" එහෙනම් මං ගිහින් එන්නම් පුතේ....ආයේ ඉතිං ඊළග අවුරුද්ද වෙනකං මට මේ පැත්තෙ එවෙන එකක් නැති වෙයි....."
" අනේ එතකොට......."
තව මාස තුනක් යනකං මාමා කොළඹ එවෙන්නෙ නෑ කියලා කිව්වම නම් මට ඇත්තටම හුඟක් දුක හිතුනා....
" අහ් හා නහයෙන් අඩන්නැතුව හිටපං බං.....මං නැන්දත් එක්ක කොළඹ ඇවිල්ලා යන්න එන්නංකෝ....."
" අන්න එහෙම ඉන්නකො රන්දිලු.....අර වගේ එව්වා කිව්වම මට දුක හිතෙනවනේ ඒයී......"
මං අත් දේකේ ඇගිලි දෙකත් එකට මූට්ටු කරගෙන මාමා ඉස්සරහා පොඩි එකා වෙනකොට මං බලාගෙන සහස් මං දිහා බලලා හිනා වෙච්ච විදිය..... කවුද කියන්නේ මායම් හැට හතරක් තියෙන්නේ කෙල්ලොන්ට විතරයි කියලා....මායම් නම් ඉතිං මේ මාත් දාන්නංකො ආයේ පැත්තම හැදි ගෑවිලා යන්න...
" මෙතන හුරතල් නොවී ඉදපං රෙහාන්...."
" මං ඔයත් එක්ක හුරතල් වෙන්නැතුව වෙන කාත් එක්ක හුරතල් වෙන්නද අනේ......"
" උඹට නම් තියෙන්නෙම අපේ අක්කගෙ ගතිගුණ....."
මාමා හිනාවෙවී ඒ කතාව කිව්වට මොකද ටික වෙලාවකින් එයාම ඒ මාතෘකාව වෙනස් කරලා දැම්මා...
" එහෙනම් මං ගිහින් එන්නම් කොල්ලො....තව වෙලා හිටියොතින් එහෙම මට බස් එකත් මිස් වෙනවා....."
" බස් එක මිස් වුනාට කමක් නෑ ඒයී....අපේ සහස් පුතා ඔයාව ගිහින් ඇරලවයි...නැද්ද සහස්......"
මං එහෙම සහස්ගෙන් අහනකොට එයා දැනෙන නොදැනෙන ගානට අපේ මාමා දිහා බලාගෙන හිනා වුනා....
" මෙන්න මෙහෙ විකාර නොකර හිටපං රෙහාන්..... මං ගිහින් එන්නම් පුතේ...."
ඊළග පාර නම් මං ගිහින් එන්නම් පුතේ කියලා අපේ රන්දිලු කිව්වේ මේ මටවත් මගේ හංසයටවත් එහෙම නෙවෙයි.... අර ලගදි හම්බ වෙච්ච ගොටු දෙකට තමයි මාමා මේ පාර හරි ආදරෙන් ගිහින් එන්නම් පුතේ කියලා ආමන්ත්‍රණය කරේ...
" පරිස්සමින් ගිහින් එන්න මාමේ....නැන්දවත් මතක් කරා කියන්න...."
අද හෙටම මේ මහිමයා මගේ පුතා පට්ටමටත් කෙළලා අරී වගේ....ඇයි වදේ මෙතන මං කියන්න ඕන දෙබස් ටික මූ කිව්වම ආයේ මං කියන්නෙ මුගේ අහවල් එක ගැනද.....
" මේ මහිම අයියෙ...ඔයා දැන් ඕනාවට වඩා වැඩී හරිද...මට පේනවා තමුසෙ ඔය කුමන්ත්‍රණය කරන්නේ මාව සීන් එකෙන් කපලම දාන්නනේ....."
" උඹට ට්‍රැක්ද බං...."
" හරි හරි ඔහොම යමංකො ලොකු අයියේ....වෙලාව ආවම මේ මාත් උඹට ගානට කොකා ගස්සන්නං හොඳේ......"
මහිම උගෙ ඔලුවත් දෙපැත්තට වනලා මාමාට ඇවිල්ලා වදිනකොට සහසුත් ඒත් එක්කම වගේ මගේ මාමාට වැන්දා......
" විභහගෙ ඉවර වුනාට කමක් නෑ කොල්ලො....එහෙ මෙහෙ රස්තියාදු ගහන්නැතුව තමන්ට ප්‍රයෝජනවත් වැඩක් කරගන්න ඕනේ හරිද...."
" හරි මාමේ......."
ඕකනේ ඉතිං අපේ මාමා එක්ක කරන්න බැරි.....වැඩිම වුනොත් දවසයි දෙකයි එයාව කවුරු හරි ආශ්‍රය කරන්න ඕනේ..එතනින් එහාට එයා තමයි අපි කාගෙත් පියා......
" එහෙනම් මං ගිහින් එන්නම් පුතේ....අහ් තව දෙයක් .....ඔය නිතර දෙවේලේ කඩ කෑම ගිලින්න තියාගන්න එපා රෙහාන්.... තේරුනාද....."
" තේරුනා සුදු.....කන්න නැති වුනොත් මං එහා පැත්තේ වත්තට පැනලා කොස් ගෙඩියක් හරි ලෙහාගෙන කන්නංකො..."
" උඹට කියන කට හොදයි මං ගිහින් බිත්තියක උලා ගන්නවා....."
" එපා එපා රන්දිළු....මොනවා වුනත් ඔයා තාම පණ පිටින් ඉන්නේ ඔය කට හින්දනේ...."
" අනේ මේ මං යනවා බං යන්න...මූත් එක්ක හිටියොත් මට බස් එකත් මිස් වෙනවා....."
" මාමේ....."
" ඒ පාර මොකද....."
" නෑ....මේකයි මට ඔයාගෙන් දෙයක් ගැන අහන්න ඕනේ...."
" ම්ම්...... අහන්න...."
" මේක මෙතනට කොහෙත්ම අදාලත්වයක් නැතුව ඇති....ඒත් මාමේ....මට අහන්න ඕන වුනේ මෙච්චරයි.... ඔයත් මං ගැන පසු තැවෙනවද...."
මං ඒ අහපු ගොබ්බ පහේ ප්‍රශ්නෙ හින්දා මගේ මාමාගේ මූන සම්පූර්නෙන්ම වගේ වෙනස් වෙච්ච විදිය මං හොඳටම දැක්කා....
" ඇයි පුතේ උඹ ඒ වගේ දෙයක් ඇහුවේ......"
" බැරි වෙලාවත් මගේ අතින් වැරැද්දක් එහෙම සිද්ද වුනොත්.....එදාට ඔයත් මාව පිළිගන්න එකක් නැති වෙයිද මාමේ....."
" පුතේ මේ අහපං.... උඹ මෙච්චර කාලෙකට කිසිම වැරැද්දක් කරලා නෑනේ රෙහාන්....ඉස්සරහටත් උඹ මටයි නැන්දට යි පසු තැවෙන්න වෙන විදියෙ වැඩ කරන්නේ නෑ කියලා මට විශ්වාසයි.... අනිත් එක තමයි උඹ මොන වැරැද්ද කරත් මට උඹව අත ඇරලා දාන්න පුලුවන් කමක් නෑ රෙහාන්..... පුතේ මං උඹේ මාමා.... මොනවහරි දෙයක් තියෙනවනම් ඒ ගැන මට කෙලින්ම කියපං... මොකද උඹට මට කියන්න බැරි දෙයක් ඇත්තේ නෑනේ බං....."
" එහෙම මුකුත් නෑ මාමේ...මං මේ ඒක නිකමට වගේ ඇහුවේ....ඇරත් මං කොහොමත් ගෙවන්නේ සෙල්ලක්කාර ජීවිතයක්නෙ...... එහෙම එකේ මං ගැන විශ්වාසයක් ඇති වෙයි කියලා මට හිතාගන්න අමාරුයි...."
" කොච්චර කොහොම සෙල්ලක්කාර වුනත් උඹ අවශ්‍ය තැනට අවශ්‍ය දේ කරන්න දන්නවා රෙහාන්....ඒ හින්දා මට උඹ ගැන තඹ දොයිතුවකවත් අවිශ්වාසයක් ඇත්තේ නෑ.... එකේක මනස්ගාත හිතන එක දැන්වත් නවත්තපං.... "
මං මාමා එක්ක කතා කරපු හැම දෙයක්ම වගේ එතන හිටපු හැමෝම හොඳට අහගෙන හිටියා...ඒ වගේම තමයි මං ඒ කතා කරේ මොකක් සම්බන්ධවද කියන එකත් එයාලට හොදට තේරුම් යන්න ඇති....
" හරි හරි මාමා දැන් පරිස්සමට ගෙදර යන්න.....අන්තිම මොහොතේ මං ඔයාගේ ඔළුවත් අවුල් කරාද මන්දා....."
" උඹ එක්ක ඉන්නවා කියන්නේ ඉතිං කොහොමත් මන්යන් වෙලා තමයි නවතින්නේ....."
" මාමේ......! "
" කන බං කන....."
සහස්ගෙ දෙබස අපේ මාමාත් මට ඒ විදියටම කියනකොට සහස් ඒකාගේ තොල හපාගෙන බිම බලාගත්තෙ අර කොච්චර වුනත් උද්දච්චකම අත අරින්න තියෙන අකමැති කමට අනිත් අය උගෙ හිනාව දකී කියන බය හින්දා වෙන්න ඇති....
" කේතකීවත් මතක් කරා කියන්න ඒයී.....ඊළග පාර එනකොට එයාවත් එක්කගෙන එන්නකො...."
" ම්ම් ම්ම්ම්... මං යනවා බං..... නැන්දත් ගෙදර තනියම නේ...."
" හරි මාමේ... පරිස්සමෙන්.... ජේසු පිහිටයි....."
" හරි කොල්ලො උඹත් පරිස්සමින් හිටපං.... අනවශ්‍ය වැඩ කරලා මගෙන් ගුටි කන්න එපා හරිද.... ඔය සේරටම ඇහෙන්නත් එක්ක තමයි මං කිව්වේ...."
ඉස්සර නම් කෙලින්ම මරණ තර්ජන එල්ල වුනේ මට..දැන් ඒකට හරියන්න අපේ රන්දිලුගෙන් අපි හැමෝටම රතු නිවේදන අඩුවක් නැතුවම හම්බවෙනවා...
" ගිහින් එන්නම් පුතේ....ජේසු පිහිටයි....."
මේ ගෙවිච්ච පැය කාලටම මාමාගෙ කටින් දහ පහලොස් වතාවකටත් වඩා මං ගිහින් එන්නම් පුතේ කියන වාක්‍ය පිට වෙන්න ඇති...ඔය කිව්වට ඔයාටත් මෙහෙන් යන්න හිත දෙන්නේ නෑ කියලා මං දන්නවා රන්දිළු.... ලැජ්ජාව පැත්තකට දාලා ඕක කිව්වනම් ඉවරනේ......
අපි හැමෝගෙම ඔලුව අත ගාපු මාමා ගෙදර ගේට්ටුවෙන් එලියට යනකොටම අර පුංචි කාලේ වගේ දුවලා ගිහින් යන්න එපා මාමේ කියලා එයාගේ කකුල් දෙක ගාව වාඩිවෙන්න හිතුනත්.....ඒ දේවල් කරන්න දැන් මං ලොකු වැඩී කියලා මට තේරුම් යනකොට හිතට ඇති වුනේ ලොකු වේදනාවක්....ඇයි මං ලොකු වුනේ.....අර හිටපු විදියටම හිටියනං මට අදටත් මගේ මාමාගෙ ඔඩොක්කුවට පැනලා එහෙම්මම එතන නින්දට වැටෙන්න තිබුනා....
" මාමා හරි පුදුම මනුස්සයෙක් රෙහාන්... "
ඒ කතා කරේ මහිම අයියා....
" ඇයි අයියෙ එහෙම කියන්නේ......"
" නෑ ඉතිං....අද කාලේ මිනිස්සු තමන්ගේ දරුවන්ට වත් හරියට සලකන්නැති එකේ කිසිම සම්බන්ධයක් නැති අපිට මාමා සලකන විදිය දැක්කම නම් ඇත්තටම මට ඒ මනුස්සයා ගැන පුදුමත් හිතෙනවා බං....."
" දෙවියොත් හරිම අසාධාරණයි අයියේ....වටිනාකමක් තියෙන තැන් වලට දේවල් නොදී නුසුදුසු තැන් වලට ඒ හැම දෙයක්ම ගිහින් බාර දෙනවා....."
" කොච්චර හොඳ මනුස්සයෙක් වුනත් හැමදේම තීරණය වෙන්නේ කර්ම පලයත් එක්ක චූටි....."
" ඒක මං නොදන්නවා නෙවෙයි අයියේ...ඒත් නිකමට හිතන්නකො.... අපේ මාමාටත් එයාගෙම කියලා දරුවෙක් හිටියනම් ඒ ලමයා අද කොච්චර සතුටින් ජීවත් වෙන්න ඉඩ තිබුනද....එහෙනම් මං අනිවාරෙන්ම මාමාව බෙදා ගන්න බැරුව ඌත් එක්ක මරා ගනීවී......"
හිනා වෙවී කිව්වට මොකද මං ඒ කතාව කිව්වේ මගේ මුලු හදවතින්මයි.... බැරි වෙලාවත් මගේ මාමාට තව දරුවෙක් හිටියනම් එහෙම මං තරම් ඒ ගැන ඉරිසියා කරන එකෙක් මේ මුලු ලෝකෙටම නොහිටින්න ඉඩ තිබුනා....
" ඇතුලට යමු රෙහාන්...... අද හවස මෙහාට අමුත්තෙක් එන්න ඉන්නවා...."
" කවුද...."
" ආවම බළාගනිං...."
" අනේ අයියේ කවුද කියන්නකො..."
" දැන් සැරයක් කිව්වනෙ...ආවම බළාගනිං..."
" මහ නරකයි අප්පා.....ඒ නවෝද්...කවුද බං ඒ...."
" යකෝ ඒක මගෙන් අහන්නේ මං දන්නවද කවුද එන්නෙ කියලා......"
" එතකොට දැන් උඹ ඒ ගැන මුකුත්ම දන්නේ නෑ....එහෙමද කියන්නේ...."
" ඔව් බං ඔව්....මං දන්නේ නෑ....."
" ෂුවර්ද...."
" රෙහාන් මේ....මට කියලා ඔය දත් ඇන්ද බඩට යවා ගන්න එපා හරිද....."
" යකෝ මූ......"
මගේම ගෙදර ඉදගෙන මට සද්දෙ දාලා ගේ ඇතුලට ගියපු නවෝද් දිහා මං බලාගෙන කල්පනා කරේ ඔය කියන අමුත්තා කවුරු වෙන්න ඇතිද කියන එක වෙනකොට මගේ මොලේට ආපු මහ භූත උත්තරයක් හින්දා මං එතනම බිම වාඩි වෙලා මගේ ඔලුවට අත ගහ ගත්තා....
" දෙයියනේ ඔය එන්නෙ අපේ මාමණ්ඩියා නම් මං මොකද කරන්නේ සඳමාලි....."
එන්නෙ මොකාද කියලවත් හරියට දන්නේ නැතුව අපේ සහස්ගේ අප්පොච්චි මගේ ගෙදරට ඇවිල්ලා ඒ මදිවට තව බ්ලෑන්ක් චෙක් එකකුත් දීලා ඕක අරගෙන මගේ පුතාගෙන් ඈත් වෙයං කියලා මගේ ඔළුවට පිස්තෝලෙත් තියලා තර්ජනය කරනකොට සහස් ඒක මැද්දට පැනලා මැරුවත් මං මූව අත අරින්නෙ නෑ වගේ හෙන දඩ ලයින් එකක් දෙනකොට පැත්තකින් දිල්වාලෙ එකේ සිංදුව ප්ලේ වෙනවා සාන්ත......හනේ...හරිම ආදරණීයි.......
" රෙහාන්......."
මං හිතන්නේ මං මෙච්චර කාලෙකට ගහපු සුපිරිම මනෝපාර ඒක....
" රෙහාන්......."
එක්කොත් සහස්ව අත අරිනවා කියලා මං අර බ්ලෑන්ක් චෙක් එක අරගන්නවා....ඊට පස්සේ මං මගේ කටුස්සත් එක්ක රට ගිහින් ලිවින් ටු ගෙදර් ඉන්නවා....
" රෙහාන් උඹේ කන ඇහෙන්නේ නැද්ද බං....."
ඇයි මං ලිවින් ටු ගෙදර් ඉන්නෙ..... පිට රටවල් වල කොහොමත් ඔව්වා අවුලක් නැති එකේ ග්‍රෑන්ඩ් හොටෙල් එකක මං මගේ වෙඩිම ආයේ සුපිරියටම ගන්නවා....ආ...ආව්..... අයියේ......
" මොන ලෝකෙද බං ඉන්නේ....මං දැන් කී පාරක් උඹට කතා කරාද....."
" මං මගේ වෙඩින් එක ප්ලෑන් කරා අනේ....."
සහස් මං දිහා බලාගෙන ඉන්න විදියටනම් මට ඇත්තටම දැන් බය හිතෙනවා සාන්ත...
" කේන්ති ගන්න එපා අයියේ.... එන්න.....අපි දැන් ඇතුලට යමු....."
හෙන ස්වීට් වොයිස් එකකින් මං එහෙම කියනකොට සහසුත් මගේ පස්සෙන්ම ගේ ඇතුලට එන්න ආවා...... අපරාදේ මගේ වෙඩින් එක...මුද්ද දාන්න විතරයි අයියේ තිබ්බේ...ඇයි ඔයා ඒක මැද්දට පැනලා මගේ වෙඩිම කඩාකප්පල් කරලා දැම්මේ.... අපරාදේ මගේ කෝටි ගානක මනෝපාර...ආයේ ඉතිං ඇඳට ගියාම තමයි ඕකෙ ඉතුරු ටික කන්ටිනියු කරගෙන යන්න වෙන්නේ....
" රෙහාන්....."
" මේ එනවෝ...."
අනේ මන්දා මුන් සේරම එකයි...ඊලග පාර සහස්ගෙ බර්ත්ඩේ එකට මන් මගේ ගානේ අයියට අර්ෂස් අමාරුවට බොන බෙහෙතක් අරං දෙනවා...නැත්තං ඉතිං මේක හැමදාම කරන්න පුලුවන් මගුලක් නෙවෙයිනේ....
හායි ♥️