𝐓𝐡𝐞 𝐡𝐨𝐮𝐫 𝐨𝐟 𝐥𝐨𝐯𝐞...

By Frosty_Lv

480 73 59

ඔහුගේ ආයු පසුපස ඔහුත් පියනඟාවි More

A/N

~

379 54 52
By Frosty_Lv

හැම රෑම ඔබ හා කොදුරමින්...
පැවසූව කවි බොද වී ගිහින්...
නොකියාම ගියෙ ඇයි හඩවමින්...
ඔබ ආයෙ එනවද හිනැහෙමින්...
.
.
.
.
.

@අනුරාධපුර දුම්රිය ස්ථානය

ගිනි කාශ්ඨක අව්වට රත් උනු අනුරාධපුර දුම්රිය ස්ථානයේ 3 වන වේදිකාව.
වයස අවුරුදු 24ක් පමණ උනු කඩවසම් තරුණයෙක් තම අත්ල මත රැදි පොත පුරා ඇස් යවමින් හිටියා.
කාශ්ඨක අව්ව ඔහුට තැකීමක් නැති පාටයි.
පොතෙහි පරිච්ඡේදයන්හි ගිලීසිටි ඔහුගේ අවධානය පිට ගියේ ඇසුනු නිවේදනයත් සමගයි.

"අනුරාධපුර නව නගරයට පැමිණි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප මොහොතකින් මීගමුව බලා පිටත් වේ."

නිවේදනයත් සමග බංකුවෙන් නැගිටි ඔහු තමන්ගෙ ගමන් බෑගය එක් කරකින් එල්ලාගෙන 3 වන වේදිකාවට ළගා වන දුම්රිය නතර කරන තෙක් බලා හිදියා.

3වන දුම්රිය මැදිරියේ දොර ඔහු ළග නතරවනවාත් සමගම අහිංසක හිනාවක් රදවාගෙන දුම්රිය මැදිරිය වෙත ගොඩ උනු ඔහු ගමන් බෑගයත් අතැතිව ජනේලයක් අසල ආසනයකින් හිද ගත්තා. ගමනාන්තයට ලගා වනතුරු තමාගෙ ලෝකේ අතරමං වීමේ අදහස ඇතිව ඔහු තම දෑස් වසා ගත්තා.

@මීගමුව දුම්රිය ස්ථානය.

පැය තුනකට අධික කාලයක් ගත වීමෙන් පසු මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටතට පැමිනි මේ තරුණයා ඇවිස්සුනු කඩි ගුලක් මෙන් එහා මෙහා යන මිනිසුන් දිහා මදක් නැවතී බලාගෙන හිටියා.

"අයියේ හයර් එකක් යන්ද"
"කොහෙටද මල්ලි"
"බ්‍රවුන්ස් බීච් එකට"
"හරි. නගින්න"

ත්‍රීරෝද රථයට ගොඩ උනු ඔහු තම දුරකථනය වෙත නෙත් යොමු කලා. වෙලාව හවස 4.15යි. දිගු හුස්මක් පහල දැමූ ඔහු අහස උසට නැගුනු හෝටල් සංකීර්ණ පසු වෙන ආකාරය දෙස බලාගෙන හිටියා.

"මල්ලි මෙහෙ කෙනෙක්ද?"

"අහ් නෑ අයියෙ. මං අනුරාධපුරේ"

"ඔහ්. නිවාඩුවට ගිය ගමන් වෙන්න ඇති මේ"

"ඔව් ඔව්. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ ගිහින් එන්න කියලා ගියා"

" මට මල්ලිව දැකලා පුරුදුයි වගේ.මේ ළග පාතද ජොබ් එකක් කරන්නෙ"

"මං #### එකේ අයියේ වැඩ කරන්නෙ. මාව දැකලත් ඇති. නිතර දෙවේලෙ යන එනවනෙ"

"ආආආ ඒක තමා එහෙනං දැකලා පුරුදු"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
----------------
පැලද සිටි රබර් පාවහන් දෙක එක අතකට ගෙන මේ තරුණයා ගල් පඩියක් දෙසට ඇවිද යනවා.
අවරට බැස යන හිරුත් ඈත මුහුදේ පාවෙන රුවල් ඔරුත් රැල්ල වෙරළ සිප ගන්නා හඩත් ඔහුගේ හිතට රැගෙන ආවේ හරි අපූරු නිදහස් බවක්.. ඒ නිදහස් බව තව වැඩි වීමට වෙරලෙහි විනෝද වන අතලොස්සක් වුනු මිනිසුන් හේතුවක් වන්නට ඇති.

"කොල්ලෙක් හැප්පිලා. ටිපර් එකකට යට වෙලා තියෙන්නෙ. පාරෙ ලේ එකයි. දකිද්දිත් ඇග හිරිවැටෙනවා. පව් ඉතින් තරුණ ජීවිත."

අතරින් පතර ඇසෙන කතා බස් වලට ඔහුගේ සවන් වැටුනත් ඔහුට ඇසුන රිය අනතුර ගැන ඔහුට දැනුනේ අමුතු හැගීමක්. නමුත් ඒ ගැන තැකීමක් නොකල ඔහු දිගටම ඇවිදන් යනවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මුහුදු වෙරලෙහි ගල් පඩියක ඉදගෙන සිටි ඔහුගෙ නෙත් යොමු වී තිබුනේ ඈත පෙනෙන ක්ෂිතිජය දෙසට.
තම උරහිසෙන් දැනුනු සීතල පහස ඔහුගේ අවධානය බිදලන්නට සමත් උනා. ඒ ස්පර්ශය ඔහු ඕනෑවටත් වඩා හොදින් හදුනා ගත්තා. ආදරණීය සිනහවකින් සැරසුනු ඔහු හෙමින් හෙමින් ඒ සීතල අතෙහි අයිතිකාරයා දෙසට හැරුනා.
ඒ හැරුනු සැනෙකින් තම උනුහුමට ගුලි උන තම හුරුබුහුටි ආදරවන්තයාගේ හිසෙන් ආදරණීය හාදුවක් තැබූ ඔහු තව තවත් මේ හුරුබුහුටි ආදරවන්තයාව තම තුරුලට ඈදා ගත්තා.

"සෙනෙහස්"


(සෙනෙහස් අකලංක )

" ගොඩක් වෙලාද ඇවිල්ලා. මං පරක්කුද ඔයාට මහන්සිද"

හුරුබුහුටි ආදරවන්තයාට ප්‍රශ්න ගොඩයි.

"අනේ නෑ මැනික. මං දැන් ආවේ. මට මහන්සි නෑ. මගෙ මැණිකගෙ මූන දැක්කහම තිබ්බ මහන්සියත් නැති වෙලා ගියානෙ"

ආදරණීය හමුවක්. දින දෙකකට පසු ආදරවන්තයන් දෙදෙනෙක් එකිනෙකාගෙ උනුහුම හොයනවා.

"හරි හරි දැන් වදුරු පැටියා වගේ එල්ලිලා ඉන්නෙ නැතුව එන්නකො මෙතනින් ඉදගන්න"

"ආ ආ ආ.... දැං මං වදුරු පැටියාද. අනේ නිකන් ඉන්න සෙනෙහස්.හැමදාම ඔහොමයි ඔයා. මං තරහයි. ම්හුක්. මං වදුරු පැටියා නං ඔයා ගෝරිල්ලෙක්...."

චූටි ආදරවන්තයාට තරහා ගිහිල්ලා. මොකද ඉතින් ඔහුගෙ සෙනෙහස් ඔහුට වදුරු පැටියා කිව්වනෙ.

"මගෙ ආයු මැණිකට තරහ ගිහිල්ලනෙ"

(ආයුශ් සන්දීප)

"බලන්න්කො කම්මුල් දෙකත් රතු වෙලා.. දැන්නම් හිතෙන්නෙම හපලා හපලා ගිලින්න.."

කට කොනේ හිනාවක් රදවගෙන සෙනෙහස් ඔහුගේ ආයු මැණිකට විහිලු කරනවා.

"අනේ......... හැරෙන්න හැරෙන්න අනිත් පැත්ත. බලන්න එපා ඔය හිනාව දාගෙන. මහ වලත්ත හිනාවක්නෙ අප්පා......"

"මෙන්න මෙහෙ වරෙන් බං... මං උබ ලග නැතුව වෙන කවුරු ලග වලත්ත වෙන්නද.. මගෙ පිස්සු කෝලම.."

සෙනෙහස් තම ආදරවන්තයව තම තුරුලට ගනිමින් කිව්වා.

හුරුබුහුටි ආදරවන්තයට ලැජ්ජ හිතිලා. ඉතින් ඔහු තම මුහුන සෙනෙහස්ගෙන් වහන් කරගන්න වගේ ඒ උනුසුම් පපුව අස්සේ හංගගත්තා. ඒ පපුව ගොඩක් උනුසුම් ඇති. ඒ නිසයි සෙනෙහස්ගෙ ආයු මැණික තව තවත් ඒ උනුහුමට ගුලි උනේ.

"අයියේ.."

විනාඩි කීපයකට පසු ආයුශ් ඔහුගේ හඩ අවදි කරා.

"ම්ම්ම්... කියන්න මැණික"

"ඊලග ආත්මෙත් අයියා මගෙම වෙනවද"

සෙනෙහස් ආයුට ප්‍රතිචාර දැක්වුයේ මද සිනහවකින්.

"නැතුව... මගෙ මැණික හිතනවද උඹ නැතුව මේ අයියාට ජීවිතයක් තියෙයි කියලා.. ඊලග ආත්මේ නෙමේ තව ආත්ම සීයක් ගියත් මං උඹව හොයන් අනිවාරෙන් එනවා."

"හ්ම්ම්ම්"
"මට අයියව දාලා යන්න උනොත්!?"

"ඇයි!? උඹ මාව දාලා කොහෙ යන්නද? ම්ම්ම්... උඹ දන්නවද, උඹ ළග නැතුව ගෙවන තත්පරෙත් මට දැනෙන්නෙ මහ කාලකන්නිකමක්. උඹ නැති උනොත් සත්තයි මං මැරිලා යයි. උඹ නැති තත්පරයක් ගැනවත් මට හිතන්න බෑ මගෙ මැණික. "

"ම.ට එච්චර ආදරේ කර..න්න එ..පා අයි..යේ. ඔයාගෙ ආදරේ ම.ට ගො.ඩක් බර වැඩීනෙ. "

බෝල ඇස් වල කදුළු පුරෝගන්න ගමන් සෙනෙහස්ගෙ පපුවට තුරුළු උන ආයු ලාවට ඉකිගහන ගමන් කිව්වා...

"අනේ මගෙ පිස්සු කෝලම. මොකද දැන් මේ කදුලු පුරෝගෙන. මං එච්චර දුක හිතෙන්න දෙයක් කිව්වෙ නෑනෙ"

"අනේ නිකන් යන්න ඒයි. ම්හුක්.ඔයා හැමදාම ඔහොමමයි. හෙන දාර්ශනික වදන් කියෝලා... මාවත් අඩෝලා... අන්තිමට විහිළු කරනවා"

"ආදරේටනෙ මැණික ඉතින්... මං ආදරෙයිනෙ මගෙ බෝල ගෙඩියට"

"මං බෝල නෑ!!!!!"

"ඔව් ඔව් ඔයා බෝල නෑ ඔයා මගෙ චබී කොල්ලා"

"අනේ!!!! අයියේ!!!!!"

"හරි හරි මැණිකෙ.. අයියා විහිළුවක් කලේ.... කියන්නකො බලන්න ඉතින් දැන් කැම්පස් වැඩ ටික එහෙම හොදට කෙරීගෙන යනවද කියලා"

ආදර බස් අවසානයෙත් හුරතල් රණ්ඩුව අවසානයෙත් සෙනෙහසුත් ආයුත් ආගිය තොරතුරු කතා කරන්න පටන් ගත්තා. කටත් උල් කරමින් හුරතලෙන් ඉහවහා ගිය ආයු කියවන විදිහ දිහා සෙනෙහස් හරි ආදරෙන් බලාගෙන හිටියා.

බැසගෙන යන හිරුත් සීතල හුලගත් ගල් පඩිය උඩ ආදර බස් දොඩන ආදරවන්තයන් දෙදෙනාගෙ හමුව තව තවත් සුන්දර කලා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මැණිකෙ උඹ සීතල වෙලා! අපි යමුද? නැත්තන් මගෙ මැණික ලෙඩ වෙයි"

"ම්හු..තව ටික වෙලාවක්.. ඉර බහිනකන් ඉමු.. තව පොඩිම පොඩි වෙලාවයි.. ඊට පස්සේ මං යනවා..."

"අයියෙ..."

"ම්ම්ම්..."

"අයියට මං හින්දා කරදරේ නේද... නිවාඩුවට ගෙදර ගිය ගමන් ආයෙම මාව බලන්න එද්දි.."

"මට මොකද්ද තියන කරදරේ. ආහ්හ්!! මගෙ කොල්ලා බලන්න මං එන්නෙ නැතුව වෙන මොකා එන්නද...

"ඒත්.... ආයෙ මා.ව බ.ලන්..න එන්න එ..පා අයියේ"

"මො..මොක..ද්ද මොනාද ආයු මේ කිය--

ආයුශ්ගෙ වදන් සෙනෙහස්ට එක් කලේ පුදුමයක්. ඇයි? ඇයි ආයුශ් ඒ වගේ දෙයක් කියන්නෙ. හේතුව..?. තත්පරයක් උනත් තමන්ගේ උනුහුමෙන් ඈත් වෙන්න ලෝභකම් කරන ආයු එවැනි දෙයක් කියන්න තරම් හේතුවක් සෙනෙහස්ට හිතාගන්න බැරි උනා.

ඉතින් සෙනෙහස් සැරසුනේ ආයුශ්ගෙන් හේතුවක් අහන්න. ඒත් එයට බාධාවක් වෙමින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුනා.

එහි සදහන් නම ඔහුගෙ හිතට අමුත්තක් ගෙන දුන්නා.

එහි සදහන් උනේ 'අම්මා'

"ඕක ආන්ස කරන්න අයියේ"

ආයුශ් සෙනෙහස්ගේ උරහිසට තම හිස තබමින් කිව්වා.

නාදවන දුරකථනය දෙස තත්පර කීපයක් බලාගෙන සිටි සෙනෙහස් එයට ප්‍රතිචාර දැක්වුවා.

"හෙලෝ අම්මා?"

"පුතා...පුතා ඔයා කොහෙද ඉන්නෙ"

සෙනෙහස්ට අහන්න ලැබුනෙ වෙනදා ඇහෙන ආදරණීය කටහඩ වෙනුවට කලබල වුනු කටහඩක්.

"මං මීගමුවට ආවානෙ අම්මා.. ඇයි මං අම්මාට කියලනෙ ආවෙ අද ආයුව හම්බෙන්න එනවා කියලා"

"ආ..යු?"

"අම්මා ඇයි මේ... ඇයි කලබලෙන් වගේ"

"පු..තා... ආ..යු.. ආයු නැ..ති වෙලා පුතා!"

"මො...කද්ද? අම්මා මොනාද මේ කියවන්නෙ... විහිළු කරන්න එපා.."

"ආයු අපිව දාලා ගිහිල්ලා පුතා. දැන් ටිකකට කලින් ආයු පුතා ඇක්සිඩන්ට් වෙලා!!"

"අම්මා ඔයා හොද සිහියෙන්ද කතා කරන්නෙ. ආයු මෙතනනෙ. අපි දැන් ගොඩක් වෙලා ඉදන් බීච් එකේ ඉන්නෙ...

" දැන් ආයු මගෙ උරහිසට ඔළුවත් තියාගෙන ඉන්නෙ ආයු මෙත--

"ආයු? ආයු කොහෙද ඔයා!?"
"ආයූ!!!!!!"

"හෙලෝ පුතා..... පුතා මං කියන දේ අහන්න දරුවො. ආයු ඔයා ලග නෑ පුතේ"

"නෑ නෑ අම්මා ආයු... ආ..යූ.. මං ලග හිටියා. මං ලග හිටියා අම්මා. මං... මං ෆෝන් එක තියනවා. ආයු කොහෙට හරි යන්න ඇති. ඉන්නකො.... ඉන්නකො මං එයාව හොයාගන්නම්."

සෙනෙහස් ඇමතුම විසන්ධි කලා. ඔහුට ඕනෙ දැන් ආයුව හොයාගන්න. ඔහුගේ ආයු කොහෙ යන්න ඇතිද.

"ආයූ......ආයූ........ ඉන්න තැනකින් එන්න ආයූ..."
"කොහෙද රත්තරනෙ ඉන්නෙ.... ආයූ!!!!"

සෙනෙහස් දැන් උන්මත්තකයෙක් හා සමාන වෙලා.වෙරල පුරාවට හොයන්න පුලුවන් හැමතැනකම ඔහු ආයුව හොයනවා. පුළුවන් හැමතැනකම ඔහු ආයුව හෙව්වා. ඒත් නෑ. ඔහුගෙ ආයු ඒ කොහෙවත් නෑ. නාදුනන මිනිස්සුන්ගෙන් ඇහුවත් ඔවුන්ගෙන් ලැබුනෙ එකම පිලිතුර

"එහෙම කෙනෙක්ව නම් දැක්කෙ නෑ"

මහන්සි වැඩිකමට සෙනෙහස් ගල් පඩියක් උඩින් වාඩි උනා. දණහිස් දෙකට වැලමිට වාරු කරගන්න ගමන් ඒ අත් දෙකෙන්ම හිසකෙස් ටික ඇද ගත් සෙනෙහස් විඩාබර හුස්මක් පහල දැම්මා. ඒත් එක්කම සෙනෙහස්ට ඇහුනෙ හුරුපුරුදු කටහඩක්

"සෙනෙහස්?"

සෙනෙහස්ගේ කුඩා කල සිට හොදම මිතුරා. නමින් ඔහු රෙහාන්.

"සෙනෙහස් මචං උඹ හොදින්ද"
"උඹේ අම්මා කිව්වා උඹට විස්තරේ කිව්වා කියලා.

හති දාන ගමන් සෙනෙහස් ලගට දුවගෙන ආව රෙහාන් සෙනෙහස්ට කතා කලා.

"අනේ රෙ..හා..න් ආ..ආ..යු.. මෙත..න මෙත..න හිටි..ය..නෙ.. බං. අතන..අර.. අර..අතන ගල් පඩිය උඩ අ..පි.. දෙ..න්..නම හි..ටියෙ..බං. මගෙ ආ..යු කොහෙද බං ගියේ"

ඇදුම් කන හදවතත් වෙවුලන කටහඩත් එක්ක සෙනෙහස් ඉකි ගහන්න පටන් ගත්තා. ආයු ගැන සෙනෙහස් රෙහාන්ගෙන් ප්‍රශ්න කරනවා.

"මචං මේ අහපං. මට උඹට දැං බොරු කියලා සනසන්න බෑ. උඹ ඇත්තට මූන දෙන්න ඕනෙ බං.ආයු දැන් ටිකකට කලින් ඇක්සි..ඩන්..ට් උනා. ඌ හිටියෙ උඹව බලන්න එන ගමන්. කොහෙද යන කාලකන්නියෙක් ඌව ය..ට කර..න් ගි..හි..න් බං. කොල්ලව හොස්පිට්ල් දාද්දිත් උගෙ පන ගිහින්. අපිට ආයුව නැති උනා බං අපිට ඌව නැති උනා සෙනෙහස්!! අපේ පොඩි එකාව අපිට නැති උනා!!"

ගොත ගහන ගමන් වෙවලන කටහඩකින් කතාකරපු රෙහාන්ගෙ වචන සෙනෙහස්ගෙ පපුවට කිනිසි තුඩු සිය දහසකින් එකවර පහර දෙන වේදනාව හා සමාන වේදනාවක් ගෙන දුන්නා. ඒත් එක්කම සෙනෙහස්ට මතක් උනේ මගදි ඔහුට අහන්න ලැබුනු රිය අනතුර ගැන.

""කොල්ලෙක් හැප්පිලා. ටිපර් එකකට යට වෙලා තියෙන්නෙ. පාරෙ ලේ එකයි. දකිද්දිත් ඇග හිරිවැටෙනවා.. පව් ඉතින් තරුණ ජීවිත.""

තවදුරටත් කකුල් දෙකට වාරු නැති තැන සෙනෙහස් වැලිපොලොව මතට කඩා වැටුනා. ඒ වචන සෙනෙහස්ගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දුන්නා.

"නෑ!! නෑ!!!නෑ!!!!! එහෙම වෙන්න බෑ!!!! මගෙ ආයු ඉන්නවා. උඹලා බොරු කියන්නෙ!! හැමදේම බොරු!! සේරම බොරුකාරයෝ!! "

"මගෙ අයියේ"

අත් දෙකෙන්ම කන් දෙක තද කරලා වහගෙන කෑගහන සෙනෙහස්ට සිහින් නිවුන කටහඩක් ඇහුනා.

ඉතින් ඒ වෙන කවුරුත් නෙමේ. මෙතුවක් වෙලා තමන්ගෙ උනුහුමට ගුලි වෙලා උන්නු අවුරුදු ගානක පෙරුම් පිරූ ඔහුගේ පලමු සහ අවසාන ආදරය.

"මගෙ අයියේ. අනේ අඩන්න එපා අයියේ.  මං කොහොමද සැනසීමෙන් යන්නේ රත්තරනෙ...

මට මගෙ අයියව දාල යන්න ඕන උනේ නෑ. අනේ ඒත් මට සමාවෙන්න.
අයියගෙ ආයු මැණිකට ගොඩක් දුර යන්න සිද්ධ වෙලා. අයියගෙ අත අතෑරලා ගොඩක් ඈතකට...
අපි දෙන්නාම දැකපු හීන ඇතුලේ මගෙ අයියව අතරමං කරලා යන්න උනාට මට සමාවෙන්න. ආයු එක්ක තරහා වෙන්නේ නෑ නේද..

"නෑ!! නෑ!! මගෙ මැණික මං තරහා නෑ!!! අයියා ලගට එන්න මගෙ දෙයියෝ තව ඈතට යන්න එපා!!"

‍රැල්ල දෙසට ඇදීගෙන යන ආයුගෙ චායාව දිහා බලාගෙන සෙනෙහස් කෑගසන්න ගත්තා. වැලි පොලොව මත දණගහගෙන රැල්ල දෙසට අත් දිගු කරමින් සෙනෙහස් සිදු කරන්නේ තනිකරම විලාප තැබීමක්...

"මට සමාවෙන්න අයියේ. ආයුට ආයෙ එන්න බැහැ. ආයුට යන්න වෙලාව හරි.. ඒත් පොරොන්දු වෙන්නම්. මගෙ අයියා ලගින්ම ඉන්නවා කියලා..
මං ආදරෙයි.... මේ පපුව පිරෙන්නම මගෙ සෙනෙහස්ට මං ආදරෙයි"

"එපා ආයූ..! එපා එපා එපා!!!.. උඹට බෑ මගෙ මැණික මේ අයියව දාලා යන්න...!!"

ආයු මද සිනහවක් රදවාගෙන හිස දෙපසට වනමින් අඩියෙන් අඩිය රැල්ල දෙසට පියමැන්නා..

හෝරාවකට ආසන්න කාලයක් සෙනෙහස්ගෙ තුරුලෙ උනුහුම සෙවූ ආයු ඔහුගේ ඇස් පනාපිටම චායාවක් වී නොපෙනී ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

බැස ගිය හිරුගේ අඩුව මකන්න පුර හද අහසේ දිලෙන විටත් සෙනෙහස් සිටියේ වැලි පොලොව මත දණගහගෙන.
කම්මුල් මතින් පල්ලම් බැසි වියලුනු කදුළු පාරවල් මලානික උනු ඔහුගේ මුහුණට තවත් මලනික බවක් එකතු කලා. මුළු වෙරලම අදුර විසින් ගිල ගනිද්දි සෙනෙහසුත් රෙහානුත් පමණක් වෙරලෙහි ඉතුරු වුනා.

"ආ..යූ.. ම..ගෙ.. ආ..ය්--"

අවසාන වතාවට සෙනෙහස්ගේ මුවින් පිටවුනේ එපමණයි. රිදුම් දෙන පපුව තද කර ගනිමින් දණින් වැටී සිටි තැනම ඔහු
මුනින් තලා වැටුනා..

ඉතින් තවදුරටත්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔහුගේ හදවතත් නොගැසේවි..
ඔහුගේ හුස්මත් වා තලයට මුසු වේවි..
ඔහුගේ ආයූ පසුපස ඔහුත් පියනගාවි..
මතු භවයක නැවතත් ඔවුන් මුනගැසේවි...

නිමි.















-----------------------------------------------------------

🙂

Continue Reading

You'll Also Like

781K 15.6K 111
Yaszy Romano has been through so much pain and suffering her entire life but it makes her who she is. Dark Angel...Dangerous, Powerful. An Assassin...
1.8K 294 3
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කා...
40.9K 1.5K 29
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...