👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

Od ChenQing4

43.1K 6.2K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... Viac

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 19 🌺👑

535 119 35
Od ChenQing4

~~~ Author POV ~~~

බාස්කට් එකේ ගැට්ට අල්ලන් තමන්ගෙන් ඈත් වෙන පොළව දිහා බලන් උන්න කෙනුළගේ හිතට මොකක්දෝ හේතුවකට ඒ පහල ඉඳන් බැලුන් එක දිහා බලන් ඉන්න අය අතරෙ තමනුත්  ඉන්නවා වගේත්,  මේ බැලුන් එක ලෙවින් වගේත් කියලා හිතුණා..

'නෑ සමහර විට...ඇත්තටම මං මේ බැලුන් එකේ ඇති.. එයා මාව මේ නොදන්න නුපුරුදු ලෝකේ පෙන්නන්න එක්ක යාවි පහුගිය මාස කිපේ වගේම... ඒත් එකපාර ආයි එයා මාව මේ බැලුන් එකෙන් පහලට ඇදලා දාවී...එහෙමත් නැත්තං...එයා කිව්වත් වගේ එයාට මාව උඩ crown line එකේ දකින්න ඕනා උණත්, එයාවත් හරියට පාර නොදන්න නිසා අපි දෙන්නම පොලවෙන් ඈත කොහේදෝ තැනක අතරමං වෙයි...ඉතිං නොදන්න ඈතක අතරමං වෙනවාට වඩා...දන්න පොළව හොඳයි හිතිලා...එයාම මේ බැලුන් එකෙන් පහලට මාව ඇදලා දාන්න හදනවාද...සමහර විට...එයා අතරමං උණත්...එයා තනි උණත් කමක් නෑ හිතිලා...ඒත් ඇයි අපිට බැරි..දෙන්නා එකට ඉඳගෙන පාර හොයාගන්න..උත්සාහ කරලා බලන්න...බැරි උනොත්...බැරි උනොත්...අපි දෙන්නට පුළුවන් එකට බිමට පනින්න..දෙතැනක අතරමං වෙන්න උණත්...නොදන්න අහසක අතරමං වෙනවාට වඩා...හොඳ නැද්ද ඒක...'

කෙනුල හිතුවෙ වේදනාවෙන්...

"කි...රු...ළු..."

.....

බැලුන් එකට ගෑස් පිරිලා උඩට ඉස්සෙද්දී කෙලින් කරපු කූඩේට ගොඩ උණ ලෙවින්, කෙනුලවත් ඇතුලට ගත්තා වෙද්දී, ඒ දෙන්නා විතරක් උන්න බැලුන් එක ටිකෙන් ටික උඩ ගියා..ලෙවින් බාස්කට් එකේ මැද්දට වගේ වෙන්න burner එක යටින් හිටගෙන, එක අතක් උඩට උස්සලා hand valve එක අල්ලන් ඉද්දී ,මුල්ම ගමන නිසා කෙනුළගේ හිතේ තිබුණ තිගැස්ම අඳුන ගත්ත නිසාදෝ එයා කෙනුලව එයා ළඟින්ම හිටවා ගද්දි කෙනුල බාස්කට් එක අයිනකට හේත්තු වෙලා ලෙවින්ට පිටු පාලා බාස්කට් එකේ ගැට්ට අල්ල ගත්තා..

දැකපු මුල්ම දවස්වල ඇරෙන්න එකිනෙකා ඉස්සරහා නිවනක් නොවුණ කටවල් වලට අද වචන නැතිවෙලා තියෙද්දි හොටෙල් එකේ ඉඳන් සෑහෙන තරමෙ දුරක් ඇවිත් තියෙද්දි ලෙවින්, කෙනුලට එයාම දුන්න නම කියලා හරි සංසුන්ව කතා කරද්දි ,සතියකට පස්සේ ඒ කටින් තමගේ නම කියවෙද්දී ඇයි අහන්නත් අමතක උණ කෙනුල ඔළුව හරවලා ලෙවින් දිහා බැලුවේ තේරුම් ගන්න අමාරු හැඟීමකින් වෙද්දි ලෙවින්, කෙනුලට හිනා වෙන ගමන් ඈත පේන බංගලාව පෙන්නුවා..

"ලස්සනයි නේද.."

"හ්ම්..ගොඩක්.."

........

කෙනුල දන්නේත් නෑ... මේ තරම් අවුල් යන්න තරම් තමන්, ලෙවින්ට මොනතරම් බැඳිලාද කියන්න..ඒත් ලෙවින් හින්නාවෙද්දී ආපිට හිනාවෙන්නත් අමතක වෙන තරමට කෙනුල අවුල් ගිහිං තිබුණා..වචනෙන්ම කියන්නා වගේ කෙනුළගේ හිනාව හොරු අරන් ගිහිං තිබුණා වෙද්දී හරි උද්‍යොගෙකින් වටපිට ගිය ලෙවින්ගේ ඇස් ආයි කෙනුල ළඟට එද්දී කෙනුල තමන් පෙන්නන වටපිටාව ගැන ගාණක් නැතිව තමන් දිහා බලන් උන්න බැල්ම නිසාදෝ ඒ නිල් ඇස් ආපහු මැලවිලා යද්දි කෙනුලටත් දැනුණේ වරදකාරි හැඟීමක් වෙද්දි කෙනුල ඒ ඇස් මඟ ඇරලා ආපහු ඈත වටපිටාවට ඇස් යැව්වා..

ජීවිතේ එක එක තත්ව එක්ක එකම අවස්ථාවක දැනෙන හැඟීම් උණත් වෙනස් වෙන අපූරුව....කෙනුලට නිකමට වගේ පොඩි කාලෙ නියරවල් වල වැටි වැටී බැලුන් පස්සෙ දුවපු පුංචි කෙණුලව මතක් උණා...ඉතින් ඒ පොඩි එකා මෙතන උන්නා නම්..තිබුණ විසේට බැලුන් එක අස්සෙ උඩ පනින්න කෑ ගහන්න ගිහිං බැලුන් එක බිමට වට්ටන්නත් බැරි නෑ හිතෙද්දි කෙනුලට තනියම හිනා ගියා..

ආපහු ඒ පුංචි එකා වෙනුවට කාලෙටත් කලින් වගකිම් එක්ක ඔට්ටු වෙන්න උණ හුණු දුම්කොල,තිර පටි ගොඩකට යට වෙලා ,ජීවිතේ ලස්සනම කාලෙ මඟ ඇරගෙන, ගෙවෙන තප්පරේත් රුපියලක් හොයන්න ඔට්ටු උණ කෙනුලව මතක් උණා...ඒ කෙනුල දැන් මෙතන හිටියානම්..මේ මොන කරදරයක්ද හිතෙයි..බාස්කට් එකේ අඩියේ ඉඳගෙන,අඩුම කුඩුම ටික උස්සන් ආවා නම් මෙතන ඉඳගෙන විට කීයක් ඔතන්න පුළුවන් වෙයිද ගණන් බලයි...බිමට බහින්න යන වෙලාව ඇතුලෙ මේ තරම් තිරපටි ප්‍රමාණයක් අදිනවා කියලා තමන් එක්කම ඔට්ටු අල්ලයි...ඔය ඔක්කොම අස්සෙ අර පොල් අතු පැල අස්සෙ සදහටම හිරවෙන්න අකමැති, ලෝකයා අතරෙ හුදෙකලා වෙන්න අකමැති හැඟීම දැණෙද්දී... ගෙයින් එළි බැහැලා ගම වටේ රවුමක් ගිහිං අනින් මිනිස්සු එක්ක මුහු වෙන්න හදනවා වගේ බාස්කට් එකෙන් එක ටිකකට ඔලුව දාලා වටපිට බලයි... ඒත් හරි ඉක්මනින් ඒ ලෝකෙත් තමන්ගෙ ලෝකෙත් අතරෙ තියෙන  බිඳින්න බැරි පරතරේ දැකපු හැටියේ ආයිමත් උන්න තැනටම රිංගා ගනී හිතෙද්දි...අර හිනාව අතුරුදන් වෙලා..බැලුමටත් දරන්න බැරි තරමේ ලොකු සුසුමක් කෙනුළගේ මුවින් නොදැනීම පිට උණා..

ආයි කෙනුලට හිතුණා..ඔය කවුරුත් නැතිව...මීට සතියකට කලින් උන්න කිරුල මෙතන උන්නා නම්...ආදරෙන් පිස්සු වැටිලා...අන්ද වෙලා...අතරමං වෙලා...තමන් යන්නෙ කොහෙද...කොහොමද... ආයි උන්න තැනට එන්න උනොත් මොකද වෙන්නේ...නොදැන්න තැනක අතරමං උනොත් කොහොමද ආපහු උන්න තැනට එන්නෙ...එන එක කෙසේ වෙතත් ආපහු එන්න උත්සාහ කරන්න අවස්ථාවක්වත් ලැබෙයිද කියන බරපතල හැමදේම අමතක කරලා...ඒ ආදරේ කියන මායාවේ ගිලිලා...ලෙවින් කියන මිරිගුව පස්සෙ දුවන ගමන් උන්න කෙනුලව මතක් උණා...ඒ කෙනුල උන්නා නම්...සමහරවිට අර මුල දෙන්නගේම එකතුවක් එක්ක හැදුණ අමුතුම කෙනෙක් වෙයි...සතුටට උඩ පනි..කෑ ගහයි...තව උඩ යන්න කියලා කෑ ගහයි...හිටි ගමන් ගිය දුර වැඩියිදො අතරමං වෙයිදෝ හිතෙද්දි..විටින් විට ලෙවින්ව මඟ අරින්න උත්සාහ කරා වගේ එක මොහොතකට ඇස් පියන් හැමදේම ගැන එක ටිකක් වගකීමෙන් හිතන්න උත්සාහ කරයි..ඒත් ඇස් අරින ටිකට   හැමදේම කලින්ටත් වඩා ලස්සනට පෙනෙද්දී...කලින්ටත් වඩා ඕනා වගේ දැණෙද්දී... ආපහු කලින්ටත් වඩා ඒ මායාවේ අතරමං වෙයි...එළියට එන්න පුංචි උවමනාවක්වත් නැතිව...ගස් ගල් වල පවා ලස්සනක් දැකපු ඒ මායාවෙන් පිරුණ හිතට...ඈත කොණක පේන නගරසභා කුණු කන්ද උණත් හරි ලස්සනට පෙනෙයි...කිරුළගේ මූණේ ඒ මොහොතේ ඇදුණේ ඒ මූණේ දකින්න පුළුවන් ලස්සනම හිනාව වෙන්න ඇති...හරි ආදරණිය හිනාවක්...

ඒත් ඒ සිතුවිලි අවසානේ ඒ හිනාව ඉක්මනින් අතුරුදන් උණා...මොකද මාස කීපෙකට කලින් අතරමං උණ ඒ හීනෙන්...සතියකට කලින් හිටි ගමන් ඇදලා දාපු කෙනුලයි මෙතන හිටියෙ..ඇස් වලින් එක පෝලිමෙ ගලන කඳුලු පිහද ගන්නවත් කල්පනාවක් නැතිව කෙනුල කොහේදෝ අරමුණන් නැති ඈතක ඇස් තියන් ඔහේ බලන් උන්නා...

ඔක්කොම අන්තිමේ...අන්තිමේ...අද මේ ඉන්න කෙනුල බිහිවෙලා...සතුටු වෙන්න ඕනා වෙද්දි දුක් වෙන..හිනාවෙන්න ඕනා වෙලාවෙත් අඩන..අතරමං උණ මායාවෙන් මිදෙන්නත් බැරිව...මිරිගුව පස්සෙ දුවන හිත නවත්වාගන්න බැරිව මන් මුලා උණ...තමන් කරන්නේ මොනාදවත් නොදැන...මුලින් හිනාවෙලා ,ආයි මහ ගැඹුරක් අස්සෙ සුසුම් හෙළලා ,ඊට පස්සෙ විශේෂඥයෙකුටවත් වර්ග කරලා නම් දෙන්න බැරි තව කෙනෙක් උණත් අතරමං කරන මායාවක් වගේ හැඟීම් ගොඩක් එකපාර පෙන්නලා අන්තිමේ දැන් සුසුම් හල හල හිනාවෙවී දුකටද සතුටටද වර්ග කරන්න බැරි කඳුලු වලින් කම්මුල් තෙම තෙම දකින අයගෙ පවා පපුව හිර කරන කිරුළටම තමන් මේ මොහොතේ විදින හැඟීම් තෝරා බේරා ගන්න වර්ග කරන්න බැරි වෙද්දි කිරුළ නොදැනම කිරුළ දිහා බලන් උන්න ලෙවින් උන්නේ සුනාමියකින් කැළඹුණ මහ මුහුදක් වගේ කැළඹිලා...

හතර අතෙන් ආපු කුණු රොඩු සුන්බුන් ඒ අස්සෙ පිස්සුවෙන් වගේ එහා මෙහා ගිය කිරුළ කියන රළ පාර ලෙවින්ව පිස්සු වැට්ටුවා...ලෙවින්ට දැනුණේ තමන්ම ඇති කරපු ඒ සුනාමිය දිහා මේවගේම උඩ ඉඳන් බලන් ඉන්නවා වගේ හැඟීමක්..එයා දැනගෙන උන්න එකම දේ හැමදේම සන්සුන් වෙනකං එයාට මෙතනින් පහලට යන්න බෑ කියන එක විතරයි...රැල්ල සන්සුන් උණ වෙලාවක..කොනක ඉඳන්...කොණක ඉඳන් හැමදේම අලුතින් පටන් ගන්න ඕනා..ඒත්...ඊට කලින් ලෙවින් තේරුම් ගන්න ඕනා එයා මේ සුනාමිය ඇති කරේ ඇයිද කියන්න...

"කි..රු...ළු..ඇ..ඇයි මේ.."

"......නි..නිකං..සතුටට..."

"සතුටට...!!"

"සතුට..ට..දුකට...හැමදේ...ආහ් නෑ මේ හුළං සැරට.. ඉර..ඉර එළිය..ත් ආවා මූ..නට.."

.....

"ස්තුතියි ගොඩක්...සර්..එක්ක ආවට මාව..."

බලන් ඉන්න බැරි තැනම ලෙවින් කිරුළට කතා කරා..දෙතුන් පාරක් කතා කරලත් ප්‍රතිචාරයක් නැති තැන කිරුළගේ උරහිසේ නතර වෙන්න ගිය අත ආපස්සට ඇදුනත් ලෙවින් හොඳ හුස්මක් අරන් ඒ ලොකු අතින් කෙනුලගේ උරහිසක් මිරිකද්දී කෙනුල සිහියට ආවා..ඒත් සම්පූරන්යෙන්ම නොවෙද්දී  තමන්ගෙ කටින් පිටවුණ උත්තර ආපහු ප්‍රස්න කරන්න පුළුවන් ඒවා බව තේරෙරෙද්දි කෙනුල ඒ මොහොතට ගැලපෙන ඔක්කොම බොරු ටික ගොත ගහද්දී දෙන්නම හෙළපු සුසුම් සද්දේ , ලෙවින් අතේ හුරුවට ඇදපු hand valve එකත් එක්ක උඩට ගහපු ගෑස් එකේ සද්දෙත් එක්ක යටපත් වෙලා යද්දි ආපහු ලොකු නිහඬබවක් වට පිටාවම ගිල ගත්තා...

......

......

......

......

......

"කිරුළු..."

"ම්ම්.."

"සොරි..."

......

......

......

"ඒ..එහෙම..එහෙම වෙන්න ඕනා උණේ නෑ..ඒත්.."

"ඒකට කමක් නෑ..මට පුරුදුයි."

පහුගිය කාලෙ තමන්ගෙ එතෙක් ජීවිත කතාවෙ..හැමදේම කෙනුල ලෙවින් එක්ක කිව්වා..හරියට බැලුවොත් කෙනුල කිව්වේ නෑ.. කෙනුලට ඕනා උණේ නෑ ඒවා කියන්න..ඒත් ලෙවින් කෙනුලව සංවේදී කරලා හැමදේම අහගත්තා..ලෙවින් කාගෙවත් පවුද්ගලිකත්වෙකට කිසිම හේතුවකට ඇගිලි ගහන කෙනෙක් නෙමෙ.. ඒත් තමන්ම නොදන්න හේතුවකට ලෙවින්ට ඕනා උණා...කෙනුලව සම්පූර්ණයෙන් දැනගන්න...ඉතිං එයා ඒක කරා...

යාලුකමක් අස්සෙත්...එකිනෙකා ජීවිතේ බෙදාගන්න කසාදයක් ඇතුලේ පවා, දෙමව්පියෝ දරුවෝ අතරෙ පවා පවුද්ගලිකත්වෙ කියන දේට මුල් තැන දුන්න පරිසරෙක උස්මහත් උණ ලෙවින් ,ඒ දේ ඕනවාටත් වඩා අදහපු නිසාම නොදනිම ගොඩක් දේවල් වරද්දා ගන්න ගමන් උන්නා උණත්,ලෙවින්ගේ හිත මොකක්දෝ බලවේගෙකින් කිරුල ගැන අහු මුළු අවුස්සන්න මෙහෙයවෙව්වා...තමන්ගෙ මේ වෙනසට සාධාරණ හේතුවක් දෙන්න ලෙවින්ට බැරි වෙද්දි, කෙනුල ඒ වෙනුවෙන් හේතුවක් බලාපොරොත්තු වෙන බවත් තේරෙද්දී ලෙවින්, යාළුකම නමින් තමන්ගෙ හිත අස්සෙ ලොකු බෝඩ් ගහපු සීමාවක් එල්ලුවා...තමන් ඉගෙන ගත්ත විදිහට නම් යාළුකමටවත් එහෙම කාගෙවත් ජීවිතෙකට මැදිහත් වෙන එක වැරදි.. ඒත් ඉතිං මේ ලංකාවනේ..කෙනුලට එහෙම පුරුදු ඇති... අවුලක් වෙන එකක් නෑ...අම්මාගෙන් අක්කගෙන්වත් එහෙම සැලකිල්ලක් නොලබපු කෙනුළගේ හිත තමන්ගෙ හැසිරීම නිසා අතරමං වෙන බව නොදැන ලෙවින් හිතුවෙ එහෙම...තමන් ඇගිලි ගහන්නෙ කෙනුළගේ පවුද්ගලිකත්වේට නෙමෙ කෙනුළගේ හදවතට කියන එක  ලෙවින්ගේ ඉබි යතුරු සීමා මායීම් දාපු හදවතට දැනුණේ නෑ...නොදැනුණාම නෙමෙ...ඒත් අර දාපු සීමා මායීමේ වල වැදිලා ඒ දැනීම ආපහු කැරකිලා මුලටම ගියා...

ඒත් ලෙවින් නොදන්නවා උනාට...ඒ දාපු සීමාව ලෙවින් හදලා තිබුණෙ විදුරුවලින්...ගණකම් උණත්...ලොකු උත්සාහයක් හමුවේ බිඳින්න පුළුවන් විනිවිද පේන විදුරුවකින්..ඉතිං කෙනුල ඒ විදුරුව විනිවිධ දැක්කා... ඒ විදුරුවෙන් එහා දුරවලකම් පේද්දි  පහර දෙන්න ඕනා නොවුණත්, කෙනුලගෙ හිතට සමහරවෙලාවට පාඩුවේ අත කට තියන් ඉන්න බැරි උණා...ඉතිං පිට පිට කෙනුලගෙන් වැදුණ පාරවල් එක්ක ඒ විදුරුව බොහොම ඉක්මනින් ඉරි තැලුවා...ලෙවින් මුලින් මුලින් ඒ ඉරි තැලීම් හංගා ගත්තා උණත්, කෙනුලව දාලා යන්න ඕනා කියන තැනට එද්දී ඒ ඉරි තැලීම්,සීමා බිඳ වැටීමක් දක්වා යන බව තේරෙද්දි කෙනුලට පිටු පාලා තමන්ට වැදුණ පාරවල් කෙනුලටම හරවලා යවන තැනට ලෙවින් පත් උණේ නිරයාසයෙන්...මොකද එයාට තිබුණා හේතුවක්....

දන්න තේරුම් කාලෙ ඉඳන් එයාටම උණ පොරොන්දුවක්...එයා දැකපු හීනයක්...කෙනුල මුණ ගැහෙන්න  කලින් එයා දැකපු ලොකුම හිනේ... එකම හිනේ...තමන් වෙනුවෙන් නෙමෙ තමන්ගෙ කියලා දැනුණ අය වෙනුවෙන් දැකපු හිනයක්...ආදරේ විස්වාස නෑ කියන හිතින් අසම්පූර්ණ ආදරය කතාවක් වෙනුවෙන්ම දැකපු හීනයක්...හරියට දැන් ඒ හීන අතරට එකතු උණ...තමන් ඒ ගැන ඒ තරම් හිතන්නෙ ඇයි කියන එකවත් නොදැන ,කෙනුල ඉහළම තැනක ඉන්නවා දකින්න ඕනා කියන හිනෙ වගේම..තමන්ව අමතක කරලා..අනුන් වෙනුවෙන් දැකපු හීනයක්...

පවුද්ගලික නිදහස අගයපු ලෙවින්ටම
කිරුල කනබොන දේ ඉඳන් හැමදෙම ලෙවින්ට දැනගන්න ඕනා උණා..හදවත අගුලු දාන්න උත්සාහ කරත්..භෞතිකව ඒ දෙන්නා අතර හැමදේම බෙදාගන්න ඕනා උණා..එයාගෙ අම්මා අත්තම්මා පවා කෙනුලට ලං කරන්න එයාට ඕනා උණා..කෙනුළගේ ගෙදර අයට ලං වෙන්න..එතන ඒ පුංචි පැළේ දේවල් වලට මැදිහත් වෙන්න ඕනා උණා..ඒත් ඒ ඔක්කොම එහෙම උණත්...අර බලවේගේම ආපහු පවුද්ගලිකත්වේ කියනදේ ඉස්සරහාට දාන ගමන්..කෙනුළගේ හැඟීම් වලට අවධානේ දෙන එකෙන් ලෙවින්ව වැලක්කුවා...කෙනුල උණත් හැමදේම දෙපාරක් නොහිතා ලෙවින් එක්ක බෙදා ගත්තාට, ලෙවින් එන්නත් කලින් ඒ හිතේ තිබුණ හැඟීම් ගැන විවුර්ත උනාට...
එතනින් එහා කොටස...ලෙවින් ආවට පස්සෙ කොටස ගැන කෙනුල කිව්වේ නෑ වගේම...ලෙවින්ට ඒ ගැන අහන්න ඕනා උණෙත් නෑ...ඇති නැති පරතරේවත්...රටවල් දෙකක කියන එකවත් නෙමෙ...දැනටමත් ලෙවින්ගේ ජීවිතේට එන්න තිරණේ උන්න ලියාවත් නෙමෙ, ඒ කසාදේ කරගන්න ලෙවින්ට තිබුණ බරපතල උවමනාව ඒ දෙන්නාව ඒ දෙන්නාගෙන් දෙපැත්තට ඇද්දා...

අන්තිමේ එයාලාගේ ජීවිත ආදරේ මල් පල බර දරන්න තිබුණ කාලයක් නොදැනිම ඔහේ ගෙවිලා තිබුණෙ වේදනාවක් පසු තැවීමක් ඉතිරි කරලා...

"ඔයා ගියාම ආපහු එන්නෙ නැද්ද සර්.."

සෑහෙන්න නිහඬ බවකට පස්සෙ කෙනුළාගෙන් ප්‍රස්නයක් එද්දී කෙනුල එළියට දැම්මේ ඔක්කොටමත් වඩා එයාට හිතට වද දීපු ප්‍රස්නෙ වෙද්දි ඒ ප්‍රස්නෙ ලෙවින්ව කලබල කරපු නිසාදෝ hand valve එක ටිකක් වැඩි වෙලාවක් ඇදගෙන ඉද්දී ටිකක් වැඩි වෙලාවක් ගෑස් එක බැලුන් එකට වැදුණා..

"හ්ම් ස.ම.හරවිට"

"ඒ..ඒත් ඇ..."

"සමහර දේවල් තියෙනවා...මට අමතක කරන්න ඕනා...එහෙම දේවල් උණේ නැති ගාණට අමතක කරන්න ඕනා..අමතක කරලා..කලින් ප්ලැන් කරන් උන්න විදිහට හැමදේම ආපහු පටන් ගන්න ඕනා..මෙහෙ..මෙහෙ ආපහු ආවොත් අමතක් කරන්න බැරි වෙයි..මං හිතන් උන්න දේවල් අවුල් වෙයි..ඒ නිසා...එන්නෙ නැතිවෙයි සමහරවිට.."

"ඒත් ඇ..යි..ඇයි කැන..සොරි සොරි සර්..නිකං..නිකං ඇහුවේ මං.."

"අද..අදටවත් බෑ නේද...ඔය ගැන මතක් නොකර ඉන්න..."

ලෙවින්ගේ වචන නිසා හිත රිදුණත් ඒ වචන අස්සෙ කෙනුල රිදී රේඛාවක් දැක්කා...ඒ තරම් අමතක කරන්න ඕනා කියන්නේ එයාගෙ පපුවට වද දෙන දෙයක් මෙහෙ තියෙනවා..එයා නෑවිත් හිටියටම අමතක කරන්න පුළුවන් වෙයිද...බැරි උනොත් ආයි එයිද...කෙනුල ඒ ගැන හිතන එක පස්සට කල් තිව්වා..මොකද කෙනුලට තිබුණා ඊට වඩා ප්‍රස්නයක්..එයාට ඕනා උණා ලෙවින් හිටි ගමන් කැනඩා යන්න හිතුවෙ ඇයි කියලා දැන ගන්න..ඒ ප්‍රස්නෙ අහන ගමන් කෙනුල ඔළුව හොඳට හරවලා ලෙවින් දිහා බැලුවා...වචන වලට බොරු කියන්න පුලුවන්නේ...ඉතිං කෙනුලට ඕනා උණේ ඒ නිල් පාට ඇස් අල්ල ගන්න...ඒත් ඒ නිල් ඇස් වල තිබුණ, එදා කෑම මේසෙ ළඟදීත් දැක්ක කලකිරිමක් වේදනාවක් මිශ්‍ර උණ හැඟීම ඉස්සරහා කෙනුල ගැස්සිලා ගියා..එයාලා අද මෙහෙම හිත් රිද්දන් අපහසුවෙන් ඉන්නෙ හේතුවම කෙනුල ආපහු මතු කරලා තියෙද්දි ලෙවින්ට ඕනා නම් තිබුණා...එදා වගේ කෑ ගහලා ආවේගේ පිටකරලා...හිත අස්සෙ හංගන් ඉන්න වේදනාව කේන්තියක් පුරවපු පිහි තුඩු වගේ වචන විදිහට එළියට දාලා මෙතන තත්වේ සම්පූර්ණෙන් කණපිට ගහන්න...

ඒත්..මේ..එකම අවස්ථාව වෙන්න පුළුවන්...මාස 6ක...නමක් නොදන්න බැදීමට හොඳ අවසානයක් දෙන්න ලැබුණු... ඉතිං ලෙවින් ඒ දෙන්නා වෙනුවෙන්ම ඉවසුවා...හොඳ හුස්මක් පහළ දාලා කෙනුල පටන් ගන්න හදන්නෙ මෙතනට නොගැලපෙන කතාවක් කියන එක විතරක් මතක් කරන ගමන් උන්න තැනින් අඩියක් කෙනුල ළඟට කිට්ටු උණා...

"කි..රු..ලු..බ..බා.."

කෙනුල අහන්න ගිය දේ ගැන පසු තැවීමෙන් ඔළුව බිමට නමන් ඇස් තද කරලා පියන් තමන්වම සන්සුන් කරගන්න උත්සාහ කරද්දි එයාට පිටිපස්සෙන් උන්න ලෙවින්ව ළඟටම දැනෙද්දී එයා එකපාර ඇස් ඇරියා වගේම බර උණ කටහඬකින් එයාගෙ නම මිමිණෙද්දී කෙනුළගේ ඉන වටේ යන්න ආපු ඒ ලොකු අතක් ආපු පිම්මේම ආපස්සට යන්න හැදුවත් කෙනුල දෙපාරක් නොහිතා ඒ අත ඇදගෙන එයාගෙ ඉණ වටේ යවන් අහකට ගන්න එපා කියන්න වගේ එයාගෙ අතකුත් ඒ වටේ ඔතා ගද්දි ලෙවින්ට සුසුමක් පිට උණත්..ඒ සුසුම අස්සෙ තිබුණෙ  සැනසිමක්....

"හැ..ම..දේ..ම හැමදේම අමතක කරලා...පහුගිය සතිය..ඒ දේවල් ඔක්කොම අමතක කරලා...මට මේ අවස්ථාව විතරක් දෙන්න බබා..."

......

ලෙවින් කිරුළුට තව ටිකක් ලං උණා... Burner එකට විටින් විට අත පොවන්න පුලුවන් මානේ ඉඳගෙන එයා කෙනුලව තව ටිකක් ළඟට ඇද ගද්දි කෙනුල කැමැත්තෙන්ම ඒ අත අස්සෙ හිරවෙලා ඒ පපුවට පිට දිලා ඔළුවත් පපුවටම බර කර ගද්දී ලෙවින්ගේ නිකට කෙනුළගේ ඔලුවට බර උනා..මේ දැනෙන උණුහුම,සමහරවිට එයා සීමාවන් නොදාන්න..පහුගිය මාස 6 පුරා විඳගන්න තිබුණ උණුසුම නොහිතපු වෙලාවක ලැබෙද්දී,ඒ උණුහුම අදින් පස්සෙ සමහරවිට සදහටම නොලැබී යන්න පුළුවන් කියලා හිතෙද්දි  සංවේදී උණ කිරුළ පිටවෙන්න එන ඉකිය අමාරුවෙන් හිර කරගෙන ලෙවින් කියන දේට එකඟ වෙන්න  ඒ උණුහුමේ ඉඳන් එක දිගට ඔළුව හෙල්ලුවා...

"මෙච්චර කල් හොදින් ඉඳලා... අන්තිම මොහොතේ හැමදේම අවුල් කරාට සමා වෙලා...මට එකම එක අවස්ථාවක් දෙන්න කිරුළු..."

......

අවස්ථාවක්...ඒ වචනෙ ඇහෙද්දිම කිරුළගේ ඔළුව වැනිල්ල එකපාර නතර උණා..අවස්ථාවක් මොකටද...සමහරවිට..එයාලාට හැමදේම මුල ඉඳන් පටන් ගන්න අවස්ථාවක්ද හිතෙද්දි කෙනුල කඳුලු අස්සෙ හිනා වෙවී කලින්ටත් වඩා හයියෙන් ඔළුව හෙලෙව්වා..

"අපි දෙන්නා වෙනුවෙන්ම...ඒ එකට උන්න කාලෙට වටිනාකමක් දෙන්න...අපි වෙනුවෙන් හොඳ සමුගැනිමකට මේ අවස්ථාව විතරක්ම මට දෙන්න...මගේ කිරුළු..."

කෙනුළගේ ඔළුව හෙල්ලිල්ල සම්පූර්ණයෙන් නතර උණා...තප්පරෙන් ඇති උණ බලාපොරොත්තු අනික් තප්පරේ බිදිලා ගියා...අවස්ථාව...ලෙවින් ඉල්ලපු අවස්ථාව..අල්ලගන්නවත් බැරි උණ අත් අල්ලාගන්න නෙමෙ..අල්ලා ගන්න තවත් අවස්ථාවක් ඉතිරි නොකර සමුගන්න අවස්ථාවක්...බව තේරෙද්දි...තව දුරටත් පාලනයක් නැති කඳුළු වැලක් ලෙවින්ගේ අත තෙමාගෙන කෙනුළගේ ඇස් වලින් පහලට වැටුණා...

"අඬන්න එපා ම්ම්...මං ඔයා එක්ක හැමදාම උන්නා වගේ නෙමෙනේ...අතාරින්න අමාරු විදිහෙ දේවල් අපි අතරෙ තිබුණත් නෙමෙ...ඉතිං...ඔයා ඉක්මනින් පුරුදු වෙයි පරණ ජීවිතේට..."

......

ඔයාට නොතිබුණාට එහෙම හේතු මට තියෙනවනේ සර් කියලා කෙනුලට කෑ ගහන්න ඕනා උණා...මේ තරම් කල් නොහිටියාට...පේන මානේ නොහිටියාට...මේ වගේ ළඟින් ඉන්න නැති උනාට...හිත අස්සෙ මුල් බැහැලා පදිංචි උණ එයාගෙ සර්ව ඒ හදවතින් යවන්න කවදාවත් බැරි වෙයි කියලා කිරුළුට කියන්න ඕනා උණා..ඔය කියන තරම් දේවල් ඉක්මනින් අමතක කරන්න බැඳීමක් නැති තැනකදී පුළුවන් උණත්...තනි හිතින් උනත් ආදරෙන් බැඳුණ බැදීමක් හිතේ තියන් එහෙම කරන්න ලේසියෙන් තියා අමාරුවෙන්වත් බෑ කියලා කිරුළට කෑ ගහලා කියන්න ඕනා උණා...

"මට උණත්..ලස්සන මතකයක් විදිහට විතරක් මේ දේවල් මතක තියෙයි...ඉස්සරහට.."

......

"මට ඕ..ඔයාව අමතක්..මං කියන්නේ..මං ඔයාව අමතක කරන්නේ නෑ.."

සමහරවිට ලෙවින්ට කියන්න ඕනා උණේ වෙන දෙයක් වෙන්න ඇති...මට ඔයාව අමතක කරන්න බැරිවෙයි වගේ දෙයක් කියන්න ඕනා වෙන්න ඇති...ඒත් ලෙවින් වචන වෙනස් කරා...ඒත් කෙනුලට ඕනා උත්තරේ තිබුණෙ ඒ හංගපු වචන අස්සෙ වෙද්දි අමතක කරන්නේ නෑ...කියන්නේ...මතක තියාගන්නම් කියන එකත් නෙමෙ නේ...හිත හිත කෙනුළගේ හිත අඩා වැටුණා...

මතුසම්බන්ධයි...
👩‍💻 dil

2024/01/27

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

ළමයි....පොඩ්ඩක් දුකයි ඉතිම්.....බෝනස් එකක් දෙන්නම්....🤧

ඊට පස්සෙ තව කොටසකින් හෝ දෙකකින්...ආයි දුකට විරාමයක්...🤗🤗

ඊයේ comment ගැන සතුටුයි..ප්‍රමාණයෙන් ගොඩක් පොඩ්ඩයි...ඒත් ඒ පොඩ්ඩ...ගොඩක් දැනුණා මට..🥺🥺 vote ත් හොඳයි වෙනදට වඩා....ඉතිං ගොඩක් ගොඩක් ස්තුතියි ඔයාලට....❤️❤️❤️❤️❤️❤️❤️

ඉතිං කතාව ගැන කියන්න මොනාහරි...

ලෙවින් ගැනත් කියන්න ඕනා නිසා author pov ගෙනාවේ...ඉතිං මොනාද ඔයාලා හොයා ගත්තෙ.....

හොඳ සමුගැනීමක් තියේවිද...එක අතකට සමු ගැනීමක් කොහේද හොඳ නේ..

සිංදුව අනිවා අහන්න...lyrics බලන්න...අද මං නම් දාලා වෙන්කරා...

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

වේදනා මාවතේ අපි හමුවන්නේ පෑරෙනා ආදරේ හිත රිදවන්නේ
සෑහෙනා ජීවිතේ ගැන විමසන්නේ
පෑ සිනා හදවතේ දුක අවුලන්නේ...

ඔබ තමා ආදරේ
මගෙ හිතේ හැමදිනේ
මම සදා ආදරේ
කරමි සඳේ...//

                ~~~ කිරුළ ~~~

හිමිකම් නෑ මට හිමී නෑ
හැකි වෙන් නෑ
හමුවෙනූ බෑ
නුඹ දන්නෑ
මගේ වෙනූ බෑ...//

ප්‍රියාදරී දැසින් කඳුලැල් වෑහෙනා
එදා වගෙමයි මේ හිත නුඹ සාදනා
අදින් පසු දවසක් එන්නේ නැති නිසා ඉතිද අවසර ගෙන නලලත සිඹිමි මා

සිත සිරකර ගමී
අද මා නවතිමී
අපෙ මතකය
පමණක් ගෙන යමී...

හිමිකම් නෑ මට හිමී නෑ....//

                   ~~~ ලෙවින් ~~~

Pokračovať v čítaní

You'll Also Like

39.4K 625 12
y/n goes to a new school ,she lives with her best friend Sabrina. she's not like others girls so she's not really into popular guys ,but once oikawa...
244K 6K 52
⎯⎯⎯⎯⎯⎯⎯ જ⁀➴ 𝐅𝐄𝐄𝐋𝐒 𝐋𝐈𝐊𝐄 .ᐟ ❛ & i need you sometimes, we'll be alright. ❜ IN WHICH; kate martin's crush on the basketball photographer is...
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
56.7K 9.9K 66
පාලුව විඳිනා මගේ ජීවිතේ.... පාරා යනවා ඔබේ ආදරේ....❤ කොහෙහරි තැනකදී වැරදුනා මාහට.... අදටත් මා සිතින් සොයනවා ඒ තැන....💚 Begin: 2021 December 18 End:...