👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

Von ChenQing4

42.9K 6.1K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... Mehr

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 20 🌺👑

609 127 54
Von ChenQing4

~~~ Author POV ~~~

"දැක්කද...ලස්සන ඒවගෙ...මට ඕන උණේ..බැලුන් එක්ක එනවාටත් වඩා...ඔයාගෙ හපන්කම්...ඔය ඇස් දෙකටම පෙන්නන්න..."

ආපහු පැතිරුණ නිහඬ බව ගෑස් ගහන අස්සෙන් බිඳලා දාපු ලෙවින් කලින් කතාවට එතනම තිත තියලා ආයි කතා කරන්න ගත්තා..මැයි මාසෙ මුලම නිසා තාමත් සාමකාමී හුළං තත්ව යටතේ වෙල් යායට උඩින් පුරුද්දට ලෙවින් බැලුන් එක අරන් ආවා වෙද්දි එයාලා දැන් හිටියෙ කෙනුළගේ පුංචි පොල් අතු පැලට ඔන්න මෙන්න වෙන්න උඩින් වෙද්දි දැන් ඇඬුවා ඇති කියන්න වගේ ඉණ වටේ තිබුණ අත තියෙද්දීම valve එක අත ඇරලා පහලට ආපු ලෙවින්ගේ අනික් අතින් කිරුළුගේ මූණ පැත්තකට හරවන් කම්මුල් දිගේ ගලන කදුළු පාරවල් පිහදාන්න අමාරු උත්සාහයක් ගත්තා...තමන්ගෙ මේ වැඩ මේ වචන කෙනුළගේ හදවත වගේම කඳුළු උල්පත් තව තවත් පාරනවා කියන්න නොදැන ලෙවින් සාක්කුවේ තිබුණ ලෙන්සුවත් අරන් කෙනුලගෙ ඇස් කම්මුල් විතරක් නෙවේ නහය පවා පිහ දැම්මා...

"කෝ ඉතිං..අර බලන්නකෝ අතන...ආන්න අතන හරියටම එදා ඔයා උන්නේ..මුලින් ඈතින් එද්දී මට බලන්න ඕනා උණේ මේ අමුතු විදිහෙ ගෙදර දිහා..ළඟට එද්දී පාටින් පාට පේද්දි ඒ අමුතු ගේ වටකරගත්ත පුංචි මල් වත්ත ළඟට බලන්න ඕනා උණා...තව ටිකක් ළඟට එද්දී මං මුලින් දැක්කෙ වහලට යටින් පේන ඔයාගෙ කකුල් දෙක..මං බාස්කට් එකෙන් පහලට එබිලත් බලද්දී දැක්කෙ ...කකුල් දෙකේ ඔළුව ගහන් ඉන්න හැටි...මං කතා කරා ගොඩක් සැරයක්...මට ඕනා උණේ මේ පුංචි මල් වත්ත මැද්දෙ ජීවත් වෙන කවුරුම හරි බලන්න....එතන උන්න කෙනාගෙ මූණ බලන්න බැරිව...හුළඟක් ඇවිත් මාව තල්ලු කරන් යාවිදෝ කියලා මට දැනුණේ තේරුමක් නැති බයක්...මගේ පපුවත් එක්ක ගැහෙන්න ගත්තා...එකපාර ඔයා නැගිටලා පේන්න ආවාම...මං හිතුවෙ මගේ හුස්මත් හිරවෙයි කියලා.."

........

කෙනුලව බාස්කට් එකේ ගැට්ටට තද කරන් උන්න ලෙවින් ටිකකට valve එක අමතකම කරලා දැම්මා...කෙනුලට හිතුණා ලෙවින් එයාගෙ ඇගට බරවෙනවා වැඩිද කියලත්...
ඒත් ලෙවින් කෙනුළගේ උරහිසට උඩින් එබිලා බලන ගමන් එක අතක් පහලට දික් කර කර එයාලා මුණ ගැහුණ මුල්ම දවස ගැන හරි උද්යෝගෙකින් කතා කරද්දි කණ ළඟ දැනෙන ඒ හුස්ම ලෝබ කමක් එක්ක තමන්ව නොසන්සුන් කරනවා දැනුණත් කෙනුල ඒ වචන වලට අවධානේ දෙන්න උත්සාහ කරා...ඒ විස්තර කිරිම ඇතුලේ තිබුණ උද්‍යෝගේ කෙනුළගේ කඳුළු වේලද්දි දෙන්නම මොහොතකට අතීතේ දවසක අතරමං උණා...

"පුංචි මල් කුමාරයා...little flower prince.... ඔයාව දකිද්දී මගේ හිත කෑ ගැහුවේ එහෙම...මේ පපුව....ගැහුනා මහ හයියෙන්...කවදාවත් නැතිව....ඇයිද කියන්න මං දන්නේ නෑ.... ඇත්තටම... මං බයවෙන්න ඇති... හුළඟක් එයි කියලා...ඔව්...හුලඟක් ඇවිත් බැලුන් එක හයියෙන් අරන් යයි කියලා මං බයවෙන්න ඇති... ඔව්...වෙන.. දෙ..යක් නෑ.."

.........

"කොයි තරම් වතාවක් මෙතනින් ආවා ගියත්...ඔයාව හරියට...එතන ඒ විදිහටම...මවා ගන්න පුළුවන්...අදටත් මට...තව ලොකු කාලෙකට පස්සෙ...ආවත්...මට..පුළුවන්...මං දන්නවා.."

පුංචි වෙලාවක නිහඬ බවක් පැතිරෙද්දී ලෙවින්ගේ අත් දෙකම කෙනුළගේ ඉණ වටේ එන්න එන්න තද උණා...කෙනුලට රිදෙන තරම්...ඒත් කෙනුල කරේ ලෙවින්ව ඈත් කරනවා වෙනුවට එයාගෙ අත් දෙකත් තව තව ඒ නහර පෑදුන ලොකු අත් දෙක උඩ තද කරගන්න එක වෙද්දි කෙනුලට දැනුණේ ලෙවින්ගේ කටහඬ වෙන ලොකෙකින් ආවා වගේ...ඇත්තටම ඒ කටහඬ ආවෙ හීන ලෝකෙන්...ලෙවින් සම්පූර්ණයෙන් අතරමං වෙලා උන්නෙ කෙනුලව දැකපු ඒ මුල්ම මොහොත ඇතුලේ වෙද්දි,තමන්ටම දේවල් පැහැදිලි කරගන්න වගේ හරි හෙමින් ඒත් පැහැදිලිව එයා කියන දේවල් ගැන එයාටම තේරුමක් තිබුණෙ නෑ වගේ උණත්...ඒ වචන කන් සිදුරු හාරන් ගිහිං කිරුළුගේ පපුවත් අවුස්සන ගමන් තිබුණා...අනික් අතට කිරුළු කල්පනා කරා ඇත්තටම එදා එයාගෙ පපුවත් ඔය කියන්නා වගේ ගැහුනා නේද කියන්න....ඇත්තටම මතක් කරලා බැලුවාම......එදා එයාව නිල් ඇස් තිබුණ සුද්දා ඉස්සරහා ගල් කරේ...හිනාවෙන්නත් අමතක කරේ ඒ පපුවට දැනුණ නුපුරුදු ගැස්ම නේද හිතද්දී කිරුළුට දැනුණා...එයාගෙ පපුවත් කවදාටත් වඩා මේ මොහොතේ ගැහෙනවා කියන්න...ඊටත් වඩා එයාට දරාගන්න බැරි තරම් උණේ...එයා හිරවෙලා උන්න එයාගෙ පිටට දැනෙන ඒ පපුවේ ගැස්ම...ඒ ගැස්ම පිට හාරන් ඇවිත් කිරුළුගේ පපුවේ ගැඹුරටම දැණෙද්දී කිරුළුගේ හිත එයා එක්කම යුද්ධයක් පටන් අරන් තිබුණා...

"මට දැනෙනවා..."

"ආහ්.."

ඒ වගේම යුද්දෙක උන්න ලෙවින් සිහියට ආවෙ කෙනුළගේ කටහඬ එක්ක...

"ඔයාගෙ හදවත මේ දැනුත් ගැහෙනවා සර් මහ හයියෙන්..."

"ඔයාට දැණුනද... මමත් හිතුවෙ ඒ ගැන...ඒක...එදාටත් වඩා හයියෙන් ගැහෙනවා...සමහරවිට ඔයා ලඟ ඉන්න නිසා වෙන්න ඇති.."

කිරුළු නොදැක්කට... වැරැද්දක් කරලා මාට්ටු උණ පොඩි එකෙක්ගෙ වගේ හරි ලස්සන හිනාවක් ඒ මූණේ ඇඳුනා... එක මොහොතකට...අනික් අතට ඒ හිනාව අතුරුදන් වෙලා ඒ මූණේ ඇඳුනෙ හරි බරපතල පෙනුමක්...සමහරවිට කෙනුල දැක්කානම් බයවෙන විදිහෙ පෙනුමක්...

"ඔයාට ඕනා නැද්ද ඉතිං.."

"මොනවාද..."

"ඒ ගැස්මෙන් කියන දේ පොඩ්ඩක් අහලා බලන්න..."

ලෙවින්ගේ මූණේ පෙනුම නොදැක්ක නිසාම කිරුළු ප්‍රස්න කරද්දි ලෙවින්ගේ අත් එක මොහොතකට බුරුල් වෙනවා කෙනුලට දැනුණා...ඉතිං මේ අහන කියන දේවල් ඔක්කොම නොතේරෙන්න ලෙවින් බබෙක් නෙමෙ...ඒත් හැමදාම වගේ එයාට ඕනා උණේ නෑ එතනින් එහා කතා කරන්න...

"අහලා බලන්න...! හදවතට කතා කරන්න පුළුවන් ඇයි.."

"හදවත තමා හොඳටම කතා කරන්නේ.."

"ඔයා නවල් කියවනවාද...ඕවා මහ විකාර..මහ බොළඳ දේවල්...මිනිස්සු බය උණාම කලබල උණාමත් පපුව ගැහෙනවා...ඕනා දෙයක්...එන්න සෙල්ෆියක් ගහමු.."

ඉතිං ලෙවින් හරි ලස්සනට ඒ අවස්ථාව මඟ ඇරියා...එයා කෙනුලව ඇදගෙන බාස්කට් එකේ ගැට්ටට පිට දිලා හිට ගත්තා...එක අතක් කෙනුළගේ උරහිස් වටේ යද්දි ලෙවින්ටත් දැනුණා කිරුළගේ පපුව ගැහෙන හැටි...ඒත් එයා ඒක දැනුණේ නැති ගාණට අමතක කරලා සෙල්ෆි ස්ටික් එකේ ගහපු පෝන් එක ඉස්සරහට දික් කරේ පහුවෙලා යන කෙනුළගේ මල් වත්ත මැද තියෙන පොල් අතු පැලත් අහුවෙන්න...මේ දර්ශනේ මේ වගේ අහුවෙන්න ගත්ත ෆොටෝ ඕනා තරම් මේ ලෝකෙ පුරා ඇති... ලෙවින් ළඟත් එයා එක්ක මෙතන පහු කරපු හැමෝම ගත්ත ෆොටෝ පරිස්සමට තිබුණා...එයා ඒවා හැමෝටම පෙන්නුවා..එයාගෙ කිරුළුට ඇර...මොකද එයාට ඕනා උණේ කිරුළුට මේ දර්ශනේ ඇස් දෙකෙන්ම බලන්න දෙන්න...ඉතිං අද ඒ ආසාව ඉෂ්ට වෙද්දි... පුංචි මල් වත්තෙ නියම අයිතිකාරයාගේ ෆොටෝ එකකුත් ඒ මතක අස්සට එකතු උණා...

"Please smile..."

මුල් දවසේ වගේම හිනාවක් නැතිව වැදුණ ෆොටෝ කීපෙකට පස්සෙ ලෙවින්ගේ මතක් කිරිමත් එක්ක කෙනුල හිනා උණා...දුක වේදනාව...හැමදේම මොහොතකට අමතක කරලා...එයාගෙ හොඳම හිනාව එක්ක හිනා උණා....එයාගෙ ලෙවින් සර් වෙනුවෙන්....

"බලන්න හොඳට....ඒ දෙකම ලස්සනයි...ඒත් එකකට එකක් වෙනස්...හැකියාව තියෙන තැනට...වටිනාකමක් ලැබෙන්නම ඕනා කිරුළු..."

......

"ඔයා වෙනුවෙන් හීන දැක්කෙ ආසාවට නෙමෙ...ඒ ආසාව මගේ හිතට ආවෙ අර පුංචි මල් වත්ත හැදුවේ මේ අත් දෙකෙන් කියලා දැන ගත්ත මුල්ම දවසෙමයි..."

.......

එයාලා ෆොටෝ ගත්තා ගොඩක්...එක එක විදිහට...වෙල් යාය අහුවෙන්න..එයාලාගේ අට්ටාලේ...වෙළේ ගෙදර මංකඩ...ගමට යන පාර ඔක්කොම අහුවෙන්න එයාලා සෙල්ෆි ගත්තා...කෙනුල එක මොහොතකට burner එක යට හිටගෙන ඒ ෆොටෝ වලට pilot කෙනෙක් උණා..එයාලා හිනා උණා කෝලම් කරා...එක මොහොතකින් අර සීතල ගතියෙන් මිදිලා පරණ පුරුදු විදිහට ඇවිත් තියෙද්දි ඒ ඔක්කොමත් අස්සෙ බැලුන් එක හෙමින් සීරුවේ බංගලාව පේන මානෙට එද්දී කෙනුල කලින්ට වඩා උනන්දුවකින් එයාගෙ අලුත් මල් වත්ත දිහා බැලුවා..ඒක වෙනම අත්දැකීමක්..තමන්ගෙම නිමවුමක් දිහා ලේසියෙන් බලන්න බැරි වෙනම කෝනෙකින් බලන එක...ඇත්තටම perfect...කෙනුලට තමන් ගැනම ආඩම්බර හිතුණා..එයාගෙ සර් එයා ගැන මේ තරම් වර්ණනා කරන්නේ ඇයි කියන එක ආඩම්බර වෙන්නේ ඇයි කියන එක එයාට තේරුණා...

ලෙවින් කියන්නා වගේ ඒ දෙක ඇත්තටම එකිනෙකින් වෙනස්..අතට අහුවෙන ලට්ට පට්ට එක්ක ඉඩ ලැබෙන වෙලාවට ඔහේ හදපු පොල් අතු ගෙදර වත්තයි...හැමදේම මුල ඉඳන් සැලසුම් කරලා හොඳම දේවල් එක්ක ,ලොකු කැපවීමක් එක්ක හදපු බංගලාවේ ගාඩ්න් එකයි අතරෙ ලොකු වෙනසක් තිබුණා...ඒත් ඒ දෙකටම වෙන් උණ ආවේණික ලස්සනක් තිබුණා..

කෙනුලගේ ඇස් ,මූණේ ඇඳුනු තෘප්තිමත් හිනාවක් එක්ක බංගලාවේ ගාඩ්න් එකේ තියෙද්දි ලෙවින්ගේ මූණේ තිබුණ අර දවසක එයාලා කියවන්න පොරොන්දු උණ හැඟීම් පිරුණු ආඩම්බර බැල්මනම් කෙනුලට මඟ ඇරුණා..ඒත් කෙනුලගේ බැල්ම ගැන දැනුණ ලෝබ කමක් එක්ක, ඒ බැල්මෙන්ම දහිරිය අරන් ගොඩක් කාලයක් ඉඳන්,මමායි ආරි මාමයිත් එක්කත් කතා කරලා අහුමුළු ඔක්කොම ගලපලා ගහපු ප්ලෑන් එක එළියට දාන්න ලෙවින් මුල් පියවර තිව්වා...

"ඉතිං ඒ ආසාව තාම එහෙමමයි...මට ඔයාව බලන්න ඕනා හුගාක් උඩ තැනක....සමහරවිට දැන්...මගේ බැලුන් එකේ ක්‍රවුූන් ලයින් එකටත් වඩා උඩ තැනකට ඔයාගෙ හැකියාවෙන් ඔයාගෙ දහිරියෙන්ම යන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා මට...ඔයාට ඕනා තල්ලුවක් විතරයි...මං මෙහෙ උන්නත් නැතත්...ඒ තල්ලුව දෙන්නම් මං..."

"ඔයා මොනවාද කියන්නේ සර්..."

කෙනුල දැනුයි සිහියට ආවෙ...ලෙවින්ගේ කතාවට කන් දීගෙන හිටියත් දැනුයි තේරුනේ ලෙවින් කියන්න හදන්නෙ ටිකක් බටපතල කතාවක් කියන එක...ඉතිං බංගලාවත් පහු වෙද්දි වට පිටේ දර්ශනෙන් ඇස් ගත්ත කෙනුල බාස්කට් එකට පිටදීලා ආපහු බැලුන් එක මැදදෙ හිටගෙන උන්න ලෙවින් දිහාට හැරුණා...

"මල් ගැන ඉගෙන ගන්න...landscaping ගැන දිගටම ඉගෙන ගන්න..මං උදව් කරන්නම් ඔයාට.."

"ඒත්.."

කෙනුල පුදුම උණා ගොඩක්..ඒක එයාගෙ ආසාවක්...ආසාවක් කියන්නේ මල් අතර ගැවසෙද්දී ඇති උණ හීනයක්...එයාට දහස් වතාවක් හිතිලා ඇති... එයා ආසාවෙන් කරන දේ ගැන දිගටම ඉගෙන ගන්න තිබුණා නම් කියලා..ඒත් කොහොමද..මේ දකුණු කොණේ ටෙක් එකකවත් එහෙම තැනක් කෙනුලට අහු උණේ නෑ ආසාවට සර්ච් කරද්දිවත්..මල් හදන්නම නෙමෙ කෙනුලටත් ඕනා උණේ..ඊට වඩා දේවල් ඉගෙන ගන්න..රජයේ කැම්පස් වල ඔය සම්බන්ධ කෝස් කීපයක් තිබුණත් ඔක්කොම තිබුණෙ තාවකාලිකව අත්හිටුවා ඇත කියන බෝඩ් එක යටතෙ..තිබුණත් කෙනුල කරන විෂයන් එක්ක යන්න පුළුවන්ද දන්නෙත් නෑ..ගියත් කවුද කොහොමද වියදම් කරන්නේ..ප්‍රයිවට් කරන්නත් පුළුවන්..කෙනුලට අදහන්නවත් බැරි තරමෙ සල්ලියක් යට කරලා...ඒගනන් දැක්කම සර්ච් කරපු මෝඩකම කියලා කෙනුල ඒ ගැන අමතක කරලා දැම්මා..

"අකමැති කියලද කියන්නේ.."

"ඔව්..නෑ..හ්..නෑ මං කැමැතියි.."

අකමැති කියන්න ගියත් ලෙවින් බලපු බැල්මටම කෙනුලට අකමැති කියන්න බැරි උණා..කෙනුල නොදන්නවාට කෙනුල ඔය ඉන්න ගමන් ලැප් එකේ සර්ච් කරපුවා ඔක්කොම ලෙවින් දැකලා තිබුණා..ඉතිං ඒ එක්ක තමා එයා මේ ගැන ප්ලැන් කරේ..මල් ගැන ඉගෙනගන්න තියෙන කිරුළගේ ආසාවත් ඉෂ්ට වෙනවා, ලෙවින් ආස උණා වගේ කෙනුලට හොඳ තැනක හොඳ රස්සාවක් හොයාගන්න හෝ තමන්ගෙම දෙයක් කරලා හොඳ තැනකට යන්නත් පුළුවන්...

"එහෙනම් ඉතිං එච්චරයි...මං උදව් කරන්නම්.."

"එපා...!!"

"කිරුළු.."

"මට ඕනා නෑ තවත් ණය වෙන්න.."

ඉතිං ලෙවින් හිතපු ප්‍රස්නේම ඉස්සරහාට ආවා...ඒ වෙනුවෙනුයි ලෙවින් අනිත් අයවත් එකතු කරන් ප්ලැන් ගැහුවේ...කෙනුලව කැමැති කරගන්න විදිහක්..මොකද ලෙවින් දන්නවා...කෙනුල කොච්චර කිට්ටුවෙන් හිටියත් ,තමන් මොන විදිහට සැළකූවත් කෙනුල දවසක ගෙවන පොරොන්දු පිට ඔය ඔක්කොම ගණන් බලනවා කියන්න..ලෙවින්ගෙ ගණන් බැලිල්ල අනුව ලෙවින් කෙනුලට ණය වෙද්දි කෙනුළගේ ගණන් බැලිල්ල අනුව කෙනුල ලෙවින්ට ගෙවන්න බැරි තරම් දැනටමත් ණය වෙලා තිබුණා..

"ඔයා මට ණය නෑ...මං නම් දන්න විදිහට මමයි ණය තාම...ඔයා කරපු වැඩ වලට තාම ඇඩ්වාන්ස් එකක් විතරයි දුන්නේ මං.."

"ඒ දීපු තරම ඇති.."

කෙනුළගේ මූණේ තිබුණ ස්ථිර පෙනුම දිහා බලන් උන්න ලෙවින් ප්ලැන් b එකට යන්න හිතුවා...

"....හරි මේ අහන්න..මං උදව් කරන්නේ නෑ...මං ආයෝජනයක් කරන්නේ කියලා හිතන්න...අපෙ පපාට මෙහෙ හොටෙල්ස් තියෙනවා..ලෑන්ඩ් සේල් තියෙනවා..ඔක්කොම මරිනා මමා එක්ක හවුලේ...මට ඒ මොකුත් ඕනා නෑ..ඒ ඔක්කොම මරිනා මමාටම  දෙනවා..ඉතිං දවසක මෙහෙ ආවම මටම කියලා දෙයක් තියෙන්න ඕනා..මං කැමැති landscaping company එකක් පටන් ගන්න...පපාගේ hotel connection එක්ක මට පුලුවන් ලේසියෙන් වැඩ ගන්න...එතකොට ඒවා බලාගන්න විස්වාසවන්ත කෙනෙක් ඕනා..මට මෙහෙ ඉන්න විස්වාසවන්තම කෙනා ඔයා..මන් කැමැති ඔයා ඒ හැමදේම බාරගන්න...ඉතින් ඔයා ඒ වෙනුවෙන් උපරිම සුදුසුකම් හදාගන්න ඕනා..ඒ නිසා මං කරන්නේ මං වෙනුවෙන්ම ආයෝජනයක් කියලා හිතන්න...ඔයාට පුළුවන් මට වැඩ කරලා ගෙවන්න.."

........

"හා නේද..."

කෙනුල බලන් හිටියෙ ඇස් දෙකත් තුනී කරන්...ඔය වගේ බෝල බස්සලා ෆෝන් එකක් දුන්නා එහෙන්..ක්ලාස් පස්සෙ දැක්කුවා එහෙන්...ණය ගෙවන්න ගත්ත සල්ලි ඇරුණාම ආයි සල්ලි ගන්න එක කෙනුල ප්‍රතික්ෂේප කරත් ලෙවින් ඔය ඔක්කොටම වියදම් කරා..කලින් කතා උණ විදිහට ලෙවින් නැති උණත් කිරුළට  බංගලාව බලාගන්න දෙන නිසා ඒ වෙනුවෙන් පඩි නැතිව වැඩ කරලා ගෙවන්න කල් තියෙන නිසා කෙනුල ඒ ගැන හිතුවෙ නෑ..එහෙම ඉද්දී දැන් තව එකක්...අමතක් කරන්න ඔනලු අරකලු මේකලු...ආයි එන්නෙත් නෑලු..ඒත් බිස්නසුත් කරන්න කතාව..

"ඔයා කිව්වේ ආයි මෙහෙ එන්නෙ නෑ කියලා..."

"මං කිව්වේ සමහරවිට කියලා...ළඟදී නැතත්...කවදාම හරි මං මෙහෙ එනවා...නවතින්නම..."

"ඔයා නාවොත්..."

"නොකරන දේවල් ගැන බොරු පොරොන්දුවත් බලාපොරොත්තුවත් දෙන්නේ නෑ කිරුළු මං...හිතන්නෙ හැමදේම නොදැක්කා නොදැනුණා වගෙ ඉන්නෙ ආසාවට කියලද..මට ඔන නෑ සියට 50 ,50 තියන් බොරු පොරොන්දු දෙන්න...බලාපොරොත්තු දිලා ඒවා නැති උනාම රිද්දගන්න...මටවත් විස්වාස නැති දේවල් ගැන තව කෙනෙක්ට විස්වාසෙන් ඉන්න කියලා ඒ විස්වාසේ රකින්න බැරි උනාම උත්තර බදින්න මට බෑ... එහෙම දේවල් ගැන කතා කරන්නවත් ඕනා නෑ මට...කතා කරත් හිත් රිදෙන එක විතරයි වෙන්නේ..ඉතිං මන් මේ වගේ දෙයක් ඉල්ලන්නෙ කියන්නේ හොඳට හිතලා බලලා..."

......

ලෙවින්ගෙ කටහඩේ තිබුණෙ කෙනුල මීට කලින් නොදැක්ක දැඩි බවක් විස්වාසයක්..තව කෙනෙක්ව දෙපාරක් නොහිතා නම්ම ගන්න ගතියක්..ඒ කොහොම උණත් මේ ඉන්න මානසිකත්වේ නිසාද දන්නේ නෑ කෙනුලට හිතුණේ ඒ වචන මල් ගැන ඉගෙනිල්ලට විතරක් අදාල නොවෙන බවක්..කෙනුල විතරක් නෙමෙ, තමන්ම නොදැන උන්න හිත අස්සකින් එළියට ඇවිත් ඒ වචන පිට උනාට පස්සෙ ලෙවිනුත් ඒ ගැනම හිතුවා..

"කොහොමහරි ඔයාට තියෙන්නේ මට ගෙවන ප්‍රස්නෙ නම්...හරි...යුනිවසිටි එකකට එකපාර  ලොකු ගාණක් ගෙවන ප්‍රස්නෙනේ තියෙන්නේ...මං එකපාර ගෙවන්නම්..ඔයාට පුලුවන් ඉගෙන ගන්න ගමන් වැඩ කරලා හරි මට ටික ටික ගෙවන්න..."

.....

"අද හෙට නෙමෙ...මාස ගාණක් කල් තියෙනවානේ...හෙමින් හිතලා බලන්න...මං ඒ අතරෙ ඒ දේවල් ගැන හොයලා බලන්නම්..ඔයා කැමැති නම් ඔයාට පුළුවන් ලබන ජනවාරි ඉඳන් ජර්මනි ගිහිං කෝස් එකක් ෆලෝ කරන්න..."

".. .ජ්..ජ..ර්මනි....!!!"

"ඔව්..මං මෙහෙ බැලුවා..සෙට් උණේ නෑ හරි එකක්..වෙන රටකට යවනවාට වඩා මට ලේසි එහෙ ලේසියෙන් ඒ දේවල් ලෑස්ති කරන්න.."

ලෙවින් valve එක අදින ගමන් ගාණකට නැතිව කියද්දි කෙනුල බලන් උන්නේ ඇස් දෙක ලොකු කරන් අදහාගන්න බැරිව...

"ඕ.ඔයාට පිස්සුද සර්..ජර්..මනි යන්න..මං...!! කීයටවත් නෑ..!! මං..මං කොහොමද ගෙවන්නේ වත්..."

"හැම මඟුලටම ණයයි ගෙවිල්ලයි ගැන කියවන්න එපා කිරුළු..මොකද මගෙන් දෙයක් ගන්න එක ඒතරම් මදිකමක්ද...ඔය නිකංම පිනට දෙන scholarship වලටත් ගිහින් ඉගෙන ගන්න අය ඕනා තරම් ඉන්නෙ...අපෙ පපාම ඒ වගේ කිදෙනෙකුට උදව් කරලා තියේද...යාලුකමට බාර ගන්නත් බැරි නම්..මං කියන්නෙ ආපහු ගෙවන්න බලන් බාර ගන්න.."

.....

"කොහොමහරි.. ඔයාට ඇති තරම් කල් තියෙනවනෙ...නිදහසේ හිතලා බලන්න.."

.....

"ඒයි...ඒයි...ඔහොම බෑ කුල්ලෝ....දැන් ඇති.පස්සෙ හිතන්න...දැන් මෙතැන්ට එන්න බැලුන් එකට..බලන්න වටපිට...අපි රක්ශිතෙ උඩින් ඉන්නෙ...අලි ඇති...කාවවත් එක්ක නොගිය ගමනක් අද ඔයාව එක්ක යන්නෙ...කිරුළුස් ස්පෙශල්..."

"පිස්සු හැදිලද අනේ... පාඩුවෙ ඉන්නකො..ඔහොම දැගළුවොත් බැලුන් එක බිම වැටිලා කවුරුත් නොගිය ගමනක් යයි තමා..."

කෙනුල අහස පොලව ගැටලන්න වගේ කල්පනාවේ ඉද්දී ලෙවින් ඉස්සරහාට නැමිලා කෙනුලව අතින් ඇදලා එයාගෙ ළඟට ගත්තා වෙද්දි කෙනුළගේ මූඩ් එක හරිගස්සන්න හිතන් කෙනුලට කිචි කැව්වා... මොකද ලෙවින්ට ඕනා උණේ කිරුළගේ හිනාවෙන් පිරුණ ලස්සන මතක අන්තිම මොහොතේ එකතු කරගන්න...හිතුවා වගේම කෙනුල හිනා වෙද්දි අන්තිමේ එයාලා දෙන්නා ආපහු ඔක්කොම අමතක කරලා වටපිටාවේ ලස්සන බලන ගමන් බැලුන් ගමන විඳින්න ගත්තා වෙද්දි කිව්වත් වගේ කෙනුලස් ස්පේෂල් ටුවර් එක සාමාන්‍ය ටුවර් එකකට වඩා දුරින් වැඩි වෙද්දි බැලුන් එක බෑවට පස්සෙ ෂැම්පේන්  කේක් කේක් එක්ක සිද්ධවෙන පුංචි සංග්‍රහය අද බැලුන් එක ඇතුළේම සිද්ද උණා...ඒකත් විශේස ඇනවුමක් එක්ක තරු පහේ හෝටලේක ඉස්තරම්ම අමුද්‍රව්‍ය එක්ක හැදුන සුපිරි ගණේ නාන කටා වගේම හොඳම ගණේ තේ කෝප්පයක් එක්ක වෙද්දි,කලින් තිබුණ දුක් කරදර ඉවරවෙලා, ගමන අවසන් වෙද්දි දෙන්නම උන්නේ නම් පුදුමාකාර සතුටකින්...

බැලුන් එක බෑවෙ නංගපු තැන ඉඳන් සෑහෙන ඈතකින්.. එයාලා එතනට යද්දිත් ස්ටාෆ් එක එතනට ඇවිත් තිබුණා..කෙනුල මීට කලින් බැලුන් අකුළනවා දැකලා තිබුණ නිසා සහ ලෙවින්ට මොකක්දෝ වැදගත් වැඩක් තියෙනවා කියපු නිසා ස්ටාෆ් එක එනකං නොයිද එයාලා දෙන්නා කාර් එකේ ආපහු එන්න පිටත් උණා...කෙනුලව බස්සලා ආපිට එහෙම්ම යන්න තිබුණ ගමන යන්න ආපු ලෙවින් බංගලාවට හැරෙන පාර ළඟට ඇවිත් කෙනුලට බහින්න කාර් එක නතර කරා...ආපහු හිනාව අතුරුදන් වෙන්න දත කෑවත් කෙනුල ලෙවින් වෙනුවෙන් හිනාවෙන්න උත්සාහ කරා..

"හැමදාම සතුටින් ඉන්න.."

ලෙවින් කෙනුළගේ අතක් ඒ අතක පටලා ගද්දී වචන ගොළුවෙලා ගෙවුණ මොහොතකට පස්සෙ හිටි ගමන් කෙනුලව අතින් ඇදලා ගත්ත ලෙවින්ගෙ තොල් පුදුමෙන් බලන් උන්න කෙනුළගේ නලල උඩ සෑහෙන වෙලාවකට තද උණා වෙද්දි...අකමැත්තෙන් වගේ ඈත් වෙන ගමන් ලෙවින් මිමිනුවේ ඒ මූණ දිහා මහ ලෝබ කමකින් ඇස් තියාගෙන...

"මං වෙ..නුවෙන් ආප.හු එන්න ස..ර්..ඇවිත් යන්න හරි.."

"බොරු බලාපොරොත්තු තියා ගන්න එපා කිරුළු...එහෙම උනාම රිදෙනවා ගොඩක්.."

බලාපොරොත්තු බිඳෙනවා තමා...ඒත් බලාපොරොත්තුවක්වත් නැති තැන..මිනිස්සු ඊට වඩා බිඳෙනවා...කිරුළට ඕනා උණා එහෙම කියන්න..ඒත්..ලෙවින් විස්වාස කරන හුගාක් දේවල්...වචනෙන් කියලා වෙනස් කරන්න පුලුවන් දේවල් නෙමෙ කියන්න..කිරුළ තේරුම් ගත්තෙ ගොඩ කාලෙකට කලින්..ලෙවින්ට ප්‍රැක්ටිකල් මිසක් තියරි හරියන්නේ නෑ..දේවල් අත්දකීම් එක්ක එයාම තේරුම් ගන්න ඕනා දේවල්...ඒත් කිරුල අන්තිම වතාවටත් උත්සාහ කරා..

"ඇයි බැරි..උත්සාහ කරන්න... ඒ බලාපොරොත්තු ඉස්ට කරන්න මං වෙනුවෙන්.."

"දැන් ඇති යන්න..බංගලාවට ගිහිං..අන්තිම වතාවට උයන්න මං වෙනුවෙන්..."

"අඩුම..අඩුම..කතා කරනවාද මට.."

"කිරුළු..!! දැන් ඇති ප්ලිස් යන්න...උයන්න බැරි නම් කමක් නෑ..
3 වෙද්දි පිටත් වෙන්වා අපි..බංගලාවට ඇවිත් ඉන්න ගණුදෙනු බේරන්න.."

"ගනු..දෙණු.."

"ඔව්..දැන් යන්න පරක්කු වෙනවා මට.."

ලෙවින් ආයි කේන්ති ගත්තාද මන්දා...ඉතිං අඩුම යාලුකමක් හරි තියේ නම් කතා කරන්නවත් බැරි කමක් නැනේ..සුවදුක් අහන්නවත්...ඒත් ලෙවින් ආපහු අර සීතල පෙනුමක් මුනට අරන් කෙනුළගේ ප්‍රස්නෙ නොසලකා හරින ගමන් ගනුදෙනුවක් ගැන කියද්දි බොහොම අමාරුවෙන් කෑලි බෑලි එකතු කරලා හදපු අහින්සකගේ හිත මේ වතාවෙ නම් බිඳිලා විසිරිලා ගියා...ගණුදෙනු... ඒ වචනෙ ඇතුලේ ලෙවින් අදහස් කරේ මොකක්ද..කෙනුල තේරුම් ගත්තා හරිද..ඒ මොකක් උණත්..මේ තරම් වෙලා අඬන්නේ නෑ කියලා තමන්ටම තරවටු කරගෙන හිත අස්සේ හංගපු කඳුලු පෝලිමක් කඩා වැටෙද්දී අමාරුවෙන් මවන් උන්න හිතේ දුක හංගපු බොරු හිනාව එක තප්පරේට අතුරුදන් වෙද්දි කිරුළු කඳුලු අස්සෙන් අන්තිම වතාවට ඒ මූණ දිහා විනාඩියක් බලන් උන්නා.

"කි.."

කිරුල බලන් උන්න හැටි අවුල් වගේ දැණෙද්දී ලෙවින් ආපහු දෙයක් කියන්න ලෑස්ති උණත්...ඒ තප්පරේට කෙනුල කාර් එකෙන් බැහැලා අඬ අඬම ගෙවල් දිහාවට දුවන ගමන් උන්නා....

මතුසම්බන්ධයි...
👩‍💻 dil

2024/01/28

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

වස්තුලා...🤧🤧

අද කතාවෙන් මොකුත් අහන්නෙ නෑ...හැමදාම කියනෝනෙ ඉතිං...මන් වෙනුවෙන් කියන්න මොනාහරි....🥺🥺

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

බොහෝ පෙම් කවි ලියු පසුවද
සියුම් කැපුමක් මෙන් රැදි
නොලි කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදි

තියුනු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි
සිදිනු හැකිවෙද කෙලෙස කිකලෙක එවන් හද පාරන බැමි

ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරම්

නිතින් ගිනිගත් හදින් දැවෙමින්
දරා ඉමිහිරි වේදනාවන්
පෙමින් සගවා දරා ගන්නේමි
නොලි ඒ ගීතිකාවන්

සදකාලික තැවුල් පොදියක
රැදි හද පෙලුවත් නිති
ලියා අවසන් කවක් කෙලවර
මැකි වියැකි යා නොදි

Weiterlesen

Das wird dir gefallen

1K 163 18
ආදරේ පාට වලින් අහස පාට වෙලා තියන වෙලාවක තමන්ගෙ ආදරවන්තයා එක්ක ඒ අහස දිහා බලාගෙන ආදරණීය මතක අස්සෙ හිරවෙන එකම ආදරණීය හැන්දෑවක් නෙවෙයිද?
56.6K 9.9K 66
පාලුව විඳිනා මගේ ජීවිතේ.... පාරා යනවා ඔබේ ආදරේ....❤ කොහෙහරි තැනකදී වැරදුනා මාහට.... අදටත් මා සිතින් සොයනවා ඒ තැන....💚 Begin: 2021 December 18 End:...
302K 6.7K 23
Isaac Lacey and (y/n) Hale, and ironic match. Just as (y/n) settles into her new in life beacon hills, Isaac comes into it and turns everything all a...
574K 12.8K 40
In wich a one night stand turns out to be a lot more than that.