CEO

بواسطة AngelStella4

1.4K 209 75

ආදරයෙන් පැරදුණත් ජිවිතය ලස්සනට දිනපු ඒත් පුංචි පැටියෙක් එක්ක තනිවෙලා ජිවත් වෙන තරුණයෙක් ජිවිතේ හොදම කාලේදී ජි... المزيد

Interduction
1❤️
2❤️
3❤️
5❤️
6❤️
7❤️
8❤️

4❤️

119 24 7
بواسطة AngelStella4

රෝස පාට කොට්ටෙකට කකුල් ගසමින් සද්දෙන් ඇඩුව පුංචි රෝස මලක් දැන් එයා ඉස්සරහ ඉන්න කෙනා එක්ක හුරතල් ලෙස හිනා වෙන්නෙ හරියට පුංචි කෙල්ල ගොඩ කාලෙක ඉදන් අදුරන කෙනෙක් දැක්කා වගෙයි

මේ දිහා බලන් ඉන්න තරුණයාගේ මුණෙත් හරි ලස්සන හිනාවක් තිබ්බා .ඒත් ඉතින් පුංචි රෝස මලගේ මමා නම් ෆුල් ශෝක් .මොකද එයාට හොදටම විශ්වාසයි එයාගේ පැටියා කාත් එක්කවත් හුරතල් වෙන්න කැමති කෙනෙක් නෙවෙයි හරියටම කිව්වොත් එයා මුලින්ම දකින හැම පුද්ගලයෙක්ම ප්‍රතික්ෂේප කරනවා .

ඒත් ටික කාලයක් යද්දී දිගටම ඒ පුද්ගලයා එක්ක ගැටෙනවා වගෙ නම් පුංචි පැටියා එයාත් එක්ක එකතු වෙලා ඉන්නවා ඒත් අද නම් පුංචි ටෙශි බබාගේ ගතිගුණත් ප්‍රතිපත්තිත් වෙනස් කරන්න පුලුවන් කෙනෙක් වගේ එයාගේ ඉස්සරහට ඇවිත් ඉන්නෙ එකනේ පුංචි කෙල්ල හරි හරියට හිනා වෙන්නේ

(Girl kenek kiyala hithanna)




"සර්...... බබා "

"ආහ් හරි "

නිල් පාට බැලැන්කට් එකක අරන් ආව තව පුංචි හා පැටියෙක්ව ජන්කුක් අතින් නැනී ගෙනත් තිබ්බේ සෝෆා එකේ ඉන්න පුංචි රෝස මලගේ හිනාව දිහා බලාගෙනමයි .

හැබැයි ඉතින් මෙච්චර වෙලා හිනා වෙවී හිටිය පුංචි රෝස මලගේ මුණ බෙරි වෙලා ගියේ එයාගේ ඉස්සරහ හිටිය කෙනාගේ අතට නිල් පාට අඩන මොකක්ද ගෙනත් දීපු නිසායි .

"ශ් ශ් හරි මමා ඉන්නවා ම්ම්ම්ම් හරි..... ම්ම් දොයියමු අපි "

ජන්කුක් දිහා බලාගෙන හිනාවෙන එයාගේ රෝස මලගේ හිනාවට ටෙහියොන් මුලින් පුදුම උනාත් ඒ හිනාවට එයාගේ මුණෙත් ලස්සන හිනාවක් ඇදුනා .

දෙන්නාටම අමතක වෙලා තිබ්බ අඩන පුංචි ගුකී පැටියාව නැනී ජන්කුක් අතෙන් තිබ්බෙ ගුකීගේ ඇඩිල්ල නතර කරන්න නම් ඉතින් ජන්කුක් ඉන්නම ඔනේ නිසා .ඒත් ඉතින් එකෙන් උනෙ තව රෝස මලකට කෙන්ති ගිය එක. එකනේ එයා කම්මුල් දෙකත් පුම්බන් මුණ බෙරි කර ගත්තේ

ටෙශි අඩන්න හදන්නෙ කියලා තේරුණු ටෙහියොන් ජන්කුක් ලගින්ම ටෙශි ලගට ආවත් ජන්කුක් අතේ පුංචි නිල් පාට බැලැන්කට් එක අස්සෙ ගුලි වෙලා හිටිය හා පැටියෙකුටත් හුරුපුරුදු දෙයක් දැනුනා .

ජන්කුක් හිටියේ ටෙශි ලගම නිසා ටෙහියොන් ජන්කුක්ගේ පපුවෙ සාමාන්‍ය විදියට ගැවිලා වගෙයි ආවේ .ඉතින් ජන්කුක් ලග නිල් බැලැන්කට් එක අස්සෙ හිටිය ගුකී පැටියාට හුරුපුරුදු උණුහුමක් දැනුනු නිසා තව හයියෙන් අඩන්න ගත්තා.

ටෙශිව වඩාගෙන නිදි කරවන්න උත්සාහ කෙරුව ටෙහියොන්ට පුදුම හිතුනෙ ටෙශි අඩන එක පොඩ්ඩක්වත් නවත්තන්නෙ නැති වෙනකොටයි ටෙහියොන්ව ප්‍රතික්ෂේප කරනකොටයි.

ඇත්තටම එක ප්‍රතික්ෂේප කිරිල්ලක්ම නෙවෙයි එයාට දැන් ඔනේ මමාව නෙවෙයි කියලායි එයා කියන්නෙ

ඉතින් එක තේරුම් ගත්ත ටෙහියොන් ජන්කුක් දිහා බැලුවේ ජන්කුකුත් ටෙහියොන් දිහා බලන් ඉන්නකොටයි .

දෙන්නාටම එකම ප්‍රශ්නෙ .ඒ දෙන්නාගෙම ලමයි බලාපොරොත්තු වෙන්නේ ඒ දෙන්නාව නෙවෙයි .ටෙහියොන් එක දැන ගත්තෙ ටෙශි ජන්කුක් පැත්තට හැරිලා ජන්කුක් දිහා බලන් අඩනකොට වගේම ජන්කුක් එක දැන ගත්තෙ ගුකී පැටියා ටෙහියොන් ගිය පැත්තට හැරෙන්න අඩනකොටයි

" සර් බබාලා දෙන්නාව මාරු කරගෙන බලන්නකෝ ලමයි දෙන්නා අඩන එක නවත්තයි වගෙ එතකොට "

මේ දිහා බලන් හිටිය නැනී තවත් නම් මේ දෙන්නාගෙ ඇඩිල්ල දිහා බලන් ඉන්න බැරුව කිව්වෙ ජන්කුක්වත් ටෙහියොන්වත් ඒ දේ කියන්න පෙලඹුනේ නැති නිසා .

මොකද ජන්කුක්ට අනුව ටෙහියොන් මුලින් එයාගේ ලමයාව බලන්න ඔනේ අනිත් දරුවෝ කොච්චර ඇඩුවාත් ඒ ඉන්නෙ ටෙහියොන්ගේ දරුවා.

අනිත් පැත්තට ටෙහියොන් හිතුවේ ජන්කුක් එයාගේ ලමයා අඩනකන් මගේ ලමයාව ගන්න එකක් නැති වෙයි කියලායි .ඒත් ටෙහියොන්ට ඔනේ උනා එයාව බලාපොරොත්තුවෙන් අඩන ජන්කුක්ගේ පැටියාව ජන්කුක්ගෙන් ඉල්ල ගන්න .

අනිත් පැත්තට ජන්කුක්ට ඔනේ උනා එයාව ඉල්ලලා අඩන මෙච්චර වෙලා ලස්සනට හිනා උනු ඒ පුංචි රෝස මලව ටෙහියොන්ගෙන් ඉල්ල ගන්න .

දෙන්නාටම කොච්චර සිතුවිලි මැදි උනාද කියනවා නම් නැනී ඒ දෙන්නාට කතා කරලා කියනකන් දෙන්නාම හිටියේ අනිත් කෙනාගේ අතේ තමන්ව බලාපොරොත්තුවෙන් අඩන පැටව් දෙන්නා දිහා බලාගෙනයි.

ඉතින් සිතුවිලි වලින් ඔලු පුරව ගත්ත දෙන්නාගෙන්ම ලමයි අඩන එකට පියවරක් නැති හින්දා නැනී කිව්ව දේට ටෙහියොන් ඔලුව වැනවා ඒත් එක්කම ජන්කුකුත් යන්තමින් ඔලුව හෙල්ලුවා

"මිස්ටර් ජන්කුක් ඔයාගේ බබාට බඩගිනි වෙලා වගේ මං එයාට කිරි ටිකක් දෙන්නම් " 

ටෙහියොන් එයාගේ ටෙශිව නැනීගේ අතට දෙන ගමන්ම ජන්කුක්ට කිව්වෙ ජන්කුක් ගුකීව සෝෆා එකෙ කලින් ටෙශි හිටිය තැනින් තියද්දීයි

ටෙහියොන් ගුකීව වඩාගෙන ප්‍රයිවට් රූම් එක පැත්තට යනකොට ජන්කුක් නැනී අතේ හිටිය ටෙශිට අත දික් කරෙ ටෙශිත් ඉක්මනට ජන්කුක් අතට එද්දීයි

" පුංචි කෙල්ල සර්ගේ අතට එන්නම බලන් ඉදලා වගේ සර් "

"ම්න්න් "

නැනී හිනාවෙලා කිව්වෙ එයාගේ අතේ හිටිය ටෙශි කලබලෙන් ජන්කුක් අතට ගිය නිසායි .නැනී කිව්ව දේ අනුමත කරා වගේ ජන්කුක් මිමිණුවේ කෙල්ල දිහා බලාගෙනමයි .නැනී යනකන් ඉදලා පුංචි රෝස මලත් වඩාගෙන වීදුරු වෝල් එක ලගට ආව ජන්කුක් කෙල්ල දිහා බලන් හිටියා

ඒ පුංචි ඇස් සතුටට දිලිසෙනවා පුංචි කම්මුල් කලින් ඇඩුව නිසා කදුලු වලට අමුතු දිලිසිමක් තියෙනවා ලා දුඹුරු පැහැති ලස්සන ඇස් දෙකක් තියෙන පුංචි කෙල්ලගේ කොණ්ඩෙ උඩට කරලා බූලක් දාලා ඒ වටෙටම ලස්සන චුටි කොණ්ඩ කටු පිරිලා හරියට පුංචි එන්ජල් කෙනෙක් වගේ.

" ඔයාත් හරියටම ඔයාගේ මමා වගේ ලස්සන එන්ජල් කෙනෙක්නේ ප්‍රින්සස් "

පුංචි රෝස මල දිහා බලන් හිටිය ජන්කුක්ගේ කටින් ආව වචන වලට ජන්කුක්ගේ පිටි පස්සෙ හිටිය එයාගේ නසරාණි යාලුවාගෙ මුණෙත් පුංචි  හිනාවක් ඇදිලා මැකිලා ගියේ එයාගේ යාලුවාට හදවතින් ලන් වෙන්න තැනක් හම්බ වෙලා කියලා දැනිලායි

" අහ්ම් "අහ්ම්

ජන්කුක් පිටි පස්සෙන් හිටිය යුන්ගි උගුර පාදනකොට එකපාරටම ජන්කුක් ගැස්සුනාත් ඒ බවක් නොපෙන්වා සාක්කුවට එක අතක් දාගෙන රෝස මලවත් එක අතක තියන්  ජන්කුක් ඔලුව යන්තමින් හරවලා පිටිපස්ස බැලුවා

"මීටින් එක කල් යවලා හෝබීයා.... ඒ වෙනුවට කිම් කම්පැණි එකේ ප්‍රයිවට් සෙකට්‍රි එක්ක එයාලගේ ප්‍රොජෙක්ට් ඩීටෙල්ස් ටිකයි අපේ එවායි ශෙයාර් කරගෙන " 

"ම්ම්ම්ම් "

"කාගේද බබා "

" මගේ "

" උබේ හොර ගැණිගෙන් වෙන්න ඇති අනේ හිටපන් පාඩුවෙ "

" හා බොරු නම් ඉදහන් පෙන්නන්න "

" මැණික ඩැඩා කියලා පෙන්නන්න කෝ ඩැඩා කියන්න නැත්තම් මේ අජුස්සි ඩැඩාට විහිලු කරයිනේ ම්ම්ම් "

යුන්ගිට ආතල් එකක් දෙන්න හිතන් ජන්කුක් තමන්ගේ උරහිසට ඔලුව තියන් ඔෆිස් ඩෝ එක පැත්ත බලන් ඉන්න ටෙශිගේ පැත්තට පෙන මුණ දිහා බලන් ඩැඩා කියන්න මැණික කියනකොට කෙල්ල හුරතලේට හයියෙන් හිනා උනේ ජන්කුකුත් ඒ හිනාවට කෙල්ලගෙ බෝල කම්මුලක් එබෙන්නම ඉබිද්දීයි

















Taehyung pov....

ගුකී පැටියාව අරන් ජන්කුක්ගේ ප්‍රයිවට් රූම් එකට ආව මං පැටියාව ඇද මැද්දෙන් තියලා ආයෙම ගියේ දොර වහන්න

ඒ එන ටිකට ගුකී පැටියා හා පුංචෙක් වගේ මං දිහා බලන් හිනා වෙනවා .ඇත්තටම ඒ හිනාව ලස්සනයි .

හරියට මිස්ටර් ජන්කුක්ගේ වගේ .මං අහලා තියෙන විදියට jeon කම්පැණි එකේ CEO හිනා වෙන්නවත් දන්නෙ නැති අහංකාර මනුස්සයෙක්

ඒත් ඇත්තටම මං ජන්කුක් වගේ කෙනෙක්ව ඒකට බලාපොරොත්තු උනේ නැ ම්ම්ම් අනේ මන්දා ජන්කුක් මොන වගේ කෙනෙක්ද ඇයි ගුකී පැටියාට ඔම්මා කෙනෙක් නැ කිව්වෙ

ඇත්තටම ජන්කුක් ඩිවොස් වෙලාද නැතුව ඇති සමහරවිට එයාගේ වයිෆ් මැරුනාවත්ද අනේ මන්දා ඒ කොහොම උනාත් මං දන්න එකම දේ මගේ හදවත ඕනාවටත් වැඩියේ ජන්කුක් ලග ප්‍රතිචාර කරනවා .



ඒ හැගීම මොකක්ද ම්ම්ම් අනේ මන්දා......




විකාර හිත හිත ගුකී පැටියාට කිරි දෙන ගමන් හිටිය මං බැලුවෙ ගුකී ඉක්මනට ඉක්මනට කිරි බොන දිහා හරියට එයාට මමා කුක්කු හුගාක් මිස් වෙලා වගේ .

හරි පුංචි ඇගක් පැටියාට තියෙන්නෙ.පිටිකිරි නිසා පැටියා දුරුවලයි ම්ම්ම් මමා කෙනෙක් විදියට මට දැනෙන්නෙ මේ පුංචි හා පැටියා ගැන දුකක් .පැටියාට මං හිතන දෙවල් ඇහෙනවා වගේ මං දිහා බලන් ඉන්නෙ ඇස් බෝල කරන් .

ලස්සනයි ඒ පුංචි මුණ  .ඒ ඇස් කෝපි පාටයි හරි ලස්සනයි හරියට එයාගේ ඩැඩ්ගේ වගේ .මටත් මේ දවස් වල ඔයාගේ ඩැඩ්ගේ ඇස් දැකලා හාර්ට් ඇටෑක් එකක් එන්නද කොහෙද මැණික එකනේ ඒ තරම් වේගෙන් ගැහෙන්නෙ

කෝපි පාට ඇස් කියන්නෙම මායාවක් ඉතින් මේ පුතායි තාත්තායි ඒ මායාව ඒ ඇස් වල හංගන් .ඕහ් මෙන්න වැඩක් .මේ පුංචි හා පැටියා හිනා වෙනවා  එයා මාත් එක්ක හිනා වෙනවා .

හරියට මං මෙච්චර වෙලාවක් හිතුව දේවල් තේරුම් අරන් වගේ .ඔයා මැණික ඒ දෙවල් වලට ඇහුම්කන් දුන්නාට නම් කමක් නැ ඒත් බූබු ඔයාගේ ඩැඩ්ට කියන්න නම් තහනම් හොදද අනෝ ඉතින් මෙකත් කොලම් මල්ලක් හරි හරියට හිනා වෙවී කිරි බොනවා

" කොමද බුබු මමා කුක්කු රසයිද ම්ම්ම් රසයි නම් මගේ බූබූ ගොඩාක් බීලා බන්ඩි ෆුල් කරගන්න හොදද "


පුංචි බෝල ඇස් තව බෝල කරන් මං කියන එවාට හුරතලේට හිනා වෙනවා මගෙ ඇදුම ඒ පුංචි අත් වල හිරකරන් දාලා යන්න එපා කියනවා වගේ

කොහොම හරි තව පැය භාගයක් විතර යද්දී මාත් එක්ක කොලම් කර කර කුක්කු බිව්ව මගේ බුබු හොද නින්දකට වැටුනේ මට ඒ පුංචි උණුහුමෙන් අයින් වෙන්න ලෝබ හිතෙද්දියි .

මං පැටියාව ඇද මැදෙන් තියලා කොට්ට ටිකක් වටෙට තියලා වැටෙන්නෙ නැති වෙන්න කවර් කරලා ටිකක් වෙලා ඒ මුණ  දිහා බලන් හිටියා

" මගේ බුබු හොදට දොයින්න දැන් "


Taehyung pov end........










































"  ද්-ද්දී  "


























ටෙශි බබා 😍





Onna thawa chuti update ekak aran awa

Kohomada kiyala kiyanna kathawa

Aththatama dan nm adahasak wath na liyanna godak kal giyane update denna e hinda liyanna hithan hitiya vidiyath awul gihin wagee

Kohoma hari ithim kiyawana mage bubula tika kiyannako kathawa hodaida digatama onida kiyala

Monahari kiyan yanna like ekakuth ekka bye bubula ❤️




❤️❤️😍😍

واصل القراءة

ستعجبك أيضاً

1.4K 80 11
ගුරු ගෝල බැදීම තහනමක්ද?? වයස කියන්නේ ඉලක්කමක් විතරයි කූ~💚💜️🐯🐰
10.7K 1.7K 16
🐯 " තවුසේ කොහෙන්ද මේ කොල්ලව ගෙනාවේ ජියෝන්.. 😫" 🐰" මන් ආවේ ඔම්මගේ බඩින් තවුසේ වගේම 😌😏.." 🐯" ආශ්ශ්....😫" | Taekook| Tae Top kook Bottom Funny...
1.2M 65K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
40.8K 5.1K 32
ඒක සංසාර ගත හමුවීමක් ද ?? ⛔⛔ Don't Copy My Work ⛔⛔ Top Tae Bottom Kook ➡️ Just fan fiction