සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• විසිඑක් වන දිගහැරුම •

674 142 117
By ___Sky-Heart___

" හස්නා මෙහෙට වරෙන් !! මම ආවොත් තමුසෙගෙ කන පලනවා "

යුගාන් තමන්ගේ කාමරේ ඉදන් හස්නට කෑ ගහන්න ගද්දි උදේම මේ යකා තමන්ට කෑ ගහන්නේ මොකද කියලා හිත හිතා හස්නා යුගාන්ගේ කාමරේට එබුනා . හස්නා යුගාන්ගේ කාමරේට යන කොටත් යුගාන් තමන්ගේ ඉනට අත් දෙකත් තියන් හස්නා දිහා බලා ගෙන හිටියා . හස්නා ඔලුවත් කස කසම යුගාන් ගාවට ගිහින් යුගාන්ගේ ඉස්සරහින් හිට ගත්තා .

" මොකද බං අයියේ උබ කෑ ගහන්නේ "

" උබට කිව්වා නේද මං මේ පූස් නකුටව ගෙනාපු තැනටම ගිහින් දාන්න කියලා !! අර බලපන් ඌ මගේ ඇදේ චූ දාලා බං "

යුගාන් තමන්ගේ ඇදේ චූ දාලා ඉන්න හස්නගේ පූස් පැටියා දිහා බලන් තරහින් පුපුර පුපුර කියද්දි හස්නා යුගාන්ගේ ඇදේ හිටපු තමන්ගේ පූස් පැටියව අරන් තුරුල් කර ගත්තා . යුගාන් තීනු එක්ක සෙට් වෙලා එදා හස්නවත් දාලම ගෙදර ආපු නිසා හස්නට ගෙදර එන්න උනේ එදා තනියෙන් කොහොම හරි කෙල්ල බස් එකෙන් බැහැලා ටික දුරක් එද්දි දැක්කේ පාර අයිනේ හිටපු චූටි පූස් පැටියෙක්ව .

බැලූ බැල්මට පූස් පැටියට අයිතිකාරයෙක් හිටියේ නැති නිසා හස්නා ඒ පූස් පැටියවත් උස්සන් ගෙදර ආවා . යුගාන් නම් පූස් පැටියව දැක්ක වෙලාවෙම හස්නට ඕකව ගෙනාපු තැනටම ගිහින් දාන්න කියලා කිව්වත් පූස් පැටියගේ මූණ දිහා බලන් ඒ වැඩේ කරන්න හස්නට බැරි උනා . ඒක නිසා යුගාන් තමන්ට බැන්නත් කමක් නැහැ කියලා හස්නා ඒ පූස් පැටියව තියා ගන්න උත්සාහ කලා .

ඒත් කොහෙද හස්නා පූස් පැටියව තමන්ගේ කාමරේ තියා ගන්න හැදුවත් ඒකා රිංගුවෙම යුගාන්ගේ කාමරේ අස්සට දෙතුන් පාරක්ම යුගාන් පූස් පැටියගේ පුකට දෙකක් දීලා කාමරෙන් එලියට දැම්මට පස්සේ ඌ ආයේ යුගාන්ගේ කාමරේට ගියේ නැහැ . රෑ නිදා ගන්න වෙලාවෙත් හස්නගේ ඇදේම ඉදලා උදේම පූස් පැටියා යුගාන්ගේ කාමරේට රිංගලා යුගාන්ගේ ඇදේම චූ කලා . ඒ නිසා යුගාන් හිටියේ අම්බානකට තද වෙලා .

" අනේ අයියේ බන්ටුට බනින්න එපා එයා දන්නේ නෑනේ "

" බන්ටු ?? ඒ මොකාද ?? "

" බන්ටු කියන්නේ මේ පූස් පැටියට අනේ !! "

හස්නා පූස් පැටියව ටිකක් තදින් බදා ගෙන ඌට උම්මා එකකුත් දෙන ගමන් කියද්දි යුගාන් මේ දිහා තමන්ගේ කටත් ඉරක් කර ගන්න ගමන් බලන් හිටියා . ඇත්තටම යුගාන්ට නම් පූසොන්ව පේන්න බැහැ පූසෙක් දකින්නේ කොතනද යුගාන් කරන්නේ ඒ පූසට ගුවන් ගත වෙන්න පාරක් දෙන එක . ඒත් හස්නා නම් ඊට හාත්පසින්ම වෙනස් !! පූසෙක් දකින්නේ කොතනම ඒ පූසව බෑග් එකේ ඔබා ගෙන ගෙදර එන්න පුලුවන් නම් හස්නා ඒකත් කරාවී . ඒ තරමටම හස්නා පූසොන්ට ආදරෙයි ..

" උබ මූට උප්පැන්නෙකුත් හැදුවද ?? "

" අනේ මේ බන්ටු කියන්නේ මගේ චූටි පුතා මං බන්ටුගේ අම්මා එතකොට අයියේ උබ බන්ටුගේ මාමා !! මගේ චූටි පුතාට මුකුත් කියන්න එපා "

හස්නා බන්ටුව තුරුල් කර ගන්න ගමන් කියද්දි යුගාන් තමන්ගේ අත් ඔලුවෙ තියා ගත්තා . මෙහෙම ගියොත් වටේම ඉන්න පූස් නාම්බෝ ටික හස්නා ගෙදරට උස්සන් ඇවිත් උන්ට එක එක නම් දාලා මේකි උන්ගෙ අම්මා වෙලා අහිංසක තමන්වත් ඒ පූසොන්ගේ මාමා කරයි කියලා යුගාන්ට නිකමට වගේ හිතුනා . හැබැයි දැන් බන්ටුව ගෙදරින් එලියට දැම්මොත් හස්නත් බන්ටු එක්කම පාරට බහින සයිස් එකේ ඉද්දි තමන්ට මේ පූසගෙන් ගැලවීමක් නැති වග යුගාන්ට තේරුම් ගියා .

" මට මුගේ නෑකම් වලින් වැඩක් නැහැ මූව මම නැට්ටෙන් අල්ලලා කරකවලා ජනේලෙන් එලියට දාන්න කලින් උබ මූව කොහෙ හරි ගිහින් දාපන් "

" අනේ අයියේ !! .. සහෝදර සෙනෙහසක් නැද්ද උබට ගොබිලයෝ .. මගේ දරු පැටියව මගෙන් වෙන් කරන්න එපා පීස් !! අම්මෙක් විදිහට මං මේවා දරා ගන්නේ කොහොමද අනේ අයියේ .. !! බන්ටු මගෙ ජීවිතේ අයියේ මගේ චූටි පුතා නැති ලෝකයක් ගැන මට හිතන්න වත් බැහැ අයියේ !! මටයි බන්ටුටයි ඉන්න දෙන්න පීස් !! "

හස්නා බන්ටුව බදා ගෙන කිඹුල් කදුලු හලන්න ගද්දි යුගාන් මේ මල සමයම දිහා කටත් ඇද කරන් බලන් හිටියා . හස්නා නටන නාඩගමට පූස් රත්නයව ගෙදරින් එලියට දාන්න බැරි සීන් එකක් තියෙන්නේ කියලා යුගාන් තේරුනා . ඒත් ඉතිම් මොනා උනත් නංගිගේ ආසාවට හරහට ඉන්න තරම් හිතක් නොතිබුනු නිසා යුගාන් අකමැත්තෙන් හරි හිත හදා ගත්තා බන්ටුව ගෙදර නතර කර ගන්න .

" නහයෙන් අඩන්නේ නැතුව ඉන්නවා බොරුවට !! ඔය වම්බටුව හදා ගනිම් හැබැයි මූ මගේ කාමරේට එන්න බැහැ එහෙම ආවොත් මූව නැට්ටෙන් අල්ලලා මම පුකට ගහන්නේ "

" හරි හරි !! ආදරෙයි හරිත ඒත් එයාගේ නම බන්ටු නැතුව වම්බටු නෙමෙයි හරිද !! "

හස්නා බන්ටුව උඩ දාලා අල්ලලා බන්ටුට උම්මා ගොඩාරියක් දෙද්දි යුගාන් ඒ දිහා අප්‍රසන්න සහගත බැල්මක් හෙලුවා .

" වෙන කොහෙට හරි ගිහින් මූත් එක්ක ලව් කරපන්කෝ පූසෝ දකින කොට මට තද වෙනවා "

හස්නව කාමරෙන් එලියට තල්ලු කරන ගමන් යුගාන් කියද්දි හස්නා යුගන්ටත් රවලා බන්ටුවත් අරන් තමන්ගේ කාමරෙට යන්න ගියා . යුගාන් තමන්ගේ ඔලුවත් කසන ගමන්ම ඇද ගාවට බෙඩ් ශීට් එක අරන් හෝදන්න දැම්මා . බන්ටු තාම චූටි නිසා ලොකුවට ඇද තෙමලා තිබුනෙ නම් නැහැ . මෙට්‍රස් එකේ මුකුත්ම නැති නිසා අලුත් බෙඩ් ශීට් එකක් දාලා යුගාන් වොශ් එකක් දාගන්න ගියා .

විනාඩී කීපයක් ගත වෙලා යද්දි ටවල් කෑල්ලකුත් යටි කයේ එල්ලන් යුගාන් කාමරේට ඇවිත් අතින් තමන්ගේ කොණ්ඩෙ ගසන්න ගත්තා . එහෙන්මම අල්මාරිය ගාවට ගියපු යුගාන් කලු පාට අත් දිග ශර්ට් එකට පැච් ඩෙනිමක් අදින්න අර ගත්තා . කොල්ලා මේ හැන්ඩියට ඇදලා උදේම යන්න හදන්නේ තීනුව හම්බ වෙන්න . ආයේ ඉතිම් යුගාන් ඉන්නේ හෙනම හැපී එකේ .

ඉක්මනින් ඇදුමත් ඇද ගත්තු යුගාන් සුදු පාට ශූ එකකුත් දාලා කවදාවත් නැතුව හස්නගෙන් උස්සපු ෆෙයා ඇන්ඩ් ලව්ලි ක්‍රීම් එකෙනුත් ටිකක් ගාගත්තේ තමන්ව ටිකක් සුදුවට පේන්න . ඩෙසින් ටේබල් එක උඩ තිබුනු තමන්ගේ පර්ෆියුම් එකත් මුලු ඇගේම හලා ගත්තු යුගාන් සුපුරුදු විදිහට තමන්ගේ අතින්ම කොණ්ඩෙත් හදා ගන්න ගමන් කාර් එකේ කී එකත් අරන් පහලට ගියා .

යුගාන් යන එන තැන් ගෙදර අය අහන්නේ කරන්නේ නැති නිසා යුගාන් ගැම්මෙන් කාර් එකට නැගලා කාර් එක පාරට දා ගත්තා . ඩ්‍රයිව් කරන අතරෙම යුගාන් තීනුට කෝල් එකක් අරන් තමන් ගෙදරින් පිටත් උනා කියලා දැනුම් දෙද්දි තීනුත් ඉක්මනට ලෑස්ති වෙලා එලියට ආවේ යුගාන්ලගෙ ගෙදර ඉදන් තමන්ගේ ගෙවල් දිහාවට එන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ කියලා තීනු දන්න නිසා .

ඩ්‍රයිව් කරන ගමන් යුගාන් එවන වොයිස් මැසේජ් අහ අහ තීනු හිනා වෙවී ඉද්දි යුගාන්ගේ බුගාටි කාර් එක තීනු ගාවින් දුම දාන ගමන් නතර උනා . යුගාන් කාර් එකෙන් බැහැලා සන්ග්ලාස් දෙකත් දාගෙන ඇමරිකන් ඇක්ටර් කෙනෙක් වගේ හෙන ගැම්මෙන් එද්දි තීනු යුගාන් දිහා කටත් ඇරන් බලා ගෙන හිටියා .

යුගාන් කෙලින්ම තීනු ගාවට ඇවිත් තීනුගෙ අතින් අල්ලලා තීනුගේ අත්ල මතින් හාදුවක් තවරද්දි නොහිතපු විදිහට යුගාන්ට තීනු ගෙන් හොද කනේ පාරක් හම්බ උනා . තීනු කැමති නැහැ මහ පාරේ මේ වගේ යුගාන් හැසිරෙනවට මොකද හැම මනුස්සයගෙම ආකල්ප එක වගේ නැති නිසා තීනු අකමැති උනා අපහසුතාවය කියන දෙයට ලක් වෙන්න .

" ඇයි තීනු බබා මට ගැහුවෙ ?? "

යුගාන් තමන්ගේ සන්ග්ලාස් එක ගලවලා අතට අරන් ශර්ට් එකේ සාක්කුවෙන් දා ගත්තා .

" මහ පාරේ රෝමියෝ වෙන්න හදන්න එපා උබ !! "

" මොකක්ද බබා ටිකක් රොමෑන්ටික් වෙනවකෝ "

" සොරි මට ලාදුරු !! "

තීනු ලව් කරලත් නැහැ ලව් දිරවන්නෙත් නැහැ !! එහෙම එකේ යුගාන් ප්‍රේනවන්තයා වෙන්න හදද්දි තීනුට ඒවා ඇලජික් උනා . ඒත් දැන් ඉතිම් දෙන්නා හාහා පුරා කියලා කපල් එකක් උනු නිසා ටිකක් ආදරේ හිටියා කියලා මුකුත් වෙන්නෙත් නැහැ . හැබැයි තීනුයි යුගානුයි මරා ගන්නේ නැතුව ආදරෙන් ඉන්නවා නම් ඒක අනිවාර්යයෙන්ම අටපට්ටමට දාන්න ඕනේ දෙයක් .

" ඉක්මනින් තමුසෙගෙ ඔය ලෙඩ මං හොද කරලා ගන්නම්කෝ !! දැන් ඉතිම් කාර් එකට නගින්න බබා අපිට පරක්කු වෙනවා "

යුගාන් කාර් එකේ ඩෝර් එක තීනුට ඇරලා දෙද්දි තීනු කාර් එකට නැග ගත්තා . යුගානුත් ඒ සැනින් ඩ්‍රයිවින් සීට් එකෙන් වාඩි වෙද්දි තීනු තමන්ගේ සීට් බෙල්ට් එකත් දා ගන්න ගමන් යුගාන් දිහා බැලුවා . ඒ වෙනකොටත් යුගාන් බ්ලූටූත් කනෙක්ට් කරලා සින්දුවක් ප්ලේ වෙන්න දාලා කාර් එක ඩ්‍රයිව් කරන්න ගත්තා . තමන්ගේ එක අතකින් ස්ටෙයාරින් වීල් එකත් අල්ලන් යුගාන් අනිත් අතින් තීනු ගේ අත අල්ල ගත්තා .

" දැන් කොහෙද මේ යන්නේ අපි "

" සිටි මෝල් එකකට අපිට ගොඩක් එන්ජෝයි කරන්න පුලුවන් .. අද ෆුඩ් ෆෙස්ටිවල් එකකුත් තියෙනවා අපිට හොදට කන්නත් පුලුවන් "

යුගාන් කට පුරාම ලස්සන හිනාවකින් පුරව ගන්න ගමන් කිව්වේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියා ගෙන . තීනු නම් මුකුත් නොකියා හිටියේ අපායට යුගාන් තමන්ව එක්කන් ගියත් කන්න දෙනවා නම් එච්චරයි කියලා . යුගාන්ට ගොඩක් ඕනේ උනේ තීනුට ලං වෙලා තීනු එක්ක ටිකක් ආදරෙන් ඉන්න හැබැයි ආදරේ කියන සබ්ජෙක්ට් එකේ තීනු නැති නිසා යුගාන්ට වැඩේ ටිකක් අමාරු උනා .

සිටි මෝල් එකට එන කල්ම තීනු එක එක දේවල් යුගාන් එක්ක කියව කියව ආවා . කියෙව්වා කියනවට වඩා හොදයි දෙන්නා රණ්ඩු කර කරම ආවා කිව්වා නම් මොකද තීනුයි යුගානුයි කියන්නේ කවදාවත් හොදින් කතා බහ කරලා හිටපු දෙන්නෙක් නෙමෙයිනේ ඉතිම් කොල්ලෝ දෙන්නා සෙට් උනා කියලත් අමුතුවෙන් වෙනසක් උනේ නැහැ . රණ්ඩු වෙවීම කොහොම හරි යුගාන්ගේ කාර් එක සිටි මෝල් එකේ පාකින් එකෙන් නතර උනා .

" ඔය ඇති බබා පස්සෙ රණ්ඩු වෙමු දැන් එනවකෝ යන්න "

යුගාන් කාර් එකෙන් බැහැලා තීනුට බහින්න කාර් එකේ ඩෝර් එක ඇරලා දුන්නත් තීනු සීට් එකේ වාඩි වෙලා තාමත් යුගාන්ට හේතුවක් නැතුව බනින්න ගත්තා . තීනු කාර් එකෙන් එලියට බහින්නේ නැති නිසා තීනුගේ සීට් බෙල්ට් එක ගලවපු යුගාන් තීනුගේ අතින් අල්ලලා තීනුව කාර් එකෙන් එලියට ඇදලා දාපු පාර තව ඩිංගෙන් තීනුගේ හොම්බ ගිහින් එතනම නතර කරලා තිබුනු අනිත් කාර් එකේ වදිනවා .

ඒත් තීනු වැඩ දන්න නිසා බේරුනත් යුගාන් කරපු වැඩේට තීනු යුගාන්ට අම්බානක රවන්න ගත්තා . කොහොමත් තීනුට රවනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බැරි නිසා තීනුගේ අතින් ඇදලා ගත්තු යුගාන් තීනුව තමන්ගේ ලගට ලං කර ගත්තා . වටේ පිටේ අය දකී කියලා තීනු යුගාන්ව ඈත් කරන්න හැදුවත් යුගාන් නම් වටේ ඉන්න අයව කිසිම ගානෙකට නොගෙන තීනුගෙ අතිනුත් අල්ල ගෙනම සිටි මෝල් එක ඇතුලට ගියා .

" මේකේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා ආයේ ඒකේ මෙනු එක නම් පිස්සුවක් ජීවිතෙට අහල නැති කෑමත් තියෙනවා අපි මුලින්ම එතනට යමු "

" මට කන්න දෙනවා නම් මට බොන්න දෙනවා නම් තව මොන කෙංගෙඩියද ඕනේ කියන්නේ .. ඉක්මනට යමු මට දැන් බඩත් ගිනියි වගේ "

තීනු යුගාන්ගේ අතේ එල්ලිලා කියවද්දි යුගාන්ගේ තීනුගේ නලලට තට්ටුවක් දාන ගමන් හිනා උනා . යුගානුයි තීනුයි උස මහතට ඉන්න කොල්ලො දෙන්නෙක් වෙලත් තීනු යුගාන්ගේ අතේ එල්ලිලා යන විදිහ දැකලා සමහර අය කොල්ලෝ දෙන්නා දිහා අමුතු විදිහට බැලුවත් සිටි මෝල් එකට ඇවිත් හිටපු තවත් කෙල්ලෝ කීප දෙනෙක් තීනුයි යුගානුයි දිහා ඇහේ පොට යනකල්ම බලන් හිටියේ උන්ගේ යටි හිත් වලින් හිතන දේ හරිදෝ කියලා හිතන ගමන් .

" ඕයි යුගාන් මොකද අර කෙල්ලෝ අපි දිහා කන්න වගේ බලන්නේ ?? ශේප් එකේ බලනවා මගෙ කලිසමේ ශිපර් එක වත් ඇරිලද කියලා .. "

තීනු හිමින් සැරේ යුගාන්ගේ කනට කොදුරද්දි යුගාන් ශේප් එකේ බලනවා වෙනුවට එක පාරටම තීනුගේ ටී ශර්ට් එක ටිකක් උඩට උස්සලා කලිසමේ ශිපර් එක දාලද කියලා බලද්දි යුගාන්ට දෙකක් අනින්න බැරි කමට තීනු දත් මිටි කෑවා . යුගාන් කරපු තකතීරු වැඩේට හිටපු කෙල්ලො ටිකත් ඇස් දෙක තද කරන් මාරු වෙද්දි තීනු තමන්ගේ හිත ඇතුලෙන් අමු තිත්ත කුනුහරප කියලා යුගාන්ට බනින්න ගත්තා .

" ශිපර් එක නම් දාලා හැබැයි ජොකා ඇදලා නැහැ මං හිතන්නේ "

" පිස්සුද උබට මම CK ජොකෙක් ඇදලා ඉන්නේ මේවා බ්‍රෑන්ඩෙඩ් ජොක්කු හරිය "

" පෙන්නනවා බලන්න "

" ආහ් ආහ් මේ කසාද බදින කල් ඕවා බැහැ හරිද "

තීනු යුගාන්ට ගස්සලා කියද්දි යුගාන් තමන්ගෙ මූණ උල් කර ගත්තා . දැනට මත් තීනු තමන්ට නීති දාන හැටි දැක්කම යුගාන්ට තමන්ගේ ඉදිරි අනාගතේ කෙතරම් සුන්දරද කියලා හොදටම තේරුම් ගියා . යුගාන්ගේ ඇද වෙලා තියෙන මූණ දැක්කම තීනු යුගාන්ගේ අතින් අල්ල ගෙන යුගාන්ගේ මූණට එබුනා .

" හරි හරි දැන් ඉතිම් මූණ නිකන් සත පනහ කර ගන්න එපා .. ඕනෙම නම් ඉතිම් තමුසෙට මාව ඉඹින්න දෙන්නම් හැබැයි මේ ගොඩක් වනචර විදිහට එපා ආදරෙන් කරන දෙයක් කරන්න "

තීනු යුගාන්ගේ නහයට තට්ටුවක් දාලා කියද්දි යුගාන්ගේ තොල් අතර යාන්තමින් සිනහවක් ඇදුනා . එහෙන්මම තීනුගේ කම්මුලක් මිරිකපු යුගාන් තීනුගේ අතින් අල්ලන් තමන් මෙච්චර වෙලාවක් කියපු රෙස්ටුරන්ට් එකට තීනුව එක්කන් ආවා . යුගාන්ගේ අත අතෑරපු තීනු යුගාන්ටත් කලින් ඇතුලට ගිහින් ටේබල් එකක් අල්ල ගෙන යුගාන්ට අත වනද්දි යුගාන් තමන්ගේ සාක්කුවට අත් දෙකත් ඔබා ගෙන හිනා වෙන ගමන්ම ගිහින් තීනු ගාවින්ම වාඩි උනා .

" ඒ යුගාන් මේ රෙස්ටුරන්ට් එක මරුනේ හෙනම ඊස්තෑස්තික් "

තීනු රෙස්ටුරන්ට් එකේ ලස්සන ගැන යුගාන්ට කියද්දි යුගාන් ටේබල් එක උඩ තිබුනු මෙනූ එක අරන් බලන්න ගත්තා . මෙනූ එකේ තිබුනු හැම එකක්ම වගේ තමන් කාලා තිබුනු නිසා යුගාන් තීනුට මෙනූ එක දුන්නේ තීනු ආස දෙයක් තීනුට ගන්න දීලා පැත්තකට වෙන ගමන් .

" ඔයා කැමති දෙයක් ගන්න තීනු "

" එතකොට ඔයාට "

" ඔයා ගන්න ඕනේ එකක් මං කනවා .. ඒක හන්දා ඔයා කැමති ඒවා සිලෙක්ට් කරන්නකෝ "

තීනුගේ අතෙ තියෙන මෙනූ එකට එබෙන ගමන් යුගාන් කියද්දි තීනු මෙනූ එකේ තියෙන එක එක කෑම ජාති වල නම් දිහා බැලුවා . සමහර ඒවා කියව ගන්න ගියාම තීනුට දිවත් පටලැවෙනවා වගේ සීන් එකක් ආවා . කොහොම හරි මුලු මෙනූ එකම පීරලා තීනු එකක් තෝර ගත්තා . විනාඩි පහලොවක් ගිහිනුත් තීනු සිලෙක්ට් කරලා තිබුනේ බබ්ල් ටීයි ටාකෝසුයි විතරයි . අන්තිමේදී යුගාන් බබ්ල් ටී දෙකකටයි ටාකෝස් ප්ලේට් දෙකකටයි පේ කරලා ඇවිත් ටේබල් එකෙන් වාඩි උනා .

" ඉතිම් තීනු මට ඔයා ගැන දේවල් ටිකක් දැන ගන්න ඕනේ "

යුගාන් බබ්ල් ටී එකට ස්ට්‍රෝ එක ගහලා උගුරක් බොන ගමන් අහද්දි තීනු ටාකෝස් කෑල්ලක් කන ගමන් යුගාන් දිහා බැලුවා .

" මොනවද දැන් දැන ගන්න ඕනේ "

" ඔයා කැමතිම පාට එතකොට කන්න ආස දේවල් තව කැමතිම සතා ඒ වගේ .. "

යුගාන් තමන්ගේ ඔලුවත් කස කස තීනු ගෙන් ඇහුවේ තමන් මීට කලින් ආසාවට වත් ඩේට් එහෙකට ගිහින් තිබුනේ නැති හන්දා සාමාන්‍යයෙන් කපල්ස් ඩේට් එකකට ආවම මොනවද කතා කරන්නේ කියලා තමන්ට ලොකු අවබෝධයක් නොතිබුනු නිසා .

" මං ආස දුඹුරු පාටට එතකොට ආසම කෑමක් කියලා නැහැ ඕන එකක් කනවා එතකොට ආසම සතා ගොළුබෙල්ලා "

තීනු දිගටම ටාකෝස් එක කන ගමන්ම යුගාන්ට උත්තර දුන්නා .

" ගොළුබෙල්ලා ?? ඊයා මොන අප්‍රසන්න සතෙක්ද ඒ ?? උන් හෙන සෙවලයි බ්වැක්කා "

යුගාන් අප්පිරියාවෙන් තමන්ගේ මූණ හකුක ගනිද්දි තීනු තමන්ගේ වම් ඇහැ හීනි කරලා යුගාන් දිහා බැලුවා .

" ගොළුබෙල්ලෝ කියන්නේ මගේ පණ වගේ ඉන්න සතෙක් !! අනික මම සෙවල වලට ආසයි තමුසෙ දන්නවද අපේ ගෙදර මම දිය සෙවල පාත්තියක් දාලා තියෙන්නේ වෙලාවක ආවම මම තමුසෙට පෙන්නන්නම්කෝ "

තීනු කියන මේ අප්‍රසන්න කතාවට යුගාන් ඇහුම්කම් නොදුන්නු තරම් . ගොළුබෙල්ලෝ එතකොට ගෙම්බෝ ඒ වගේ සෙවල සත්තුන්ව දැක්කම යුගාන්ට ඇති වෙන්නේ කියා ගන්න බැරි පිළිකුලක් . එහෙම එකේ තීනු ටාකෝසුත් කකා ඒ වගේ දෙයක් ගැන කියවද්දි යුගාන්ගේ ඇගේ හිරි ගඩුත් පිපුනා .

" දැන් ඉතිම් මගෙනුත් මොනා හරි අහනවා "

යුගාන් බබ්ල් ටී එක කලත්තලා ආයෙම බොන ගමන් අහද්දි තීනු තමන්ගේ ඔලුව උස්සලා යුගාන් දිහා බැලුවා . ඇත්තටම තීනුට ගොඩක් කාලයක් තිස්සේ අහන්න තිබුනු ප්‍රශ්නයක් අද යුගාන්ගෙන් අහන්න ඉඩ හැදිලා තියෙද්දි තීනු දෙපාරක් නොහිතාම යුගාන් ගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවා .

" ඇයි මට ආදරේ කලේ යුගාන් ?? ඔයාට ඒකට හේතුවක් තිබුනද ?? "

තීනු යුගාන්ගේ ඇස් දිහා බලන්ම අහද්දි යුගාන් බර සුසුමක් පහල දාලා තීනුගෙ අතකින් අල්ල ගත්තා .

" හේතු මොකටද බං උබට ආදරේ කරන්න !! උබ මගේ තීනු !! මගේ !! ඉතිම් මගේ දේකට මට ආදරේ කරන්න හේතු ඕනේ නැහැ !! හේතු නැති තරමට ආදරේ කරන්නත් ආදරේ විදින්නත් හරි ලේසියි !! දන්නවද උබව දැක්කම උබ තමයි මගෙ මුලු ලෝකෙම කියලා මට දැනෙන ඒ හැගීම උබට ආදරේ කරන්න මට හොදටෝම ඇති !! අදත් හෙටත් හැමදාටමත් උබට තියෙන ආදරේ ඒ විදිහටම තියෙයි ඒ ගැන මට කිසිම සැකයක් නැහැ !! "

තීනුගේ අත්ල පිරිමදින ගමන් යුගාන් කියද්දි තීනුගේ පපුවට ලොකු බරක් දැනුනා . යුගාන්ගේ අව්‍යාජ වචන අතරේ තියෙන හැගීම් මොන වගේද කියලා තීනුට තදින්ම දැනෙන්න ගත්තා . යුගාන්ගේ ඇස් දිලිසෙන විදිහ දකිද්දි තීනුගේ ඇස් තමන්ටත් නොදැනීම තෙත් වෙන්න ගත්තා . යුගාන්ගේ වචන තීනුට පසුතැවිම කියන හැගීම ඇති කරන්න සමත් උනා . තීනුගේ ඇස් කොනින් කදුලු බිංදුවක් පහලට රූටද්දි තීනු ඉක්මනින් තමන්ගේ කදුලු පිදිහ ගත්තා .

" තීනු මොකද මේ ?? ඇයි අඩන්නේ ?? "

යුගාන් තීනුගේ මූණ තමන් දිහාවට හරව ගන්න ගමන් අහද්දි තීනු යුගාන්ව බදා ගත්තා .

" ඔහොම .. කතා ක..රන්න එපා යුගාන් .. මට මං ගැනම තරහක් දැනෙනවා .. ඔයාට ගොඩක් රිදෙන්න ඇති නේද මං එහෙම කරද්දී .. අයිම් .. සොරි .. "

" ඉට්ස් ඕකේ බබා මං ඔයාට ආදරෙයි නේ !! අපි පරණ දේවල් අමතක කරමු "

යුගාන් තීනුගේ ඔලුව අත ගාන ගමන් කියද්දි තීනු මීක් සද්දයක් වත් නැතුව දිගටම යුගාන්ව බදා ගෙන හිටියා . රෙස්ටුරන්ට් එකෙ ඉන්න කොල්ලා යුගාන්ව අදුරන නිසාම වැඩිය තීනුගෙයි යුගාන් ගෙයි පැත්තට ෆෝකස් එකක් නොදී රෙස්ටුරන්ට් එකේ වැඩ ටික කරන් ගියා . එතනින් පස්සේ රෙස්ටුරන්ට් එක ඇතුලේ ගෙවුනු හැම තප්පරයක් වගේම තීනු යුගාන් එක්ක ආදරණීය විදිහට ගත කලා .

ඒ ගත උනු හැම තප්පරයක් ගානෙම තීනුට හිතුනේ ඇයි තමන් යුගාන්ට මීට කලින් ආදරෙ කලේ නැත්තේ කියලා . ජීවිතේ සමහර හමු වීම් අපිට දැනෙන්නත් කාලයක් ගත වෙනවා වගේ තීනුට යුගාන්ට බැදෙන්නත් සෑහෙන්න කාලයක් ගියා . හැබැයි ඒ කාලේ පුරාවටම තීනුත් යුගානුත් රහසින්ම බෙදා ගත්තු හැගීම් අද යථාර්තයක් වෙලා තියෙද්දි යුගාන් ගෙත් තීනු ගෙත් හිත් වල ප්‍රේමයේ මල් තව තවත් පූදින්න මහ වෙලාවක් ගත නොවුනා .



To be continue

_________________________________________

හලෝ

ඉන්නවදෝ

ටිකක් පරක්කු උනානේ

ඉස්සරහට තව ටිකක් වගේ පරක්කු වෙයි වැඩ ගොඩක් මට කරන්න තියෙන නිසා .

ඉවසන්න ඉවසන්න ඉතිම්

තව ඔච්චමකින් හම්බ වෙමු

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

194K 4.9K 53
Elora: I'm supposed to marry the man of my father's choosing in eight months. Not only that, but I've been told my husband-to-be expects an experienc...
32.2K 5.7K 49
නපුරු හදවතකට පෙම්බැදි අහංකාර හදවත~... Taekook nonfiction Top Kook Bottom Tae Smut warning 🔞 Happy Ending My second story and First Nonfiction...
9.9K 1.5K 8
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...
5.5K 887 15
සුදු කොල කලු කරන්න ගොඩක් අයට පුලුවන්.... ඒත් කලු කොල සුදු කරන්න හැමෝටම බෑ..... හමුවූවන් මතකයේ තියාගන්න හැමෝටම බෑ.... ඒත්, කල්හාර මලට පුලුවන් ❀❀