👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

By ChenQing4

43.1K 6.1K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... More

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 14 🌺👑

627 120 62
By ChenQing4

ඉතිං අද නත්තල්...අපි නත්තල් සැමරුවේ නැතත් මතක ඇති  කාලෙ ඉඳන් නත්තල් කියද්දි අපිත් ආසයි...වෙනදෙයක් නිසා නෙමෙ බංගලාවෙන් හම්බවෙන ටොෆී චොක්ලට් මල්ල නිසා...ඉතිං මේ පාර නම් බංගලාවේ කෑම තව දුරටත් අරුමයක් නොවෙද්දී, කන්න බලන් නත්තල් එනකං හිටියෙ නෑ..ඒත් හිතේ කොණක පුංචි ආසාවක් තිබුණා..බංගලාවේ නත්තල් සමරනවා බලන්න...ඇත්තටම ඊටත් වඩා මට තිබුණේ..නත්තල් රෑ එයා ළඟින් ඉන්න බොළඳ ආසාවක් ....

ඉතිං බංගලාවේ වැඩට ඇවිත් දවස් ගාණක් ගෙවිලා..මගෙ දවසෙ කාලසටහන එහෙම්ම කණපිට ගැහිලා..වෙනදා විට දාලා එහෙම්ම ස්කූල් යන මං විට ටික දාගෙන දැන් කෙලින්ම එන්නෙ බංගලාවට...මුලින් දවස් දෙකේ බලෙන්ම ආරි මාමා මට කුසියට අඩගහලා උදේට දවල්ට කන්න දෙද්දී , ඊලඟ දවසේ එයා මට එයා එක්ක මේසෙ ඉඳගෙන කන්න කතා කරා...මං බෑම කියලා ආරි මාමා ලව්වා කියවලත් කණකට නොගත්ත එයා, මට තනියම කාලා පුරුදු නෑ..එහෙම කද්දී බඩගිනි  තිබුණත් කන්න බෑ කියාගෙන පුටුවකුත්  අරන් කුසියට එද්දී ආරි මාමා නෝක්කාඩු කිය කියාම මගෙ කෑම එකත් ගිහිං කෑම මේසෙ උඩින් තිව්වා..

"ඇත්තටම කොල්ලො දන්න සූප වේදෙ ඔක්කොම දාලත් නොකා ඉද්දී මං හිතුවෙ කෑම රස නෑ කියලා..අද කෑවේ ඔය හොඳට...කෑම වල නෙමෙ..හිතේ අවුල අපෙ සර්ට තිබිලා තියෙන්නේ...සර්ට කමක් නැත්තං අපිට මොකෝ..හෙට ඉඳන් උඹටත් කෑම , උඩ මේසෙටම අරින්නම්.."

ඒ විදිහට ආරි මාමාගේත් අවසරේ හම්බ වෙද්දි පිටිපස්සේ දොරෙන් මට එන්න කියපු ආරි මාමාම දෙවැනි තට්ටුවේ එයා කෑම කන මේසෙට යන්නත් මට පාර පෙන්නුවා වෙද්දි ලෙවින් සර් මාව කාමර විතරක් මඟ ඇරලා ඒ තට්ටුව පුරා රවුමක් එක්ක ගියා..

"දැක්කද... මං ආසම අර ඈත පුංචි ගේ දිහා බලන් කෑම කන්න...ඔයා එහෙ ඉන්නවනෙ හිතෙද්දි..පුඩ්ඩක් පාළු නැති වෙනවා එතකොට..දෙන් හුදයි...පුඩ්ඩක්වත් පාළු නේ...flower prince දෙන් මෙටන මං ළඟ.."

වෙළට මූනලා තිබුණ බංගලාවේ ගොඩක් බැල්කනි වලට මුළු වෙල් යායමත් එක්ක ඈතින් අපෙ ගෙදරත් පෙනෙද්දී , අපෙ ගෙදර වෙනම දර්ශනයක් එක්ක මගෙ ඇස් වලට අහුවෙද්දී මට දැනුණේ අමුතුම හැඟීමක්...

ඉතිං උදේ එයා බැලුන් ගිහිං එද්දීත් මං වැඩට ඇවිත් තියෙද්දි එයත් කොච්චරවත් මගෙ වැඩ පාඩු කරන් පස්සෙ වැටුණා..වැඩ පාඩු කරනවා කියලා බැන්නම මූණත් එල්ලන් උඩට ගිහිං , බැල්කනි මාරු කර කර මං යන පස්සෙ ඇවිත් මට කොලොප්පන් කරා..ඒ නැත්තං මං පේන මානේ ඉඳගෙන එක්කො ලැප් එක හරි ෆෝන් එක හරි එබුවා...වැහි කාලෙ නිසා හරියට වැඩක් කරන්න බැරි උණත් එයා මාව ඒ දවස් කීපෙම බංගලාවට ගෙන්න ගත්තා.. හවස වැඩ ඇරිලා යද්දි වැස්සේ නැත්තන් එයා මං එක්කම ඇලේ නාන්න ආවා..

ජීවිතේ ලස්සනම මතක එකතුකරන ගමන්
ගෙවුණ දවස් කීපෙකට පස්සෙ නත්තල් ඇවිත් තියෙද්දි පාටියට සරසන්න අනම් මනම් තිබුණ නිසා උදේ ඉඳන් මං හිටියේත් බංගලාවේ වෙද්දි උදේ වරුව පුරා වෙලාවක් ලැබෙන ලැබෙන හැටියේ ලෙවින් සර්ගෙන් ලැබුණ විශේස සැලකිලි  නිසා මං හිටියෙ උඩ පැන පැන නටන්න තරම් සතුටින්..අද හරිනම් මටත් නිවාඩු දවසක් උණත්,කරන්න තිබුණ වැඩ වලට වෙනම කොල්ලො සෙට් එකකට හවස එන්න කියලා තිබුණත්, එයාට ඕනා උණා නිවාඩු උණත් උදේ වරුවේ මමත් උදව්වට එන්න...ඒ ඉල්ලිම නිසාම ඇවිත් ආරි මාමාගේ වැඩ වලට උදව් වෙවි ඉද්දී එයාගෙ ලැබුණ ඉල්ලීමට එයා එක්ක නත්තල් ගහ සරසන්නත් මට උදව් වෙන්න වෙද්දි මගෙ ජීවිතේට ලස්සන මතක ගොඩක් එකතු උණා...

"මේක එල්ලන්න.."

"ආහ්..මං..මං උස නෑ...හ්..අනේ..හ්...සර් එපා..!!"

"දැන් උසයි එල්ලන්න.."

මං හිතන්නත් කලින් බලෙන්ම මගෙ අතට ලොකු දිලිසෙන තරුව දුන්න එයා එකපාර බිමට පහත්වෙලා මාව උස්සද්දී මං විතරක් නෙමෙ ළඟ උන්න ආරි මාමත් බලන් හිටියෙ බයවෙලා..ඇස් දෙකත් ලොකු කරන් උන්න ආරි මාමා කටින් අතත් වහන් හිනා වෙවී එතනින් යන්න යද්දි, එයාගෙ අත් වල උන්න මගෙ බර දැනුණේ එයාගෙ අත් වලට නොවී මගෙ පපුවට වෙද්දි ඉක්මනින් ඒ අත් වලින් බිමට බහින්න ඕනා උණ නිසාම මං ගැහෙන පපුවත්, වෙව්ලන ඇඟිලිත් පාලනේ කරන් උස නත්තල් ගහ මුදුනේ තරුව එල්ලන්න ඔට්ටු උණා...

"ඔයා එල්ලුවානම් හරිනෙ සර්.."

"ම්හු...ස්ටාර් එක එල්ලන්න ඕනා ඒන්ජල් කෙනෙක්ගෙ අත් වලින්.."

"ඉතින් මං ඒන්ජල් කෙනෙක් ඇයි...හරි බිම තියන්න.."

"බලන්න හොඳට..වැටෙයි නැත්තං...ඔයා තමා මේ පාර ඒන්ජල්...මගෙ flower ඒන්ජල්..."

මං එල්ලලා ඉවරයි කිව්වත් මාව බිම තියන්න හිතක් නෑ වගේ එයා තව බලන්න කියද්දි බහින්න ලෝබ කමටම තව ටිකක් අඩු පාඩු බලපු මං බලෙන්ම දඟලලා බිමට බැස්සා...

"ඉතිං වෙනදට කවුද ඒන්ජල්.."

"මමා තමා...ඔය වගේම මං එයාව උෂ්සනවා...එයා එල්ලනවා.."

.......

"මුකෝ ආ.."

"දන්නවානම් මං එල්ලන්නෙ නෑ."

"ඇයි.."

"ලොකු මැඩම්ගෙ වැඩක් මං කරන එක වැරදි.."

"වෙරැද්ද මොකක්ද ම්ම්...දැන් මමා ළඟ නෑනේ..ඔයා තමා මගෙ ළඟින්ම ඉන්නෙ.."

"මම නෙමෙ ආරි මාමා."

".....ළඟ කෙනෙක් කියන්නේ...එහෙම නෙමෙ...මෙටනට දැනෙන කෙනෙක්..ම්ම්..හිටට දෙනෙන කෙනෙක්..
මං හැමදාම කැමැති උණේ මට විශේසම කෙනෙක්...මගෙ නට්ටල් ගහේ star එක එල්ලන්න..මේ පාර උයා.."

එයා පපුවටත් තට්ටු කර ගන්න ගමන් කියද්දි, විශේස කෙනෙක් ගැන කියද්දි මාව පපුවට දැනෙනවාද..ඉතිං මං විශේස කෙනෙක්ද අහන්න ඕනා උණත් , ඔළුව දාන්න දුන්නම ඇගම දාන එක වැරදි නිසා, ඒ වචන පපුවට බර උණත්,එහෙම අහන එක වැරදියි හිතෙද්දි මං ඒ ප්‍රස්න හිත අස්සේම හංගා ගත්තා...එයා මේ පාර අම්මා නැතිව නත්තල් සමරනවා වගේ ලබන පාර මං නැතිවත් සමරයි හිතෙද්දි හෙලෙන්න ආපු සුසුම මං හිත අස්සේම හිර කරගත්තේ ටික දවසකට හරි එයා දෙන මේ ළෙන්ගතු කම හෑල්ලු කරන්න ඕනා නැති නිසා..

"හ්ම්ම්..මේ පාර..වි..ත...ර..ක්..."

"මුකක්ද කිව්වේ..ලබන පාරත් එල්ලමු හුඳේ..."

මං මටම කියා ගත්ත දේ එයාට ඇහුණේ නැතත් එයා ආපිට මගේ මූනට එබිලා කියද්දි මං අඬන්න බැරි කමට හිනා උණා..කවුද දන්නෙ ලබන අවුරුද්දෙ මේ වෙද්දි ඔයා කොහෙ, මං කොහෙ ඉදිද කියන්න...සමහරවිට...ඔයාට මාව මතකවත් නැතිවෙයි...

"මොකුත් නෑ...ලබන පාර මං ඕනා නෑනෙ.. ඔයාගෙ වයිෆ් ඉදිනේ.."

"ඉතිං එයා හිටියාම මොකද... උයා එවිත් එල්ලන්න..."

......

ඔව් ඉතිං සමහරවිට..එයාගෙ වයිෆ් හිටියත් මට පුළුවන් වෙයි...වයිෆ්ගේ තැන ගන්න බැරි උනාට මං එයාගෙ යාලුවානේ...ඒත් ඉතිං සමහවිට එයාගෙ වයිෆ්ට..එයා වෙනුවෙන් තරුව එල්ලන්න ඕනා උණොත්... දෙපාරක් වද නොවීම එයාට ඒ තැන ලැබෙයි..

"දැන් ඇයි ද...මූණ අවුල් කරන් ඉන්නෙ ම්ම්...මං උයාව ඇල්ලුවා කිඅලද...star එක එල්ලන්නනේ..නරක අදහසකින් කරේ නේ...සොරි.."

එයා කියන ඒවට මට උත්තර නැති වෙද්දි එයා මං දිහා බලන් ඉන්නවා මට දැනුණත් මං නත්තල් ගහ මුදුනේ දිලිසෙන තරුව දිහා බලන් උන්නේ ඒ ඇස් මඟ අරින්න ඕනා උණ නිසා වෙද්දි එකපාර මගේ මූඩ් වෙනස් වෙන්න හේතුව හිතාගන්න බැරි උණ නිසාදෝ , සුසුමක් හෙලපු එයා දැන් ටිකකට කලින් මාව අල්ලපු එකට සමාව ඉල්ලද්දී මට දැනුණේ මහ වරදකාරි හැඟීමක් වෙද්දි හිතේ මොනා තිබුණත්,හිත අස්සෙ හංගන් ඉන්න හැඟීම් නිසා මොන තරම් හිත රිදුණත්, ඒකට එයා පලි නැති වෙද්දි, එයාට ඒ හැඟීම් වගේම ඒ හැඟීම් නිසා රිදෙන හිතත් නොපෙන්නා ඉන්න  මං මටම තරවටු කර ගත්තා...

"ඒ..එහෙම..එකක් නෑ සර්."

"හ්ම්ම්..දැක්කද...ඒ ඉන්නෙ උයා..."

"ආහ්.."

"අර ස්ටාර් එක..ගහ උඩම...මගෙ බැලුන් එකේ crown line වගේ...උඩම...උඩම...උඩම..."

මං කිව්වේ ඇත්තද බලන්න වගේ මොහොතකට මගේ ඇස් අල්ලන් උන්න එයා,මගේ ඇස් මඟ ඇරලා නත්තල් ගහ මුදුනේ ඇස් තියන් මොකක්දෝ මහම ලොකු කල්පනාවක උන්න ගමන් හීනෙන් වගේ ඒ ඉන්නෙ මං කියද්දි තරුව පැත්තක තියෙද්දි මං එයා දිහා බලන් උන්නේ එක ටිකක්වත් එයාව තේරුම් ගන්න උත්සාහ කරන්න...
දන්නේ නෑ එයා මේ කියන දේවල් වල තේරුමක්...එයා කිසි බරක් පතලක් නැතිව හිතට එන දේවල් ඔහේ කියවනවා...සතුට අස්සේම දුකත් හංගා හංගා එයා වචනයක් ගානේ මගෙ පපුව අවුස්සනවා..මටවත් නොතේරෙන හැඟීම් ගොඩක් අස්සෙ මාව අතරමං කරනවා...ඔළුව ගසලා ඇහුනේ නැති ගාණට ඒ වචන අමතක් කරන්න ඕනා උණත් ඒ වචන කන් වලින් ඇතුලු වෙලා ගිහිං, පපුව පාරන් වැලි කැට වගේ මගෙ හිත අස්සෙ මස් වැදලි වල එල්ලිලා එළිවෙන රෑවෙන දවස් ගානේ මගෙ පපුව එක්ක හා වෙවී මට තව තවත් රිද්දනවා...දවසක ඒ වැලි කැට මුතු වෙයිදෝ ,ඒ වේදනාවෙන් මාව මැරිලාම යාවිද නොදැන එළියට දාගන්න බැරිවම ඒ වැලි කැට පපුව අස්සෙ තියන්...මං තාමත් හුස්ම ගන්නවා..හිත රිද්දන් සනසන් නත්තල් ගස් සැරසිල්ල ඉවරවෙද්දී,මිදුලේ තිබුණ පොඩි ගස් ටිකට බල්බ් වැල් දාන්න වෙද්දිත් ,දැනටමත් දාදිය පෙරන් මහන්සියෙන් වගේ උන්න එයත් මට උදව් කරන්න ආවෙ මාව පුදුම කරන ගමන්...

"අර කොල්ලෝ එනකං හිටියා නම් ඔය වැඩේ විනාඩි 10ට කරන්න පුලුවන් වෙයි මය හිතේ...කොහෙද ඉතිං අපෙ පොඩි සර්ට හදිසියනේ.."

.......

"ඈ ඉතිං මං කියන්නේ...ඔය කොල්ලාත් පවුණේ සර්..දැන් දවස් ගාණක් මේ බිමත් එක්ක ඔට්ටු වෙලානේ ඉන්නෙ ඔය මහන්සිත් ඇති...අද ගෙදර ඉන්න දුන්නා නම් මොකද.."

........

වැඩ කරලා තෙහෙට්ටු පාට පිට, කෙස් ගසුත් නළලේ අලවන් උන්න එයාගෙන් ඇස් අහක තියාගන්න උත්සාහ කරන ගමන්,එයයි මායි පිස්සු කර කර කෑ ගහ ගහ හිනා වෙවී බල්බ් වැල් ටික දාන්න ඔට්ටු වෙද්දි ආරි මාමා කීවෙනි වතාවටදෝ ආඩපාලි කිය කිය අපි ළඟින් යද්දී  එයා මට ඇහකුත් ගහලා ආරි මාමට නොපෙණෙන්න කොලොප්පම් කරා...මේ දවස් ටිකට ආරි මාමා කියන්නේ මොන තරම් හොඳ මනුස්සයෙක්ද කියන එක කවදාටත් වඩා හොදින් තේරුම් යද්දි ඇත්තටම මට ඒ මනුස්සයා ගැන අහිතක් හිතන්න බැරි උණා...ඒ මනුස්සයාගෙ හිතේ ඇත්තටම තියෙන්නේ අපි එකට ඉන්න එක ගැන අකමැත්තක් නෙමෙ බයක් කියන්න මේ ටික දවසට මට තේරුණා...මාමා බයයි අපි නරකක් කරගනී කියලා..ඒ ගැන තේරුන නිසාදො මං විතරක් නෙමෙ එයා උණත් මාමට මොනවත් කිව්වේ නෑ...

"මැඩම්ලා දැන් නම් ළඟ එනවත් ඇති පොඩි සර්...නරකද ඔය කොල්ලව ගෙදර යවලා, දැන් ගිහිං නා කියා ගෙන අර කොල්ලෙක් එක්ක මඟට ගියොත්.."

"එයාලා එයි ආරි..නුදන්න පාරක් නෙමෙනේ..ඩ්‍රැයිවර් ඉක්කනෙ එන්නෙ.."

"ඒත් මං..."

"ආරි..!!"

"ඔයා යන්නකෝ සර්..ගිහිං නා ගන්න..ඔහොම ඉන්න එක හරි නෑනෙ...තව පොඩ්ඩනේ..මං මේ ටික දාන්නම්..."

එයා ටිකක් සැරට කතා කරපු නිසා ආරි මාමා යන්න යද්දි මමත් එයාගෙන් යන්න කියලා ඉල්ලද්දී තේරුම් ගන්න බැරි බැල්මකින් මගෙ මූණ පුරා ඇස් දුවවපු එයා මොකුත් නොකියා යන්න ගියේ මට සුසුමක් පිටවෙද්දී...මැඩම්ලා ළඟදීම මෙහෙ එන බව දන්නවා උණත් මං ආසාවෙන් දින ගැන්න නත්තල් පාටියට එන බවක් උදේ හවා මේ බංගලාව වත්තෙ ඉඳලත්,මේ වෙනකං මං නොදනිද්දී අමුතුම වේදනාවකින් පපුව හිර උණා...මට වැඩක් නෑනෙ කවුරු ආවත්...අනික මෙහෙ වෙන හැමදේම කියන්න මං කවුද මේ බංගලාවේ...වැඩකාරයෙක්ද...උයන් පල්ලෙක්...පාළු යවා ගන්න ළඟ තියාගන්න කෙනෙක්...මොකෙක්හරි..මං මේ දේවල් මටම මතක් කර ගත්තෙ හිත හදාගන්න උනත් සිද්ද උණේ මගෙ හිත තව තවත් රිදෙන එක විතරයි..

"ආහ්... පොඩි කොල්ලෙක් මොකද මෙහෙ..decoration වලට එනවා කියපු බොයිස්ලා හවසනේ එනවා කිව්වේ තමුන් මොකද කරන්නේ..."

.......

"කෑ ගහන්න එපා මමා...එයා පොඩි උණාට වැඩේ ලස්සනට කරලානේ...."

.......

"ඔයා කරන් යන්න little boy.."

බල්බ් එල්ලිල්ල ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි වෙනදට වහලා තිබුණත් අද උදේ ඉඳන් ඇරලා තිබුණ බංගලාවේ ගේට්ටුවෙන් දාපු වාහනේට ඉඩ දිලා මං වැඩ නතර කරලා අයිනකට වෙද්දි මාව දැකපු හැටියේ එලිනා මැඩම් කියලා හිතන්න පුළුවන් ගෑණු කෙනා මගේ උඩ ඉඳන් පහලට ඇස් අකුලං බලන ගමන් මට සද්දයක් දාද්දී උත්තර දෙන්න තියා ඔළුව උස්සන්නවත් බැරි අපහසුවක් දැණෙද්දී මං උන්නේ බිම බලාගෙන වෙද්දි ඒ එක්කම ආපු තව කටහඬක් මගෙ පැත්තට කතා කරන ගමන් මට little boy කියද්දි මට ඉබේම ඔලුව ඉස්සුනා.....

"ඔයා එයා නේද...ලෙවින් අයියගෙ මල් කොල්ලා...එයා කිව්වා මට ඔයා ගැන..."

එලිනා මැඩම් මටත් ගස්සන් ඇතුලට යන්න යද්දි පත්ති හදලා මල් හදන්න ලෑස්ති කරලා තිබුණ මිදුල දිහා ඇස් යවන ගමන් නහය කඩන් යන සුවද විහිදුවන් මං ඉස්සරහ උන්න  ලියා මිස් දිහා මං හොරාවට බැල්මක් දැම්මා... මගෙනුත් භාගයක් ඇති.. හුරුබුහුටියි...ලස්සනයි...මේකප් දාලා හිටියත්, එක බැල්මට දැක්ක එලිනා මැඩම් වගේ ඕනවාට වඩා නෙමෙ...අවුරුදු ගාණක් ජර්මන් වල ඉන්නවා කිව්වත් එහෙමකට සංකර පාටක් නොවෙද්දී ලස්සන ගවුමකුත් ඇඳගෙන උන්න එයාව දකිද්දී මට මතක් උණේ ඒන්ජල් කෙනෙක්ව..කෙල්ලෙක් හිටියා නම්..මමත් බලාපොරොත්තු උණා වගේ අහිංසක ලස්සනක් තියෙන කෙල්ලෙක්...හුරතල් අක්කි බබෙක්...
ලෙවින් සර්ගේ ඒන්ජල්...මටත් නොදැනිම මගේ ඇස් වල කඳුලු පිරෙද්දී මං ඉක්මනින් ආයි බිම බලා ගත්තා...

"ඔයා ඒවා හරි පිළිවෙළට හදලා...ලස්සනයි...ලෙවින් අයියා මට එව්වා...බැලුන් එකේ යද්දී ගත්ත ඔයාගෙ ගෙදර ෆොටෝ...මං හරි ආසාවෙන් ඉන්නෙ...මෙහෙත් එහෙම බලන්න...ලස්සනට තියෙයි.."

.......

මං හිතනවාට වඩා එයාලා හුඟක් කිට්ටුයි වගේ...මං ගැනත් නොදන්න දෙයක් නෑ වගේ...සමහරවිට...එයා මං එක්ක මෙහෙ කරන හැමදෙම ලියා මිස් එක්ක කියනවා ඇති...අනික...ඇයි එයා අයියා කිව්වේ...ආදරේටද... නැත්තං ලෙවින් සර් එයාගෙ අම්මගෙ හස්බන්ඩ්ගෙ කලින් කසාදේ පුතා නිසාද...ජර්මන් පුරුද්දට එයාට තිබුණනෙ එහෙ විදිහකට කතා කරන්න...අයියා...මමත් ආසනේ එහෙම කතා කරන්න..ඇයි ඔයත් ඒකම කියන්නේ...මං හිත රිද්දන් කල්පනා කරද්දි එයා හිනාවෙවී කියලා කැත නැතිව උඩටම අත උස්සලා මගේ කොන්ඩෙත් අවුස්සලා යන්න යද්දි , මට ගොඩක් රිදුණා...එයා එක්ක තරගයක් නැතත් , මට ප්‍රතිවිරුද්ධ පැත්ත හැම අතින්ම හොඳයි කියලා දැනෙද්දී, හීන මානයක් වගේ මොකක්දෝ හැඟීමක් මගේ පපුව හිර කරා...

ඒ වගේ කෙනෙක්ට ලෙවින් සර් හරි ඉක්මනින් ආදරේ කරාවි කියලා හිත කියද්දි , ඒ වගේ පුංචි සුරංගනාවියකට, ආදරේ විස්වාස නොකරන එයාගෙ හිත වෙනස් කරන්න බැරි කමක් නෑ කියලා හිතෙද්දි  වේගෙන් ඇහිපිය ගැහුවත් හංගන්න හදපු කඳුලක් මගේ ඇස් වලින් එළියට පණිද්දී මං ආයි වැඩ කරන්න හැරෙද්දී මං දැක්කෙ මං ළඟට එන්න ඇවිල්ලත් ඕක තමා මං කිව්වේ වගේ බැල්මකින් අපි දිහා බලන් ඉඳලා ආපහු හැරිලා යන ආරි මාමව...

"කිරුළු.."

.........

"කිරුළු....!"

"ආහ්.."

"මුකද අනේ කල්පනාව උච්චර.."

"ආහ්..මුකුත් නෑ සර්..."

"තව ගුඩක් තියේද..බඩගිනි කන්න එන්න.."

"........සර් කන්න මං ගෙ..."

මං උන්නේ අන්තිම බල්බ් වැළත් එල්ලන ගමන් වෙද්දි මං උන්න තැනට ටිකක් එහායින් තිබුණ එයාගෙ කාමරේ බැල්කනියෙ ඉඳගෙන , නාලා ආපු හැටියේ වතුර බේරි බේරි ටවුල් එකත් පටලන් ඇවිත් මට කතා කරපු එයා ළඟ අතරමං වෙන්න හදපු ඇස් අමාරුවෙන් පාලනේ කරන්,  එයා දිහා නොබලාම උත්තර දෙන ගමන් වැඩ කරන් ගියා වෙද්දි එයා කන්න එන්න කියද්දි ඒ ගැන ටිකක් කල්පනා කරන ගමන් අන්තිම වැඩෙත් ඉවර කරපු මං මැඩම්ලත් ඉන්න නිසා ගෙදර ගිහිං කන්නම් කියාගෙන අනික් පැත්ත හැරුණත් එයා එක්ක බැල්කනියෙ උන්න ලියා මිස්ව දකිද්දී මගෙ වචන හිර උණා...

බැල්කනි වැටට බර දීලා උන්න ලෙවින් සර් එතනට ඇවිත් උන්න ලියා මිස්ගෙ නහයත් මිරිකළා මොනාදෝ කියන ගමන් කෙලින් වෙලා ලියා මිස්ව ළඟට අරන් කරවටේ අතක් දාගද්දී පපුව හාරන් යන වේදනාව දරාගන්න බැරිව ඔහේ බලන් උන්න මං ඒ බැල්ම මං දිහාවට එන්න කලින් එතනින් එන්න ආවා...

එයාලටම මවපු ජෝඩුවක්.....

ඒ රූපේ හිත අස්සෙ ආයි ආයි මැවෙද්දී , ආසාවෙන් යන්න උන්න නත්තල් පාටියට නොයා ඉන්න හිත හදන්ම,ඇස් වලින් නිමක් නැතිව ගලන කඳුලු අත් දෙකෙන් පිහ පිහා මහ දවල් ගිනි අව්වෙ වෙල මැදින් පැනගෙන මං ගෙදර ආවා...

හිතේ අවුල යන්නත් එක්ක, කනවා තියා වතුර උගුරක්වත් නොබී, අනුන්ගේ වතු ලස්සන කරන්න ගිහිං මට මඟ ඇරුණු මගෙ ඉඩම මන් එක කොණක ඉඳන් වල් ගලවලා, උදුළු ගාලා..අලුත් පාත්ති හදලා අනික් පැත්ත ගැහුවා..රෑ පාටියට නොයා ඉන්නම හිත හදා ගත්තා උණත්, දවල්ට නොකාම ආපු නිසා එයා ආරි මාමා අතේ මට දවල් කෑමත් එක්ක රෑට එන්න කියලා පණිවිඩ එවද්දී මං නොයා බැරි කමටම,තිබුණ හොඳම ඇඳුමත් ඇඳගෙන රෑ 12ට කිට්ටු කරලා බංගලාවට ගියා...

"උඹ මොකටද සර්ට තියා මටවත් නොකියා එන්න ආවෙ..සර් හොඳටම අවුලෙන් උන්නේ..මටත් කෑ ගැහුවා..කෑවෙත් නෑ හරියකට... අර නාකි අම්මණ්ඩිත් ආපු ගමන් ඔළුව අවුල් කරනවා මන් අහගෙන...ඒ ගෑනි එක එකාගේ කේලම් අහලා, වැඩට ඉන්න එවුන්ට සලකන හැටි කියා දෙන්න එනවා අපෙ සර්ට...අර චතුරයා ගැන එහෙම හරි රුදාවයි වගේ...උඹ ගැනත් කේලම් අහලා මය හිතේ...හරස් ප්‍රස්න පෝලිමෙ අහං ගියේ...ඒ පාර නම් සර් කියලා දුන්නා උන්දැට..නත්තල් පේන්න..."

.......

"උඹට මාව තරහා කාරයෙක් වගේ පේනවත් ඇති... ඒත් අවුරුදු ගාණක් ඔතන ඉඳලා ඔය ඔක්කොමත් ගැන දන්න නිසයි මන් උඹට කලින්ම අනතුරු ඇගෙව්වෙ..උඹ හරි අහිංසකයා බන්...ඒකයි මට බය...ගින්දර නම් තියෙන්නේම ඇවිළෙන්න...උඹලාගේ වයසෙත් වැරැද්ද... මාත් පරක්කු වැඩියි උඹලාව නවත්වන්න...දැනටමත් ගිනි ඇවිලිලා ඉවරයි...මන් සර් ගැන දන්නේ නෑ...ඒත් උඹට බෑ උඹව මගෙන් හංගන්න.
ඉතිං ඕනාවට වඩා ලං උනොත් පිච්චෙනවා කියලා දැනගෙන, දැන්ම ඉඳන් හිත හුරු කරගනින් කොල්ලො...එක්කො උඹ ඒ ගින්න නිමන්න ඕනා...නැත්තං පිච්චිලා අළුවෙන්න ඕනා...දැනට එක ගමනක් ගියත්, වෙලාවක් එනවා උඹලට පාරවල් දෙකක් තෝරා ගන්න
වෙන, පුළුවන් කල් උඹ වෙනුවෙන් කතා කරත් වෙලාවක් එනවා සර්ට තව දුරටත් උබව රකින්න ළඟ ඉන්න බැරි වෙන...අන්න එදාට තයියම නැගිටින්න හයිය තියෙනවා නම් විතරක් ඔය හිතට අයාලේ යන්න දිලා බලන් හිටපන්.."

.......

"ඒත් බං මගෙ දරුවෙක්ට වගේ මන් කියන්නේ...මේ දේවල් දුර යන්න කලින් උඹ එක්කො කොළඹ දිහා රස්සාවකටවත් පලයං...සර් ගියාම ආපහු එන්න බැරිය...නැත්තං මන් දන්නවා හොඳක් වෙන්නේ නෑ එකට ඉන්න ඉන්න.."

ආරි මාමා දවල් කෑම දෙන්න ඇවිත් කියපු දේවල් ආයි ආයි මතක් වෙද්දි, අතේ තිබුණ එයාට ගෙනපු පුංචි තෑගි පෙට්ටිත් සාක්කුවේම දාගෙන, උන්න අය මඟ ඇරලා තාප්පෙ දිගේ සද්ද නැතිව ආපු මන් කුසිය පැත්තෙන්ම ගෙට ගොඩ උණා..එන්නම කියපු නිසා ආවට මොනා කරන්නදවත් මට තේරෙන්නේ නෑ..එයාගෙ තියා ආරි මාමගේවත් හෙවණැල්ලක් නැතිවෙද්දී කුසියේ එහෙට මෙහෙට යන කේටරින් එකෙන් ආපු කොල්ලෝ දිහා මන් බලන් උන්නෙ කරන්න දෙයක් හිතා ගන්න බැරිව...

"ආහ්..මේ කොල්ලා මොකද මෙහෙ...වත්තෙ වැඩට ඉන්නෙ උඹ නේද..හොඳට ඇඳ පැළඳගෙන..!! පාටියට ආවද...හ..හ්..හා...මමත් අහන විහිළු...උඹලට මොන පාටිද...මොකද ආවේ..ලෙවින් උදව්වට එන්න කිව්වද...ඕනා නැතිවෙයි...වැඩිපුරත් එක්ක කට්ටිය ඉන්නවා උදව්වට..පොලව කොටලා මහන්සිත් ඇතිනෙ...උඹ පලයං..මන් ලෙවින්ට කියන්නම්.."

"හරි මැඩම්.."

අතරමංවෙලා වගේ උන්න මං ඉස්සරහට ආවෙ එලිනා මැඩම් වෙද්දි මගෙ උඩ ඉඳන් පහලට කටත් ඇද කරන් බැල්මක් දාන ගමන් කියද්දි , වැඩට නෙමෙ ආවෙ සර් පාටියට එන්න කිව්වා කියලා ලැජ්ජාවක් නැතිව කියන්න බැරි වෙද්දි මං ආපිට එන්න හැරුණා..

"ආහ් ඔහොම හිටපන්...පියසිරි අර අපි දවල් පාරෙ උන්න මිනිස්සුන්ට පිනට දෙන්න ගෙනපු බඩු මළු ඉතිරියි නේද...මේ කොල්ලට දීපන් බලලා...අර ගමේ බෙදන්න හදපු කැවිලි මල්ලකුත් දීපන්...මොනා උණත් රෑ මැද ආව එකේ හිස් අතින් යවන්නේ කොහොමද අද නත්තල් දවසේ...ආ මේකත් ගණින්...උඹලට ඕවා දකින්නවත් පිනක් කොහෙද මෙහෙම දවසක ඇරෙන්න..."

මං යන්න හැරුණත් එලිනා මැඩම් ආපහු මාව නතර කරගන්න ගමන්, එතන බලන් උන්න මැඩම්ලා දවල් ආපු වාහනේ ඩ්‍රයිවර්ට අණ දෙද්දී ඒ මනුස්සයත් කලබලේට මොන මොනාදෝ මළු වගයක් උස්සන් ඇවිත් බලෙන්ම මගෙ ඇගේ ගහද්දී දැනුණ අසරණ කමට එපා කියා ගන්නවත් වචන පිට නොවෙද්දී එලිනා මැඩම් බලෙන්ම අතට දීපු නත්තල් සීයාවත් අරන් දවල් වගේ නොකියාම මං ආපිට එන්න ආවා..

මතුසම්බන්ධයි....
👩‍💻 dil

2024/01/16

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

ඔන්න ඔහොමළු නත්තල් සැමරුවේ....🤧🤧

එලිනා මැඩම් වෙනුවෙන් වචනයක් කියන්න...😌😌

ලියා ඇත්තටම හොඳ ඇතිද...🙃🙃

ආරි මාමා කියන දේ ඇහුවානම් හරි නේ...🥺🥺

ලෙවින් හිතට එන දේවල් ඔහේ කියන්නම් වාලේ කියනවා වෙන්න ඇතිද....😓😓

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

සිතින් විතරක්..
පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ...
දෙස බලන්නම්

ළංව ඉන්නට බෑ ඔබේ..
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ..
මටද ඔබ හිමි නෑ..

නිසල නෙතින් ඔබ මදෙස බලා හිඳී.. දෙතොල් ඔබගේ.. මදහසින් සැරසේ.. දෙනෙත් ඔබ වෙත.. පා කරනු බෑ දෙතොල් සිනහා.. මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ.. මටද ඔබ හිමි නෑ..

සිතින් විතරක්.. පෙම් කරන්නම්
දුරින් හිඳ ඔබ.. දෙස බලන්නම්

ළංව ඉන්නට බෑ ඔබේ..
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ..
මටද ඔබ හිමි නෑ..

සසල වුණත් මගේ සිතිවිලි ඔබ ළඟ.. නිසල කරන් මම.. ඉන්නම් සෑම දින.. කාත් කවුරුවත් නොමැති  හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ.. මටද ඔබ හිමි නෑ..

සිතින් විතරක්.. පෙම් කරන්නම් දුරින් හිඳ ඔබ.. දෙස බලන්නම්

ළංව ඉන්නට බෑ ඔබේ..
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ.. මටද ඔබ හිමි නෑ.. මටද ඔබ හිමි නෑ.. මටද ඔබ හිමි නෑ...

Continue Reading

You'll Also Like

33.1K 4.5K 28
කුලදාරීන්ගේ නම්බුකාර ජීවිත රග මඩල
1M 54.8K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
302K 6.7K 23
Isaac Lacey and (y/n) Hale, and ironic match. Just as (y/n) settles into her new in life beacon hills, Isaac comes into it and turns everything all a...
56.7K 9.9K 66
පාලුව විඳිනා මගේ ජීවිතේ.... පාරා යනවා ඔබේ ආදරේ....❤ කොහෙහරි තැනකදී වැරදුනා මාහට.... අදටත් මා සිතින් සොයනවා ඒ තැන....💚 Begin: 2021 December 18 End:...