👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

Bởi ChenQing4

43K 6.1K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... Xem Thêm

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 21 🌺👑

639 124 78
Bởi ChenQing4

📌📌 පතන්නේ මා සදාකල්ම , තවපාරක් හමු වී හිනැහි....මේ සිංදු දෙක spotify දාන් හරි...download කරගෙන හරි පුළුවන් නම් අහන ගමන් අද කොටස කියවන්න වස්තුලා...


🎵🎵

හිත දන්නා නුබගෙන්
මා විමසන් නෑ කාරනා
දුක මාගේ නොතේරෙන්නේ ඇයි කියා පනමෙන් මා පෙම් කෙරුවා
පවරන් නෑ චෝදනා
නුබ ආයේ නැතත් එන්නේ මා සොයා

ගොඩක් දවස් ගෙවිලා...දින සති...මාසත් ගෙවිලා...හරියට මාස 4ක් එයා ගිහිං...මං දැනගෙන හිටියා එයා නැති දවස්..මට හුගාක් අමාරුවෙයි කියන්න...ඒත් මේ තරම් නෙමෙ... මුල ඉඳන්ම දැනගෙන හිටියට එයා නැති දවස් ඉස්සරහට එනවා කියන්න ඒත් මේ වගේ නෙමෙ...සීසන් එකට මෙහෙ මාස 6ක්...ආපහු එයාගෙ මව් රටේ මාස 6ක් මං හිතුවෙ එහෙම...මේ තරම් කල් සිද්ද උණ විදිහට නම් මැයි මාසෙ හුළං පටන් ගන්න කලින් එයා වීසා ඉවර වෙලා ජර්මන් ගියත් ඔක්තෝම්බර් අග වෙද්දි ආපහු එන්න ඕනා..ආව මුල් දවස්වල එයා උන්නෙත් අනිවාර්යෙන් ආපහු එන තීරණේ... ඒත් අන්තිමට එයා යන්න ගියේ සමහරවිට කියාගෙන...ඒ සමහරවිට කියන වචනෙ බර උණේම...ගොඩක් දුරට ආයි එන්නෙ නෑ කියන පැත්තට වෙද්දි බලාපොරොත්තු නැතිකම මාව නොමරා මැරුවා...

එයා කිව්වට බලාපොරොත්තු තියාගෙන බිඳිලා යන එක රිදෙනවා කියලා...ආයි වතාවක් කතා කරන්න තිබුණා නම්...මන් කියනවා එයාට...බිඳිලා යන්න හරි...මට බලාපොරොත්තුවක් දීලා යන්න කියලා..මොකද මන් දැන් දන්නවා...බලාපොරොත්තු බිදෙන එකටත් වඩා...බලාපොරොත්තු නැති කම දරාගන්න හරි අමාරුයි...බලාපොරොත්තුවක්වත් නෑ කියන හැඟීම...මනුස්සයෙක්ව නොමරා මරණ තරම්...

🎵🎵

ලංවීමයි වෙන්වයෑමයි
ඒ නුබේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නේද නුබමමයි....

පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවී ආදරේ නුබට ...//

මුළු මැයි මාසයක්..ජූනි..ජූලි...අගෝස්තුවත්...සැප්තමබර් මාසෙ බාගෙකුත් එයා නැතිව කොහොමහරි ගෙවිලා...අගෝස්තුවෙ පෑවිල්ල තාමත් ඒ වගේ...තාමත් වැස්සක් තියා වැහි වළාකුළක්වත් පේන තෙක්මානෙක  නෑ...වෙල් යායේම ගොයම් කපලා ඉවරවෙන්න කිට්ටුවෙද්දී කලින් ගොයම් කපපු ආයි වපුරන්න වතුර දෙනකං බලන් හිටියත් පෑවිල්ල සැර නිසා වැව් හිඳිලා නිසා ඇලවල්වලත් වතුර නෑ...එයත් එක්ක උඩ පැන පැන නාපු ඇල වතුර තෙතක්වත් නැති වෙන්න හිඳිලා කාෂ්ටක වෙලා ගිහිං..ඉතිං මේ අවුරුද්දකට වතාවක් හුරු පුරුදු දසුනක්..දැක්කත් ගණන් නොගන්න දසුනක්...ඒත් වතුර නැතිව වේලිලා ගිය ඇල දකිද්දී මේ වතාවේ මට මහ ගොඩක් රිදෙනවා...වතුර නැති ඇලත්..එයා නැති මගේ ජීවිතෙත් හිත අස්සෙ එකට සමාණවෙන එක මටවත් නවත්තාගන්න බැරිවෙද්දී ඒ වේදනාව පුදුම විදිහට මගේ පපුව හිර කරා...අවුරුදු ගාණක් වතුර පොදක් නැති කාෂ්ටකේට හුරුවෙලාමදෝ වතුර නැති එක ගැන ඇලටනම් ගාණක්වත් නෑ වගේ..ඒත් මට පුරුදු නෑනෙ..ඒ නිසා මේ තරම් රිදෙනවා ඇති...සමහරවිට...කල් යද්දි මටත් හුරුවෙයි...ඔව් ඒකත් සමහරවිට...ඔක්කොම සමහරවිට...ඒ වචනේ ඇහෙද්දීත් බයයි දැන් මට...

එයා ආයි එනවා කියලා ගියානම්...මේ වෙද්දි මං මොන තරම් සතුටුවෙයිද...දින ගණන් කර කර,තව ටික දවසකින් එන ඔක්තෝම්බර් මාසෙ එයා එන දවස වෙනකං බලන් ඉදි..ඒත් මේ ගෙවෙන දවස් ගැන මට තියෙන්නේ පුදුමාකාර බයක්..මොකද අර සමහරවිට කියන වචන ඇතුලේ..අමාරුවෙන් පණගහන බලාපොරොත්තුවක අංශු මාත්‍රයක් තාමත් මගේ හිත අස්සෙ පණ ගහනවා අමාරුවෙන් උණත්...ඒත් ඔක්තෝම්බර් මාසෙ අන්තිම දවසත්...එයා නෑවිත් ගෙවිලා ගියොත්.......

නෑ ඒ ගැන හිතන්නවත් මං කැමැති නෑ..කැමැති නෑ නෙමෙ මට හයියක් නෑ...ඇයි...ඇයි සර් මට මෙහෙම කරේ... කියලා කෑ ගහලා අහන්න ඕනා උණා මට...එයාමයි මාව හොයන් ආවෙ..එයාටමයි මං එක්ක කතා කරන්න ඕනා උණේ...එයාටමයි මාව ළඟින් තියා ගත්තෙ...එයාමයි මටවත් ඔරොත්තු නොදෙන ලෝකේකට මාව ඇදලා ගත්තෙ...ඒත්..ඒත් අදටත් මට ඔයාට දොස් කියන්න හිත හදාගන්න බෑ සර්...

මං දොස් කියන්නේ මටම...අවස්ථාව ලැබුණ වෙලාවේ...ඔයා ඉල්ලපු ඕනා දෙයක් දීලා ඔයාව මගේ ළඟින් තියාගන්න උත්සාහ නොකරපු මන් ගැනමයි මට තරහක් තියෙන්නේ...හැඟීම් තියෙද්දීත් ඒ හැඟීම් හංගාගෙන මං එක්ක ඉන්න එක ඔයාට අමාරුවෙන්න ඇති...අර චතූරයා එහෙම කියන්නා වගේ ඔයාගෙ රටෙදි ඔයා නිදහසේ ජීවිතේ විඳින්න ඇති...ආදරේ නැතිවත් ජීවිතේ විදින ක්‍රම ඔයා දැනගෙන ඉන්න ඇති...ඉතිං මෙහෙ ආපු මුල් දවස්වල ඔයා මගේ එක්කත් බෙදාගන්න හදන්න ඇත්තෙ ඒ ජීවිතේ වෙන්න ඇති..ඒත් මොකක්දෝ හේතුවකට ඔයා මගේ තීරණේට ගරු කරද්දි මට ලං නොවි ඉන්න පොරොන්දු වෙලා...ඒ පොරොන්දු අකුරටම රැක්කත්...එහෙම ඉඳලාම ඔයාට මාව එපා වෙන්න ඇති හිතෙද්දි මං දොස් කියාගත්තේ මටමයි...

ඔයා ඉල්ලන්නත් කලින් මං බලාපොරොත්තු නොවුණ දේවල් පවා දීලා මාව අල්ල ගත්තත්...ඔයා ඉල්ලපු එකම දේ නොදී උන්න එක ගැන...එහෙම දීලා හරි ඔයාව මං ළඟින් තියාගන්න උත්සාහ නොකරපු එක ගැන මගේ හෘද සාක්ෂිය මටම සමාවක් දෙන්නෙ නෑ සර්...අරුන් කාලකණ්ණි..මාව දකින දකින ගානේ මාව අවුස්සනවා...ඔයා..ඔයා..ඇති තරම් ජෝලි කර කර සතුටින් ඇතිලු...මං නැති උනාට ඔයාගෙ ඕනා එපාකම් ඉස්ට කරන්න ඔයාට ඕනා තරම් අය ඇතිලු...අනේ...මට කමක් නෑ... කියක් ඉඳලා තිබුණත්..කියක් හිටියත් මට කමක් නෑ දෙවියනේ...ඒත්...ඒත් ඒ ඔක්කොම අතරෙ මං නැති එක ගැන...මට ගොඩක් රිදෙනවා මගේ සර්...ඔයා ආයි එන්නෙ නැතිවෙයි හිතෙද්දි...ආයි කවදාවත් මට අවස්ථාවක් නොලැබෙයි හිතෙද්දි...මට ඔයාව නැති කරපු මං ගැනම මට තරහයි සර්.. 

🎵🎵

ලෝකයම පවසනා හැමදේටමත්
විමසූවේ නෑ මා කිසි පිලිතුරක්
රැවටෙන්න හේතූ වී විශ්වාසයත්
නුබ ගැනම තිබුනා හැමදාටමත්

ලංවීමයි වෙන්වයෑමයි
ඒ නුබේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නේද නුබමමයි...

මං හිත හදාගන්න හදනවා...මොන දේ කොහොම උණත්...ඔයා සතුටින් ඇතිනේ...සමහරවිට...සමහරවිට ඔයා දැන් මැරි කරලද දන්නේ නෑ...ලියා මිස්...එයා ඔයාව හොදින් බලාගන්නවා ඇති...දවසක ඔයාගෙ හීනෙ හැබැ වෙලා ඔයාගෙ පුංචි දෝනි ආන්යාත් ඔයාලා ළඟට එයි.. එතකොටනම් ඔයාට මං කියලා කෙනෙක් හිටියද කියලාවත් මතක නැති වෙයි නේද...දැනටමත් අමතකත් ඇති...කමක් නෑ..ඔයා සතුටින් ඇතිනේ... ඒ ඇති මට.. මට වචනෙකින් හරි ඒ තරම් වටිනාකමක් දීපු ඔයා සතුටින් නම්..මං ඔයාගෙ සතුට ගැන හිතලා...පහුවෙලාහරි හිත හදාගන්න උත්සාහ කරන්නම්...

🎵🎵

පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවී ආදරේ නුබට...//

ජීවිතේ නුබමවී ගතවූ දවස්
ඔය පහස තුරුලේ ගැවසූ හවස්
සගවන්න මොනම දේ වූවත් හරස්
නෑ හිතුවේ මානම් වෙන්නට දුරස්

වේලිලා ගිය ඇලෙන්ම අහුලා ගත්ත ගල් කැට තොගේ අන්තිම ගලත් දන්නෙම නැතිව මං ආපහු තිබුණ තැනටම විසි කරලා තියෙද්දි මට මගේ පැත්තකින් හිස් බිම අත ගෑවෙද්දී මට මෙතනට ආපු වෙලාවේ ඉඳන් කීවෙනි වතාවටදෝ මහ බරට සුසුමක් හෙළුණා...මේ වගේ මෙතනම ඉඳගෙන අපි කොයිතරම් ගල් කැට විසිකරලා ඇතිද...අතට ගන්න ගල් කැට ගාණට අපෙ අත් කොයිතරම් එකට ගැටිලා ඇත්ද..මේ වගේ නොදැනිම දෙන්නාගේ මැද්දෙ තිබුණ ගල් කැට ගොඩ හිස්වෙද්දී ගල් කැට වෙනුවට අපිට අපෙ අත්ම කොයිතරම් අහුවෙලා ඇත්ද...

ගෙරි සුද්දා...කපටි දිගංචියා...මුලින් අහම්බෙන් උණත්..පස්සෙ පහුවෙද්දී යටින් බල බල හිතාමතාම ගල් කැට ගොඩේ අත පරක්කු කරනවා මගේ අත ඇවිත් ඒ අතේ හැප්පෙනකං....මුලින් මුලින් එහෙම වෙද්දි මාව ගැස්සුණත්...කපටිකම අල්ලා ගත්ත මුල්ම දවසේ දැනුණ ලැජ්ජාවටම මං දිගංචියාව වලට තල්ලු කරා..පිස්සු යකා..තල්ලු කරපු පාරට ඔළුව වැදුණා කියලා බොරු කරලා හොඳටම බය කරා මාව ඇඬුනත් එක්ක...එදායින් පස්සෙ නම් මං බැරිවෙලා හරි අහු උනොත් ඒ අත කොනිත්තලා කෑල්ලක්ම කඩලා ගන්නවා...අලි හුරතලේ...බොරුවටත් එක්ක උඩ පැන පැන කෑ ගහන්නෙ...ඒත් ඒක නෙමෙ..එයාට පනිෂ් කරන්න හොඳම විදිහ...මල් පෙත්තක් වගේ ඇඟිලි තුඩු ගාවලා කලබලේට අත ගන්න ඕනා...එක තප්පරේට රතු වෙන්නේ ජම්බුව වගේ...කතාව නම් ඇඳ  බෙදාගන්න යාළුකම් ගැන...ඒත් නිකං අලුත ගෙට උණ ළමිස්සි වගේ රතුවෙන්න ගියාම...

"ඒයි...මාමියෝ..."

......

"මාමියෝ.....හ්......"

"ආහ්..."

හෑන්ඩ් ෆ්‍රි එකත් කනේ ගහන් සිංදුවක් අහන ගමන්  තනියම හිනා වෙවී උන්න මං සිහියට ආවෙ නාන මංකඩේ පඩිපෙළ ළඟ ඇල මැද්දෙ බිමම වාඩි වෙලා පොල් කටු ගොඩකුත් වටකරගෙන ඉන්න පුංචි එකිගේ කටහඬට වෙද්දි පණ්ඩිත ආච්චි අම්මා ඉනටත් අත් දෙක තියන් මට රව රව ඉන්න හැටි දකිද්දී මං ටිකකට සිංදුව නතර කරලා ඇහි බැමකුත් උස්සලා පොඩි එකිගෙන් ඇයි ඇහුවා...

"උයා මටද උය හිනාවෙන්නේ ආ...හ්...."

"නෑ අනේ පිස්සුද නිකං හිනා උණේ..."

"හ්ම්..බේත් ගන්න යන්න උයා..ආචම්මා කින්නේ බොරු නෙමෙ...සුද්දා මාමි ගියාට පස්සෙ පිස්සු හැදිලා උයාට..."

"ම්න්..වෙන්නත් ඇති.."

"උයාට එයා නැතිව පාළුද ඒයි...මට නම් පාළුයි අෆ්ෆා... එයා ගියාට පස්සෙ චොක්කොත් නෑ..උයා මාව සවුමක් එක්ක යන්නෙත් නෑ..."

"ම්ම්..ඒවා වැඩක් නෑ...ගල් ටිකක් ගෙනත් දෙන්නකෝ..හොඳ ධෝනි වගේ.."

පොඩි එකී වටේ තිබ්බ පොල්කටු ටිකත් කිහිලි ගහන් මං උන්න තැනට ටිකක් කිට්ටු වෙද්දි මං කිව්වේ ඔඩොක්කුවේ තිබුණ පොත් ටික පැත්තක තියන ගමන්...පාඩම් නොකරට ආවෙ පාඩම් කරන්න ඉතිං..

"හහ්..එවට විතරයි දූනි ඕනා..සුද්දා මාමි උයාව බලාගන්න පුරෝන්දු කර ගත්ත නිසා කරන්නේ..නැත්තං නම් කරයි මං.."

පොඩි එකි බොරුවට නෝක්කාඩු කිය කිය  පොල්කටු දෙකක් පුරවලා ගල් කැට ගෙනත් දෙද්දී මට ආයිමත් හුස්මක් පිට උණා...අනේ එයත් හිටියානම් හිතෙද්දි මගේ ඇස් වල කඳුලු පිරුණේ මටත් නොදැනීම..ඉතිං ඒ කාලෙ කොයිතරම් ලස්සනද දෙවියනේ...එයාටත් හැම වෙලාවේම ඕනා උණා ඒ දවස් ඒ විදිහටම තියෙන්න...

'මං ආයි ගියාම මේ හැමදෙම නැතිව කොහොමද ඉන්නෙ කිරුළු...'

ඒ වගේ වෙලාවට එයා ඇහුවේ හරි වේදනාවකින්...කිව්වේ නම් ආයි එන්න පුළුවන් උණ පළවැනි තප්පරේම අත් දෙක ගහලා හරි ඉගිල්ලිලා එනවා කියලා...එහෙම උන්න එයාට ආයි නෑවිත්ම ඉන්න ඕනා උණේ...මේ හැමදේම අමතක කරන්න ඕනා උණේ ඇයි දෙවියනේ...සමහරවිට මං දැන් මේ ඇලෙන්ම ඇහිදගෙන විසිකරපු ගල් කැට අතරෙ එයත් එක්කම මං පාරෙන් ඇහිදගෙන ඇලට දාපු ගල් කැටත් තියෙන්න ඇති..ඒ ගල් කැට වලට හිතන්න පුළුවන්නම්...අද මෙතන එයා නැති එක ගැන ගල් කැට වලටත් දුක හිතෙයි...ඒත් එයා..එයාට අපිව මතක් වෙන්නෙවත් නැතිව ඇතිද...

🎵🎵

ලංවීමයි වෙන්වයෑමයි ඒ නුබේම තීරණයි සැනසීමයි වේදනාවයි දුන්නේද නුබමමයි....

පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවී ආදරේ නුබට...

කඳුලු නොවැටෙන්න ඔළුව දෙපැත්තට ගසපු මං ආයි සිංදුව ප්ලේ වෙන්න දාන ගමන් ,ඉස්සර වගේම හිතේ නොසන්සුන්කම යන්න ගල් කැට අහුරක්ම අරන් විසි කරද්දි පොඩි එකි රව රවම තව ගල් පොල්කටු දෙකක් ගෙනත් මට දික් කරා...ඉතිං ඔන්න...රිදෙනවාද කියන්නවත් දන්නේ නැතිව අඩියටම මගේ හිත රිද්දලා එයා මාව බලාගන්න බාර දීලා ගිහිං තිබුනෙ මේ හයක් හතරක් නොදන්න පුංචි එකීට...අඬන්න බැරි කමට හිනා උණ මං සිංදුව මාරු කරලා ආයි ගලක් අතට ගත්තා...

🎵🎵

තව පාරක් හමුවී හීනැහී
ගවුගානක් දුර යමු වෙන්වී
මග හැරුනත් මගදී
නුඹ වෙත පෙම් කරමි...

මාස 4කට විතර කලින් එයාගෙ කාර් එකෙන් බැහැලා ආව දවසෙ ඉඳන් ගොඩක් දේවල් සිද්ද උණා...දුක වැඩි කමට බැහැලා දිව්වත්, අන්තිම වතාවට එයා වෙනුවෙන් උයන්න කියපු ඉල්ලීම අහක දාන්න බැරි කමට මං ආයි ඇල ළඟින් පහලට ගිහිං නියර දිගේ වෙල මැද්දෙන් බංගලාවට ආවා...එයා කියපු විදිහට එයා වෙනුවෙන් අන්තිම වතාවටත් උයපු මං, ඒ උයන ගමන්ම මොන ගනුදෙනුව බේරන්නවත් ආයි ඒ මූණ බලන්න ඕනා නෑ කියලා තීරණේ කරා....ඕනා නොවුනටත් වඩා..ආයි මුණ ගැහිලා තව හිත රිද්දා ගන්න හයියක් මට නෑ කියලා තේරෙද්දී යන්තන් 10.30 වෙද්දි උයලා ඉවර කරපු මං අපහු ගෙදර නොයා ඉමල්කා ටීචලගෙ ගෙදර ආවා...අමාරුවෙන් උනත් හිත හදන් ෆෝන් එකත් ඕෆ් කරලා දාලා මං දවසම හිටියෙ එහෙ...

🎵🎵

හිමිකම් නැති හීනෙක ගොළුවී
ප්‍රේමයෙ මුණිවත මා කරමී
හිමිනම් හමුවේවී
නැතිනම් වෙන් වේවී...

"අනේ දෙවියනේ ඇත්තට...උඹ මොන ලෝකෙද බන් හිටියෙ ආ...අර මනුස්සයා 3ට යන්න ඕනා කියපු මිනිහා 5ටත් කිට්ටු වෙනකං මෙතන පරක්කු වෙලා ගියේ...අර
කොල්ලො ගම පීර පීර හෙව්වෙ උඹව..කොහෙද බන් උන්නේ මෙච්චර වෙලා ආ...අර ගඩොල් භාගේවත් ඔන් කරගන්න බැරි උනාද උඹට.."

අන්තිමේ ඉඳලා ඉඳලා අඳුරත් වැටුණට පස්සෙ ගෙදර යද්දි මාව හොයන්න මඟටත් ඇවිත් තිබුණ අම්මා කෑ ගහපු හැටි මට මතක් උණා..

"ඔය ඔක්කොම දෙන්න කිව්වා උඹට...තව මොකක්ද ඇස්තමේන්තුවක්ද මොකක්ද මඟුලක් එක්ක තව මහත්තයෙකුත් ආවා මොකක්ද කොම්පැණියකින්...උබේ වැඩ බලන්නලු ආවෙ...බොහොම සතුටින් කතා කරේ උඹෙ වැඩ බලලා...උඹට ඕනා නම් විභාගේ ඉවරවෙලා ටිකක් කල් එතන වැඩ කරන්න පුළුවන්ය කිව්වේ..මල් වැඩම තමාලු..මෙහෙ නම් නෙමෙ ඔය මාතර දිහා අලුත් හෝටලයක් හදපු එකකලු.."

පාරෙම අම්මාගෙන් කෝටු පාරවල් දෙක තුනකුත් කෑවේ යන තැනක් නොකියා ගිහිං එයාව රස්තියාදු කරා කියලා වෙද්දි හොඳම පුදුම තිබුණෙ ගෙදර..එයා මං වෙනුවෙන් සෑහෙන දේවල් ඉතිරි කරලා ගිහිං තිබුණා..මං ගොඩක්ම පුදුම උණේ එයාගෙ ගාඩ්න් එකේ හතර පැත්තෙ ෆොටෝ එක්ක තිබුණ ෆයිල් එක දැකලා... ඒක මුළු ගාඩ්න් එකේම landscaping වලට හදපු ඇස්තමේන්තුවක්...තනිකරම මං එහා මෙහා කරපු ගල් කැටේකට පවා , අඩි වර්ග අඩි ගානේ රටේ නමගිය landscaping company එකකින් හදපු ඇස්තමේන්තුවක්...

එයා මං උණ හැම මහන්සියකටම ගණන් බලලා තිබුණා වෙද්දි මට විස්වාසකරන්නවත් බැරි තරමේ උණ ඒ ගාණ චෙක් එකකින් දීලා ගිහිං තිබුණා...

" අපි අතරෙ තිබුණෙ කොහොම සම්බන්ධයක් උණත් ඔයාගෙ මහන්සියට නියම වටිනාකම දෙන්න ඕනා කිරුළු...ඒක ඔයා ඔයා හිතනවා වගේ පොඩි දෙයක් නෙමෙ...මං ඔයාට වැඩ බාර දුන්නේම ගෙවනවා කියන පොරොන්දුව පිට..ඉතිං ඔයා ඔයාගෙ වගකීම මං බලාපොරොත්තු උනාටත් වඩා හරියට කරපු නිසා ඒ දේවල් හරි විදිහට වටිනාකම දෙන එක මගේ යුතුකමක්..මං හිතුමනාපේට කටින් කියන ගාණ ඔයා පිළිනොගන්න නිසයි ඇස්තමේන්තුවක් හැදුවේ..ඒ ඔයාගෙ මාස ගාණක මහන්සියෙ වටිනාකම..ඔයාගෙ මුල්ම වැඩෙට ඔයාට ලැබෙන ගෙවීම...අපෙ හිතවත්කම් එක්ක ඔයා බාර ගන්න අකමැති කියන්න දන්නවා.
ඒකයි ගනුදෙනුවක් කියලා අදහස් කරේ...ඉතිං සතුටින් ඒ දේ බාරගන්න...මං එක්ක ආවෙ heaven garden landscaping වල ටිකක් ලොකු post එකක ඉන්න කෙනෙක්..පපාගේ යාලුවෙක්..එයා ඔයාගෙ වැඩ ගැන ගොඩක් සැටිස්..ඔයා දන්නේ නැති උනාට කලින් එයා ඇවිත් ඔයාගෙ වැඩ බලලා ගියේ..එයාව යන්න කලින් ඔයාට මුණ ගස්සන්නයි ඕනා උණේ..උදේ මන් ගියේ එයාව එක්ක එන්න..ඔයාට කැමැති නම් පුළුවන් ටික කාලෙකට එයා එක්ක වැඩ කරන්න..කොහොමහරි ඇස්තමේන්තුව ගැන අවුලක් තියේ නම් ඔයාට පුළුවන් landscaping කරන ඕනා තැනකට කතා කරලා ඒ ගැන හොයලා බලන්න..ඒ එක්කම මතක තියාගන්න..එයාලා ටීම් එකක් එක්ක කරන වැඩෙ ඔයා කරේ තනියම කියන්න.."

ඉතිං අම්මගෙ විස්තරේ අඩු ලුහුඬු තැන් පිරෙව්වෙ ඕෆ් කරලා තිබුණ ෆෝන් එකට එයා english වලින් එවලා තිබුණ දිග මැසේජ් එකකින් වෙද්දි මට හිතාගන්න බැරි උණා කොහොම ප්‍රතිචාර දක්වන්නද කියලාවත්...කොහොම උණත් මං ඒ වෙලාවේ මටම පොරොන්දු උණා...ඒ සතේකටවත් එයා ආයි කවදාහරි එනකං අත නොතියන්න...

ඒ ඔක්කොම අස්සෙ හොඳ ආයතනයක මාස 6ක ජර්මන් ක්ලාස් එකකට මාව රෙජිස්ටර් කරපු ලියකියවිලි තිබුණෙ මට තෑග්ගක් හැටියට වෙද්දි එයා එයාගෙ ලැප් එකත් රවුටර් එකක් එක්කම තියලා ගිහිං තිබුණෙ හිතට දැනෙන බර තවත් වැඩි කරන ගමන්..

"මේක මොකටද.."

"උඹට පංති යන්න ඕනා වෙයි කියලා තියලා යනවා කිව්වේ...ආය ආවොත් ගන්න පුළුවන් කීවා..."

"ආවොත්..."

"ම්ම්..එහෙම තමා කීවේ..උඹට එක එක මනස්ගාත හිතන් නැතිව විභාගේ හොඳට ලියන්න කියන්න කීවා..."

"මනස්ගාත..! එහෙමත් කිවද...!!"

"අනේ මට මතක නෑ බං... ඔය වගේ එකක් කිව්වේ...උන්දා සිංහල කතා කරන අපූරුව දැක්කම කියන එව්වාට නෙමෙ ඒ කතා කරන හැටියට හිත යන්නෙ.."

"හ්ම්..තව මොනාද.."

"විබාගෙ කරන එක්ක ඔය මොකක්ද පන්තියටත් යන්න කීවා...විභාගේ ලියලා කැමැතිනම් අර වැඩේට යන්න කීවා...බංගලාවේ යතුරු ඔක්කොම දීලා ගියේ..ආරි එන්නෙ නැල්ලු ආය...උඹට බලාගන්න කීවේ වත්තයි ගේයි දෙකම..සතියකට සැරයක් අතුපතු ගාලා දැම්මම ඇතිලු..උඹෙ ගේ වගේ ඉන්නලු..
රෑට ඉන්නවා නම් ඉන්න කීවා..එහෙ ඉඳන් ඕනා නම් පාඩම් කරන්න කීවේ...කෑමත් ගෙනත් දැම්මා කීවේ උඹට..පුරුදු විදිහට දවල්ට එහෙ උයන් කන්න කීවේ.විබාගෙන් පස්සෙ අර වැඩේට යනවානම් යන්න කීවා...ඒ ගියොත් කවුරු හරි එවන්නම්ලු..."

"ත..ව.."

ඉතිං එහෙම බොස්ලත් ඉන්නවලු...වැඩ කාරයො ගැන ඒ තරම් සැලකිලිමත් වෙන...එයා මාව තේරුම් ගන්නෙ නෑ කියලා මං දුක් උනාට...මට එයාගෙ මේ වැඩ තේරුම් ගන්න ජීවිත කාලෙත් මදි වෙයි...යන්න ඕනා නම් ගියදෙන්...ආය එන්න ඕනා නැති නම් ගිය තැනකම හිටපුදෙන්...මං වෙනුවෙන් ඉන්න්වත් යන්නවත් මං කවුද එයාගෙ...මාව අමතක් කරන්න ඕනා කියලා ආයි නොඑන්න දාලා යන මනුස්සයෙක් ගැන හිත හිත මොකට දුක් වෙනවාද කියලා මඟ දිගට හිත හිත, හිත හදාගන්න හේතුත්, දහිරියත් එකතු කරගෙන ආවත් මේ ඔක්කොම දකිද්දී ඒ හේතු වගේම ඒ දහිරිය ආයි එකතු කරගන්න අංශුවක්වත් නැති වෙන්න මාව දාලා වාෂ්ප වෙලා ගියා...

"තව තව ගාන්නේ උඹ...හිටියානම් උඹටම අහගන්න තිබුණනේ...ආන් අරකිවත් ලං කරගෙන හැට වරුවක් උපදෙස් දුන්නා උඹව බලාගන්නය අරක මේක...හරිනම් කියන්න වටින්නේ නෑ උඹට මේවා...අම්මපා මට එන කේන්තියක්...කෙළෙහිගුණ දන්නේ නෑ වගේ මඟ ඇරලා ගිහිං උන්න අපූරුව..එකට ඉඳලා යන්න යද්දි දුකයි තමා...ඒත් උඹට යුතුකමක් තිබුණා යන වෙලාවට ඇවිත් පරිස්සමින් ගිහිං එන්න කියන්න..ඔහොම බැලුවාම බං අපි මැරුණත් උඹ දුකයි කියලා හැන්ඟෙයිනේ මිනියවත් බලන්නෙ නැතිව.."

.......

අම්මා මං එක්ක කේන්තියෙන් කියපු දේ ඇහුවාමයි මට මං කරපු වැරැද්ද තේරුම් ගියේ...ඇයි මං එයාව මඟ ඇරියේ...මං මගෙන්ම හේතු ඇහුවත් ආපහු මට ඒ වෙනුවෙන් සාදාරන හේතුවක් හොයාගන්න බැරි වෙද්දි මට මහම මහ පසු තැවීමක් දැනුණා...මමයි ආදරේ කරේ...මමයි ආපිට ආදරයක් බලාපොරොත්තු උණේ...ඉතිං මංම වැරදි කරලා රිද්දගෙන....මං මෙහෙම කරපු එක හරිද දෙවියනේ..මගේ හිත කෑ ගහද්දී මුළු දවස් ගාණක් හිත අස්සෙ තිබුණ වේදනාව ඔක්කොම එළියට දාන ගමන් මං අම්මාව බදන් ඇඬුවා...හිතේ තියෙන වේදනාව ඔක්කොම වචන කරන්න ඕනා උණත් ඒ ඔක්කොම අම්මගෙ ඔළුවට දාලා මගේ අම්මගෙ ඔළුවට තව බරක් දෙන්න බැරි කමට වචන උගුර අස්සෙ හිරකරගෙන ඒ දුක අම්මගෙ පපුව අස්සෙ කදුළු වලින් දියකරන්න හැදුවා...

"ඔය ඉතිං...එපාර...අනේ එපා බං කෙනුලො..තරහට බැන්නා නෙමෙනේ මං...උඹ කරේ හොඳ දෙයක් නෙමෙනේ...මොනා උණත් උඹට අකුරක් හරි කියලා දීලා කන්න ටික දීලා රස්සාව දීලා බලාගත්ත මනුස්සයනේ...උඹ මඟ ඇරලා ගිහිං කියලා තේරෙද්දී අර පිට මනුස්සයෙක් ඉස්සරහා සර් හරි අසරණ උණා බං...හරි වේදනාවක් තිබ්බෙ ඒ මූණේ...මං ආපහු එන්නෑ කියපු නිසා උඹ තරහෙන් ඇත්තේ කීවා බොරුවට හිනාවෙන්න හද හද...මාත් මූණ දීගන්න බැරුව හිටියෙ...අර කොල්ලො වද කරා දැන් යන් ප්ලේන් එක මඟ ඇරෙයි කියලා...තව ටිකක් බලමු කිකියා සෑහෙන වෙලාවක් හිටියා...මඟට බැහැලත් ඇල ළඟ බලන් ඉඳලා ගියේ..."

.......

"දැන් අඬන්නේ කෝල් කරලා බලාපන්කෝ...තාම මඟ ඇත්තේ..."

අම්මා කියද්දි මං පිස්සෙක් වගේ ෆෝන් එක අරන් එයාට කෝල් ගත්තා..දෙවැනි තුන්වෙනි පාරටත් රින්ස් වෙලා කට් වෙද්දි අන්තිමේ එයා ආන්ස්වර් කරා...

"අනේ මට සමාවෙලා ආපහු එන්න මගේ සර්...."

ඇඬුම් අස්සේම මට කියාගන්න පුළුවන් උණේ එච්චරයි..ඒත් මං බලාපොරොත්තු උණා හිත හැදෙන උත්තරයක්..අද ආපිට හැරිලා එන්න නෙමෙ...මට ඕනා උණේ එයා ගොඩක් කල් නොගෙන ආපහු එන්න...

"......හැමදේටම පරක්කු වැඩියි කිරුළු....පරිස්සමට සතුටින් ඉන්න..."

🎵🎵

මේ ගෙවෙන විරාමේ
හිත තනිව මුළාවේ
අපි පැතුව කතාවේ
සුභ නැකත නිමා වේ...

නොදන්න ඈතක ඉඳන් මගේ පපුව හාරවන සුසුමක් හෙළපු එයා බර උණ කටහඬකින් කිව්වේ එච්චරයි...එච්චරමයි..ආයිමත්....මට සමුගන්න ඉඩ නොදීම...පරිස්සමින් ගිහිං එන්න සර් කියාගන්න ඉඩ නොදීම....කෝල් එක කට් උණා...මං ආයි ගත්තා....ආයි ආයි ගත්තා...එදා ඉඳන් සියදහස් වතාවක් ගත්තා උණත්....මේ මොහොතේ මේ දැන් ගත්තා උණත්....එයාගෙ ෆෝන් එක ඕෆ් කියන පණිවිඩේ විතරයි මට ඇහුණේ...ඉතිං එදා ඒ මොහොතේ ඉඳන්...මං පසු තැවුණා...එයාට සමු නොදී මඟ ඇරපු එක ගැන...මුණ ගැහෙද්දීම එයා කරපු ඉල්ලීමට අවනත නොවි එයාට ළංවෙන්න තිබුණ අවස්ථාව මඟ ඇරගත්ත එක ගැන පසුතැවුනා...එකපාරක් ආදරෙයි කියාගන්න බැරි උණ එක ගැන පසුතැවුණා....

🎵🎵

ඔය සිනහව මතකෙ තියා
තනිවෙමි මා සසර පුරා
හැම හමුවීමම කෙලවර වන්නේ
පසුවදනක් නැවත තියා...

සිංදුවේ කියන්නා වගේ අපෙ කතාවට පසුවදනක් තියේද කියන්න මං දන්නේ නෑ... ඒත් හිත කිව්වේ මට ගොඩක් දේවල් මග ඇරුණේ මංම දාපු සීමාවල් නිසා කියලයි...ඒත් ප්‍රතිපල තිබුණා හෝ නැතා....මට මං වෙනුවෙන් උත්සාහ කරලා බලන්න හිතුණා...තවදුරටත් එයාව කේන්ති නොගස්සන්න... ඒ හිත නොරිද්දවන්න...මගේම හිත හදාගන්න කරන්න පුළුවන් උණ හොඳම දේ එයා කියපු විදිහට වැඩ කරන එක වෙද්දි මං මහන්සිවෙලා ඒ ලෙවල් වලට පාඩම් කරා..ඒ අතරෙ ජර්මන් කෝස් එකත් උපරිම උනන්දුවෙන් කරා...අඩුම මට කතාවත් නොකරද්දි එයා යන්න කලින් ඔළුවට දාපු ජර්මන් ගිහිං ඉගෙන ගන්න කියපු විකාර කතාව අමතකම කරලා දාපු මට...කතා කරන්නවත් එයාවත් නැති වෙද්දි ජර්මන් ඉගෙන ගන්නෙ මොන මඟුලටද හිතුණත් එයාට ඕනා උණ නිසා මං උනන්දුවෙන් ඉගෙන ගත්තා...එයාගෙ සල්ලි වලට අත තියන්නේ නෑ කියලා හිතුවාත් තවත් සීමා ඕනා නෑ කියලා හිතලා මං චෙක් එක මාරුකරා..සල්ලි අම්මගෙ පොතක දාලා පොඩි ගාණක් ගෙදර වියදමට ළඟ තියා ගත්තා.

උදේ..දවල්...සමහර දවස් වලට රෑ පවා මං බංගලාවේ නතර උණා...මගේ වාසනාවට චතුරයා එහෙම බැලුන් වැඩ නැති එකේ එලිනා මැඩම් ළඟ වැඩට ගිහිං තියෙද්දි මං උන්නේ නිදහසේ...එයාගෙ මතක පිරුණ වටපිටාව මට රිද්දන තරමටම...මගේ හිත හැදුවා...එයා මේ දැන් මං දිහා බලන් ඉන්නවා කියලා හිතන් මං මගේ උපරිමයෙන් හැම වැඩක්ම කරා...කිව්වත් වගේ එයා මාස ගාණකට කෑම ගෙනත් දාලා තියෙද්දි ඒවා කාලා බිලා පාඩම් කරා..කම්මලි හිතෙද්දි ගාඩ්න් එකට බැස්සා... ආරි මාමාගේ යතුරු කැරැල්ලට එන්න අවසර නොලැබුණ සර්ගේ කාමරේ යතුර මගේ යතුරු කැරැල්ලේ තිබුණා..වැරැද්දක් කියලා හිතුණත්...මට එයාගෙ සුවඳ පිරුණ කාමරේට නොයා ඉන්න බැරි උණා..ඒ කොට්ට මෙට්ට තුරුලු කරන් ආගන්තුක නොවෙන තරමට ආගන්තුක ඒ උණුහුම මං ඒවගෙන් හෙව්වා...හරිද වැරදිද නොබලා...කොච්චර කාලෙකටද නොහිතා... එයාව බැරි උණත් මං එයාගෙ දේවල් ඔක්කොම මගේ කර ගත්තා...

🎵🎵

අමතක කෙරුවත් ආයේ ආයේ
නුඹවම සිහිවෙනවා
සිහිනෙක පාවි පාවී රහසේ
දින වරු ගතවෙනවා...

එයා නැති අඩුව ඇරෙන්න...හැමදේම හොදින් උණා...මං මට සතුටු වෙන්න පුළුවන් උපරිමෙන් ඒලෙවල් ලිව්වා...තවදුරටත් පාඩම් කරන්න නොවෙද්දී කාර්යබහුලකම අඩුවෙද්දී ආපහු දවස ගෙවාගන්න එක මට අමාරු උණා...ඉතිං ආපහු මං මල් ගස් අස්සෙ කාර්යබහුල උණා...ජර්මන් ඉගෙන ගන්න මගේ සම්පුර්ණ අවධානේ යොමු කරා...භාෂාව විතරක් නෙමෙ...අනික් හැමදේ ගැනම මං හෙව්වා...සන්ස්කෘතිය...ආගම්...ඇඳුම් පැලඳුම්...සාහිත්‍ය...හැම මඟුලක්ම....
ගොඩක් කෑම අත්හදා බැලුවා....අලුත් දේවල් ඉගෙන ගත්තා...ඒ ඔක්කොම නිසා දැනුණ එයාව මට ලගයි වගේ හැඟීම මගේ දුක පාළුව ටිකක් හරි නැති කරලා දැම්මා....

ඒත් දැන් දවස් කීපෙකට කලින් දවසක ඒ හැමදේම නොහිතපු වෙලාවක වෙනස් උණා...මං නොදැනම චතුරයා එහෙම ඇවිත් හිටියා වෙද්දි මං බංගලාවේ කුසියේ අලුත් කෑමක් හදන ගමන් ඉද්දී ඌ මං ළඟටම ඇවිත් තිබුණෙ මං නොදැනම....

"ආව් ආව්....ලෙවින් බොසාගේ dreamy වයිෆි....උයනවා වගේ....සුවඳ ,අරහෙට එනවා...මං මේ සුවඳ පස්සෙ ආවෙ....ආවට පාඩු නෑ වගේ.."

"ඔයා...ඔයා ඇයි මෙහෙ.."

එකපාර ඇහුණ කටහඬ නිසා ගැස්සුණත් මං ඒ බව නොපෙන්වා සංසුන්වෙන්න උපරිම උත්සාහ කරා...

"ආ ආ බබා...ඔයා කොහොමද එහෙම අහන්නෙ...ඔන්න මං උඹගෙන් ඇහුවා නම් හරි....උඹ මෙහෙට එන්න ගොඩ කාලෙකට කළිනුයි මල්ලි අපි මේ කුස්සි වල උයන් කෑවේ...."

"හා ඒකට කමක් නෑ...දැන් යන්න..ලෙවින් සර් කැමැති නෑ ඔයාලා එනවාට..."

"අම්මෝ යකෝ මූ...මොකද උඹට මේවා ලියලා ගියාද..."

"ඒ වගේ තමා..."

මට මුන් අහල පහල ඉද්දීත් හුස්ම හිරවෙනවා වගේ වෙද්දි...දැන් ඉන්නෙත් තනියම වෙද්දි මං උන්නේ හොඳටම නොසන්සුන් වෙලා වෙද්දි බය නෑ කියලා පෙන්නන්න හැදුවත් මගේ වචන එක්ක උගෙ මූණ වෙනස්වෙන හැටි දකිද්දීම මං පැන්ට්‍රියට පිට දීලා ළඟ තිබුණ පිහිය පිටිපස්සෙන් අතට ගුලි කර ගත්තා...

"උඹ...උඹ දැන් කාගෙ රැස්ද පෙන්නන්නේ යකෝ....තෝ දන්නවාද සර් ආය එන්නෙ නෑ කියන්න..ආ..නොදැනද උඹ පාට් දාන්නේ මට...උඹෙ කාලෙ ඉවරයි මල්ලි ආ..දැන් අපි කියන විදිහට ඉඳපන්..."

"කිව්වම පලයංකො අයියෙ වද නොදී..."

චතුරයා කෑ ගැහුවේ ළඟට එන ගමන් වෙද්දි මමත් සද්දෙන් කෑ ගැහුවේ ළඟට එන ඌව මඟ අරින්න පැන්ට්‍රිය දිගේ එහාට යන ගමන්...

"ආ..ආ...කෙනුල අහී...න්සකයි....එහෙම නේ ගමේ මිනිස්සු කියන්නේ...අම්මෝ ඉතිං..ඉස්සර තිබුණෙ නෑනෙ ඔය කට..සර් වෙන්න ඇති ඇරවලා ගත්තෙ...කෑ ගහද්දී හුරතල් යකෝ...සර් පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද...කෝ ඉතිං අපි අන්දයිනේ...සර් මැණික් ගල අහුලලා ඔප දානකන් අපි දන්නෙත් නෑ මැණිකක් කියලා..."

"ම්ම්..මෝ..මොකද...ඔය...ළඟට..එන්න එපා උඹ..මං නරක මිනිහා කියන්න එපා චතුරයියෙ...පිහිය අතේ තියෙන්නේ...තව අඩියක් තිවුවොත් කපන එක කපනවා..."

මං කියන දේ කනකටවත් නොගෙන ඌ මහ අසික්ඛිත හිනාවක් දාගෙන ළඟට එද්දී මං අතේ තිබුණ පිහිය දෙපාරක් නොහිතා ඌ දිහාට දික් කරා...

"ඒයි..ඒයි...ඔහොම එපා ඉතිං...අපි එක ගමේ කොල්ලෝනේ...පොඩ්ඩක් අපිටත් දීපන් ඉතිං...මොකෝ සර් නැති එකේ වතාවක් දෙකක් දුන්නා කියලා ඕක ගෙවෙන්නෙවත් පාර හිටින්නෙවත් නෑනෙ බං...උබත් අමාරුවෙන්නේ ඇත්තෙ පුරුදු සැප...හ්......ආහ් යකෝ...තෝ...බල්ලා...මොන. හු# ක්ද කරේ යකෝ......!!!"

ඌ පිහිය දැකලා ගැස්සුණත්, ඒ මූණේ ඇදුණේ උඹට ඕකෙන් මාව සූරන්නවත් බෑ වගේ සමච්චල් හිනාවක් වෙද්දි...ඒ හිනාවම කරන්න බැරි දේටත් මට දහිරිය දෙද්දී ඌ වලත්ත කතාවකුත් කියන් තව ටිකක් ඉස්සරහට එන ගමන් මාව අල්ලන්න හදද්දී මං දෙපාරක් නොහිතා පිහිය ඌ ඉස්සරහට දමලා ඇදලා ගද්දී ඌ තියා මංවත් බලාපොරොත්තු නොවුණ විදිහට වැලමිටෙන් පහලට උගෙ අත අඟල් 3 4ක් දිගටම කැපිලා යද්දී අත දිහා බලපු ඌ බයෙන් කෑ ගහද්දී කවදාවත් නැතිව මන් මහ දරුණු හිනාවක් දාන ගමන් කෑ ගහද්දී ඌ මන් දිහා බැලුවේ බයවෙලා...

"තෝ තිරිසනා....!! මං කිව්වා අඩියක් ළඟට එන්න එපා කියලා...!!"

"උඹ උඹ...ශිට්...තෝව තියන්නේ නෑ මං බලපන්...බලපන් මොකද වෙන්නේ කියලා...!!!"

ලේ ගලන ටිකක් ගැඹුරට තිබුණ තුවාලේත් තියන් ඔට්ටු වෙන්න බැරි බව තේරුන නිසාම ඌ මට තර්ජනේ කරන ගමන් අතත් අල්ලන් යන්න ගියා වෙද්දි දවස් දෙකක් සාමකාමිව ගෙවුණත් තුන්වෙනි දවසෙ උදේම බෝම්බෙ පත්තු වෙද්දි එලිනා මැඩම් ඇවිත් මාව බංගලාවෙන් එළවලා දැම්මා...හතර මායීමේ පස් පාගන්න මට තහනම් කරා...ලෙවින් සර් පවරපු රාජකාරියක් බව පැහැදිලි කරන්න හැදුවත්...ලෙවින් සර් ආය මේ පැත්ත පළාතේවත් නොඑන බව කියලා කෑ ගහපු එලිනා මැඩම්..පුළුවන් දෙයක් කරපන් කියලා මට තර්ජනේ කරා...

ඉතිං මගේ හයියට බලු බල්ලෙක්වත් නැති වෙද්දි කටින් කියපු වචනයක් තියන් රන්ඩුවෙන්න බැරි කමටත් මට සටනක් නැතිවම උන්ට දිනුම දීලා බංගලාවෙන් එළියට බහින්න උණා..මට කරගන්න පුළුවන් උණ එකම දේ උණේ උන් ඔක්කොටම හොරෙන් ලෙවින් සර්ගේ කාමරේ ලොක් කරලා යතුර හංගා ගන්න එක විතරයි....

ඉතිං...එදායින් පස්සෙ තමා හැමදේම දරන්න බැරි තරම් අමාරු උණේ...එයාගෙ මතක එයාගෙ දේවල් අතරෙ එයා නැති තනිකම මකා ගත්ත මට ඒ හැමදෙයක්ම තහනම්වෙලා තිබුණා..චතුරයා එක්ක අනික් ගෝතපාලුවො ටිකත් එදාම බංගලාවේ පදිංචිය තහවුරු කර ගද්දී මට කොහොමවත් ඒ පැත්ත පළාතේ යන්න විදිහක් නැති උනා...මුල්ම දවසේ ඉඳන්ම මඟ ඇරුණ කාලෙ වාඩුව ගන්න වගේ උන් මහ රෑ එළිවෙනකං බිගෙන බජව් දාන සද්දේ වදයක් වෙන තරමට එන්න එන්න වැඩි උනා...

ඔක්කොටමත් වඩා මට දරාගන්න බැරි උණේ මගේම පොඩි උන් වගේ ආදරෙන් බලා ගත්ත මල් ගස් ටිකට මන් නැතිව මොනා වෙයිද කියන එකයි..සාත්තු කරන්න බැරි උණත්
වතුර ලයින් හයි කරලා ලේසියෙන් වතුර දාන්න හදලා තිබුණ නිසා කවුරු හරි වතුර දායි කියලා හිතුවා...ඒත් එක දවසක් උදේ මං ආසාවෙන් උස්මහත් කරපු මල් පිරුණ මල් ගස් මහ ගොඩක් මුලෙන්ම උදුරලා ගෙනත් බංගලාවට යන පාර අයිනෙ මට පේන්නම වගේ දාලා තිබුණෙ මගේ ඒ බලාපොරොත්තුවත් සම්පූර්නයෙන් බිඳලා දාන ගමන් වෙද්දි කියන්න කෙනෙක් නැතිව කරගන්න දෙයක් නැතිව මාව පුදුම විදිහට අසරණ උණා...

ඔය ඔක්කොම අස්සෙ නරකම ආරංචියත් මට ආවා..ලෙවින් සර් ආයෙ එන්නෙ නෑ කියන්නත් ඒ වෙනුවට ක්ලවුස් සර්ගේ පුතණ්ඩියා මාසෙල් එනවා කියන ආරංචියත් මන් දැන ගත්තෙ අනුමිගෙන්.සර් එක්කම කැනඩා ගිය පැතුම් අයියායි මිස්සක අයියායි දෙන්නත් මට කතා නොකරද්දි අනුමි මාර්ගෙන් ,එයාලාගෙන් සර් ගැන තොරතුරක් ගන්න හැදුවත් මේ මාස ගාණටම මං අසාර්ථක උනා..අනිත් අතට එයා අත ඇරලා දාන්න උත්සාහ කරද්දි ඕනෑව වඩා පස්සෙ පන්නන්න යන එක මං නතර කරේ කරදරයක් වෙන්න ඕනා නැති කමටම වෙද්දි
උත්සාහ කරා නම් මේ වෙන දේවල් ගැන කොහොමහරි පණිවිඩයක් යවාගන්න පුළුවන් උණත්..ඒකටවත් කරදර කරන්න ඕනා නැතිවෙද්දී මං අමාරුවෙන් උණත් හැමදේම පුළුවන් හැටියකට දරා ගත්තා...
කට වචනෙට හරි අයියලා මං ගැන අහන්න පුලුවන් නිසා...මට බංගලාවෙන් යන්න උණ එක ගැන කොහොමත් චතුරලාගෙන් පණිවිඩ නොයන බව දන්න නිසා අයියලා එක්ක ඒ දේවල් බැරි වෙලාවත් නොකියන්න මං අනුමිව කලින්ම පොරොන්දු කර ගත්තා..

ඉතිං දැන් කාලෙ ගෙවා ගන්නවත් දෙයක් නැතිව මං උන්නෙ හැමදේම එපා වෙලා...
අම්මා විට ලෑල්ල අරින්න යද්දි පොඩි එකීව මං එක්ක ගෙදර තියලා යන්න ගත්ත නිසා පොඩ්ඩක් පාලුව මැකුණා....අම්මට ගෙදර ඉන්න මං යන්නම් කිව්වට අහන්නෙ නෑ...මට පැත්තෙ එන්න එපාලු.. මගේ ජීවිතෙත් විට ලෑල්ලට සින්නවෙයි කියලා බයයිලු..වෙන වැඩක් හොයාගන්න බැලුවත් ඕලෙවල් රිසල්ට් එක්ක රස්සා දෙන්නේ කවුද..අන්තිමේ හොයලා හොයලා දවසක් දෙකක් ළඟ ටවුමේ කඩේක බඩු කිරන්න ගියා...අම්මා ඒකට යන්නත් එපාලු...ඒවා මට හරියන්නේ නැල්ලු..එක දවසක් ටවුමේ ලොකු රෙදි කඩේක වැඩට ගියා..වැඩේ ෂේප් උනාට රෑ 8ට විතර වැඩ ඉවර වෙලා එන්න බස් නෑ..ඔය වගේ වැඩක් හරි ගියොත් දාහක් ප්‍රස්න...අම්මා කිව්වේම අර සර් කතා කරලා දීපු වැඩෙට යන්න කියලා උණත් ප්‍රෙෂර් බෙහෙත් බිබී ඉන්න අම්මාවයි ,පොඩි එකිවයි තනියම දාලා දවස් ගණන් පිට ඉන්න යන්න හිත හදාගන්න මට බැරි උණා...

චතුරලත් ගමේ උන්නේ නැති නිසා කඩේ ළඟදී ඕප දූප අහලා ඔළුවේ විස පුරවාගන්න බැරි උණ නිසත්, මන් දිගටම බංගලාව බලා ගන්න ගිය නිසාත් ටික කාලෙකට සද්ද වහලා උන්න බාප්පත් ඔය ඔක්කොම එකපාර කණපිට ගැහුණ දවසෙ ඉඳන් ආයි මට වදදෙන්න පටන් ගත්තා...එයත් එක්ක කුලී වැඩට යන්න එන්න බල කර කර රන්ඩු ඇල්ලුවා...හිතේ අවුල් නිසා බීපු මනුස්සයාගෙයි මගෙයි අමුතු වෙනසක් නොවෙද්දී,  මටත් ඉවසීමක් නොවෙද්දී ඉස්සර වගේ නැතිව මගේ කටත් ඇවිස්සිලා ඒ රන්ඩු ඕනාවට වඩා දුර දිග ගියා.බාප්පට අතක් පයක් උස්සන්න බැරි නිසා හැමදාම මන් පරදිද්දී අන්තිමේ  මන්ද මානසික පිස්සෙක් වගේ අඬ අඬ හිනා වෙවී මන් ගුටි කෑවා... හිතේ වේදනාවට වඩා ගතේ වේදනාව හොඳයිදෝ කියලත් මට හිතුණා...

ඉතිං දන්නේ නෑ...කවදා කොහොම මොනා වේවිද කියන්න....මුහුදු හතක් එහා... ඒත්..මේ ඉර හඳ යටම කොතැනක හරි...එයත් මේ මොහොතේ මං වගේම හුස්ම ගන්නවා ඇති... සමහරවිට..මට වගේම...නෑ කිව්වට එයාටත් මාව මතක් වෙනවා ඇති...මං ආදරේ කියලා තේරුම් ගත්ත...එයා ආදරේ කියලා තේරුම් අරගෙනත් පිළිනොගත්ත හැඟීම්...සමහරවිට.....ඔව් ඒකත් සමහරවිට....එයාගෙ පපුවත් මගේ වගේම හිර කරනවා ඇති...ඉතිං ලෝකේ කැරකිලා කැරකිලා ආයි තිබුණ තැනටම එනවානම්....ලෝකේ කොන් දෙකක උන්න අපිව මුණ ගස්සපු දෛවයම අපිව ආයිමත් දවසක මුණ ගස්සාවී...එක්කො...අල්ල ගන්න බැරි උණ අත් අල්ලා ගන්න...නැත්නම්...මේ වතාවේ දෙන්න බැරි උණ හොඳ සමු ගැනීම වෙනුවෙන්....ඉතිං බලාපෝරොත්තු....මොකුත් නැති තැනත්.....මට පුළුවන් තාක්..මං බලන් ඉන්නම්.....මං අල්ලන් ඉන්නම්.....මේ වතාවේ දෛවය විස්වාස කරගෙන....

🎵🎵

මේ මොසම් සුලගේ පාවී
යන්නම් නිහඩ වෙලා
ගවුගානක් ඈතින් ඈතට
ඔය ඇස් දෙසම බලා
මල් මාවතේ නැති මේ
ජීවිත ගමනේ මගක එදා
හමුවී නුඹ දුන් ආදරයට
දෛවය එරෙහි වුනා...

අපේ කතාවටත්....පසුවදනක්....තියේවි.....

සමහරවිට........

මතුසම්බන්ධයි....
👩‍💻 dil

2024/01/29

   🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

මගේ කඳුලු සුරදූතයිනේ....ඔන්න මං ආවෝ.....🤗🤗

අද දිගම කොටසක් ඔන්න..වචන 4500 පැනලා...දිග නිසා ආයි බැලුවේ නෑ...බැලුවොත් ඉතිං තව ඩබල් දික් වෙනෝ.... ☺️☺️

ඒත් මේ ටික එක කොටසකින් ඉවර කරගන්න ඕනා උණා මට...😊😊

ඉතිං අදහසක් තියේද....ඊලගට මොනා වෙයිද....🤗🤗

වර්තමානේ තව දුරයි..... 🙃🙃

කිරුළටත් නිසදෙස් හම්බ උණා ඔන්න....මේ පාරත් මුලින්ම TaraNemeth9 නන්ගාගෙන්....සතුටුයි අප්පාා.....ලස්සනයි ඒවා ගොඩක්.....🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️


   🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

මා නොඇසූ කාරනාවක්
තවත් රිදෙනා වේදනාවක්
විටක නැගෙනා ප්‍රාර්ථනාවක්
දිනෙක මියෙනා ප්‍රේම කථාවක්
හිමිවී යලිත් අහිමිවීමත්
පුදුමයි එහෙම හමුවීමත්
පුදුමයි එහෙම හමුවීමත්...

පතා ආ හැටි වෙන්න ඇති
නුබ සතුටින් දුර යන්න ඇති
තුරුලට වී දින ගෙවුනු හැටී
නුබට දැන් අමතකත් ඇති...

හිමිවී යලිත් අහිමිවීමත්
පුදුමයි එහෙම හමුවීමත්...

සදට කියූ හිස් වචන වැඩී
දුක නිවෙන්නට හැඩුවා මදී
රැය ගෙවෙන්නට මතක ඇති
නුබෙන් මිදෙන්න තවම බැරී...

හිමිවී යලිත් අහිමිවීමත්
පුදුමයි එහෙම හමුවීමත්...

ගායනය : මධුෂ මල්ෂාන්

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

46.9K 1.9K 40
After living a peaceful and somewhat slacker life Cale passed away in old age. Only to wake up as a child in another world. Cale was now Sam Witwicky...
2.2K 449 7
"මම මැරෙන කල් ඔයාව සතුටින් තියනවා වස්තුව..." අපි ආදරේ කරන අය ජීවත් වුනත් මැරුණත් හැමදාම අපේ හදවතේ ඉදීවි...
24.4K 170 10
Read as Naruto has to Deal with Yandere girls and even Genderswapped Yandere girls. No Yaoi. It ranges from Horror to Comics, Video games, and anime.
866K 40.2K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...