👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

By ChenQing4

43.1K 6.2K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... More

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 4 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 7 🌺👑

808 121 78
By ChenQing4

"කොල්ලො...ඇලට යනවාද..."

"සීයේ..."

පහුවදාත් ස්කූල් ගිහිං ආපු මං ගෙදර වැඩ ඉවරවෙලා ඇලට යන්න ගමන් ඉද්දී වෙල් යායේ ලියද්දක නියරක් බඳින ගමන් උන්න ගමරාළ සියාගේ කටහඬ ඇහුණ මං මඟ නතර උණා...සියාව දැක්කේම ගොඩ දවසකින් නිසා බකට් බේසම් ඔක්කොම බිම තියපු මං නියර දිගේ සීයා ඉන්න තැනට ගියේ පොඩි කථාවක් දාලම යන්න හිතන් වෙද්දි මන් සීයා ළඟට කිට්ටු වෙද්දීම සීයා කියපු දේ නිසා මං එහෙම්ම නියර උඩ නතර උණා...

"ආන් සුදු මහත්තයා දැන් සෑහෙන වෙලාවක ඉඳන් බලන් ඉන්නෙ උඹ එනකං.."

"ආ..හ්..."

"මං දැක්කා ඊයේ උඹ එක්ක නානවා...මං නාගන්න ඇවිල්ලත් ආය පහළ මංකඩට ගියා සුදු මහත්තයාට බාධා වෙයි කියලා...ලොකු උදවියනේ.."

"ආහ්..නෑ...සියේ..සර් එහෙම නෑ..."

"උඹත් ඉලන්දාරියෙක්නේ බන්...මේ නාකි අපි එහෙමද...ඔය දැන් ඉන්න ඉලංදාරීන්ට නාකි උදවිය අල්ලන්නෙ නෑ...රට රටවල් වල ඇවිත් රස්සා කරාට කොලු වයසනෙ බන්..ආස ඇති උන්දත් රංචුවේ වැටෙන්න...ඒත් උඹ එක්ක හිනා වෙවී කෝලම් කරන හැටි දැක්කාම පුදුමත් උණා මං.."

"ඒ මොකෝ ඒ.."

සීයා උදැල්ලාත් පැත්තකින් තියලා බුලත්  කෙල පාරක් අයිනකට ගහද්දී මං ඇහුවේ පුදුමෙන්...තැන තැන හැම කෙනා එක්කම කේලම් ඕප දූප කිය කිය නොගියත් ගමරාළ සීයා ගමේ නොදන්න දෙයක් නැති තරම්...ඕනා ප්‍රස්නයක් දිහා විවුර්තව බලන හොඳ මනුස්සයෙක්  ඉතිං සුදු දිගංචියා ගැනත් මිනිස්සු කතාවෙන හැටි සියගේ කටින් අහගන්න මං තව ටිකක් සීයට ලං උණා..

"නෑ බං.. මං ඔය එපිටහ කුඹුරේ ඉද්දී සුදු මහත්තයා අනන්තවත් දකිනවනෙ...අර උඩ තට්ටුවේ ඉන්නවා පේනවා..ආය මූණ බුක්ක ගහන් ඉන්නෙ ජීවිතේට හිනාවෙන්නවත් දන්නේ නෑ වගේ...ඔය බංගලාව ඉස්සරහා ලියද්දේ ඉද්දී බංගලාවෙ සද්දේ ඇහෙනවනෙ...පුදුම කෑ ගැහිල්ලක් අර කොල්ලන්ට කෑ ගහන්නේ...ආය යකා වගේ...මං ඒත් ආරීගෙනුත් ඇහුවා හැමදාම ඔහොමද කියලා...ඒ මහත්තයාගෙ හැටිය කියන්නේ ඔය..ඒ උනාට මැඩම් එහෙම කතා කරද්දි නම් අලි හුරතලේලු..."

....

මේ හරියේ කුඹුරු යායම ඉස්සර අපෙ උණත් දැන් එක එක අයිතිකාරයො ඉද්දී ඒ ගොඩක් කුඹුරු අඳේට අරන් වැඩ කරේ සීයා වෙද්දි බංගලාව ළඟම කුඹුරු කෑල්ලේ වැඩ කරද්දි ඇහුණ විස්තර සීයා කියෙව්වෙ කිසිම නොරිස්සුමක් නැතිව පොඩි එකෙක්ගෙ හපන්කම් ගැන කියන්නා වගේ වෙද්දි, ඒ විස්තරේට දැන් අවුරුදු බර ගානකට කලින් බංගලාව හදපු දවසෙ ඉඳන් මුරට ඉන්න ආරි මාමාගෙන් අහපු විස්තරේකුත් එකතු කරද්දි මං පුදුම උණා...එකට උන්න වෙලාව අතේ ඇගිලි ගාණටත් අඩු පැය ගාණක් උණත් එක මොහොතකටවත් තරහක් කේන්තියක් නොදැක්ක ඒ මූණ මට මතක් උණා..

"අර චතුරයා හෙම ගම පුරා කිය කිය යනවා මං අහගෙන බොසාට ගිනිපුග් ගාය කියලා..."

......

"මොන පුග්ගායවත් ඒ මහත්තයාට නෑ...ඔය උඹ එක්ක හිනා වෙවී යසට උන්නේ...මට පේන්නෙ ඕකෙ වැඩ කරණඋන් එද්දීම මරිසි කෙලලා පොට වරද්දන්..ඒකයි ඔය තදට ඇත්තෙ...ඔය චතුරයා,සුමංගයා එහෙම කොහොමත් නාහෙට නාහන උන්නේ .."

චතුර අයියලාව මතක් කරද්දිත් මට හොයන් ගිහිං කණට එකක් දෙන්න හිතුණා...කොහොමත් ගමේ ලොකුම කඩේ එයාලගෙ වෙද්දි ඒ ගැම්මෙන් කොහොමත් ලොකුකම පෙන්නන් උන්න චතුර සෙවරින් මහත්තයා ඉන්න කාලෙත් බංගලාවේ හයිය අරන් පුදුම විදිහට රැඟුවා වෙද්දි ඌ බංගලාවේ විස්තර හොයන් ඇවිත් කඩේ ළඟ අතිනුත් දාලා කියවද්දී,බන්ගලාව ගැන කුතුහලෙන් උන්න ගොඩක් මිනිස්සු ඒවා මහ ඉහලින් පිලිගත්තා..කොහොම උණත් සියා අන්තිමට කියපු කතාවෙ ඇත්තක් ඇති කියලා මට හිතුණා...

"හ්.ම්ම්ම් එහෙම වෙන්න ඇති.."

"ගමේ උන් නම් අතේ දුරින් තියන් ඉන්න එක හොඳයි..උඹලා අපි වගේ, මහත්තයාලා හිත සතුටින් දෙන දෙයක් අරන් පැත්තට උනාට, මතකනෙ සෙවරින් මහත්තයා ඉන්න කාලෙ...නැති බැරි කමට නෙමෙ පුරුද්දට බංගලාවේ හිඟමන් ඉල්ලන් යන්නත් සමහරු පුරුදු වෙලා හිටියානේ.."

.......

"ආදරේ මනුස්ස කම තියෙන උන් ළඟට මිනිස්සු නෙමෙ සතා සිපාවත් ඇදෙනවා බං ආදරේ හොයන්..ඔය චතුරයා එහෙම වගේද...උඹ හොඳ එකා...තනි පංගලමේ යාලුවෙක් මිත්තරයෙක්වත් නැතිව තනියම ඉන්න එකේ ඒ මහත්තයාටත් ඒක දැනෙන්න ඇති.. ඒකනෙ මේ ආව පිටට උඹ එක්ක ඔය හැටි එකතු උණේ.."

"එහෙම එකතුවක් නෑ ඉතිං..ඔය මඟ දකලා කතා කරා දවසක් 2ක්...ඊයේමයි ඔය නාන්න ආවෙ.."

"ඒ උනාට මං බලාගෙන පහුගිය දෙතුන් දොහේත් රෙදිත් අරන් ඇවිත් බලන් ඉඳලා යන්න ගියා...උබ එනකං ඉන්න ඇත්තෙ..පලයං පලයං..අදත් සෑහෙන වෙලාවක ඉඳන් ඇවිත් ඉන්නෙ ඔය.."

සීයාගෙන් අහපු කතා ඔක්කොටම පස්සෙ මගේ පපුවට මහ නොතේරෙන බරක් දැනුණා...පිට රටක සැපට හැදුණ සුදු මහත්තයා,තමන්ගෙ තත්වේට ගැලපෙන යාලුවෙක් හොයා නොගෙන මේ දුප්පත් රටක පොඩි පැලක මන් වගේ කොල්ලෙක්ට ළංවෙලා බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දෙයක්ද කියන්න මට හිතාගන්න බැරි උණා...

"ආ..කුල්ලෝ..."

"ස්..සර්...අදත් ආවාද..ඔයා..."

ඒ කල්පනාවෙන්ම ආපු මං ගැස්සිලා ගියේ මයිල ගහ යට ලී කොටේ උඩ ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ උන්න එයාගෙ කටහඬට වෙද්දි ඔක්කොටමත් කලින් එයා එක්ක කතා කරන්න ඕනා කියලා හිතුණ නිසා මං බකට් බේසම් බිම තියලා එයා ඉස්සරහා පපුවට අත් බැඳගෙන හිටගත්තා..ඒ එක්කම ඔඩොක්කුවේ තිබුණ එයාගෙ රෙදි ටිකටත් ඇස් යැව්වා...මෝඩ සුදු රෙදි හොරා...ඊයේ වචන දාලා..මාව අතරමං කරලා..මගේ සාලූ කෑල්ල උසන් ගිය ගෙරි සුද්දා..අද ඒක ගෙනල්ලත් නෑ...මං ඇස් පුංචි කරන් ඔඩොක්කුව දිහා බලන් ඉඳල ආයි ඒ ඇස් දිහා බලද්දී  එයා ඇස් උඩ දාලා ඇයි අහන ගමන් මගේ අතින් ඇදලා අරන් එයා ළඟ පුංචි ඉඩේ වාඩි කර ගද්දි, සාලුව ඇලේම ගිහිං මගේ පපුව ආයිමත් අර නුහුරු ගැස්මෙන් උඩ පනින්න ගත්තා...

"සෙල්ෆියක් ගාමු..."

"ඒත්."

"අර ලෂ්සන හිනාව දෙන්න my crown...."

හැම වෙලාවේම my my ගාන්නේ..මගෙ ඔටුන්න..යස නම..සමහරවිට ඒක මගෙ කිරුළ කියන එක වෙන්න ඇත්ද.. ඒ මොන විකාරයක්ද...මගේ කරවටේ අත දාලා මාව තව ටිකක් ළඟට ඇදගෙන එයා කියද්දි හිනාවෙන එක කෙසේ වෙතත් එකට එකක් තෝරා බේරා ගන්න බැරි හැඟීම් ගොඩක් එක්ක මං ඒ මූණ දිහා බලද්දී මං ෆෝන් එක දිහා නොබලන නිසා එයා හැරිලා මං දිහා බලද්දීම ෆෝන් එකේ ක්ලික් සද්ද කීපයක් එක දිගට ඇහිලා නවතිද්දීත් අපි දෙන්නා කවදාටත් වඩා ළඟ ළඟ පේන එකිනෙකාගේ ඇස් අතර මොහොතකට අතරමං වෙද්දි මගේ උරහිස වටේ තිබුණ එයාගෙ අත තද වෙලා යනවා මට දැනුණා...

"ක්..හ්ම්..දැන් ඇති..අනික මොකටද මගේ ෆොටෝ..සර් තනියම ගහගන්න.."

"උයාගෙ ෆොටෝ ඌනා ළඟ නැටිකුට බල බල ඉන්න...වාව්... හිනා නැටි උනාට ඒ ටික perfect..ඇට්ටටම ලෂ්ශනයි prince.."

"හ්ම් මං ඇහුවේ ඇයි අදත් ආවෙ...ඊයේ අසනීප උණේ නැද්ද.."

මං කලබලෙන් ඒ අත මගේ උරහිසෙන් අයින් කරද්දි ඒ ගැන ගාණක්වත් නැතිව එයා ෆෝන් එකට එබුණා...ළඟ නැතිකොට බල බල ඉන්නලු....පිස්සු හැදෙයි තමා...ඒ වචන වලට පිස්සු හැදෙන්න ආවත් මට ඇත්තටම පිස්සු හැදුනේ එයා දික් කරපු ෆෝන් එකට ඇස් යවද්දීයි.....බැලු බැල්මට යාළුවෝ දෙන්නෙක්වත්, නොදන්න දෙන්නෙක්වත් එකට ගත්ත photo වගක් ඒවයින් නොපෙනෙද්දී ,phone එකෙන් පේන සම්පූර්න වටපිටාව පුරාම මහ හුගාක් හැඟීම් පිරිලා තිබුණා...මොකක්ද කියන්නේ ඒකට...ම්ම්...ඒ photo හරිම romantic....විකාරයක් උණත්...පිරිමි දෙන්නෙක් අතර මොන romance ද හිතුණත් මාව ලේ පිරිලා රතුවෙලා යනවා දැනෙද්දී මං කතාව වෙනස් කරන්න උත්සාහ කරේ phone එක දිහා දිලිසෙන නිල් ඇස් එක්ක පුදුමාකාර තෘප්තිමත් හැඟීමකින් බලන් ඉන්න එයාගෙන් ඇස් අහකට ගන්න බැරිව...

"මං ඊඑ කිව්වනේ...අදට් එනවා කියලා..."

"ඒ උණාට ඇයි..බංගලාවේ වතුර තියෙද්දි මෙහෙ එන්න ඕනා නෑනෙ.."

"මං එන්නෙ උයාව බලන්න.."

එයා මං දිහා බලන් ඊයේ කිව්වනේ කියලා උත්තර දෙද්දී මං ඒ ඇස් මඟ ඇරලා අනික් පැත්ත බැලුවත් මගේ ඊලඟ ප්‍රස්නෙට එයා දීපු උත්තරේ  නිසා ගැස්සිලා ගිය මං ආයිත් ඒ ඇස් අස්සෙ හිරවුණා...

"මාව බලන්න ඒත් ඇයි සර්.."

........

........

"මට හරි පාළුයි කුල්ලෝ..."

......

මගේ ප්‍රස්නෙත් එක්ක දිග වෙලාවක් නිහඩව මං දිහා බලන් උන්න එයා ලොකු සුසුමක් හෙළන ගමන් මගේ අතක ඒ අත පටලා ගත්තා...ඒ පටලන් ෆෝන් එක අල්ලන් උන්න අතේ දඹර ඇගිලෙන් එයාගෙ අත එක්ක පැටලුණ මගේ අතේ ඉරි අදින්න ගත්තෙ ඇයි කියන්නවත් මං දැනගෙන හිටියෙ නෑ...ඊටත් ඒ අතින් මගේ අත ගලවා ගන්න මට අමතක් උණේ ඇයිද කියන්නවත් මට තේරුනේ නෑ..

"බංගලාවේ කවුරුට් නෑනෙ..වැඩ කරන කුල්ලෝ හිටියට මන් එයාලට කෙමටි නෑ..හරි කරඩරකාරයි ඉයාලා..උන් හැඩුවේ මං එද්දීම අල්ලාගෙන බීලා ජොලි කර්ලා ෆන් ගන්න..එයාලගෙ හිටේ මං drinks අරන් පිස්සු කරන play boy කෙනෙක් කියලා...මං ඒම කෙමටි නේ.. ගේට් ඉකේ ඉන්න ආරි විටරයි හොඳ...ආරි පාපාගේත් favorite..මාට් ආරීට කෙමටි..ඒට් ආරි මගේ පපා වගේ...friend කිනෙක් වගේවට් නෙමෙ...මං මෙහෙ ආවෙ පුඩ්ඩක්වට් කැමට්ටකින් නෙමෙ...ඉතින් මට එපා විනවා..ගුඩක් පාළුයි..සොරි..මේම කිනවට.. ඒට්...මං හේට් කරනවා...මෙහෙට...උයාගෙ රටට..මං ආස උණේ නෑ පුඩ්ඩක්වට්..ඒ නිසා හුගාක් අමාරුයි මට.."

ගමරාළ සීයත් කිව්වා වගේ එයාගෙ නපුරු සැලකිල්ලට හේතුව වැඩ කරන කොල්ලොන්ගේ නොමනා හැසිරීමම වෙන්න ඇති කියලා එයාගෙ කතාවෙන් මට තේරුම් ගියා...

"ඒත් ඇයි..අකමැති මෙහෙට.."

"මගේ පපා...ඉයා අපිට..මගේ මමාටයි මටයි නෙටි උණේ ලංකාව නිශා..මගේ පපා මෙහෙට පුදුම කෙමටි..ඒ වගේම බැලූන් වලටත්..මමා පපා මං පුඩි කාලෙ අපි හුගාක් හැපි එකේ හිටියා...ඒට් පපා ජොබ් ඉකට මෙහෙ ආවම අපි ඩුරස් උණා...මමා හෙමඩාම ඩුකින්..පපා month six මෙහෙ... six එහෙ..ඒට් අපි හිටිආ කෝමහලි..ඒට් පපාට ඔන උණා මෙහෙ සෙට්ල් වෙන්න..ඒක මගෙ මමාගෙට් හීනයක්..ඒට්..මගේ මමාගෙ මමා මෙහි උණට් මමා ඉපඩුණේ ඕකු උණේ ජර්මන් වල..එයාගෙ citizen එහෙ..ග්‍රැනිත් එහෙ සෙට්ල් වෙලා හිටිඑ..මෙහෙ මුකුට් නැ.. ඉඳලා හිටලා vacation එනවා යනවා විටරයි.. පපාට මෙහෙ සෙට්ල් වෙන්න මමාගෙන් උඩව්වක් නෑ..ඒ නිසා පපා මගේ මමාව අට ඇරලා එයාගෙ අලූට් වයිෆ්ව මෙහෙන් හොයා ගට්ටා.. පපා මගේ මමාව මැරි කරේ ලව් කරලාලු..අලුට් එක්කෙනාවට් එහෙමළු...විකාර ලව්..ලව් කරානම් කොහොමඩ අට අරින්නේ...ඒම..මිනිශ්සුන්ට ටියෙන්නේ  Needs and wants.. ඕන එපා ඩේවල් විටරයි..attraction එකට ලං වෙලා ඕනා දේ උනාම..ටවට් ලව් නෑ එටන...මට ලව් විශ්වාසට් නේ ඉයාලා නිසා...ලව් නිසා කියලා අලුට් වයිෆ් ගට්ටට අඩුම මගේ පපා මමාව ඩාලා ආවට එක අවුරුඩ්ඩක් අලුට් වයිෆ් එක්ක එක හෝම් ඉකේ ඉඩලා නෑ..වයිෆ් colombo..පපා මෙහෙ...එයාලාගේ relationship එකක් එට්ටේම නේ... Marriage certificate විටරයි.."

.......

"පපා අලූට් වයිෆ් එක්ක ගියාට පස්ශෙ...හැමඩාම මගේ මමා අශනිපෙන්..ඉයා හැමඩාම බලන් ඉන්නවා...පපා ඉයාව බලන්න යනකං..දෙන් ten years වලට වැඩි..පපා යන්නෙ නෑ...යන්නෙ නෑ නෙමෙ...එලිනා මමා යන්න ඩෙන්නෙ නෑ පපාට...පපා හිරවෙලා...ඉයාගෙ මෙහෙ හැමඩේම ටියෙන්නේ එලිනා මමා එක්ක හවුලේ..එයා මමා ළඟට ගියොට් මුකුට් නෑ...එයාට නේ කියන්නේ ඉයා හම්බ කරපු දේවල් මටට් නේ..
ඒ නිසා පපා බයයි...මගෙ මමා ළඟට යන්න..."

........

"මට,මගේ මමාට පපාව නැටි උණේ ලංකාව නිසා...ඒ නිසා මං මෙහෙට කැමටි නෑ..අනික අපෙ මමා, ග්‍රැනි...එයාලා පිස්ෂුවෙන් වගේ මෙහෙට ආදරෙයි..සිංහල language ඉකට ආඩරෙයි...මමාට පපා නෙටි උණේ ලංකාව නිසා උණට් ඒ ආඩරේ ඒම්මයි...මගේ මමා එහෙ ඉපඩුනාට හුඩට සිංහල කටා කරනවා...ලිඅනවා...මෙහෙන් ගිහිං ඉහේ ඉන්න පුඩි අයට සිංහල ක්ලාස් කරනවා...
මගේ මමාට ඕනා උණේ මං පුඩි කාලෙ ඉයාට අම්මා කිඅන්න..ඒ ඩෙන්නා මං පුඩි කාලෙ ඉඩන්..මටට් බල කරා..සිංහල කටා කරන්න...it's crazy...පිෂ්ෂුවක් ඒක... Saturday අපෙ ගිදර no german... No english.. Only සිංහල..saturday four hours මට සිංහල ක්ලාස්.. මං ආශ නෑ...මට එපා උණා...මං saturday word වරඩ්ඩලා german or english කිවුවොට් ඉයාලා මගෙ pocket money කපනවා...පාපත් ඒ වගේ...කෝල්ස් ගට්ටාම මට බල කරා සිංහල කටා කරන්න...ඉයාලා ඔක්කොටම ඕනා උණේ ඩවසක මං මෙහෙ ඉන්න...පපාගේ ඩේවල් බාර ගන්න..එයාලා නිසා..ලංකාව වගේම සිංහලට් මට එපා උණා..මෙහෙ එනකංම..මට ඕනා උණේ නෑ එන්න...මාව බලෙන් එව්වෙ.."

"ඉතිං ආවට පස්සෙ..."

එයාගෙ දිග කතාවට පස්සෙ මට නොදැනීම සුසුමක් හෙළුණා...එයා පවු...වැඩිහිටියොන්ගේ ආසාවල් , ආදරේ නාමෙන් එයාගෙ පිට පටවලා..එහෙම අමාරු ඇති ඇත්තටම...සාධාරණ නොවුණත් එයාගෙ පීඩනේ අන්තිමේ එළියට ඇවිත් තිබුනෙ ලංකාව එක්ක වයිරයක් , අකමැත්තක් විදිහට වෙද්දි එයාට හැමදේම මං හිතනවාටත් වඩා අමාරු වෙන්න ඇති..
ඒ කතාව පුරාම මට හිතුණා එයාගෙ ඒ ලංකාව ගැන ආකල්ප වෙනස් උණා නම් කියලා...අනික් අතට තනියම තීරණයක් ගන්න වයසක ඉඳලත් එයා අකමැත්තෙන් මේ ගමන ආපු එක ගැන නම් මට හිතාගන්න බැරි උණා...

"ඒට් ඒ වගේ...මට එපාම උණා...පිස්ෂු වගේ..ආපහු යන්න ඕනා උණා...ඒට් දැන් ඒම නෑ..."

"ඇයි..."

"මං උයාව දෙක්කානෙ...එදා මල් වට්ටේ...little flower prince මාව වෙනස් කරා...මගේ මමා එඩ්ඩි කිව්වා.මෙහෙ යාලුවෙක් හුයා ගන්න..මං මෙහෙට ආශ වෙයි කිආලා...මමාට පිෂ්ෂු කිඅලා මං හිටුඑ...ඒට් මට උයාව හම්බ උණා...මමා හරි...දැන් මට උයාව බලන්න මෙහෙ ඉන්න ඕනා...උයා ඉන්න නිසා ලංකාවට ආශයි දෙන්..ඉශ්සර මට සිංහල ආශම නේ...ඒත් දැන්...උයා එක්ක කටා කරන්න..මට සිංහල ඉගෙන ගන්න ඌනි හුදට...මං මමාගෙන් පරණ ක්ලාස් වල note උක්කොම ගෙන්න ගට්ටා...උදේ බැලුන් ගින් 8 විද්දී බංග්ලෝ ආවම මං දවසම ටනිම..ඒ ඉඩ්ඩි...මං දැන් ආපහු ඒවා ඉගෙන ගන්නවා ටනියම...එයාලා හරි...ලංකාව පිෂ්සුවක්...ඒ සිංහල පිෂ්සුවක්...දැන් මාත් ඒවට පිස්ෂු වෙලා උයා නිසා...ඒ නිසා මමා,ග්‍රැනී,පපා උක්කොම සටුටින්...මාට් සටුටින්..."

......

එයාගෙ වචන වලට ආපස්සට කියන්න දෙයක් තිබුණෙ නෑ මට...ටිකකට කලින් මට ඕනා උණ විදිහටම එයාගෙ ලංකාව ගැන ආකල්ප වෙනස් වෙලා තිබුණා...ඒකත් මං නිසා වෙද්දි,එයාව වෙනස් කරපු එයාව පිස්සු වට්ටපු අපි දෙන්නාගේ දවස් ගාණක යාලුකම ගැන හිතද්දී මගේ පපුව හිර කරන හැඟීමට නමක් දෙන්න මට තේරුනේ නෑ...යාළුකමකට මනුස්සයෙක්ව ඒ වගේ වෙනස් කරන්න පුළුවන්ද කියලා මගෙ හිත මගෙන්ම ඇහුවා...මොකද ඒ වගේ විස්වකර්‍ම යාලුවෙක් කවදාවත් මට නොහිටපු නිසා...

"උයා නිශා අපි හැමෝම සතුටින්...කිරුළ..."

එයා කිව්වේ මගේ අත මිරිකන ගමන් ඒ නිල් ඇස් වලින් මගේ ඇස් වලට එබිලා වෙද්දි ඒ වගේ වටිනාකමක් පිට කෙණෙකුගෙන් ලැබුණෙම මුල් වතාවට වෙද්දි ඒ  ඇස් වලින් මිදෙන ගමන් උගුරේ ගුලියක් වගේ හිරවෙලා තියෙන අපහසුව ගිලින්න මං උත්සාහ කරේ බිම බලන් වේගෙන් ඇහි පිල්ලම් ගහන ගමන්...

"මගෙ යාලුආ විනවා නේඩ..උයා...."

"යාළුවෝ..."

"ම්ම්....යාළුවෝ...."

"විතරද..."

එයා මගෙ අත තව ටිකක් මිරික ගන්න ගමන් තව ටිකක් මගෙ දිහාට හැරිලා මගෙ මූණ පුරා ඇස් යැව්වා...ඒ බැල්මෙන්ම එයාගෙ යාලුවා වෙනවාද ඇහුවා...අන්තිමේ මගෙන් උත්තර බලාපොරොත්තුවෙන් ඒ ඇස් මගෙ ඇස් මත්තේ නතරවෙද්දී මං අහපු ප්‍රස්නවල හේතුවක් තේරුමක් මං දැනගෙන හිටියෙ නෑ...

"ම්ම්..only friends...අපි lover's ලා වෙන්න නෙමෙනේ...මං ලව් විස්වාස කරන්නේ නෑ පුඩ්ඩක්වට්...ඒක බුරු විකාරයක්...මිනිස්ෂු time පාස් කරන්න හදා ගට්ට...ඒ නිසා නෝ ලව්...only friends...ඒක ඕනාම විදිහක යාලුකමක් වෙන්න පුළුඅන්...ඔයා කෙමටි නම්..."

මං ආදරේ විස්වාස කරත්, පිරිමි දෙන්නෙක් අතර ආදරයක් ගැන මමත් විස්වාස කරන්නේ නෑ කියලා මට කියන්න ඕනා උණා.. ලංකාව ගැන වගේම එයාගෙ පවුල් පරිසරේ නිසා එයාගෙ හිතේ ආදරේ ගැන තියෙන ආකල්පත් වැරදි කියලා කියන්න මට ඕනා උණා...ඒත් එයාගෙ වචන ඇතුළේත්,ඒ ඇස් වලත් තිබුණ විස්වාසේ ඉස්සරහා, මට ඒ වෙනුවෙන් පොඩි ඉඩක්වත් නෑ කියලා මට දැනුණා..

එයා ඕනම  විදිහෙ යාළුකමක් කියලා අදහස් කරපු දේ ගැන මට පොඩි අදහසක්වත් තිබුණෙ නෑ..මොකද මට උන්න හැමෝම එකම විදිහෙ යාළුවෝ...එකම විදිහෙ හිතවත්තු...යාළුවෝන්ගෙ වර්ගකිරිමක්  ගැන මං දන්නවානම් දැනගෙන හිටියෙ බුද්ධාගමට ඉගෙන ගත්ත යාළුවෝ වර්ගම විතරක් වෙද්දි...එයා මේ කියන යාළුවෝ වර්ග වලින් අදහස් වෙන්නේ ඒ වගේ දෙයක් නෙමෙ කියන්න විතරක් නම් මට තේරුණා...සමහර විට ලංකාවේ අපි නොදන්න යාළුවෝ වර්ග එයාගෙ රටේ ඇති....

කොහොම උණත් සක්සුදක් සේ පැහැදිලි උණ එකම දේ නම්...එයාගෙ ඒ only friends කියන තහවුරු කිරිම ඇතුලේ...මට මොකක්දෝ හිතා ගන්න බැරි මහ අමුතු වේදනාවක් දැනුණා...එයාවගේ කෙනෙකුගේ යාලුවෙක් වෙන්න අවස්ථාවක් දීපු එක ගැන සතුටු වෙන්න ඕනා උණත්...මීට කලින් කිසිම දෙයක් නිසා නොදැනුණ විදිහේ බලාපොරොත්තු කඩ වීමක් අපේක්ශාබන්ගත්වයක්...හීන මානයක්...නුසුදුසු හැඟීමක් එක්ක එකට කවලම් උණ මොකක්දෝ පීඩාවකින් මගෙ පපුව හිර උණා...එහෙම දැනෙන්න හේතුවවත් මන් නොදැන ඉද්දී...ඒ හැඟීම දෙතුන් ගුණේකින් වැඩි වෙද්දි,මං ඊට වඩා දෙයක් එයාගෙන් බලාපොරොත්තු උනාදෝ කියන එක ගැන හිතන්න උවමනාවක්වත් නොතියෙද්දි, මමත් නොදනිම මං මගෙ අත එයාගෙ අතින් ඇදලා අරගෙන තිබුණා...

"ක්..කි..රු..ළ...."

"ස්...සො..රි..සර්...හිතලා ගත්තෙ නෑ..අපි යාළුවෝ වෙමු..ඒත්..."

......

එයාගෙන් මුදව ගත්ත අත උඩ ඒ ඇස් නතර වෙලා තිබුණ මොහොතකට පස්සෙ ඒ කටහඬ බිඳිලා යන ගමන් එයා ඒ නිල් ඇස් වලින් හරි අසරණකමකින් වගේ මං දිහා බලද්දී මං කලබලෙන්ම ආයි ඒ අත අල්ල ගන්න ගමන් යාළුවෝ වෙමු කියද්දි එයාගෙ මූණේ ලස්සන හිනාවක් මතු වෙන්න ආවත් ආපහු මූණ අමුතු කරන් මොකක්ද අවුල අහන්න වගේ මන් දිහා බැලුවා...

"ඔයා ඔයාගෙ පපා වගේද...නැත්තන් ක්ලාස් මහත්තයා..මන් කියන්නේ ඔයාගෙ අංකල් ක්ලවුස් වගේද..."

"ඒ කුව්වේ..."

"Affairs වලදී.. Relationship වලදී...ඔයාගෙ විශ්වාසවන්තකම...ම්ම්....මං කියනෙ loyalty එක කොහොමද සර්...

......

කවදාවත් ඉබේ ඇති උණ යාළුකම් මිස,යාළුවෝ වෙමුද අහලා ඇති උණ යාළුකම්වත්, මේ වගේ අහසට පොළව වගේ නොගැළපෙන කෙනෙක් එක්ක ඇති උණ යාළුකම්වත් නොතිබුණ මට,මේ හැමදේම අළුත් වෙද්දි,ඒ එක්කම අම්මා කියපු කතාත් හිතට වද දෙද්දී , ඇතිවෙන්න යන යාළුකම ගැන හිතට දෙගිඩියාවක් දැනෙද්දී,මන් ඇහුවේ මගෙ හිත සනසාගන්න හේතුවක් හොයාගන්න හිතන්...

" තේරෙනවද මං අහන දේ... "

"හ්ම්ම්..ටේරුනා...මං ගෙන කිවුවොට්...මං මගෙ පපා වගේ love කිඅන word ඉක ඉස්සරාට ඩාලා hopes දීලා අටාරින කිනෙක් නෙමෙ... එටකොට අංකල් කලවුස් වගේ..හෙමෝම සෙල්ලමට ගන්න..මං කියන්නේ නැති..වග..ම්ම්..වකකීම්ද ඒ word..මන්දා..කූමහරි මං irresponsible paly boy කිනෙකුට් නිමේ.."

සෙවරින් මහත්තයා කියන එකෙන් මං අදහස් කරේ ගමේ හැමෝම එක්ක ඒ වගේ හොදින් ඉන්න කෙනෙක්ද කියන එක උණත්,එයාගෙ පපා ගැන එයාගෙන් ලැබුණේ මං බලාපොරොත්තු නොවුණ විදිහේ උත්තරයක්...එයා එහෙම උත්තරයක් මොකට දුන්නද තේරුමක් නොවෙද්දී ,ලව් නම් මොනාද..එයත් මමත් පිරිමි වෙද්දී මට ලව් අදාලම නෑ...මට හිතුණේ එහෙම...

එයා උත්තර එක්ක,මනුස්සයෙකුගෙ ඇතුළාන්තෙට දරුණු විදිහෙ බලපෑම් කරන්න පුළුවන්කම තිබුණෙ ක්ලාස් මහත්තයා වගේ කෙනෙකුට වඩා සෙවරින් මහත්තයා වගේ කෙනෙකුට බව ඒ පුංචි වයසට නොදැන උන්න නිසාදෝ..අපි තේරුම් ගන්නෙ, කෙනෙක්ට අපිට තේරුම් කරන්න ඕනා දේ නෙමෙ...අපිට තේරුම්ගන්න ඕනා දේ කියන ඇත්ත තහවුරු කරන ගමන්,
සෙවරින් මහත්තයා ගැන දීපු උත්තරේ අමතක කරපු,ගෙඩි පිටින් නොසලකා හැරපු මට ක්ලාස් මහත්තයා ගැන දීපු උත්තරේ නිසා සැහැල්ලුවක් දැනුණා...
එයා ක්ලාස් මහත්තයා වගේ කොළුකාරයෙක් නොවෙන්න ඇති කියන සිතුවිල්ල මගේ හිතේ දෙගිඩියාව පොඩ්ඩක් අඩු කරා...

"......හ්ම්..එතකොට...ඇයි...මේ තරම් මිනිස්සු ඉන්න රටේ...ඔයාගෙ තත්වේට..විදිහට...පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැති මාවම..!! ඔයාට පුළුවන් ඔයාගෙ විදිහෙ ඔයා එක්ක සමවෙන්න පුළුවන් විදිහෙ කෙනෙක්ව යාලුවෙක් විදිහට හොයාගන්න... ඔයාට සමානවෙන්න පුළුවන් කිසිම දෙයක් නෑ මට...ඉතිං ඇයි මාවම..."

මගෙ ප්‍රස්නෙ එක්ක ඒ කට කොණේ පෙනෙන නොපෙනෙන ගාණට හිනාවක් ඇදුණා..සමච්චලයක්වත්, හෑල්ලුවක්වත් නෙමෙ ඒ හිනාව ඇතුලේ තිබුණෙ...විස්වාසයක්...සැහැල්ලුවක් කියලයි මට හිතුණේ...

"මං ලීසියෙන් යාළුවෝ ඇති කරගන්න කිනෙක් නෙමෙ කුල්ලෝ..මගෙ මමා, ග්‍රැනි ඇරුණම වින world ඉකක් නේ මට..පිශ්ශු ටමා..ඒට්..පුඩි කාලෙ ඉඩන් මමා අශනිප වෙඩ්ඩි මට උණේ ග්‍රැනි ඉක්ක ඉයාව බලාගන්න..අනික් යාළුවෝ club යඩ්ඩි ජොලි කරඩ්ඩි මාට් ගිආ..ඒට්  මට යන්න බෑ නිටර..මමා නිශා..ඉටින් මට ගුඩක් යාළුවෝ මඟ එරුණා..හිටපු අයට ඕනා උණේ මගෙ ශල්ලි..ඒවගෙන් ජොලි කරන්න..මගෙන් ප්‍රයූජන ගන්න..ඒක ටේරෙඩ්ඩි මං හෙමොගෙන්ම ඒට් උණා..මගෙ මමා ග්‍රැනි වගේ ලශ්ෂණ මිනිශ්ශු හම්ඹුණේ නේ මට..ඉයාලා කිඅනවා මෙහෙ ලංකාවේ මිනිශ්ශු හරි ලශ්සනලු..හුඳලු..ඒට් මං ආවම මෙහෙට් ඩැක්කෙ එහෙ වගේම අය..මාව නිමේ මගෙ ශල්ලි ඌන උණ අය.."

......

"ඒට් එඩා උයාව,අර මල් මෙද්දේ.. මේම ගුලිඑලා අඩ අඬ ඉන්නවා දෙක්කාම මගෙ හිට කිවුආ...මගෙ මමා..ග්‍රැනි...හෙමදාම කීව ලශ්ෂණ හුද කිනා උයා කිඅලා...මට ඌන නෑ..නිකංම උයාව මිශ් කරගන්න..මට ඌන ට්‍රයි කරලා බලන්න.."

.....

"උයාට ඌන ගෙළපීමක් නම්..උයාට පේනවා...උයට් මමට්...තාමට් මනුෂ්ෂයෝ කිරුළ..."

මං කරපු වැඩෙ හරියට හොරාගේ අම්මාගෙන් පේන අහන්නා වගේ උණත්...දන්න මනුස්සයෙක්වත් විස්වාස කරන්න අමාරු ලෝකේ දවස් කීපයක් විතරක් දැකපු මනුස්සයෙක්ව විස්වාස කරන එක හොඳ දෙයක් නොවුණත්,
ඒ වචන වලින් කියපු කතාවටත් වඩා මගේ ඇස් එක්ක පැටලුණ ඒ නිල් ඇස් කියපු කතාව මට විස්වාස කරන්න ඕනා උණා...ඕනා උණාමත් නෙමෙ...එයා වචනෙන් ඉල්ලුවට වඩා...මගෙන් බලාපොරොත්තු වෙනවා කිව්වට වඩා යාලුකමකට වෙනස් හැඟීමක් ඒ නිල් ඇස් වල දැක්කත්...මමවත් නොදන්න හේතුවක් නිසා...එයා මාව නිකංම මඟ අරින්න අකමැති වගේම...මටත්..එයාව...එයා දෙන්න හදන යාළුකම...නිකංම මඟ ඇරගන්න.. මහ ලෝබකමක් දැනුණා...මටත් ඕනා උණා උත්සාහ කරලා බලන්න...අවසානේ මොකක් උණත්...

"හ්ම්ම්...අපි යාළුවෝ වෙමු...ඔයා කියන ඕනම විදිහෙ යාළුකමකට යන්න සමහරවිට අපිට පුලුවන්වෙයි සර්..."

මං නොදැන උණත්,මං වරද්දා ගත්තද මන්දා...ඕනා විදිහෙ යාළුකමක් කියන වචනේ අදහස නොදැන එහෙම කිව්ව එක හරිද මන්දා..ඒ තප්පරේම මට එහෙම හිතුණා...ඒත් දැන් වචන ගන්න පරක්කු වැඩිකොට..සමහරවිට...දවසක....එයාම ඒ යාළුකමේ වර්ග ගැන මට කියලා දෙයි...එකට පැටලුණු අත් ළඟ තියන් උන්න මගෙ ඇහකින් අහේතුකව වැටුණ කඳුලක් බිමට වැටිලා බොඳ වෙද්දි මගෙ හිත එහෙම කිව්වා....

මතුසම්බන්ධයි...
👩‍💻 dil

2024/01/06

   🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

කෝමද පැටවුණේ....🤗🤗

ලෙවින් දෙබිඩි චරිතයක්ද....නැත්තං ඒ එයාගෙ හැටි වෙන්න ඇතිද....😌😌

අදත් නාන්න ඇවිත්...ඊයේ කෙනුළගෙ සාලු කෑල්ලත් අරන් ගිහිංලූ...🤭🤭

ලෙවින් ආදරේ විස්වාස කරන්නේ නැතිලු...එයාගෙ ආදරේ ගැන තියෙන ආකල්ප ගැන මොකද හිතෙන්නේ. 😌😔

කෙනුල පිළිගන්නෙත් නෑ...පිරිමි දෙන්නෙක් ආදරේ කරන්න පුළුවන් කියන එක..😓😓

ලංකාව ගැන තිබුණ අදහස් වගේ..කෙනුල නිසා ලෙවින්ගේ ආදරේ ගැන ආකල්පත් වෙනස් වෙයිද.... 😌😌

එයා කෙනුළගෙන් බලාපොරොත්තු වෙන්නේ මොන විදිහේ යාළුකමක් වෙන්න ඇතිද...🤧🤧

කවුරු මුලින් තමන්ගේ හැඟීම් ගැන තේරුම් ගනීද....😶😶

කෙනුල තේරුමක්වත් නොදැන.. ඕනා විදිහෙ යාළුකමකට එකඟ උණ එක හරිද....🥺🥺

   🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා...

යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා
මුදු තාර මල් රේණු අගින්
සුවද බෙදනවා
ඵ් සුවදින් මගේ හුස්ම රටා මවනවා...

අහන් ඉන්න අහගෙන ඉන්න...

සිලිසිලියේ හමන සුලග
කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුබටයි
ඒ එලියෙන් දැල්වෙන
ලෝකය මගෙමයි මටමයි...

අහන් ඉන්න අහගෙන ඉන්න...//

Continue Reading

You'll Also Like

639K 39.1K 103
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
418 65 8
පිට අයට අපිව සහෝදරයො වගේ උනාට උඹ මගෙ ජීවිතේම වෙලා ඉවරයි බං.....•
11.5K 1.7K 22
"මල්ලි, මට අරූව දීපම්!" "හහ්?" "අර කොන්ඩකාරිව මට දීපම්..." "උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මයෙ අයියන්ඩි..." ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍...
874K 40.6K 61
Taehyung is appointed as a personal slave of Jungkook the true blood alpha prince of blue moon kingdom. Taehyung is an omega and the former prince...