කස්තුරි සුවඳ ✓

By liversack

684K 113K 45.1K

Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ. More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
34 වන පරිච්ඡේදය
35 වන පරිච්ඡේදය
36 වන පරිච්ඡේදය
37 වන පරිච්ඡේදය
38 වන පරිච්ඡේදය
39 වන පරිච්ඡේදය
40 වන පරිච්ඡේදය
41 වන පරිච්ඡේදය
42 වන පරිච්ඡේදය
43 වන පරිච්ඡේදය
44 වන පරිච්ඡේදය
45 වන පරිච්ඡේදය
46 වන පරිච්ඡේදය
47 වන පරිච්ඡේදය
48 වන පරිච්ඡේදය
49 වන පරිච්ඡේදය
50 වන පරිච්ඡේදය
51 වන පරිච්ඡේදය
52 වන පරිච්ඡේදය
53 වන පරිච්ඡේදය
***
54 වන පරිච්ඡේදය
55 වන පරිච්ඡේදය
56 වන පරිච්ඡේදය
57 වන පරිච්ඡේදය
58 වන පරිච්ඡේදය
59 වන පරිච්ඡේදය
61 වන පරිච්ඡේදය
62 වන පරිච්ඡේදය
63 වන පරිච්ඡේදය
64 වන පරිච්ඡේදය
65 වන පරිච්ඡේදය
66 වන පරිච්ඡේදය
67 වන පරිච්ඡේදය
68 වන පරිච්ඡේදය
69 වන පරිච්ඡේදය
70 වන පරිච්ඡේදය
71 වන පරිච්ඡේදය
72 වන පරිච්ඡේදය
73 වන පරිච්ඡේදය
74 වන පරිච්ඡේදය
75 වන පරිච්ඡේදය
76 වන පරිච්ඡේදය
***
77 වන පරිච්ඡේදය
78 වන පරිච්ඡේදය
79 වන පරිච්ඡේදය
80 වන පරිච්ඡේදය
81 වන පරිච්ඡේදය
82 වන පරිච්ඡේදය
83 වන පරිච්ඡේදය
84 වන පරිච්ඡේදය
85 වන පරිච්ඡේදය
86 වන පරිච්ඡේදය
87 වන පරිච්ඡේදය
88 වන පරිච්ඡේදය
89 වන පරිච්ඡේදය
90 වන පරිච්ඡේදය
91 වන පරිච්ඡේදය
92 වන පරිච්ඡේදය
93 වන පරිච්ඡේදය
94 වන පරිච්ඡේදය
95 වන පරිච්ඡේදය
96 වන පරිච්ඡේදය
අවසාන පරිච්ඡේදය

60 වන පරිච්ඡේදය

4.9K 928 228
By liversack







කිව්වේ ඇත්තක් හෝ බොරුවක් හෝ වේවා ටික වෙලාවකට එතන වටේ හිටපු අය සේරගෙම කටවල් වැහුනා. හරියට ඒ කෙනා වෙනත් භාෂාවකින් තමන්ට නොතේරෙන කුණුහරුපයක් කිව්වා වගේ.. ඒත්,

"Wait wait lady how could say something like that??"

මුලින්ම හඩ නැගුවේ රක්ෂිත මොකද ඒ වෙනකොටත් මාණික්‍ය හිටියේ ඇහුන දේ විශ්වාස කර ගන්න බැරුව. මනරුගේ නම් ඇස් රැලිකරන් තාමත් ඒ දේ හිතනවා. ඒත් පබසර කරේ කිසිම දෙයක් නොකියා කිසිම දෙයක් නොපෙන්නා මේ නම නොදන්න තැනැත්තිය දිහා බලන් හිටපු එක විතරයි..

ඉතින් මේ නන්නාදුනන තරුණිය ඒත් එක්කම කරේ එයා එල්ලගෙන හිටපු අත් බෑගයෙන් දෙයක් එලියට ඇදලා ගත්ත එක..

"look..! I'm four weeks pregnant Nirmala.. This is your baby..!"

"lady please! Anyone can show this stripe and say whatever they want bu-"

"රක්ෂි ඉන්න.."

රක්ෂිත මෙච්චර වෙලා කාටත් කලින් තමන්ගේ සහෝදරයාගේ පැත්තට කතා කරා.. මොකද දරුවෙක් ගැන, ඒකත් අහසින් පාත් වුනා වගේ කෙනෙක් ඇවිත් කියද්දි අනිත් අය ඒ විදිහට හැසිරෙන එක සාධාරණයි.. ඒත් නිර්මල මේ සැරේ කට ඇරියා. නිකන් නෙවෙයි තමන් වෙනුවෙන් කතා කරන කෙනාවත් නවත්තලා.

"සෘති.."

"සෘති?? රක්ෂී ඔයා මෙයාව දන්නවද??"

නම කිව්වත් වගේ දැන් හැමෝම කලබල වුනා..ඒත් නිර්මල නම් හැමදාමත් වගේ ඒ දිහා බලන් හිටියේ තැන්පත් නමුත් හැංගුන කලබලේකින්..

"ම්.. කවුරුත් කලබල කරන්න එපා"

"කලබල කරන්න එපා කියන්නේ ලොකු ඔයා මොනාද මේ කියන කතා!!? මෙයා කියන්නේ ඔයා මේ දරුවගේ තාත්තා කියලා! එහෙම කියනකොට අපිට කලබල වෙන්න එපා කියන්න ඔයාට පිස්සුද??"

"මං දන්නවා.. Sruthi are you sure..?"

"yeah!! You know we did that thing.."

සෘති, එ නමටම ගැලපෙන අමුතු ලස්සනක් ඒ කෙනා ගාව තිබ්බේ.. නිර්මලගේ හිත වුනත් ඒ පෙනුමට ලැදි වෙන එක වෙන්න පුලුවන් දෙයක් වුනත් දැන් තියෙන තත්වයත් එක්ක ඒ ලස්සන බය යට හැංගිලා..

ඒ කොහොම වුනත් නිර්මල හැසිරුනේ හොඳ සිහියකින්.

"හරි.. Okay.. If this is real don't worry Sruthi.. I'll marry you.. I'm promise "

" ලොකු අයියේ?!?"

ඇත්තටම මාණික්‍යට කෑගැහුනා.

"ලොකු ඔයා මොනාද මේ කියන්නේ?? මං නම් කොහෙත්ම මෙයාව විශ්වාස කරන්නේ නෑ! ඔයාගේ හිත හොඳ වෙන්න ඇති ඒත් ඔයාට පිස්සුද කාගෙවත් දරුවෙක්ට තාත්තෙක් වෙන්න!?? අනික මේක තාත්තා දැනගත්තම-"

" දරුවා මගේ නම්? "

රක්ෂිත හුස්මක් කටක් ගන්නේ නැතුව කියවන් ගිය වචන වලට අවසානයක් නිර්මලගෙන් මෙහෙම ලැබෙයි කියලා කවුරුත් හිතන්නේ නැතුව ඇති..

"මොකක්??"

" ම්.. "

" okay wait.. මාණි"

රක්ෂිතට හිතුනෙම එයාගේ අයියා අසිහියෙන් කියවනවා කියලා.. ඒත් එයා මේ පාර හැරුනේ මාණික්‍යගේ පැත්තට.

"ආහ්.??"

"ලොකු අයියා විකාර කියවනවා වෙන්න ඇති මාණි ඔයා දැන් practice යන්න මං මේක බලාගන්නම්..! පබසර මාණික්‍ය එක්ක උඩට යන්නකෝ"

"පොඩි අයියා ඒත් මේ-"

"යමංකෝ"

නිර්මලට ඒ කතා කරපු කෙනා දිහා ඇස් උස්සලා බලන්න හයියක් නැති තරම්.. කොහොම වුනත් රක්ෂිතට ඕන වුනේ මෙතන වෙන ප්‍රශ්නේ අවම පිරිසක් යටතේ මර්දනය කරලා දාන්න. ඒත් ඒක මාණික්‍යට තේරුනේ නෑ තමයි ඒ වුනත් කාටත් කලින් පබසරට මේ දේ ඔලුවට ගිය නිසාද කොහෙද එයා මාණික්‍යවයි මනරුවයි දෙන්නම ඇදගෙන රක්ෂිත කිව්ව විදිහටම උඩට ගියා..

ඉතින් දැන් එයාලට පහල වෙන දේ ඇහෙන්නේ නෑ.. ඒ කියලත් මාණික්‍යට අද ප්‍රැක්ටිස් යන්න ඇදුමවත් අඳින්න හිත දුන්නේ නෑ..

"මට බෑ බං.."

"මොනාද බැරි?"

ඒ වෙලාවේ පරණ ඔරලෝසුවක බට්ටාගෙයි මාණික්‍ය අතරෙයි ලොකු වෙනසක් තිබ්බේ නෑ. මහපොට ඇගිල්ලේ නියපොත්තත් හපන ගමන් එයා හිටියේ කාමරය අතුලේ අඩි පහකට සැරයක් හැරි හැරි.. ඉතින් මනරුට ඒ දිහා බලන් ඉන්න බැරි කමක් නෑ.. ඒත් බැහැයි කිව්වේ මොකේටද කියන්න හිතා ගන්න බෑ..

" මට ප්‍රැක්ටිස් යන්න බෑ! මොකක්ද අර වුනේ?? කවුද ඒ? එයා කොහොමද කියන්නේ මගේ අයියා නිසා එයා pregnant වුනා කියලා!? අනේ මනරු මට අද ප්‍රැක්ටිස් යන්න බෑ! මගේ ඔලුව විකාරයි!"

ඒත්,

"උබ ප්‍රැක්ටිස් ගියේ නෑ කියලා මේවා හරි යයි කියලා හිතුවද?"

මෙච්චර වෙලා ලොකු වීදුරු ජනේලයෙන් ඒ ලග තිබ්බ ඇහැල ගහ දිහා බලන් හිටපු පබසර කිසි පැකිලීමකින් තොරව ඒ දේ කෙලින්ම ඇහුවා..

"මං දන්නේ නෑ බං!  මොනාද මේ වෙන්නේ?? ලොකු අයියා එහෙම කෙනෙක් නෙවෙයි!! අනික මං ගියොත් පොඩි අයියා මොනා කරයිද? එයා කලබල වෙන්න ගත්තම අපි ඔක්කොටම වඩා කලබල වෙනවා! අනික තාත්තාත් නෑ.."

"මාණික්‍ය ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ.. මට sure අයියා මේක බලාගනිවි.."

ඒ කතා කරේ මනරු.. ඇත්තම කිව්වොත් එයාටත් දැන් මේ වෙච්ච දේ හිතා ගන්න බෑ තමයි.. ඒත් එයා මාණික්‍ය තරම් කලබල වෙලා නෑ. පබසර ඊටත් නෑ.. ඒත්,

"උබට තේරෙන්නේ නැද්ද මාණික්‍ය.. රක්ෂිත අයියා උබට දැන් යන්න කිව්වේ එයාට ඕනේ නෑ ඔයා දැන් මේ ප්‍රශ්නේ මැද්දට එනවට.. ඒක නිසා කියන දේ අහලා දැන් ඇදගනින්.. අපිට තව පැය බාගයක්වත් නෑ"

"පබසර! හරි! මේ අහපං.. මං දන්නවා උබයි ලොකු අයියයි ගොඩක් ෆිට්.. එයා ඔයාට මුකුත් මේ ගැන කියලා නැද්ද?"

පබසර කියපු දේවල් ඇහුනේ නෑ වගේ මාණික්‍ය කතා කරේ.. ඉතින් පබසර දැන් තමයි මාණික්‍යගේ මූන බලන්න හැරුනේ..

" නෑ.. "

ඒ කිව්වේ බොරුවක් නෙවෙයි..පබසර කාටත් වඩා බොරු කියන්න දක්ෂ ඇති. ඒත් මේ කිව්වේ බොරුවක් නෙවෙයි කියන්න එයාගේ මූනේ තිබ්බ කියවන්න අමාරු පෙනුමත් එක්ක එයා දිහා බලන් හිටපු දෙන්නටම තේරුනා..

"කොහොමද අප්පා..!!"

"මාණික්‍ය.. දැන් හොඳ ළයා වගේ ready වෙලා එන්නකෝ.. මං දන්නවා ඔයා ගිහින් ආවට පස්සේ මේ ප්‍රශ්නේ විසදිලා තියෙයි.. ඔයාට බය වෙන්න දෙයක් නෑනේ පොඩි අයියා ඉන්නවනේ.. ම්..? දැන් යන්නකෝ.."

ඉතින් මාණික්‍ය කවුරු හරි කෙනෙක් කියන දෙයක් ඇහුවා නම් එක පයින්ම.. ඒ මනරු කියන දෙයක් විතරයි.. කොහොම වුනත් පබසර තාමත් කට වහගෙන..

" හරි.. "

අන්තිමට මාණික්‍යගේ ඔලුවට ඒ දේ යන්න ඇති.. ඒ නිසාම එයා මොන අකමැත්තෙන් හරි ලැස්ති වෙලා ආවා තමයි.. ඒත් පහලට ගියත් වගේ ඔන්න ආයෙමත් අර පිස්සු නටන හිත ඇවිස්සුනා.. මොකද දැන් නිර්මල හිටියේ අර සෘති කියන කෙනාගේ පැත්තේ හිටගෙන..

"Mani you go now.. මං ඔයාව ගන්න එනවා.."

පඩිපෙල බැස්සත් රක්ෂිත මොනා කිව්වත් මාණික්‍ය බලන් හිටියේ සෘති දිහා.. ඉතින් රක්ෂිත පබසරට ඉගි කරලා එයාගේ මල්ලි පෙන්නුවේ මොකද එයා දන්නවා තමන්ගේ මල්ලිට වඩා ඉක්මනට දේවල් පබසර තේරුම් ගන්නවා කියලා..

"අපි යනවා අයියා"

ඒ පබසර.. වෙනදට හැමෝ දිහාම හිනාවකින් බලලා හැම කෙනෙකටම යනවා කියලා යන කෙනා අද පොදුවේ කා දිහාවත් නොබලා මාණික්‍යවත් තල්ලු කරන් එලියට ගියා.. ඇත්තටම ඒක කාටත් වඩා දැනුනේ වෙන කෙනක්ට.. මොකද ඒ පෙනුම වෙනස්.. ඒ නිසාම තමයි.. නිර්මල අසරණ වුන බැල්මකින් බිම බලන් එලියට යන පබසර දිහා නැති වෙලා යනකල්ම තොල් පියන් බලන් හිටියේ..

"බය වෙන්න එපා මාණික්‍ය.. ඉවර වුන ගමන් මට කතා කරන්න ඕනේ හරිද.. ඔයාට විතරක් නෙවෙයි මටත් ඔයා වගේම මේක ප්‍රශ්නයත්.. ම්.."

"අනික උබ බය වෙන්න එපා.. මේ ප්‍රශ්නේ මගෙන් එහාට පිට යන්නේ නෑ"

මේක වෙනස්. සැලකිය යුතු දුරක් එනකනුත් පබසර කට වහන් හිටියා කියන්නෙම එතන මොකක් හරිය දෙයක්.. ඒක අනිත් අයත් දන්නවා ඒත්, දැන් තියෙන ප්‍රශ්නයත් එක්ක ඒක කාටවත් දැනුවත් වෙන්න තරම් සිහියත් තිබ්බේ නෑ..

"දැන් හොඳ ළමයා වගේ මේ ප්‍රශ්නේ අමතක කරලා ප්‍රැක්ටිස් වලට යන්නකෝ.. ඔයා එනකල් මං බලන් ඉන්නවා"

ඉතින් පිටිය ලගට ආවත් වගේ මාණික්‍ය යන්න කලින් එයාට මනරු දහසක් දේවල් කියන්න ඇති. ඒත් පිටියට ගියත් මොන දේ කරත් කොච්චර ඇග වෙහෙසුවත් ඒ දේ නෙවෙයි මාණික්‍යගේ ඔලුවෙන් ගියේ.. කඩුලු අතරේ දුවන දුර සිය පාරක් දුවලා ආවත් එයාගේ ඔලුවේ වැඩ කරේ අයියා ගැන. ඉතින් අද කවදාවත් නැතුව කොයිවෙලෙත් වැඩ කරන පබසරගේ කටත් වැහිලා..

ලැබූනු විරාමයෙදි දෙන්නා එක්කම එක ලග වැටිලා හිටියත් එකාට එකා වතුර එක ඉල්ලන්න ඇරෙන්න වෙන වචනයක් හුවමාරු කර ගත්තේ නැතුව ඇති.. ඒත් මාණික්‍ය වෙනම ලොකෙක ඉඳන් පිට්ටනියේ තනකොල ගොල්ලට ඇස් තියන්,

"උබ හිතනවද ඒ දරුවා අපේ අයියගේ කියලා?"

එතන ප්‍රශ්න අහන්න පබසර ඇරෙන්න ලග වෙන කවුරුත් හිටියේ නෑ..ඉතින් එයා මෙච්චර වෙලා අහසට තියන් හිටපු අන්තයක් නොපෙනෙන බැල්ම එතනින් අයින් කරගන්න හිතුවෙත් නෑ..

"ඇත්තටම ඒ දරුවා උබේ අයියගෙ නම් උබ මොකද කරන්නේ?"

ඉතින් මාණික්‍යගේ ප්‍රශ්නෙට හම්බුනේ උත්තරයක් නෙවෙයි තවත් ප්‍රශ්නයක්.. ඒකත් මාණික්‍ය තාම හිතුවෙවත් නැති ප්‍රශ්නයක්.

"මන්දා.. මට හිතා ගන්න බෑ.."

"ඇයි..?"

"මොකද ලොකු අයියා.. එයා.. එයාට අඩුම marry කරන්නවත් ඕන කමක් තිබ්බේ නෑ.. එහෙම වෙනකොට කොහොමද දරුවෙක්? "

"මේ ලෝකේ අපි හිතන්නෙවත් නැති දේවල් වෙනවා බං.."

පබසරගේ ඒ ආපු කටහඩ කනට ගෙනාවේ හරි බර ගතියක්.. ඒත් මාණික්‍යගේ මනස දැන් තනකොල ගොල්ල පුරාවටම දුවනවා..

"ඔය කියන විදිහට ලොකු අයියා නම් තාත්තා එයා අනිවාර්යයෙන්ම ඒ කෙනාව බඳිනවා.."

"හ්ම්.. උබ ඒකට කැමතියි ද?"

"මම දන්නේ නෑ බං.. අපි අඩුම ඒ කවුද කියන්නවත් දන්නේ නෑ..!"

මේ වෙලාවේ අව්වත් හරිම තැබිලි පාටයි කෙලින් ඒ දිහා බලන් ඉන්න බෑ.. තමන්ගේ දාඩිය ගද අනිකාටත් දැනෙන්න එයාලා මහන්සිත් වෙලා.. ඒත් අද ඒ දෙන්නගෙන් එක්කෙක්ටවත් ඒ මහන්සිය ඇගට දැනුනා කියන්න ඔට්ටු නෑ.

"උබ මෙහෙම හිතපං.. "

"කොහොමද..? "

දන්නේ නෑ පබසර මොනවා හිතන් අහස දිහා බැලුවද කියන්න.. ඒත් ඒක තරහක් නපුරක් අවැඩක් අසාධාරණයක් ගැන කියවනු බැල්මක් කියන්න නම් අහසේ ඉන්න දෙවි කෙනෙක්ටවත් බෑ..

"හැම දේම වෙන්නේ හොඳට"

ඉතින් මාණික්‍යට ඉබේටම පබසර දිහා බැලුනා. අර තනකොල උඩ තිබුනු සමාධිය දැන් සුනු විසුනු දූවිලි වෙලා..

"ආහ්?"

"ම්.. අපි දැන් කොහොම හිතුවත් කොහොම කෑගැහුවත් ඇත්තටම වෙන්නේ වෙන්න තියෙන දේ බං.. අපි ඔලුවෙන් හිටං එපා කිව්වත් වෙන්න තියෙන දේ අපිට භාර ගන්න වෙනවා"

ඉතින් මාණික්‍ය සද්ද නෑ.. මුවින් නොබැන්නත් හිතෙන් එකම දඹරෙක. මොකද එයා නිර්මල ගැන දන්න දෙයක් නෑ.. වර්තමාන කොහොම වුණත් අතීතය ගැන හිතන්නවත් බෑ..

එක අතකින් එයාගේ එහා පැත්තට පබසර වගේ කෙනෙක් හිටපු එක මොන තරම් දෙයක්ද.. මාණික්‍යගේ හිත මේ ප්‍රශ්න අස්සෙන් ඒකත් මතක් කරනවා.. මොකද යාලුවා නැත්තන් එයා සමහර විට අද පිස්සු නටන්නත් පුලුවන්. නැත්තන් කරන හැම දෙයක්ම වරද්ද ගන්නත් පුලුවන්..

කොහොම හරි පිතිහරණ පුහුරුවට පස්සේ දාඩිය නාගෙන දෙන්නත් එක්කම විඩාව හෝදලා ඇරලා එලියට ආවත් වගේ රක්ෂිත එන්න කලින් කියපු වචන වලට සාධාරණය ඒ විදීහටම ඉශ්ඨ කරලා බලන් ඉන්නවා.. මොකද ඒ වෙනකොටත් රක්ෂිතගේ සුදු පාට Range Rover එක ගේට්ටුව ගාව නතර කරලා තිබුනේ.. ඉතින් දෙන්නම සද්ද නොකර ගිහින් නැග්ගා.

"ඒ කෙල්ලව ලොකු කලින් ඉඳන්ම දන්න කෙනෙක් මාණි..!"

රක්ෂිතගේ රිය පැදවීම ගැන වචන දෙක තූනකින් විස්තර කරොත් රොකට් තෙල් බීලා වගේ කියව්වට පව් නෑ. ගුවන් යානයක් අතට ගත්තා හා සමානව එයා රෝද හතරේ වාහනත් එලවන්නේ. ඉතින් සැලකිය යුතු දුර අඩුම කාලයකින් ආවට පස්සේ තමයි රක්ෂිත දෙයක් කියන්න කට ඇරියේ..

" මොකක්? කවුද ඒ? ලොකු අයියාගේ girlfriend ද?"

"මං හිතන්නේ.. මං හිතන්නේ කියන්නේ එයා කිව්වේ එහෙමයි මාණි.."

මාණික්‍යට අදහා ගන්න බෑ.. රක්ෂිතත් දවල් කඩන් වැටුනු හෙනයෙන් තාමත් වික්ෂිප්ත වෙලා. ඉතින් දෙන්නගේ කතාව ඒ විදිහට යද්දි පබසර හිටියේ වීදුරුවෙන් එහා පාර දිහා බලන් හිටපු එක විතරයි.. ඒත්,

"පබසර අපේ ලොකූ ඔයාට මුකුත් කියලා නැද්ද?"

රක්ෂිත නිකන් හිටියේ නෑ.. එයා මොන පාරකින් හරි කොහොම හරි දෙයක් දැන ගන්න බැලුවේ.. ඒත් කලින් වගේම පබසරගේ උත්තරේ කිසි වෙනසක් තිබ්බේ නෑ.

"නෑ අයියේ.."

"හ්ම්ම්..! මාසයක් pregnant කියන්නේ තව සති දෙක තූනකින් අපිට DNA test එකක් කරලා බලන්න පුලුවන් මේ විකාරේ හරි වැරැද්ද! ඒත් ලොකු අයියා කියනවනේ ඒ එයාගේ girlfriend කියලා.."

"ඇත්තටම girlfriend ද? අපි ගියාට පස්සේ මොකද වුනේ කියන්නකෝ!?"

මාණික්‍යට ඒක දැනගන්න කල් ඉස්පාසුවක් නෑ..

"අන්න තාත්තාත් ආවා..ඒ කෙල්ල කියනවා එයාව දැන් භාර ගන්නලු.. එයා මෙහෙ කෙනෙකුත් නෙවෙයිනේ! "

"එහෙනම් කොහෙද? "

"Indian.."

"මොකක්?? ලොකු අයියට කොහෙන්ද එයාව හම්බවෙලා තියෙන්නේ?"

"මං දන්නෙ නැ බබා.. මටත් පිස්සු වගේ.. යමුකෝ දැන්
ගෙදර.."

මේක නොකියා බෑ. රක්ෂිත බබා කිව්වත් වගේ මාණික්‍යට මතක් වුනේ මනරුව. ඉතින් ඔන්න ඒ වෙලේ තමයි කොල්ලා දඩි බිඩි ගාලා ෆෝන් එක ඇදන් මනරුට කෙටි පණිවිඩයක් තිබ්බෙ.

කොහොම හරි පබසරවත් බස්සලා එතනින් යන්න ටික වෙලාවක් ගියා.. ඒ ගියත් ගෙදර හරියට අවුල් ජාලයක් වගේ.. මොකද ඇතුලට එද්දි එතන සෘතී ඇරෙන්න තවත් කෙල්ලෙක් හිටියා.. ඒත් එයා පෙනුමෙන් ලංකාවේ ආරයක් තිබ්බ නිසා මේ එයාගේ මෙහේ යාලුවෙක් කියන්න මාණික්‍යට ටික වෙලාවට පස්සේ තේරුනත් තාත්තගේ මූන දැක්ක ගමන් තිබ්බ ප්‍රශ්න තව වැඩි වුනා..

"නිර්මල මේ ගෑණු ළමයා කාගේ කවුද කියන්නවත් අපි දන්නේ නෑ..! ඔයා ඇයි අපිට මේ ගැන මීට කලින් කිව්වේ නැත්තේ? අනික ඒකත් මෙච්චර දෙයක් වෙනකල් හිටියේ? ඇයි මෙච්චර reckless??"

ඒ ප්‍රශ්න කිරිල්ලෙන්ම තේරුනේ නාථ ඇවිත් තියෙන්නේ දැන් ටිකකට කලින් කියලා.. කොහොම හරි නිර්මල හිටියේ සෘති ඉඳන් හිටපු තැන එයා ලගම හිටන්.. අර ඇවිත් ඉන්න යාලුවා සෘතී ගේ අතක ඇගිලි පටලගෙන එයා ලගටම වෙලා දෙන්නගේ කතාවට ඇහුම්කන් දෙන්න ගත්තේ කොහොමත් සෘතීට සිංහල ලොකුවට බැරි නිසා.

"තාත්තේ මට සමාවෙන්න.. මම සෘති ගැන දන්නවා.. අපි affair එක පටන් අරන් දැන් ටිකක් කල්.. මට මේ ගෑන කියන්න බැරි වුන එක ලොකු වැරැද්දක්.. මං ඒක දන්නවා.."

"දන්නවා නම් දැන් ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නේ නිර්මල!!?? මේ ළමයා තනිපංගලමේ මේ රටේ ඉන්නේ! ඒ මදිවට දැන් දරුවෙකුත් ඇවිත්!! ඔයා ඒ දරුවගේ තාත්තා කියලා කියනවා නම් දැන් මොකක් කරන්නද ඔයා හිතන් ඉන්නේ!!?? මට මේකට උත්තරයක් දෙන්න!!"

නාථ සාමාන්‍යයෙන් අඩුවෙන්ම කෑගහන කෙනෙක්. මාණික්‍ය වුනත් තාත්තා මෙච්චර තරහකින් කෑගහනවා දැක්කේ එහෙමත් කාලෙකට පස්සේ.. මොකද එයා තමන්ට වගේම අයියලා දෙන්නටත් මෙහෙමයි කියලා විදිහකින් සද්දේ වැඩි කරලා බැනලා නෑ..

ඉතින් මේ සේරම අහන් හිටපු නිර්මල සෘතිගේ පිට උඩට ඒකත් ගෑවෙන නොගෑවෙන විදිහට අතක් තියලා.. හරි පරිස්සමෙන් හිතලා මතලා කට ඇරියේ කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු උත්තරයක්ද නැත්තන් හිතුවෙත් නැති දෙයක් කියන්නද කියන්න දන්නේ නෑ.. ඒත් අන්තිමට,

"මම සෘතීව කසාද බඳිනවා තාත්තා"











මතු සම්බන්ධයි..

Continue Reading

You'll Also Like

83K 2.4K 20
ရင်ခုန်ရင် ဒါအချစ်ပဲတဲ့
3.7K 970 13
💜️ මිනිස්සු මිනියක් ඉස්සරහා අඬන්නෙ තමන් ගැන කියව කියව මිසක් ඔයා කොහොමද සොහොනට වෙලා තනියම ඉන්නෙ කියලා නෙවෙයි... 💜️ ආදරේ කරන්න හදිස්සි වෙන්නම ඕනෙද...
43.1K 7K 16
මගේ හිතේ ඉඩ දැන් නුඹ අතින් හැඩවෙන සිතුවමකි !
67.1K 10.9K 49
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...