šŸ‘‘ šŸŒ·ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·ŠšŸŒ·šŸ‘‘ C...

By ChenQing4

43.5K 6.2K 3.7K

šŸŖ‚šŸŒ·šŸ‘ØšŸ»ā€šŸ¦±šŸ‘ØšŸ»ā€šŸ¦° FF/Non FF šŸ‘ØšŸ»ā€šŸ¦±šŸ‘ØšŸ»ā€šŸ¦°šŸŒ·šŸŖ‚ ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·Š..ą¶šą¶³ą·”ą·…ą·” ą¶‡ą¶ŗą·’ ą¶øą·™ą¶­ą¶»ą¶øą·Š.... ą¶…ą¶±ą·”ą¶±ą·Šą·ƒą¶­ą·” ą¶‹ą¶ŗą¶±ą¶š ą¶“ą·’ą¶“ą·“ ą¶”ą¶¶... More

šŸ‘‘ ą¶šą·’ą¶»ą·”ą·… ą¶±ą·”ą¶¹ ą¶øą¶œą·™ ą¶±ą¶øą·Š..šŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 1 šŸŒŗšŸ‘‘
šŸŖ‚šŸŖ‚ Air balloon introduction šŸŖ‚šŸŖ‚
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 2 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 3 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 4 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 5 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 6 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 7 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 8 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 9 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 10 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 11 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 12 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 13 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 14 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 15 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 17 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 18 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 19 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 20 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 21 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 22 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 23 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 24 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 25 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 26 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 27 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 28 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 29 šŸ”ž šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 30 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 31 Bonus šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 32 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 33 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 34 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 35 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 36 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 37 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 38 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 39 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 40 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 41 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 42 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 43 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 44 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 45 ~ End ~ šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶“ą·’ą·„ą·’ą¶«ą·”ą·€ą·™ą¶øą·” ą¶‹ą¶©ą·” ą¶œą¶øą·Šą¶¶ą¶½ą·...ą¶šą·’ą¶»ą·”ą·… spec 1 - 1 šŸŒŗšŸ‘‘
šŸ‘‘šŸŒŗ ą¶“ą·’ą·„ą·’ą¶«ą·”ą·€ą·™ą¶øą·” ą¶‹ą¶©ą·” ą¶œą¶øą·Šą¶¶ą¶½ą·.. ą¶…ą·€ą·ƒą·ą¶±ą¶ŗ šŸŒŗšŸ‘‘

šŸ‘‘šŸŒŗ ą¶šą·’ą¶»ą·”ą·… 16 šŸŒŗšŸ‘‘

656 117 91
By ChenQing4

"කෙනුලෝ... මොකක්ද බං ඔය කුටු කුටුව කොච්චරවත්..ඔය කහට එක නිමෙනවා බීලා හිටින්.."

.....

"සර් එක්ක සර් එක්ක ගගා මොකා එක්ක කියවනවාද ඔය හැටි...උඹෙ වැඩ පිළිවෙල මට නම් දැන් අල්ලන්නෙම නෑ ඔන්න...සර් මොකට මේකට ඔය ගඩොල් භාගේ අරන් දුන්නද කියන්න..ඉගෙන ගන්න...යසයි ඉගෙන ගන්න අපූරුව..එක්කො ඇත්තන් ඇස් දෙක උන්දන් කොටනවා...නැත්තම් කණේ ගහන් කුටු කුටුව..මං කියලා තියේ උඹට දැන්ම ගෑණු හොයාගෙන නම් අහුවෙන්න එපා මට.."

අද පෙබරවාරි මාසෙ අන්තිම ඉරිදාව...නත්තල් පහුවෙලා අලුත් අවුරුද්දක් ලබලා,ආයි ස්කුල් පටන් අරන් දවස් ගාණක්,සති ගාණක් එක්ක මාස 2ක් නොදැනිම ගෙවිලා තියෙද්දි උදේම බංගලාවට යන්න ලෑස්ති වෙන ගමන් උන්න මං අම්මා ආයි කාමරේට එබිලා කෑ ගහගෙන යන්න යද්දි ඇඳ උඩ ඇල් වෙවී තිබුණ කහට කෝප්පෙ අතට ගත්තෙ ෆොන් එක උරහිසට තද කරන ගමන්..

"අම්මද.."

"ම්ම්.."

"මොකෝ කෑ ගහන්නෙ උදේම..."

"හැමවෙලේම කුටු කුටුව කියන්නේ.."

"කුටු කුටු..ඒ මොකක්ද.."

"ෆෝන් එකෙන් කතා කාරණාවට අනේ...විහිළුවට කියන්නේ..මට කෙල්ලෙක් ඉන්නවා කියන්නේ...ඔයාටත් බනිනවා ෆෝන් එකක් අරන් දුන්නා කියලා.."

........

එහා පැත්තෙන් කුටු කුටු ගාණ මනුස්සයා සද්දක් නෑ ඒපාර..හිනාවක් ආවත් හිනා නොවී බරපතල බැල්මක් මූණට අරන් ඇති දැන්...අත්දැකිමෙන් එයා හැරෙද්දී කියන්න පුළුවන් දැන්..
සද්ද දාන්නේ කොහොමද ඉතිං අම්මා පිළිනොගත්තට මේ කුටු කුටු ගාන්නේ ෆෝන් එක අරන් දුන්න සර්ම වෙනකොට..

ෆෝන් එකේ පිහිටෙන් ඉගෙනත්
ගත්තා තමා..ඒත් ඉතිං ඔය දෙනකොට කිව්වා වගේ ඔන්ලයින් ක්ලාස් යැවිල්ලක්නම් ෆෝන් එකෙන් උණේ දවසයි දෙකයි...පස්සෙ ෆෝන් එකට වඩා ලැප් එක ලේසිලු, ෆෝන් ඇස් වලට හොඳ නැල්ලු , දුර වැඩි නිසා හරියට වයිෆයි connect වෙන්නේ නෑලු...වගේ දහසක් හේතු එක්ක ඒ ඔන්ලයින් ක්ලාස් ඔක්කොම එයාගෙ ලැප් එකට මාරුවෙද්දී ,දවසින් දවස එයා ගත්ත තීරණ එක්ක, මාව ගන්න පොලඹවපු,තීරණ එක්ක වගවීමක් වගකීමක් නැතිවම දැන් මගේ ටිකට් එක බංගලාවටම ලියවෙලා තිබුණා...

ඉතිං සතියේ දවස් 5 පුරුදු විදිහට විට ටිකත් දාන් මං ස්කූල් යනවා...අම්මා පොඩි එකි එක්ක විට ලෑල්ල අරින්න යනවා...බාප්පත් සුපුරුදු කාලකණ්ණිකමේ යනවා..ස්කූල් ඇරුන පිම්මේ ගෙදර නොයා මඟින්ම මං බංගලාවට එනවා..බංගලාවෙන්ම දවල්ට කාලා දැනටම එහෙට ස්ථිර පත්වීම් ලැබිලා තිබුණ ඇදුමකටත් මාරු වෙලා,එයාගෙ කියවිල්ලටයි ,බාධා කිරිල්ලටයි, උදව් කිරිමේ නාමෙන් වැඩ වැඩි කිරිල්ලටයි මූණ දිගෙන  ගාඩ්න් එකේ වැඩට බහිනවා..එයා ඉන්ටර්නෙට් පීර පීර හොයන් ආපු ෆොටෝ වගේම අදහස් එක්ක, ඕනා ඕනා උණ දේ අත දිග ඇරලා ගෙනත් දීපු නිසාම ,එයා වගෙම මමත් බලාපොරොත්තු නොවුණ තරමටම මාස 2ක් යද්දි මගේ මහන්සියේ ප්‍රතිපල ලැබිලා තිබුණෙ බංගලා වත්ත මල් වත්තක් කරන ගමන්...

ඒ ඒ වෙලාවට හිත කියන විදිහට වැඩ කරත් අන්තිම නිමාව ගැන,එයා කිව්වත් වගේ මගේ හැකියාව ගැන ලොකු පුදුමයක් වගේම තෘප්තිමත් කමක් මට දැනුණා වගේම...මල් අතරෙ එහා මෙහා යන හැම වෙලාවකම සමහරවිට ලස්සන ගාඩ්න් එකක අයිතිකාරයා උන එක ගැන,නැත්තං එයා මේ වැඩෙ මට බාර දීපු එක ගැන, ඔය එකක්වත් නැත්තං...සමහරවිට.........මේ හැමදෙයක්ම මේ තත්වේට ගෙනාපු මං ගැන...ආඩම්බරයක් මං ඒ ඇස් ඇතුලේ දැක්කා...

සමහරවිට ඒ ආඩම්බරේ අර එයා කිව්ව මං උඩම තැනක ඉන්නවා දකිද්දී ඒ මූණේ ලියවෙයි කියලා කිව්ව දේවල් වල අංශු මාත්‍රයක් වෙන්න ඇති හිතෙද්දි, වැටී වැටී ඇවිදින පොඩි එකෙක් අම්මගෙ තාත්තගෙ දිරිමත් කිරීම්,ආඩම්බරවිම් මැද්දෙ ඇවිදින්න හයිය ගන්නවා වගේ...ඒ අංශු මාත්‍රෙ උපරිමේ දක්වා අරන් යන්න,ඒ කියපු හැඟීමේ උපරිමේ ඒ මූණෙන් දකින්න මේ වෙද්දි මටත් තිබුනෙ පුදුමාකාර උවමනාවක්...උනන්දුවක්...

ඉතිං එයා මල් ගැන උද්‍යානාලංකරනේ ගැන ගෙනත් දෙන පොත් අනම් මනම් ඔක්කොගෙන්ම දැනුම අරන්,අලුත් අත් දැකීම් එක්ක මගේම දෙයක් කරන්න මන් ගොඩක් උත්සාහ කරා..ඉතිං ස්කූල් ඇරිලා ඇවිත් ලැබෙන පොඩි වෙලාවේ
කරන්න පුලුවන් උපරිමෙ කරන මං , 5 පහමාර වෙද්දි එයා එක්කම ඇලට එනවා...වෙනදට වඩා කියක් හරි අතට එන නිසා නල ළිඳ සුද්ද කරවලා,ගෙවන්න ගත්ත මොටරයක් එයාගෙ බලකිරීමටම දාගත්ත නිසා,ටැප් ලයින් නැතත් බැරල් එකක් පුරවලා කොයි වෙළෙත් ගෙදර වතුර තියෙද්දි වළං පිඟන්,රෙදි එහෙම රෑ මැදක හරි ගෙදරම හෝදගද්දි ,ගෙදර වතුරත් තියන් , බංගලාවේ ෆුල් එකක් බාතෘම් එකක් ඔක්කොම තියන් අපි ආතල් එකට තාමත් ඇලේ ටබ් එකේ නාන්න ගියා...නාලා එයා බංගලාවට යද්දි මං ගෙදර එනවා...කල් වෙලාව තිබුණොත් එයා මං එක්ක ගෙදර ඇවිත් අම්මයි පොඩි එකී අඳුර වැටෙද්දී ගෙදර එනකන්
කහට බිබී නාන කටා බෝතලේටත් වග කියනවා...

හැමදේම වෙනස් උණත්, අඳුර වැටෙද්දී නම් අපෙ ගෙදර තත්වේ තාමත් ඒ වගේ උණත් එතනත් නොදැනීම වෙනස්කම් වෙලා තිබුණා...බාප්පගේ චෝදනා වගේම අපහාස පිරුණු ලිස්ට් එකෙන් මගේ මූසලකම හැලිලා, කෙලින්ම බංගලාව ගෑවෙද්දි....බංගලාවට යන්න එපාය අරකයි මේකයි කියලා බනින මනුස්සයාම අනික් අතට සුදු මහත්තයාව හොදින් තියා ගණින් කොල්ලො..උඹට වරදින්නෙ නෑ උඹව බලා ගන්නවානේ උදව් කරනවානේ කියලා හොඳ කියෙව්වා...අනික් අතට බංගලාවේ රිංගන් ඉඳලත් එයාට රට බිම ගෙනත් දෙන්නේ නෑ කියලා දෙස් තිව්වා...තවත් වෙලාවකට උඹත් යන්නෙ අක්කගේ පාරෙ උඹටත් ඒකිට උණ ටිකම දවසක වෙයි කිය කිය කෑ ගැහුවා..

කොහොම උණත් සර් දීපු සල්ලි වලින් මාතර මුදලාලිගේ ණය ගෙවලා දැම්මට පස්සෙ නම් හොඳ සිහියෙන් උන්න වෙලාවක ඉඩම උකස් තිව්වට අම්මාගෙනුයි මගෙනුයි සමාව ඉල්ලුවා..ඉස්සර තරම්ම අත පයේ හයිය පෙන්නන්න නොඑද්දී...සර් මට මවලා දීපු සුරංගනා ලෝකේ නිසාමදෝ තව දුරටත් බාප්පාගේ වචන වලට මගේ හිත රිදුණේ නෑ...කොච්චර කෑ ගැහුවත් මං ඇහුණේ දැක්කෙ නැති ගාණට ඉද්දී, ඉස්සර වගේ මං ඇස් වල කදුළු පුරවා ගත්තෙවත්, හිත රිද්දාගත්තේවත් නැති බව පෙනුණ නිසාදෝ අම්මාත් මං වෙනුවෙන් කතා කරන්න යන එක නතර කරා...ඉතිං අම්මා කටවහන් ඉද්දී බාප්පාටත් එල්ලෙන්න විදිහක් නැති වෙද්දි තනියම ඔහේ කියවා කියවා ඉඳලා නින්දට වැටුණා..

සතියේ දවස් ඒ වගේ ගෙවෙද්දී සෙනසුරාදා ඉරිදා නම් මගේ දවස සම්පූර්ණම ගෙවුණේ බංගලාවට..උදේ වරුව ගාඩ්න් එකේ ගෙවෙද්දී , දවල් වරුව online ක්ලාස් පෝලිමේ තිබුණා..ඉරිදා දවසෙ වැඩි හරිය ගාඩ්න් එකේ ගෙවෙද්දී එදාටම අපි දෙන්නා දෙන්නට කරගත්ත ක්ලාස් තිබුණා..එයා මට english එක්ක ජර්මන් උගන්නද්දී මං එයාට සිංහල ලියන්න වගේම අවුල් තැන් හදාගෙන කතා කරන්නත් කියලා දුන්නා...

ෆෝන් එක නිසා අක්කට කතා කරන්න කඩේ ගෙදර අනුමිගෙන් ෆෝන් එක ඉල්ලන්න යන ගමන නතර වෙද්දි,ෆෝන් එකේ ඉගෙන ගැනිල්ල උදව් උණේ අපි දෙන්නාගේ භාෂා ඉගෙන ගැනිල්ලට විතරක් වෙද්දි, ළඟ නැති ටිකට එහා මෙහා වෙන සීයක් හමාරක් මැසේජ් , එයා ජර්මන් වලින් හෝ english වලින් එවද්දී මට ඒවා තනියම තේරුම් ගන්න උණා..අනික් අතට මන් උත්තර යැව්වෙ සිංහලෙන් වෙද්දි එයාටත් අනික් අතට කොහොමහරි කියවාගන්න වෙද්දි අමුතු වෙහෙසක් මහන්සියක් නැතිව අපි ටිකෙන් ටික බාසාව අතින් නම් දියුනු වෙන ගමන් හිටියා...වැරදුණත් අපි අපි අතර වෙද්දි හිනා වෙවී අපි ඒ දේවල් ටික ටික හදා ගත්තා..

සිංහල යම්තාක් දුරට ලියවන්න කියවන්න දැනගෙන හිටපු එයාට ඒතරම් අමාරුවක් නොවෙද්දී මමත් ජර්මන් අමාරු උණත්, english ටික  ඉක්මනින් හදා ගත්තා...ඉතිං දැන් එයා සිංහලත් ඉස්සර වගේ අමුතුවට නැතිව හොඳට කතා කරද්දි ඉංග්‍රීසි කොහොම හරි පටලාගෙන කතා කරන්න මටත් පුළුවන් උණා...

"හ්ම්ම්..ඉතිං තාම ලෑස්ති වෙනවාද..එන්නෙ නැද්ද අද.."

"මොකද අප්පා හදිස්සිය...උදේම කෝල් අරන් කියෝ කියෝ මෙතන...දවසම ඔහෙ ඉන්න තමා එන්නෙ..එනකං ඉන්නකො.."

ෆෝන් එකේ කුටු කුටු කතාවෙන් පස්සෙ සද්ද නැති එයාටම ඇති හිතිලා කතා කරනකං...ෆෝන් එක කණේ ගහන්ම තේ එකත් උගුර උගුර බොන ගමන් මන් පොත් පත් ටික එකතු කරද්දි එයා එහා පැත්තෙ ඉඳන් බොරුවට කලබල කරා.යාලුවොළු...කට ඇරියොත් කියන්නේ නම් එහෙම..ඒත් නිකං හැසිරෙන්නේ මගේ මිනිහා වගේ...එක වරුවක් මේ මූණ දකින්න බැරි උනොත් හැසිරෙන්නේ පිස්සෙක් වගේ...

"හරි හරි ඉතිං...ඉක්මන්ට එන්නකෝ අප්පා..කියේ ඉඳන්ද බලන් ඉන්නෙ මං..උදේම නැගිට්ටත් එක්ක.."

"මං කිව්වනේ සර්...ගෙදර ඉන්න දවසේවත් නිදාගන්න එපැයි ටිකක් දවල් වෙනකං.."

කටහඬත් අමුතු කරන් ඒ පාර ඉංග්‍රීසියෙන්ම කියද්දිනම් මට දුක හිතුණා..ආසාව තිබුණත් ඉර අවුව වැටෙනකම්  නිදියන්න , එයාට හැමදාම පාන්දර 4ටත් කලින් නැගිටලා වැඩ පටන් ගන්න උණා වෙද්දි, දැන්නම් එයාට කලින්ම පාඩම් කරන්න නැගිටිණ මං එයාගෙ එලාම් එකේ ජොබ් එකත් කරා.. කළාතුරකින් දවසක බැලුන් ගමනක් නොවැටුණොත් විතරක් එයාට දවල් වෙනකං නින්දක් දාන්න පුළුවන් උණත්,ඒ වගේ දවසට මං එයාව ඇහැරවන්න ගියේ නැතත්, ඒ වගේ දවසටත් මන් ස්කූල් යන දවසක්නම් පුරුද්දට ඇහරුනානෙ කියාගෙන එයා මං ස්කූල් යන වෙලාවට පාරට ආවා...අද වගේ මටත් නිවාඩු දවසක්නම් කලින්ම නැගිටගෙන මං එනකං බලන් හිටියා...

"ම්හ්ක්..දවල් වෙනකං තමා..රෑවත් නින්ද ගියේ නෑ මට.."

"ඈ..හ් ඒ මොකෝ.."

"මොකුත් නෑ.."

"කියන්නකෝ අප්පා.."

එයා එකපාර කටහඬත් අමුතු කරන් චෝදනාවක් වගේ කියද්දි රෑ මැද නැගිටගෙන මක් කරාද හිතුණත් එයා ඊලඟට දීපු උත්තරේ,මං දැන් මේ අද බොරුවටත් එක්ක ලත වෙවී බංගලාවට යන්න පරක්කු කරන හේතුවම බව දැන ගද්දි කන්දෙකත් එක්ක රතු වෙනවා මට දැනුණා...

"මුළු කාමරේම ඔයාගෙ සුවඳයි බබා.."

"ආහ්.."

"මොකුත් නෑ..පොත් ඔක්කොම අරන් එන්න...ආ මගෙ හෝම් වර්ක් බුක් එක අදවත් මතක් කරලා ගන්න.."

"ස්..ඔහ්හ් මෝඩයා ඔහොමත් තියනවාද.."

එයා හොරා වගේ නින්ද නැති උනේ මං නිසා කියන එක කියලා, මොකුත් නොකියපු ගාණට කලබලෙන් ෆෝන් එක කට් කරද්දි මං ෆෝන් ස්ක්‍රින් එකේ උන්න එයාට කට ඇද කරා..ඔව් ඉතිං..ලොක් ස්ක්‍රින් එකේ වගේම හෝම් එකේ ඉන්නෙත් එයා...එයා දකින බව දැන දැන කොන්ද පණ ඇතිව කරපු දෙයක් නෙමෙ..මගේ ෆෝන් එක දීපු දවස්වල දවසක මං එයාගෙ ලොක් ස්ක්‍රින් එක දැක්කෙ අහම්බෙන් වෙද්දි ඒකෙ තිබුණෙ එදා මුල්ම දවසෙ බැලුන් එකේ යන ගමන් ගත්ත මල් මැද්දෙ මන් හිනාවෙලා ඉන්න ලස්සන ෆොටො එකක්...අනික් අතට හෝම් ස්ක්‍රින් එකේ එයා එක්ක ඉන්න ලියා මිස්ව දකිද්දි පපුව ඇදුම් කෑවත්... යාළුවාගේ ෆොටෝ එකක් ස්ක්‍රින් එකට දාගෙන අමුතු සම්ප්‍රදායක් පටන් ගත්ත එයාට හිනා වෙවී මමත් මගේ ෆෝන් එකෙන් ගත්ත එයාගෙ මුල්ම ෆොටෝ එකක් ස්ක්‍රින් දෙකටම දාගත්තා..

ෆෝන් එකේ හිනා වෙවී උන්න ඒ මූණ දකිද්දී මට ආයිමත් ඊයේ දවස මතක් වෙද්දි මට තනියම හිනා ගියා...ඒක මේ ඇවිත් හිතලා කරපු දෙයක් නෙමෙ...සුළු අත් වැරැද්දක්... ඊයේ හවස online ක්ලාස් එකේ ඉද්දී හිටි හැටියේ පෙර දැනුම් දීමක් නැතිවම එලිනා මැඩම් කඩා පැන්නා වෙද්දි, උඩ කෑම මේසේ වාඩිවෙලා උන්න අපිට පහල තට්ටුවෙන් ආව මැඩම්ගේ සද්දේ ඇහෙද්දීම, ඒ ගෑනිට මූණ දෙන්න අකමැති කමටම මගේ මූණ ඇකිලෙද්දි , මං ක්ලාස් ඉවර වෙනකං මං ළඟට වෙලා ෆෝන් එක ඔබ ඔබ උන්න එයා මට ලැප් එකත් අරන් එයාගෙ කාමරේට යන්න කිව්වේ ඒ ගෑනි කොහොමත් එයාගෙ කාමරේට ඔලුව දාන්න නොයන නිසා වෙද්දි මේ මාස ගාණට බංගලාව පුරා ගිහිං තිබුණත්, තාමත් මට විතරක් නෙමෙ එයා ආවත් හරි ආරි මාමට පවා ආගන්තුක උණ ඒ කාමරේට මං මුල් වතාවට අඩිය තිව්වා...

ක්ලාස් එකේ හිටපු නිසා වට පිටාවට එකපාර අවධානේ දෙන්නවත්,සිරි නරඹ නරඹ සුදුසු තැන් හොය හොය ලතවෙන්නවත් බැරි කමට මං lap එකත් අරන් ගිහිං මුලින්ම ඇහැ ගිය එයාගෙ ඇඳ උඩින් වාඩි උණා..සෑහෙන වෙලාවක් ගිහිං ක්ලාස් එක ඉවරවෙද්දීත් එයා ආපහු ආවෙ නැති වෙද්දි තාමත් මැඩම් නොගිය බව දන්න නිසා මං ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් කාමරේ පුරා ඇස් යැව්වා...

අස් කරන්න අතුගාන්නවත් ආරි මාමාටවත් එන්න දෙන්නෙත් නැතිලු...
සමහරවිට එදා නත්තල් දවසෙ ලියා මිස් ආවට පස්සෙ කාමරේට ආව මුල්ම ආගන්තුකයා මං වෙන්න ඇති...මොනා උණත් හැමදේම පිරිසිදුයි...පිළිවෙළයි...හෝටල් කාමරයක් වගේ...ඔක්කොමත් හරියන්න ජනෙලෙන් පේන දර්ශනේ...කවුරු උණත් ගේ ඩිසයින් කරලා තියෙන්නේ වෙල් යායට මූනලා වෙද්දි වෙල් යායත් එක්ක ඒ දර්ශන පතේට අපෙ ගෙදරත් නොවරදවාම අහු උණා වෙද්දි එයාගෙ ඇස් වලට උදේ හවා අහුවෙන ඒ දර්ශනේ මමත් මුල් වතාවට වින්ඳා...

බල්කැනියට බරවෙලා,පහල ඉන්න මාවම හිතේ මවන්, එයා වගේම ඇක්ශන් දාලා කෝලමක් කරපු මං ආපිට හැරුණේ එතනම එල්ලලා තිබුණ wind chime එකට තට්ටුවකුත් දාන ගමන්...මගේ පුංචි තෑග්ග...එදා නත්තල් දවසෙ එයාට දුන්න මගේ මුල්ම තෑග්ග...එදා එයාගෙන් ෆෝන් එක හම්බවෙලා අනික් අතට මගේ තෑග්ග එයාට දෙද්දී...ආපිටට එයාට තෑග්ගක් තියෙයි කියලා නිකංවත් බලාපොරොත්තු නොවුණ එයාගෙ අත් උඩින්..සාක්කුවෙන් ගත්ත මගේ පුංචි තෑග්ග තියද්දි..ඒ හිත නිවන සද්දෙ මැද්දෙ ඒ නිල් ඇස් හඳ එළියේ දිලිසුණ හැටි මට මතක් උණා...

Wind chime එකත් පොඩ්ඩක් එහෙ මෙහෙ හොලවලා ආපිට එන්න හැරුනත්,මගේ කටත් ඇරිලා හුස්මත් හිරවෙන දෙයක් එයාගෙ බැල්කනියෙ පුටුවක් උඩ තිබිලා මට හම්බ උණා...

වෙන මොකක්වත් නෙමෙ...සුපිරි ගණයේ ටෙලස්කොප් එකක්...නිකමට ඇහැ තියලා බලන පමාවට අපෙ ගේ ඇස් ඉස්සරහා තියෙද්දි ඇත්තටම මං ගැස්සුණා...මේ යකා ඔත්තු බලලා.. !! මුල් දවස්වල මං ඇලට යන පමාවට දිවැස් තිබුණා වගේ මේ මනුස්සයා එතන්ට ආවෙ මේ ඇස් දෙකේ පිහිටෙන් ඔත්තු බලලද හිතෙද්දි මට දාඩියකුත් දාලා,අමාරුවෙන් හිරකරන් උන්න  චූ බරත් තවත් ඉවසන්න බැරි තත්වයක් ආවා වෙද්දි ඉන්න බැරිම තැන අනවසරෙන්ම එයාගෙ බාත් රූම් එකට රිංගුවා වෙද්දි ඒක ඇතුලේ දැකපු දේ නිසා මං කලින්ටත් වඩා පුදුම උණා..

මගේ නූල් ඇදුණ සාලු කෑල්ල...!! තවදුරටත් මගේ කියන සුවදක් නොදැනුණ...පුරුදු තද නිල් පාට ටවල් එකත් එක්ක..යකඩ බාර් එකේ ලස්සනට නමලා දාලා තිබුණ,එයාගෙ සුවද පිරුණ මගේ සාලු කෑල්ල අත් දෙකෙන්ම මං නහයට තද කර ගත්තෙ කියාගන්න බැරි හැඟීමකින්...අදත් පාවිච්චි කරපු නිසාදෝ ඒක යන්තම් තෙතයි... මගේ කඳුලුත් දිරාපු රෙද්දටම උරා ගද්දී ඒක  තුරුලු කරන්ම මට ඉකි ගැහුනා...

මුල්ම දවසෙ නාන්න ඇවිත් හරියට අඳුන්නන්නෙවත් නැති මගේ සාලූ කෑල්ලෙන් ඇගත් පිහගෙන,ඒක ඉරලත්, අමතක වෙලා අරගෙනත් ගියාට පස්සෙ...ඊලඟ දවසෙ එයා වෙන එකක් අරන් ආවා...සාලුව නැති නිසා මමත් ඇග පිහන්න පරණ සරම් කෑල්ලක් අරන් ගියත් එයා මට ඒකෙන් පිහන්න ඉඩ නොදී එයාගෙ ටවල් එක ගන්න බලකරද්දි එදායින් පස්සෙ අපි දෙන්නටම තිබුණෙ එක ටවල් එකක්..මට වගේම එයාටත් ගෙදර තව එකක් තියෙන්න ඇති.. ඒත් අපි ඇලේ නාද්දී දෙන්නාම පොදුවේ පාවිච්චි කරේ ඒ තද නිල් පාට එකම ටවල් එක වෙද්දි කවදාවත් ඒ ගැන ආයි හිතලා බලන්න මතක් නොවුණත්...අද මගේ දිරපු සාලු කෑල්ල මාස ගාණකට පස්සෙ එයාගෙ බාතෘම් එක අස්සෙ දැක්කම, කලින් හිතන්න මතක් නොවි හිත අස්සෙ හැංගිලා තිබුණ දේවල් එකින් එක උඩට එන්න ගත්තා...

ඇයි මෙහෙම...ඇයි මේ හැමදේම... අපිත් නොදැනිම අපි මේ බෙදාගන්න ජීවිතේ මොකක්ද සර් කියලා මට එයාගෙන් අහන්න ඕනා උණා...පොඩි පොඩි දේවල් එක්ක, මට නොදැනෙන්න හරි මාව එයාගෙ ජීවිතේ කොටසක් කරගන්නෙ ඇයි අහන්න හිතුණා..

හිතට දැනෙන හැඟීම් බර වැඩි වෙද්දි  ගිය වැඩෙත් අසිහියෙන් වගේ කරගෙන සාලු කෑල්ල තිබුණ විදිහටම තියලා මන් බාතෘම් එකෙන් ආවේ හිනෙන් වගේ...එහෙම්ම ගාණක් නැතිව කල්පනාවෙන්ම ඇඳට කඩන් වැටුණ මං අයිතියක් අවසරයක් නැතිවම, බැනුම් අහන්න ගුටිකන්න වෙයිද නොදැනම.. එයාගෙ සුවද පිරුණ කොට්ටේත් බදාගෙන පිස්සුවෙන් වගේ ඇඬුවෙ මේ දැනෙන හැඟීම් වල බර දරාගන්නම බැරි තැන වෙද්දි මට නොදැනිම කොට්ටේත් බදන් නින්ද ගිහිං තිබුණා...

කොයිතරම් වෙලා කොහොම ගියාදත් නොදනිද්දී, කලින් දවසෙත් රෑ වෙනකං පාඩම් කරලා, පාන්දරම ඇහැරිලා උදේ වරුව පැල එක්ක ඔට්ටු වෙලා මහන්සිපිට උන්න මට ඒ සැප මෙට්ටේ දිව්‍යබවනක් වෙද්දී , ඉරත් අතුරුදන් වෙලා කළුවරත් වැටිලා තියෙද්දි මං ඇස් ඇරියේ එයාගෙ ඇඳේ මන් එක්කම නිදන් උන්න එයාගෙ තුරුලේ ඉඳන්  වෙද්දි,මගේ කලබලේට එයත් ඇස් අරිද්දී හොර කරලා අහු උණ පොඩි උන් දෙන්නෙක් වගේ අපි දෙන්නම අපහසුවෙන් උන්න හැටි මතක් වෙද්දීත් මගේ මූණේ හිනාවක් ඇඳුනා...

ඒ වෙද්දීත් වෙලාව රෑ 7ත් පහුවෙද්දී හදිසියේ වැටුණ ක්ලාස් එකක් නිසා මං එන්න පරක්කුවෙයි කියලා එයා ආරි මාමා අතේ අම්මට පණිවිඩේ යවලා තිබුණා වෙද්දි, රෑට කන්නත් දීලා එයා මාව ගෙදරටම ගෙනත් ඇරලුවා වෙද්දි එයාට නින්ද නොගිය හේතු හිත අස්සෙ පෝලිම් ගැහෙද්දී මං දැනුත් ලැජ්ජාවටම රතු වෙද්දී...අම්මාගෙන් මූණ හන්ගන් ඉක්මනින් පොත් ටිකත් අරන් ගෙයින් එළියට බැස්සා...

"මොකද බං ඔය යන්න එළි බැහැලා හැමදාම ගස් අස්සෙ රිංගන්නෙ...ඔච්චර මල් හදලත් බංගලාවේ ගස්වල මල් නැද්ද..මෙහෙන් උස්සන් යන්නෙ.."

"පින්න මලක් හෙව්වෙ අප්පා..."

"පින්න කොහෙද බං මේ කාලෙට..උඹෙ අත් ගුණේට අවාරෙටත් එකක් දෙකක් හැදුනට හැමදාම තියෙයිද..ලබන මාසෙ අන්තිම දිහාට පිපෙයි ගහ පුරෝලා..."

"හ්ම්ම්.."

අම්මා කියද්දි අදනම් ගහට එක මලක්වත් නෑ කියලා දැන දැනම මං ගහ පීරුවා... පින්න පිපෙන්නේම අගොස්තු සැප්තැම්බර් වගේම අප්‍රේල් මැයි කාලෙට උණත් මේ පාර මල් ආවේම ඔක්තොම්බරේත් කිට්ටු වෙලා වෙද්දි ඔය කියන්නා වගේ මගේ අත් ගුණේටමදො පෙබරවාරියෙත් අහම්බෙන් පොහොට්ටුවක් දෙකක් පිපුණත් අද පොහොට්ටුවක්වත් නැති වෙද්දි මගේ මුනත් නිකංම පරවුණා වගේ උණා...

අපිට කවදාවත් සෙන්ට් පවුඩර් පාවිච්චියක් නොවෙද්දී ඉස්සර ඉඳන් අක්කයි මමයි පුරුදුවෙලා හිටියා වත්තෙන් කඩා ගන්න මලක් දෙකක් සුවද එන්න ඇඳුම් අස්සෙ හංගාගන්න...ඉතිං එදා තුවාලත් හදන් බංගලාවට ගිය මුල්ම දවසෙ එයා මගේ රහස අල්ලන්, මගේ සාක්කුවෙන් පින්න මල් ගත්ත මුල්ම වතාවට පස්සෙ අහම්බෙන්වත් එයාට මං ළඟ මල් සුවද ඉව වැටුණොත් එදා වගේ සාක්කුව අස්සෙ වැඩි පුර කාලයක් නොගත්තා උණත්, එදා වගේ මං ළඟ මත්වෙලා ඉඹින්න කරන්න, තුරුලු කරගන්න නොගියත්, මාව ඕනා කියලා කන ළඟ මිමිනුවේ නැති උණත්..එයා හැමදාම මගේ සාක්කුවේ තිබුණ පින්න මල් මගෙන් නාහම එයා ලගට ගත්තා...ඉතිං මාත් එයාට කියන එක නොකියා...එයා වෙනුවෙන් පුළුවන් හැම වෙලාවේම මලක් දෙකක් සාක්කුවේ දාන් ගියා..

"ඈ බං කෙනුලො...ඔච්චර මල් තියෙද්දි අහවල් දේකටද උඹ පින්නම හොයන්නෙ.."

"එයා ආසනේ ඉතිං.."

"මොකක් කිව්වා..!!"

"ඒවට මං ආසයි කිව්වේ අප්පා...අනික් මල් වගේ නෙමෙ ඒ සුවද මරු"

"උඹ හොය හොය ඉඳපන්...ආන් අර කුමාරිකාව උඩහටත් දුවලා ඉවරයි.. මං යනවා.."

මගෙන් උණ කට වැරැද්ද යන්තම් වහගත්ත මන් කරන්න දෙයක් නැති කමට අද ගැට පිච්ච මල් හතර පහක් කඩාගෙන සාක්කුවේ දාගෙන අම්මා පස්සෙ වැටුණා...

හි හි...වෙනදා මං එනකං බල්කනියේ බලන් ඉන්න මනුස්සයා ලැජ්ජාව නිසාමදෝ අද නෑ...මෙතන නිදන් උන්න පොඩි එකාව උස්සලා අත උඩට අරන් තුරුලු කරගෙන..මොන මොනා කරාද දන්නෙත් නෑ...මං අඬු බඬු ඔක්කොගෙන්ම එයාව වෙලන්..බෙල්ල අස්සෙ මූණ ගහන් කට කෙළත් පෙරන් උන්න එක වෙනම දෙයක් ඉතිං...නින්දෙන්නේ...

නිදිමතේ වගේම ලැජ්ජාවේ පිරිලා උන්න වෙලාවේ බලෙන්ම මොනාදෝ කාපන් කාපන් කිව්වට තෝන්තුවෙන් වගේ උන්න නිසා මොනා කෑවාදවත් මතක නෑ...කළුවරේ ගේ ළඟට ඇවිල්ලා තමා දෙන්නා මූණවත් බැලුවේ..හම්බුන මුල් කාලෙ ඒ පිටම අමුතු යාළුකම් ගැන කියාගෙන ඇඳ බෙදාගන්න කතා කරපු මනුස්සයා එක ඇඳේ පැයක් දෙකක් නිදන් උන්න එක ගැන ලැජ්ජා වෙන හැටි දකිද්දී...මතුපිටින් හිනා උණත්..එයාගෙ මේ වෙනස්කම් නිසා ඇත්තටම මගේ හිතට දැනුණේ බරක්..

අනවස්‍ය විදිහට ලං නොවෙන්න පොරොන්දු උණා තමා..ඒත්..එයාට ඕනා තරම් අවස්ථාව තිබුණා...ආපහු ඒ වගේ මට ලංවෙන්න උත්සාහ කරන්න..දැන් මගෙ හිතේ තියෙන හැඟීම් එක්ක..එයා උත්සාහ කරානම්..නිකංම මං අවනත වෙන්න උණත් තිබුණා...ඒත් එයා හැසිරුණේ..ඒ මුල් දවස්වල මං ඉස්සරහා හැඟීම් වලින් මත් වෙන්න හදපු එයාමද කියලා හිතාගන්න බැරි විදිහට..

නොදැක්කා නොදැනුණා වගේ හිටියත්, ඒ නිල් ඇස් මං පස්සෙ ඉස්සරටත් වඩා නොසන්සුන් කමකින් දුවන බව මට දැනුණා..අහම්බෙන්වත් ටිකක් ලං උණ වෙලාවට ඒ හුස්ම වේගවත් වෙන හැටි,උණුසුම් වෙන හැටි මට දැනුණා...ඒ පපුව වේගෙන් උස් පහත් වෙන හැටි මං දැක්කා..මාව අල්ලන්න ඕනා කමේ එයාටත් හොරෙන් අකිකරුකම් කරන්න හදන ඒ අත් එයා පාලනේ කරගන්න හැටි මං දැක්කා...පාලනයක් නැතිව ඒ අත් වෙවුලද්දී එයා අත් මිටි ගුලි කරන් ඇස් තද කරන් එයාව පාලනේ කර ගත්ත හැටි මං දැක්කා...කොටින්ම එයාට,ආදරයක් ඇතිව හෝ නැතිව ඉස්සරටත් වඩා මං ගැන හැඟීම් තියෙන බව මං දැනගෙන හිටියා..ඒත් කසාදෙට කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මලක් වගේ බලාගන්න බෝයි කෙනෙක් වගේ එයා එයාගෙ සීමාවෙ ඉන්න පුළුවන් උපරිමයෙන් කැප උණා...

ඉතිං ගතින් විතරක් බැඳෙන්න ඕනා කම තිබුණ මනුස්සයෙක්ට හැඟීම් එක්ක මත් වෙලා අවස්‍ය උණ වෙලාවේ,අවස්ථාවත් තියෙද්දී බලෙන් හරි ඒ දේ කරගන්න පුළුවන්කම තිබුණත්..හිතින් බැදීමක් නැති මනුස්සයෙකුට මෙතරම් ඉවසන්න පුළුවන්ද කියලා මගේ හිත මගෙන්ම ප්‍රස්න කරා..එයා දෙන මේ සැලකිල්ල පරිස්සම අස්සෙ අයිතියක් , හිමිවීමක් නැති බව දැන දැනම මං ආදරේ අංශු මාත්‍රයක් හෙව්වා..අංශු කප්පරකින් මට ඒ ආදරේ හම්බ වෙද්දි, එයාට නමක් දෙන්න ඕනා නොවුණ ඒ ආදරේට වගේම එයාට දවසින් දවස මං  තව තවත් බැඳුනා...

"සර්.."

"ආහ් ආවද...මොකො පරක්කු අද..ම්ම්..ගොඩක් වෙලා බලන් හිටියෙ.."

වෙනදා වගේ පිළිගන්න බැල්කනියෙ හොහිටපු එයාව මට අද හම්බ උණේ සාලෙන්..බලන් ඉඳලා බැරිම තැන එයා මං වෙනුවෙන් පහලට බැහැලා තියෙද්දි බිත්තියෙ තිබුණ ලොකු ඉලක්කම් කැලැන්ඩරේ දිහා බලන් දොරට පිටුපාලා ලොකු කල්පනාවක උන්න එයා මගේ කටහඩට හැරිලා බැලුවෙ ගැස්සිලා...මං බලාපොරොත්තු උණා වගේ ලැජ්ජාවක් ඒ මූණේ නොවෙද්දී..මං ඒ මූණේ දැක්කෙ මීට කලින් නොදැකපු විදිහෙ වේදනාවක්..

"සර් ඇ.ඇ.. යි මේ..."

"ම්හු..මොකුත් නෑ.."

"අනේ කියන්නකෝ..ප්‍රස්නයක්ද මොකක්හරි.."

මං අහද්දී ඒ ඇස් මගේ මූණ පුරා දුවද්දී එයා ලොකු සුසුමක් හෙළුවා..

"තව මාස 2යි නේද.."

"මොනවටද..."

"සමහර විට... මේ හැම...දේටම.."

......

"මැයි මුල් සතියේ මං ආපහු යනවා...අම්මෝ මාස 6කට පස්සෙ මමාව බලන්න යනවා...පුදුම සැනසීමයි...."

ඉතිං එයා මතක් කරේ විදින ගමන් උන්න සතුට ඇතුලේ මට අමතක් වෙලා, සමහර විට හිතා මතා අමතක් කරපු දෙයක් වෙද්දි...අපි මුණ ගැහිලා ගෙවුණ මාස 4කට පස්සෙ තව එකට ඉන්න ඉතිරි මාස 2ක් බව මතක් කරපු එයාගෙ කටහඬ ඔනවාටත් වඩා වෙව්ලද්දි මගේ පපුව හිරවෙලා ගිහිං ඒ තප්පරේට ඇස් වල කඳුලු පිරෙද්දි , මගෙ ඇස් දැකලා ගැස්සුණ එයා බොරුවටත් එක්ක හිනා වෙවී සතුටු මූණක් මවා ගද්දී, මං එක්කම ඉන්න බැරිද...ගිහිං ආපහු එන්නෙ නැද්ද අහන්න ඕනා උණත්,
මාව සනසන්න කරපු ඒ දේම මගේ කඳුලු වල පාලනය නැති කරද්දි,එයා මගේ කඳුලු දකින්න ඕනා නැති නිසා.. මං ඉක්මණින් එයාට පිටුපාලා එතනින් එන්න හැරුණා..

"කිරලු..."

........

"අප්‍රෙල් අන්තිම දවසෙ...අපි දෙන්නා බැලුන් යමු....ඔයයි මමයි විතරක්.....අන්තිම ටුවර් එක අපි දෙන්නා විතරක්......"

එයා කතා කරද්දී මං උන්න තැනම නවතිද්දී එයත් උන්න තැනම ඉඳන් මට ඇහෙන්න කිව්වේ සද්දෙන් වෙද්දි හිටි ගමන් ආව යෝජනාව පුදුමයක් උණත් ,සතුටට උඩ පනින්න කාරණයක් උණත්..මට සතුටක් නොදැනෙද්දී....
මං උන්න තැනම ඉඳගෙන හා කියන්න ඔළුව වනලා පොත් ටිකත් අරන්ම පඩි පෙල දිගේ උඩට දිව්වේ එකම දෙයක් හිත අස්සෙ දෝන්කාර දෙද්දී....

"තව මාස 2යි නේද.."

"මොනවටද..."

"සමහර විට... මේ හැම...දේටම.."

මතුසම්බන්ධයි....
👩‍💻 dil

2023/01/19

   🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

ගුඩ් මෝනිම් ළමයි.....🤗🤗

අදත් උදේම ආවා ඔන්න...😊😊

ඉතිං කාලෙ ගෙවෙනවා....🤧🤧

දිගංචියාට ආපහු යන්න කාලෙ ලං වෙනවා....😔😔

එයාගෙ වෙනස්වීම ගැන මොකද හිතෙන්නේ...🥺🥺

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

හීන දගයැයි කියා වින්ද නුඹ
හීනයක විඳවනා
පාව දුර යමු කියා කිව්ව නුඹ
ඇයිද මග නැවතිලා

ජීවිතේ බර නිසා
කඳුල මා පවුරකින් වටකලා
ආදරේ මග කියා දුන්නු මා
ඇයිද දැන් තනි වෙලා

සුහදේ සමු ගන්නම් මා
හැකිනම් දුර යන්නම් මා

ඔබ නොරිදා
හිරි වැටෙනා
කඳුළු පවා
මට දිවුරා සමුගත්තා

යලි රිදෙනා
හිතක් නිසා
ඔබ මතකේ
අගුළු කලා

ආලය මුදු හැඟුමක් නම්
එය කියවූ දෙසිතක්
දැන් කාලය මැව් අසරණ තැන්
අපෙ නැවතුම දෙලොවක් නම්
හැමතැන හිඳ සැනසෙමු දැන්
අපි වෙනුවෙන් ඔබ ජීවත් වේ නම්

දැන් සමුගන්න
හැකි දුර යන්න
මට සමු දෙන්න...//

හිරි වැටිලා
කඳුළු පවා මට දිවුරා
සමුගත්තා

යලි රිදෙනා හිතක් නිසා
ඔබ මතකේ අගුළු කලා

Continue Reading

You'll Also Like

47.1K 1.9K 40
After living a peaceful and somewhat slacker life Cale passed away in old age. Only to wake up as a child in another world. Cale was now Sam Witwicky...
881K 40.9K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...
24.4K 170 10
Read as Naruto has to Deal with Yandere girls and even Genderswapped Yandere girls. No Yaoi. It ranges from Horror to Comics, Video games, and anime.
656K 40.1K 104
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...