👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

By ChenQing4

43.1K 6.1K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... More

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 10 🌺👑

646 132 108
By ChenQing4

මං එයා ළඟින් දිගා උණේ ඇයිද කියලා මටම හිතා ගන්න බැරි උණා...

"ස්..ර්.."

ඈතින් ඇහෙන ගෙම්බෙක්...රැහැයියෙක් කෑ ගහන සද්දේ ඇරුනම වටපිටාවම නිහඬ නිසාදෝ...මට දැනුණේ එයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ කන් අස්සෙ දෝන්කාර දෙන බවක් වෙද්දි...අට්ටාලෙන් පහල පැද්දී පැද්දී තිබුණ එයාගෙ දිග කකුලක් හිටි හැටියේ මගෙ කකුලක පැටලිලා යද්දි මං එයා දිහා බැලුවේ බයවෙලා...ඇහුණ සද්ද දෙක තුනත් නෑහිලා යද්දි කණට වඩා පපුවට දරන්න බැරි තරම් අපි හුස්ම ගන්න සද්දේ වටපිටාවේ නිහඬබව බිඳලා යද්දි...එකට පැටලුණ දනිහෙන් පහල නිරුවත් කකුල් එක්ක අපි දෙන්නා තේරුම් ගන්න බැල්මකින් ඔළුව විතරක් හරවන් එකිනෙකා දිහා අඳුරට හුරු උණ ඇස් වලින් බලන් හිටියා...

"ඇයි...අද දුකින් උයා...වෙනදා වගේ...නෑ....ගුඩක් වෙනස්... silent වෙලා..."

එකට පැටලුණ බැල්ම එක්ක සෑහෙන වෙලාවක් යද්දි එයා මගෙ කකුලත් එක්ක තිබුණ පටලැවිල්ල ලිහා ගන්න ගමන් වැල මිට උඩ ඔළුව තියන්ම මගෙ පැත්තට හැරුණා..ඒ විතරක් මදිවෙලා,මගේ පියවි සිහිය එක්ක සෙල්ලම් කරන ගමන්, මගෙ ඉන වටේ අත යවලා...මාවත් එයා දිහාට හරව ගත්තා...ගෙදර පලයං කෙනුළයෝ කියලා මොලෙන් පණිවිඩ පිට පණිවිඩ රතු එළි එක්කම එවද්දීත්... ගින්දරට ඇදෙන පළගැටියා වගේ...මිරිගුවක අතරමං උණ මුවෙක් වගේ...මට එයා ළඟ...ඒ උණුහුම දැනෙන නොදැනෙන මානෙ ඉන්න ඕනා උණා..

කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව...ප්‍රස්නකිරිමක් නැතිව එයා නූල අදින අදින පැත්තට මන් රූකඩේ වගේ එහා මෙහා වෙද්දි එයාගෙ ලොකු අතක් ඇවිත් ,ඉනට උඩින් වැටිලා තිබුණ මගෙ අත උඩ නවතින ගමන් ඒ දිග ඇගිලි අස්සෙ මගෙ හිනී ඇගිලි හිර කරගද්දීත්, මොන රටේද බං යාළුවෝ මෙහෙම ඉන්නෙ කියලා අහන් එයාව තල්ලු කරන්න හිත කිව්වත්...අද මං මාවම දන්න නිසාදෝ...එයාගෙ හැසිරීමෙන් මට වෙනදට වඩා දෙයක් දැනුණා...අමුතුවෙන් දැනුණ දෙයක් නෙමෙ...මීට කලින් දැනුණත්, පිළිගන්න අකමැති උණ,ඒ බැල්මක් ස්පර්ශයක් ගානේ දැනුණත් නොදැනුණා වගේ උන්න දෙයක් කවදාටත් වඩා මට දැනුණා...නිකංම යාළුකමකට වඩා දෙයක් එයාට ඕනදෝ කියලා මගේ හිත මගෙන් අහද්දී, ඒ වේගවත් සුදුම් මගෙන් ඇහුවේම මීට වඩා අපිට ළංවෙන්න බැරිද වගේ කතාවක් බව හිතෙද්දීත්...මූනට වැදෙන යන්තමින් මත් ගතියක් තැවරුන.. එයාගෙ සුසුම් වලට ඉව අල්ලන ගමන් මං ඔහේ බලන් හිටියා...

"මන් බය උණා...අශනිපෙන් කිඅලා..නැට්ටන් පාප්පාගෙන් ගුටි වැඩිලා කිඅලා...මං ආරිගෙනුත් ඇහුවා..වැස්ශට ගෙදර ඇති..කලබලවෙන්න එපා කිව්වා..ගෙදර එන්න ඕන උණා..ඒට් පාප්පා හිටිඔට් උයාට ටව ගුටි ඩෙයි කිඅලා...ආරි මට යන්න එපා කිව්වා...හෙට ආරිව එවන්න හිටිඑ මං.."

........

"නින්ද යන්නෙත් නේ...බියර් එකක් බොන්න කිඅලා බල්කණිඅට ආවෙ...එටකොට උයාලගෙ ගේ දිහා බලන් ඉද්දී ටෝච් එළිය දෙක්කේ...මට හිටුණා...මේ මහ රෑ වෙළේ හුල්මන උයා කියලා...ඒම්ම ආවෙ දුඅගෙන..යයි කිඅලා බයේ...දවල් නම් වැස්ශ නැටිකොට..උයාලගෙ ගේ පේනවනෙ...එටකොට හිතට හුදයි.. ඒත් රෑට ලයිට් ඕෆ් කරාම..පේන්නෙ නෑනෙ...හරි පාළු හිතෙනවා එටකුට.. අද කලින්ම ලයිට් ඕෆ් කරා නේද...පාප්පා ගැහුවාඩ උයාට...කොහෙද සිදෙන්නේ...මං එයාව පොලිෂිඅට අල්ලලා ඩෙන්නද.."

පොඩි එකෙක් සනසන්න වගේ එයා මගෙ ඇස් වලට එබිලා දාහක් ජාති කියවද්දී ඔයාගෙ නින්ද නැති කරේ මමද කියලා මට අහන්න ඕනා උණා...මං නැතිව ඒ තරම් පාළුද ,මාව නොදැක ඉන්න ඒ තරම් අමාරුද අහන්න ඕනා උණා...ඇයි මේ තරම් මං ගැන වද වෙන්නේ අහන්න ඕනා උණා...ඔයාට මගෙන් මොනවාද ඕනා කියලා අහන්න ඕනා උණා...පපුව අස්සෙ වෙන පෙරළිය හුස්ම හිරකරන්න ආවත් මට මූණ පුරාම හිනාවක් ගියා...ඉතිං හුගාක් අවංක...යාළුවා ගැන මහ හුගාක් වද වෙන යාලුවෙක්....මං එහෙමද හිතන්න ඕනා....හිත අස්සෙ කතා කරන හැඟීම් ඉස්සරහා...එයා වගේ යාළුකම කියන නම ගහපු බෝඩ් එකක් මාත් එල්ලන්න ඕනද...සමහර විට...එයා අර කියපු ඕනම විදිහක යාලුවෙක් කියන්නේ මේ වගේ කෙනෙක්ද...

"හිනා වෙන්කෝ...ටව...මාව බය කරලා...හුෂ්මට් හිර වෙනවා ටව ටිකෙන්.."

"ඒත් ඇයි සර්...ඇයි....ඒ තරම් වද වෙන්නේ මං ගැන.."

"...........යාළු.....කමට ඉටින්...ඔව්...friendship එකට.."

ලොකු කල්පනාවකට වැටුණ එයාගෙ අතට මගේ අත මිරිකෙද්දී... එයා ඒ නිල් ඇස් වලින් බලන් ඒ කල්පනාවෙන්ම උත්තර දුන්නේ ඒ වචන එයාටම තහවුරු කරගන්න වගේ ආයි අවධාරණේ කරන ගමන් වෙද්දි මගේ පපුව හිරවෙනවා මට දැනුණා...වචන වලින් මොන දේ අවධාරණේ කරන්න හැදුවත් මගේ මූණ පුරා කලබලෙන් දුවන...අඩ අඳුර...ටිකකට කලින් බිව්වා කියන බියර් එක... නිසාදෝ මත් වෙලා වගේ පෙනුණ ඒ ඇස් මට වෙනම කතාවක් කිව්වා..ඒ ඇස් මට දහිරියක් ගේද්දි හිතට වද දෙන ප්‍රස්න වලට එයාගෙන්ම උත්තර ගන්න උත්සාහ කරන්න මට හිතුණා...

"අර ඔයා කියපු ඕනම විදිහක friendship එකක් කිව්වේ මේකටද සර්..."

"නෑ...friend with benefits කියන්නේ මීට වඩා ගොඩක් වෙනස්...එහෙම උනාම මේ වගේ ඔයාව care කරන්න මට බෑ..."

ඉතිං ඒ අමුතු යාළුකමේ නම ඒකද..ඒත් ඒ මොකක්ද...සාමාන්‍ය යාලුකමකින් ඔය කියන යාලුකම වෙන් වෙන්නේ කොහොමද...

"ඇයි.."

"එහෙම ටමා වෙන්නේ හැමෝගෙම හොඳට...."

"මට තේරෙන්නේ නෑ..."

"උයා කවදාවත්..ඒ ගැන අහලා නැද්ද කිරුළු..boy කෙනෙක් වෙලට්.."

.....

"සොරි..මං එහෙම හිතුවෙ නෑ...මන් හිතුවෙ ඔයා දන්නවා කියලා...නොදැන එකඟ උණා කියලා හිතුඑ නේ...සමාවෙන්න හැමදේකටම.."

.....

"මුලින් ඒ ගැන දැනගෙන ඉන්න..ම්ම්..කියවලා ඉන්න..ට්‍රාන්ස්ලේට් දාලා තියෙන්නේ...තේරුම් ගන්න බලන්න.."

මං නෑ කියන්න ඔළුව වනද්දී ඒ ඇස් වල කලබල ගතියක් මං දැක්කා...එයා කලබලෙන් මගෙ අතින් ඒ අත ගත්තා..එහෙට මෙහෙට වෙන්න ඉඩක් නැතත් එයා එක අංශුවකින් හරි එහෙට යන්න වගේ අට්ටාලේ උඩ  පොඩ්ඩක් දැඟලුවා...එහෙම්ම සමාව ඉල්ලන ගමන් ටිකක් ඉස්සිලා සාක්කුවේ තියෙන ෆෝන් එක අරන් මොන මොනාදෝ ඔබලා ෆෝන් එක මගේ අතේ තිව්වා..

උන්න ඉරියව්වෙන්ම ෆෝන් එක දිගේ මගේ ඇස් යද්දි, පුදුමය, දුක, බය වගේ හිත අස්සෙ වෙනස් වෙන හැඟීම් එක්ක මගෙ මූණත් වෙනස්වෙන්න ඇති..මගෙ මූනෙම ඇස් තියන් උන්න එයා ඒ හැම හැඟීමක්ම අඩ අදුරේ උණත් දකින්න ඇති...ඒත් ඇලේට එයා දිහාට හැරිලා උන්න මගෙ ඇස් කොනින් ගලපු කදුළුත්.. මගෙ පපුව හාරනවා වගේ දැනෙන හැඟීමත්...එයා නොදකින්න ඇති..එයාට නොදැනෙන්න ඇති...සදහටම හිතෙන් බැඳෙන්න හීන මවන කෙනෙකුට...ලැබිලා තියෙන ආරාධනේ...ඕනා වෙලාවක අත අරින්න බලන්... ගතින් බැඳෙන්න වෙනකොට...මට මේ මොහොතේ දැනෙන හැඟීම් වල බර අංශු මාත්‍රයක්වත් ඒ හිතට නොදැනෙන්න ඇති...

ඉතිං මේ වගේ දෙයක් ඇහුවට පස්සෙ...මගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු උණ මනුස්සයා..මේ මහ රෑ... සීතලේ.. හැඟීම් විතරක් දොඩමලු වෙන මොහොතක..හුස්ම වැටෙන තරම් ළඟකින්..ම ඉද්දී...ඒකත් ඒ මනුස්සයා.. ආදරේ විස්වාස නොකරන,අවස්‍යතා වලට මුල් තැන දෙන කෙනෙක් විදිහට,තමන්වම හඳුන්වලා දෙන කෙනෙක් වෙද්දි..මං බයවෙන්න ඕනා නේද...ඒත් නෑ...අනගතේ ගැන බයක් දැනුණත්..මට මේ මොහොත ගැන පුන්ච්ම භයක්වත් දැනුණේ නෑ. එහෙම නොවෙන්න තරම්..එයා මේ හිතේ මේ වෙද්දීත් මහ ලොකු විස්වාසයක් පැල කරලා තිබුණා ..

"හ්ම්ම්..ඔයාගෙ පපාටයි අංකල්ටයිත් ඒ වගේ යාලුකම් තිබුණද මෙහෙ ඉද්දී.."

මට ලොකු හුස්මක් පිටවුණා.. හරියටම කිවුවොත් හිල්ලුනා වෙද්දි ෆොන් එක දීපු මං එයා දිහා බැලුවා...දන් ඉතිං හිතට හයිය අරන් ඉතිරි ප්‍රස්න වලටත් උත්තර හොයන්නයි තියෙන්නේ..

"පපාට.....මං හිතන්නෙ නෑ....ඒත් අංකල්ට නම් girls boys හෙමෝම එක්ක ඒ වගේ යාළුකම් මහ ගුඩක් තිබුණාලු... මං අහලා තියෙන විදිහට...time පාස් කරන්න හොයා ගත්ත ඊටත් වඩා ගුඩක් දුර ගිය ඒවා තිබුණාලු...ඉස්සරම කාලෙ මෙහෙ ඉද්දීත්.."

මගේ මුල්ම ප්‍රස්නෙ සැර වැඩි උනාද මන්දා..එයාගෙ මූණ වෙනස් උණා...ඒත් මං වෙණුවෙන් මේක කරන්නා ඕනා. මං අහිංසකයි...ගොඩක් අහිංසකයි...ඒත් මන් වෙනුවෙන් නැගිටින්න බැරි තරම් නෙමෙ..බාප්පා ඉස්සරහා කටවහන් හැමදෙම ඉවසුවත්..අනිත් වෙලාවට මං වෙනුවෙන් නැගී නොහිටින කෙනෙකුත් නෙමෙ..

"boys ලා එක්කත්..මට ඒක තේරෙන්නේ නෑ.."

"only sex... එහෙම affairs,යාළුකම් ඕන තරම් තියෙනවා..."

" sex වලට විතරක්...ඒත් ඇයි මේ තරම් ගෑණු අය ඉද්දී පිරිමි අයව..!!"

"ඒක මෙහෙමයි...උපතින්ම girls ලව ෆීල් නොවෙන boys ලත් ඉන්නවා..ඔය දෙගොල්ලටම කැමති අයත් ඉන්නවා...වෙනසකට ඔය ඔක්කොම අත්හදා බලන අයත් ඉන්නවා...එහෙම කරන්න ගිහිං ඒ දේවල් වලට ඇබ්බැහි වෙලා මිදෙන්න බැරි අයත් ඉන්නවා..."

එයා ආපහු ෆෝන් එක මන් අතට දෙද්දී ජිවිතේ මුල් වතාවට අමුතු යාලුකමක් ගැන ඉගෙන ගත්තා ජිවිතෙ මුල් වතාවට, සෑහෙන්න දුර ඉඳන් මං දේදුනු ලෝකෙටත් යාන්තමින් එබිලා බැලුවා...දෙදුන්නක් වගේ වර්ණවත් උණ..අපි වගේම ලේ , මස් ඇට නහර වලින් හැදුණ මං  වගේ බහුතර ලොකෙට රහසක් උණ...මිනිස්සු පිරිසක් ගැන..මං අද දැන ගත්තා...

"ඉතිං sex විතරමද... එයාලට බැරිද ආදරේ කරන්න.."

".......... Society එකෙන් එන ප්‍රස්න එක්ක එයාලා ගොඩක් අයට ආදරේ කරන්න අමාරුයි...කරත් මැරි කරන එක ගැන,ළමයි හදන එක ගැන ප්‍රස්න එද්දී ගුඩක් අය මඟදී leve වෙනවා..ඒත් ආදරේ එට්ට නම්..එහෙම ආදරේ කරලා මැරි කරලා ළමයි හදපු අයට් ඉන්නවා.."

ආදරේ ඉස්සරහට දාපු නිසාදෝ එයා මොහොතකට ගොළු උණා...ඒත් එයා දීපු උත්තරේ නිසා...මං පිස්සෙක්ද ..මට අසනිපයක්ද...හැමදේම හිතින් මවා ගත්ත විකාරයක්ද කියන එක ගැන,පහුගිය දවස් ගාණක් වද උණ සිතුවිලි හිරු දුටු පිණි වගේ වාෂ්ප උණා.. ඒ කියන්නේ ඒක අසාමාන්‍ය නෑ...ගෑණු හිතකට විතරක් නෙමෙ...අපිට දැනුණ පිරිමි හිතකට උණත්... ආදරේ කරන්න අපිට පුළුවන්...මගේ හිත උඩ පැන්නා...

"පිරිමි අය..!! මැරි කරන්න..!!ළමයි...කොහොමද ළමයි...!!"

"හ්ම්ම්..උයා අහලා නෙඩ්ඩ..මෙහෙ ලංකාවේ බැරි උණාට german වගේ සමහර country's වල නීතියෙන් ඉඩ තියෙනවා.. Technology එක නිසා එයාලට එයාලගෙ baby ලා හදන්නත් පුළුඅන්...girls boys අයට වගේම එයාලත් family හදාගන්නවා...මට ඒම යාලුවොට් ඉන්නවා..."

පොඩි එකෙක්ට පාඩමක් කියා දෙනවා වගේ කිසිම චෝදනාවක් නැතිව,මං නොදන්න..මේ තරම් කල් නොදැකපු ලෝකයක් ගැන...එයා සෑහෙන්න විස්තර මට කියලා දුන්නා...අපි දකින පාට දෙකේ ලෝකෙට වඩා...පාට ගොඩක් පිරුණ ඒ ලෝකේ ලස්සන මට පෙන්නන්න එයා උත්සාහ කරා..

"එතකොට ක්ලාස් මහත්තයා...එයා කොහොමද...එයා මැරි කරලා නැද්ද..වයිෆ් කෙනෙක් නැද්ද..මෙහෙ අය කියන්නේම කොළු කාරයා කියලා.."

"එයා birth එකෙන්ම gay.. ඒ කිව්වේ පිරිමි අයට කෙමටි...ඒට් fun ගන්න එයාට කවුරුට් එකයි...ඒට් එයාට වයිෆ් කෙනෙක් ඉන්නෙ...son කෙනෙකුට් ඉන්නවා..මාසෙල් මට වඩා ටිකක් පොඩි..ළඟදී එයට් මෙහෙ එයි.."

"වයිෆ්..! ඉතිං එයාට කමක් නෑද...ක්ලාස් මහත්තයා ඉන්න විදිහ...!"

" aunty ට ගාණක් නේ..එයත් ගොඩක් life එක enjoy කරන කෙනෙක්..ලංකාවට වඩා එහෙ ගුඩක් වෙනස්... අපෙ මමා ඒම වගේ love is life කියන් අඬ අඬ ඉන්න අය ගුඩක් නෑ...aunty දන්නවා අංකල්ගේ අනික් දේවල් time පාස් කරන්න විතරයි කියලා..එයාලා ගැලපුණේ නැටි උණාට,එයාලා එයාලව තේරුම් අරන් නිසා happy එකේ ඉන්නවා..ඒකයි මං කිව්වේ...ආදරේ ඕනම නෑ කියලා..."

"ඔයා කිව්වේ ඔයා ක්ලාස් මහත්තයා වගේ නෙමෙ කියලා...!!"

"නෑ තමා.."

"එහෙනම් ඇයි එයා කරන දේවල් අනුමත කරන්නේ..."

"මං අනුමත කරා නෙමි...මං කිව්වේ එයාලගෙ විඩිහ..එයාට ශල්ලි තියෙනවා..එයාට පුළුවන් ඕනා තරම් ඒ වගේ අය ශල්ලි වලට ගන්න...ඒම නැත්තං ඒ වෙනුවෙන් කැමැති කෙනෙක්ව friend with benefits කරගන්න...ඒට් එයා එහෙම නෑ...එයාට දකින දකින කෙනාව ඕනා...හොදින් ඔර් නරකින්..වයශ.. විදිහ..කව්ද.. කාගේද... මුකුත් ඕනා නෑ...කැමැට්ටවත් ඕනා නෑ...එයාට හැමෝම toys වගේ...ඒක වැරදි ගොඩක්...මං අනුමට කරන් නෑ.."

"එතකොට...ඔයා ගැන කොහොමද සර්...ඔයාටත් ඔය කියන විදිහෙ ටයිම් පාස් කරන්න හොයා ගත්ත අය ඉඳලා තියෙනවාද..කිදෙනෙක් ඉඳලා තියෙනවාද..ඔය ඕනම විදිහක යාලුවෙක් කියලා අදහස් කරපු අය...මගෙන් බලාපොරොත්තු උණා වගේ අය..කලිනුත් ඉඳලා තියෙනවද සර්.."

......

"සොරි...වැරදි දෙයක් ඇහුවානම්... සමාවෙන්න.."

එයා මොකුත් නොකියා මං දිහා අමුතු බැල්මක් එක්ක බලන් ඉද්දී මටත් නොදනිම මන් ඕනාවට වඩා ආවේගශීලි උනාද කියලා හිතෙද්දි,අනවශ්‍ය දෙයක් ඇහුවද හිතෙද්දි.. මං එයාගෙන් සමාව ඉල්ලුවා..

"එහෙම නෑ...never....කවඩාවට් නෑ...ක්ලබ් ගියාට..එක එක අය meet උනාට..ඔය කියන විදිහෙ අය...එහෙම යාළුවෝ..මට ඉඳලා නෑ...never..."

අත ඇරිලා තිබුණ මගේ අත එයාගෙ අතක පටලා ගන්න ගමන් එයා කියෙව්වා...මං එයා ගැන වැරදියට හිතනවාට අකමැති වගේ වද වෙන පෙනුමක් මං ඒ මූණේ දැක්කා..

"එහෙනම් ඇයි මගෙන් එහෙම ඇහුවේ.."

".........ම..න්...මං දන්නේ නෑ...මට තේ..රෙන්..නේ...ඒත් මට ළඟ තියා ගන්න ඕනා...උයාව....අකමැට්ටෙන් බලෙන් ඕනා නෑ...ඔයා කෙමටි නම් විතරක්....."

මට එයාව තේරෙන්නෙ නෑ... උත්සාහ කරාට තේරුම් ගන්න බෑ... ඒ බැල්මෙන් හැසිරීමෙන් වෙනම කතාවක් කියද්දි...දැණෙද්දී... එයා වචන වලින් ඒ කතාව වහන්න හැම වෙලාවේම උත්සහ කරා..ගෙවුණ මොහොත පුරා මට දැනුණේ, එයා හොඳටම දන්න තැනක ඉඳගෙන, එයා එයාගේම ඇස් බැඳගෙන , වට ගාණක් කැරකිලා...හිතා මතාම තමන්වම ඒ දන්න තැන ඇතුලේ අතරමං කරගන්න හදන බවක්....

එක අතකට හැඟීම් දැනීම් ගැන, එයා නොදන්න දෙයක්.. මේ ඉස්කෝලෙ යන ලෝකේ ගැන මෙලෝ හසරක් නොදන්න මං කොහොම දැන ගන්නද...එයා කියනවා වගේ..මට දැනෙන හැඟෙන දේ නිකංම ආකර්ෂණයක් වෙන්න පුලුවන්..ඒත් ඇයි...ජීවිත කාලෙටම...කාටවත් නොදුන්න තැනක් එයාට මට දෙන්න ඔන උණේ...ඇයි..එයාට මාව ළඟින් තියාගන්න ඕනා....

එයාගෙ වචන එක්ක අපෙ ඇස් එකට පැටලිලා ගිහිං...අපි දෙන්නම ඒ ඇස් වල මොනාදෝ කියවන්න හදන ගමන් ඉද්දී අපි අපි නොදැනම...එයාගෙ වම් අත ඇවිත් මගේ කම්මුලක නතර වෙලා තියෙද්දි ආයිමත් මුළු වටපිටාව නිහඬ වෙලා තියෙද්දි...ඒ නිහඬ බව බිඳපු අපෙ සුසුම් හඩ මැද්දෙ... ඒ මුවින් පිටවෙන උණුසුම් සුසුම් නිසා මාවත් මත් වෙනවා වගේ දැනෙන මොහොතක එයා වෙව්ලන තොල් එක්ක මට ලං උණා....







"ආ...හ්..වූ....ස්..ර්......."

මං මේ මොනාද කරන්නේ කියන එක ගැනවත් අදහසක් නැති මොහොතක එයා මගේ තොල් අල්ල ගන්න තිබුණෙ සුසුමක දුරක් උණත්, ඒ මොහොතේ ආපු ආවේගෙටමදො ඔලුවට යටින් තිබුණ එයාගෙ අතට,ඒ ළඟින්ම මගේ ඔළුව යටින් තිබුණ තුවාල උණ අත මිරිකෙද්දී වට පිටාවේම නිහඬබව බිදින ගමන් මං බෙරිහන් දෙද්දී එයා ගැස්සිලා ගිහින් මාවත් ඇදගෙනම අට්ටාලෙ උඩ වාඩි උණා..

"කි..රු..ලු...බබා...ඇයි...ඇ..යි මේ...ඇයි අඬන්නේ..."

"මට ගෙ..දර යන්න..ඕ..නා.."

"සො..රි...සොරි...සමාවෙන්න.හිටලා කරේ නෑ..සමා..වෙන්න..ලං වෙන්න හෙ..දුවාට.."

"ඒ.එකට..ක..කම්ක්.. නෑ...ම..ගෙ..තු..වා..ලේ ඒක..ඒක පෑරුණා.. ඒ..ඒකයි.."

අද දවසේ දෙවැනි වතාවටත් අලුත් තුවාලේ අමු අමුවේ පෑරිලා තියෙද්දි, ඊටත් වඩා හිතේ තුවාලේ පෑරිලා ලුනුත් වැට්ලා තියෙද්දි මං වේදනා දෙන වම් අත අනික් අතින් අල්ලන් කකුල් දෙක අස්සෙ ගහගෙන අතේ ,හිතේ වේදනා ඔක්කොම යන්න කෑ ගහලා අඩද්දී එයා හොඳටම බයවෙලා මගෙන් සමාව ඉල්ල ඉල්ල මගේ උරහිස් වලින් අල්ලන් මාව කෙලින් කරන්න හැදුවා...

"තුවාල..!! ඔහ් ගෝඩ්..මේ මුකක් වෙලාද... ඇයි කිව්වේ නෙත්තෙ.."

"ඒකහරි..රිදෙන් නෑ..මං හොදින්..මට යන්න ඕනා...ඔයත් යන්න සර්.."

"ඒ..ට් ඒක...ගුඩක් ලේ එනවා..."

......

"ආ..යිෂ්...මට බෑ...##########

"ගෙදර ගිහිං බෙහෙත් දාගන්නම්."

සෑහෙන වෙලාවක් අඩා වැටුණ මං එයා ඕනවාටත් වඩා බයවෙලා බව දැනුන නිසා අමාරුවෙන් අඩන එක නතර කරලා අඬන්න හේතුවක් දෙද්දී,එයා මගේ අත බලෙන්ම අරන් ෆෝන් එකේ ටෝච් එක ගහගෙන ඔතපු රෙදි තියෙද්දීම අත එහෙට මෙහෙට හරවා හරවා බැලුවා..තුවාලේ ගැට ගහලා තිබුණ පහන්තිර හදන්න ගන්න සුදු රෙදි පටිය රතු පාටට තෙත් වෙලා තියෙද්දි, එයාට ඒක ගලවලා බලන්න ඕනා කම තිබුණත්, එයාගෙ ඇගිලි වෙව්ලන හැටි දිහා මං තොල් හපන් ඔහේ බලන් හිටියා...අන්තිමේ උත්සාහය අත ඇරපු එයා හරි අවුලකින් අත් දෙකේ ඔළුව ගහන් කොණ්ඩේ අවුස්සන ගමන්  ජර්මන් වලිනුත් මොන මොනෝදෝ මහ ගොඩක් කියවද්දී මං උන්න තැනින් යන්න නැගිට්ටා...

"ඒට්..බලන්න..උඩේ වෙන්න ළඟයි..ටව ටිකක්..ඉඩලා යමු ප්ලිස්.."

"කිව්වම අහන්න..මට යන්න ඕනා..ඔයාට බැරි නම් ඉන්න.."

"කි...."

"අයින් වෙන්න..!!"

"කිරුළු..හෙමින් යන්න වෙටෙයි.."

එයා යන්න නැගිටපු මගේ අතින් ඇදලා නවත්වන්න හැදුවත් අත මුදවා ගත්ත මං අමාරුවෙන් ගහෙන් බැහැ ගද්දී එයාත් නැගිටලා ගහෙන් බැහැගෙන මං පස්සෙ වැටුණා..

"එතකොට ඔයා මැරි කරාම...!!මොකද වෙන්නේ සර්..."

අපි උන්නේ පාර දිගේ එකට උඩට එන ගමන්...එයා එක කොණක...මං අනික් කොණේ..හිත යුද්ද කරත්, මොකක්දො විකාර සිතුවිල්ලක් එක්ක..මං බලාපොරොත්තු උණා...එයා මගේ අතින් අල්ලා ගනී කියලා...එයා එක්ක එක ළඟ එකට අත් අල්ලන් යන්න මට ඕනා උණා..ඒත් එයාම මගෙන් ඈත..පාරෙ අනික් කොන තෝරන් තිබුණා වෙද්දි
කිසි කතාවක් නැතිව හුගාක් හිමින් අපි සමාන්තරව ඇවිදගෙන ආවා..එයාගෙ ඔළුව බිමටම බරවෙලා උරිස් ඇකිකිලා කවදාවත් නොදැකපු විදිහෙ හරි පරාජිත පෙනුමක් එයාගෙන් පෙනෙද්දී..එහෙම ඉන්න එපා කියන්න ඕනා උණත් අපි දෙන්නා නිහඬවම නාන මංකඩත් පහුකරන් මයිල ගහ ළඟට ඇවිත් තියෙද්දි මං නතර වෙලා එයා දිහා බැලුවා වෙද්දි මං හිටි ගමන් අහපු ප්‍රස්නෙ තේරුණේ නැති නිසාදෝ එයා පුදුමෙන් මං දිහා බලන් හිටියා..

"ඔයාගෙ යාළුවට.. ඔයා එක්ක හැමදේම බෙදාගන්න යාළුවට...ඔයා මැරි කරාට පස්සෙ මොකද වෙන්නේ..."

"ඒට් අවුලක් නෑ...අපි ඒ දේවල් ගැන ඕපන්..අපි කලින්ම කතා කරලා තියේ..ඒ නිසා ලියාට ප්‍රස්නයක් වෙන්න විදිහක් නෑ..."

"ඒත් දවසක...ඔයාලා ආදරේ කරොත්... බබාලා හිටියොත්..."

"එතකොට..ලියාට ඒක ප්‍රස්නයක් උනොත්...මගෙන් ආයි එහෙම වෙන්නේ නෑ.."

මගේ වැලමිට ළඟින් අත අල්ලන් උත්තර දුන්නත් එයාගෙ ඇස් නතරවෙලා තිබුණෙ කොහේදෝ අනන්තෙක වෙද්දි යාන්තං වැටීගෙන එන ඉර එළිය මැද්දෙ මං පැත්තෙන් පේන ඒ මූණේ හැඟීම් කියවන්න උත්සාහ කරත් මට බැරි උණා..ඒත් ඒ කටහඩේ,එයා හංගන්න හදන වදවීමක් තිබුණදෝ කියලා මට හිතුණා...

"....ඒ..එතකොට...ඔයාගෙ යාලුවට ...එයාට මොකද වෙන්නේ සර්..."

මං අහද්දී එයා හූල්ල හුල්ල මහ සුසුමක් හෙළද්දී, දැනටමත් උත්තරේ ලැබුණ නිසා මං යන්න හැරුණත් එයා මාව නතර කරා...

"Friend with benefits වල ප්‍රධාන නීතිය මතකද..එකිනෙකා ගැන දුර ගිය feelings.... තියෙන්න.... බෑ...ඉටින් feelings නෙතිකොට..බැඳීමක් නෙති කොට...දෙපෙත්තට වෙන්න ප්‍රශ්නයක් නෑ ඕනා වෙලාවක..."

අඬන්න බැරි කමට...මං හිනා උණා...ඔව් හිනාවෙන්න හේතු තිබුණා..අඩුම එයාට මාව රවට්ටන්න ඕනා උණේ නෑ කියන එක ගැනම මට සතුටු වෙන්න පුළුවන් උණා..එයා සල්ලි කාරයෙක්...එයාගෙ ඕන එපාකම් ඉෂ්ට කරගන්න..එයාගෙ සල්ලි පෙන්නලා එයාට ඕනා කෙනෙක් හොයා ගන්න තිබුණා...ඒ නැතත්...වෙන කෙනෙක්ව උණත්...මේ දේවල් ගැන කිසිම අදහසක් නොවුණ එක වාසියට අරන් මාව උණත්...එයාගෙ ඕනා එපාකම් වෙනුවෙන් පොළබව ගන්න...රවට්ටා ගන්න එයාට ඕනා තරම් පුළුවන්කම තිබුණා...ඒත් අවස්ථාව ලැබුණ වෙලාවේ...එයා ඒ හැම දේ ගැනම මට කියලා දුන්නා..ඒ ඔක්කොම අවසානෙත්,
දෙයක් පටන් ගන්නවා නං ඒ මගේ කැමැත්තෙන් කියන එක ආයි ආයි කිව්වත්...ඒ දේ අවසානේ...මගේ හැඟීම්වත්...මගේ කැමැත්තවත් තව දුරටත් වැඩක් නෑ කියන එක උණත් එයාට හංගන්න ඕනා උණේ නෑ...ඉතිං...මුල් වතාවට හිතේ නැවතුණ මනුස්සයා...මේ තරම් අවංක හොඳ කෙනෙක් උණ එකමත් මදිද මට සතුටු වෙන්න...අනික් අතට,මං බයෙන් උන්නා වගේ මගේ හිතේ එයා වෙනුවෙන් ඇති උණ හැඟීම් අස්වාභාවික නෑ කියලා දැන ගත්ත එකම මදිද මට සතුටු වෙන්න...ළඟින් ඉඳන් බැරි උණත්...දුරින් ඉඳන් හරි හිත පුරා එයාට ආදරේ කරන්න පුළුවන් එකම මදිද මට සතුටු වෙන්න...

එයා හැමදාමත් ආස උණ හිනාවෙන් එයා දිහා බලන් හිනා වෙවී හරි කියන්න ඔළුව වනපු මන් එයා ඒ හිනාව අස්සෙ අතරමං වෙලා ඉද්දීම එන්න හැරුණා...පාරෙ කොන් දෙකේ ඒත් සමාන්තරව හරි ආපු අපි දෙන්නා...තුංමං හංදියක එක මොහොතකට නතර වෙලා ආයිමත් ප්‍රතිවිරුද්ධ පාරවල් වල එකිනෙකාට පිටු පාලා ගමන් කරන ගමන් උන්නා...

'දැනටමත් ඔයා ගැන හැඟීම් තියෙද්දි...ඔයා කියන විදිහෙ යාළුකමකට එකඟවෙන්න මට බෑ සර්....'

මගේ හිත කෑ ගහද්දී...ආයිමත් අහම්බෙන්වත් ඒ ඇස් ඉස්සරහට නොයා ඉන්න මන් මටම පොරොන්දු උණා...

යලි ආරම්භයක් තියේ දැයි නොදන්න අවසානයක්...😔
👩‍💻 dil
2024/01/10

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

පුළුවන් නම් හැමොම උදව්වක් විදිහට කියන් යනවාද..ඔයාලා මේක කියවන්නේ non ff💜💛 ද , yizhan 💚❤️ හෝ zhanyi ❤️💚 විදිහටද කියලා...ඉමොජියක් හරි කොටන් යන්න ප්ලිස්....

   🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

එකපාරක් ජීවිතයෙන් ආපස්සට
යන්නට පුළුවන් වේ නම්
ඔබ දවසක එනකල්
නැවති බලාන තනිවම මන් ඉන්නම්
දවස ගානේ පේන මානේ ගෑවී ගෑවී
ලග උන්නත්
අපිට අපගේ වෙන්න බෑනේ..
පේවි පේවී පෙම් කෙරුවත්
හිනැහෙනා ඇස් බලාලා
හිත හදා ගංනම් නේ දැන්
නොලැබෙනා ඔබ දිහා මා
ඈත ඉඳලා සෝදිසියෙන්

සසරේ කවදා හෝ
හමු වි ඉන්නැති අපි දෙන්නා
ඒ නිසයි මේ තරම් ලං උණේ..
රහසේ කොහෙදි හෝ
එක්වී ඇති මං හින්දා...
ඒ නිසයි ආදරේ මියැදුණේ...
ආයෙත්නම් පමා නොවී
හමු වෙමු....

එකපාරක් ජීවිතයෙන් ආපස්සට
යන්නට පුළුවන් වේ නම්
ඔබ දවසක එනකල්
නැවති බලාන තනිවම මන් ඉන්නම්
දවස ගානේ පේන මානේ ගෑවී ගෑවී
ලග උන්නත්
අපිට අපගේ වෙන්න බෑනේ..
පේවි පේවී පෙම් කෙරුවත්
හිනැහෙනා ඇස් බලාලා
හිත හදා ගංනම් නේ දැන්
නොලැබෙනා ඔබ දිහා මා
ඈත ඉඳලා සෝදිසියෙන්

Continue Reading

You'll Also Like

417 65 8
පිට අයට අපිව සහෝදරයො වගේ උනාට උඹ මගෙ ජීවිතේම වෙලා ඉවරයි බං.....•
632K 38.7K 103
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
11.4K 1.7K 22
"මල්ලි, මට අරූව දීපම්!" "හහ්?" "අර කොන්ඩකාරිව මට දීපම්..." "උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මයෙ අයියන්ඩි..." ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍...
46.9K 1.9K 40
After living a peaceful and somewhat slacker life Cale passed away in old age. Only to wake up as a child in another world. Cale was now Sam Witwicky...