කස්තුරි සුවඳ ✓

By liversack

655K 110K 44.9K

Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ. More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
7 වන පරිච්ඡේදය
8 වන පරිච්ඡේදය
9 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය
12 වන පරිච්ඡේදය
13 වන පරිච්ඡේදය
14 වන පරිච්ඡේදය
15 වන පරිච්ඡේදය
16 වන පරිච්ඡේදය
17 වන පරිච්ඡේදය
18 වන පරිච්ඡේදය
19 වන පරිච්ඡේදය
20 වන පරිච්ඡේදය
21 වන පරිච්ඡේදය
22 වන පරිච්ඡේදය
23 වන පරිච්ඡේදය
24 වන පරිච්ඡේදය
25 වන පරිච්ඡේදය
26 වන පරිච්ඡේදය
27 වන පරිච්ඡේදය
28 වන පරිච්ඡේදය
29 වන පරිච්ඡේදය
30 වන පරිච්ඡේදය
31 වන පරිච්ඡේදය
32 වන පරිච්ඡේදය
33 වන පරිච්ඡේදය
34 වන පරිච්ඡේදය
35 වන පරිච්ඡේදය
36 වන පරිච්ඡේදය
37 වන පරිච්ඡේදය
38 වන පරිච්ඡේදය
39 වන පරිච්ඡේදය
40 වන පරිච්ඡේදය
41 වන පරිච්ඡේදය
42 වන පරිච්ඡේදය
43 වන පරිච්ඡේදය
44 වන පරිච්ඡේදය
45 වන පරිච්ඡේදය
46 වන පරිච්ඡේදය
47 වන පරිච්ඡේදය
48 වන පරිච්ඡේදය
49 වන පරිච්ඡේදය
50 වන පරිච්ඡේදය
51 වන පරිච්ඡේදය
52 වන පරිච්ඡේදය
53 වන පරිච්ඡේදය
***
54 වන පරිච්ඡේදය
56 වන පරිච්ඡේදය
57 වන පරිච්ඡේදය
58 වන පරිච්ඡේදය
59 වන පරිච්ඡේදය
60 වන පරිච්ඡේදය
61 වන පරිච්ඡේදය
62 වන පරිච්ඡේදය
63 වන පරිච්ඡේදය
64 වන පරිච්ඡේදය
65 වන පරිච්ඡේදය
66 වන පරිච්ඡේදය
67 වන පරිච්ඡේදය
68 වන පරිච්ඡේදය
69 වන පරිච්ඡේදය
70 වන පරිච්ඡේදය
71 වන පරිච්ඡේදය
72 වන පරිච්ඡේදය
73 වන පරිච්ඡේදය
74 වන පරිච්ඡේදය
75 වන පරිච්ඡේදය
76 වන පරිච්ඡේදය
***
77 වන පරිච්ඡේදය
78 වන පරිච්ඡේදය
79 වන පරිච්ඡේදය
80 වන පරිච්ඡේදය
81 වන පරිච්ඡේදය
82 වන පරිච්ඡේදය
83 වන පරිච්ඡේදය
84 වන පරිච්ඡේදය
85 වන පරිච්ඡේදය
86 වන පරිච්ඡේදය
87 වන පරිච්ඡේදය
88 වන පරිච්ඡේදය
89 වන පරිච්ඡේදය
90 වන පරිච්ඡේදය
91 වන පරිච්ඡේදය
92 වන පරිච්ඡේදය
93 වන පරිච්ඡේදය
94 වන පරිච්ඡේදය
95 වන පරිච්ඡේදය
96 වන පරිච්ඡේදය
අවසාන පරිච්ඡේදය

55 වන පරිච්ඡේදය

5.4K 1K 425
By liversack







මිහිරි මිස් කිව්ව ක්‍රිකට් ගහපු කාණ්ඩෙට අයිති වෙන එකෙක්නෙක් හරි දැනට පන්තියේ ඉතුරූ වෙලා හිටියත් නැටුම් නටපු පිරිස නියෝජනය කරන පාර්ශවය නම් තාම පන්තියට වාර්තා කරලා තිබුනේ නෑ. ඉතින් මාණික්‍ය පොත පෙරලගෙන එයාගේ එහා පැත්තේ තිබ්බ හිස් පුටුව දිහා බැලුවේ එතනට මේ කාල පරිච්ඡේදයේ අයිතිවාසිකම් කියන කෙනා එන්නේ කීයටද අහන ඇස් වලින්.

"හරි ළමයි අද අපි කරන්න ගන්නේ කර්මාන්ත වල අනිත් කොටස.. මට කවුරු හරි නැගිටලා කියන්න එකලස් කිරීමේ කර්මාන්තය කියන්නේ මොකක්ද කියලා! බලමු මොකටද මතක කියලා"

මිස් නම් ඒ කිව්වේ නිකන් නෙවෙයි එකලස් කිරීම හුණු කූරෙන් බොඩ් එකෙත් ලියන ගමන්. ඉතින් සුපුරුදු පරිදි මුලු පන්තියම දැන් වැඩිම වෙලාවක් සද්ද නැතුව ඉන්න කෙනා තෝරනවා.

"බොලාලා එකෙක්ටවත් මතක නැද්ද ආහ්?? "

දැන් දැන් වෙන්න මිහිරි මිස්ගේ කටහඩ චන්ඩ මාරුතයක වෙස් අරගෙන පන්තිය පුරාවට කැරකෙන ගමන් තිබ්බේ. ඒ අස්සේ පන්තියේ හිටපු තැන්පත්ම ළමයා පොතේ පිටිපස්සේ පිටුවෙන් ඉරාගත්ත කොල කෑල්ලක් ගුලි කරලා ගැහුවේ ඉස්සරහාම පේලියේ ඉඳන් හිටපූ කන්නඩිය දාගත්ත පන්තියේ ඩබල් වෝල්ට්මීටරේට. හැබෙයි කාගෙ වෙලාවද නරක කියලා හොයා ගන්න බැරුව ඒ කොල ගුලිය ගිහින් මිස්ගේ ඇගේම වැදෙන්න යන විදිහ මාණික්‍ය කට ඇරන් බලන් ඉද්දි කොල ගුලිය යවපු පාර්ශවයේ පෙර කල පිං මහිමයකට පිටියේ පන්දු රකින දඟ පන්දු ක්‍රීඩකයෙක් අතින් ඩැහැගෙන වෙන්න තිබ්බ විනාසයක් මිහිරි මිස් පන්තියේ පැත්තට හැරෙන පමාවෙන් වැලැක්කුවා කිව්වොත් හරි.

"ආහ්!! මේ එන්නේ මහ උන්දැලෑ දෙන්නා! ඉක්මනට ගිහින් වාඩිවෙන්න ළමයිනේ මං මේ පාඩම පටන් ගන්න යන්නේ"

ඒ වෙද්දි මනරු බලන් හිටියේ මිස් දිහා මොකද එයාටත් ආපු කොල ගුලිය ගැන අපහැදිලි විශ්වාසයක් තිබ්බේ. ඒත් පබසරගේ පන්දු රැකීමත් එක්ක ඒ තිබ්බ චකිතය පහ වෙලා ගිය එකෙන් එයා එක එල්ලේම ගිහින් මාණික්‍යගේ එහා පැත්තෙන් ඉදගනිද්දි අතේ තිබ්බ කොල ගුලියත් අරන් පබසර ඊට ඉස්සරහින් තිබ්බ පුටුවේ ඉදගත්තා.

"හරි දැන් වත් කියනවද මොකක්ද එකලස් කර්මාන්තය කියන්නේ මොකක්ද කියලා! මට දැන් මේක එපා වෙලා තියෙන්නේ! ඇයි යකෝ උබලා උදේම ඇටි කෙහෙල් ගිලිනවද උගුඩුවෝ ටික වගේ බලන් ඉන්නේ!"

මිහිරි මිස්ගේ මේ කෑගැහිල්ල සමාන්‍යයි. පස්සේ පන්තියේ මීටරේ සද්ද නැති වෙලාවට අත උස්සලා මනරු උත්තරේ කියන එක ඊටත් වඩා සාමාන්‍යයි. ඉතින් පන්තිය එතනින් එහාට සාමකාමීව ගෙනියන්න මිස්ට ඒ පිහිටෙන් පුලුවන් වුනා තමයි,

"උබට පිස්සුද බ*ල්ලෝ! "

ආයෙම සැරයක් මිස් පිටි පස්ස හැරිලා බෝඩ් එකේ ලියන කල් හිටපු පබසර මිහිරි මිස්ට නෑහෙන්න අතේ තිබ්බ කොල ගුලියෙන් ඒක එවපු එකාට දීලා ඉස්සරහා හැරුනත් එතන පන්තිය හරිම සාමාන්‍ය විදිහට ගලාගෙන ගියා. මාණික්‍යට වුනත් මනරුට හරි හමන් වචනයක් කියන්න ලැබුනේ නෑ මිස් අත නොහැර පාඩම අරන් ගිය නිසා. ඒ නිසා වෙනදට ඇන්ටනාව වගේ කැරකෙන පබසරත් අද පොතටම ඔලුව නවන් හිටියේ..

හැබෙයි ඒ අතරින් පතිරින් මේ පන්තිය වෙන් වෙලා තිබ්බ බිත්තිය දිහා කට ඇදවුනු මිහිරි මිස් ගේ බැල්මත් නොතිබ්බා නෙවෙයි. මොකද ඒකට ලොකුම සහයෝගය දුන්නේ ගුරුවරයෙක් නැති එහා පන්තියේ කොල්ලන්ගේ කචබචේ. ඉතින්,

"අයියෝ එහා පන්තියට ගුරුවරයෙක් ආවේ නැද්ද ළමයි?? මනරු එහා පැත්තේ ටීචර් කෙනෙක් හිටියද?"

"නෑ මිස්"

එන්න එන්නම වැඩි වෙන එහා පන්තියේ සති පොල වගේ සද්දේ නිසා මිහිරි මිස්ට ඔලුවේ රදයක් පාත් වීගෙන ඇවිත් තිබ්බේ. ඉතින් මනරුගේ උත්තරෙත් එක්ක මිස් පන්තියෙන් එලියට ගියත් හරි අහිංසකයා වගේ පොත පිටිපස්සේ පැන්සලකින් කුරුටු ගගා හිටපු මාණික්‍යගේ අතට ඇන්න මනරු එබිලා බැලුවේ ඒ කුරුටු ගාන්නේ මොකක්ද කියලා බලන්න.

කොහොම හරි.. පිටි පස්ස පිටුවේ දකුණු කෙලවරේ තිබ්බේ සිය පාරක් විතර පැන්සල් ඉරි ගියපු 'M' අකුරක්..

"මනරුද... මාණික්-"

"මනරු"

ඉතින් මනරු කියලා ඉවර කරන්න කලින් මාණික්‍ය උත්තර දීලා ඉවරයි ඒකට මනරුටත් කට කොනින් හීන් හිනාවක් ගියා තමයි. ඒත් එයාට ප්‍රශ්නයක්.

"ඉතින් මං කොහොමද ඒ මනරුමයි කියලා දැනගන්නේ? මාණික්‍යත් වෙන්න පුලුවන්නේ"

මනරු ඒ වෙලාවේ ඇහුවේ විශයගාමී ප්‍රශ්නයට උත්තර දෙන්න මාණික්‍ය කරේ එතනම තිබ්බ කලු ජෙල් පෑන ගත්ත එක.

"අත දෙන්න එහෙනම්"

"ආ"

ඉල්ලුව පමාවට මනරුගේ අත මාණික්‍ය ගාව.. ඉතින් මාණික්‍ය එයාගේ මැණික් කටුව ලගින් අල්ලන් අල්ලට පහලින් සුදු හම උඩ වැඩිය පේන්නේ නැති මොනාද දෙයක් කුරුටු ගෑවා.. ඒත් එතන ඇඳිලා තිබ්බේ 'M' අකුරක් නම් නෙවෙයි.

"හැමෝම මට මාණික්‍ය මාණික්‍ය කියනවා මිසක් කිසි වෙනසක් නෑ.. ඒත් කවුරුත් මට රුෂිර කියන්නේ නෑනේ.."

ඇත්තටම ඒ කිව්වත් වගේ මනරුගේ මැණික් කටුව යට ලියලා තිබුනේ 'R' අකුරක්. ඉතින් මාණික්‍ය ඒකට හොඳම හේතුව දුන්නේ දැන්.. මනරුත් සද්ද නැතුව ඒක අහන් හිටියා.

"එතකොට.. රුෂිර හැංගිලා.. "

"කොහෙද?"

එක සීරුවට ඇස් පිල්ලම් නොගහා මාණික්‍ය දිහා බලන් මනරු ඒ ඇහුවේ දැන් එයාට එහා පන්තියේ සද්දෙවත් මිස්ගේ බැනුම්වත් ඇහෙන්නේ නැති ගානට..

"මනරු ලඟ"

ඉතින් ඒ ඇහුනත් වගේ අර මාණික්‍යට විතරක්ම දෙන හරි දුර්ලභ ගනයේ ආදරණීය හිනාව මනරුගේ මූන පුරාම ඇදුනේ මාණික්‍ය ඒ දිහා ලාවට ඔලුව ඇල කරන් බලන් ඉද්දි.. ඇත්තටම ඒ මිනිත්තු කිහිපය හරිම දර්ශනීයයි.. දර්ශනීයයි වගේම ඒ දර්ශනය දිහා හැරිලා කට බාගෙට ඇරන් බලන් ඉන්න එකම ප්‍රේක්ෂකයගෙන් ඒ විස්තරේ තව මොනවට පැහැදිලි කරා.

"උබ මොකද බලන් ඉන්නේ? ඔය කට වහගනින්!"

"ඒ මගෙත් එකක් ඇඳපංකෝ සගෝ"

මනරු ප්‍රශ්න කරනවා. හැබෙයි උත්තර නොදුන්න පබසර එයාගේ අතත් මේසේ උඩින් තිබ්බත් වගේ මනරු බොරූවට කට හදන් මාණික්‍ය පෑන අල්ලන් ඉන්න අත එයා දිහාවට ඇදගත්තේ ඒ දැකලා පබසර කට හදද්දි.

"නෑ නෑ ඒ tattoo artist limited edition එකක් හැමෝටම අඳින්නේ නෑ! උබත් හොයා ගනින් එහෙම ඒකක්"

"අනේ තියාගනින් උබේ බලි ආටිස්ව! මේවා ඉතින් සාපලත් ජීවිතනේ.. අපිට නම් එපා ඔය හරක් නැති වෙනවට හංවඩු ගහන ගොපල්ලු!"

ඒ කිව්ව කතාවට කාට කොහොම වුනත් මාණික්‍යට නම් බකස් ගාලා හිනාවක් පැන්නා කිව්වොත් පබසර කිව්ව දේ ගානකටවත් ගත්තේ නැති මනරු මාණික්‍යගේ හිනාවත් එක්ක ඇවිස්සුනා.

"ඔයා මේ බූරුවා මට හරකා කිව්වම හිනා වෙනවද මාණික්‍ය?? ආහ්?? "

ඉතින් පටන් ගත්තා, පබසර පුටුවේ ඉඳන් හිටියට වඩා නැටුවා.

"අ. න්න. නෑ නෑ එහෙම නෑ පිස්සුද මං ඔයාට හිනා වෙනවද?"

"බොරු කියන්න එපා මාණික්‍ය! මං දැක්කා ඔයා හිනා වෙනවා!"

"අනේ නෑ මනරු මට කැස්සක් ආවේ.."

"ඇත්තට?? ඔයා ඔහොම කහිනවා මං මේ දැක්කමයි මාණික්‍ය! උබ මොකද නටන්නේ!?"

මනරු මාණික්‍යට විතරක් කෑගැහුවා කියන්න බෑ. ඒකට ඉස්සරහා නටන පබසරවත් අහු වුනා. හැබෙයි පබසර..

" මොකක්ද කිව්වේ? උම්බෑ? ඈ ඇහුනේ නෑ බං ආයේ කියපං"

ඇහුනේ නෑ කියලා පෙන්නන්න කන් පෙත්ත යටින් අතත් තියාගෙන ඒ කියද්දි මනරු එයාගේ පස මිතුරගෙ ඔලුවට ගුටි පූජාවක් දෙන්න ගනිද්දි මාණික්‍ය මැද්දට පැනලා යුද්ධේ නැවැත්තුවා. ඒත් ඒ එක්කම මාතෘකාවත් වෙනත් පැත්තකට යවන දේකුත් ඒ වෙලාවේම හොයා ගත්තා.

"පබසර උබට කොන්ඩේ කපන්න අමතක වුනාද?"

එද්දිම පබසරගේ වෙනසක් පෙනුනා වුනත් ඒ මොකක්ද කියලා මාණික්‍යට හරියටම පෙනුනේ දැන්. ඉතින් පබසර ඔලුව අත ගාලා බැලුවා.

"නෑ"

"එහෙනම් ඔය වැවිලා තියෙන්නේ?"

"ආහ් නෑ නෑ මං ටිකක් වැව්ව් බං වෙනසකටත් එක්ක.. කෝමද කොල්ලා හැන්සම් නේහ්? "

කිව්වත් වගේ මුලින් කියපු විදිහට කාටත් පුරුදු පබසරගේ කොන්ඩේ නෝට් එකට ලං වෙන්න කපපු එකක්. මොකද කරන බාහිර ක්‍රියාකාරකම්, ක්‍රිකට් වගේ දේවල් නිසා එයා කොන්ඩේ පුලුවන් තරම් කොටටම කැපුවා වුනත් දැන් සාමාන්‍ය විදිහට ඒ කොන්ඩේ වැවිලා තිබුනේ.. ඇත්තටම පබසරව එහෙම දකිනකොට ටිකක් අමුතුයි තමයි ඒත් කලින් දැක්ක නැති වෙනස්ම කඩවසම් පෙනුමක් දැන් එයාගෙන් එලියට ආවා.

"අම්මටසිරි ඔව්මයි! උබට මොකද බං වුනේ? වෙනදට තට්ටෙම ගාන්න දගලපු එකා මෙන්න කොන්ඩේ වවලා!"

ඉතින් මනරුත් එකතු වුනා.

"ආ ආ මේ! මං ඉස්කෝලේ අන පනත් වලට පටහැණි දේවල් කරලා නෑ හොඳේ මේ ගානට වවලා තියෙන්නේ හුහ්! මේ අභිමානවත් උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා එහෙම කරයි කියලා උබ හිතුවද!"

කොන්ඩේ කන් දෙපැත්තෙන් හරිම නාට්‍යානුසාරව යවන ගමන් පබසර ඒ කියද්දි මනරු ඒ කිව්ව වචන කට ඇද කරන ගමන් ආයේ ආයේ කියද්දි ඔන්න එහා පන්තියේ තුන්වෙනි ලෝක යුද්ධයේ අහවර කරලා මිහිරි මිසුත් පන්තියට ආවා.. හැබෙයි අද මේ පාඩමට බාධක බෝමයි.

මොකද මිස් පන්තියට ආවත් වගේ අනිත් පැත්තට පහල පන්තියක කොල්ලෙක් පන්තියේ ගහලා තිබ්බ අංකේ දිහා බලාගෙන ඇතුලට ඇවිත් පණිවිඩයක් කනේ තිබ්බා.

"අද නම් මේක කරන්න වෙන පාඩමක් නෙවෙයි.. කෝ මාණික්‍ය අන්න ඔයාට PT සර් කතා කරලා ඉක්මනට ගිහින් එන්න"

ආපු කොල්ලා නම් පණිවිඩේ කියලා ගියා. ඉතින් කාරනේ නොදන්න නිසා කුතුහලයෙන් පුටුවෙන් නැගිට්ට මාණික්‍ය ගිහින් බලපං වගේ බැල්මක් දාපු පබසරට බැල්මක් දීලා කොරාඩෝව දිගට පහලට බැස්සා.

ඒ මොකක් වෙන්න ඇද්ද? ඒක සාමාන්‍යෙන් ඕන කෙනෙක්ට එන ප්‍රශ්නයක් ඉතින්.. මාණික්‍යත් මුකුත් හිතා ගන්න බැරුව ඉස්කෝලේ PT කාමරේ තියෙන පැත්තට ඇවිදන් ගියේ තිබ්බ ක්‍රිකට් ප්‍රැක්ටිස් වලවත් මොකක් හරිද කියලා හිතා ගන්න බැරුව. මොකද දැන් ටූනර්මනට් කාලෙත් ඉවරයි.

ඉතින් ඕන එකක් කියලා කාමරේ දොර අරින්න කලින් දෙපාරක් දොරට තට්ටු කරන්න මාණික්‍ය අමතක කරේ නෑ.. ඒ වෙනකොට නම් ඉස්කෝලේ හැම ළමයෙක් වගේ පන්ති වල.. ඒක නිසා සෙනගත් නෑ..

"ආහ් මාණික්‍ය එන්න"

ඒත් පුදුමේ කියන්නේ ඒ කටහඩ ආවේ නම් ආවේ PT සර් ගෙන් නෙවෙයි.. ඒ නිතර ඇහෙන විජිත් සර් ගේ කටහඩ.. එයාලගේ ක්‍රිකට් ටීම් එකේ කෝච්.. ඉතින් මුකුත් හිතා ගන්න බෑරුව මාණික්‍ය විචිකිච්චාවෙන්ම ඇතුලට ගියා.

"ආහ් කෝ පබසර?"

"පබසර?"

"ඔව් මං දෙන්නටම එන්න කියලනේ පණිවිඩේ යැව්වේ!"

ආපු ගමන් ප්‍රශ්නේ ඇහුවේ PT සර්. මොකද ඒ වෙනකොටත් විජිත් සර් හිටියේ අතේ මොකක් හරි ලියුම් කවරයක් තියන්.

"මිස් කිව්වේ මට විතරයි කියලා.."

"ගිහින් පබසරවත් එක්කන් ඉක්මනට එන්න ප්‍රින්සිපල් ඔෆිස් එක busy වෙන්න කලින්"

කියලා විජිත් සර් කියද්දි මාණික්‍යට ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්තේ මොන නෑදෑකම තිබ්බත් ඉස්කෝලේ වෙලාවට  ප්‍රින්සිපල්ට එයාගේ පුතත් එක ළමයේක් විතරයි නිසා. ඉතින් කරපු වැරැද්ද මොකක්ද කියලා හිතා ගන්න බෑ මාණික්‍ය අනිත් පැත්තට හැරිලා ආයෙම පන්තියට දිව්වා.

"ඇති යන්නත් ඉවරද? ඇවිත් ඉක්මනට ඉඳගන්න ළමයෝ ඔයා පාඩම මිස් කර ගන්නවා"

ආයෙමත් මාණික්‍ය පන්තියට ආපු නිසා අතේ පොත තියාගෙන මිහිරි මිස් කියෙව්වා තමයි. ඒත් මාණික්‍ය කලබලේට හෙව්වේ පබසරව. ඒ හොයද්දි කොල්ලා නම් දිවත් හපාගෙන මොනාද මන්දා අඳිනවා.

"මිස් සර් පබසරටත් එන්න කිව්වා"

" ආ..! පබසර අන්න ගිහින් එන්න! මේ පන්තිය නම් කරලා ඉවර කරන්න පලුවන් එකක් නෙවෙයි!"

කාගෙද සාපේ වැදිලා වගේ මිහිරි මිස් එතනින් එහාට පාඩම ගැන කියෙව්වෙත්. ඉතින් පබසරට එන්න කිව්වේ මොකටද කියන්නත් මාණික්‍යට හරි හමන් දැනුමක් නැති නිසා මූන දිහා බලන් හිටියා ඇරෙන්න එයා මුකුත් කරේ නෑ.

"මොකද බං නිකන් යකෙක් ගහලා වගේ ඉන්නේ? ඇයි සර් එන්න කිව්වේ? "

පිට්ටනියත් පාස් වුනාම තමයි පබසර ඒ ඇහුවේ.

"දන්නේ නෑ.. ප්‍රින්සිපල් ඔෆිස් එකට යන්න කියලා කිව්වේ.."

"හෑ බං මං කොන්ඩේ මහ ගොඩක් වැව්වේ නෑ යකෝ!"

"එහෙනම් මට එන්න කියන්නේ මොකටද?"

දැන් නිකන් එතන හතර බීරි කතාව වගේ. හැබෙයි දෙන්නටම උත්තරේ හොයා ගන්න දැන් PT room එක ලගටම ඒ අය ඇවිත් හිටියේ.

"ආහ් ආවද දෙන්නම? "

" ඔව් සර්"

දැන් දෙන්නම හිටියේ කාරනේ නොදැන විත්ති කූඩුවට නග්ගලා වගේ.

"මේක බලන්නකෝ"

ඒ කතා කරේ විජිත් සර්.. නිකනුත් නෙවෙයි අතේ තිබ්බ ලියුම් කවරෙත් දෙන්නට දික් කරලා..ඉතින් මාණික්‍ය ඒක අරන් ලියුම් කවරේ කොනක තිබ්බ හොඳටම දැකලා තියෙන ලාංඡනය දැකලා පබසර එක්ක මූනට මූන බලලා ඉක්මනට ඇතුලේ තිබ්බ කොලේ දිග ඇරලා කියෙව්වා.

ඒ කොලේ letter head එකත් එක්ක පහලින් පොඩි හෑල්ලක් යට විසි දෙනෙකුගේ නම් සඳහන් වුන නම් පේලියකුත් තිබ්බා වගේම ඒ නමට එහා පැත්තෙන් වරහන් ඇතුලෙන් දන්න කියන පාසල් වල නම් හිටන් සඳහන් වෙලා තිබ්බා..

"සර්.."

ඉතින් පේලියේ මැද්දට වෙන්න එක ලඟ තිබ්බ නම් දෙකක් දැක්ක ගමන් මාණික්‍යට විතරක් නෙවෙයි කොයි වෙලත් කියවන පබසරටත් ඒ වෙලාවේ කියාගන්න වචන හොයා ගන්න බැරි වුනා තමයි.. ඒත්,

"පක්.."

කොල්ලට ඒක කියා ගන්න පුලුවන් වුනා. හැබෙයි වෙලාවේ හැටියට සර් ලා දෙන්නට හිනා.

"congratulations කොල්ලෝ දෙන්නටම! මම කිව්වනේ මහන්සි වෙන තරමට තමයි ප්‍රතිඵල කියලත්.. මේ ඉස්කෝලෙන් under 19 national team එකට select වුන අයගේ list එකට ඔය දෙන්නත් දැන් add වුනා"

ඒ කියද්දි මාණික්‍ය නම් දැන් කියෙව්ව දේ තාමත් විශ්වාස කර ගන්න බැරුව වගේ විජිත් සර් දිහා බලන් ඉද්දි පබසර තාමත් කොලේ දිහා බලන් හිටියා වුනත් ඒ අනිත් පැත්තට අතකින් කට වහගත්තා.

"මට පාරක් ගහපං මාණික්‍ය.. "

තාමත් ෆැන්ටසියක් ජීවත් වෙනවා කියලා පබසරගේ හිතේ.. ඒත් විශ්මය පිරුනු මාණික්‍යගේ මූන ටික ටික හිනා මුවකින් එලි වෙද්දි පබසර හරි සිහියට ආවා. මොකද විජිත් සර් ඇවිත් කොල්ලගේ පිටට පාරක් දීලා කොන්ඩේ ඇවිස්සුවා.

"යං යං එහෙනම් දෙන්නම ප්‍රින්සිපල්ට කතා කරන්න.. සර් කිව්වා දෙන්නට කතා කරන්න ඕනේ කියලා"

ඒ කියලා සර් නම් එලියට ගියා. ඉතින් මූනට මූන බලාගත්තා දෙන්නා එක සැරේම උඩ පැනලා බදාගත්තේ මේ වෙනකල් වෙලාවක් නොබලා දෙන්නා එක්කම පුහුනු වුන වාර ගානේ ප්‍රතිඵලයට ප්‍රතිචාර දක්වන්න පුලුවන් හොඳම විදිහ ඒක කියලා හිතුන නිසාද මන්දා.

"අඩෝ නෝ!! මට විශ්වාස නෑ බං! ඒ ආයේ බලපං මගේ නම තියෙනවද කියලා!"

"කොහෙවත් වැරදිල් නැ උබේ නම මේකේ තියෙනවා"

පබසර ආයේ ආයේ ඇහුවා මාණික්‍ය ආයේ ආයේ කිව්වා. ඒ ඇහෙද්දි පබසර කීපාරක් උඩ පැන්නද කියන්න බෑ. ඒත් මාණික්‍ය කරේම මනරුට පොරොන්දු වෙලා කාටවත්ම නොපෙනෙන විදිහට දාගෙන එන කරේ තිබ්බ රත්තරං මාලේ අල්ල අල්ල හිටපු එක..

ඇත්තටම එයාට මතක් වුනේ අම්මව.. අම්මට පස්සේ අම්මා එයා ගාවට එව්ව සුරදූතයාව.

"ඉතින් ඉතින් මේ ඉස්කෝලෙට එනකොටම මං පුතාට කිව්වනේ කවදා හරි මේ තරම් තැනකට ගිහින් තමයි පස්සබලන්නේ කියලා.. ඒකට පබසරත් එකතු වෙලා ඉන්නවා දකිද්දි මං පුදුම වුනේ නෑ.. ඒක නිසා දැන් මෙතනින් එහාට මේ ගමන නතර වෙන්න බෑ ඔන්න.. දෙන්නත් එක්කම ජාතික කණ්ඩායමට යන්න කොහොම හරි කට්ට කන්න ඕනේ.. "

බ්ලා බ්ලා බ්ලා ඉතින් වාසු දෙන්නගෙම දක්ෂතා වර්නනා කරලා ඉවර වෙනකොට මිහිරි මිස්ගේ කාල පරිච්ඡේදයත් ඉවරයි.

ඉතින් දැන් තියෙන එකම දේ මේක මනරුට කියන්නේ කොහොමද කියන එක.. මොකද ඒක එයාට තාම හිතාගන්න බෑ. දෙන්නත් එක්ක පන්තියට ආවත් හිතා ගන්න බෑ.

"කොහෙද දෙන්නම ගියේ?? Period දෙකේම හිටියේ නැ!"

ගියපු ගමන් මනරු ගෙන් චෝදනා.. එහෙමයි කියලා කියන්න ඕන කට ලගට ඇවිල්ලත් වචන පැටලෙනවා වගේ මාණික්‍යට.. හැබෙයි පබසර,

"හා හා දැන් අපිට නම්බු නාම දිලා කතා කරපං අපි දැන් අඩි දොලහක් උඩින් ඉන්නේ! Nation team එකට එහෙම select වෙන්න හැමෝටම බෑ!"

" අනේ මගෙන් කුණුහරුප අහගන්න එපා බං කොහෙද ගියේ කියපං මට?! Nation team එක-"

මනරුට හරි වචනේ අල්ල ගන්න තත්පර අරික්කාලක් විතර ගියා. ඒ ගියපු නිසාම තමයි මගත් නතර වුනේ.. ඉතින් මාණික්‍යගේ මූනේ තිබ්බේ කියා ගන්න බැරි දෙයක් කොහොම හරි කියා ගන්න පුඵවන් වුන නිසා ආව හිනාවක්.. ඊටත් මනරුගේ පුදුමෙන් ලොකු වුන ඇස් දැකලා..

"N. National team?? National team කියලද කිව්වේ?? ආයේ කියපං! ඇත්තද මාණික්‍ය මේ කියන්නේ????"

ඇහුන දේ අදහා ගන්න බැරුව මනරු මාණික්‍යගේ වැලමිට හොලවන ගමන් ඒ ඇහුවේ පබසර මහ හයියෙන් හිනා වෙද්දි.

"ඇත්ත.. ඒ කිව්ව ඔක්කොම ඇත්ත මනරු.. අපේ හීනේ.. ඒක ඇත්ත වුනා.."

"ෆ*ක්"

ඒ වචනේ ඔය වගේ තැන් වල කියන්න කාගෙන්ද මනරු පුරුදු වුනේ කියන්න මාණික්‍ය දැන් හොඳටම දන්නවා. ඉතින් ඉවසගන්න බැරි තැන මනරු පන්තියෙද නැද්ද කියලා බැලුවේ නෑ එයා මාණික්‍යවයි පබසරවයි දෙන්නවම එකට බදාගත්තේ එයාට ඒ හැගීම ඊට වඩා හොඳ විදිහකට පිට කරන්න විදිහක් හිතා ගන්න බැරි නිසා.

"උබලා මගේ කොල්ලෝ දෙන්නා!! Congratulations දෙන්නටම!!"

"නෑ නෑ මං උබේ නෙවෙයි"

"උබ මගේ උබ මගේ!"

"මාණික්‍ය මට අනාගතයක් නැති කරයි සගෝ"

"නෑ දැනට කමක් නෑ"

දෙන්නා තුන්දෙනාම බදාගෙන එතන තුන්කොන් සන්නිවේදනයක් ගියේ. ඉතින් මේ ආරංචිය ඉස්කෝලේ පුරා පැතිරෙන්න ගියේ ඉස්කෝලේ ඇරෙන වෙලාවක් විතරයි.. ඊටත් ඒ දෙන්නටම අද දවසේ උගන්නපු පාඩම් සීයට සීයක්ම ඔලුවට ගියා කියන්නත් අමාරුයි ඒ තරම්ම මේ ආරංචාය එයාලව කුල්මත් කරා..

ඒ කොහොම වුනත් මනරු තවම හරියට මාණික්‍යට සුභ පැතුවේ නෑ මොකද එයාගේ සුභ පැතිම මෙහෙම දෙනෝ දහක් ඉස්සරහා කරන්න බැරි ජාතියේ එකක්..

ඉතින් ඒකෙන් මේකෙන් ගොඩක් අයගේ සුභ පැතුම් එක්ක ඉස්කෝලේ ඇරෙන වෙලාවත් ඇවිත් තිබ්බේ. ඒ නිසා ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ අය නම් කලින්ම පන්ති වලින් ගියා.. අනිත් ළමයි හැම කෙනෙක්ම ගාථා කියලා පන්ති වලින් ගියා.

"අඩෝ අද මේක celebrate කරන්නම ඕනේ!! යමං කොහේ හරි"

එකයි තිහෙන් පස්සේ ඉස්කෝලේ කියන්න එකම කලබැගෑනීයක් තියෙන තැනක්. ඒකත් ශිෂ්‍ය නායකයන් නිසා පාලනය වේච්ච එකක්. ඊටත් මනරුගේ මූන දැක්කම ඔක්කොම හරි..

කොහොම හරි දැන ඒ ඔක්කොම ඉවරයි.. ඒ ඉවර වෙනකල් මාණික්‍ය ප්‍රධාන ශාලාව ලග තනි අතට බෑග් එකත් එල්ලන් මනරු එනකල් පබසර එක්ක හිටියා.

"ඔව් කොහෙද යන්නේ?"

"මනරුවා ආවම අහලා බලමු"

මාණික්‍යත් හිටියේ ඇත්තටම ඒක සමරන්න ඕන සිහියෙන්.. ඊටත් ගෙදර අයට කියනකල් ඉවසිල්ලක් නෑ.. මොකද මේ වගේ දෙයක් නෙවෙයිද ඒ හැම කෙනෙක්ම බලාපොරොත්තු වුනේ..

"ආ ඔය කියද්දි එන්නේ"

පබසර ඒ කියද්දි ගේට්ටුව ලග ඉඳන් පපුව මැද්දේ ගහන් හිටපු බැජ් එක ගලවන ගමන් ඒ පැත්තට එන මනරු දිහාවට මාණික්‍ය හැරුනේ ලා හිනාවක් එක්ක.

ඉතින් ආපු ගමන් මනරු සාක්කුවට අත දාලා මොකක්දෝ එකක් මාණික්‍යට දික් කරා. කොහොම හරි ඒක දැකලා පබසරගේ කට නම් කුල්ල අනිත් පැත්ත හැරෙව්වා වගේ වුනා.

"ආහ් උබ දැන්ම ඉඳන් මාණික්‍යට ලොලි පොප් කවන්න පුලුරුද කරනවද සගෝ? හොඳා හොඳා කොරන්න යන්න"

ආයෙත් කියන්න දෙයක් නෑ මාණික්‍ය කවදාවත් නැතුව ජීවිතේ පළවෙනි පාරට එච්චර ලැජ්ජාවකින් ලොලිපොප් එකක් අතට ගත්තමද කොහෙද.

"ඔව් ඇයි උබට මොකෝ"

බොරුවට රවන් මනරු ඒ කිව්වම මාණික්‍ය රතු වෙච්ච කන් දෙක රස්නේ තේරෙද්දිම ලොලි පොප් එකේ කොලේ අයින් කරලා කටේ දාගත්තා.

"ඒක හොඳයි ඒක හොඳයි! උඹ දැන් ඉඳන්ම මේකට උබේ කොට බඩු ගෙඩිය ගැලපෙනම පාරිසරික තත්ව යටතේ හරි හැටි දික් කර ගන්න විදිහ කියලා දෙන එක වටිනවා බං! මොකද-"

"ක්හ්!!.. ක්හ්!!"

කියලා කට ගන්න හම්බුනේ නෑ මාණික්‍යට උගුරේ කෙල හිර වෙලා කහින්න ගත්තේ ඇස් දෙකෙන් කදුලු පනිනද්දි. ඉතින් මනරුට නම් පබසරගේ බඹසර හැසිරීම අනාදිමත් කාලෙක ඉඳන් පුරුදු වුන එකක් නිසා එයාගේ වැඩි අවදානේ දුන්නේ කියපු එක අහලා කෙල හිර කර ගත්ත අසරණයට.

" ඔය දැක්කනේ මචං! මේ අසරණයට තාම මේවා පුරුදු නෑ ඉක්මනට හිර කර ගන්නවා..! බැරි වෙලාවත් ඔය සූප්පු කර කර ඉන්න එක ගැලවිලා බඩට ගියොත් එහෙම!"

කියන්න විතරයි හම්බුනේ පබසර අනිත් පැත්ත හැරිලා දුවන්න ගත්තේ ඒ වෙලාවේ මනරු බෑග් එකත් අතට අරන් ලොලිපොප් කන්න උපදෙස් දීපු කෙනාට ගහන්න පන්නපු නිසා. ඉතින් කරන්න දෙයක් නෑ මාණික්‍යත් කැස්ස හිර කරන් දෙන්නා පස්සේ දුවලා ගියා තමයි..

ඒත් දෙන්නා තුන් දෙනාම එක පාරටම බ්‍රේක් ගැහුවේ ඉස්කෝලේ ඉස්සරහා නතර කරලා තිබ්බ අලුතෙන්ම එලියට දාපු කලු පාටින් දිලිසෙන වාහනේ දැකලා..

මනරුට නම් වාහන ගැන ලොකු දැනුමක් නෑ. හැබෙයි පබසර නම් ඒකේ අනිත් පැත්ත.. ඉතින් කොල්ලගේ කවිකාර හිතට පන එන්න ගියේ පොඩි වෙලාවයි.

"ලස්සන ලස්සන මගේ ආදරීයේ.!
ඕ හෝහ්!
මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ??"

හරිම තාලෙට කිව්වා ඉතින්.. කියන්න දෙයක් නෑ පබසර නම් ඒ වාහනේ දැකලා පිස්සු හැදිලා හිටියේ මොකද ඒ තමයි එයා මේ දවස් වල වහ වැටිලා හිටපු  GLE coupe එක. ඒකත් එයා ආසම පාටින්.

ඒ කොහොම වුනත් නතර කරපු ගමන් එයාලා ඉස්සරහම වාහනේ ඉස්සරහා කලු පාට විදුරුව පහලට ගියේ කට්ටියව පොඩි වෙලාවකට ගොලු කරලා.

"මාණි මෙතන traffic එක හැදෙනවා තුන්දෙනත් එක්කම ඉක්මනට නගින්න"















මතු සම්බන්ධයි...

ටෙස්ටින් 1 2 3 දිග චැප්ටර් සීසන් ඊස් බැක්!

Continue Reading

You'll Also Like

28.7K 4.9K 13
මගේ හිතේ ඉඩ දැන් නුඹ අතින් හැඩවෙන සිතුවමකි !
1.7M 130K 41
( ရိုးမာန်ဂုဏ် ♡ နွေလရိပ် ) ♡ 28 . 8 . 2021>♡< 19 . 12 . 2021 ♡
28.7K 3.9K 67
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
63.1K 10.4K 49
මන්දාරම් අහස යට දී එකතු වුන ඒ ආදරය .. ඒ මන්දාරම් අහස යටදීම වෙන් වුනොතින් ..! රෂාන් ♡ මිහික Start = 2023. 11. 12 End = .................. Cover by...