𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭

By _Crazy_Vibes_

2.4K 245 77

වීරයෙක් නොමැති.. දුෂ්ටයන් තිදෙනෙකු අතර ඇවිලුන යුද්දයක්.. හොර රහසේ ගලා යන ආදරයක්.. More

Intro
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Author note
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 26
Last Chapter
New One.

Chapter 25

54 7 6
By _Crazy_Vibes_

𝓽ꫝꫀ ꪑꪖ𝘴𝘬 🎭
[ වෙස් මුහුණකට මුවා වූ ජීවිතය..🗡🩸 ]

Episode 25

________________________________________________.

කාලයක් හිතින් ආදරේ කරලා දැන් හැබැහින් ආදරේ කරනවා කියන්නේ ඒක වෙනස්ම හැගීමක්. මුලු හිතම සින්නක්කර කරගත්තු ඒ පිරිමි ආත්මේ දැන් හදහටම තමන්ගේ කියලා දැනෙද්දි දැනෙන හැගීම. ඒක වෙනස්ම විදිහේ හැගීමක්. විදලාම බලන්න ඕන හැගීමක්. විදින්න ඕන හැගීනක්. හැබැයි හුගක් අය විදවන හැගීමක්.

" මට මේක තාමත් හිතාගන්න බෑ හ්‍යෝන්. "

" ම්ම්ම් මොකක්ද. "

" ඔයා මගේ කියලා. "

හෝසක් ජැක්සන්ගේ පැත්‍ත හැරිලා කියද්දි ජැක්සන් කලේ පුංචි ලා හිනාවක් දුන්න එක විතරයි. ජැක්සන් කොහොන කියන්නද ඒ හිතේ මේ වෙලාවේ උඩු දුවන හැගීම. ඒක කොහොම විස්තර කරන්නද. ඒකට මේ ලෝකේ තියන සේරම වචන ගත්තත් ඒ වචන මදිවෙනවා කියලා විතරයි කොල්ලා දන්නේ.

" උබ දන්නවද මැණික. උබව මගේ කරගන්න. උබව මගේ පපුවේ හංගගන්න මම උබට වඩා හීන දැක්කා. ඒත් මගේම ජීවිතේ කොයි වෙලේද කියලා අවිනිශ්චිත වෙද්දි මම බය උනා උබව මට නැතිවෙයි කියලා. දුරින් ඉදන් බලාගන්න ඕන උනත් මේ මුරණ්ඩු හිත ඉල්ලුවෙම උබව. ඔය දිලිසෙන ඇස් අස්සෙන් මගේම රූපේ දකිද්දි මට මාව දරාගන්න බැරිවුනා මැණික. උබේ ඇස් දෙකම තරුකැට වෙද්දි උබ මට මන්දාකිණියක් උනා. "

ජැක්සන් හිතේ තිබුනු හැගීම් වලින් හතරෙන් එකක් ඒ විදිහට විස්තර කරද්දි ජැක්සන් බලාගෙන හිටියේ ලා දුබුරුපාට ඇස් අස්සෙන් පේන තමන්ගෙම ප්‍රතිබිම්බය දිහා. ඉතින් ජැක්සන් කොහොම නෑ කියන්නද ඒ ඇස් වකින් තමන් තමන්වම දකිද්දි. ජැක්සන් කොහොම පිලිගත්තත් නැතත් හෝසක් අයිති ජැක්සන් විතරයි. ඒක හෝසක්ම ලියලා දීලා ඉවරයි. ඉතින් ඇස් දෙකෙන්ම ඒක පේද්දි තවත් සාක්ෂි මොකටද. හිතේ ප්‍රතිබිම්නේ කියන්නේ ඇස් දෙක. ඉතින් හිතේ තියන හැම දෙයක්ම එකක් නෑර ඇස් වල ලියවෙනවා කියලා ඔයාලා දන්නවද.

" මම හ්‍යොන්ට කියන්නෑ මට ආදරේ කරන්න කියලා. ඒත් මේ අත් අතඇරෙන්න දෙන්න එපා. "

හෝසක් ජැක්සන්ගෙයි තමන්ගෙයි එකට පැටලිලා තියන අත් දෙක දිහා බලාන් කියද්දි ජැක්සන් තවත් ටිකක් තදට ඒ අත අල්ල ගත්තේ අතාරින්නේ නැහැ කියලා අගවන්න වගේ.

" මේ අත අතාරින්න ඕන්නම් මම අල්ලගන්නේ නැහැනේ. "

ජැක්සන් එහෙම කියලා තමන්ගේ අතත් එක්ක පැටලිලා තියන හෝසක්ගේ අතේ මතුපිටට පුංචි හාදුවත් තැවරුවේ දැනෙන නොදැනෙන ගානට. ඒ වගේම හෝසක්ගේ නලලටත් හාදුවක් දුන්නේ හෝසක් ඇස් දෙක පියාගනිද්දි.

දන්නවද තොල් පෙති වකට තියන හාදුවට වඩා නලලට තියන හාදුවේ ආරක්ෂාව, රැකවරනය දැනෙනවා වැඩී. තොල් වලට තියන හාදුවේ ආදරේ රාගය විතරක්ම කැටිවෙද්දි නලලට තියන හාදුවේ ආදරය ආරක්ෂාව රැකවරනය මේ හැම හැගීමක්ම දැනෙනවා. තමන්ගේ පෙම්වතා තමන්ගේ නලලට තියන හාදු සංඛ්‍යාව වැඩීනම් ඒ පෙන්නන ආදරේ වැඩී කියලා මම කියන්නේ නැහෑ. ඒත් ඒක එහෙම වෙන්න පුලුවන් සම්භාවිතාවෙත් හරිම ඉහලයි. ඉතින් අන්න ඒ හැගීම් ගොන්න කැටි කරලා තමන්ගේ නලලට තිබ්බ ඒ හාදුවේ බර දරාගන්න වගේ හෝසක් ඇස් පියාගනිද්දි නලලෙන් තොල් පෑත් කරපු ජැක්සන් හෝසක්ව තමන්ගේ උණුසුම් පපුවට ගුලි කරගත්තේ මේ තමන්ට ගුලිවෙලා ඉන්න ජීවියාව පපුව අස්සේ හංගගන්න තමන් කොච්චරනම් හීන දැක්කාද කියලා මතක් කරන ගමන්.

කෙනෙක්ට මේ තරම්න ආදරණීය වෙන්න පුලුවන්ද. ඔව් පුලුවන්. තමන්ට ආදරේ කරන ආදරේට ආදරේ කරන තැන ඕනම මනුස්සයෙක් හරිම හැගීම්බරයි ආදරණීයයි. ලේම ගෑව්න අත් වලින් හරි පරිස්සමට හෝස්ක්ව තුරුල්කරන් ඉන්න විදිහෙන්ම ඕනම මනුස්සයෙක්ට ඒක පේනවා. හරියට හෝසක්ව තමන්ගෙන් කවුරු හරි උදුර ගනී කියලා වගේ.

' මේ පපුව අස්සටම වෙලා හැංගෙන්න බැයිද මැණික උබට. මට හරි බයයි කවුරු හරි උබව මගෙන් උදුර ගනී කියලා. මට ඕන උබවත් අරන් මේ හැම දේකින්ම හැංගෙන්න. ඒත් අවාසනාවකට එහෙම බෑ බන්. මට මංම පටන් ගත්තු දේවල් වලින් දුවන්න බෑ. පුලුවන් නම් මේ හැමදේම විසදිලා හොද කාලයක් ලබනකම් මේ පපුව ඇතුලේ හැංගියන් කාටවත්ම හොයාගන්න බැරි විදිහට. '

ජැක්සන් හෝසක්ගේ කොන්ඩේ පිරිමදින ගමන් හිතුවේ මේ ආදරණීය චරිතේ තමන්ගෙන් උදුර ගන්න ගොඩක් අය බලාන් ඉන්නවා කියලා මතක් වෙලා. තමන්ට එරෙහිව ඉත්තෙක් විදිහට ගොදුරක් විදිහට මේ තමන්ගේ පපුවට ගුලිවෙලා ඉන්න කෙනාව උදුරගන්න සෑගෙන්න පිරිසක් බලාන් ඉන්නවා කියලා මතක් වෙද්දිත් ජැක්සන්ගේ පපුව කකියන්න ගත්තේ හිනෙකින් උනත් හෝසක් නැති ජීවිතයක් දකිද්දි කොල්ලා බව වෙලා ඇහැරුනු හැටි මැවිලා පෙනෙද්දි. ඉතින් කොල්ලාට හෝසක් නැති දවසක් ගැන දැන් හිතන්න බැහැ. පටන් ගත්තානම් ඉවර කරන්න ඕනෙත් තමන්මයි කියලා කොල්ලා හොදටම දන්නවා ඉතින් කොල්ලා පටන් ගත්ත දේ කොල්කාටම ඉවර කරන්න පුලුවන් වෙයිද. අපි බලාන් ඉමු. කාලෙය හැමදේම බාර කරමු. එයා මේ හැමදේම හොදම විදිහට විසදාවි. ඒක මට විශ්වාසයි.

" හ්‍යෝන් "

" ම්ම්ම්ම් "

" නිදාගන්න දැන් හුගක් රෑ වෙලා. මම යන්නම්. "

" කොහේ යන්නද. අද ඉදන් උබ ඉන්නේ මාත් එක්ක. එච්චරයි. "

ජැක්සන් එහෙම කියලා තමන්ගේ එහා පැත්තෙන් ඇදේ වාඩිවෙලා හිටපු කොල්ලාවත් බදාගෙන එහෙන්මම ඇදට වැටුනේ හෝසක් ජැක්සන්ගේ පපුව උඩට එද්දි. ජැක්සන් කිව්වොත් කිව්වා කියලා දන්න නිසාම හෝසක් ඒ පපුව උඩින්ම ඔලුව තියාගත්තේ ඒ ගැහෙන පපුවේ රිද්මෙට කන් දීගෙන. පපුව පලලා හදවත එලියට අරන් බැලුවනම් පෙනෙයි ඒ හදවතේ හැම ලේ පොම්පකිරීමක්ම හෝසක් නමින්ම සිදුවෙන බව. ඉතින් ජැක්සන්ගේ ඕනවටත් වඩා ගැහෙන ඒත් හරිම සන්සුන් රිද්මයට කන් දීගෙනම හෝසක් නින්දට වැටුනේ ඒ රිද්මය එක්තරා ආකාරයක තමන්ගේ කනට සංගීතයක් වෙද්දි. හරිම සැහැල්ලුවෙන් උඩපහල යන පපුව උඩ ඉන්න හෝසක්ගේ ඉන වටේ අත ඔතාගත්ත ජැක්සන් ඒත් එක්කන නිදි ලෝකෙට පිවිසුනේ හැටින් පස්සේ ඇරබෙන අනාගතේ ගැන කිසිම නිශ්චියක් නැති වෙද්දි. කොල්ලාට ඕන උනේ මේ තත්පරේ සැනසීමෙන් ඉන්න. මේ තත්පරේ සැහැල්ලුවෙන් ඉන්න සතුටින් ඉන්න.

එක රැයක් ගෙවිලා අලුත් දවසක් එනවා වගේ මේකත් මේ හැම කෙනෙක්ගෙම ජීවිතේට අලුත් කාල පරිච්ඡේදයක් වේවි. නැව්ම් හැගීම් ගොන්නක් පොදි බැදගෙන ආදරේ උතුරන්න අරගෙන යන එක්තරා ගමනක්. නැවතීමක් නොදන්න.

" මේහ් මගේ පොඩි යෝජනාවක් තියෙනවා මොකද කියන්නේ. "

" ඉස්සෙල්ලාම කියපන්කෝ ඉතින් "

ජන්කුක් හැමෝන ඉන්න වෙලාවක් අල්ලලා එහෙම කිව්වේ තමන්ගේ හිතේ උඩුදුවන අදහස දක්වන්න.

" අපි ට්‍රිප් එකක් යමුද. "

" ෂා මරුනේ. "

" ගොඩ කාලෙකින් ගියෙත් නැහැ. "

" මම කැමති. "

" මාත් කැමති. "

" මට ඕන එකක්. "

ඔහොම එක එක විදිහට අදහස් ආවේ තුන් දෙනෙක් නිහඩ වෙද්දි එක්කෙනෙක් යුන්ගි. පොර සෝෆා එක බදාගෙන නිදි නිසා පොරගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඒත් එයාටත් එක්ක පාත්ත පැටියා කැමැත්ත දුන්නලු ඔන්න. අනිත් කෙනා ජැක්සන්. කොල්ලාට ඕන ලබ්බක් වගේ බැල්මක් තමා ඒ මූණේ තිබ්බේ. අනිත් එකා ටෙහ්‍යෝන් ජන්කුක් ප්ලෑන් කරනවා කියන්නේ කොල්ලා යන්නම ඕනනේ.

" හරි දැන් කොහෙද යන්න හිතාන් ඉන්නේ. "

ජැක්සන් ගොනා සේ ඉදලා මනාසේ ප්‍රශ්නේ ඉදිරිපත් කලේ ඒ පාර යුන්ගි හැර අනිත් හැමෝම ජන්කුක් දිහා බලද්දි. යුන්ගි ඉතින් ලෝකේ පෙරලුනත් මට නෙවේ වගේ නිදියන පොරනේ. ජන්කුක්ට ට්‍රිප් එකක් යන්න අදහසක් තිබ්බාට යන්නේ කොහෙද කියන්න කිසිම idea එකක් නැහෑ. ඒ නිසාම ජන්කුක් ජැක්සන්ට ගොංපාට් හිනාවක් දැම්මේ ජැක්සන් ඔලුවේ අත ගහගනිද්දි.

" දැන් උබ ඔය කියන්නේ යන තැන ගැන කිසිම අයිඩියා එකක් උබට නෑ කියලාද. "

ජැක්සන් අහද්දි ජන්කුක් ඔලුව වැනුවේ ඇත්තටම පොරට යන තැන ගැන කිසිම අයිඩියා එකක් නැතිවෙද්දි. කොල්ලා අවුරුදු ගානක්ම රට හිටපු නිසා කොරියාවේ තැන් ගැන කිසිම දැනුමක් පොරට නෑ. ජැක්සන් ඕක දන්න නිසාමයි පොර ට්‍රිප් එකක් යන් කියද්දි ඉස්සෙල්ලාම කොහෙද යන්නේ ඇහුවේ.

" ඔයාලා කියන්න. "

ජන්කුක් එහෙම කියද්දි ජැක්සන් යුන්ගි ඇරෙන්න අනිත් හැමෝන එක එක තැන් ගැන විවිධ මත පලකලා. ඒත් හැමෝටම සෙට් වෙන තැනක් කිසිම කෙනෙක්ගේ කටින් පිටවුනේ නැහැ. බැරිම තැන ජැක්සන් කොරියන් සිතියමක් අරන් ඇවිත් නිදා ඉන්න යුන්ගිට දෙකක් ඇනලා කිව්වේ ඔහොන්මම තැනකට ඇගිල්ල තියපන් කියලා සිතියමේ. කොල්ලාත් නිති විකාරෙම පොල්ලෙන් ගැහුවා වගේ එකපාරටම සිතියම උඩින් ඇගිල්ල තිබ්බේ හැමෝම සිතියමට එබෙද්දි.

" වෝහ් සුපිරියක් තමා මගේ හබියෝ. "

ජිමින් නිදිමතේ ඉන්න යුන්ගිට කිස් එක්කුත් දීලා කියද්දි යුන්ගි ඇස් පිය දෙක තුනක් ගහලා ආය පාරක් සිතියම දිහා බැලුවේ තමන්ගේ ඇගිල්ල නැවතිලා තියන තැන බලන්න. ඔව් මාර ප්ලේස් එකක් තමා. ඇත්තටම බලන්න වටිනම තැනක්. නැචුරල් කල්චර් එක එහෙන් පිටින්ම බොහෝ දුරට තියන දූපත ' Nami Island ' එතනයි යුන්ගිගේ අත නැවතිලා තිබුනේ. ඉතින් ඒහෙට යන්න හැමෝම කැමති උනා. මොකද මෙතන ඉන්න ජැක්සන් ඇරෙන්න ඔහෙට මීට කලින් කවුරුත් ගිහින් නැහැ. ජැක්සන් කියන්නේ කොරියා වල ට්‍රැවල් කරන්න පුලුවන් හැම අස්සක් මුල්ලක් නෑරම ට්‍රැවල් කරපු පොරක් ඉතින් පොර ගිහින් නැති තැනක් නැහැ.

" කවද්ද දැන් යන්නේ. "

" කට්ටියට අමුතුවෙන් නිවාඩු දාන්න දෙයක් නෑනේ 365 දවසෙම නිවාඩුනේ ඒ නිසා හෙට ඉදන් සති දෙකක් ok නේ හැමෝම. "

ජන්කුක් කියද්දි හැමෝම ඔලුව වැනුවේ හා කියන්නේ. බඩු ටික පැක් කරගන්න එක රැයක්ම තියෙද්දි වාහනේ ජැක්සන්ගේ වුනා. හෙට එලිවෙනකම් කට්ටියට ඉවසුමක් නැතුව හිටියත් කිසිම ගානක් නැතුව හොදට නිදාගත්ත තුන් දෙනෙකුත් හිටියා. එක්කෙනෙක් යුන්ගි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අනිත් කෙනා ජැක්සන්. පොරට බඩු ලෑස්තිකෙරිලි අනන් මනන් තිබුනේ නෑ කොල්ලාගේ වෙනම ලැගේජ් එකක් තියෙනවා ඔය වැඩ වලටම. අනිත් එකා ජන්කුක්. අදහස ඉදිරිපත් කලේ ඌ උනාට උට කිසිම ගානක් තිබ්බ බවක්නම් පේන්න තිබුනේ නැහැ. ඇද බදාගත්තා බදාගත්තාමයි ආය මරලා වගේ පොර නිදි. අසරණ ටෙහ්‍යෝන් ජන්කුක්ටත් බැන බැන පොරගේ ලැගේජ් එකත් ලෑස්ති කලා.

" හැමෝම ලෑස්තිනම් නගිනවලා. දැනටමත් පරක්කුයි. "

____________________________________________________..

ට්‍රිප් එකෙන් හම්බෙමු. මේක ඉවර වෙන්න ලගයි යාලුවනේ. අදහස් දක්වන්ම යන්න.

ට්‍රිප් එකේදි මොනා වෙයිත පෙන්ස්. මමනම් දන්නෑ ඔන්න.

එහෙනම් මම ගියා.

බායි. ගුන බුස. ජපුර.

😌😌

Continue Reading

You'll Also Like

668 88 6
Wang Yibo Xiao Zhan FF bl male pregnancy
38.2K 879 13
A perfume was sent to Sonic 'randomly', he uses it, not knowing the effects it would have on his rival...
3.9K 246 34
පණ නෑ කියලා හිතන්න එපා...මට ඔයාගේ දුක තේරෙනවා.....ඔයා කියන හැමදෙයක්ම මම අහගෙනයි හිටියේ....ඔයා හරි අමුතු කෙනෙක් මං වගේම......මේක තහනම් ආදරයක්ද?? බැහැ...
238K 5.9K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...