👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

By ChenQing4

47.2K 6.4K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... More

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 9 🌺👑

657 125 35
By ChenQing4

ජීවිතේ මේ තරම් කාලෙකට ගෙවුණ අමාරුම පැයවල්, අමාරුම දවස් ගෙවිලා යන ගමන් තිබුණා...සමහර දේවල් නොදැන, තේරුම් නොගෙන ඉන්න එක හොඳයි කියලා දවස් ගාණක් පුරා හිත අස්සෙ වදදෙන අරගලේ නිසා මට තේරුම්  ගියා..කොයිතරම් ප්‍රස්න තිබුණත් අමාරුවෙන් උණත්,එහෙම දේවල් නොවුණ ගාණට අමතක කරලා උන්න මගේ හිතේ නිදහස, ජීවිතේ මුල් වතාවට නැති කරන ගමන් මගේ වැඩ සේරම අවුල් වෙලා,මගේ නින්ද පවා නැති කරලා දාලා තිබුණා..

'කොළුකාරයෙක්ද...'

'මමත් එහෙම කෙනෙක්ද..'

'ඇයි මට පිරිමියෙක් ගැන ආදරේ හිතුණේ...'

'මගෙ හැඟීම් දන්නවා නම්...එයා මං ගැන මොනවා හිතයිද..'

'මිනිස්සු මට මොනවා නොකියාවිද....'

'එහෙම වෙන එක ලෙඩක්ද..'

'මේ වගේ හැඟීම් තියන් එයා ළඟ ඉඳලා මොනවයින් මොනවා වෙයිද...'

මේ දේවල් ගැන මගෙ දැනුම අල්ප වෙද්දි , මං තේරුම් ගත්ත ඇත්ත මට දරාගන්න බැරි වෙද්දී...ඒ වගේ ප්‍රස්න මහ ගොඩක් හිතට වද දුන්න නිසා...එදා එයා මුණ ගැහිලා දවස් කීපයක් ගෙවෙද්දීත් මං එයාව මඟ ඇරියා...නොවැම්බර් අන්තිම ගෙවිලා යන ගමන් එයාව මුණ ගැහිලා මාස 2කට කිට්ටු කාලයක් ගෙවෙන ගමන් තියෙද්දි, මගෙ හිතට තේරුම් ගිය ඇත්ත පිළිගන්න බැරි කමට, ඒ ඇත්ත හිතේ තියන් එයාට මූණ දෙන්න බැරි කමට මං කලින් දැනුම් දීමක් නැතිවම එයාව මඟ ඇරියා...කලින් දවස් ගාණක් අලි වැස්සෙත් එයා එක්ක ඇලේ නාලා තිබුණත්,පටන් ගත්ත වැහි කාලෙ හේතුවක් කරගෙන මං පෑව්වත් ඇලේ නොයා හිටියා...කොහෙ හරි යන්න උණත්,පුරුදු පාරෙ නොයා වෙළෙන් පැනලා බංගලාවේ සීමාව පහුකරා..

එයාව මඟ අරින්න හේතුවක් දුන්න නිසා
වැස්ස පටන් ගත්ත එක ගැන සතුටු උණත්,
වැස්ස කියන්නෙත් දුප්පත් මිනිහගෙ බඩට හොඳ පාරක් වෙද්දි දවසින් දවස ජීවිතේ තවත් අමාරු උණා...මුලින් රෑ වෙද්දී වැහැපු වැස්ස ටිකෙන් ටික දවල් දවසත්,උදේ වරුවත් ආක්‍රමණය කරද්දි අම්මට පොඩි එකී එක්ක කඩේ අරින්න යන්න බැරි උණා...වැස්සේ තෙමි තෙමී හරි මං ගිහිං විට ටික කඩේට දැම්මත්, ඒවා ගන්නත් මිනිස්සුන්ට එළි බහින්න බැරි වෙද්දි වැඩි හරිය ආපහු රිටන් උණා..

වැස්සේ බැලුන් යන්න බැරි නිසා...එයත් මේ ටිකේ ගෙදර ඇති...වැස්ස නිසා වැඩ පාඩු වෙලා හම්බරන දාහේ කොලේ හෝ දෙක අපිට නැති වෙද්දි...එයාට දවසකට පැයක් දෙකක් වෙනුවෙන් ලක්ෂ ගාණක පාඩුවක් වෙනවා ඇති...එයා කියපු විදිහට බැලුන් එකේ යන්න එක වැඩිහිටියෙකුට ඩොලර් 210 ක්ලු...පොඩි කෙනෙක්ට 160ක්ලූ...මං ලංකාවේ ගානෙන් කියද අහද්දී එයා මං දිහා බලලා හිනා උණා විතරයි...දැන් ලංකාවේ ඩොලර් එකක් 320කට වගේ යන්නෙ කියලා විතරක් එයා කිව්වා..දැනගන්න ඕනා නම් ගාණ හදලා බලන්නලූ...ඉස්සර කාලෙකට කලින් මං දැනගෙන හිටියා ඒ ගාණ රුපියල් වලින් 25 000කට එහා කියලා..ඒත් දැන් ගෑස් මිල, වැට් එක ඔක්කොම එක්ක බලද්දී සෑහෙන්න වැඩි කියලයි එයා කිව්වේ..පස්සෙ වෙලාවක ගාණ හදන්නම් කියලා එදා හිටියට..ඔන්න අද තමා මතක් උණේ..
කොහොම උණත් ඒ දුප්පත් අපිට කොහොමවත් ඔරොත්තු නොදෙන ගාණක් කියන්න මං දැනගෙන හිටියා..ඒ වගේම වැහි පිට වැහි අහුවෙලා පාඩු උණත්,මුළු දවසක් ඔට්ටු වෙලා විට 30ක් 40ක් විකුණන් රුපියල් 2000ක හරි රෙදි කිලෝ 5ක තිර කපලා 1500ක සොච්චමක් හොයන පොල් අත් පැළේ අපිට දැනෙන අමාරුව, ලක්ෂ ගානක් පාඩු ලබන සුදු බංගලාවේ එයාටනම් ඒත් අබමල් රේණුවක් තරම්වත් දැනෙන්නේ නැතිව ඇති...විශ්මාකාර ලෝකේ අමුතු තියරි තමා ඉතිං ඔයා...

වැස්ස නිසා විට බිස්නස් එක පාඩු වෙන බව දන්න නිසාම කලින් කල්පනා කරලා ලැස්ති කරගත්ත පහන්තිර කැපිල්ලට අම්මා ,මං වගේම, පොඩි එකිත් පුළුවන් තරම් ඔට්ටු උණා...දෙසැම්බර් මුල් සතිය උගන්නන්නෙත් නැති වෙද්දි, තේරුමක් නැතිව ස්කූල් ගිහිං වැඩක් නැති නිසා මං ගෙදර නැවතෙද්දි, කාලා නිදියන්න කියන උදුවප් මාසෙ කන්නවත් නැති වෙන තත්වෙකට වැටෙන ගමන් උන්න අපිට, දිරපු පොල් අතු අස්සෙන් එන වැහි හිරිකඩ දරාගන්න අමාරු උණත්, බිම සීතල ගොම පොළවේ පැදුරක් එලා ගෙන මුළු දවසම රෙදි පටි ගොඩකට යටවෙලා එදා වේල හොයාගන්න උත්සාහ කරන්න වෙද්දි මට හිතේ අවුල් අමතක කරන්න මොහොතකට පුළුවන් උණත්, මන් වෙලාවකට ඒ වැඩත් අවුල් කර ගත්තා...

හුණු දාන්න අමතක උණු විට තොගයක් රිටන් වෙද්දී දවසක් බුලත් ටික වෙනුවට මං පුවක් ටික වතුරට දාලා තිබුණා...පහන්තිර කපන්න සියේ සියේ මිටි ගහන්න ඕනා රෙදි පටි ගණන් කරද්දි ම හැමවෙළේම ගාණ වරද්දන් එක වැඩේට දෙතුන් ගුනෙක වෙලාවක් වැඩියෙන්  ගත කරන්න උණා...අන්තිමේ අම්මාගෙන් හැදි මිටි පාරක්කුත් කාලා, බැනුම් කෝටියක් අහපු මට පුවක් දුම්කොල කපන්න නියම වෙද්දි අම්මා විට ටික එතුවා...පහන්තිර වලට රෙදි පටි කැපිල්ල වගේම ඇදිල්ල මට බාර දෙද්දී මිටි ගහන එකත් අම්මා බාර ගත්තා..

මගේ හිටි හැටියේ පිස්සු කෙළිල්ලට හේතුව
අම්මට දැනගන්න ඕනා උණත්, උත්තර දෙන්නවත් මං දැනගෙන හිටියෙ නෑ...මොකක්දෝ කරුමෙකට පිරිමියෙක් ළඟ හිත නතරවෙලා වෙද්දි , ඒ කෙනා මට කැමතිද කියන එක ගැන වදවෙන්නවත් මතකයක් නොවුන මං මගේම හිත ,මගේම හැඟීම් විස්වාස කරගන්න බැරිව, හරි වැරැද්ද තේරුම් ගන්න බැරිව පුදුම තරම් පීඩනේක හිටියා...මුල් දවසෙ ඉඳන් එයා ළඟ දැනුණ අමුතු හැඟීම් මේ වතාවේ ,නම් බෝඩ් එකකුත් උස්සන් හිත පුරා පිස්සුවෙන් වගේ එහෙ මෙහෙ දිව්වා..හිත අස්සෙ අරගලේ වෙන කෙනෙක් එක්ක නොවි මං එක්කම වෙද්දි, අහන්න ,කියාගන්න කෙනෙක් නැතිව මන් පුදුම හැටි අසරණ උණා...

"මොකද බං කොල්ලො වෙලා තියෙන්නේ උඹට...මොන යකෙක් ගහලද...අසනීපයක් හිතේ අමාරුවක් තියේ නම් කියපන් දෙවියනේ මාව බය නොකර...ප්‍රස්න පිට ප්‍රස්න ආවත් හිනාවෙලා අනිත් මිනිස්සුන්වත් හිනා ගස්සලා ඉන්න උඹ ඔහොම ඉද්දී කොහොමද බං බලන් ඉන්නෙ මං.."

.......

"කියපන්...අර අනුමි කෙල්ල එක්ක හුටපටයක්ද...ඒකද උඹ නොකියා ඉන්නෙ..."

අන්තිමේ මනෝ ගහන්න ගිහිං ගිරේට අහුවෙලා වම් අතේ මාපට ඇගිල්ලත් ලෙසටම කපා ගද්දී අම්මා දුක් වෙවි දුප්පතාගෙ බෙහෙත උණ, පරාක්‍රම කුප්පියෙන් ටිකක් ගාලා තුවාලේ රෙදි පටියකින් ඔතද්දී කවදාටත් වඩා මට මං ගැන අසරණකමක් දැනුණා...අනුමිගෙ හිතේ මං ගැන බලාපොරොත්තු තියෙන බව දැන දැනම නොදන්නවා, නොදැනුණා වගේ හිටියත් සර් කියන්නා වගේ උත්සාහ කරලා බලන්න හරි එයාට ලං උණා නම්, අද මේ තරම් අස්වාභාවික හැඟීමක මගේ හිත පැටලිලා හිතේ සැනසීම නැති නොවෙන්න තිබුණ බව හිත හිත මං හීල්ලුවා...

කොහොමත් දැන් දවස් ගාණක් පුරා හරි නින්දක් නැතිවෙද්දී,අද ඇදුම්කන මාපටගිල්ලත් එක්ක කොහොමටවත් නින්දක් නොවෙද්දී , මේ ටිකේ වැස්ස නිසා කලින්ම බීලා ඇග රත් කරන් ඇවිත් පැදුරට වැටෙන බප්පා , අද දවස් ගාණකට පස්සෙ යාන්තං අවුව වැටුණු දවසෙ, පුරුදු දින චරියාව පටන් අරන් තියෙද්දි හිතේ අමාරු අතේ අමාරු ඔක්කොම පිට,පරණ ඇරියස් කවර් කරන්නත් එක්ක, පාරවල් කීපෙකුත්  කාලා තුවාලෙත් හොඳ හැටි පාරගන්න උණා වෙද්දි,නිදි නැතිව උන්න මං ටෝච් කෑල්ලත් අතට අරන් යන්තන් වැටුණ හඳ එළිය මැද්දෙ අට්ටාලෙට ගියා...එදා ඇවිත් ගියත් හරි , හිතේ අරගලේ අවුස්සාගන්න බැරි කමටම මං මේ පැත්ත පළාතකවත් ආවෙ නැතත් අද එන්නම හිත කියද්දි මන් ටෝච් කෑල්ලත් කටින් අල්ලන් අමාරුවෙන් තනි අතින් එල්ලී එල්ලී අමාරුවෙන් අට්ටාලෙට ගොඩ උණා..

වැහි අඳුරට බයේ යාන්තං එළි බැහැපු හඳත්, ඇති හැකි අයටම එළිය දෙන්න වගේ බංගලාවට උඩින් පායලා තියෙද්දි මං ඔහේ ගලාගෙන යන කඳුලු වලට ඉඩ දීලා හඳ එළියේ සුදට සුදේ බැබළෙන බංගලාව දිහා බොඳ උණ ඇස් වලින් බලන් හිටියා...

ඔයාට එදා වළාකුළුත් එක්ක පාවෙලා... මං ඉස්සරහට..නෑවිත් ඉන්න තිබුණා සර්....

ආවත් නොදන්න මගෙන් සැප දුක නාහා...මං එක්ක හිනා නොවී...අපෙ දුප්පත් පැල දිහා බැල්මක්වත් නොදී...අහක බලන් යන්න තිබුණා සර්...

ආයි මුණ ගැහුනාම හරි....නොදන්න ගාණට මඟ ඇරලා...යන්න තිබුණනේ සර්....

ඇයි....ආයි ආයි මාව හොයන් ආවෙ...අමුතුම විදිහට ඔය නිල් ඇස් වලින් බල බල...ඇයි තේරුම් ගන්න බැරි මහ කතා ගොඩක් අස්සෙ...මට වටිනාකමක් දීලා මාව අවුල් කරේ.....

ඇයි එහෙම කරේ....

"කිරුළු...."

.......

"කිරුළු...උයා නේද...උතන උඩ ඉන්නේ....බේබි..උයා ඉන්නවාද..."

පේනවද...ඔයා කරලා තියෙන හරියක්...මේ යක්කු ගස් නගින මහ රෑ මැදත්.... මට ඔයාගෙ කටහඬ ඇහෙනවා සර්...හිතේ යුද්දෙ මං එක්කම උණත්...ඒ යුද්දෙ දරාගන්න බැරිව මං ඔයාව මඟ ඇරියත්... මටත් නොදැනිම... මං ඔයාව දකින්න බලාපොරොත්තු වෙනවාද මන්දා... ඔයාටත් මාව මතක් වෙනවා ඇත්ද සර්...ඔයාගෙ කිරුළ නැතිව...පාළු දැනෙනවා ඇතිද... නැතිව ඇති නේද...ඔයාට කතා කරන්න එයා ඉන්නවනෙ ඔයාගෙ girl friend...නෑ ඔයා කිව්වේ girl friend නෙමෙලුනෙ...මොකක්ද ඔයා එයාට දීපු නම....ම්ම්..ඒක....පිඅන්ද...පියෙන්ද....fiancee....කියා ගන්නත් බෑ මට නම්...

එයා එදා මෙතනම ඉඳන්, එයා බඳින්න ඉන්න කෙනා ගැන කතා කරපු හැටි මට මතක් උණා...ඒ එයාගෙ එලිනා මමාගේ දුවලු...මමත් පුදුම උණා..ඒත් එයා එයාගෙ කුඩම්මාගේ දුව උණාට එයාගෙ පපාගේ නෙමෙලු...එලිනා මැඩම් එක්ක හවුල් අයිතිය තියෙන,එයාගෙ පපාගේ දේවල් අවුලක් නැතිව බෙදාගන්න හොඳම විදිහ ඒ කසාදෙලු...එයා කියන විදිහට එයාගෙ fiancee දේවල් තේරුම් ගන්න පුළුවන්, කතාබහ කරලා දේවල් විසඳ ගන්න පුලුවන් විදිහෙ විවුර්ත කෙනෙක්ලු...එයාගෙ මේ ආදරේ ගැන තියෙන ආකල්ප වලට,සර් එයාලගෙ අනාගතේ paln කරන් ඉන්න විදිහට එයත් කැමැතිලු... කිසිම හැඟීමක් නැතත්, marrige එකෙන් පස්සෙ හැමෝම වෙනුවෙන් උත්සාහ කරලා බලන්න එයාලා ලෑස්තිලු..ආදරේ කරන්න බැරි උණත්, එයාලට එකට ඉන්න හේතු ඕනවාටත් වඩා තියෙන නිසා අනික් දේවල් ගැන ප්‍රස්නයක් නෑලු...එයා කියන්නේ ඒ කසාදෙන් පස්සෙ...ඉස්සරම තිබුණ විදිහට හැමදේම හරියනවලු...එයා කියපු දේවල් ගැන තේරුමක් නොවුණත්, දුකක්වත් සතුටක්වත් ඒ මූණේ නොදැක්කත්... මොකක්දෝ හිත පාරන උද්‍යොගයක් මන් දැක්කා...

"අන්ටිමේ මං හැමදේ... ම...තිබුණ විදිහට හරි ගස්සන්නයි යන්නේ කිරුළු..."

ලොකු විස්තර ගොඩකට පස්සෙ...එයා කිව්වේ එහෙම....කලින් නම් වනම් ගැන කතාව හිත අස්සෙ තිබුණ නිසාදෝ එයා මුල් වතාවට මට කිරුළු කිව්වා...කිව්වා නෙමෙ එයාට කියවුණා....

"හ...හ්..හා...කිරුළු....ඒකට මං ආෂයි....මගෙ කිරුළු.....crown baby නෙමෙ...මට දැන් පුළුවන් crowns baby කියන්න...හ...හ්...හා....ඇත්තටම ඒක ගුඩක් lovely....... උයාගෙ දූනිට දෙන්න ලෝබයි...මං දැන්...අපි ඉයාට වෙන නමක් හිටමු... උයා කිරුළු වෙන්න හෙමදාම... මගෙ කිරුළු..."

එයාගෙ ඒ හරි ගැස්සිල්ල ඇතුලේ මට වරදින තැනට ,මගෙ හැමදේම වැරදෙන තැනට වැඩ සිද්දවෙයි කියලා නොදැන එයා හරි සතුටින් හිනා උණා...එයාම දාගත්ත ඒ නම් වලට එයාම පිස්සු වැටිලා වගේ හරි ලෝබකමකින් මං දිහා බලන් එයා ආයි ආයි...ඒකම කිය කිය හිනා වෙද්දි...මගෙ...මගෙ කියන වචනයක් ගානේ...මගෙ හිත පීරි ගෑවෙන බව නොදැන එයා හිනා උණා..

"කිරුළු...!! කටා කරන්නකෝ...උයා ඉන්නවා නේඩ...කවුරු හරි කමක් නෑ...මං උඩට එනවා උන්න....බය වින්න එපා.....හුල්මනක් ඒම නෙමෙ...මං බංගලාවේ සුද්දා..."

"ස්ස්...ස...ර...ර්..ඔයා ඇත්තටම ආවද..."

"ආවා තමා...මුකෝ උයා....හුල්මන් කියලද හිතුවෙ...බුවා....හ්....."

අට්ටාලෙන් පහලට එල්ලුන කකුල් දෙකත් වන වන'ඔහේ කල්පනා ලෝකේ හිටපු මං ආයි ඇහුණ කතා සද්දෙටයි..හතර අතේ වැදුණ ටෝච් එලියයි නිසා සිහියට ඇවිත් හැරිලා බලද්දිත්,මේ මහ රෑ 12ත් පහු උණ වෙලාවේ ඇවිත් තිබුණ එයා, ටෝච් එකත් නළලේ ගැට ගහන් අද තනියමම නැගලා ඇවිත් ටෝච් එක ගලවලා ඕෆ් කරලාම පැත්තක තියන ගමන්,මගෙ දකුණු පැත්තෙ වාඩි වෙද්දී මං කලබලේට කඳුලු පිහදාන් එයාට ඉඩ දුන්නා...

"ඒත් ඇයි...මේ මහ රෑ...වැහි හීතලේ
සත්තුත් ඇති...කෑවනම් මොකෙක්හරි.."

"එහෙනම් උයා මේ රෑ මැඩ ගශ් නඟින්නේ... උයාගෙ කන්නෙ නැද්ද...මුකො ඔයා එයාලව අඳුනන නිසාද.."

"හ්ම්ම්..."

"කිරුළු..."

"ම්ම්.."

"ඇයි.."

"ආ..හ්."

එයා ඇවිත් අට්ටාලේ පොඩි ඉඩේ...මං ළඟ ගෑවි ගෑවි වාඩි වෙද්දි තාමත් දැනෙන වැහි හීතලේ එයාගෙ උණුහුම කවදාටත් වඩා දැණෙද්දී... ඒ උණුහුම නිසා...හැඟීම් හදුනා ගත්ත හදවත කවදාටත් වඩා නොසන්සුන් කමේ උඩ පනින්න ගද්දී...එයාව මඟ අරින්න උපරිම උත්සාහ කරත්...එයාව දකින්න...ළඟින් ඉන්න...කොයිතරම් මගෙ හිත බලන් හිටියද කියලා තේරුම් යද්දි...මට කතා කරන එකත් හරි වෙහෙසක් වගේ දැනුණ...

"නාන්න ආවෙ නැට්ටේ.. මං බලන් හිටිආ.."

"වැස්සේ..!!"

"ඉටින් අපි වැස්ශෙ නානවනෙ වෙනදටත්..."

"ස...ර්.."

"ඇයි...උයා මාව හිටා මටා miss කරනවාද කිරුළු...මොකක් හරි වැරැද්ඩක් උණාද මගෙන්.."

"අ.. අනේ එහෙම නෑ සර්...ගෙදර වැඩ...ගොඩයි..අම්මට කඩේ අරින්න යන්න බැරි නිසා අපි පොඩි වැඩක් පටන් ගත්තා...ඒ වැඩ දවසම..."

වෙනදට වඩා හරි අමුතුවට බරවෙලා ඇහුණ ඒ කටහඬින් ටිකකට කලින් මගෙ හිත අහපු ප්‍රස්නෙට උත්තර ලැබෙද්දී....මගෙ පපුව හිරවෙනවා දැණෙද්දී...මන් ඇත්තත් බොරුත් නොවෙන උත්තරයක් අමාරුවෙන් ගැට ගහ ගත්තා...

........

........

"මට ගුඩක් පාළු දැනුණා.."

"ස්..සර්.."

එකිනෙකාගේ සුසුම් සද්දෙට විතරක් ඉඩ දීලා නිහඩව ගෙවුණ දිග වෙලාවකට පස්සෙ මගෙ දකුණු අතේ ඇගිලි එක්ක ඒ අත පැටලිලා යද්දි ගැස්සිලා ගිය මගෙ ඇස් අග්ගිස්සේ දැන් සෑහෙන වෙලාවක් තිස්සේ පොරකාපු කදුළු පෝලිමක් හරි හදිස්සියෙන් වගේ පහලට ගලාගෙන යද්දි..බංගලාවට උඩින් හඳ වහගන්න ගමන් මාව එයාගෙන් හංගා ගත්ත වැහි වළාකුළාට මන් හිතින් පිං දුන්නා.....

"මං හෙමදාම ආවා..නාන්න ආවෙ නැතත්...උයා කතා කරලා යන්න එයි කියලා හිතුවා..උදේ ඉඳන් උයා පාරෙ යයිද කියලා බලන් හිටියා...උයාව දැක්කෙම නෑ..."

"සොරි..මට කලින් කියන්න තිබුණා...ආයි එන්න එපා...වැස්ස සැර නිසා අම්ම ඇලේ එන්න දෙන්නේ නෑ..සර් එන්නත් එපා..."

.........

.........

"ඒත්..මට උයාව බලන්න ඕනා...නැතිකො..ට...නැති..කොට....ආ.ශ් ශ්... මං හිතන්නෙ මට පිස්සු...########### never... never.  කවඩාවත් නෑ....#######"

අර අලිවැස්සේ කූඩෙකුත් අල්ලන් මං එනවා බලන් උන්න එයාව හිත අස්සෙ මැවෙද්දී මට මහ වරදකාරි හැඟීමක් දැණෙද්දී ඒ ඇස් බලන්නත් බැරිව මගෙ ඇස් බිමටම බර වෙලා මගෙ කකුල උඩ එකට පැටලිලා තිබුන අත් උඩින් නතර වෙලා තියෙද්දි ආයිමත් ඇති උණ දිග නිහඬබවකට පස්සෙ එය කලබලෙන් මගෙ අතෙන් ඒ අත ඇදලා ගන්න ගමන් අත් දෙකෙන්ම මූණ පිහගෙන පිහගෙන ගිහිං කොන්ඩෙත් අවුස්සන්, මොකක්දො කියන්න හදලත් මඟ නවත්තන් කවදාවත් නැතිව german වලින් මොන මොනවාදෝ මහ ගොඩක් කියවන ගමන් ,එයාගේම හිතේ ඇති උණ සිතුවිල්ලක් එහෙම නෙමෙ කියලා එයාටම කියාගන්න වගේ කෑ ගහපු එයා..කකුල් අට්ටාලෙන් පහලට එල්ලෙද්දීම අට්ටලේ උඩ දිගා උණා...

.....

.....

......

"කිරුළු..."

"ම්ම්.."

"හුරෙන් බල බල ඉන්නෙ...එන්නකෝ මෙටන්ට ටිකක්...මං ළඟට..."

දකුනු අතත් නමන්,නමපු වැලමිටේ ඔළුව තියන්,උඩ බැලි අතට දිගා වෙලා අහස දිහා බලන් උන්න එයා දිහා බලන්න ඕනා උණත්,හැරිලා බලන්න හිතට හයියක් නැති වෙද්දි මං එයා දිහා යාන්තං ඔළුව හරවලා කීප සැරයක්ම ඇස් කොනෙන් බලද්දී නිහඬව ගෙවුන මොහොතකට පස්සෙ එයා යාන්තං ඔළුව උස්සලා මගෙ වැලමිටෙන් අදිද්දී , මෙහෙම මගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා සර් කියලා කෑ ගහලා කියන්න ඕනා උණත්,ඒ වචනෙ ඇහෙන පමාවට...මේ තරම් වෙලා මටත් ඕනා උණේ ඒ දේ වගේ.. තුවාල උණ වම් අත වැලමිටෙන් නමන් ඒ අතේ ඔළුව ගහන් මං එයා ළඟින් දිගා උණේ ඇයිද කියලා මටම හිතා ගන්න බැරි උණා...

මතුසම්බන්ධයි...
👩‍💻 dil

2024/01/09

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

වස්තුලා...

මොකුත් අහන්නෙ නෑ... හැඟුණ දැනුන දෙයක් කියන් යන්න...🥺🥺

🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

සාගරේ තරම්....
ආදරෙ අරන්....
සරා සිහිනයේ නැවතිලා
පිරු මතකයෙන්
සිනා මල් හොයන්
පැතුසේ මා සිතුම් පුදලා..
නුරා මල් හැගුම් ඇහැරිලා.....
සදා ජිවිතේ ඔබ වෙලා....

ආදර කවියේ දුරක ගිහිල්ලා
ජිවිත හීනෙට පාටක් දුන්නා
හීසර හිත යට කොනකින් තියලා
සුලගට ඒ පෙම් කතාව කිව්වා ල
තනිකම රෑ තුරුලෙ උන්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

සාගරේ තරම්....
ආදරෙ අරන් ..
සරා සිහිනයේ නැවතිලා
පිරු මතකයෙන්
සිනා මල් හොයන් පැතුසේ මා සිතුම් පුදලා....

පාවෙන සුසුමෙ උණුහුම හංගා
හිතල දෙතොලින් දෙකොපුල් ඉම්බා
සාගර රළ හා තනුවක රන්දා
ආදරණියම කවියක් ලිවුවා
ඇසිපිය ගැඑ හීනෙ දුටුදා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා

සාගරේ තරම් ..ආදරෙ අරන්...

Continue Reading

You'll Also Like

2.6K 107 7
༺═──────────────═༻ "Something being both beautiful (pleasurable) and horrific at the same time." ༺═──────────────═༻ A wonderful abomination finds pea...
46.7K 2.4K 18
⚠️Angsty⚠️ I'll be okay... as long as he's happy Started: December 6th, 2020 Finished: December 6th, 2020
2K 337 5
දුක් කම්කටොලු දහසක් බාධක මැද පතාගෙන ආ ආත්මීය ප්‍රේමය....❤️💚
1.7K 198 14
බලා හිදිමි මම මතු භවයක හෝ "පසු වදන" ලියන්නට ඔබ එතැයි කියා...... _අහස් සේහස්ය බණ්ඩාර _