි ආදරේ කියන්නේ..හැමදාටම එකට ඉන්න බැරි උණත්..සර්ගේ පැත්තෙන් කොහොම උණත්..මගේ හිතේ තියෙන ආදරේට තේරුමක් තියෙනවා..ඔයාගෙ ආදරේටත් තේරුමක් ඇති..ඒ..ත්..මං දන්නවා කොච්චර කල් ගියත් ඔයාගෙ හිතේ තියෙන ආදරේට තේරුමක් දෙන්න මට බැරිවෙයි...ඒ නිසා දැන්වත් මාව අමතක කරලා ඉස්සරහට යන්න උත්සාහකරන්න..."

"ඇ..යි. එයා මොනාද ඒ තරම්..අත අරින්න බැරිවෙන්න..ඔයාට කරේ.. මං..මං ගොඩක් කාලෙකට කලින්...ඉල්ලුවේ ඔය හදවතෙන් ඉඩක්...ඇ..යි..මට නොදී එයාට දුන්නේ...ඇ..යි අයියෙ...හරි..කමක් නෑ...ආයි ඒ තැන...මගේ වෙන්න තිබුණ..මගෙන් උදුරා ගත්තු තැන..ආයි එයාගෙන් උදුරලා මට දෙන්න අයියෙ..."

"අනුමි...!!"

හිතක් කියන එක ආවට ගියාට කාටවත් දෙන්න පුළුවන්ද...නිකං හිතන්න අපෙ හිත හයිය ලියෙන් කපපු හිදැස්පතක් කියලා..ඒ හිදැස්පත සම්පූර්ණ කරන්න හදපු හරියටම හරියන හැඩේ තියෙන්නේ තව කෙනෙක් ගාව කියලා...ඒ හැඩේට වඩා හැඩයෙන් වෙනස් හෝ ප්‍රමාණෙන් වෙනස් හැඩෙකින් අර හිදැස පුරවන්න බෑ...  දැනටමත් කපලා ඉවර කරපු ප්‍රමාණයෙන් කුඩා හැඩයකින් අර හිදැස පුරවන්න හිතුවොත්...ඒ හැඩේට කොහොමවත් බැරි වෙයි...අර හිදැස පුරවන්න...ගම් දාලා අලවලා කෑලි එක්කහු කරලා ගලපා ගත්තා උණත්...ටිකෙන් ටික කාලෙත් එක්ක අර කෑලි හැලෙද්දී...හිදැසත්...අර හැඩෙත් අතර සදහටම සුන්බුන් පිරුණ හිස් තැනක් විතරක් ඉතිරිවෙයි..

ඒත් සමහරවිට..ඒ හැඩේ..අර හිදැසට වඩා ලොකු නම්...කල් ඇරගෙන හෙමින් හෙමින්,හොඳ ඉවසීමක් කැපවීමක් එක්ක ඒ හැඩේ කපලා,මට්ටම් කරලා බොහොම අමාරුවෙන් අර හැඩේට ගලපාගන්න පුලුවන් වෙයි...ඒත්..ඒක ලේසි දෙයක් නෙමෙ...ඉස්සර සර් එන්න කලින් කාලෙ ගැන හිතුවොත්..අනුමිගේ ආදරේ හිදැස් පත ඉස්සරහා මගේ හදවතෙ හැඩෙ ලොකුවට තිබුණා...අපි එකතු වෙලා උත්සාහ කරානම් අපිට ඒ හැඩේ කපලා ඔපමට්ටම් කරලා අර හිදැස එක්ක ගලපාගන්නත් තිබුණා...ඒත් දැන් සර්ගෙන් පිරිලා ගිය මගේ හිත.. අනුමි ඉස්සරහා...ප්‍රමාණයෙන් ඕනවාටත් වඩා පොඩියි විතරක් නෙමෙ...හැඩේනුත් වෙනස්...එහෙන් මෙහෙන් දේවල් අමුණලා අර හිදැස පුරවන තත්වෙකට ගෙනාවත්...දවසක ඒකෙන් අපි දෙන්නම විඳවයි...ඉතිං හොඳම දේ...දැන් අනුමිට ටිකක් රිදුණත්...ඒ හිදැස් පුරවන්න උත්සාහයක්වත් නොගන්න එක හොඳයි කියලයි මට හිතුණේ...

සමහරවිට අනුමිගේ හදවතේ හිදැසට වඩා විශාලත්වයෙන් විතරක් වැඩි උණ සුමංග අයියගෙ හදවත ඒ හිඩැස එක්ක ගලපාගන්න එයාලට පුළුවන් වෙයි...

එතකොට සරුත් මමත් . .ඔව් මට ඒ ගැනත් හිතුණා...හරියට ගාණට මිම්මටම...හැඩෙන් ප්‍රමාණෙන්..එකට ගැලපුණු... හිදැසක් වගේම ඒ හිදැස පුරවන්නම හදපු හැඩයක්...මගේ හදවතේ හිදැස පුරවන්න, සර්ගේ හදවතේ හැඩේට පුළුවන් බව දන්නවා උණත්...එකට එකතුවෙලා සම්පූර්ණ වෙන්න නොදී නොදන්න බලවේගයක් විසින් දුර ඈත තැන් දෙකක අතරමං කරපු දෙන්නෙක් විදිහටයි අපිව මට දැනුණේ...

ඉතිං පොදුවේ ආදරේ කියන්නේ ඒ වගේ දෙයක්...කපලා කොටලා අමුණලා ගලපාගන්න ලේසි නෑ...ගලපා ගත්තාත් 100% ක් සාර්ථකත් නෑ..මුල ඉඳන්ම 100% ගැලපිලා තිබුණත්...එකට එකතුවෙලා සම්පූර්ණ කරගන්නත් ලේසි නෑ...

"...ම්ම්..මට..මට බෑ..ඔයාව අමතක කරලා ඉස්සරහට යන්න..උත්සාහ කරන්න. මගේ ආදරේට තේරුමක් දෙන්න උත්සාහ කරන්න අයියේ..."

මන් හැදුවේ පුළුවන් තරමින් එයාට මේ ගැන තේරුම් කරලා දෙන්න...එයාගේම යහපතට...ඒත් සිද්ධ උණේ මං බලාපෝරොත්තු නොවුණ දෙයක් වෙද්දි උඩ පඩියේ හිටගෙන උන්න කෙල්ල එකපාර මගේ ඇග වටේ වටේ අත් යවලා මාව බදාගෙන මගේ උරහිසේ ඔලුව ගහන් අඬන්න ගද්දී මං ඒ අත් මුදවන්න උත්සාහ කරා...

"කිව්වාම අහන්නකෝ.අත අරින්න මාව...කවුරුහරි දැක්කොත්...ඔයාටයි හොඳ නැත්තේ..."

"කවුරුහරි...කවුරු හරි කියන්නේ...අර සුද්දා දකී කියලද බය අයියේ... ආ...එයා..එයා යයි..එයා යයි ඔයාව දාලා..දවසක යයි...ඒ..ඒ ගියා.ම..මාව බ..ඳින්න..ආදරේ..ඕනා නෑ...මාව බඳින්න..පුළු..වන්..නම්..දවසක..ආදරේ කරන්න..බැරි..බැරි නම් එපා..ඒ..ත් මං එක්ක ඉන්..න අයි..යේ.."

"ඔයාට තේරුම් කරන්න මට තේරෙන්නේ නෑ..කිව්වාම අහන්න...ඔයා බලාපොරොත්තු තියා ගත්තාට...මට වගකීමක් ගන්න බෑ..කවදාවත් කොහොමත්...සර් දවසක යන්න යයි..ඒ..ත්..මගෙ..ආදරේ නෙමෙයි....ඒක හැමදාම..මගේ හිතේ තියෙයි..ඒකම..ඇති වෙයි මට...මුලු ජීවිතේ..ටම..එයා එක්ක බෙදා ගත්තු  බෙදාගන්න කිසි දෙයක්..මට ඕනා නෑ වෙන කෙනෙක් එක්ක බෙදා ගන්න..ඔයා හිතනවාට වඩා දුරක්..සරුයි මමයි ගිහිං ඉවරයි..මට සර් වෙනුවෙන් බලන් ඉන්න පුලුවන් උනාට...ඔයාට බෑ එහෙම..... ඔයා කෙල්ලෙක්...ඒ නිසා දැන් වත් අත අරින්න..ඔයාට ආදරේ කරන කෙනෙක් ළඟට යන්න.."

"අ..යි..යේ.."

"අඩුම යාළුකම් සහෝදරකම්වත් රැකෙන්න ඕනා නම්...ප්ලිස් මේ ඇති හොඳ..ස්..සර්...!! ඕ..ඔහොම ඉන්න සර්....!! "

බොහොම අමාරුවෙන් අනුමිව ඈත් කරලා හිතක් පපුවක් නෑ වගේ කියන්න ඕනා ටික කියලා ඉවරවෙද්දීම කොළඹ යන්න ගිය ඇඳුම් පිටින්ම අපිට ටිකක් එහායින් පාරෙ නතරවෙලා ,අර නපුරුම බැල්ම එක්ක අපි දිහා බලන් උන්න සර්ව දැක්කාම මගේ හුස්ම එතනම නැවතුණා...මන් එයා දිහා බලන තප්පරේට මාව අඳුනන්නෙත් නෑ..මෙතන උණ මොකුත් දැක්කෙත් නෑ වගේ අහක බලාගන්න ගමන් ආපිට නොහැරි කෙලින්ම ගමට යන පාර දිගේ දුර අඩි තියන් යන්න යද්දි මං අනුමීටත් බැනගෙන ඉක්මනින් පඩි ටික ගොඩ උණා..

"ගෙදර යනවා දැන්වත්..!! මං ආයි ලංකාවට එද්දීවත් ඔය ඔක්කොම අමතක කරලා ඉස්සර වගේ ඉන්න බලන්න පුළුවන් නම්...මොකද මට තමුන්ගේත් මගේ අක්කාගෙත් වෙනසක් නෑ...මං කැමැති..මගේ නන්ඟිවත් ගැලපෙන කෙනෙක් හොයන් සතුටින් ඉන්නවා නම්."

සර් පස්සෙ දුවන්න ඕනා උණත් එක තප්පරේකට නතර උන මං පාර දිගේ යන සර් දිහා කඳුලු ගලන ඇස් වලින් බලන් උන්න අනුමිට අන්තිම නිවේදනෙත් දීලා පාර දිගේ පහලට ගියා...හිතුවා වගේම සර් යාගන්න බැරිව වැනි වැනි ලොකු නියර දිගේ යන හැටි දැක්කම ඔක්කොම අස්සෙ මට හිනාවක් ගියා...මහ නියර නෙමෙ ඒක දැන් තරහා පාර...තරහා ගිහිං හරි හිත රිදුණාම හරි මන් එක පිම්මේ ගෙදර එන ශෝට් කට් එකේ අද මන් එක්ක තරහා වෙලා එයා යනවා..නොවැටි යන්න දෙන ගේම දැක්කම විස්වාසයි නියර එක්ක ඔට්ටු වෙලාම වැඩිවෙලා යන්න කලින් ඒ තරහ නිමෙන බව....

"මොන හු####"

හි හි බරපතල ගණේ කුණුහරුපයක්...ජර්මන් වලින්ම...ඇහෙද්දි අපි දෙන්නා උන්නේ ලියද්දක එරිලා...එයා ලතවෙවී බොහොම අමාරුවෙන් නියර දිගේ මගක් දුර ආවා වෙද්දි නියරට අවධානේ දෙනවා මිස එයාට වටපිටාව ගැන ගාණක් නොවෙද්දී එයාට හොරෙන් වටෙන් ආපු මං එයාගෙ ඉස්සරහින් නැවතිලා බහ්හ් කියනකොටම එයා නියර පල්ලෙ වැටෙන්න යද්දි මං එයාව අල්ලාගන්න පැන්නත් මං අල්ලාගන්න ටිකට බැලන්ස් නැතිව දෙන්නම කුඹුරේ වැටිලා මඩ නාගෙන හිටියා...

"අම්ම..මෝ..හ්...මට බෑ...අයියෝ හ්..."

.......

"සුදු කො.. කේ..ක්..මඩේ.. හ්...."

........

"හ..හහ්.. හා...අයියෝ...හ් සර්....අම්මෝ..."

.......

"සෝ..සො.. රි ඉතිං...හිතලා කරේ නෑනෙ හලෝ.."

අලුතෙන් හාලා වතුර බැදලා තිබුණ ලියද්දේ මඩ කාගෙන හතර ගාතෙන් වැටිලා උන්න එයාගෙ ඇග උඩ උන්න මට, එයා දැන් මේ පිස්සෙක් වගේ දුවපු හේතුවත් අමතක වෙලා ,උණ දේ නිසා එයාගෙ ඇඟ උඩම ඉඳගෙන එයාගෙ පපුවට ගහ ගහා හිනා උණා වෙද්දී එයාගෙන් සද්දයක් නැති පාර,හොරා වගේ ඔලුව උස්සද්දී ,වැලමිටට බර දිලා යන්තම් ඔලුව විතරක් බේරන් උන්න එයාගෙ මූණේ තිබුණ යක්ස පාටට බයේ එකපාර දඩි බිඩි ගාලා නැගිට ගන්න ගමන් එයාට නැගිටින්න අත දුන්නා...

"වැඩිය ගෑවිලා නෑ...ටිකයි...ටිකම ටිකයි...එකපාරක් ඇලේ එබුනාම හරි..."

එයා නැගිටපු පමාවට පිටිපස්ස හැරි හැරි පශ්චාත්බාගෙට මඩ වලින් උණ හානිය ගැන පරික්ෂණ පවත්වද්දී..එයාගෙ අලුත් ඇඳුම් වලට
වෙලා තියෙන හානිය දරුණූගණේ උණත් ඒක කියලා තව අවුස්සාගන්න බැරි කමට,ආපහු නියරට ගොඩ උණ මං මොකුත් නොවුණ ගාණට...එයාගෙ ගමක් තියෙන සීයා වගේ අත් බැඳගෙන කිසි කලබලයක් නැතිව නියර දිගේ හෙමින් සිරුවේ කමත දිහාවට ආවා...

"එකයි..දෙකයි..තු...නායි..."

මගෙ හෙමින් ගමන,වේගෙන් යන්න බැරි කමට නෙමෙ කපටිකමට වෙද්දි මං හිතුවා වගේම නියරට ගොඩ උණ එයා හොරා වගේ සද්ද නැතිව හෙමින් සිරුවේ මං ළඟටම කිට්ටු කරා වෙද්දි එයා උන්නේ මාව අල්ලන්න අත පොවන මානේ බව ඇස් කොණට පේද්දි හිත අස්සෙන් ගණන් කරපු මං එයා පැනලා මාව අල්ලා ගන්න හදද්දීම නියරෙන් බැහැලා කමත දිහාට දිව්වා...

"ඉන්නයි කිවේ...!! නරක කොල්ලා....හ්.....ඕම ඉන්නවා...."

"හූ... හූ...අල්ලන්න බෑනේ...කකුල් දිග උනාට වැඩක් නෑනෙ.....හූ හූ...."

"බෑ කියලද කියන්නේ ආ...හ්...තව මං අල්ලන්න හැදුවේ නෑ.....හැබැයි.... අල්ලගත්තො...ත්...නම්..."

"කෝ ඉතිං.....කට විතර...ආ..හ්..."

කමත වටේ වට ගාණක් එකා පස්සෙ එකා දුවලා අපි දෙන්නම උන්නේ හොඳ හැටි හති වැටිලා වෙද්දි මං එයා දිහාට හැරිලා කොලොප්පන් කර කර අඩියෙන් අඩිය පස්සෙන් පස්සට ගියා වෙද්දි චාටුවෙන් වෙලාව අරන් ආපහු හොඳ හුස්මක් ගත්ත මං එයාට අභියෝග කරන ගමන් ආපහු දුවන්න හැරුනත් මට අඩි ගාණක් දුරින් උන්න එයා එක තප්පරේ මං ළඟට ඇවිත් මාව ඇදලා අරන් ඇස් උඩ දාලා මට ලොකු කම් පෙන්නද්දී පැරදුණත් එයා කරපු කෝලම ඉස්සරහා මං හිනා උණා....

"ඔයා පෙරළෙන්න එපා...කසනවා..අයි..යෝ... කියද්දි පෙරලුණා අලි කඳා....! කසයි මනුස්සයෝ....නැගිටින්න.."

"මට බෑහ්.ඔයාටත් කසයි එහෙනම්."

"මට පුරුදුනේ අනේ...ඔයාට තරම් මට කසන්නේ නෑ.."

"ඕක ගලවන්න.."

"ආහ්.."

"ටී ෂර්ට් එක ගලවන්න..ගලවලා පෙරළෙන්න...එතකොට හරි..මං තරම්ම ඔයාටත් කසයි...එහෙම කමක් නෑ.."

ටිකක් මහන්සි ඇරලාම යන්න හිතන්
එයාවත් අතින් ඇදගෙන ගිහිං කමත වටේ ගොඩ කරලා තිබුණ අලුත් පිදුරු ගොඩ උඩ වාඩි උණා වෙද්දි එයත් මං ළඟින් වාඩි වෙද්දි මං පිදුරු ගොඩේ පෙරළුණේ එයාට පෙරළෙන්න එපා කියාගෙන උණත් හිතුවක්කාරකමට එයත් මං ළඟින් පෙරළෙද්දී මං එයාට බොරුවටත් එක්ක රැව්වා වෙද්දි එයා ඊලඟට කියපු දේ නිසා මං එයා දිහා බැලුවේ මොකක්ද කියන්නේ හිතා ගන්න බැරිව වෙද්දි එයාගෙ මූණේ තිබුණ බරපතල පෙනුම ඉස්සරහා මං ගැස්සුණා...

"ඒ මොන විකාරයක්ද ආහ්.."

"ග..ලවන්..නකෝ.."

ඒ මූණේ තිබුණ මේ වෙලාවට නොගැලපෙන බරපතලකම ගණන් නොගෙන ඉන්න හැදුවා උණත් එයා කටහඬත් බිඳගෙන ගලවන්න කියලා බැගෑපත් වෙලා ඉල්ලද්දී මොකුත් හිතා ගන්න බැරි වෙද්දි නොදැනිම ආපහු වාඩි උණ මන් අත් උස්සලා ටී ෂර්ට් එක ඇගෙන් පැන්නුවා..ඒ එක්කම එයා මාව අතෙන් ඇදලා අරන් ආයි එයා ළඟ පෙරලා ගන්න ගමන් ඒ පිම්මේම  මගේ අතකුත් ඒ අතකින් අල්ලන් එයාගෙ පපුවට කරන් බදාගෙන අනික් අත් මගෙ ඇග හරහට දාලා මගෙ නිරුවත් පපුවට ඔලුව ගහගත්තා...

"සර්..ඇයි මේ.."

මන් කොයිතරම් ඒ පපුවෙ ඔලුව ගහන් ඉඳලා තිබුණත් එයා මේ වගේ මගේ පපුවට ඔලුව ගහ ගත්තෙ මුල් වතාව වෙද්දි ඒකත් මගේ නිරුවත් පපුවට වෙද්දි ඒ උණුසුම් හුස්ම , තෙත තොල්,  සීතල නහය එකපාර මගේ පපුව උඩ තද වෙද්දි මාව මොහොතකට ඒ ස්පර්ශය, ඒ උණුසුම අස්සෙ අතරමං උණා..ඒත් මොහොතක් යන්නත් කලින් එයා අද හුගාක් වෙනස් බව තේරෙද්දි , ටිකකට කලින් ඇල ළඟ එයා බලන් උන්න විදිහ මැවි මැවී පෙනෙද්දි මං නිදහස් අත එයාගෙ කෙස් ගස් අස්සෙන් අරන් ගියා...

"කිය...න්නකෝ...ඇයි මේ.."

අනුමි නිසාද කියලා කෙලින්ම අහන්න ඕනා උණත්, එයා මවාපාන්න හදන දේවල් වලට, එයා ඇයි මොකටද අහන්න එපා කියපු දේවල් වලට මගෙ ප්‍රස්නෙ බලපෑමක් වෙන්න පුළුවන් වෙයි හිතපු නිසා එයාගෙ කැමැත්තෙන්ම උත්තර දෙන්න හෝ නොදෙන්න ඉඩ දෙන්න මං හිතා ගත්තා වෙද්දි එයා පපුවට තද කරන් උන්න මගෙ අත අරන් මගෙ අල්ල එයාගෙ පපුව උඩට කිටි කිටියේ තද කරගෙන ලොකුම ලොකු සුසුමක් හෙලුවා...

"රිදෙනවනෙ..මෙතන...ගොඩක්ම රිදෙනවනෙ.."

..........

"ඔයාව..එයා එක්ක දැක්කම..ගොඩක් රිදුනනේ.."

...........

එයා මගෙ පපුව උඩ මූණ හංගන් පොඩි එකෙක් වගේ මුමුනද්දී , හිතුවත් වගේ මේ හැසිරීමට අනුමි එක්ක ඉන්නවා දැකපු එක හේතුවක් කියලා පැහැදිලි වෙද්දි, කේන්ති අරන් කෑ ගහලා හැඟීම් පිටකරාවි කියලා බලාපොරොත්තු උන එයා පොඩි එකෙක් වගේ මේ වගේ පපුව අස්සෙ රිංගන් දුක කියද්දි මට දැනුණේ එයාටත් වඩා ඒ වචන වලට මගෙ පපුව රිදෙනවා වගේ වෙද්දි එයා මට කරනවා වගේ මන් අද එයාගෙ කෙස් ගස් අස්සෙන් ඇගිලි තුඩු අරන් යන ගමන්,එයාට කතා කරන්න දීලා හිස් මුදුන පුරා තොල් තද කරා..

"මගෙ පපා...එලිනා මමා එක්ක ඉද්දී....මගෙ මමාගේ පපුවත්...මේ වගේ රිදෙන්න ඇති ද කිරුළු..."

...........

"මාමාටත් ඕනා වෙන්න ඇති ද...පපාව අරන් ගිහිං...හැමෝගෙන්ම හංගලා හරි එයා ළඟ තියා ගන්න.."

...........

එයා කියද්දීත් ඒ අතකින් මාව තව තවත් රිදෙන්නම මිරික ගන්න ගමන් එයා මුමුණද්දී ඒ ලොකු ඇගිලි තුඩු වලින් දැනුණ වේදනාව...හදවතට දැනුණ වේදනාවත් එක්ක නොදැනී ගියා...

"මට..මට පපා දකිද්දීත්...කේන්ත්යි දන්නවාද...තරහයි ගොඩක්...ඒත්..මට තරහා ගන්න බෑනෙ...පපා කොච්චර..එයාට රිදෙව්වත්...මගෙ මමා...කවදාවත්...මට පපාට වයිර කරන්න ඉඩ දුන්නෙ නෑ..."

............

"පාපාත්...මට ඕනා උණත්...එයා එක්ක තරහා  ගන්න...ළඟ ඉන්න ටික වෙලාවට එයා දෙන මහ ගොඩක් ආදරේ අමතක කරලා...මට එයා ගැන නරකක් හිතන්න...ඉඩක් දෙන්නේම නෑ.."

.........

"දන්නවාද...පපා අපිව දාලා ගිය දවසෙන් පස්සෙ...එයා කවදාවත්...මගෙ මමාව බලන්න ගියේ නෑ...පොඩි කාලෙකුත් නෙමෙ...මගෙ ජීවිත කාලෙන්..බාගෙකටත් වඩා...එයාලා උන්නේ දෙපැත්තක...ඒත් පපා ජර්මනි ඉන්නවා නම්....පුළුවන් විනාඩි 5ද...ගෙදරින් පිටදි මාව හම්බ උණා...එයාට මාව මිස් වෙද්දි දෙන්න බැරි උණ ආදරේ අර පුංචි වෙලාවෙදි දෙන්න උත්සාහ කරා..."

........

"එයා මං..මං ඉල්ලන හැමදේම දුන්නා...ඒත් මමා බලන්න එන්න කිව්වාම...එයා හැමදාම සයිලන්ස්..."

.........

තව තවත් මගෙ පපුවේ මූණ ගහගන්න ගමන් නහයත් උඩට ඇද ඇද එයා කියන්න ගත්ත දේවල් එක්ක අනුමි නිසා විතරක් නෙමෙ ලොකු සර්ව මුණ ගැහුන නිසාත් එයාගෙ හිත රිදිලා කියන්න මට තේරුණා වෙද්දි එයාගෙ බිඳුන වචන අස්සෙ මගෙ පපුවට සීතලක් දැනෙද්දී...එයා හිතනවාටත් වඩා එයාව මගෙ පපුවට මහ බරට දැනුණා වෙද්දි එයා එයාගෙ අස්සෙ හංගන් උන්න මගෙ අත ඇදලා අරගෙන,එයාගෙ මඩ ගෑවුණ පිට වටේ අත් යවපු මන් එයාව තව ටිකක් තුරුළු කරගත්තා...එයාව උණුසුම් කරන්න තරම් මගෙ අත් පුංචි බව දැනුණත්...මන් ඉන්නවා කියන එක අඟවන්න මන් මගෙ  උපරිමයෙන් උත්සාහ කරා...

"අඩුම මං හිතුවා...එයා මෙහෙ වැඩ වලින් අයින් උණාමවත්...මගෙ මමා බලන්න යාවි කියලා...ඒත් දන්නවාද...දැන් මාස ගාණක්...එහෙ ඉඳලත්...එයා ගියේ නෑ..."

..........

"මට...මට ගොඩ..ක් දුකයි...පපා නොගිය නිසා...නෙමෙ...මගෙ මමා...එයා තාමත් බලන් ඉන්න නිසා මට දුකයි.."

...........

"සතුටින් ඉන්නවා කියලා...පෙන්නන්න හැදුවාට... මගෙ මමා...එයා පොඩ්ඩක්වත් හොදින් නෙමෙ බබා....මට..මට තේරෙන්නේ නෑ එයාලව...බිඳෙද්දී බිඳෙද්දී...බලාපොරොත්තු තියන් ඉන්න මමාව....මමා කොච්චර දුකින්ද කියලා දැන දැනත්...එයාට එයාගේම හේතු තියෙනවා කියාගෙන...මමාව කොයිතරම් ඕනා උණත්...ඒ බලාපොරොත්තු බිඳින පපාව...මට තේරුම් ගන්න බෑ කිරුළු.."

............

"ඒ..එයාලා දන්නේ නෑ...මේ තරම්...වයස ගිහිල්ලත්...එයාලා නිසා.. මට කොයිතරම්...රිදෙනවාද කියන්න...ඒ දෙන්නාගේ ආදරේ මැද්දෙ... මං කොයිතරම්..තනිවෙලාද කියන්න..එයාලා දන්නේ නෑ...එයාලට...අදහසක්වත් නෑ.."

..........

ඒ ඔක්කොම ඇතුලේ මමා පපා වෙනුවෙන් හරි එයා ආදරේ කියන වචනෙ පාවිච්චි කරද්දි මට දැනුණා මගෙ පපුව හිරවෙලා යනවා...කවදාටත් වඩා මට එයාගෙ කතාව අර මිදි තිත්තයි කියපු නරියගෙ කතාවට සමානයි කියලා හිතුණා..ඒත් මේ වතාවේ මිදි නොලැබුණාටත් වඩා එකම වතාවක් කාලා කට රවට්ටා ගත්ත නරියෙකුගෙ කතාවක් වගේ...ජීවිතේ එක කාලෙකදී උපරිමෙටත් එහා ලැබුණ ආදරයක් ආයි ආයි හොයලා එයා නොසෑහෙන්න හති වැටිලා..එයාටම දැනුණ හැඟීම් එයාටම විස්වාස නැති තැනට එයා අසරණ වෙලා..දෙයක් නොලැබීම තියෙනවට වඩා..ලැබිලා ආයි නොලැබෙන එක ගොඩක් අමාරු ඇති ද...හිතෙද්දීත් මට අපි දෙන්නා ගැනම බයක් දැනුණා... වතාවක් දැනුණ හැඟීම්.. තමන්ගෙ හිත ඇතුලේ දැනුණ මායාවක් වෙවී පපුව රිද්දනවා ඇති... ආපහු ලැබෙන්නේ නෑ කියන හැඟිම ඒ පපුව බිඳලා දානවා ඇති... ආදරේ දුන්න මිනිස්සුන්ට වයිර කරන්න බැරි කමට....එයා ආදරේ කියන වචනෙටත් වයිර කරන්න පෙළඹෙන්න ඇති...රස බලන්න බැරි මිදි සදහටම ප්‍රතික්ෂේප කරපු නරියා වගේම....

"එයාලාට වයිර කරන්න බැරි නිසාම වෙන්න ඇති...මන්....ආදරේ නාමෙන්....බලාපොරොත්තු තියාගන්න එකට වගේම...බලාපොරොත්තු බිදින එකට වයිර කරනවා..."

.............

"කාටවත් ඕනා නෑ...ඒ වගේ ජීවිතයක්...කාටවත්...කවදාවත්..ම...ඕනා නෑ.."

.............

"අන්ති..මේ...ඔක්කො..ටම...පස්සෙ...මට ඔයා ඉන්නවා....මට...ම..ට...එයාලව ඕනා උණේ කොහොමද...ඒ හැම විදි..හෙන්ම...මට ඔයා ඉන්නවා...ඒ..ත්..තාමත්..මට එයාලව ඕනා...එයාලා එකට ඉන්නවා දකින්න ඕනා...හැමදේ..ම..හරිගස්සන්න ඕනා..."

.............

එයාගෙ වචන ඇතුලේ එයා වචනෙන් නොකියා හන්ඟන ආදරේ...කෙලින්ම වචන කරන්න අකමැති හේතු ඕනවාටත් වඩා මට තේරෙද්දී එයා වෙනුවෙන්...අපි හැමෝම වෙනුවෙන් ඉපදුණ කඳුලක් මගෙ ඇස් කොන් වලිනුත් ගලාගෙන ගියා...වටේම කලුවර වේගෙන ගිහිං තරු කැට එකින් එක මතුවෙන අහස යට එක මොහොතකට හරි මේ විදිහට හුදෙකලාවේ අපේම ලොකෙක තනිවෙලා ඉන්නවා වගේ හැමෝගෙන්ම, හැම දේකින්ම ඈත් වෙලා ඉන්න ඇත්නම් කියලා මට හිතුණා..

"ඒ..ත්..ඒත් අද...ෆස්ට් ටයිම්...මට හිතුණා...මන්..මන් හැමදේම... හරි ගස්සද්දී..ඔයා..ව...නැති වෙයිද...මට...මට මන්.......ආ..සම..ම.. ට..ව ..ටිනම...මං..මං..ආ."

............

"......මොකුත් නෑ...ආයි ඒක අඳින්න එපා එච්චර..යි...."

පපුවෙ ගහන් උන්න ඔලුව උස්සලා එයා එකපාර මගෙ මූණට එබුණා වෙද්දි මගෙ කම්මුලක් අතින් අල්ලන් මුමුණපු එයාගෙ මූණේ තිබුනේ වේදනාවක් වගෙම බයක් බව දැක්කත්,ඒ ඔක්කොම අතරෙ මං එයාගෙ නිල් ඇස් වලින් දැක්කේ වෙනම හැඟීමක් වෙද්දි, ඒ හැඟීම වචන වෙයි කියලා මහ බොළඳ සිතුවිල්ලක් එකපාර මගෙ හිතට ඇති වෙද්දීම එයා එයාගෙ වචන නතර කරා.. එහෙම්ම එතන තිබුණ මන් ගලවලා දාපු ටී ෂර්ට් එක අතට අරන් ගුලි කරලා ඈතට විසි කරපු එයා ආපහු මගෙ මූණට එබුණේ අර බය හිතෙන, ඒත් ඒ බය ඇතුළේම මොකක්දෝ ලෝබ කමකින් හිත පුරවන මූණ මවන්..

"ස්..සර්..!!"

"එයා..ඒ කෙල්ල....චතුර..ගේ නංගි....පැතු..ම්ගෙ නංගි...ඒ කෙල්ලට...ඔයාගෙන් ඈත් වෙලා ඉන්න කියන්න..මගෙ දේවල් වලින්...!!!"

"......ඉරිසියා හිති..."

"ඉරි..සියා...!! ජෙලස්...!! ඔයා එක්ක...අර කෙල්ල එක්ක...අපෝ නෑ.. මට ඉරිසියයි...මගෙ පපා එක්ක...මමා මං ගොඩක්ම ආදරේ කෙනා....එයා ගොඩක් පපාව මතක් කරද්දි ඉරිසියයි මට...තව ඉරිසියයි...එලිනා මමා එක්ක....එයා තමා...මං වයිර කරන කෙනා...එයා මගෙ පපා එයා එක්ක ඉන්න නිසා..ඉරිසියයි එයා එක්ක.."

...........

අනුමි ගැන එයාට හිතෙන දේ මොකක්ද කියන්න මට සක්සුදක් සේ දැනටමත් පැහැදිලි වෙද්දි මට වචනෙන් අහන්න ඕනා උණත් එයාගෙ ඉරිසියාව ඉස්සරහා උඩ පැනපු හිතට අවනත වෙලා මගෙ වචන මටත් කලින් එලියට පනින්න ගියත් මන් ආයි ඒ වචන ගිල ගත්තා උණත් මූණ තව ටිකක් බරපතල කර ගත්ත එයා එයාගෙ ඉරිසියාවට අමුතු හේතු පැහැදිලි කිරිමක් කරන්න ගත්තා...

"එතකොට....ඔයා...ඒ කවුරුත් නෙමෙනෙ....ඉතිං ඇයි මං ඉරිසියා වෙන්නේ..."

"........ඉතිං කවුරු..ත්...නෙමෙ...ද මං...."

............

එයාගෙ වචන වලට පපුව හිරවෙලා යනවා දැනුණත්...එයා ඔය වචන කරන දේවල් ඇතුලේ එයා හිතාමතා හන්ඟන දේවල් ගැන අදහසක් තිබුණ නිසා මං ඒ රිදිල්ලට ඉඩ නොදී ඉන්න උත්සහ කරන ගමන් මටත් අවනත නැතිව එළියට පණින මගෙ වචන නිසා එයාට දැනෙන අපහසුව,වරදකාරි හැඟීම නැති කරන්න මං වචන හෙව්වා...

"දන්නවාද...ආදරේ කරන්නව...ත් වයිර කරන්නවත් ඕනා නෑ...කෙනෙකුට ඉරිසියා කරන්න...තමන් කැමැති දේකට...වෙන කෙනෙකුත් කැමැති කියලා දැන ගත්තාමත් ඉරිසියා හිතෙන්න පුලුවන්...තමන් කැමැති දෙයක් වෙන කෙනෙක් අයිති කරගන්න යනවා කියලා හිතෙද්දීත් ඉරිසියා වෙන්න පුළුවන්..."

"...ඇ.. ඇ ත්තටම පුළුවන්ද..!!"

"ම්ම්ම්.."

"හරි..ඒක තමා....මං ඔයාට කැමැතිනෙ...ගොඩක්...ඒ නිසාද... ඒ..ත් ඉරිසියාව කියන්නෙ...පපුව රිදෙන එකටද...හුස්ම ගන්න අමාරුයි වගේ දැනෙන එක...."

........

මට ඕන උණා වගේම මං දුන්න හේතුව එක්ක එයාගෙ අපහසුව නැති වෙලා යද්දි , ඉරිසියාව නෙමෙ දරාගන්න බැරි ආදරයක්...කියාගන්න බැරි ආදරයක් උණත් පපුව හිර කරන්න...හුස්ම ගන්න අමාරු කරන්න පුළුවන් කියලා කියා ගන්න ඕනා උණත්, ඒවා කියලා එයාව ආපහු අපහසුවට පත් කරන්න ඕනා නැති නිසා, එයාගෙ වචනයක් ගානේ, එයාටත් හොරෙන් ආයි ආයි රිදෙන මගෙ සිතුවිලි හිත අස්සක හංගලා දාන ගමන් , මං දුන්න හේතුව නිසා පොඩි එකෙක් වගේ සතුටු වෙන එයා දිහා බලන් ඔව් කියන්න ඔළුව වන වන මං හිනා උණා..

"ඕනා දෙයක්...ඇත්..ත...ඉරිසියයි මට...පපුව රිදුණා...කැනඩා ඉද්දී...
පැතුම්ගෙන්...සුමංගගෙන්...ඒ ගර්ල් ගැන අහපු වෙලාවේ ඉඳන්..පපුව රිදුණා...මට..මට ඔයාව ඒ වෙලාවේම හොයන් එන්න..ඔන උණා...ඔයා..ඔයා ආස විදිහට...එයා ඔයාට ආදරේලු නේද...ඔයා..ට කැමැතියිලු නේද...එහෙම...එහෙම හිතද්දී..රිදෙනවා...ගොඩක්..රිදෙනවා.."

...........

"ම..මට...මට...මොකුත් කියන්න බෑ නේ...ඒ..ත්...ඒ..ත් මං කැමැති නෑ බබා...ඔයා එයා එක්ක ඉන්නවාට...
අනේ මං කැමැති නෑ...නේ..."

"මාත් කැමති නෑනෙ ඉතිං.."

"ආහ්.."

පාර හදලා දුන්නම නිදහසේ ගලන් යන වතුර පාරක් වගේ ඒ පාර එයා එයාගෙ හැඟීම් එළියට දාද්දී මන් එයා දිහා බලන් උන්නේ පුදුම තරම් ලෝබ කමකින් වෙද්දි මාත් කැමැති නෑනෙ කියද්දි එයා පුදුමෙන් මගේ මුනට එබුණා...

"මං ඒ කෙල්ලට කැමැති නෑනෙ...වෙන්නෙත් නෑ....ඒ නිසා බය නොවි ඉන්න...ඉරිසියා කරාට කමක් නෑ....බය නොවි ඉන්න..."

"......හ්ම්..මට බය නෑ...මං බයවෙන්නේ නෑ...කිරුළු මගෙ නේ...කිරුළු කියන නිසා මං බය නෑ..."

මං කියපු දේ එක්ක ඒ ඇස් දිලිසුණා...මේ තරම් කරපු වචන හරඹේ අස්සෙ...මගේ මූණට එබිලා උන්න එයාට උඩින් අපි දිහා බලන් උන්න නිල් අහසේ තරු කැට වගේ නිමි නිමි දැල් උණ ඒ තරු ඇස් අන්තිමේ උපරිම දීප්තියක් එක්ක , මගෙ වචන නිසා එක දිගට දිලිසෙන්න ගද්දී එයා වගේම මමත් හිනා උණා...හැමදේම මොහොතකට අමතක කරලා අපි දෙන්නා හදවතින්ම හිනා උණා...

"ස..ර්ර එපා...හ්..."

ඒ හිනාව අස්සෙන්ම මගේ නලල උඩ මොහොතකට නතර උන ඒ තොල් මගෙ නහය දිගේ පහලට ඇවිත් අද තොල් වල නතර නොවීම පහලට පල්ලම් බැස්සා...ඒ ස්පර්ශෙටම පිස්සු වැටිලා
එයාව ඉල්ල ඉල්ල පුපුරු ගහන්න ගත්ත
තොල් වල බලාපොරොත්තු බිඳපු එයාව , ඒ තොල් වල පහසට ඇබ්බහි වෙලා උන්න මගෙ බෙල්ලත් බලාපොරොත්තු උණත්...ඒ බලාපොරොත්තුත් බිඳලා දාපු එයා එයාව මේ වෙලාවේ කොහොමවත් බලාපොරොත්තු නොවුණ මගෙ නිරුවත් පපුව උඩින් නතර වෙද්දි උඩට ගත්ත හුස්ම මට මොහොතකට පහත දාන්න අමතක උණා...

"එපා නෙමෙ නේද...ම්ම්....ඒක එපා නම් එපා....එපා...'හ්' කියලා නම් කිව්වේ.....මං දන්නවා..ඒ කියන්නේ...ඔයාට...ඕනා..ඕනා නේද....ම්ම්ම්.."

"ම්හක්..ඕ..නා...හ්...ඒත් දැන් ඇති.. හ්.....බලන්න...කලුවර...ම්හ්... වෙලා...ඔයාගෙ මඩ...මේ පිදු.. රු...හ්..කසනවා....ඒවා....නා.. නාන්න ඕනහ...දැන් යමු..."

උඳුවප් මාසෙ නිසා වෙනදාටත් වඩා කලින් කලුවර උණ අහස යට පැතිරුණ ඇග හිරි වට්ටන රෑ සීතල..වෙල් යාය පුරා හමාගෙන යන හුළඟත් එක්ක දෙගුණ තෙගුන වෙද්දි ,අපිටත් හොරා ඝන අන්දකාරේ වැහුන අහසත්...අහසටත් හොරෙන් ඒ අඳුර මකන ගමන් පෝයට පහුවදා පායපු පුර හඳත් අපෙ හැඟීම් වලට උල්පන්දම් දෙද්දී...ටිකකට කලින් අපි එක්ක ඔච්චම් කර කර උන්න තරු පැංචෝ ඒ හඳ එළිය අස්සෙ හැංගිලා ගියා වගේ හිතේ තිබුණ වේදනාත් අපෙ හැඟීම් වලට යටවෙලා හැංගිලා යද්දි ,ඇග පුරා වේලුන මඩ සලකුණු උඩ පිදුරු අලවන් උන්න එයා ඒ කිසි දෙයක් ගැන වගක් නැතිව මගෙ නිරුවත් පපුව පුරා අයිතිය කියන ගමන් උන්නා...

එයා මගෙ පපුව පුරා අයිතිය කියන්න උත්සාහ කරපු මුල් වතාව නොවුණත්, කලින් හැම වතාවේම එයා අයිතිය කිව්වේ එයාම දාගත්ත සීමාවක් එක්ක ඇඳගෙන උන්න ඇදුමට උඩින් වෙද්දි අද මගේ නිරුවත් පපුවට ලැබුණ මේ අනපේක්ශිත පහස නිසා මං වගේම මගෙ පපුව පුරා විසිරුණ රෝම කුප තුඩු එක්ක ඒවට වඩා ඉහලින් ඉඳගෙන නායකත්වේ දීපු අනික් දෙන්නත් උන්නේ පිස්සුවෙන් වගේ එයාව ඉල්ලන ගමන් වෙද්දි , මේ තරම් කල් ලෙහලා බලන්නෙ නැතිව ඔබලා බල බල එයාම පරිස්සම් කරපු දේවල් අන්තිමේ ලිහලා බලද්දී එයාගෙ තොල් මගෙ පපුව පුරා දිව්වේත් නොඉවසිල්ලකින් වගේ වෙද්දි,ඒ නොඉවසිල්ල තව එහා ගියොත් අපි දෙන්නට තැන නොතැනත් අමතක වෙන බවක් දැණෙද්දී එයාට පපුව පුරා පාර පෙන්නන්න ඒ කෙස් ගස් අස්සෙ හැන්ඟුණ අතින්ම මං එයාට නතරවෙන්නත් සංඥාව දුන්නා..

"ආයි වෙලාවක..හ් දෙනවාද."

"මං..මං කිව්වා..නේ...ඕන දේ..යක්...කියලා...ඕනම දෙයක්...ඔයා කැමැති...ඕනා දෙයක්.."

...........

මගෙ මූණට එබුණ එයාට මං වචන දෙද්දී හඳ එළියේ දිළිසෙන ඒ නිල් ඇස් වටේ හැඟීම් මහ ගොඩක් පිරුණ මගේ ඇගිලි තුඩු හෙමින් සීරුවේ රවුමක් යද්දී මගේ අත අල්ලාගෙන පිට අල්ලට  හාදුවක් දුන්න එයා ආපහු මට එහා පැත්තෙ පිදුරුගොඩේ පෙරළිලා මේ වතාවේ මාව එයාගෙ පපුව උඩට ඇද ගත්තා...

"සර්..."

"ම්ම්ම්..."

"ඒ පාර මොකෝ..."

"ඕනා දේවල් හිතුවා...ගොඩක් දේවල්....තියේ....ගොඩක් දේවල්...ගිය..වතාවේ බැරි උණ...ගොඩක් දේවල්...."

............

ඇවිළිලා ගිය හැඟීම් නිමලා දාන්න ගත්ත වෙලාවකට පස්සෙත් අහස දිහා ඇස් තියන් උන්න එයාගෙන් සද්දක් නොවෙද්දී මං ඒ නිහඬ බව බිඳලා දැම්මා...

"ඒ ඕනා දේවල්...ඔක්කොම ගත්තොත්...සමහරවිට....ඔයා නිසා...පපුවට දැනෙන..මේ බර හැඟීම...ඒක නැති වෙලා යාවිද කිරුළු...ඒත්...බරක් උණත්....දන්නවාද...ඒ හැඟීමට...මන් ආස වෙලා....හැමදාම ළඟ තියාගන්න ඕනා තරමට.....හැමදේම...ගත්තාම....ඒ හැඟීම නැති වෙලා යාවි කියලා....බයෙන් වෙන්න ඇතිද....මං... මේ තරම් ඔයාව පරිස්සම් කරන්නේ....හැමදේම...එකපාර උණත් ගන්න...ඔයා අවසර දිලාත්....ඉවසීමක් නැතිම තැනදිත්...මං මේ තරම් ඉවසන්නේ....ඒ හැඟීම නැතිවෙලා යාවි කියන බයට වෙන්න ඇතිද බබා..."

........

මාව පපුව උඩ තියන් මගේ පිටදිගේ අත උඩ පහල ගෙනියන ගමන් එයා මුමුණපු හඩ මට ඇහුණේ අහසේ ඈතක ඉඳන් ආපු නුපුරුදු හඬක් වගේ...හැඟීම් තේරුම් ගන්න නොදන්න කම...ඒ අස්සෙ හැඟීම් තේරුම් ගන්න තිබුණ නුවමනාව එයාව අවුල් කරලා තියෙද්දි...මගේ කම්මුලට යටවෙලා තිබුණ ඒ පපුව එයාට රහසින්ම කියපු ඇත්තම කතාව නිසා ඒ වචන ඇතුලේ තිබුණ ආගන්තුක බව අතුරුදන් කරද්දි මං එයාගෙ පපුවට තොල් තද කරන් හිනා උණා....

"ඔයාට පුළුවන්....උත්සාහ කරලාම බලන්න..."

.

.

.

"කෝ මෙහෙ එන්න.."

"ආහ්...ඒ..යි...මොකද ඔය කරන්නේ..!! "

"අද මං කුණු ගාන්නම්..."

"ආහ්.."

මේ රෑ මැද වෙල් යාය පැත්ත පළාතේවත් මේ පාරවල් වලවත් අපෙ ගෙදර මනුස්සයෙක් ඇර වෙන අය යන්නෙ එන්නෙ නැති බව දන්න නිසාම,ඉස්සර ඉදන්ම රෑ මැද හිටි ගමන් වෙන මගේ  අතුරුදන් විම් වලට හුරු උණ අපෙ ගෙදර අය මාව හොයන්න නොඑන බව දන්න නිසාම..අපි දෙන්නා නිදහසේ පැය කීපයක්ම ඒ හඳ එළිය පිරුණ රැයේ පිදුරු ගොඩ උඩ ගෙවලා දැම්මා..

අන්තිමේ බඩවලුත් කෑ ගහන්න ගද්දී එයාගෙ සාක්කුවෙන් ගත්ත ෆෝන් එකේ වෙලාව රෑ 8ත් පහුවෙලා තියෙද්දි අපි දෙන්නා හඳ එළියේ පිහිටෙන් නියර දිගේ ආපහු ඇලට ආවා වෙද්දි රෑ කළුවරේ නිසා වලට නොයා මංකඩෙන් පහළට බැහැපු අපි දෙන්නා සීතලේ ගැහි ගැහි ඉක්මනින් නාගත්තා...ඇඟවල් වල ඇලුණු මඩයි පිදුරුයි යවාගෙන සබන් ගාන්න පඩිය උඩට නැඟපු මාව ආපහු පහළට ඇදලා ගත්ත එයා මගෙ අතේ තිබුණ සබන් කෑල්ල උදුරන් මගෙ ඇගේ ගාන ගමන් මන් කුණු ගාන්නම් කියද්දි මං බලන් හිටියෙ පුදුම වෙලා...

"මෙතන...මෙහෙමනේ...අල්ලන් හිටියේ...ඒ ඔක්කොම කුණු යන්න සබන් අතුල්ලලා කුණු ගාන්නම් මං.."

"අ..යියෝ...මොනාද අප්පා කියවන්නේ..හ..හ්
.හා.....කුණු ගාන්නම්...සබන් අතුල්ලන්නම්...අම්මොහ් මට බෑ...කුණු...කුණු තමා අතුල්ලන්නෙ....සබන් තමා ගාන්නේ...."

එයාගෙ මේ කුණු ගෑවිල්ලේ තේරුම එයාගෙ ඊලඟ වචන එක්ක පැහැදිලි වෙද්දි මට හිනා නොවී බැරි වෙද්දි පාළු රෑ මැද මගෙ හිනාව ඇල මැද්දෙ දෝංකාර දුන්නා...

"ක්..කට...කට...අල්ලනකන් බලන් ඉඳලා....එනවා හිනා වෙන්න....නවත්තන්න කිව්වේ...හපලා දාන්න කලින්..."

"මොන...සබන්ද හපලා දාන්නේ....කුණුද්.....ම්ක්.."

.........

එයාගෙ අත් සබන් කෑල්ලත් එක්ක හරි කලබලෙන් මගෙ පපුව පුරාත් පිට පුරාත් යද්දි දැනෙන අපහසුව විහිළුවකින් නැති කරගන්න හැදුවත් එයා ඇල මැදම, සබන් පෙන නාලා උන්න මාව ඇදලා අරන් මගෙ තොල් අල්ල ගත්තා...

"මොකද කරන්නේ මිනියෝ... මේ ඇල මැද...!!"

"කළුවරයිනේ ඉතිං...අනික...කිව්වනේ...නතර කරේ  නැත්තං හපලා දානවා කියලා.."

එයා අල්ලා ගන්න පමාවට එයාට යටත් වෙලා ඒ හාදුවට හවුල් උණත් සෑහෙන වෙලාවකට පස්සෙ තොල් අත අරුණ පමාවට මං හුස්මක් කටක් නොගෙනම ඒ පපුවට අත් වලින් ගස ගස බොරුවට නෝක්කාඩු කිව්වා...

"ම්හ්..ක් දැන් අත අරින්න..කො.."

............

වෙනදාට බාගෙට ඇඳගෙන කොයිතරම් එකට නෑවා උණත් , අපි අපේ සීමාවේ උන්නා වෙද්දී..අද ඒ ඇලේ ඒ වටපිටාවේ ඒ විදිහටම උන්නත් , රෑ අඳුර..හුළං සීතල.. පිදුරු ගොඩකට ගිනි තිව්වා වගේ අපෙ හැඟීම් එන්න එන්නම අවුලවද්දී, අපිට උදව්වට වගේ ආපු වැහි වලාවකින් හඳ එළියත් මුවා වෙලා යද්දි  ඒ එක අතක් මගේ ඉණ වටේ නැවතිල්ලක් නැතිව මිරිකෙද්දි මගේ ඔළුව පිටිපස්සෙන් නතර වෙලා තිබුණ අනික් අත සබන් පෙන මැද්දෙන්... මගෙ ඇට මිදුළු අස්සේ පවා හැංඟුණ හැඟීම් අවුස්සා අවුස්සා එළියට ගන්න ගමන් මගෙ කොන්ද දිගේ පහළට ඇවිත් මුල් වතාවට මගෙ බෝල තට්ටම් උඩින් නතර වෙලා තිබුණා...

"ඇති..හ් නේ..හ්..ද දැන්..."

"ම්ම්..හු..මං කිව්වේ... කලින් බැරි උණ හැම..දේම ඕනා..."

ඇඳගෙන උන්න මඩ ගෑවුණ ඩෙනිම් ට්‍රවුසර් එක ගලවලා දාලා බොක්සර් එක පිටින් උන්න එයාගෙ ඒ තරම් සමීපව මුල් වතාවට දැනෙන ඒ හැඟීම් හැඟීම් කවදාටත් වඩා තදට මගෙ බඩ මැද්දෙ තෙරපෙද්දී  මං අකමැත්තෙන් උණත් එයාව නතර කරන්න හැදුවා...

"මගෙ ලිලි මල....පින්න මල් සුවද ගහන වයිට් ලිලි මල..මෙත..න...මේ වගේ...උන්න...හැම..දාම...මෙහෙ....ම තුරුලු කරගන්න ඕනා උණා...දන්නවාද.."

දුන්න කාලෙ ඉවරයි වගේ හඳ එළිය ආපහු එබිකම් කරන්න ගද්දී , ආයාලේ ගිය අත් ආපහු එකතු කරන් මාව අත් දෙකෙන්ම තුරුළු කරන් ඒ පපුව අස්සෙ හංග ගත්ත එයා මගෙ හිස් මුදුනෙන් තොල් තද කරන් මුමුණද්දී...මගෙ තොල් දෙකත් ඒ සීතල ගැහුණ පපුව උඩින් තද උණා....

"ම...ට..ත්...."

මතුසම්බන්ධයි....
👩‍💻 dil

2024/02/10

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

පමා උණාට සමාවෙන්න වස්තුලා....

ඔතරී බිසී ආපහු...6ට ගියාම 2වත් වෙනවා ගෙදර එද්දී...සාමාන්‍යෙන් රෑට ටයිප් කරන්නෙ..මේ දවස්වල නින්ද යනවා මහන්සියටම...මේ සතියම ඔට්ටු වෙලා ටික ටික ටයිප් කරේ... අවුල්ද මන්දා....🤧🤧

වචන 5300ක් පරක්කු උණාට...😊😊

මෙහෙම කොටසක් ලියන්න ඕනා උණත්,අද කොටස මේ සිද්දී එක්ක ලියවුණේ KushiJerome රිඩර් බබාගෙන් කිරුළ වෙනුවෙන් මට ලැබුණ ලස්සන විඩියෝ එකක තිබුණ ෆොටෝ ටිකක් නිසා...🤗

එයා තෝරාගෙන තියෙන ෆොටෝ ටික වගේම ඒ සිංදුව හරි ලස්සනයි අප්පා..එයා ලෙවිනුයි..කිරුළුයි වෙනුවෙන් තෝර ගත්ත ෆොටෝ ගැන කියන්න වචන නෑ මට....🥺🥺❤️❤️❤️❤️ගොඩක් ගොඩක් ස්තුතියි මේ දුන්න ආදරේට..... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

ඉතිං අද සිංදුව වෙනුවෙන් ඒ සිංදුව එක්ක හදපු ඒ විඩියෝ එක අරන් ආවා...🙈🙈 non ff විදිහට හදලා තියෙන්නේ...ඉතිං ff විදිහට කියවන අයත් කැමැති නම් බලන්න...🤗🤗

ලෙවින්,කිරුළ ගැන අද මොකෝ හිතෙන්නේ...🥺🥺

අනුමිටත් කියන්න මොනා හරි...☺️☺️

සෙවරින් ඇවිත් ආපහු...අවුලක් වෙයිද... එයා සම්බන්ධ දේවල් ගැන අදහසක් තියේද...🤧🤧

ඉතිං.......රෝමෑන්ටික් උණා ඇති නේ....හ්......😌😌

ප්ලේන් එක හෝන් ගහනවා වගේ ඇහෙනවා.....🙃🙃

ආ හිදැස් පත් දන්නේ නැති අය..පහල ෆොටෝ එකෙන් අදහසක් ගන්න....එතකොට විඩියෝ එකේ මං ආසම ෆොටෝ ටික විඩියෝ එකට යටින් දාන්නම්...🤗🤗


   🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහග කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා
මතකද අපනෙත් කතා...

කවුරුද ඔබ මා... ඉන්නේ කොතැනා
නොම විමසා පෙම ඉඟිමැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක සුවපා වෙන්වූවා අප සුසුම් දරා

මතකේ මැවෙනා... පෙර රූ ඡායා හමුවේදෝ යලි සිත සනහා
ඔබෙ නමටයි මා පාරමි පුරණා ඇසේවිදෝ මේ ගී මාලා

පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා මතකද අපනෙත් කතා කලා...

ගායනය :ශලිත අබේවික්‍රම

Continue Reading

You'll Also Like

2.2M 115K 64
ā†³ ā [ INSANITY ] āž ā” yandere alastor x fem! reader ā”• šˆš§ š°š”š¢šœš”, (y/n) dies and for some strange reason, reincarnates as a ...
525 73 6
ą¶‹ą¶¶ą¶§ ą¶…ą¶øą¶­ą¶š ą¶‹ą¶±ą·ą¶Æ ą¶øą·„ą·™ą¶±ą·Šą·ƒ ą¶øą¶ø ą¶‹ą¶¶ą·™ ą¶…ą¶ŗą·’ą¶ŗą· ą¶šą·’ą¶ŗą¶± ą¶‘ą¶š ..ą¶‹ą¶¶ ą·„ą¶Æą¶±ą·Šą¶±ą·™ ą¶…ą¶“ą·™ ą·ƒą·„ą·œą¶Æą¶»ą¶šą¶øą·”ą¶­ą·Š ą¶±ą·ą¶­ą·’ ą¶šą¶»ą¶œą¶±ą·Šą¶± (ą·ƒą·’ą¶±ą·”ą¶š ą¶ŗą·ą·Šą·€ą·’ą¶Æ)
46.9K 1.9K 40
After living a peaceful and somewhat slacker life Cale passed away in old age. Only to wake up as a child in another world. Cale was now Sam Witwicky...
18.1K 426 13
jaune is a orphan boy who wanted to dream of being a hero after losing a kidney and a eye to pay off his debt to the mafia he couldn't pay it deep do...