සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

Por ___Sky-Heart___

22.2K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... Más

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• දහඅට වන දිගහැරුම •

627 157 120
Por ___Sky-Heart___

නොදැනීම දින ගත වෙලා ගිහින් කැම්පස් එකේ ඩීජේ එක තියෙන දවසත් උදා උනා . තීනු කලින්ම ප්ලෑන් කරලා තිබුනු විදිහට ගෙදරට බොරු කරලා කොහොම හරි ඩීජේ එකට පැන ගත්තා . හැන්දෑව වරුවේ පටන් ගත්තු ඩීජේ එකේ තවමත් නිමාවක් නම් පේන මානෙක තිබුනේ නැහැ . හැබැයි තීනුට ඉවරයක් පෙන්න ඕනේ උනෙත් නැහැ .

මොකද තීනුයි තීර්ථයි දෙන්නා ඩීජේ එක මැදන් ඉදන් නටන්නේ උන් දෙන්නා ජීවත් වෙන අන්තිම දවස අද වගේ . නටන ගමනුත් තීනු තමන්ගේ වපර ඇහැ දාලා බැලුවේ යුගාන්ව . ඩීජේ එක පටන් ගත්තු වෙලේ තීනු යුගාන්ව දැක්කත් ඊට පස්සේ නම් තීනුට යුගාන්ව හම්බ උනේම නැහැ . ඉතිම් යුගාන් පේන්න නැති එක තීනුට ලොකු ප්‍රශ්නයක් උනා .

" අඩෝ තීර්ථ උබ යුගාන්ව දැක්කද ?? "

තීනු නටන අතරෙම තීර්ථ ගෙන් අහද්දි තීර්ථ නටන එක නතර කරලා තීනු දිහා බැලුවා . මෙච්චර ආතල් එකේ ඩීජේ එක එන්ජෝයි කරන්නේ නැතුව තීනු මොන කෙහෙල් මලකටද යුගාන්ව හොයන්නේ කියලා තීර්ථට හිතා ගන්න බැරි උනත් තීනු මේ වගේ ෆන් එකක් ගන්න දවසක් යුගාන් නිසා විනාස කර ගන්නවා දකින්න නම් තීර්ථ අකමැති උනා .

" මොකටද උබ ඒ ලබ්බව හොයන්නේ ?? "

" නිකන් !! දැක්කා නම් කියපන්කො !! "

" ඇයි ඕකා දැන් හස්නා එක්ක නට නට හිටියේ අතන "

තීර්ථ කොල්ලො කෙල්ලෝ ගොඩක් එක් රොස් වෙලා නටන තැනක් තීනුට පෙන්නද්දි තීනු ඉස්සිලා ඒ දිහා බැලුවා . එතකොටයි තීනු දැක්කේ දෙකඩ කැඩිච්ච ඉස්සෙක් වගේ නටන යුගාන්ව . හස්නත් ඒ අස්සේ යුගාන් ගේ අතේ එල්ලි එල්ලි නටද්දි තීනු ඒ දිහා තමන්ගේ ඇස් හීනි කරලා අහක බලා ගත්තා . කොහොමත් ඕවා දකිද්දි තීනු ගේ ඇස් වලට කටු අනිනවා  .

" බලපන් ඌ නටන කැත කඩියෝ ටිකක් මුගෙ පුක කාලා වගෙ හරිම කැතයි !! "

තීනු තමන් නටන එක නතර කරලා යුගාන් නටන්  එකේ ඇද කුද හොයන්න ගද්දි තීර්ථ තීනුට බැන බැන නටන්න ගත්තේ එක එකාගේ ඇද කුද හොයන්න ගිහින් තමන්ගේ ආතල් එක කුඩු කරන්න ඕනේ නැති නිසා .

" ඌ ඕන එකක් කර ගත්තුවාවේ මෙන්න මෙහෙට වරෙන් තීනු නටන්න !! "

තීර්ථ තීනුගේ අතින් ඇදගෙන කට්ටිය ගොඩක් ඉන්න තැනකට ඇවිත් පිස්සෙක් වගේ නටන්න ගද්දි තීර්ථ නටන විදිහ දැකපු තීනුට ඉබේටම හිනාවක් ගියා . යුගානුත් හස්නා එක්ක ජොලියේ නටන නිසා තීනුත් තීර්ථ එක්ක නටන්න ගත්තා . හැබැයි තීනුගේ ජීවිතේ තිබුනු සවුත්තුම ඩීජේ එක උනේ මේක මොකද මේ ඩීජේ එකට හස්නත් ආපු නිසා .

ඩීජේ එක පුරාවටම තීනු නටලා නටලා කොච්චර හෙම්බත් උනත් තීනුට නටන එක නම් නතර කර ගන්න ඕනේ උනේ නැහැ . තමන් එක්ක නට නට හිටපු තීර්ථ මිසින් වෙලා කියලා වත් තීනු දන්නේ නැහැ ඒ තරමටම නැටිල්ල . හස්නත් මහන්සි නිසා නටන එක නතර කරලා පොඩ්ඩක් එහාට ගියාට පස්සේ සිතිජ යුගාන්ට ලං වෙලා මොනවද කියන්න ගත්තා .

සිතිජ කිව්වේ මොනවා උනත් ඒ කියපු දෙයින් පස්සේ යුගාන් නටන අතරෙම තමන්ගේ ඇස් වටේ යවලා එක රූපයක් හොයන්න ගත්තා . ඒ රූපේ වෙන කාගෙවත් නෙමෙයි තීනුගේ !! තීනු තනියම නට නට ඉන්න නිසා සිතිජ ඇස් වලින් යුගාන්ට පෙන්නුවේ තීනු ලගට යන්න කියලා . කෙල්ලො කොල්ලො අතරින් රිංගලා තීනු ගාවට ආපු තීනුගේ ඉනෙන් අල්ල ගෙන තීනුගේ කම්මුලක් මිරිකුවා .

නොහිතපු විදිහට තමන්ට දැනුනු ඒ ස්පර්ශය නිසාම තීනු ගැස්සිලා ගියා ඒත් තමන්ව අල්ලන් ඉන්නේ යුගාන් කියලා දකිද්දි තීනු යුගාන්ව තල්ලු කරලා දැම්මා . කොහොමත් තීනු කරපු දෙයින් යුගාන් පුදුම උනේ නැහැ මොකද තීනු කොහොමත් ඔහොමයි කියලා යුගාන් නොදන්න දෙයක් නෙමෙයි නිසා හැබැයි තීනුගේ ඒ හැසිරීමෙන් නොදැනුවත්ව හෝ යුගාන්ට හුගක් රිදුනා . 

" තීනු බබා මාත් එක්ක නටන්න එනවද ?? "

" ඇයි අර උඩචක්කරමාලේ තමුසෙව දාලා ගියාද ?? "

තීනු තමන්ගේ අත් දෙකත් හරහට බැදන් ඇහුවේ තමන්ගේ ඇස් දෙකත් හීනි කර ගන්න ගමන් . හස්නා එක්ක නටලා නටලා දැන් බොරුවට යුගාන් තීනු ගාවට එද්දි තීනුට තරහා ගියා . යුගාන් කොච්චර තීනුට ආදරේ කලත් ඒ ආදරේ වතුරෙ ගහ ගෙන යන්න එක පොඩි දෙයක් උනත් තීනුට මහ මෙරක් උනා . හැබැයි කොච්චර වත් යුගාන්ගේ ආදරේ නම් බොරුවක් නෙමෙයි .

" ඒ උඩචක්කරමාලේ ගැන හරියටම දැන ගත්තු දවසට ඔයා ඔහොම කියන එකක් නැහැ තීනු ඒක නිසා හස්නව දැන් අමතක කරන්න !! අපි ටිකක් එන්ජෝයි කරමු !! "

යුගාන් තීනුගේ අතින් අල්ලලා කිව්වත් තීනු යුගාන්ගේ අත ගසලා දැම්මා .

" එන්ජෝයි කරන්න ?? තමුසෙ එක්ක ?? හහ් ඊට වැඩිය හොදයි මම මැරෙන එක !! මට මගේ පාඩුවේ ඉන්න දෙනවා යුගාන් මෙච්චර වෙලාවක් මම නිදහසේ හිටියා  ඒ තමුසෙ නැතුව !! ඇයි මෙහෙම කරදරයක් වෙන්නේ මට ?? තමුසෙ සිරාවටම මල වාතයක් ඕයි !! "

තීනු කියන හැම වචනයක්ම වගේ යුගාන්ගේ පපුවට කා වැදුනා . ඇත්තටම යුගාන්ට විස්තර කරන්න බැරි තරමම මුලු පපුවම ගොඩක් රිදුනා . තමන් මේ තරම්ම ආදරේ කරන ආදරේ හොයන එකම කෙනත් යුගාන්ගේ හැගීම් ගානකට නොගද්දි යුගාන් ගොඩක් අසරණ උනා . ඒ වගේම තමන්ගේ ආදරේ තීනු වැරදි කෝණෙන් දකින එකට යුගාන් ගොඩක් වෛර කලා .

" සොරි ආයේ මම තමුසෙට වද දෙන්නේ නැහැ !! "

යුගාන් තීනුට බැන්නෙ වත් කෑ ගැහුවෙ වත් නැහැ . කොහොමත් ආදරේ නැත්තම් බලෙන් ගන්නත් බැහැ . දැනෙන්නෙ නැති හිතකට මැරෙන්න හදන එකද ආදරය කියලා යුගාන් තමන්ගෙන්ම ප්‍රශ්න කලත් තමන්ව නොදැනෙන හිතකට බැදෙන්න තියෙන හේතු දකිද්දි යුගාන්ට ඒ හිත මත්තෙම මැරෙන එක ලොකු දෙයක් උනේ නම් නැහැ .

යුගාන් තමන්ගේ වචන නාස්ති වෙන්න ඉඩ නොදී තීනු උන් තැනින් එහාට ගියා . තීනු දන්නවා යුගාන්ට රිදුනු වග ඒත් තීනු යුගාන්ට රිද්දුවේ හිතාමතාම නිසා තීනුට ඒක ගානක් උනේ නැහැ . අඩුම ගානේ තීනු ඒ ගැන පසුතැවුනේ වත් නැහැ . ඩීජේ එකේ නන්ස්ටොප් සෝන්ග් ප්ලේ උනත් තීනුට ආයේ නටන්න මූඩ් එකක් තිබ්බේ නැති නිසා තීනු වොශෲම් එකට ගියා මූණ පොඩ්ඩක් හෝදන් එන්න .

හිතේ තියෙන තරහටයි දුකටයි පැත්තකට ගියපු යුගාන් කොල්ලෙක් ගෙන් සිගරැට් එකක් ඉල්ල ගෙන පත්තු කර ගත්තා . හැමෝම ග්‍රවුන්ඩ් එක මැද ඉද්දි යුගාන් ටිකක් කෙලවරින් තිබුනු ගහකට හේත්තු වෙලා සිගරැට් එක බොන්න ගත්තා . කැම්පස් එක ඇතුලේ සිගරැට් බොන එක තහනම් උනත් ඒක යුගාන්ට නම් වලංගු උනේ නැහැ .

වොශෘම් එකට ගිහින් ආපු තීනු ගහට හේත්තු වෙලා සිගරැට් එක බොන යුගාන්ව දැකලා නතර උනේ කලින් තමන් යුගාන්ට සිගරැට් බොන එක නතර කරන්න කියලා තිබුනු නිසා . ඒත් යුගාන් තමන්ගේ වචන අහක දාලා තියෙන හැටි දකිද්දි තීනුට තරහ ගියා . යුගාන් තීනුව දැකලා සිගරැට් එක බිමට දැම්මත් තීනු යුගාන්ට රවා ගෙන එතනින් එහාට ගියා .

ඩීජේ එක කොච්චර නැගලා ගියත් තීනුයි යුගානුයි වැඩි හිත හොදකින් නොහිටපු නිසා දෙන්නට ඩීජේ එක කියලා ලොකු වෙනසක් දැනුනේ නම් නැහැ . සිතිජත් යුගාන් ඉන්නේ අව්ලින් කියලා දන්න නිසාම යුගාන් ගාවින් හිටියත් තීනුගේ මේ හිතුවක්කාර වැඩ නිසා යුගාන් ගේ හිතට හරි බරක් දැනුනා . හැබැයි තීනුට නම් කිසිම ගානක් තිබුනේ නැහැ .

" උබ දැන් ඔය මූණ එල්ලන් හිටියා ඇති අපි ගිහින් පොඩ්ඩක් නටලා චිල් එකේ ඉමු තීනුත් ඔය ආතල් එකේ ඉන්නේ එහෙම එකේ උබ විතරක් අව්ලෙන් ඉන්න ඕනේ නෑනේ !! "

සිතිජ යුගන්න්ගේ කරට අතක් දාලා කියද්දි යුගාන් වනලා සිතිජ එක්කම ග්‍රවුන්ඩ් එක මැදට ගියා . මුලදි තරම් යුගාන්ට නටන්න ලොකු ෆිට් එකක් නැති උනත් යුගාන් දෙපැත්තට වැනි වැනි සිතිජ එක්ක හිටියා . ඩීජේ එකේ දැන්මම ඉවර වෙන්නේ නැහැ කියලා යුගාන් දන්න නිසාම තවත් රෑ වෙන්න නොදී හස්නව ගෙදර යවන්න යුගාන්ට ඕනේ උනා .

ඒක නිසාම කෙල්ලෝ ටිකක් එක්ක නට නට ඉන්න හස්නා ගාවට ලං උනු යුගාන් හස්නගේ කන් වලට රෑ නොවී ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා කියද්දි හස්නගේ මූණ නම් දෙල් උනා මොකද ගමේ ඉද්දි ඩීජේ එකකට ගියා ගෙදරින් එලියට බහින්න වත් හස්නට ලැබෙනන්නේ නැති එකේ ලැබෙන දෙයින් ජොලි කරන්න වත් නොලැබුනාම කාටද දරා ගන්න පුලුවන් ??

" අනේ හලෝ තව ටිකක් ඉන්න දෙනවකෝ "

" පිස්සු නටන්න එපා ඕයි රෑ වෙනකොට කොල්ලො බොයි ඊට පස්සේ මෙතන වෙනම සීන් යන්නේ ඒක නිසා දැන්මම ගෙදර යනවා "

" හ්ම්ම් යන්නම් ඉතිම් "

හස්නා මූණත් එල්ලන් යන්න කැමති උනත් කෙල්ලට හිතක් නම් තිබුනේ නැහැ ඩීජේ එක ඉවර වෙනකල්ම ඉන්නේ නැතුව ගෙදර යන්න නම් .

" මං ගිහින් ඇරවන්නද නැත්තම් තමුසෙට පරිස්සමෙන් යන්න පුලුවන් ද ?? "

" මං යන්නම් අනේ දැන් පොඩි ලමයි නෙමෙයිනේ මාව මොකෙක් හරි උස්සන් යන්න ආවොත් ආයේ කුංෆු මජිරාටේ වලින් නෙලන්නේ "

" මොලේ ඇති එකෙක් නම් තමුසෙව උස්සන් යන්නේ නැති නිසා මට බයක් නැහැ !! එහෙනම් පරිස්සමෙන් ගෙදර ගිහින් මට කෝල් එකක් දෙනවා !! අයියා ආදරෙයි හරිද "

" මාත් ආදරෙයි හලෝ !! "

යුගාන්ගේ හස්නගේ නලලින් හාදුවක් තවරලා හස්නවට ගෙදරට පිටත් කරවද්දි මෙච්චර වෙලාවක් ඩීජේ එකේ නටන ගමන් තීනු හස්නයි යුගානුයි දිහා බලන් හිටියා . එයාලා කතා කරන්නේ මොනවා ගැනද කියලා තීනුට අදහසක් නොතිබුනත් යුගාන් අන්තිමේදී හස්නගෙ නලලට හාදුවක් දුන්නු නිසාම තීනු හැමදේම තේරුම් ගත්තේ ආයෙම වැරදියට .

තීනු යුගාන්ට අකමැති උනත් යුගාන්ට වෙන කෙනෙක් ලං වෙනවා දකින්න තීනු අකමැති උනා . ආදරෙත් නැත්තම් තමන්ට මේ තරම්ම ඉරිසියාවක් දැනෙන්නේ ඇයි කියලා තීනුට නොහිතුනත් ඒ දේවල් තුල ගැබ් වෙලා තියෙන්නෙත් යම් පමණකින් හෝ ආදරයක් කියලා තීනුට තේරුන් ගන්න බැරි උනා .

" උබ දැක්කද තීර්ථ අරූ අරකිව ඉඹින හැටි !! හෙටම මම නවගමු දේවාලෙට ගිහින් ඕකට පොල් ගෙඩියක් ගහනවා !! ශික් ඕකිව ඉඹින තොල් වලින් නේ මූ මාවත් ඉම්ඹේ !! "

තීනු බ්‍රේක් නැතුව කියවන් යද්දි අන්තිම කෑල්ල ඇහුනු තීර්ථ තීනු දිහා අමුතු විදිහට බැලුවා .

" පොඩ්ඩක් ඉදපන් එතකොට යුගාන් උබව ඉම්ඹද ?? "

තීර්ථ තමන්ගේ ඉනට අත් දෙක තියන් අහද්දි තීනුගේ දිවත් පැටලෙන්න ගත්තා .

" අහ් .. මේ මං කිව්වේ .. ඌ .. මාව ඉම්ඹා නෙමෙයි .. ඌ ... මේ මට පිම්ඹා කියලා .. !! ඔව් නේ ඌ පිම්ඹා තමයි .. කටින් පුස් ගාලා පිම්ඹා .. !! හහ් ඒක තමයි මං කිව්වේ .. ඉම්ඹා නෙමෙයි පිම්ඹා හොදේ .. මේ මූණට පිම්ඹේ "

" අහ් ඒක මිසක් !! මං බැලුවා යුගාන්ට උබව ඉඹින්න දීලා උබ සටන පාවා දුන්නද කියලා "

" පිස්සු කතා කරන්න එපා !! ඒ ගොම සෙවලයා මාව ඉඹින්න ආවොත් ඕකගේ හතර හන්දි තුනට කඩලා තමයි මම පස්ස බලන්නේ !! "

" අන්න එහෙම ඉදපන් !! මගේ එකා උබ !! "

තීර්ථ තීනුගේ උරහිසට පාරක් ගහලා කියද්දි තීනු හිනා නොවී බැරි කමට හිනා උනා . යුගාන්ගේ පපුවෙ අස්සෙත් ගුලි වෙලා යුගාන්ව බදා ගෙන හිටියත් මදිවට යුගාන්ගේ තොල් වලට පෙක් එකකුත් තමන් දුන්නා නේද කියලා තීනුට මතක් වෙද්දි පොලොව පලා ගෙන යන්න හිතුනා . කොහොම නමුත් තීර්ථ දන්නවා නම් තීනු සටන පාවා දීලා තමයි කියලා තීර්ථ බෙල්ලේ වැල දා ගන්න එකේ නම් කිසිම සැකයක් නැහැ .

" බොන වුන් වරෙල්ලා බඩු ගෙනාවා !! "

කැම්පස් එකේ බේබදු සංගමේ ඉන්න එක කොල්ලෙක් කෑගහලා කියද්දි තීර්ථට අමුතුම ජවයක් ආවා . කොල්ලෝ නට නටම බියර් ටින් එක දෙක අත් වලට ගද්දි තීනු ඒ දිහා හූල්ල හූල්ල බලන් හිටියා . තීනුගේ අම්මා නිසා තීනුට බියර් එකක් තිත්තයිද පැණි රසයිද කියලා වත් බලන්න පුලුවන් උනේ නැහැ . තීර්ථත් පැන ගෙන බියර් ටින් දෙකක් උස්සන් එද්දි තීනුට හිත තිබුනෙම උගුරක් හරි බොන්න .

" ඕවා සැරයිද බං ?? බිව්ව ගමන්ම වෙරි වෙනවද ?? බිව්වොත් බියර් ගද එයිද ?? "

තීනු තීර්ථගේ අතේ තියෙන බියර් ටින් එකක් පෙන්නන ගමන් ඇහුවා .

" එහෙම ලොකු අව්ලක් නැහැ උබ ඔය බොන්නද අහන්නේ ?? "

" උගුරක් බොන්න ආසයි "

" එහෙනම් බීලා බලපන් !! "

තීර්ථ තීනුට බියර් ටින් එක දික් කරද්දි තීනු බොනවද නැද්ද කියලා සිය දහස් වාරයක් කල්පනා කලා ඒත් කොල්ලෙක් උනාම බියර් එකක් බොන්න බැරි නම් වැඩක් නැති නිසා තීනු බියර් එක බොන්න කටට ලං කරද්දි තීනු දැක්කේ තමන් දිහා රවා ගෙන බලන් ඉන්න යුගාන්ව . යුගාන් ඉන්න නිසාම තීනු බියර් එකෙන් උගුරක් යුගාන්ට පේන්නම බිව්වා .

ටිකක් සැර ගතියක් නොතිබුනාමත් නෙමෙයි හැබැයි තීනු හිතපු තරම් අව්ලක් නැති උනු නිසාම තීනු බියර් එකෙන් තව උගුරක් බිව්වා . සැර ජාති තීනු මීට කලින් බීලා තිබුනෙම නැහැ . බියර් එකෙන් ටිකක් අමුතු සැර ගතියක් ආවත් ඒකෙන් අමුතු ආතල් එකක් තීනු ගත්තා . තීනු දිහා බලන් හිටපු යුගාන් තීනුටත් රවා ගෙනම තීනු ඇස් වලින් අහකට යද්දි තීනු තීර්ථගේ කරෙන් අතක් දා ගත්තා .

" අඩෝ මේක මරු බං හිතපු තරම් අව්ලක් නෑනේ ටිකක් සැරයි ඒත් මරු ඕයි !! "

" ඒකනේ උබට මං කිව්වේ ඒත් උබ එකකට වඩා බොන්න යන්න එපා අදමනේ බිව්වේ උබ !! "

" අහ් එල එල !! "

තීනු බියර් ටින් එකෙන් ආයෙම උගුරක් බොන ගමන් කිව්වේ කලින්ටත් වඩා චිල් එකෙන් . තීනුගේ අම්මා දන්නවා නම් තීනුගේ හපන්කම් තීනුගේ ඇට දෙකේ ඉදන් හමගනවා සත්තයි . හෙනම ආතල් එකේ තීනුයි තීර්ථයි බියර් එකත් බිබී ආයෙම නටන්න ගද්දි ටිකක් එහායින් ඉදන් නට නට බීපු යුගාන්ටයි සිතිජටයි ටිකක් වැඩි උනා . ටිකක් කිව්වට ටිකකුත් නෙමෙයි හැබැයි .

සිතිජ නම් හොදටම වැදිලා ඈන් ගැන කියව කියව ඩීජේ එක විරහවක් කරන්න හදපු නිසාම එතන හිටපු කොල්ලෝ ටිකක් සිතිජව උස්සන් ගිහින් පැවිලියන් එකෙන් දාලා ආවා . යුගාන් නම් අමුකු ඩුමුකු අමාල් ඩුමාල් කිය කිය භූමිතෙල් ගහපු ගැරඩියෙක් වගේ නටන්න ගත්තා . කොච්චර වැදිලා හිටියත් යුගාන් තමන්ගේ ආතල් එක නැති කර ගත්තේ නම් නැහැ .

" රාජ මාලිගේ .. පරවියා වgay ජීවිතේ මgay .. මම ගෙවනවා ... ඔහේ .. ඉපදුනාට පස්සේ තාම මං හඩාලා නැහ් ... හැඩුවත් මට කිසිම ... දිනෙක කදුලු එන්නේ නැහ් ..."

යුගාන් බියර් ටින් එකක් අතේ තියන් ප්ලේ වෙන සින්දුව කිය කියම තීනු ගාවට ආවා . යුගාන් සින්දුව කියනවට වඩා හාන නිසා තීනුටයි තීර්ථටයි යුගාන්ට ගහන්න නොහිතුනාමත් නෙමෙයි හැබැහි අසිහියෙන් ඉන්න උන්ට ගහලා චණ්ඩි වෙන්න තීනුටයි තීර්ථටයි ඕනේ උනේ නැහැ . අතේ තිබුනු බියර් ටින් එකේ අන්තිම උගුරත් බීලා දාපු යුගාන් හිස් ටින් එක තමන්ගේ ඔලුව උඩ තියා ගෙන තීනු දිහාවට හැරුනා .

" තීනු .. My dear .. one and only බිබික්කම ... You know my හදවත .. Always jumping for you .. !! My හදවත only ... want you .. !! You coming ... my life my ... happy is going !! You eating ... eating my life !! But i st..ill love..  you ... !! You ... not good ... you not .. good lover .. !! I give you .. ඇත්ත love ... But you give me ... නිකන් love .. !! You රිද්දනවා my ... හදවත !! Why you don't give me .. අවදානේ !! Remember ... පව් is coming ... your backpack !! You go අපායේ .. !! One day you go .. අපායේ !! "

යුගාන් කිව්ව කිසිම දෙයක් තීනුට තේරුනේ නැති උනත් කෙලින් කටින් ඉන්න බැරි තරමටම යුගාන් බීලා ඉන්නවා දකිද්දි තීනුට නම් තරහ ගියා . හොද හුස්මක් පිට කරපු තීනු යුගාන්ගේ ඔලුව උඩ තිබුනු හිස් වුනු බියර් ටින් එක අහකට විසික් කලා . යුගාන් තීනුගේ ඉස්සරහ හිට ගෙන හිටියත් හිටියේ දෙපැත්තට වැනි වැනි . යුගාන් දෙතුන් පාරක්ම කෙලින් ඉන්න බැරුව වැටෙන්න යද්දි යුගාන් කෙලින්ම බර උනේ ලග හිටපු තීර්ථගේ ඇගට .

" මූ රට බේබද්දෙක්නේ බං !! ශික් මූ ගාවින් එන ගද !! කොහෙද දන්නේ නැහැ මුගෙ අනිත් එකා "

තීර්ථ තමන්ගේ ඇගට හේත්තුව දාගෙන ඉන්න යුගාන්ට බනින ගමන් සිතිජටත් බනින්න ගත්තා . වෙරි මතේ සිතිජ බස් එකේ නැගලා ගෙදර ගියපු විස්තිය වත් කවුරුත් දන්නේ නැහැ . ඊට හපන් යුගන් !! සිතිජට බස් එකේ නැගලා ගෙදර යන්න හරි සිහියක් තිබුනත් මූට හිට ගෙන ඉන්න වත් හරි සිහියක් තිබුනේ නැහැ . මහ රෑ එකලහත් කිට්ටු ප්වෙලා ඩීජේ එක තිබුනු නිසා තවත් අය කැම්පස් එක ඇතුලේ රැදුනා .

ඒත් යුගාන් ඉන්න විදිහට ඒ අය එක්ක යුගාන්ව තනි කරන්න තීනු කැමති උනේ නැහැ . යුගාන්ව ගිහින් ගෙදරට භාර දෙන එක හොදයි කියලා හිතපු තීනු තමන්ගේ සාක්කුවෙ තිබුනු ෆෝන් එක අරන් වෙලාව බැලුවා . හොදටම රෑ වෙලා තියෙන නිසා දැන් ගෙදර යන එක තමන්ටත් ගුණයි කියලා තීනු හිතුවා .

"  සිතිජ ගැන දන්නේ නැහැ ඒත් යුගාන්ව අපි උන්ගේ ගෙදරට ගිහින් භාර දෙමුනේ නැත්තම් බීලා ඉන්න නිසා මූ වලියකට එහෙම සෙට් උනොත් ?? අනික මේකා සිතිජ වගේ නෙමෙයිනේ !! "

" උබ මොකද මේ කවදාවත් නැතුව මූව හුරතල් කරන්නේ ?? මට නම් බැහැ එක එකාව ගෙවල් වලට ගිහින් ඇරලවන්න "

තීර්ථ තමන්ගේ ඇගට හේත්තු වෙලා හිටපු යුගාන්ව තීනුගේ ඇගට තල්ලු කරන ගමන් කියද්දි තීනු යුගාන්ව තමන් ගේ උරහිසට බර කර ගත්තා . මොන දේ උනත් යුගාන්ව අතාරින්න පුලුවන් කමක් නම් තීනුට තිබුනේ නැහැ . හැබැයි යුගාන්ට උදව් කරන්න නම් තීර්ථ පොඩ්ඩක් වත් කැමති උනෙත් නැහැ .

" අඩෝ මොකක්ද ඕයි මොනවා උනත් යුගාන් කියන්නේ මට ආදරේ කරන එකා බං !! කොච්චර උනත් මට මූව මෙහෙම දාලා ඉන්න බැහැ !! "

" උබට බැරි නම් මූව හරහට අරන් වඩා ගෙන උබ මූව මුගෙ ගෙදරට ඇරලවපන් හැබැයි මං නම් එන්නේ නැහැ තීනු මොකද මට මූව දිරවන්නේම නැහැ !! "

තීර්ථ තමන්ගේ අත් දෙකත් හරහට බැදන් කියද්දි තීනු තමන්ගේ තොල් තද කර ගනිමින් තීර්ථ දිහා බැලුවා . තීර්ථ යුගාන්ට අකමැති නිසා කොහොමත් තමන්ට උදව් කරන්නේ නැති වග තීනු හොදාකාරවම දැනන් හිටියා .

" හරි බැරි නම් කමක් නැහැ උබ හිටපන් මං යුගාන්ව දාලා එන්නම් "

තීනු යුගාන්ව තමන්ගේ කරට තව ටිකක් වාරු කර ගෙන යන්න හදද්දි තීර්ථ ආයෙම තීනුට කතා කලා .

" මූව දාලා අපේ ගෙදර වරෙන් මේ මහ රෑ උබ උබලගෙ ගෙදර ගියොත් අම්මට සැක හිතෙයි මම ඇන්ටිට කෝල් එකකුත් දාන්නම් "

" හ්ම්ම් තෑන්ක්ස් බං !! "

තීනු තීර්ථ දිහා බලලා කියද්දි තීර්ථ තීනුගේ උරහිසින් තට්ටුවක් දැම්මා . අඩ සිහියෙන් ඉන්න යුගාන්ව තීනු කැම්පස් එකේ ගේට් එක ගාවට එනකල් හරි අමාරුවෙන් එක්කන් ගියා . ඔක්කොටම වඩා යුගාන් බීලා කියවන එක අහන් ඉදලා තීනුට සසර කලකිරුනා . ගේට් එක පහු කරපු ගමන්ම යුගාන් තීනුගෙන් ඈත් වෙලා කැම්පස් එකේ තාප්පයක් බදා ගනිද්දි තීනු යුගාන්ගේ අතින් ඇදලා යුගාන්ව ඇදලා ගත්තා .

" තීනු .. බබා .. තමු..සෙ හෙන ලස්..සනයි .. හරියට ... වව්ලෙක් වගේ .... !! "

" කට වහ ගන්නවා යුගාන් මට ඔලුවේ අමාරුව හදන්නේ නැතුව !! "

තීනු යුගාන්ගේ ඔලුවට පාරක් ගහලා කිව්වත් යුගාන් කලේ පිස්සෙක් වගේ හිනා උනු එක .

" මාගේ ... ආදරයේ නාමයෙන් .. මේ මොහොතේදී .. මම කනවා .. තමු..සෙගෙ කට .. !!

යුගාන් තමන්ගේ තොලුත් උල් කරන් තීනු ගාවට ලං වෙද්දි තීනු යුගාන්ගේ පපුවට අත තියලා යුගාන්ව අහකට තල්ලු කලා . යුගාන් දැන් ඉන්න හැටි දැක්කම කට වල් කා ගහන්න නෙමෙයි තීනුට යුගාන්ව බිම දාගෙන නෙලන්නයි ඕනේ උනේ . යුගාන් බීලා ඉන්න නිසාම තීනුට ටිකක් යුගාන්ව කන්ට්‍රෝල් කරන්න අමාරු උනා . යුගාන් එන්න එන්නම තමන්ගේ තොල් දිහාවට ලං වෙද්දි තීනු එක පිම්මට යුගාන්ව තල්ලු කරලා යුගාන්ගේ කනට එකක් ගැහුවා .

" තෝ සිහියෙන් ඉද්දිත් කරන්නෙත් වල්කම් අසිහියෙන් ඉද්දිත් කරන්නෙත් වල්කම් !! උබ මහ වල් සතෙක් !! අහකට පලයන් මගෙන් වනචරයා !! "

තීනු කොච්චර යුගාන්ට කෑ ගහන්න ගත්තත් යුගාන් ආයෙම තාප්පෙට හේත්තු වෙලා තාප්පෙ බදා ගෙන පිස්සෙක් වගේ හිනා වෙන්න ගත්තා . යුගාන් ගාවට ලං උනු තීනු යුගාන්ගේ කනෙන් අල්ල ගෙන පාර දිහාවට ඇවිත් වීල් එකක් අල්ල ගන්න ට්‍රයි කලා . මේ මහ රෑ පාරේ බසුත් නැති එකේ යන්න තිබුනු එකම විදිහ උනේ ඒක . ඒත් ගොඩක් රෑ වෙලා තිබුනු නිසා වීල් එකක් උනත් පාරේ පේන මානෙක තිබුනේ නැහැ .

ඒක නිසාම තීනු uber එකෙන් වීල් එකක් දාලා යුගාන්ගේ විකාර දිහා බල බල හිටියා . යුගාන් බීලා හිටියත් කියෙව්වේ තමන් තීනුට කොච්චර ආදරෙයිද කියලා විතරයි . හැබැයි තීනුට යුගාන් ගැන දුකත් හිතුනා මොකද තමන් හවස ඩීජේ එක වෙලාවෙදි යුගාන්ට බැන්නත් යුගාන්ව කොච්චර රිජෙක් කලත් යුගාන්ගේ හිතේ තමන් වෙනුවෙන් තියෙන ආදරේ එක දශමයකින් වත් අඩු වෙලා නැති නිසා .

ඒ අතර uber එකෙන් දාපු වීල් එකත් කැම්පස් එක ගාවට එද්දි තීනු යුගාන්ව තමන්ට වාරු කර ගෙන වීල් එකට යුගාන්ව නග්ග ගත්තා . ඩ්‍රයිවර්ට ලොකේශන් එකත් ශෙයා කරපු තීනු සීට් එකට හේත්තු වෙද්දි යුගාන් පොඩි එකෙක් වගේ තීනුගේ පපුවෙන් ඔලුව තියා ගත්තා . ඒත් තීනු යුගාන්ව තමන් ගෙන අහක් නොකරම තමන්ගේ ඇගිලි තුඩු යුගාන්ගේ කොණ්ඩෙ කෙස් අතරින් යවා පිරිමදින්න ගත්තා ...

To be continue

_________________________________________

ඊලග චැප්ටර් එකේදී තීනු සප්‍රයිස් වෙන්න යන්නේ 🌚

මෙයාලා ජීවීතේට කට වල් කන්නේ නැහැ හලෝ ඒක නිසා බලන් ඉන්න එපා

හේහේ

ඊලග චැප්ටර් එකෙන් හම්බ වෙමු

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Seguir leyendo

También te gustarán

1.8K 244 7
දගකාර මුරන්ඩු හිත් දෙකකුයි දඩබ්බර ආදරනීය හිත් දෙකකුයි එකතු උනොත්...ඒක කොයි වගේ තියෙයිද..♡ මේ එයාලගෙ කතාව♡ ʏɪᴢʜᴀɴ ᴛᴏᴘ- ʏɪʙᴏ ʙᴏᴛᴛᴏ- ᴢʜᴀɴ ᴛᴀᴇᴋᴏᴏᴋ ᴛᴏᴘ...
34.8K 799 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Koneko), best friend (Ayumu), and mom (Kaede...
66.3K 10.3K 92
ඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook FanFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka...
19.4K 604 53
˚ ༘ ❃ ·˚ ₊˚ˑ༄ 𝗬𝗢𝗨𝗥𝗘 𝗟𝗢𝗦𝗜𝗡𝗚 𝗠𝗘 𝘿𝙔𝙇𝘼𝙉 𝙃𝙊𝙁𝙁𝙈𝘼𝙉 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 the childhood best friends ...