සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• දහහත් වන දිගහැරුම •

599 150 153
By ___Sky-Heart___

" ගෑණියෙක් වගේ ඉනෙන් අල්ලන්නේ නැතුව පිරිමියෙක් වගේ වෙන කොහෙන් හරි අල්ල ගනිම් යුගාන් !! "

" එහෙනම් ඉතිම් තමුසෙගෙ බිබික්කමෙන් තමයි මට අල්ල ගන්න වෙන්නේ "

" උබට මං කිව්වා කියලා හිතා ගනිම් !! ඉනෙන් අල්ලන්නේ නැතුව උරහිසින් අල්ල ගනිම් බං !! උබ ඔහොම අල්ලදි මට කිචි කිචි වගේ "

" ඔව් ඔව් මං අල්ලදි තමා තමුසෙට හැම කිචියම එන්නේ "

යුගානුයි තීනුයි බයික් එකට නැගපු වෙලා ඉදන් කලේ රණ්ඩු උනු එක . තීනු කොයි වෙලාවෙත් අරහෙන් අල්ලන්න එපා මෙහෙන් අල්ලන්න එපා කියලා කෑ ගහද්දි යුගාන්ට අල්ල ගන්න තැනක් තිබුනේ නැහැ . තීනු ගේ බයික් එක නිසා තීනු බයික් එක එලවන්න ගද්දි යුගාන්ට සිද්ද උනේ තීනුගේ පිටි පැස්සෙන් වාඩි වෙන්න .

ඉතිම් යුගාන් වාඩි වෙලා තීනුගෙ ඉනෙන් අල්ල ගද්දි තීනු ඒකටත් යුගාන්ට බැන්නා ඊට පස්සේ යුගාන් තීනුගේ කලවා වලින් අල්ල ගනිද්දි ඒකටත් තීනු යුගාන්ට බැන්නා . අන්තිමේදි යුගාන් තීනුගේ උරහිසින් අල්ල ගෙන බයික් එකේ එද්දි ඔන්න ඒ පාර නම් තීනු සද්ද නොකර හිටියා . ඒත් යුගාන්ට කට වහන් ඉන්න එක නම් ටිකක් කරන්න බැරි උනා .

" මේ තීනු බබා "

" මොකද !! "

" මම පොල් ගෙඩියක් උනොත් ඔයා මාව ලෙලි ගහනවද ?? "

" ලෙලි ගහලා නවතින්නේ නැහැ තොගෙ පොල් කෙදිත් ගලවනවා මම !! තව තොගෙන් පොල් සම්බෝලත් හදලා රෑට රෝස් පාන් එක්ක කනවා තෝව මම !! "

තීනු බයික් එක එලවන අතරෙම දත් මිටි කන ගමන් කියද්දි යුගාන් තමන්ගේ මූණත් දෙක කර ගෙන කට වහ ගත්තා . කොහොමත් තීනුගේ කටින් තමන්ට හොද දෙයක් ජීවිතේට අහ ගන්න බැරි වග නම් යුගාන් හොදාකාරවම දැනන් හිටියා . හැබැයි යුගාන්ට එහෙමයි කියලා ලැජ්ජාවක් කියලා දෙයකුත් තිබුනෙත් නැහැ කොයි වෙලාවෙත් රිංගුවේ තීනුගේ අස්සේ .

" තමුසෙ හෙන දරුණුයිනේ !! "

" එහෙම තමයි ඇයි මොකද !! "

තීනු ගේමට වගේම කතා කරද්දි යුගාන් තමන්ගේ කට වහ ගත්තේ තීනුව අව්ස්ස ගත්තොත් ලේසියෙන් තීනුගේ හැකර කට වහන්න බැරි වෙන බව දන්න නිසා . මීක් කියලා සද්දයක් නැතුව යුගානුයි තීනුයි බයික් එකේ එද්දි නොහිතපු විදිහට වැහි පොද වැටෙන්න ගත්තා . පොදයක් නිසා කොල්ලෝ දෙන්නා වැඩිය ගන්න ගත්තේ නැති උනත් එක පාරටම පොද වැස්ස වැඩි කලා .

" අම්මට හික් කඩු යනවනේ "

වැස්ස නිසා තීනු හයියෙන් බ්‍රේක් ගහද්දි යුගාන්ගේ ඔලුවෙ දාලා තිබුනු හෙල්මට් එක ටොක් ගාලා තීනුගේ හෙල්මට් එකේ වැදුනා . එන්න එන්නම වැස්ස වැඩි කරද්දි වහලා දාලා තිබුනු කඩේක ටෙන්ට් එකක් ගාවින් තීනු බයික් එක නතර කලා . තීනු බයික් එක නතර කරද්දි යුගාන් ඉක්මනින් බයික් එකෙන් බැහැලා ටෙන්ට් එක යටට දුවද්දි තීනුත් බයික් එක ස්ටෑන්ඩ් කරලා යුගාන් ගාවටම ගියා .

ටෙන්ට් එක අස්සේ දෙන්නෙක්ට හරියට ඉන්න ඉඩක් නැති උනත් වැස්සෙන් ඔලුව බේර ගන්න නම් ටෙන්ට් එක වෙලාවේ හැටියට මැණිකක් උනා . කොල්ලො දෙන්නා හෙල්මට් දෙකත් ගලවලා ටෙන්ට් එක ගාවින් තිබුනු කණ්ඩිය උඩින් තිබ්බා . වාසනාවකට එතන නම් වැස්සට තෙමුනේ නැහැ . හිරි කඩ පාර හයියෙන් ගහන නිසාම තීනුගේ ශර්ට් එක තෙමිලා තිබුනා .

තීනුගේ විතරක් නෙමෙයි යුගාන් ගේ ශර්ට් එක පවා වැස්සට තෙමුනා . තෙමිලා තියෙන තමන්ගේ කොණ්ඩේ එක අතකින් යුගාන් ගසන්න ගද්දි තීනු තමන්ගේ අත් දෙක එකතු කර ගත්තේ පොඩි හිරිකඩටත් තමන්ට ඉක්මනට සීතල අල්ලන නිසා . තීනු දිහා බලන් හිටපු යුගාන් දැක්කේ දැනට මත් තීනු හැචින් අරිනවා . යුගාන් නම් නොදන්නවා නෙමෙයි පොඩි දේටත් තීනුව ඉක්මනින් අසනීප වන බව .

" ඒයි තීනු එනවා මගෙ ලගට සීතලේ ඉදලා තමුසෙ ලෙඩ වෙයි !! "

යුගාන් තීනුට කතා කරන පරක්කුවෙන් තීනු යුගාන් ලගට ඇවිත් යුගාන්ව බදා ගත්තා .

" ලගට එන්න කියලා විතරයි කිව්වේ බදා ගන්න කියලා නම් මම කිව්වේ නැහැ හැබැයි "

යුගාන් හිනා වෙන ගමන්ම කියද්දි තීනු යුගාන්ට රවලා යුගාන් ගෙන් ඈත් උනා .

" තමුසෙ මහ හිපාටුවෙක් ආයේ තමුසෙ ගාවට එන්නේ නැහැ මම "

" අනේ මෙහෙ වරෙන් බං පිස්සු නොකර !! "

තීනුගේ අතින් ඇදලා ගත්තු යුගාන් තීනුව ආයෙ තමන්ගේ පපුවට තද කර ගත්තා . ආයේ එන්නේ නැහැ කියලා කියපු තීනුත් ඔය ශෝක් එකට යුගාන්ව බදා ගෙන ඉද්දි යුගාන්ට හිනාවකුත් ගියා . තීනුගේ කොණ්ඩේ වගේම ශර්ට් එකත් තෙමිලා තිබුනු නිසා තීනුගේ පපුවට ඉක්මනින් සීතල අල්ලන නිසාම යුගාන් දිගටම තීනුව තමන්ගේ උණුහුමෙහි තියා ගත්තා .

" හැචෝස්ස්ස්ස් "

තීනුට හොටුත් එක්කම හැචිමක් යද්දි යුගාන්ගේ ඇදුමෙත් තීනුගේ හැචිම හිට්ටා . ඒත් යුගාන් නම් තීනුව තමන්ගෙන් ඈත් කලේ නැහැ .

" ඒයි පොඩි හොට්ටා මගෙ ඇදුමේ එහෙම හොටු ගාන්නේ නැහැ "

" මට ඕනේ නම් මම හොටු ගානවා "

එහෙම කියපු තීනු යුගාන්ගේ ඇදුමෙන් තමන්ගේ නහය අතුල්ලලා හොටු ටික යුගාන්ගේ ඇදුමින් පිහි දැම්මා . තීනු කලොත් කරන්නේ මහ ගොන් ගොබ්බ වැඩ නිසාම යුගාන් තීනුට මුකුත් නොකියා පාඩුවේ හිටියා . අනික යුගාන් තීනුට පණ ඇරලා ඉන්න නිසා ඔය වගේ පොඩි පොඩි දේවල් යුගාන් වැඩිය ගානකට ගත්තේ නැහැ .

" තමුසෙ ඉපදුනු හැටිද තීනු මේ ?? "

" ඔව් ඇයි තමුසෙට අව්ල්ද ?? "

" අපෝ නැහැ !! හැබැයි තීනු තමුසෙ මේ වගේ ගෙරි වැඩ කරද්දි ටිකක් දරා ගන්න අමාරුයි "

යුගාන් තීනුගේ බද වටා තමන්ගේ අත් දෙකත් යවා ගනිමින් තීනුගේ මූණට පහත් වෙන ගමන් කියද්දි තීනු යුගාන්ගේ පපුවට අතක් තියලා පොඩ්ඩක් යුගාන් ගෙන් ඈත් වෙන්න උත්සාහ කලා . ඒත් යුගාන් තීනුව බදා ගෙන ඉන්න විදිහට තීනුට හෙලවෙන්න වත් පුලුවන් කමක් තිබුනේ නැහැ . හැබැයි තීනු වෙනදා කැම්පස් එකේදී වගේ දගලන්න ගියෙත් නැහැ .

" තමුසෙ තරහ ගන්නේ නැත්තම් දෙයක් අහන්නද තීනු ?? "

" ශුවර් එකටම තමුසෙ අහන්නේ මට තද වෙන එකක් තමයි ඔය !! "

" හරි ඉතිම් අහන්නද කියනවකෝ "

" අහනවා ඉතිම් !! "

තීනු යුගාන් ගෙන් ඈත් නොවීම කිව්වත් යුගාන් ආයෙම කල්පනා කලේ තීනු ගෙන් ඕවා අහන්න ගිහින් මහ පාරෙම තමන්ට ගුටි කන්න වෙයිද කියලා . ඒත් ඕන කෙහෙල් මලක් වෙච්චාවෙ කියලා පුරුෂ දෛර්ය හිතට ගත්තු යුගාන් හා හා පුරා කියලා අහන්න හදපු එක තීනු ගෙන් ඇහුවා .

" මට ඔච්චර අකමැතියි නම් ඇයි තමුසෙ මම එදා පාක් එකේදි තමුසෙව කිස් කරද්දි පාඩුවෙ හිටියේ ?? "

" තමුසෙ මගෙ කට කෑවේ නෑනේ එදා !! කට කාපු දවසට මම බලාගන්නම් තමුසෙ ගැන !! "

තීනු යුගාන්ගේ පපුවටත් පාරක් ගහන ගමන් කියද්දි යුගාන් තමන්ගේ ඇස් දෙකත් හීනි කරන් තමන්ට තුරුල් වෙලා ඉන්න තීනු දිහා බැලුවා . මොන කෙහෙල් පුෂ්පයක් තීනු කිව්වද කියලා යුගාන්ට තේරුනේ නැතත් තමන් තීනුගේ කට කනවට තීනු කැමති කියලා නම් යුගාන්ට තේරුනා . ඒත් තීනු තමන්ට ආදරේ නොකර ඒ වගේ දෙයක් කරන්න යුගාන් පසුබැස්සා .

" තමුසෙට අසහනේද තීනු හැම වෙලාවෙම කට කන කෙහෙල් මලක් කියවන්නේ ?? "

" ඔව් අසහනේ තමයි ඇයි තමුසෙ හොද කරන්නද ?? "

" හොද කරන්න බැරි කමකුත් නැහැ ෆ්‍රී එකේ ඉන්න වෙලාවක එනවකො අපේ ගෙදර තමුසෙගෙ කටත් කාලා අසහනෙත් මම හොද කරන්නම් !! "

යුගාන් තමන්ගේ නිකටත් පිරිමදින ගමන් කියද්දි තීනු යුගාන්ගෙන් ඈත් වෙලා යුගාන්ගේ බඩට හොද ශොට් එකක් දුන්නා . තීනු ගේ මූණ නිකන් කුණ්ඩ හට්ටිය වගේ වෙලා තිබුනේ යුගාන් කිව්ව අහිකුණ්ඨික කතාව නිසා කියලා නම් සැකයක් නැහැ . ඒත් ඉතිම් යුගාන් කිව්ව කතාවෙත් වැරැද්දක් නැහැනේ . තීනුටත් ඕනේ යුගාන් තමන්ගෙ කට කනවා දකින්න .

හැබැයි යුගාන් පොඩ්ඩක් ආදරෙන් කතා කරන එක අදරේ දෙන්න හදන එක තමයි තීනුට පේන්න බැරි . තීනුගෙන් ලැබුනු පාරට යුගාන් බඩත් අල්ලන් තීනුට රවද්දි තීනු ටෙන්ට් එකෙ අයිනටම වෙලා හිටියා . තාමත් වැස්ස නතර වෙලා නැති නිසා හිරි කඩ තීනුගේ ඇගට විසික් වෙද්දි තීනු ආයෙම හැචින් යවන්න ගත්තා .

යුගාන් මේ දිහා අත් දෙකත් බැද ගෙන බලා ගෙන හිටියත් තීනුට ලගට එන්න කියලා නම් කතා කලේ නැහැ . මොකද තීනුටත් තියෙනේ එසේ මෙසේ ලොකු කමක් නෙමෙයිනේ . තියෙන පණ්ඩිතකමටයි ලොකුකමටයි තීනු අයිනටම වෙලා ඉදන් යුගාන්ට කුටු කුටු ගගා බනින්න ගත්තා . යුගාන් ඉතිම් ඕවා නෑහුනු ගානට හිටියත් යුගාන්ට නම් තීනු තමන්ට බනින ඒවා හොදට ඇහුනා .

" ඒ මෝඩ පැටියා විකාර නොකර මෙහෙට එනවා ලෙඩක් එහෙම හදා ගත්තොත් තමුසෙට ඩීජේ එකට එන්න බැරි වෙයි "

යුගාන් එහෙම කියද්දි තීනු තමන්ගේ නිය පොත්තක් හපන ගමන් යුගාන් කිව්ව දේ ගැන කල්පනා කලා . යුගාන් කිව්වා වගේ තමන්ට අසනීපයක් එහෙම හැදුනොත් ඩීජේ එකට එන්න කියා අම්මා ගෙදරින් එලියට එක අඩියක් වත් තියෙන්නේ දෙන්නේ නැහැ කියලා තීනු හොදින් දැනන් හිටියා . ඒක නිසාම ටෙන්ට් එකේ අයිනේ හිටපු තීනු ආයෙම යුගාන් ගාවට කිට්ටු උනා .

" තමුසෙ මගෙන් කොච්චර ඈතට ගියත් තමුසෙට මං ලගට එන්නම සිද්ද වෙනවා තීනු !! "

" අනේ නවත්ත ගනිම් බං උබේ ඔය හෑලි හලන එක අහන් ඉද්දි මට ඔක්කාරෙට වගේ "

යුගාන්ට රවන ගමන් තීනු කිව්වේ තමන්ගේ අත් දෙකත් හරහට බැද ගනිමින් . යුගාන් කොච්චර ආදරණීය වෙන්න හැදුවත් තීනු නිකන් ලාදුරු හැදිච්ච එකෙක් වගේ හැසිරෙද්දි යුගාන්ට තරහ නොයනවාමත් නෙමෙයි . හැබැයි ඒ හැම වෙලාවකම යුගාන් තීනු ගැන හිතලම ගොඩක් ඉවසුවා . ඒත් මේ තරම් ආදරේ දෙන යුගාන්ව තීනුට නොදැනෙන්න හේත්තුවක් නම් නැහැ නේද ???

" ඇයි තීනු තමුසෙ ඔහොම හැසිරෙන්නේ ?? තමුසෙ ඔහොම කතා කරන්න එපා හොදටම දන්නවා නේ තමුසෙට මං ආදරෙයි කියලා "

" තමුසෙ ඔච්චර මට ආදරෙයි නම් මොන හුත්තකටද හස්නා එක්ක යාලු උනේ ?? උබේ ඇටේ ඉදන් තියෙන්නේ බොරුව යකෝ !! "

" අනේ හුත්ත ඕක නවත්ත ගනිම් තීනු !! කොයි වෙලාවෙත් හස්නෙක් ගැන කියවනවා දෝදු පිස්සෙක් වගේ !! "

යුගාන් තීනුට කෑ ගැහුවත් තීනු නම් අතාරින පාටක් තිබුනේ නැහැ . තමන්ට ඔය තරටම යුගාන් ආදරෙයි නම් හස්නා එක්ක ඉදන් කරන්නේ මොකක්ද කියන එක තමයි තීනුට තිබුනු ලොකුම ප්‍රශ්නේ උනේ . සමහර වෙලාවට යුගාන් තමන්වත් ගනන් නොගෙන හස්නා එක්ක හිනා වෙලා කතා කරන්න තරම් හස්නගේ තියෙන විශේෂත්වේ මොකක්ද කියන එකත් තීනුට ලොකු ගැටලුවක් උනා .

" දෝදු පිස්සා මම නෙමෙයි උබ !! මට ලව් කරනවා කිය කිය තව කෙල්ලෙක් එක්ක යාලු වෙන්න තරම් උබට පුදුම අසහනයක්නේ ඕයි තිබිලා තියෙන්නේ ?? "

" දැන ගෙන කතා කරපන් තීනු !! උබ පසුතැවෙයි දවසක ඔය කියන ඒවට !! මං උබට තරම් වෙන කාටවත් ආදරේ කලේ නැහැ යකෝ !! උබයි මගේ ලෝකේ මං හුස්ම ගත්තත් ඒ උබ වෙනුවෙන් !! කහනවට නෙමෙයි යකෝ අවුරුදු ගානක් තිස්සේ උබේ පස්සෙන් ඇවිත් ආදරේ හිගා කන්නේ !! උබ මට කැමති නැහැ කියලා දැන දැනත් මම උබේ පස්සෙන් පිස්සෙක් වගේ එන්නේ මම උබට ආදරේ නිසා තීනු !! ඒත් ඇයි බං තීනු උබට තේරෙන්නේ නැත්තේ මං උබට මගෙ පණටත් වඩා ආදරෙයි කියලා !! උබට මගේ ආදරේ විහිලුවක්ද යකෝ ???  " 

යුගාන් තීනුට හයියෙන් කෑගහන්න ගද්දි තීනු තමන්ගේ කට පියා ගත්තා . යුගාන්ගේ ඇස් රතු වෙලා තිබුනා ඒ වගේම ඇස් අතර කදුලු නලියන හැටිත් හොදටම පේන්න තිබුනා . තීනු කවදාවත් දැකලා තිබුනේ නැහැ යුගාන්ගේ ඇස් වලින් කදුලු වැටෙනවා ඒත් අද තමන් නිසා යුගාන්ගේ ඇස් වල කදුලු පිරිලා තියෙන හැටි දකිද්දි තීනුගේ හිතට වරදකාරී හැගීමක් දැනෙන්න ගත්තා .

තමන්ගේ කම්මුල දිගේ රූටපු කදුලු බිංදු යුගාන් තමන්ගේ අතින් තමන්ම පිහිද ගෙන අහක බලා ගත්තා . තීනු තමන්ගේ තොල් පෙරලා ගනිමින් යුගාන් දිහා බැලුවත් යුගාන් නම් එක මොහොතකට වත් තීනු දිහා නම් බැලුවේ නැහැ . යුගාන්ට තරහයි ඒ වගේම දුකයි !! තමන් ආදරය කරන කෙනත් මේ වගේ හැසිරෙද්දි යුගාන් හැගීම් වලින් බිංදුවටම වැටුනා .

" යුගාන් !! ම්ම් සොරි !! "

තීනු යුගාන්ගේ උරහිසින් අතක් තියලා යුගාන් ගෙන් සමාව ගත්තත් යුගාන් නම් කලේ තමන්ගේ උරහිසේ තිබුනු තීනුගේ අත ගසලා දාපු එක . තීනුට තේරුනා තමන් කතා කරපු විදිහෙන් යුගාන් ඉන්නේ ගොඩක් හිත රිදිලා කියලා . හැබැයි යුගාන්ගේ හිත කඩන්නත් ඒ හිත ආයේ හදන්නත් පුලුවන් උනේ තීනුටම විතරයි . තීනු යුගාන්ගේ ඉස්සරහින් හිට ගනිද්දි යුගාන් තීනුගෙ ඇස් මග හැරියා .

" ඒයි තරහද ?? "

" තරහ වෙන්න අපි යාලු වෙලා හිටියේ නෑනේ !! "

යුගාන් තීනු දිහා නොබලම උත්තර දෙද්දි තීනු තමන්ගේ තොල් උල් කර ගත්තා . යුගාන්ව තරහ උනාම යාලු කර ගන්නවා කියන්නේ එච්චර අමාරු වැඩකුත් නෙමෙයි හැබැයි .  යුගාන් කොච්චර වත් තමන්ගේ දිහා නිකමට වත් බලන්නේ නැති නිසාම තීනු යුගාන්ගේ කම්මුල් දෙකෙන් අල්ලන් යුගාන්ගේ මූණ තමන්ගේ පැත්තට හරව ගත්තා . ඒත් ඒ මූණේ නම් කිසිම හිනාවක් වත් තිබුනේ නැහැ .

" අපෝ ගෝනිබිල්ලෙක් වගේනේ ටිකක් හිනා වෙනවකෝ යුගාන් "

" වදයක් නොවී එහාට යනවා තීනු !! "

" යන් නැහැ ඔබ ගාවින් මං ..... ඉන්නම් කරදරයක් වෙලා .... "

තීනු යුගාන්ගේ මූණ දෙපැත්තට හරව හරව එක එක විකාර කලත් යුගාන් නම් තීනුව සතේකට ගනන් ගත්තේ නැහැ . වෙනදා කැම්පස් එකේ දී යුගාන් තීනුගේ පස්සෙන් ගිහින් නෝන්ඩි වෙනවා වගේ අද තීනු යුගාන්ව යාලු කර ගන්න තමන්ගේ ලැජ්ජාව පැත්තකින් දැම්මා . යුගාන්ට තීනු කොච්චර වෙනස්කම් කලත් තීනුට යුගාන්ව ඕනේ ඒකයි ඇත්ත !! ඒත් තීනු කොයි වෙලාවක වත් ඒක කාටවත් පෙන්නන්නේ නම් නැහැ .

" යාලු වෙනවකෝ යුගාන් !! "

" එහාට යනවා !!! "

" හොද හිතින් කියන්නේ යාලු වෙනවද ?? නැද්ද ?? "

" යාලු වෙන්නේ නැහැ ඇයි තමුසෙ මොනවා කරන්නද මට ?? "

තමන්ගේ කම්මුල් වල තියෙන තීනුගේ අත් අහකට කෙරුව යුගාන් තීනු ගේ මූණට ලං වෙලා තදින් කතා කරද්දි යුගාන් දිහා බලලා තමන්ගේ මූණ පුම්බ ගත්තු තීනු එක පාරටම යුගාන්ගේ පපුව මතින් තමන්ගේ ඔලුව තියලා යුගාන්ව බදා ගත්තා . තමන්ගේ අතුත් යුගාන්ගේ බද වටා යවා ගනිමින් තීනු යුගාන්ට තුරුලු වෙද්දි ගින්නක් මතට වැටුනු පොද වැස්සක් වගේ යුගාන් නිවිලා ගියා .

තීනු තදින්ම යුගාන්ව බදා ගෙන ඉද්දි යුගාන් තීනුව ඇත් නොකරම එහෙන්මම හිටියා . තීනුව තමන්ගේ උණුහුමෙන් ඈත් කරන්න තරම් වුවමනාවක් යුගාන්ට තිබුනේ නැහැ . තීනුගේ බෙල්ල පිටු පසින් තමන්ගේ අත් රදවා ගත් යුගාන් තීනුගේ බෙල්ල පිටු පස හිමින් පිරිමදින්න ගත්තා . තීනු කොහොමත් දැනන් හිටියා යුගාන් තමන්ව ඒ උණුහුමෙන් ඈත් කරන්නේ නැති වග .

" යාලුයිද දැන් ??? "

" හ්ම්ම් !! හැබැයි තීනු මේක මතක තියා ගන්න ආදරේ උනු පළියට මාත් හැමවෙලාවෙම ඉවසන්නේ නැහැ කියලා හරිද ?? "

යුගාන් තීනුගේ කන් පෙති අතරට මුමුණද්දි තීනු කිසිම දෙයක් නොකියා එහෙන්මම හිටියා . තවමත් නිමක් නැතුව වැස්සන් කඩන් හැලුනු නිසාම යුගාන්ට වත් තීනුට වත් ගෙදර යන්න පුලුවන් කමක් තිබුනේ නැහැ . රෑ ජාමේ නිසාම වටෙන්ම එන සීතල හුලං එක්ක තීනු යුගාන්ට තවත් තුරුල් වෙනවා ඇරෙන්න යුගාන් ගෙන් ඈත් වුනේ නම් නැහැ .

ආයෙම තීනුට හැචින් එක දෙක පිට වෙන්න ගද්දි යුගාන් තීනුගෙ මූණ තමන්ගේ පපුවට තවත් තද කර ගත්තා . සීතල අල්ලලා තීනු අසනීප වෙයි කියන බය යුගාන්ට හරියට තිබුනා . තීනුත් සීතලට යුගාන්ට තුරුල් වෙලා ඉද්දි යුගාන් තමන්ගේ උණුසුම් තොල් තීනුගේ නලලින් තද කලා . ඒත් ඒ ස්පර්ශට තීනු තරමක් නොසන්සුන් උනා .

" රෑට එලියට යන කොට ජැකට් එකක් අරන් එන්න දන්නේ නැද්ද ?? "

" ඉතිම් මං දන්නවද මෝඩයෝ වහියි කියලා "

" ඒත් හරක් පැටියෝ රෑට සීතලයි කියලා නොදන්නවා නෙමෙයිනේ අනික මේ වහින දවස් වල ජැකට් එක යන යන හැම තැනකම දාගෙන යන්න පුරුදු වෙනවා "

තීනු ජැකට් එකක් ගෙනාවේ නැති එකට යුගාන් තීනුට බනිද්දි තීනු යුගාන්ගේ පපුව අස්සේ තමන්ගේ මූණ හන්ග ගත්තා . ඇත්තටම යුගාන්ට තීනුට බනින්නත් ලෝබයි . තීනු හැම වෙලාවෙම යුගාන් ගාව මේ විදිහට ඉන්නේ නැහැ . කලාතුරකින් තීනු එලියට දාන මේ ආදරණීය හුරතල් හැසිරීමට යුගාන් අවංකවම ආස කලා . තීනුව තමන් ගෙන් ඈත් කරපු යුගාන් තීනුගෙ මූණ තමන්ගේ අත් වලට මැදි කර ගත්තා .

" තමුසෙ මගේ ලගින් ඉන්න කොට පපුව ගැහෙන තරම් දන්නේ මං විතරයි !! උබව තුරුල් කරන් ඉඹින්න මං හරි ආසයි තීනු ඒත් තාමත් උබෙන් මට වචනයක් ලැබිලා නැති කොට උබට ලං වෙන්න වත් මට හිතක් නැහැ බං !! ඉක්මනට මගේ වෙයන් තීනු මොකද මගෙ ඉවසීම පැන්න දවසට මං බලෙන් උබව මගේ කර ගත්තොත් උබ මට වෛර කරයි !! ඒත් එහෙම වෙන්න ඕනේ නැහැ උබත් මාව පිළිගත්තා නම් !! "

යුගාන් තීනුගේ කම්මුලක් පිරිමදින ගමන් කියද්දි තීනු ගේ කන් වලට යුගාන් කිව්ව හැම වචනයක්ම හොදින් වැටුනා . තීනුට දැනුනා තමන්ගේ පපුවෙන් පොඩි වේදනාවක් . යුගාන් තමන්ට ආදරෙයි කියලා නොතේරෙන තරමට තීනු බබෙක් නෙමෙයි . යුගාන් කොයි තරම් තමන්ට ආදරෙයි ද කියලා දැන දැනම තීනු කරන්නේ යුගාන්ට දොස් කියන එක .

යුගාන්ගේ ඇස් දිහා බලන් හිටපු තීනු යුගාන්ගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලන් යුගාන්ගේ මූණ තමන්ගේ මූණ ලගට කිට්ටු කලා . තීනුගේ කම්මුල් වල තිබුනු යුගාන්ගේ අත් ඒත් එක්කම තීනුගේ ඉන දෙපසින් රැදුනා . ටික වෙලාවක් යුගාන් දිහා බලන් හිටපු තීනු යුගාන්ගේ තොල් තමන්ගේ තොල් එක්ක තද කරලා යුගාන්ව එහාට තල්ලු කලා .

ඒ හාදුව සැහැල්ලුයිද රළුයිද ඒ කිසිවක් කියන්න නොහැකි තරම් කෙටි එකක් උනා . මීට කලින් මේ විදිහට වත් යුගාන් තීනුගේ තොල් වල ස්පර්ශයක් විදලා තිබුනේ නැහැ . තමන්ගේ තොල් පිරිමදිමින් යුගාන් තීනු දිහා බලද්දි තීනු කිසිම දෙයක් නොකෙරූ ගානට යුගාන් දිහා බලන් හිටියා . තීනුගේ කපටි මූණ දැක්කම යුගාන්ට හිතුනේ තීනු ගොඩක් නරක් වෙලා කියලා .

" අහ්ම් මාව අල්ල ගන්න ඔයාට තව මහන්සි වෙන්න වෙයි යුගාන් !! අනික මහන්සි වෙන තරමට ප්‍රතිඵලත් වැඩියි !! "


To be continue

_________________________________________

Good morning වේවා ලමයිනේ

අද කට කෑවේ නෑනේ හරියට

පස්සේ එයාලා කාගනියි නේද

අපි එයාලට කරදර නොකර පාඩුවෙ ඉමු ඉතිම්

තීනු අහිංසක කොව්වෙක් හරිද 😌

ඔයාලා ආසම චරිතේ කවුද ? යුගාන්ද තීනුද එහෙම නැත්තම් සිතිජ , තීර්ථ හස්නා ඒ අයද ??

ආයේ අලුත් කොටසකින් හම්බ වෙමු පැටව්නේ

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

66.4K 10.4K 92
ඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook FanFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka...
4.6K 901 45
~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදි...
4.5K 835 21
මට මාවම අමතක කරවන මගේ හිත අනන්තයක් තරම් දුරක ගිහින් අතරමං කරවන ඔය නපුරු දුඹුරු පැහැ ඇස් ඇත්තටම භාවනාවක්.... ...
79.7K 1.1K 20
In the supernatural world, there's tons of individual beings just waiting for the story of their rise to greatness to start. A story where they rise...