සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

21.3K 4.3K 3K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •

• විසිවන දිගහැරුම •

583 144 122
By ___Sky-Heart___

" What the fuck !! තීනු උබ මොනවද මේ කරන්නේ ?? "

ලෙක්ච හෝල් එකේ අමතක වෙලා තමන්ගේ පොත දාලා ගියපු තීර්ථ ආයෙම පොත ගෙනියන්න ලෙක්ච හෝල් එකට එනකොට දැක්කේ පිස්සුවෙන් වගේ කිස් කරන තීනුවයි යුගාන්වයි . ඒක දැක්ක හැටියෙම තීර්ථගේ කකුල් දෙකත් පණ නැති උනේ යුගාන්ට අම්බානක බැනපු එකා දැන් යුගාන්ව දාගෙන කිස් කරන නිසා . හෝල් එක මැද ඉදන්ම තීර්ථ හයියෙන් තීනුට කෑ ගහද්දි තීනු ගැස්සිලා වගේ පිටි පැස්සට හැරුනා .

ඒ හැරෙද්දි තීර්ථ ඇස් දෙකත් ලොකු කරන් තමන් දිහා බලන් ඉද්දි තමන්ගේ ශර්ට් එකේ ගැලවිලා තිබුනු බට්න් ටික තීනු ඉක්මනට දා ගත්තා . යුගාන් තමන්ගේ යටි තොලත් මහපඩ ඇගිල්ලෙන් පිරිමදින ගමන් තීනු දිහා බලද්දි තීනු හරි කලබලෙන් තමන්ගේ අත්ල පිරිමදින්න ගත්තේ තීර්ථ ගෙන් මොන වගේ ප්‍රතිචාරයක් තමන්ට ලැබෙයිද කියලා හිතා ගන්න බැරුව . ඇත්තටම තීර්ථට තීනු ගැන හුගක් කලකිරුනා .

" උබ ඇයි මට බොරු කිව්වේ ?? ඇත්ත කියපන් තීනු කොච්චර කාලයක් වෙනවද උබලා යාලු වෙලා ?? "

තීර්ථ තීනු දිහා බලන් අහද්දි තීනු යුගාන් දිහා බැලුවා . කිස් කරන්න ආදරේ කරන්නම ඕනේ නැහැ කියලා තීනුට කියන්න ඕනේ උනත් ඒකෙන් යුගාන්ගෙ හිත රිදේවී කියලා තීනු මුකුත් නොකියා හිටියා .

" උබ හිතන දෙයක් මෙතන නැහැ "

" පරයා උබ බොරු කියන්න හදන්න එපා !! මගෙ ඇස් දෙකෙන්ම දැක්කනේ උබලා දෙන්නා කට වල් කනවා !! "

තීර්ථ නුරුස්සන ස්වාභයකින් කතා කරද්දි තීනු තීර්ථ ගාවට ගිහින් තීර්ථගේ අතින් අල්ල ගත්තා . මොනවා උනත් තීර්ථව තරහ කර ගන්න තීනුට බෑනේ .

" අනේ තීර්ථ උබට මාව විශ්වාස නැද්ද කියපන්කෝ "

" නැහැ මට උබව සත පහකට විශ්වාස නැහැ !! "

තීර්ථ ගත්තු කටටම එහෙම කියද්දි තීනුගේ මූණ රොටියක් වගේ උනා . කොහොමත් තීනු වෙලාවකට කටුස්සා වගේ වෙස් පෙරලන නිසා තීර්ථ උනත් තීනු ආශ්‍රය කලේ හරි පරිස්සමෙන් . මොකද තීනු ඔහොම හිටියට යටින් ගේම් දෙන්න උපන් හපනා කියලා තීර්ථ දැනන් හිටියා . ඉතිම් මේකත් තීනුගේ යටි කූට්ටු වැඩක් කියලා තීර්ථ සැක කලා .

" මායි යුගානුයි අතර එහෙම පකක් නැහැ !! උබ මොනවා හිතුවත් ඒක එහෙමයි !! "

තීනු තමන්ගේ අත් දෙකත් හරහට බැදන් කියද්දි යුගාන් තීනු දිහා තමන්ගේ ඇස් හීනි කරලා බැලුවා .

" තෝ තෝ තෝ බේස පකයා මටනේ බොරු කරන්නේ හිටපන් අද උබව මම මරනවා "

තීනු මොන දේ කිව්වත් තීර්ථ තීනු කිව්ව කිසිම දෙයක් විශ්වාස කලේ නැහැ . තමන් කරේ එල්ලන් හිටපු බෑග් එක ගලවලා අතට ගත්තු තීර්ථ තීනුට බෑග් එකෙන්ම ගහන්න ගද්දි තීනු ඉක්මනට යුගාන්ගේ පිටි පැස්සට ඇවිත් යුගාන්ට කවර් උනා . තීර්ථ යුගාන්ගේ පිටි පැස්සේ හිටපු තීනුට පැන පැන නෙලද්දි සමහර ශොට් යුගාන්ටත් වැදුනා .

" අනේ යුගාන් බේර ගන්නවකෝ !! "

පැත්තෙන් පැන්න තීර්ථ තීනුගේ ඔලුවට හොද පාරක් දෙද්දි තීනු යුගාන්ගේ නම කියලා කෑ ගැහුවා . මෙච්චර වෙලාවක් තීනු ගුටි කන දිහා යුගාන් බලන් හිටියේ තමන් තීනුගෙන් කාපුවත් එක්ක මේවා මොනවද වගේ !! ඒත් තව දුරටත් තීනු ගුටි කන විදිහ රස විදින්න ගියොත් තීනුයි තීර්ථයි දෙන්නම එකතු වෙලා තමන්ට ගහයි කියලා හිතුනු නිසාම යුගාන් තීනු ගෙයි තීර්ථ ගෙයි මැද්දට ආවා .

" ඕක නතර කරපන් තීර්ථ !! උබ තව එක පාරක් හරි මගෙ තීනු බබාට ගැහුවොත් මම උබව හාල් මැස්සෙක් වගේ දෙකට කඩනවා බලා ගනිම් !! "

යුගාන් තීර්ථට ඇගිල්ලකුත් දික් කරලා කියද්දි තීනු යුගාන්ගේ පිටි පැස්සේ ඉදන් තීර්ථට දිව දික් කරන්න ගත්තා . එක පැන්සල දෙකට කඩන් ගණන් හදපු තීර්ථට අද තීනු වල කැපුවා . මිතුරා යනු සුනඛයාය කියන එක තීනු අද තිතටම ඔප්පු කලා .

" යුගාන් උබ ඔය කතා කරන්නේ සුරාබදු නිලදාරියෙක් ගේ පුතෙක්ට !! "

" උබත් ඔය මෙච්චර වෙලා ගැහුවේ ඇමති කෙනෙක්ගේ පුතෙක්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට !! ඒකත් හොදට මතක තියා ගනිම් උබ !! "

යුගාන් තීර්ථට ඇගිල්ලකුත් දික් කරලා කියද්දි තීනු දිවත් හපා ගෙන යුගාන් දිහා බලන් හිටියා . හැබැයි තීර්ථ නම් ගේම අතාරින පාටක් පේන්න තිබුනේ නැහැ . ගැහුවොත් ගහනවා බැන්නොත් බනිනවා වගේ සීන් එකක තීර්ථයි යුගනුයි ඉද්දි තීනු හිතුවෙම සේරම පැත්තකට දාලා ඒ පාර මුන් දෙන්නා ඇන ගනී කියලා .

" තීනු උබේ බෝයිෆ්‍රෙන්ඩ් ද මොකාද කියලා මට අදාල නැහැ ඒත් තීනු කියන්නේ මගෙ හොදම යාලුවා !! "

" ඉතිම් උබ දැන් මට මොනවද කරන්න කියන්නේ ?? "

" තීනුගෙයි මගෙයි දේවල් වලට උබ මැදිහත් වෙන්නේ නැතුව හිටපන් !! "

තීර්ථ අඩියක් ඉස්සරහට තියලා යුගාන්ට ඇගිල්ලක් දික් කරද්දි යුගාන් තීර්ථගේ ඉස්සරහට ඇවිත් තීර්ථ දිහා තරහින් බැලුවා . ඉක්මනින් තීර්ථත් යුගානුත් අතරට රිංගපු තීනු තීර්ථගෙයි යුගාන්ගෙයි පපුවට අත් තියලා දෙන්නව ඈත් කලා .

" මොකද මේ ?? ඒ පාර තමුසෙලා දෙන්නා පටන් ගත්තද ?? "

" ඔන්න මම නම් මුකුත් කලේ නැහැ ඔයාගේ කොට යාලුවා තමයි පටන් ගත්තේ !! "

යුගාන් තමන්ගේ අත් දෙකත් දෙපැත්තට කරලා කියද්දි තීනුව තල්ලු කරලා තීර්ථ යුගාන්ගේ ඇදුමේ කොලර් එකෙන් අල්ල ගත්තා

" කවුද හුත්තෝ කොටා !! "

" උබ තමයි හුත්තෝ කොටා !! "

යුගාන් ආපිට තීර්ථට කෑ ගහද්දි තීනු තමන්ගේ කොණ්ඩෙන් ඇද ගන්න ගමන් කෑ ගහන්න ගත්තා .

" යුගාන් තීර්ථ ඕක නවත්තපන් !! "

" උබ මොකද මට කෑ ගහන්නේ මිත්‍රත් ද්‍රෝහියා !! "

" යකෝ තීර්ථ උබ හිතන පකක් නැහැ උබ දැන් පලයන් මම උබව කැම්පස් එකෙන් එලියෙදි හම්බ වෙන්නම් "

" අහ්හ් උබ එහෙමයි නේ දැන් !! මාව යවා ගන්නනේ උබට ඕනේ !! "

තීර්ථ සේරම අන්නකුරුස් විදිහට තේරුම් ගද්දි තීනු තමන්ගේ අත ඔලුවේ තියා ගත්තා . කොහොමත් තීර්ථ දැන් හිටියේ මොනා කිව්වත් තේරුම් ගන්න පුලුවන් තත්ත්වෙක නෙමෙයි . තීර්ථ හිටියෙම තීනු තමන්ට කොලේ වහලා යටින් ලොකු ගේමක් දෙන්න ඇතී කියන මතය උඩ .

" තීනු බබා කිව්වනේ උබට යන්න කියලා දැන් ඉතිම් පලයන් හැබැයි උබ ගියේ නැත්තම් එක පාරක් කැම්පස් එකේ ට්‍රිප් එකක් ගිහින් උබ ඇල්ලේ ජොකා පිටින් නාන වීඩියෝ එක වයිරල් කරනවා දැන ගනිම් !! "

යුගාන් තීර්ථට ඇගිල්ලකුත් දික් කරලා කියද්දි තීර්ථගේ කටට ඉබේම අගුලු වැටුනා . තීනුටයි යුගාන්ටයි හොද කුනුහරප දෙකකුත් කියපු තීර්ථ තීනුට අලු වෙලා යන බැල්මක් හෙලලා ලෙක්ච හෝල් එකෙන් යද්දි තීනු තමන්ගේ මූණත් බෙරි කර ගෙන තීර්ථ යන දිහා ඔහේ බලන් හිටියා . මොනා උනත් තීර්ථ කියන්නේ තමන්ගේ බොක්කේ යාලුවා නිසා තීර්ථව තරහ කර ගන්නත් තීනු අකමැති උනා .

තීර්ථ ගියාට පස්සේ යුගාන් එහෙන්මම තීනුව බැක් හග් කලා ඒත් තීනු නම් යුගාන් ගෙන් ඈත් නොවී එහෙන්මම හිටියේ තමන් කොච්චර යුගාන්ට අකමැතී කියලා පෙන්නුවත් හිතට එකගව තීනුගේ හිත යුගාන්ගේ ස්පර්ශයන්ට කැමැත්තක් දක්වන නිසා . තීනු යුගාන්ට ආදරේ නැතුව නෙමෙයි තීනු යුගාන්ට ආදරෙයි ඒත් තීනු කවදාවත් තමන් යුගාන්ට ආදරෙයි කියලා පිලිගන්න සූදානම් උනේ නම් නැහැ .

" තීනු මං සීරියස් දෙයක් අහන්නද හැබැයි අවංකවම උත්තර දෙන්න ඕනේ "

" හ්ම් අහන්න "

තීනුව බැක් හග් කර ගෙන හිටපු යුගාන් තීනුව තමන්ගේ පැත්තට හරව ගෙන තමන්ගේ අත් වලට තීනුගේ මූණ මැදි කර ගත්තා .

" මට පොඩ්ඩක් වත් ආදරේ නැද්ද තීනු ?? තමුසෙ තරම් මගෙ පපුවට දැනුනු එකෙක් නැහැ !! උබ මාව කොච්චර රිද්දුවත් මං මේ තරම් උබට ආදරේ කරන්නේ ඇයි කියලා මට වත් හිතා ගන්න බැහැ ඒත් මං ආදරෙයි තීනු ඒ ආදරේ මං වෙන විදිහකට දකින්නේ නැහැ !! ඇත්තටම උබට මාව දැනෙන්නේ නැද්ද ?? නැත්තම් මගේ ආදරේ උබට කරදරයක්ද ?? "

යුගාන් තීනුගේ ඇස් දිහා බලන් අහද්දි තීනු තමන්ගේ ඇස් යුගාන් ගෙන් අහකට ගෙන බිමට බර කර ගත්තා . ඒත් යුගාන්ගේ ඇස් නම් එක මොහොතකට වත් තීනු ගෙන් එහාට ගියේ නැහැ . තීනු කලබලයි !! හැබැයි තීනු යටි හිතින් කෑ ගැහුවා *මමත් උබටආදරෙයි කියලා !!*

" මගේ දිහා බලන්න තීනු !! මාව දැනෙන්නේ නැද්ද ඔයාට ?? "

තීනුගේ බිමට බර උනු නිකටෙන් අල්ලා තමන්ගේ මුහුණ දිහාවට තීනුගේ මූණ හරවා ගන්න ගමන් යුගාන් අහද්දි තීනු කිසිදු පිලිතුරක් නොදී තමන්ගේ තොල් පෙරලා ගත්තා .

" ආදරේ කියන්නේ මොකක්ද කියලා මං දන්නේ නැහැ යුගාන් ඒත් හස්නා ඔයාගේ කෙල්ල කියලා හිතන් ඉද්දි මට ගොඩක් ඉරිසියා හිතුනා .. හේතුවක් නැති උනත් මම ආසයි ඔයා එක්ක එකට ඉන්න මොකද ඔයා ලගින් ඉද්දි මට දැනෙන හැගීම් හරි සරලයි .. මං මොන දේ කලත් මොන විදිහට හැසිරුනත් ඔයා මට රිද්දලා නැහැ අන්න එතනයි යුගාන් මං ඔය කියන ආදරේ දැක්කේ !! ඉතිම් මට ඔයාව නොදැනුනා නෙමෙයි දැනුනා හරියටම මගෙ පපුව මැදට !! "

තීනු තමන්ගේ පපුව අතින් තද කර ගන්න ගමන් කියද්දි තමන්ගෙ ඇස් අතර නලියන කදුලු බිංදු තීනු ගෙන් හංග ගන්න යුගාන් උත්සාහ කලා . මීට කලින් කවදාවත් තමන්ට දැනිලා නැති හැගීමක් තීනුගෙන් යුගාන්ට දැනෙන්න ගත්තා . තීනුගෙ ඇස් වල තියෙන අවංකකම දැක්කම තීනු කිව්ව දේවල් බොරුවක් කියන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ .

යුගාන් දිහා බලන් හිටපු තීනු යුගාන්ගේ පපුවට එහෙන්මම තුරුලු වෙද්දි යුගාන් තමන්ගේ නිකට තීනුගේ හිස් මුදුනින් තියලා තීනුව තමන්ට තවත් තුරුලු කර ගත්තා . තීනුට යුගාන්ගේ පපු තුරුලෙන් දැනෙන උණුසුම ආදරය අලුත් දෙයක් උනේ නැහැ . මීට කලිනුත් තීනු යුගාන්ගේ පපුවට තුරුලු වෙලා ඇති ඒත් ඒ දැනෙන හැගිම් වලට නමක් නැතුව .

" මොකද අඩන්නේ ?? "

යුගාන් තීනුගේ බෙල්ල පාමුලින් තමන්ගේ මූණ හන්ග ගද්දි තීනුට දැනුනා තමන්ගේ බෙල්ල තෙත් වෙනවා වගේ හැගීමක්

" මට තේරෙන්නේ නැහැ තීනු මට මාර සතුටුයි බං !! උබ .. උබ මට ඇත්තටම ආදරෙයි නේද මගෙ පණ ?? මගෙ ඇස් දිහා බලන් ආයෙම එකම එකම පාරක් කියපන් මට ආදරෙයි කියලා !! "

යුගාන් තීනු ගෙන් ඈත් වෙලා තීනුගේ මූණ තමන්ගේ අත් අතරට මැදි කර ගන්න ගමන් කියද්දි තීනු ගේ තොල් අතර පුංචි සිනහවක් ඇදුනා . තමන්ගේ ඇගිලි තුඩු වලින් ඉස්සුනු තීනු යුගාන්ගේ නහය මතින් කෙටි හාදුවක් තවරලා යුගාන්ගේ අතින් අල්ල ගත්තා .

" මං ආදරෙයි මෝඩයෝ !! "

තීනු පොඩි හිනාවක් එක්ක කියද්දි යුගාන් තීනුගේ කම්මුලක් පොඩි කරලා එක කොපුලකින් තමන්ගේ තොල් තද කලා .

" තමුසෙට ඇයි බැරි උනේ ඕක මට කලින් කියන්න ?? මගෙ පපුව ගැහෙනවා වගේ ඕයි !! තියෙන තිරිසන් කම තමයි තමුසෙගෙ "

යුගාන් ආයෙම පරණ ට්‍රැක් එකට වැටෙද්දි තීනු යුගාන්ගේ බෙල්ල වටින් තමන්ගේ අත් යවා ගනිමින් යුගාන්ට ලං උනා .

" තමුසෙත් ඉස්කෝලේ කාලේ මාව වැඩිය ගනන් ගත්තේ නෑනේ !! මතකද මං ඉස්කෝලෙට ආපු මුල් කාලේ ඇමති පුතා මාව රැග් කලත් එක්ක !! ඊට පස්සෙනෙ මේ ඕලෙවෙල් වලට ආපු ගමන් තොට මදනයා ගැහුවේ !! එක පාරටම එහෙම එකෙක් ආදරෙයි කිව්වම කවුද කැමති වෙන්නේ ?? "

තීනු යුගාන්ගේ මූණට එබිලා කියද්දි යුගාන් ඒ කිසිම දෙයක් මතක නැති විදිහට මූණ පුම්බ ගත්තා . ඇත්තටම යුගාන් එහෙම කලා නම් තමයි .

" ඒ ඉතිම් තමුසෙගෙ අවදානේ ගන්නනේ !! තමුසෙ ආපු දවසෙ මම දත් තිස් දෙකම පෙන්නලා හිනා උනා ඒත් තමුසෙ නිකමට වත් හිනා උනේ නැහැ !! අම්මා ටීච කෙනෙක් නිසා තමුසෙ හිටියෙන් හෙන උඩින්නේ !! ඒ දවස් වලත් මට කොච්චර තමුසෙ ගහලා ඇතිද ?? ආර්ර් පංතිය අතු ගෑවේ නැහැ කියලා කොස්සෙනුත් ගැහුවා ඒවා මතකද නැද්ද තමුසෙට ?? "

යුගාන් අනිත් පැත්තට තීනුගේ පැටිකිරිය දිගාරිද්දි තීනු තමන්ගේ නහය හකුල ගත්තා . දෙන්නට දෙන්නම කර ගෙන තියෙන්නේ කුපාඩි වැඩ නිසා එකෙක්ට කියලා දොස් කියන්න බැරි උනා . තීනු ගේ හිතෙත් යුගාන් ගැන කැමැත්තක් තිබුනත් තීනු ඒ වගක් නොපෙන්නුවෙ තියෙන උද්දච්චකමටයි පණ්ඩිතකමටයි !! හැබැයි අවුරුදු අට නමයකට පස්සේ තීනු ගෙන් සතුටු වෙන්න පුලුවන් උත්තරයක් ලැබෙද්දි යුගාන්ට දැනුනු ඒ හැගීම් වචන කරන්න හැකියාවක් තිබුනේ නැහැ .

" ඒ කාලේ ඉතිම් යම් කිසි දෙයක් සිද්ද උනා ඒවා දැන් වැඩක් නෑනේ "

තීනු යුගාන්ගේ පපුව එක ඇගිල්ලකින් පහුරු ගාන ගමන් කියද්දි යුගාන් තීනුගේ කම්මුලක් හැපුවා .

" මොකද හපන්නේ චික් තමුසෙගෙ කුණු කෙලත් මගෙ මූණේ "

යුගාන් හපපු කම්මුල තීනු පිහිදාන ගමන් කියද්දි යුගාන් තීනු දිහා බලලා රැව්වා .

" මූණ කෙල ගෑවිලා ඔහොම පිහි දැම්මට වෙන වෙන තැන් වල ගෑවුනට පස්සේ නම් ඔහොම පිහි දාන එකක් නැහැ තමුසෙ !! "

කට කොනේ සෙල්ලක්කාර හිනාවකුත් රදව ගෙන යුගාන් කියද්දි තීනු ගේ කම්මුල් යාන්තමින් රතු වී ගෙන ආවා .

" මොකද බබා මේ රතු වෙලා අනික රතු වෙන්න තරම් දෙයක් නම් මම කිව්වේ නෑනේ "

යුගාන් තමන්ගේ යටි තොලත් හපලා කියද්දි තීනු යුගාන්ගේ පපුවට පාරක් ගැහුවා .

" මුඩුම වනචරයෙක් තමුසෙ නම් !! ඔය නොකියා කියන්නේ මොකක්ද කියලා මට තේරෙනවා අමනයා !! "

" මොනවද දැන් තේරෙන්නේ ?? මටත් කියන්නකෝ දැන ගන්න "

යුගාන් දිගින් දිගටම තීනුව අවුස්සන්න ගද්දි තීනු අත දිගෑරලා යුගාන්ගේ ඔලුවට ගැහුවා . දැන් ටිකකට කලින් කොල්ලො දෙන්නා හරියටම බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා උනත් දෙන්නගේ පරණ ගති ගුණ වල නම් කිසිම වෙනසක් තිබුනේ නැහැ .

" ඒකෙන් වැඩක් නැහැ මං යනවා තීර්ථ ගාවට එයා මාත් එක්ක තරහ වෙලත් ඇති "

" ඔය ඉතිම් කොයි වෙලාවෙත් තීර්ථයෙක් ගැනමනේ කියවන්නේ ඇත්ත කියනවා තීර්ථ තමුසෙගෙ හොර මිනිහද "

යුගාන් තීනු දිහා බලන් රවන ගමන් අහද්දි තීනු තමන්ගේ ඇස් රෝල් කරන්න ගත්තේ යුගාන් කිව්ව මෝඩ කතාව නිසා කියන එකේ නම් සැකයක් නැහැ .

" පිස්සුද තමුසෙට !! කිව්වොත් කියෙන්නේ මහ ගොන් කතාවක්මයි "

" ඉතිම් ඇත්තනේ මට වඩා ලොකු ඌව "

" ඌ මගේ හොදම යාලුවා යුගාන් !! මට තීර්ථව නැති කර ගන්න බැහැ මීට කලිනුත් තමුසෙ නිසා එයා තරහ උනානේ මේ පාරත් දැන් ඒකමයි තමුසෙ තමයි සේරටම මුල !! "

අස්සේ තීනු සේරම දේවල් ටික යුගාන්ගේ පැත්තට දික් කරද්දි යුගාන් තමන්ගේ මූණ අකුල ගත්තා . යුගාන්ගේ තියෙන පණ්ඩිත මැරකම් නිසා තීර්ථට යුගාන්ව පේන්න බැහැ ඒ වගේම තීර්ථ හැම වෙලාවෙම තමන් ගැන තීනුට කේලම් කියන නිසා යුගාන්ට තීර්ථව පේන්න බැහැ . තීර්ථ හැම වෙලාවෙම යුගාන් ගෙන් ගුටි කන්න හැදුවත් යුගාන් තීර්ථට අතක් වත් උස්සන්නේ නැත්තේ තීනු නිසා . මොකද තීර්ථට ගහන කොට රිදෙන්නේ තීනුටනේ !!

" තීර්ථයා නැති උනාට මොකද ම වගේ හැන්ඩ්සම් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් දැන් ඔයාට ඉන්නේ "

" හැන්ඩ්සම් ?? තමුසෙ ?? පුක තමා !! උබ කැතයි යකෝ හැටි බලපන් උබේ !! එතකොට බලපන් මගේ දිහා උබ වගේ ද යකෝ මගේ හැන්ඩ්සම් කම උතුරුනවා !! "

තීනු තමන්ගේ ශර්ට් එකේ කොලර් එකෙ කොනත් උස්සන් කියද්දි යුගාන් තීනුට කින්ඩියට වගේ හිනා උනා . කොල්ලෝ දෙන්නම කොච්චර ලස්සන උනත් එකෙක්ට කැතයි කියන්න අනිත් එකා දෙපාරක් හිතුවේ නැහැ . යුගාන් දිගින් දිගටම තීනුට අමුතු විදිහට හිනා වෙද්දි තීනු යුගාන්ගේ දිහා ඇස් හීනි කරලා බැලුවා . ඒත් යුගාන් දිගටම තීනුට හිනා වෙන්න ගත්තු නිසා තීනු යුගාන්ගේ බෙල්ලට පැනලා රෙස්ලින් ගැටයක් දැම්මා .

" මොකද උබ මට වලිප්පුව හැදිච්ච එකෙක් වගේ හිනා වෙන්නේ ?? "

" කැහ් .. කැහ් ... තීනු බබා .. මගේ බෙල්ල .. හු..ම්ම ග..න්න බැහ් මට .. "

" හුස්ම ගන්න බැරි නම් මැරියන් "

තීනු එක එක ආකාරයේ ගැට යුගාන්ගේ බෙල්ලට දාද්දි යුගාන් තීනුගේ පස්සට අතින් ගහන්න ගත්තා . යුගාන් කොච්චර ගැහුවත් තීනුගේ පස්ස පොඩ්ඩක් බම්ප්ස් වෙනවා ඇරෙන්න තීනුට පොඩ්ඩක් වත් රිදුනේ නම් නැහැ . තීනුට මල පැන්නම බිග් සෝනා හිච්චි වෙර්සන් වෙන නිසා තමන්ගෙ බෙල්ල කන්න හදන තීනුව ඈත් කරන්න යුගාන්ට වෙනම ගේමක් දෙන්න උනා .

අනික ඉතිම් තීනුත් ඇග පතින් යුගාන්ගේ ගානටම ඉන්න නිසා මේකව කන්ට්‍රෝල් කරන්නත් ටිකක් අමාරුයි ඒක නිසාම යුගාන් තීනුගේ පස්ස මත් තියෙන අත තීනුගේ කලිසම අස්සට යවලා තීනුගෙ ජොකා ගෙන් අදිද්දි ඔන්න ඒ පාර නම් තීනු යුගාන්ගේ අතත් ගසලා දාලා තරහින්ම යුගාන් දිහා බැලුවා . ඒ බැල්ම නම් හරි නපුරුයි හැබැයි පොඩි හුරතල් බවකුත් ඒ තුල ගැබ් උනා .

" තෝ හැදුවේ මගේ ජුන්ඩා අල්ලන්න නේද ?? කතා කරපන් යුගාන් කතා කරපන් !! "

" ම්ම්හ් .. පිස්සුද බබා ඔය හූනු ජුන්ඩේ මං මොනා කියලා අල්ලනද "

යුගාන් ඒක කිව්වා නෙමෙයි යුගාන්ට ඉබේටම කිය උනා . හැබැයි ඒකෙන් සිද්ද උනේ තද වෙලා හිටපු තීනුට තවත් තද උනු එක !!

" ජුන්ඩා ප්‍රමාණයෙන් විසාල වූවත් කුඩා වූවත් එයින් ඵලක් නැත වැදගත් වන්නේ ජුන්ඩා විසින් සිදු කරන ක්‍රියාවලියයි කියලා එක දාස් නමසිය බර ගනන් වලදි ඇල්බට් අයිස්ටයින් කියලා තියෙනවා !! එහෙම එකෙ උබට බැහැ ඔය වගේ අමන කතාවක් මට කියන්න "

" එහෙනම් ශුවර් එකට ඔය ඇල්බට් අයියා ගෙත් ජුන්ඩා පොඩි ඇති "

යුගාන් කිව්ව දේට තීනුගේ මූණ කුණ්ඩ හට්ටිය වෙලා යද්දි තීනු ආයෙම පාරක් අත දිගෑරලා යුගාන්ගේ ඔලුවට පාරක් ගැහුවා . වොලිබෝලෙට ගහනවා වගේ තීනු දිගෑරලා දුන්නු පාරට යුගාන්ගේ මොලෙත් එක්ක හෙල්ලිලා ගියා . යුගාන් තමන්ගේ ඔලුවත් අත ගගාම තීනු දිහා බලද්දි තීනු හිටියේ තමන්ගේ අත් දෙකත් හරහට බැද ගෙන යුගාන්ට රවන ගමන් .

" මොකද බං හැම ඉලව්වකටම මට ගහන්නේ ?? "

" ගහලා මදි තෝව හම ගහන්න ඕනේ !! "

" උබ එක්ක පවුල් කාලා මං වැඩි දවසක් නොයා වලකජ්ජ ගහනවා "

" ශා මරුනේ එහෙම උනොත් මම සීනි අප්පච්චියෙක් එක්ක සෙට් වෙනවා "

තීනු දැනට මත් යුගාන්ගේ මල ගේ ගැන ප්ලෑන් එකකුත් ගහලා සීනි අප්පච්චියෙක්ව බැදලා තමන්ගේ ජීවිතේ ලක්සරි විදිහට ගත කරන හැටි ගැන මනෝපාරක් ගහන්න ගත්තා . අනිවාර්යයෙන්ම යුගාන් මැරිච්ච දවසක තීනු ඕක කරන්න බැරිත් නැහැ . මොකද තීනු කියන්නෙත් හරි හොදටම හැදිච්ච එකානේ .

" තමුසෙ නම් මොකෙක්ද මන්දා තීනු !! "

" ඇයි ඇයි මොකද "

" මට උබව සැකයි !! දැන් ආදරෙයි කියලත් තෝ කිව්වෙත් බොරුවටද කියපන්කෝ "

" කොහොමද දැන ගත්තේ මං කිව්වේ බොරු කියලා "

තීනු අමුතු මූණක් දාලා කියන ගමන් ලෙක්ච හෝල් එකෙන් එලියට දුවද්දි යුගාන් අඩිත් හප්ප හප්ප ලෙක්ච හෝල් එකේ ඉදන්ම කෑ ගහන්න ගත්තා . ඩෙස් එක උඩ තිබුනු තමන්ගේ බෑග් එක අතට ගත්තු යුගාන් තීනුව අල්ල ගන්න හිතන් වෙඩිල්ල වගේ ලෙක්ච හෝල් එකෙන් එලියට ආවත් යුගාන්ට තීනුව හොයා ගන්න බැරි උනා . ඇටකිච්චා වගේ හිටියට මොකද තීනු කියන්නේ සොනික් වගේ දුවන්න පුලුවන් ඩයල් එකක් .

තීර්ථව යාලු කර ගන්න තිනු එහෙන් හොද කට්ටක් කද්දි අරහෙන් යුගාන් තීනුව පණ දා ගෙන හොයන්න ගත්තා . ඒත් යුගාන්ට තීනුව හම්බ උනේ නැති නිසා යුගාන් කෙලින්ම කැම්පස් එකේ ගේට් එක ගාවට ගියා . ඒත් තීනු වෙනුවට හස්නා ගේට් එකෙන් එලියට එද්දි හස්නගේ ඇස් යුගාන්ව දැකලා ලොකු උනා . මොකද හස්නා හිතුවේ යුගාන් අම්බානක තීනු ගෙන් ගුටි කන්න ඇතී කියලා .

ඒත් හස්නා හිතපු කිසිම දෙයක් සිද්ද වෙලා තිබුනෙ නැති නිසා හස්නා ටිකක් සප්‍රයිස් උනා . යුගානුත් තමන්ව දැක්ක ගමන් දෙකට කැඩිච්ච පනුවා වගේ දගලන්නේ ගත්තේ තීනු තමන්ට හා කිව්වා කියලා කියා ගන්න බැරුව උනත් හස්නා නම් හිතුවේ යුගාන්ට මොකක් හරි ලෙඩක් හැදිලා ඔහොම නලියනවා ඇතී කියලා . හස්නා ඉතිම් යුගාන් ගාවට එද්දි යුගාන් එක පාරටම හස්නව සතුට වැඩි කමට බදා ගත්තා .

ඒත් කැම්පස් එකේ ගේට් එකෙන් එලියට තීනු එනවා දකිද්දි යුගාන් හස්නව තල්ලු කරලා දාලා ගිහින් තීනුගෙ අතින් අල්ල ගත්තා . යුගාන් නංගිට වඩා කොල්ලට ආදරේ දෙන හැටි දැකලා හස්නා තමන්ගේ ඉනට අත් දෙකත් තියන් බලන් ඉද්දි යුගාන් හස්නව නොදන්න එකෙක් ගානට තීනු එක්ක ගියා . තීනු උනත් සේරම විස්තරේ දැන ගත්තට පස්සේ ආයේ හස්නා එක්ක කතා කලෙත් නැහැ .

" මුන් නම් පුදුම මිනිස්සු තමයි වැඩේ කෙරුනට පස්සේ ඇරියා නේද මට "






To be continue

_________________________________________

හායි ඔන්න මම ආවා

යුගානුයි තීනුයි සෙට් හරිත

ඒත් අනිත් කපල් වගේ උන් ලව් කරයි කියලා නම් හිතන්න එපා 😓

මේකේ දුෂ්ටයෝ නැ

මැදදි ආවොත් මං දන්නේ නෑ ඉතිම්

🌚

හේහේ

ගිහින් එන්නම්

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

35.9K 6.9K 25
PRIMERA PARTE DE LA SAGA: LA SANGRE DEL INFIERNO Deseas no haberme conocido, gritas por olvidar mi nombre pero todo a tu alrededor evoca mi recuerdo...
1.8K 294 3
හැම ලස්සන මලක්ම පිපෙන්නෙ වසන්තෙට නෙවෙයි මන්ධාර........ සමහර මල් තියෙනවා අවාරෙට පිපෙන......... වසන්තෙට පිපෙන මල් වලටත් වඩා ලස්සන....... පිපෙන්න ඕනි කා...
13.3K 395 19
Yuna never intended to meet the boy with the brightest smile she's ever seen and, she never intended, to meet the future pirate king, but she did. Af...
860 52 9
Victoria, Jolie, sûre d'elle ,grande gueule mais ça, c'est le visage qu'elle veut donner et que les autres voient. La vrai Victoria vit tout les jour...