බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫�...

By _peachy_shew_

4.6K 707 256

""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අ... More

INTRODUCTION
CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 09
CHAPTER 10

CHAPTER 08

312 58 41
By _peachy_shew_

""ස..සහස්...ඇයි මේ.අනේ කතා කරපන් මැණිකේ.මට උබවත් නැති කරන්න එපා""

ලාවට ඇරගෙන හිටපු ඇස් දෙකත් එක්ක මන් පුළුවන් උපරිමෙන්ම මගේ මෙලොව සිහිය තියන් ඉන්න උත්සහා කලත් මට ඒක කරගන්න බැරි උනා.ඇස් අඟ පිරෙන කඳුලුත් එක්ක තිදස්ගේ කටින් පිටවෙන වචනයක් වචනයක් ගානේ මට අහන්න ඕන උනත් ඒ වචන වලින් මගේ මුලු කන් දෙකම පුරවගන්න ඕන උනත් මට ඒක කරගන්න බැරි උනා.ලාවට ඇරගෙන හිටපු ඇස් දෙකත් එක්ක පොඩි ආලෝකයට හුරු වේලා හිටපු මගේ ඇස් සම්පූර්ණයෙන්ම අන්ධකාරයට යනකොට මට අන්තිමට ඇහුනේ තිදස්ගේ වේගෙන් ගැහෙන පපුවේ සද්දේ වෙද්දි මන් ඒ පපුව අස්සට වේලාම ඇස් දෙක පියාගත්තා.මගේ සැනසීම ලඟම....

""සහස්!!!!!!!!""

එයාගෙන් අන්තිමට ඇහිච්ච ගර්ජනාව ඒක වෙද්දි එතනින් පස්සේ වෙච්ච කිසි දෙයක් මට මතක නැති උනා.පුංචිමවත් මතකයක් මට තිබ්බේ නෑ.




















ලාවට ඇස් වලට දැනෙන ආලෝකයට හුරු වෙන්න මන් හෙන මහන්සියක් ගත්තා.තාමත් මට ලාවට උඩින් පේන ලයිට් බල්බ් එකයි වගේම සිවිලිමේ එල්ලලා තියෙන ෆෑන් එකයි දිහා බලන් හිටපු මම ටික ටික මගේ ඇස් දෙක ඒ එලියට හුරු කරගන්න බැලුවා.හිනා සද්දෙකුත් එක්ක කට්ටියගේ හුරු කටහඬවල් ටිකක් මට ඇහෙද්දි මන් දැනගත්තා රිතුම්ලා අනුහස්ලා ඔක්කොම මෙතන ඉන්නවා කියලා.ඇඟ කිලි පොලාගෙන දැනෙන අර සීතල ගතිය අහපවු මට මගේ අතින්ම දැනෙද්දි මන් අමාරුවෙන් හරි ඉක්මනට මේ එලියට මගේ ඇස් හුරු කරගත්තා.ඇරපු ඇස් දෙකෙන් මට කෙලින්ම ඉස්සරහා සෝෆා ඒකේ ඉදගෙන ඉන්න රිතුවයි ශාක්‍යයි අනුහසයි පේද්දි මන් ඉක්මනට මගේ ඔලුව හරවලා මගේ අනිත් පැත්ත බැලුවා.

හැරුන පරක්කුවට මගේ ඇස්වල කඳුලු පිරෙද්දි මන් ඒ කඳුලු වලින්ම බොඳ උන දර්ශනය දිහාම බලන් හිටියා.කැනියුලා එක ගහපු මගේ අත හරි පරිස්සමට අල්ලන් හිටපු එයා ඇඳට ඔලුව තියාගෙන නිදන් ඉද්දි අර නමක් නොදන්න අසම්මතකරීනය උන හැඟීමෙන් මගේ මුලු පපුවම පිරිලා ගියා.ජීවත් වේලා හිටපු අවුරුදු දහනවය පුරාවට මහලොකු කාලයක් හොස්පිල් වල බඩගාලා නොතිබ්බත් හොස්පිල් වල නැවතිලා හිටපු දවස් වලට මෙහෙම මන් ලඟින් හිටියේ මගේ අම්මා විතරක් වෙද්දි දැන් අම්මට අමතරව තව කෙනෙක් මෙහෙම දකින එක මගේ හිත හොල්ලන්න හේතූවක් උනා.ජිවිතේ ශීත කාලවලදි දැනෙමින් තිබ්බ කාලකණ්ණි හැඟීම මට තිදස් නිසාම ටිකෙන් ටික අමතක වෙන ගමන් තිබ්බා.

""සහස්!!""

කැනියුලා එක තිබ්බ අතින් එන වේදනාවත් එක්ක මගේ අත හොල්ලපු එකෙන් උනේ තිදස් නැගිටුන එක.එයා කලබලෙන් ඔලුව උස්සලා මගේ නම කියලා කතා කරද්දිත් මන් එයාගේ මුලු මූන පූරාම මගේ ඇස් දෙක ගෙනිච්චා.මන් හිතන්නේ මට හීල්ලූනා.ඔව් ඇත්තටම මට හීල්ලූනා.වෙදනට මන් ඉස්සරහා හරි ලස්සනට දිස්නේ ගහන තිදස්ගේ අර දිග හීනී ඇස් දෙකේ අද කිසිම දිස්නයක් තිබ්බේ නෑ.ඒ මුලු ඇස් දෙකම බොර පාට වේලා තියෙද්දි තිදස්ගේ දිග ඇහිපිහාටු ඔක්කොම කඳුලෙන් බර වේලා.

"ආදී!!!"

රිතුම්ගේ සද්දෙත් එක්ක සහස්ගේ ඇස් අස්සේ ගිලිලා හිටපු මම අනිත් පැත්ත බලද්දි දැක්කේ ශාක්‍යයි රිතුවයි අනුහසයි තුන් දෙනාම ඇඳේ අනිත් පැත්තට ඇවිත් ඉන්නවා.

"ඇයි මට කිවුවේ නැත්තේ ආදී...ඔයා අහපවු සැමන් කෑවේ කොහෙද.බත්වල තිබ්බේ නෑනේ සැමන්"

මට ඕන උනේ නෑ ඇත්තටම රිතුම්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න නෑ ඇත්තටම මට ඒකට උත්තර දෙන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නෑ.ඒ බොර පාට ඇස් දෙක මතක් වෙන වාරයක් ගානේ මගේ ඇස් දෙක තිදස් ලඟ නතර උනා.එයත් මන් දිහාම බලන් ඉන්නවා ඒ බොර පාට ඇස් දෙකෙන්ම.අනේ ඔහොම ඉන්න එපා තිදස් මගේ පපුව කකියනවා.

මගේ ඇස් නවතින තැන තේරුම් අරන්ද කොහෙදෝ ශාක්‍ය රිතුම්වයි අනුහසයි අරන් කාමරෙන් එලියට යද්දි ඒ කාමරේ ඇතුලේ මායි තිදසුයි තනි උනා.තවත් මෙහෙම ඉන්න බැරි උන මම නැගිටලා ඉදගන්න හදද්දි ඉක්මන් උන තිදස් මට උදව් කලා.මන් එරමිනිය ගොතාගෙන ඇඳෙන් වාඩී වෙද්දි එයා ඒ බොර පාට ඇස් දෙකෙන් තාමත් මන් දිහා බලන් ඉන්නවා.හැඟීම් ගොඩක් පිරිලා ඉතිරිලා යන ඒ ඇස් දෙක මගේ මුලු මූණ පූරාම යන හැටි මන් හරි සීරුවෙන් බලන් හිටියා.එයා හරි කලබලයි.ඒ ඇස් හරි කලබලෙන් මන් හොඳින් ද කියලා හොයනවා.හැඟීම් නිහඬ වෙච්ච මිනිහෙක්ට ඕන එක ආදරණීය වැලඳගැනීමක් විතරමයි.ඒ වැලඳගැනීමෙන් තමන්ව දැනෙන්න දෙන එක විතරමයි.මන් දෙපාරක් නොහිතම එයා බඳාගත්තා.තප්පර ගානක් යද්දි මාත් එයාගේ ඒ ලොකු අත් අස්සට හිර උනා.

"මන් හොඳින් තිදස් මන් හොඳටම හොඳින්"

එයාගේ කනට කරලා මන් හොඳින් කියලා හරි හිමින් කියද්දි මට තේරුනා එයාගේ අත් වලින් මාව එයා තව තවත් කිටි කිටියේ තුරුල් කරගන්නවා.එයාගේ ලැවෙන්ඩ්‍රා මික්ස් වෙච්චි රෝස් සුවඳ කවදටත් වඩා හොඳින් මගේ නාස් පුඩු හරහා යද්දි මන් ඇස් වහගෙනම එයාගේ ඒ සුවඳ වින්දා.තාමත් හයියෙන් ගැහෙන එයාගේ පපුවේ රිද්මය මට හොඳින්ම දැනෙනවා.එයා තාමත් කලබලෙන්!!මගේ එක අතක් අරන් ගිහින් එයාගේ පිටෙන් තිබ්බ මන් හෙමීට ඒ පිට අතගාන්න ගත්තා.ටිකෙන් ටික සාමාන්‍ය වෙන එයාගේ පපුවේ රිද්මය දිහා මන් හොඳට අහන් හිටියා.ඇයි එයා මේ තරම් කලබල වෙන්නේ.මට තාමත් ඒක ප්‍රශ්නයක්...

""ම...මගේ සහස්""

එයා කියපු දේත් එක්ක ඊලඟට පපුව හයියෙන් ගැහෙන්න ගත්තේ මගේ වෙද්දි මන් මුකුත් කරගන්න බැරුව ඔහේ බලන් හිටියා.නෑ ඇත්තටම එයාගේ ඒ වචන බර වැඩී.ඔව් ඇත්තටම එයාගේ ඒ වචන බර වැඩී මට.මන් ඔහේ ගල් පිලිමයක් වගේ එයාගේ අත් අස්සට හිර වේලා බලන් හිටියා.

""මන් බය උනා සහස්.අන්තිමට මට උබවත් නැති වෙයි කියලා මන් බය උනා.උබේ තිදස්ට ඉන්නේ උබ විතරයි සහස්""

එයා කියන වචනයක් ගානේ මට තවත් නිකන් ඉන්න බැරි කොට එයාව මගෙන් ඈත් කරපු මන් ඒ අත් දෙකම හයියෙන් අල්ලගත්තා.මගේ අත් එක්ක බලද්දි මේ මිනිහගේ අත් හෙන ලොකුයිනේ අප්පා.

"මන් හොඳින් තිදස්.මේ බලන්න ඒක නිකන් ඇලර්ජි එකක් විතරයි මන් හොඳටම හොඳින්"

මන් එයාගේ අත් දෙකම මගේ අත් දෙකෙන් අල්ලලා කියද්දි එයා අපි දෙන්නගේ අත් දිහාත් බලලා අහපවු මගේ මූණ දිහා බැලුවා.

""සහස් හුස්ම ගත්තේ නෑනේ.මන් බය උනානේ සහස්""

අනේ දෙයියනේ.මේ මිනිහා මෙච්චර හුරතල් ඇයි අප්පා.මගේ මූණ දිහාම බලන් එයා මන් හුස්ම ගත්තේ නෑ කියලා කියපු විදිය මට මැවිලා පේන්න ගත්තා.ඇත්තටම මන් හිතුවේ නෑ තිදස් කියන මනුස්සයාට මේ වගේ පැත්තක් තියෙයි කියලා.ඒ මොනවා උනත් එයා මගේ යස්ස මූණූ බේබද්දා විතරයි.ම්හුක්.

"ඒ උනාට මන් දැන් හුස්ම ගන්නවනේ.මේ පේන්නේ නැද්ද මන් දැන් ඔයා එක්ක කතාත් කරන්නේ"

""අහපවු එහෙම කරන්න එපා සහස්.මට බය හිතෙනවා.මට ඉන්නේ ඔයා විතරයි සහස්""

එයාගේ අතින් අල්ලන් හිටපු මගේ අත අල්ලගත්ත එයා මාව එක පාරටම ඇඳලා අරන් ඒ පපුවට තුරුල් කරගද්දි මන් එහෙමම හිටියා.මට මේ තිදස් කරන දේවල් වලින් එයාගේ හැම හැඟීමක්ම දැනුනත් මට ඕන උනා එයාගේ ගැඹුරු කටහඬේන් එයාගේ ඒ වචන වලින්ම ඒ හැම හැඟීමක්ම අහන්න.ඒත් මන් නිහඬ උනා.හැමදේටම කාලයක් තියනවා.එයා ලස්සනම වසන්ත කාලයේ මට ඒක කියයි මන් බලන් ඉන්නවා හැමදාටම.මගේ ජීවිතේ දීර්ඝ වෙන හැම සිසිර රාත්‍රියකම එයා මන් ලඟ ඉන්න එකම මට ඇති.කොච්චර සිසිර රාත්‍රීන් දීර්ඝ උනත් ඒයාගේ ඒ උණුහුමෙන් ඒ හැම රාත්‍රියක්ම කෙටි සුන්දර රාත්‍රීන් වෙයි කියලා මට විශ්වාසයි.ඉතින් මන් බලන් ඉන්නවා ආදරණීයම මේ මනුස්සයා එක්ක හැම ඍතුවකම ඇවිදන් යන්න.

තවත් ටිකක් වේලා එහෙමම හිටපු එයා මගෙන් ඈත් වෙද්දි සත්‍තයි මට පුදුම තරම් හිස්කමක් දැනුනා.එයා ඈත් වෙනවත් එක්කම එයා දිහා බලලා හිනා උන මන් දිහා අහපවු අර දිස්නේ ගහන ඇස් වලින්ම බලන් හිටියා.ඒ ඇස් මන් ඉස්සරහා හරි ලස්සනට දිස්නේ ගහන්න පටන් අරන් ලඟකදී ඉදලා.ඒත් මට ඇත්තටම තේරුම් ගන්න බැරි උනේ ඒ දිස්නේ ගහන ඇස් දෙක ඇයි මන් මීට කලින් නොදැක්කේ කියලා.

""අපි මේවට මොනවා හරි ක්‍රීම් එකක් ගාමූ සහස්""

එයාගේ දිග ඇඟිලි මගේ කම්මුලක රටා මවන ගමන් එයා කියන දේවල් මන් අහන් හිටියා.සමහරක්විට පලු දාලා ඇති.ඕක මට කලින් පාරත් උනා.රතු පාටට චූටී චූටී පලු දැම්මත් ඒවා පැයකින් දෙකකින් විතර අඩු වේලා ගියා.මේවත් කොහොමත් ඉක්මනට අඩු වෙයි කියලා මට හිතුනා.

එක පාරටම දොරට තට්ටු කරන සද්දෙත් එක්ක අපි දෙන්නම ඒ පැත්ත බලද්දි භාගෙට ඇරුන දොරෙන් ශාක්‍යයි රිතුවයි අනුහසයි ආවා.ඒ තුන් දෙනත් ඇවිත් තිදස් ගාවින් හිටගත්තා.

"දැන් කොහොමද ආදී"

"ඕක තමා උබට කියන්නේ අහු වෙන අහු වෙන ලබ්බ කටේ දාගන්න එපා කියලා"

"අනේ වැඩක් නෑ අනුහස් මූට කියලා.අඩුම මූ මටවත් කිවුවේ නෑ සැමන් කැවුනා කියලා.කිවුවනා මෙච්චර දෙයක් වෙන්න කලින් මොනවා හරි කරනවනේ"

"ඇයි දෙව්මිත් ඩොක්ටර් ද"

"නෑ වෙන්ඩ ඩොක්ටර් ඇයි මොකත තමුසේ"

"කවුද කිවුවේ දෙව්මිත් වෙන්න ඩොක්ටර් කියලා"

"සෞඛ්‍ය ජනරාල් අධ්‍යක්ෂක ඇයි අවුල්ත"

"උබට ඩො~"

""දෙන්නම නවත්තගනින් උබලා දෙන්නට රණ්ඩු වෙන්න ඕනේ නම් අන්න තියනවා දොර එලියට ගිහින් රණ්ඩු වෙයන්""

අනේ සාධූ.හොඳම වැඩේ ඕකූන් දෙන්නට.යකෝ මාව බලන්න ආපූ දෙන්නා මෙතනටත් ඇවිත් කෙහෙවලු පටලවන් රණ්ඩු වෙන්න ගත්‍තා.අනේ මන්දා මට හිතාගන්න බැරි මුන් දෙන්නා කොහොම ආදරය කරයිද කියලා.ඇයි යකෝ බැලුවොත් නැත්නම් නයයි මුගටියයි වගේ රණ්ඩු වෙනවා.මෙච්චර වේලා මුන් දෙන්නගේ රණ්ඩුව අහන් හිටපු තිදස් දොර පෙන්නලා උන් දෙන්නටම බනිද්දි රිතුවා ශාක්‍යටත් ගස්සගෙන ගිහින් සෝෆා ඒකේ ඉදගත්තා.ශාක්‍යත් ඒ එක්කම ගිහින් සෝෆා එකෙන් ඉදගද්දි අනුහසත් එතන තිබ්බ පුටුවකින් වාඩි වේලා ෆෝන් එක ඔබන්න පටන් ගත්තා.

ලාවට දැනෙන වේදනාවත් එක්ක මන් හෙමීට අත දිහා බැලුවා.කැනියුලා එක ගහලා තිබ්බ අත  ඉදිමෙන්න අරන් තියෙද්දි මට ඕන උනේ දැන් ගෙදර යන්න.මේක අස්සේ දවස් ගනන් මේ පැංචට ඉන්න බැහ් අයියෝ.

""රිදෙනවද""

මගේ කැනියුලා එක ගහලා තිබ්බ අත පරිස්සමෙන් එයාගේ අතට ගත්තු එයා රිදෙනවද කියලා අහද්දි මන් ඔලුව විතරක් හොලවලා එයාට උත්තර දුන්නා.එයාගේ ඇස් දිහා බලන් ඉන්න මාව නිකන් දිය වෙනවා වගේ.තේරුම් ගන්න බැරි මහ හැඟීම් කන්දක් එයාගේ ඒ ඇස් අස්සේ ඒ බැල්ම අස්සේ පොදි ගැහිලා තියනවා.මට මේ මනුස්සයට හෙනට ආදරේ හිතෙනවා අනේ.

""සේලයින් එක ඉවර උන ගමන් අපි යමු"'

මන් එයා දිහාම බලන් හිටියා ඒ ආදරණීය බැල්ම නිසාම මන් බලන් හිටියා.තිදස් කියන්නේ පුදුම තේරුම් ගැනීමක් තියෙන මනුස්සයෙක්.අනිවාර්යයෙන් එයාට තේරෙන්න ඇති මට දැන් මෙහේ ඉදලා ඇති වේලා කියලා.මන් එයත් එක්ක කතා කරපු දවසේ ඉදන්ම එයා හරි ලස්සනට මගේ හිත කියෙව්වා.එක අතකින් මට මේ මනුස්සයා ගැන පුදුමයි.මනුස්සයෙක්ට මේ තරම් තේරුම් ගැනීමේ ශක්තියක්!!!
මන් තවත් කල්පනා කරනවා ඒ ගැන.

"අනේ බබාහ් මගේ අත රිදෙනවනේ අයියෝ.ඔයාට බැරි ද ඒයි මගේ අතේ තියෙන කට්ට අරන් ඔයාගේ අතේ ගහගන්න"

'එහාට පලයන් දෙව්මිත් මන් ආස නෑ ඔව්වට'

"පලයන් යන්න පෙන්දා.කිසිම රොමෑන්ටික් ගතියක් නෑ මූගේ.අනුහසාආආආ මන් මූව ඩිවෝස් කරනවා අනේ"

"ඔයා එයාව ඩිවෝස් කරලා මාව කරකාර බැන්දගන්න ඒයි.කෝ බලන්න බබාගේ කොහෙද රිදෙන්නේ කියලා"

"මේ බලන්න අනේ මෙතන රිදෙනවනේ බබාහ්.ඔයා මාව කරකාර බැදගන්නවා නේද"

ආහ්හ්හ්හ්හ් මූන් සක්කිලි පරෙයියෝ ටික.තිදස් මගෙන් රිදෙනවද කියලා අහපු එක මුන්ට ඇහිලාද කොහෙද දැන් මුන් ඒක මෙතන රඟ දක්වන්න පටන් අරන්.රිතුවා ගිහින් ශාක්‍යගේ ඇඟේ එල්ලෙන්න හැඳුවත් ශාක්‍ය ඌව අයින් කලා.යස වැඩේ බේසිකයට මට ඔහොම කරන්න එනවට.අනේ සාධූ.
එතනින් පසු නොබැස්ස මහා මේරූ පර්වතයක් බඳු අපේ රිතුවා අනුහසා එක්ක එකතු වේලා මේ පැංචට අපහාස කරනවනේ අයියෝ.මේ ඔක්කොම ආදරේ නිසානේ.ම්හුක්.

"අනේ බබා එ~"

""රිතුම්!!!!!""

තිදස්ගේ සද්දෙට මන් විතරක් නෙවෙයි පැත්තකට වේලා හාන්සි වේලා හිටපු ශාක්‍යත් ගැස්සිලා ගියා.

"මොකද බල්ලෝ කෑ ගහන්නේ"

පැත්තකට වේලා හිටපු ශාක්‍ය එක පාරටම තිදස්ගෙන් අහද්දි තිදස් කලේ ශාක්‍ය දිහා රවලා බලපු එක විතරයි.හරි ඉතින් එච්චරයි.ශාක්‍ය නිහඬයි.දැක්කනේ දැක්කනේ ශුඩු මහත්තයයේ පවර් එක.ගැම්මෙන් ඉන්න ඕන.

"ඇයි මොකත ඔයා.ඔය සද්දෙට අපි බය වෙන්නේ නෑ හර්තේ.නේත අනුහ~"

යසයි පොඩි බේසිකයා කට වරද්දගන්නවා කියන්නේ ඉතින් ඕකට තමයි.රිතුවා අපි බය වෙන්නේ නෑ කියලා අනුහසාගෙන් ඇත්ත නේද අහපුව අනුහසා කලේ මෝඩ පහේ හිනාවක් තිදස්ට පෙන්නලා එතනින් ශේප් ඒකේ මාරු උන එක වෙද්දි රිතුවට තවත් කියන්න වචන නැති උනා.ඕකගේ කට තියෙන්නේ ඌ එක්ක මන් හරි අනුහසා හරි සහනා හරි හිටියොත් විතරයි.නැත්නම් ඌගේ කබල් බෙලේක්කේ වැඩ නෑ.හොඳම වැඩේ මූකලන් බස්සට.

"නෑ ඉතින් මන් මේ කිවුවේ බය නෑ කියලා විතරයිනේ කරන් යන්ට කරන් යන්ට අපෙන් බාධාවක් නෑ අයියෝ"

රිතුවා ශේප් ඒකේ ශාක්‍ය ගාවට ගිහින් ශාක්‍යගේ උරහිස උඩින් ඔලුව තියාගන්න විදිය මන් බලන් හිටියා.මන් හිතන්නේ උන් දෙන්නා දැන් සෙට්.ඒත් මට තේරුන විදියට මුන් දෙන්නගේ මේ පලහිලව්ව අද ඊයේක ඇති උන එකක් නෙවෙයි.අද ඊයේක ඇති උනා නන් මුන් දෙන්නට මෙහෙම ඉන්නත් බැහ්.කොහොම හරි රිතුවා මට ඒක කියන කාලේක කියයි එතකන් මන් බලන් ඉන්නවා.ඇරත් දැන් උන් දෙන්නා සතුටින් නම් පරණ කතා මොකටද අනේ.දැන් ඉන්න විදියයි වර්තමානයේ සිද්ධ වෙන දේවලුයිනේ වැදගත් වෙන්නේ.

මෙච්චර වේලා ඒ දෙන්නා දිහා බලන් හිටපු තිදසුත් මගේ පැත්ත හැරුනම මන් තිදස් දිහා බලලා හිනා උනා.මගේ ඒ හිනාවත් එක්ක එයාගේ මූණෙන් හරි ලස්සන හිනාවක් ඇඳුනා.එයාගේ ලා හිනාවට මන් හරි ආසයි.එයා සමහරක් වේලාවට හිනාවෙන්නේ හරි පරිස්සමෙන්.හරියට නිකන් මූණට රිදෙනවා වගේ.මල විකාරනේ අප්පා.හිනා උනා කියලා මූණ ගෙවෙනවද..නෑනේ!!

එතන ඇඳ ලඟම තිබ්බ පුටුවෙන් ඉදගත්ත තිදස් මගේ අත අල්ලගෙන ඒ අත හරිම හෙමින් අතගාන්න ගත්තා.කැනියුලා එක වටේට එයා හෙමින් මගේ අත පිරිමදිද්දි මෙච්චර කල් වචන වලින් විතරක් දැනුන එයාගේ ආදරණීය ගතිය පලවෙනි වතාවට එයාගේ ක්‍රියාවෙනුත් දැනෙන්න ගත්තා.මට ඇත්තටම සැක හිතුනා මේ මනුස්සයට දෙන්න තරම් ආදරයක් මන් ලඟ තියනවද කියලා.ඒ තරම් එයාගේ ඒ ආදරය මට දැනුනා.

සේලයින් එකේ තව පොඩ්ඩක් විතරක් ඉතුරු වේලා තියෙද්දි මන් සේලයින් එක දිහාම බලන් හිටියා.ඇයි හත්දෙයියනේ මට තිදස්ගේ මූණ බලන්න බෑ අනේ.මේ පැංචට ලැජ්ජ හිතිලනේ.ඉතින් මන් කර්ටන් අස්සේ තියෙන වීදූරු වලින් පේන එලිය දිහායි සිවිලිමේ තියෙන කොටු දිහායි සේලයින් බෝතලයි දිහායි මාරුවෙන් මාරුවට බලන් හිටියා.

ඒ එක්කම වගේ දොර ඇරුනම මන් දොර දිහා බැලුවා.දිග සුදු කෝට් එකත් එක්කම ස්තැතස්කෝප් එක අතේ තියාගෙන ලස්සන හිනාවක් එක්ක අපි ලඟට එන මනුස්සයා දිහා බලන් හිටියා.එයාට පිටිපස්සෙන් තව නර්ස් කෙනෙකුත් ආවා.තිදස් එක්ක හරි ලස්සනට හිනා වේලා තිදස්ගේ පිටට තට්ටුවකුත් දාගෙන මගේ ලඟට ආපූ එයා මාත් එක්ක හිනා උනාම මාත් එයා එක්කම මන් ලඟ තිබ්බ ලස්සනම හිනාවෙන් හිනා උනා.

"Fells good?"

එයා මගෙන් අහද්දි මන් ඔලුව විතරක් හොලවලා එයාට උත්තර දුන්නා.

"මෙයාව කොහෙන්ද චූටී හොයාගත්තේ.ගෝඩ් හරි හුරතල්නේ අප්පා"

මගේ කම්මුල් දෙකෙම එක පාරින් දෙපැත්තට  අදින ගමන් කියද්දි මන් අමාරුවෙන් හිනා වීගෙන බලන් හිටියා.රිදෙනවා අප්පා ඔහොම කම්මුල් අඳින කොට.පැංචා හුරතල් උන නිසානේ මේ ඔක්කොම අප්පා.ඒ අස්සේ මගේ පජාත මිතු කැල මහ හයියෙන් හිනා වෙනවා මට ඇහෙනවා.ඕකූන් ඔහොමමයි සක්කිලි පරෙයියෝ ටික.

""එයාට ඉන්න දෙන්න අයියා""

තිදස් මගේ කම්මුල්වල තිබ්බ ඒ මනුස්සයගේ අත් අයින් කරන ගමන් කියද්දි මන් ඇසුත් ලොකු කරගෙන තිදස් දිහයි ඒ මනුස්සයා දිහයි බැලුවා.අයියා??මන් මේ වෙනතාක් දැනන් හිටියේ නෑ තිදස්ට අයියා කෙනෙක් ඉන්නවා කියලා.මොකද මන් දන්න තරමින් තිදස්ගේ පවුලේ හිටියේ එයා විතරයි.ඉතින් මන් ඇත්තටම පුදුම උනා මේ දේ ගැන.

"ඕකේ ඕකේ ෆයින්.ඒ හුරතලේ අයිවී එකක් දෙන්න තියනවා කලින් දීලා තියනවා නේද"

එයා මගෙන් අහද්දී මන් ඔලුව උඩ පහල හෙලෙව්වා.මට මතකයි දවසක් මට අයිවී දුන්නා.මතක් වෙද්දිත් ඇඟ වෙව්ලනවා.ඒක නහර හරහා යද්දි මුලු ඇඟම දැවිල්ල ගන්න එක තමා මට ඉවසන්නම බැරි උනේ.තිදස්ගේ අයියා නර්ස්ගේ අතේ තිබ්බ ට්‍රේ එක අරන් ඒකේ තිබ්බ සිරින්ජර් එකකට පොඩි බෝතලයකින් ලික්විඩ් එකක් පුරවා ගත්තා.

"මේක දුන්නට පස්සේ ගෙදර යන්න පුළුවන් ඕකේ"

"ගෝඩ් චූටී මෙයාට කතා කරන්න බැරි ද අනේ හරි හුරතල්නේ අප්පා"

එයා මට අයිවී එක දුන්නට පස්සේ ගෙදර යන්න පුලුවන් කියපු එකටත් මන් ඔලුව විතරක් උඩ පහල කරලා උත්තර දුන්න එකෙන් තිදස්ගේන් අහපු දේට තිදස් මන් දිහා බලලා ලාවට හිනා උනා.එහෙමම කැනියුලා එකේ ඩ්‍රොප් එක ඇරලා අයිවී එක දුන්නම මන් එතනම තිබ්බ තිදස්ගේ අත තද කරලා අල්ලගත්තා.ඒ ලික්විඩ් එක මගේ මුලු ඇඟ පුරාම යනවා මට හොඳටම දැනුනා.ඒ මුලු වේලාව පුරාම ඇඟ ඇතුලෙන් දැනෙන දැවිල්ල නවත්තගන්න මන් මගේ ඇස් දෙක තද කරලා පියන් හිටියා.

විනාඩියක් විතර ගියාට පස්සේ ඒ දැනෙන දැවිල්ල අඩු උනාම මන් හෙමීට ඇස් ඇරියා.තිදස් මගෙන් ඕකේද කියලා ඇස් වලින් අහද්දි මන් හෙමීට ඔලුව උඩ පහල කලා.

""ඒ මගේ අයියා.තීර්ථ දෙව්ශාන් දෙව්නුවර"

මන් තිදස්ගේ අත අතඇරියම එතන තිබ්බ පුටුවෙන් වාඩි උන තිදස් ශාක්‍ය එක්ක හරි ලස්සනට හිනා වේවී කත කර කර ඉන්න එයාව පෙන්නලා කියද්දි මන් තිදස්ගේ පැත්ත හැරිලා එරමිනිය ගොතන් වාඩි උනා.

"මන් හිතන් හිටියේ තිදස්ගේ පවුලේ ඉන්නේ ඔයා විතරයි කියලා"

""තාත්තා අයියව පවුලෙන් අයින් කලා.ඉතින් කවුරුත් දන්නේ නෑ මට අයියා කෙනෙක් ඉන්නවා කියලා""

තිදස් කියපු දේත් එක්ක ඇත්තටම මගේ ඇස් නලලට ගියා.දෙයියනේ තාත්තා කෙනෙක් කොහොමද තමන්ගේ පුතාව පවුලෙන් අයින් කරන්නේ.මන් ඇස් දෙකත් ලොකු කරන් තිදස් දිහා බලන් ඉන්න කොට එයා කලේ මන් දිහා බලලා ලාවට හිනා උන එක විතරයි.ඒක නිකන් සාමාන්‍ය හිනාවක් නෙවෙයි මන් දැක්කම දිස්නේ ගහන ඇස් වලින් එන ලා හිනාව නෙවෙයි ඒක.ඒ ලා හිනාව අස්සේ තිබ්බ වේදනාබර කඳුලුයි සමච්චල් සහගත බවයි අඳුරගන්න මට මහ වේලාවක් ගියේ නෑ.ඒ ඇස් අස්සේ ලාවට පිරෙන කඳුලු බිංඳු දකින මගේ පපුව හීනියට රිදෙන්න ගත්තා.මන් කීයටවත් හිතුවේ නෑ තිදස්ගේ තාත්තා නපුරු උනත් මේ තරම් නපුරු කෙනෙක් කියලා.

මන් හෙමීට එයාගේ අත අල්ලන්න හැඳුවත් මට ඒක කරගන්න බැරි උනේ තීර්ථ අයියා ආපූ නිසා.එයාගේ මූණත් එක්ක එයාට එච්චර ලොකු වයසක් නෑ කියලා මන් අනිවාර්යයෙන් ගෙස් කලා.ඒත් එයා ඩොක්ටර් කෙනෙක් නිසා MBBS ඩිග්‍රි එක ගන්නකොටම වයස විසි පහ පන්නන නිසා එයාට විසිපහට වඩා වයස ඇති කියලා මන් හිතුවා.තීර්ථ අයියා හරි ලස්සනයි.තිදස්ට වගේ නපුරු තද පෙනුමක් නොතිබ්බත් එයාටත් තිදස්ට වගේම හොඳ පෙනුමක් තිබ්බා.හැම තිස්සෙම හිනා වේලා ඉන්න එයාගේ මූණ ඇත්තටම බලන් ඉන්න ආස හිතෙන හරි ප්‍රියකරු හිනාවක්.ඇත්තටම එයා දිව්‍ය ලෝකෙන් ඇවිත් වගේ ඒ තරන් ඒ මනුස්සයා ලස්සනයි.

"සේලයින් එක ඉවර නිසා කැනියුලා එක ගලවමු"

මන් ගාවට ඇවිත් කියපු එයා හරි ලස්සනට මාත් එක්ක හිනා උනා.එයා ලඟට තවත් ලස්සනයි අප්පා.මන් ඉතින් එයා දිහයි තිදස් දිහයි මාරුවෙන් මාරුවට බලන් හිටියා.අයියද මල්ලිද අයියද මල්ලි ද බෑනේ අප්පා ම්හුක්....

"තාත්‍තා හොඳින් ඉන්නවද චූටී"

""ම්ම්""

"ටාන්‍යගේ ප්‍රශ්නේ තාමත් එහෙමමද"

""ම්ම්""

තීර්ථ අයියා පරිස්සමෙන් මගේ ප්ලාස්ටර් එක ගලවන ගමන් තිදස්ගෙන් අහන ප්‍රශ්න වලට මන් හෙමීට කන දාගෙන හිටියා.ටාන්‍යා...ඒ එයා තිදස්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්.ඒත් තිදස් මන් එක්ක හැසිරෙන විදියෙන් මට හිතුනා ඒක බොරුවක් ද කියලා.දැන් තීර්ථ අයියගේ කටින් ඒ නම පිටවෙනවත් එක්කම මට බැලුනේ තිදස් දිහා වෙනකොට තිදස්ගේ ඇස් ඒ වෙනකොටත් තිබ්බේ මන් ලඟ.මන් ඉක්මනට තිදස්ගේ ඇස් මඟ ඇරලා තීර්ථ අයියගේ මූණ දිහා බැලුවා.තීර්ථ අයියා අහන හැම ප්‍රශ්නෙකටම තිදස් කලේ හරි කෙටි උත්තරයක් දෙන එක විතරක් වෙනකොටම ඇත්තටම මට මේ මිනිහා එක්ක කේන්ති ගියා.ඇයි යකෝ මේ මිනිහා මෙච්චර ආදරෙන් ගෙවල් වල විස්තර තිදස්ගේ විස්තර ගැන අහද්දි මූ නිකන් ඕනවට එපාවට උත්තර දෙනවා.අම්මපා මූ ඔලුබක්කෙක්ම තමා.

"ඔන්න එහෙනන් වැඩ ඉවරයි දැන් ඉතින් ගෙදර යන්න තියෙන්නේ"

"තැන්කියු"

තීර්ථ අයියා කැනියුලා එකයි ප්‍ලාස්ටර් එකයි ගලවලා කියනකොට මන් හිනා වේලා එයාට ස්තූති කලා.

"ඕක මොකක්ද ලමයෝ.චූටීගේ සහස් වෙනුවෙන් මීට වඩා දේවල් කරන්න පුළුවන් චූටී මට ඉඩ දෙනවා නම්"

තීර්ථ අයියා තිදස් දිහා බලාගෙනම කිවුවම තිදස් හිනා උනත් මගේ ඇස් දෙක ලොකු උනා.අනේ දෙයියනේ එතකොට මුන් ඔක්කොම මේක ගැන දන්නවද.මන් විතරද යකෝ දැනන් හිටපු නැති එකම එකා.දැන් නම් මට ඇත්තටම ලැජ්ජයි දෙයියනේ.

"බය වෙන්න එපා ලමයෝ මන් ඕක දැනගෙන ගොඩක් කල්"

අහ්හ්හ්හ් ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ.මට හොඳටම විශ්වාසයි දැන් මාව හොඳටම රතු වේලා ඇති.ඇයි අප්පා ඔහොම දේවල් කියනකොට ලැජ්ජ හිතෙනවනේ.අනික අපි තාම යාලූවෝ විතරනේ වෙන මුකුත් නෑනේ.තාම......ම්හුක්.

""ඔය ඇති අයියේ""

"ඕකේ ඕකේ ඔන්න ඉවරයි එහෙනන්.කවුද දන්නේ චූටීට ඉන්නේ එක වචනෙකින් උනත් රතු වෙන හුරතල් බෝලයක් කියලා"

""අයියා!!!!"

"ඕකේ ඕකේ ෆයින්"

තීර්ථ අයියගේ කතා වලට මාව තව තවත් රතු වෙනකොට තිදස්ගේ කටේ සද්දෙටම තීර්ථ අයියා මගේ කොන්ඩෙත් අවුස්සලා ඒක ගැන කතා කරන එක නැවත්තුවා.මන් ඒක විනාඩියකට වත් ඔලුව උස්සලා බැලුවේ නැත්තේ මගේ රතු වෙච්ච මූණ කාටවත් පෙන්නන්න ඕන නැති නිසා.මොකද මන් දැනන් හිටියා මගේ පජාත මිතු කැල දැනටමත් හැක හැක ගගා හිනා වේවී ඇති කියලා.

"චූටී එහෙනන් පරිස්සමෙන් මේ ලමයව අරන් යන්න මන් බිල් එක ගැන බලාගන්නම්"

""මන් බිල් එක ගෙවන්නම් අයියේ""

"ඔය සල්ලි වලින් මේ ලමයට කන්න මොනවා හරි අරන් දෙන්න.මන් බිල් එක ගැන බලාගන්නම්.චූටී අද ගෙදර එනවද හවසට"

""ම්ම්""

"හරි එහෙනන් මන් යනවා දෙන්නා පරිස්සමෙන් යන්න හරි ද.අපි පස්සේ හම්බෙමුකෝ හුරතලේ.බලන්නකෝ ඉතින් මන් විශ්වාස කලේම නෑනේ චූටී ඔයා හා පැටියෙක් වගේ කියලා කිව්ව එක.ඇත්‍තමයි මන් දැන්නම් ඒක විශ්වාස කරනවා"

තීර්ථ අයියා අහපවු මගේ කම්මුලක් අල්ලලා කියපුවම මන් තිදස් දිහා බැලුවා.දෙයියනේ මෙයා කවදද මේ ඔක්කොම තීර්ථ අයියට කියලා තියෙන්නේ.ඇත්තමයි මට අද වෙන්නෙම මහ අමන අසික්කිත වැඩ අප්පා.අද දවසටම කී පාරක් කට්ටිය ඉස්සරහා මූණ රතු කරගෙන ලැජ්ජ උනාද.දෙයියනේ වෙන මනුස්සයෙක් හිටියා නම් වැරදි විදියට හිතයි අප්පා.

""අයියා!!!!""

"ඕකේ ඕකේ අයි ඇම් ලීවින්"

තීර්ථ අයියා මටයි ශාක්‍යලටයි යනවා කියලා රූම් එකෙන් එලියට ගියාම අහපවු අපි කට්ටිය විතරක් රූම් එක ඇතුලේ තනි උනා.ශාක්‍යලා අපිට ඉක්මනට එන්න කියලා කලින්ම රූම් එකෙන් ගියාම මායි තිදසුයි විතරක් රූම් ඒකේ තනි උනා.

කබට් එක උඩ තිබ්බ ෆෝන් එකයි තනි අතකින් අරන් සහස් මගේ අතකිනුත් අල්ලන් මාව ඇඳෙන් බැස්සුවට පස්සේ අපි දෙන්නත් පාකින් ලොට් එකට ගියා.ඒ යනකොටත් රිතුවා මගේ බෑග් එකත් අතේ තියාගෙන හිටියා.

""බයික් ඒකේ යන්න පුළුවන් නේද සහස්ට නැත්නම් කාර් ඒකේ යනවද""

"බයික් ඒකේ"

මට ඇත්තටම ඕන උනේ නෑ ශාක්‍යලා එක්ක කාර් ඒකේ යන්න මට ඕන උනේ තිදස් එක්ක එයාගේ බයික් ඒකෙම යන්න වෙනකොට මාව බයික් එක ලඟට එක්කන් ගියපු එයා මගේ ඔලුවට හෙල්මට් එක දැම්මා.මන් හරි ආසයි දෙයියනේ මේ මනුස්සයා හැමදාම මෙහෙම මගේ හෙල්මට් එක දානවට.ඒක හරිම ආදරණීයයි.ඒ වෙලාවේදී එයාගේ ඇස් දෙක දිහාම බලන් ඉන්න මට ඇත්තටම ඒක ආදරණීයයි.ඒයාගේ ඒ ඇස් අස්සේ පොදි ගැහිලා තියෙන හැඟීම් දිහා එයා ලඟටම වේලා බලන් ඉන්න මන් පුදුම තරම් ආසයි.

""උබලා ගෙදර පලයන් දැන් පහ වෙන්නත් ලඟයිනේ මන් සහස්ව ඇරලවන්නම්""

"ආදී පරිස්සමෙන් හරි ද මට ගෙදර ගියපු ගමන්ම කෝල් එකක් දෙන්න"

රිතුවා මන් ලඟට ඇවිත් මගේ අතක් අල්ලන් කියද්දි මන් හිනා උනා.ඒත් මන් දන්නවා මේ ලබ්බේ හෙල්මට් එක නිසා මන් හිනා උන එක පේන්නේ නෑ කියලා.ඒ උනාට අනිත් පැත්තෙන් මන් දන්නවා මන් ගැන හොඳටම දන්න රිතුවට මන් හිනා වෙන එක අඳුරගන්න බැරි කමක් නෑ කියලා.

"පරිස්සමෙන් හරි ද උබ.ගෙදර ගිහින් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දියන්"

අනුහසත් එහෙම කියලා රිතුවා එක්ක ශාක්‍ය එක්ක යන්න ගියාම මායි තිදසුයි ගෙදර එන්න ලෑස්ති උනා.අපි හොස්පිල් එකෙන් එනකොටත් හවස හතර හමාර විතර කිට්ටු වේලා තිබ්බ නිසා ගෙදර එද්දි පහට කිට්ටු උනා.අම්මා මට අද කියලා ගියා එයා අද ගෙදර එනකොට හයවත් වෙයි කියලා.ඒ නිසා තිදස් ගෙවල් ලඟින් බයික් එක නතර කලාම මන් මගේ බෑග් එකයි තිදස්ගේ බෑග් එකයි අරගෙන දොර ලඟට ගියා.මල් පෝච්චිය යට තියලා තිබ්බ යතුරෙන් ගෙදර දොර ඇරිය මන් තිදස්ටත් ඇතුලට එන්න කියලා ගේ ඇතුලට ගියා.












තීර්ථ දෙව්ශාන් දෙව්නුවර
වයස:-27

-----------------------------------------------------------

යෝ යෝ අයි ඈම් හූනිච්චි
අහ් කොහොමද පැටවුනේ❤️
හූනිච්චි ඊස් බැක්
හූනිච්චි මේ දවස් ටිකේම විභාගේ ඉවර වීමේ ප්‍රීතිය සමරනවා හතර වටේ රොන්දේ ගගහා.ඉතින් මේ ලමයට ටයිප් කරගන්න බැරි උනානේ.
ඒකට කමක් ඤැහ් මන් අද ඉදන් ඩේලී අප්ඩේට් දෙනවා.

වෙල් ගොඩක් අය IU & Taehyung ගේ MV එක නිසා අවුල් ගිහින්.ඕනවට වඩා හිතන්න එපා පැටවුනේ It's just mv and just acting.
අනිවාර්යයෙන් taehyung ගේ acting ගැන කතා කරන්න ඕනේ.ඒක නම් superb.
Idols ලට හේට් කරන්න එපා.
වෙන දෙයක් ඉස්සරහට වෙයි ඒ නිසා බලන් ඉන්න❤️

හූනිච්චි ආදරෙයි❤️
අද රෑටම හරි හෙට උදේට හරි එන්නම්
පරිස්සමෙන් ඉන්න❤️

Continue Reading

You'll Also Like

64.1K 2.7K 23
Story about a married couple who's life was so toxic to live in. ⚠️ !!!𝗔𝗧𝗧𝗘𝗡𝗧𝗜𝗢𝗡!!!⚠️ ♡ This story is going to contain domēstic abu$e, so r...
43.5K 995 6
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Kanoko), best friend (Ayumu), and mom (Kaede...
13.5K 1.2K 86
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...
6.2K 287 35
Scar/ Charlotte was just a normal girl TRYING TO WATCH HER NINJAGO. When suddenly she was sucked into Ninjago? Now Scar has to finish all the seasons...