Angry Bird & Crazy Cat✔️

By FrostJessica6

1.5K 175 7

පූසෝ ඇලජික් කුරුලු හිතකාමී කොල්ලෙක් කුරුල්ලෝ ඇලජික් පූස් හිතකාමී කෙල්ලෙක් More

Intro
<1>
<3>
<4>
<5>
<6>
<7>
<8>
<9>
<10>
<11>
<12>
<13>
<14>
<15>
<16>
<17>
<18>
<19>
<20>
<21>
<22>
<23>
<24>
<25>
🔥End💫

<2>

53 9 2
By FrostJessica6

වේටර්ට එහෙම කියලා කන්නාඩියා මගේ එහා පැත්තෙන් වාඩි උනා.....උනායින් උනේ නෑ මෙහෙම දෙයක්...

🔥 ඉතින් මිස් දුවලා මහන්සිද

මහන්සි නිසානේ මෙතෙන්ට ආවේ කව්ද මේ කන්නඩියත් මෙතෙන්ට එයි කියලා....
මගේ වාසනාවට වගේ ඒ මනුස්සයට කෝල් එකක් ආවා....මම ඉතින් ආයෙත් සැරසේන් එලවේන් යා තමයි






👩 මොකද ලමයෝ මෙච්චර පරක්කු උනේ....ෆේත් ඔයාගේ බෑග් එක තියලා ගියා....මම ඒත් බය උනා පරක්කු වෙද්දි

ගෙදරට අඩිය තියද්දිම මව් යානාව එයාගේ අනසක පතුරන්න පටන් ගත්තා.....අපේ අම්මට මන් මොනා කරත් වැරදියි අර ග්ලූකෝස්කාරයා (ලූකස්) මදුරුවෙක් මැරුවත් අම්මාට ඒක ලොකූ දෙයක්....අසාදාරන ලෝකයක්

💫 මට යාලුවෙක් හම්බුනා මමියෝ ඒකයි පරක්කු උනේ

👩  මැරතන් දිව්වද හති දාන්නේ

💫 එහෙම නෑ මමියෝ.....

👩 ශිහ් දාඩිය ගද .....ගිහිල්ලා නා ගන්නවා....අනික මමී ඩමී ගාන්න එපා මම ඕවට ආස නෑ

💫 හුහ් අර සීනිකාරයා මොනා කිව්වත් හොදයි

අම්මට කිස් එකක් දීලා මම එහෙම්ම වොශ් රුම් එකට කිව්වේ අම්මා කිව්වත් වගේ මම දාඩිය නාන් ඉන්න නිසා.....ඔයින් ගියා මදැයි...
මම නාන්න යද්දිම මම දැක්කා මගේ කුචි කුචි සප්ට් බබා කුස්සියේ දොයියන් ඉන්නවා නෑම වගේද මගේ හුරතකේ

💫 සිල්වෙස්ටර්......

සැපට නිදාගෙන හිටිය පූශ්ව වඩාගෙන මන් සාලේ සෝපා එකෙන් වාඩි උනා....මගෙ පනත් හරි සිල්වෙස්ටර්ත් වගේ මගේ වන් ඇන්ඩ් ඔන්ලි ලව් එක තමා මගේ පූසා...කුචි කුචි සප්ට්

👩 ජානා ......මගෙන් ගුටි නොකා ඔය පූසාට පාඩුවේ ඉන්න දීලා නාගන්නවද

මව් යානාව කියන දෙයක් නොකර ඉන්න බෑනේ...  අපේ අම්මා කොහොමත් මගෙයි සිල්වෙස්ටර්ගෙයි සම්බන්දෙට බකට් දානවා....මායි සිල්වෙස්ටර්යි ඇදේ නිදාගන්න එකට බකට් දැම්මෙත් අම්මා...හුහ්හ්









@ Next day

අලූත් දවසක් අද තමා අලුත් ගනන් සර් එන්නේ.....හොද ආතල් එකක් ගන්න පුලුවන්

⭐️ ජානා ඔයා අද එනවද???

💫 මගේ වස්තු කැටේට බායි කියලා එන්නම්ම්

💛 ඔය පූසාව ඕනවට වඩා ලන් කරගන්න එපා

💫 ඒ මගේ ලව් එකනේ

සිල්වෙස්ටර්ට කිස් එකකුත් දීලා ෆේත් කායි දෙන්නත් එක්ක මම පාරට බැස්සේ ඉස්කෝලේ ‍යන්න....යන ගමන් සිද්ද උන දේත් ඒ දෙන්නට විස්තර කර කර ආවා....අපි අතරෙ රහස් නෑනේ

⭐️ උබ නම් ලගදි හොද කෑමක් කනවා ජානා

💛 හොද වෙලාවට ඒ මිනිහට කෝල් එකක් ආවේ නැත්තම් මොනවයින් මොනා වෙයිද දන්නෑ

💫 මොනා වෙන්නද....මට පොඩ්ඩක් බනියි එච්චරයි

⭐️ පොඩ්ඩක්?? උබ නම් අනේ මන්දා බං

💛 අද අලුත් ගනන් සර් කෙනෙක් එනව නේද

⭐️ එයාටත් අබ සරනයි

ඉස්කෝලේ කාර් පාර්ක් එකේ හොදට පුරුදු කාර් එකක් තිබ්බා.....උම්ම්ම් කොච්චර කල්පනා කරත් මගේ ගොං මොලේට ඒ කාර් එක කාගෙද කියලා මීටර් උනේ නෑ....බොරුවට මොලේ වෙහෙසන්නේ නැතුව පන්තියට ගිහිල්ලා ඉදගත්තේ මගේ අලුත් ඉලක්කය එනකල්

💛 හෝම් වර්ක් කරන් ආවද

⭐️ ඔව්

💫 මම පොත ගෙනාවෙත් නැද්ද මන්දා

⭐️ උබ ඉතින් ගේන්නේ එක පොතයිනේ....ඔක්කොම ලියන්නේ ඒකනේ

💫 හී හී

💛 අන්න අලුත් සර්

පන්තිටම නිශ්ශබ්ද උනා....මම ලාවට ඔලුව උස්සලා බැලුවේ මගේ අලුත් ඉලක්කය කවුද කියලා.....
කලු පාට හොදට පොලිශ් කරපු සපත්තු
ඒ පාටටම හරියන කලිසම
සුදු ශර්ට් එක උඩුන් ඇදපු කලු කෝට් එක
කන්නාඩි වලින් වැහුන....කන්නාඩි!!!!
කාර් එකේ අයිතිකාරයා කව්ද කියලා
අලුත් සර් දැක්ක ගමන්ම මට මීටර් උනා.......අද ඇදේ අනික් පැත්තෙන්ද මන්දා මම නැගිටලා තියෙන්නේ

🔥 ගුඩ් මෝනින් ලමයි
මම ඩිලන් රෝවියන්ස්
ඔයාලගේ අලුත් ගනන් සර්
ඒ වගේම මගේ පීරියඩ් එකේ කිසිම විකාර වැඩක් වෙනවට මම කැමති නෑ

ආව ගමන් පන්තියටම සද්දේ දාලා ඩයල් එක වටේම බැලුවා.....මාව දැකකා චුට්ටක් එයාගේ ඇස් ගැස්සුනා බය උනාද දන්නෑ....බය නොවුනත් බය වෙන්න වෙයි

🔥 කව්ද මොනිටර්

🧚🏼‍♀️ මම සර්

🔥 ගනන් පොත් ටික එකතු කරන් එක්ක....ක්ලාස් එකේ තිස් අටක් ඉන්නවා අද දෙන්නෙක් ඇවිල්ලා නෑ පොත් තිස් හයක් නොතිබ්බොත් මම දඩුවම් කරන්නෙ ඔයාට

ය්කෝව් පලිගන්නවා කියකා ඔහොමත් පලිගන්නවද....මගේ පොතේ විශයන් ඔක්කොගෙන්ම ටික ටික තියනවා

🧚🏼‍♀️ ජානා පොත දෙන්න

💫 ගෙනාවෙ නෑ

🧚🏼‍♀️ බොරු නොකියා දෙන්න

💫 ගෙනාවේ නෑ

🧚🏼‍♀️ සර්....

💫 ආ ආ ගනින්

වෙන දෙයක් බලන් ඉන්න තමා තියෙන්නේ ..... අපේ ක්ලාස් එකේ මොනිටර් කියන්නේ ටීචර් ලගේ හොදම ලමයා හුහ්

Continue Reading

You'll Also Like

33.1K 4.7K 38
සහෝදරත්වයෙන් බැදුන චණ්ඩි කෙල්ලො සෙට් එකකට හම්බවෙන දගම දග කොල්ලො සෙට් එකක්..........රණ්ඩු අතරින් හිනා වෙන පිස්සු කොල්ලො කෙල්ලො සෙට් එකක්........ජීවිත...
2.5K 570 10
කිදුරු දඩයක්කරුවන් ලග හැදුන කිදුරු කුමරිය
10.9K 2.3K 16
A craZy Girl how build her life enjoyable ❤️ හිනා වෙන්න ඕන අය කියෝලා බලන්න.... 😂💔 මෙය ෆෑන්ෆික්ෂන් එකක් නොවන ෆෑන් ෆික්ෂන් එකක් බව ඔබට කියවා අවබෝධ කර...
23.5K 3K 33
මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover by silvermirror23 Start : 30th April 20...