සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.3K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• දහසය වන දිගහැරුම •

586 162 120
By ___Sky-Heart___

වෙනදා වගේම උදේම කැම්පස් එකට ගියපු තීනු කොහොම හරි තීර්ථව ආයේ යාලු කර ගත්තා . ඒත් තීනු තීර්ථව තමන් ගාවින් තියා ගන්න හැදුවත් යුගාන්ගේ බර බරේ නිසා තීර්ථට සිද්ද උනේ සිතිජ ගාවින් ඉන්න . තීනු ගෙයි යුගාන් ගෙන් විකාර එක්ක දවස ගෙවිලා ගියත් හස්නා අද කැම්පස් නොආපු එකට තීනු සතුටු උනා .

කැම්පස් ගිහින් ගෙදර ගාපු ගමන්ම ඇග පත හෝදන් අම්මා උයලා තියෙන දෙයක් කාපු තීනු හොද නින්දක් දැම්මේ මේ දවස් ටිකේම පාඩම් කරලා තමන්ට හරි නින්දක් වත් නොතිබුනු නිසා . පැය දෙක තුන ඉබේටම ගෙවිලා යද්දි දන්නෙමත් නැතුව හවස් වරුවත් ලං වෙලා තිබුනා . ඒත් තීනු නම් තාමත් සැපට ඇදේ නිදි .

ඒත් තීනුට එහෙම වැඩි වෙලාවක් තවත් නිදා ගන්න නම් හම්බ උනේ උනේ නැහැ . මොකද තීනුගේ අම්මා ඇවිත් තීනුව ඇහැරන්න ගද්දි තීනුගේ සැප නින්ද එහෙන්මම විනාස උනා . ඇස් දෙකත් පොඩි කර කරම නැගිටපු තීනු සොම්බියෙක් ගහලා වගේ ඇදේ වාඩි උනේ නිදිමත බේරෙන මූණකුත් හදා ගෙන .

" ම්හ් මොකද .. අම්මේ ?? "

" මේ තීනු මාත් එක්ක කීල්ස් එකට යන්න එන්නකෝ පුතේ තාත්තා කෝල් කරලා කිව්වා අද ගෙදර එන්න රෑ වෙනවා කියලා "

" අයියෝ .. මට නිදි ... මතයි අම්මේ .. චූටි එක්ක යන්නකෝ .. "

" අපෝ බැහැ හෙට එක්සෑම් එකක් කෙල්ල පාඩම් කරනවා අනේ වරෙන්කො බං මට පරක්කු වෙනවා රෑට බොන්න සුප් එකක් හදන්නත් ඕනේ "

තීනුගේ අම්මා තීනුගේ උරහිසටත් තට්ටුවක් දාලා කියද්දි තීනු අකමැත්තෙන්ම ඇදෙන් නැගිට්ටා . කොහොමත් අම්මගෙන් බේරිල්ලක් නැති නිසාම තීනු පොඩි ටවල් එකත් අරන් බාතෘම් එකට ගිහින් මුහුණ එහෙම හෝද ගෙන ආවේ තියෙන නිදි මත යවා ගන්න . ඒ අතර තීනුගේ අම්මා පහලට ගිහින් ඕනේ කරන් දේවල් ගන්න ලිස්ට් එකකුත් හදා ගත්තා .

ඇදන් හිටපු ශෝටට ටී ශර්ට් එකක් විතරක් ඇද ගත්තු තීනු කොණ්ඩෙත් අතින් හදා ගෙන බයික් එකේ යතුරත් සාක්කුවට දා ගන්න ගමන් පහලට ගියා . මන්දාරමීට ගේ ඇතුලින් ඉන්න කියලා තීනුගේ අම්මා දොරට එලියෙන් අගුලු දැම්මේ කෙල්ලව මොනා උනත් තනියෙන් දාලා යන එක තමන්ගේ හිතට බයක් ඇති කරපු නිසා .

" බඩු ගොඩක් තියෙනවද අම්මේ ගන්න ?? "

" නැහැ බං බඩු කෑලි දෙක තුනයි !! "

" ඉතිම් ඕකට කීල්ස් එකටම යන්න ඕනෙද ?? "

" උබ පැහෙන්නේ නැතුව හිටපන්කෝ !! "

අම්මා එක්ක කොහොමත් තමන්ට වාද කරන්න බැරි නිසා තීනු බයික් එක හරවලා එලියට දා ගත්තා . හෙල්මට් එකත් දාගෙන තීනුගේ අම්මා බයික් එකට නගිද්දි තීනු හරි හිමීට බයික් එක අරන් ගියේ හයියෙන් ගියෝතින් අම්මගෙ කියවිල්ල තමන්ට අහ ගෙන ඉන්න සිද්ද වෙන නිසා . ලග පාතම වගේ කීල්ස් එකත් තිබුනු නිසා විනාඩි දහයක් වගේ ගත වෙද්දි දෙන්නටම කීල්ස් එකට එන්න පුලුවන් උනා .

තීනු පාකින් එකෙන් බයික් එක නතර කරපු සැනින්ම තීනුගේ අම්මා තීනුවත් දාලා කීල්ස් එක ඇතුලට යද්දි තීනු හිමින් සැරේ අම්මගෙ පස්සෙන් ආවා . බඩු කෑලි දෙක තුනක් ගන්නවා කියපු අම්මා කූඩයක් අරන් දැනට මත් ඕනේ කරන දේවල් දා ගන්න දිහා තීනු මූණත් බුම්ම ගෙන ගන්න ගමන් බලන් හිටියා .

රෑට සුප් එකක් හදන්න ඕනේ කියපු නිසා තීනුගේ අම්මා කූඩෙට කැරට් අල ගෝවා බෝංචි එහෙම දා ගන්න ගත්තා . තීනුත් අම්මා ගාවට ලං වෙලා බැලුවේ තමන් කන්න කැමති එළවලුවක් තියෙනවද කියලා . ලීක්ස් වලට තමන්ගේ ඇස් යද්දි තීනු ලීක්ස් ගස් දෙකක් අරන් කූඩෙට දැම්මා ඒත් තීනුගේ අම්මා ආයෙන ඒ ලීක්ස් ගස් දෙක අරන් ලීක්ස් ගොඩට දැම්මා

" අනේ මොකක්ද අම්මේ ලීක්සුත් දාන්නකෝ මම කන්න ආසයිනේ "

" බලපන් ලීක්ස් 250ක් 350යි ගණන් යකෝ කොහෙ තියෙන සල්ලියක් ද ?? ගනන් අඩු උනු දවසක උබට ලීක්ස් අරන් දෙන්නම් "

තීනුගේ අම්මා ඒ අස්සේ ලීක්ස් ගස් දෙකට කියවන්න ගද්දි තීනු ලීක්ස් තොගේ දිහා දුකින් බලන් හිටියා . කොහොමත් මේ රටේ අඩු වීමක් සිද්ද වෙන්නේ නැති නිසා ලීක්ස් කැමේ හීනේ තීනු අතහැර ගත්තා .

" අපෝ මේකගේ මූණේ හැටි !! හරි හරි දාගන්නකෝ එහෙනම් ඔය ලීක්ස් ගස් දෙක තුනක් "

තීනුගේ අම්මා ඒ පාර එහෙම කියද්දි තීනුගේ මූණ පුරාම මල් මල් හිනාවකින් පිරුනා . වෙන එලවළු ජාති මුකුත් කන්න ආසාවක් නැති තීනු ආසාවෙන් කන්නේ ලීක්ස් විතරයි ඒකනෙ තීනුත් ලීක්ස් ගහ වගේ ඉන්නේ . පත සයිස් ලීක්ස් දෙකක් කූඩෙට දාපු තීනු පොඩි එකා වගේ අම්මගේ පස්සෙන් ඉදන් අම්මට එලවළු තොරන්න උදව් කලා .

කොහොම හරි තීනු අම්මා එක්ක වට්ටක්කා තෝර තෝර ඉද්දි තීනු දැක්කා ඒ දිහාවට එන යුගාන්වයි යුගාන්ගෙ අම්මවයි . යුගාන්ව දැකපු ගමන් තීනු අනිත් පැත්තට හැරිලා වට්ටක්කා පලුවකින් තමන්ගේ මූණ වහ ගත්තා . තීනු වට්ටක්කා ගෙඩියක් මූණට ලං කරන් මොන කෙහෙල් මලක් කරනවද කියලා තීනුගේ අම්මට හිතා ගන්න බැරි උනත් ඕකා කොහොමත් පිස්සනේ කියලා තීනුගේ අම්මා නිකන් හිටියා .

තවත් මොනවදෝ රාබු අල ගෙඩි වගයක් ගන්න තීනුගේ අම්මා නොදැනුවත්ම හෝ යුගානුයි යුගාන්ගේ අම්මයි ඉන්න දිහාවට යද්දි තීනු තමන්ගේ අතේ නිය පොතුත් හප හප අම්මගෙ පස්සෙන් ගියා . තීනු දෙවියන්ගෙන් ඉල්ලුවෙ යුගාන් තමන්ව දකින්න එපා කියලා උනත් යුගාන් තීනුව දැකලා තමන්ගේ අම්මටත් තීනුවයි තීනුගෙ අම්මවයි පෙන්නලා හිනා උනා .

යුගාන් හිනා වෙන ගමන් තීනුගේ අම්මා ගාවට ඇවිත් කතා කරන්න ගද්දි තීනු නම් කටත් ඉරක් කරන් යුගාන් දිහා බැලුවා . තමන්ගේ අම්මත් යුගාන්ගේ ඔලුව අත ගගා කතා කරන හැටි දකිද්දි තීනුට නම් ඉන්න බැරි උනා . තීනුගේ අම්මා යුගාන්ගේ අම්මා ගාවට ගිහින් කතා කරලා බදා ගනිද්දි තීනුත් තමන්ගේ අම්මා ගාවට ලං උනා . හැබැයි යුගාන්ගේ ඇස් නම් තිබුනේ තීනුගේ ලගමයි .

" අනේ ශාමලී ටීච ගොඩ කාලෙකින්නේ ඔයාව දැක්කේ !! "

යුගාන්ගේ අම්මා තීනුගේ අම්මව බදා ගන්න ගමන් කිව්වා .

" අපිට ඉතිම් ඉස්කෝලේ වැඩනේ කීර්ති "

අම්මලා දෙන්නා කියවන අතරෙම තීනු ගාවට ලං උනු යුගාන් තීනුගේ කරෙන් අතක් දා ගත්තා . කීල්ස් එක ඇතුලේ අම්මා ඉස්සරහ ඉදන් තීනුට මුකුත් කර ගන්න බැරි නිසා පාඩුවෙ හිටියත් තීනු නම් කැමැති උනේ නැහැ යුගාන්ගේ මේ විකාර වලට . යුගානුත් දැන දැනම ඉතිම් ඇවිත් තීනුව අවුස්සන්නේ තීනුත් ඇවිස්සෙනවා කියන බව හොදටම දැනගෙන .

" අම්මා බඩු අරන් එන්නකෝ මමයි තීනුයි පාකින් එකට වෙලා ඉන්නම් "

" හරි එහෙනම් හැබැයි දෙන්නා වෙන කොහෙවත් යන්නේ නැහැ !! "

" හරි හරි අම්මේ !! "

යුගාන් ගේ අම්මා එහෙම කියද්දි තීනුගේ අම්මා තීනුගේ මූණ දිහා දිහා බලලා රවන්න ගත්තේ එදා යුගාන් ගෙදර ආපු වෙලේ යුගාන්ව හපලා කරපු විනාසේ මතක් වෙලා . යුගාන්ගේ අම්මට කවර් වෙලා තීනුගේ අම්මා ඉගි වලින් තීනුට බැන්නේ යුගාන් එක්ක ආයේ රණ්ඩු උනොත් උබව මම මරනවා කියලා .

" අපි එහෙනම් යන්නම් "

මෙතන ඉන්නවට වඩා යුගාන් එක්ක යන එක හොදයි කියලා හිතුනු නිසා තීනු යුගාන් එක්කම කීල්ස් එකේ පාකින් එකට ආවා . යුගාන් නම් අම්මා එක්ක ඇවිත් තිබුනේ කාර් එකේ නිසා කාර් පාකින් එකට තීනුව එක්කන් ආපු යුගාන් තමන්ගේ කාර් එකේ දොර අරිද්දි තීනු කාර් එක ඇතුලට ගියා . යුගානුත් කාර් එකට නැගලා දොර වහද්දි තීනු නම් අත් දෙකත් හරහට බැදන් හිටියා ඇරෙන්න වචනයක් වත් කතා කලේ නම් නැහැ .

" ඉතිම් අම්මා එක්ක බඩු ගන්න ආවද තීනු ?? "

තීනුගෙන් කිසිම සද්දයක් නැති නිසාම යුගාන් තීනු දිහා බලන ගමන් ඇහුවා .

" නැහැ තොට හාල් ගරන්න ආවේ !! "

යුගාන් දිහා බලලා තීනු හිතුවා ඇරෙන්න ඒක යුගාන්ට කියන්න ගියේ නම් නැහැ . කිසිම උත්තරක් නොදී තීනු ගල් බිල්ලා වගේ ඉන්න නිසාම යුගාන් තීනු දිහා බැලුවා ඒත් තීනු ඉස්සරහ බලන් ඉන්නවා ඇරෙන්න නිකමට වත් යුගාන් දිහා නම් බැලුවේ නැහැ . යුගාන්ට නම් දැන් ඕනේ උනේ තීනු එක්ක රණ්ඩු වෙවී හරී කතා කරන්න ඒත් කොහෙද තීනු ගෙන් නම් මීක් කියලා සද්දයක් නැහැ . 

" බුම්මට්ටා වගේ ඉන්නේ නැතුව මොනවා හරි කියනවා තීනු අඩුම ගානේ මට බැන්නත් කමක් නැහැ !! "

යුගාන් තීනු දිහා වට හැරිලා තමන්ගේ නලලත් රැලි කර ගන්න ගමන් ඇහුවා .

" හරි එහෙනම් මං ඔයාගෙන් දෙයක් අහන්නද ?? "

" ම්ම්ම් අහන්න "

" ඔයාගෙයි හස්නගෙයි සම්බන්දේ ගැන අම්මා දන්නවද ?? "

තීනු ඇස් කොනෙන් යුගාන් දිහා බලන ගමන් අහද්දි යුගාන්ගේ තොල් අතර සෙල්ලක්කාර හිනාවක් ඇදුනා . කොච්චර යුගාන්ට අකමැති උනත් තීනුට හැමදේම හොයන්න ඕනේ .

" තාම කිව්වේ නැහැ "

" කොහොමත් තමුසෙට අම්මට ඕවා කියන්න බෑනේ !! ඊලග මාසේ වෙනකොට තමුසෙ හස්නව අත ඇරලා තව කෙල්ලෙක් එක්ක සෙට් වෙයි !! දැනට මත් තමුසෙ වට බඩ්ඩක් වෙලා ඉවරයි යුගාන් !! "

තීනු කියන කට කැඩිච්ච කතා වලට යුගාන් හිනා වෙනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නම් කලේ නැහැ . තමන්ගේ නිකටත් පිරිමදිමින් තීනු දිහා බලපු යුගාන් තමන්ගේ තොල් තද කර ගත්තේ තීනුගේ කම්මුල් වලින් අල්ලන් තීනුගේ මූණ තමන්ගේ දිහාවට හරවගමින් . තීනු හැටට හැටේ යුගාන්ට රවන්න ගනිද්දි යුගාන් තීනු ගේ කම්මුල දෙපැත්තෙන් තද කලේ තීනුගේ තොල් ඉස්සරහට උල් වෙද්දි .

" තමුසෙට නම් ට්‍රැක් බබා කොහොමද ඔහොම මගෙ ගැන හිතුවේ ?? "

" ඔලු ගෙඩියෙන් තමයි ඉතිම් ඇයි තමුසෙ හිතන්නේ වෙන කොහෙන් හරිද ?? "

තමන්ගේ කම්මුල් වල තියෙන යුගාන්ගේ අත අහකට විසික් කරපු තීනු යුගාන් ගෙන් සමච්චලේට වගේ අහද්දි යුගාන් තීනු දිහා බලලා තමන්ගේ ඇස් රෝල් කලා .

" තමුසෙ මිනිස්සුන්ට කතා හදන්න හෙන දක්ශයි තීනු "

" අනේ මේ මිනිස්සුන්ට කතා හද හද ඉන්න මට මොලේ අමාරුවක් නැහැ "

" එහෙනම් අහිංසක මට ඔය වගේ කතා කියන්නේ ඇයි මේ හිත පෑරෙනවා තීනු !! "

යුගාන් තමන්ගේ පපුවට අතක් තියලා හෙන රංගනයක යෙදෙද්දි තීනු යුගාන් දිහා නොරිස්සන බැල්මක් හෙලුවා . යුගාන්ගේ ඇටේ ඉදලා තියෙන්නේ බොරුව කියලා දන්න නිසාම යුගාන්ගේ පෑරෙන තැනක් පෑරෙන්න දීලා තීනු ඔහේ හිටියා .

" තොගේ බිබික්කම මට කියලා තලා ගන්නේ නැතුව නවත්ත ගනිමින් යුගාන් දැන් වත් ඔය රැගුම !! "

" රැගුවෙ නැහැ බබා මේවා හද පත්ලෙන්ම එන වේදනා බර අදෝනා "

" තොට මට එක පාරක් කිව්වා නවත්තපන් කියලා ඕක හිටපන් උබට මම "

යුගාන් දිහාවට හැරුනු තීනු යුගාන්ගේ ඔලුව ඇදලා අරන් පහත් කරලා යුගාන්ගේ ඔලුවට හයේ හතරේ පාරවල් ගහ ගෙන ගියා . තීනුට දිරවන්නේ නැත්තේ යුගාන්ගේ ඔය බොරු කතා !! ඔලුවත් පහලට කර ගෙන ඉන්න යුගාන් අත් දෙකෙන් ඔලුව වග ගහන්න ට්‍රයි කරත් සීට් එක උඩ නැග ගෙන තීනු තමන්ට නෙලන නිසා යුගාන්ට හෙලවෙන්න වත් බැරි උනා .

ඔලු කට්ට විතරක් නෙමේ ඒකේ අස්සේ වැලි කැටයක් තරම් සයිස් එකෙන් තියෙන යුගාන්ගේ මොලෙත් තීනුගේ දෙසෑ බෑම් වලට හෙල්ලුනා . පරණ තරහවලුත් එක පාර පිට කරන්න වගේ තීනු යුගාන්ගේ කොණ්ඩෙනුත් අදින්න ගත්තා . මොනා උනත් කපුටු කූඩුව වගේ තියෙන යුගාන්ගේ කොණ්ඩේ දැන් වටු කුරුලු කූඩුව වගෙ උනා . තමන්ට කොච්චර රිදුනත් යුගාන් එක පාරක් වත් තීනුට ගැහුවේ නැහැ .

" අහ්හ් තීනු බබා රිදෙනවා .. යකෝ අතෑරපන් මගේ කොණ්ඩෙ.... "

" තොගෙ කෙස් ගස් ටික මම අද උගුල්ලලා තෝව තට්ටයෙක් කරනවා !! තට්ට යුගාන් සිමයියාහ්හ්හ් "

යුගාන්ගේ කොණ්ඩෙන් තීනු දාගෙන අදිද්දි යුගාන්ගේ ඇස් වලට කදුලු පිරෙන්න ඔන්න මෙන්න තිබුනේ . එක පාරටම තීනුගේ අත් දෙකත් ගසලා දාපු යුගාන් ඇස් දෙකත් රතු කරන් තීනු දිහා බලද්දි තීනුට කෙල ගුලියක් ඉබේටම ගිලුනා . තීනුගේ අත් දෙක තද කරලා අල්ල ගත්තු යුගාන් තීනුව සීට් එකට තල්ලු කරලා තීනුගේ මූණට ලං වෙන්න ගද්දි තීනුගේ නලල දෙපැත්තෙන් හීන් දාඩියත් දාන්න ගත්තා .

" මට කියලා ඔය ලස්සන මූණ පොඩි කර ගන්න හදන්න එපා තීනු බබා !! මම හොදට හොදයි නරකට ඊටත් වඩා නරකයි ඔයාට ඒ ගැන මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ ම්ම්ම් ??? තමුසෙ මට බැන්නත් මං ඉවසනවා අතක් ඉස්සුවත් ඒත් ඉවසනවා !! හැබැයි ඒ හැම දේකටම ලිමිට් එකක් තියා ගන්න බබා !! ආයේ මට ඒක මතක් කරන්න විතරක් ඉඩ තියන්න එපා මොකද මම කැමති නැහැ ඔය ඇස් වල කදුලු කදුලු පිරෙනවා දකින්න හ්ම්  තේරුනාද ??!! "

තීනුගෙ කම්මුලක් පුරා යුගාන් ඇගිල්ලක් අර ගෙන යන ගමන් තීනු ගෙන් අහද්දි තීනු යාන්තමින් ඔලුව වැනුවා . දැන් ටිකකට කලින් චණ්ඩියා වගේ යුගාන්ට ගහපු එකා දැන් හිමිච්චා වගේ ඉද්දි තීනුගේ මූණ දැකපු යුගාන්ගේ තොල් අතර ඉබේටම වගේ හිනාවක් රැදුනා . තීනු කොච්චර යුගාන්ට ලොකු පාට් දැම්මත් යුගාන්ට පොඩ්ඩක් තද උනත් ඇති තීනු නැට්ට අකුල ගත්තු පූස් පැටියා වගේ සයිලන්ට් වෙනවා .

යුගාන්ට ලොකු තරහක් නැති උනත් යුගාන්ගේ මූණේ හැටි දැක්කම තීනුට ටිකක් බය හිතුනා . යුගාන් තීනුගෙන් ඈත් නොවීම තීනුගේ කම්මුල පිරිමදිමින් ඉද්දි තීනු තමන්ගේ තොල් තද කර ගන්නවා ඇරෙන්න යුගාන්ට කිසිම දෙයක් නොකියා ඉන්න වග බලා ගත්තා . යුගාන් එන්න එන්නම තීනුගේ මූණට ලං වෙද්දි තීනු කාර් එකේ සීට් එක තදින් අල්ල ගන්න ගමන් යුගාන් දිහා බැලුවා .

ඒත් යුගාන් ඇස් තිබුනේ තීනුගේ ඇස් වලට නෙමෙයි තීනුගේ තොල් වලට . තීනුගේ උරහිසින් අල්ල ගත්තු යුගාන් තීනු දිහාවට බර වෙද්දි තීනුගේ අත් යුගාන්ගේ ශර්ට් එක තදින් අල්ල ගත්තා . නොදැනීම තීනුගේ ඇස් පිය වෙද්දි යුගාන් තීනු ගෙන් අහකට උනා . යුගාන් තමන්ව තාම කිස් කලේ නැති නිසා තීනු එක ඇහැක් ඇරලා බලද්දි යුගාන් තීනු දිහා කන්න වගේ බලන් හිටියා .

" මොකද තමුසෙ කට කෑවේ නැත්තේ ?? "

" මොන කටක් ගැනද කියවන්නේ ?? "

" මගෙ ගාවට ලං උනේ මගෙ කට කන්න නෙමෙයිද තමුසෙ ?? "

" පිස්සුද ශටර් එකේ කුරුමිණියෙක් හිටියා මං ඌව අයින් කරන්න ලගට ආවේ "

යුගාන් කිව්ව දේත් එක්ක තීනුට මහ තිරිසන් ලැජ්ජාවක් ඇති උනා .  ඇත්තටම තීනු හිතුවේ යුගාන් හදන්නේ තමන්ගේ කට කන්න කියලා ඒත් කොහෙද යුගාන් තමන් ගාවට ලං වෙලා තියෙන්නේ ශටර් එකේ හිටපු කුරුමිණියා අයින් කරන්න කියලා දැන ගද්දි ලැජ්ජාවෙන්ම තීනුගේ මුලු මූණම පිරිලා ගියා . තීනු යුගාන් ගෙන් තමන්ගේ මූණ හන්ග ගන්න හැදුවත් යුගාන් තීනුගේ නිකටෙන් උස්සලා තීනුගේ මූණ තමන් දිහාවට හරව ගත්තා .

" තමුසෙ ඔච්චර ආසද තීනු මං තමුසෙගෙ කට කනවට  ?? "

" අනේ මේ යනවද යන්න !! "

" කොහෙ යන්නද මං කට කන කල්නේ තමුසෙ බලන් හිටියේ ඉතිම් මම තීනු බබාගේ කට කන්නද "

" කට කන්න බැරි නම් පුක හරි කාපන් මට මොකද ?? "

" ඔන්න එහෙම නම් මම කනවා "

" ඉතිම් කාපන් මිනිහෝ !!!!!! "

තීනු යුගාන්ට කෑ ගහන්න ගද්දි යුගාන් තීනුව කාර් එක සීට් එකට බර කරලා තීනුගේ උඩට ආවා . තීනුගෙ ශර්ට් එකෙන් අල්ල ගත්තු යුගාන් තීනුගේ තොල් වලට බර වෙන්න හදන කොටම කාර් එකේ ශටර් එකට යුගාන් ගේ අම්මා තීනුගේ අම්මා එක්ක ඇවිත් තට්ටු කරන්න ගත්තේ දෙන්නා එක්කලා ඕන කරන දේවල් අර ගෙන ආපු නිසා .

ඒ සැනින් යුගාන් වෙඩිල්ල වගේ තීනුගෙන් ඈත් වෙලා තමන්ගේ ශර්ට් එක එහෙම හදා ගනිද්දි යුගාන්ටත් කලින් තීනු හොරාට කාර් එකෙන් බැස්සා . යුගානුත් කාර් එකෙන් බැහැලා තමන්ගේ අම්මා ගාවට කිට්ටු වෙද්දි තීනු තමන්ගේ අම්මගේ අතේ තියෙන බඩු බෑග් ටික තමන්ගේ අතට ගත්තා . කොල්ලෝ දෙන්නා හොර ඇස් වලින් දෙන්නා දිහාම බලලා ඒ සැනින්ම අහක බලා ගත්තා .

" ශාමලී ටීච ගොඩක් බඩු අර ගෙන තියෙන නිසා බයික් එකෙ නම් පුතා එක්ක යන්න බැරි වෙයි නේද ?? "

යුගාන්ගේ අම්මා තීනුගේ අතේ තියෙන බෑග් ටික පෙන්නලා අහද්දි තමා තීනුට උනත් මීටර් උනේ මේ වගේ අලි බෑගුත් උස්සන් බයික් එකේ දෙන්නෙක්ට යන්න ඉඩක් නැහැ කියලා .

" ඒකත් ඇත්ත තීනුට බයික් එකේ ගෙදර යන්න කියලා මම එක්කෝ වීල් එකක් අල්ලන් හරි යනවා "

" අනේ පිස්සු විකාර කරන්න එපා ශාමලී ටීච !!  ඔය බඩු ටික කාර් එකට දාන්නකෝ අපි කොහොමත් ඔයාලගෙ ගේ ගාවින් යන නිසා ගෙදරට බඩු ටික ගෙනත් දෙන්නම් "

යුගාන් ගේ අම්මා එහෙම කිව්වත් තීනුගේ අම්මට නම් ඕනේ උනේ නැහැ එයාලට කරදර කරන්න . තීනුයි යුගානුයි අම්මලා දෙන්නා දිහා දෙපැත්තට වෙලා බලන් හිටියේ මෙයාලා වගේ තීරණේකට එයිද කියලා හිතන ගමන්

" ඒ උනාට කීර්ති ඔයාලට කරදරයිනේ "

" මොන කරදරයක්ද අනේ !! යුගාන් ඔය තීනුගේ අතේ තියෙන බෑග් ටික අරන් කාර් එකට දාන්න "

යුගාන්ගේ අම්මා කියන පරක්කුවෙන් තීනුගෙ අතේ තිබුනු බෑග් ටික වගේම තමන්ගේ අම්මා ගෙදරට ගත්තු බඩු බෑග් ටිකත් කාර් එකට යුගාන් ටුකුස් ගාලා දැම්මා . තීනුගේ අම්මට ඒත් දැනුනේ තමන් කරදර කරනවා වගේ හැගීමක්

" බොහොම ස්තූතියි කීර්ති "

" ඕක මොකක්ද අනේ !! ශාමලී ටීච කාර් එකට නගින්න බයික් එකේ යන්න අමාරු ඇතිනේ තීනුගේ තනියට යුගාන්ව යවන්නම් "

" අනේ ඒක නම් හොදයි !! ඒක නෙමෙයි කීර්තිට වාහන එලවන්නත් පුලුවන් ද "

" අපොයි ඔව් එහෙනම් කාර් එකට නගින්නකෝ !! යුගාන් එහෙනම් ඔයා තීනු එක්ක යන්න "

තීනුගේ අම්මට කාර් එකට නගින්න දොර ඇරලා දීපු යුගාන්ගේ අම්මා යුගාන්ට තීනු එක්ක යන්න කියද්දි යුගාන් එක පයින්ම හා කියන්න වගේ ඔලුව වැනුවා . තීනු නම් කටත් ඇර ගෙන සිද්ද වෙන විපර්යාසය දිහා බලා ගෙන හිටියා . යුගාන්ට නම් හෙනම හැපී තීනු එක්ක බයික් එකේ යන්න ලැබෙන එකට ඒත් තීනු නම් කොහෙද තීනු ඒ වෙලාවේ යුගාන්ව දැක්කේ තමන්ව කන්න ආපු සතෙක් විදිහට .

" තීනු යුගාන් පුතා එක්ක පරිස්සමින් එන්න !! හයියෙන් බයික් එකේ එන්න එපා හරිද  "

" හරි අම්මේ !! "

" එහෙනම් මම යනවා "

" හරී !! "

කාර් එකට නැගලා හිටපු තීනුගේ අම්මා තීනුට ශටර් එක පහත් කරලා උපදෙස් දෙද්දි යුගාන්ගේ අම්මා කාර් එකට නැගලා කාර් එක ස්ටාර්ට් කලා . අම්මලා දෙන්නම කීල්ස් එකේ පාකින් එකෙන් පිට වෙලා යද්දි අන්තිමේදී පාකින් එකේ ඉතුරු උනේ තීනුයි යුගානුයි විතරයි .

" එහෙනම් තීනු බබා හුලං කපා ගෙන කට වල් කාගෙන අපි දෙන්නට බයික් එකේ යන්නයි දැන් තියෙන්නේ !!! "

තමන්ගේ අත් දෙකත් හරහට බැද ගන්න ගමන් තීනුගේ කන් වලට යුගාන් මුමුණද්දි තීනු යුගාන්ගේ බඩට වැල මිටෙන් පාරක් ගහන ගමන් පාකින් එකේ තියෙන තමන්ගේ බයික් එක දිහාවට යන්න ගියා . යුගානුත් හිනා වෙන ගමන් එක අතකින් තමන්ගේ කොණ්ඩෙත් අව්ස්ස ගන්න අතරෙම තීනුගේ පස්සෙන් ගියා .




To be continue

_________________________________________

හලෝ

ඊලග කොටස රසවත් වෙයි ම්හුක්

Announcement එක හැමෝම දකින්න ඇතී කියලා හිතුනා . මං ඒ ගැන කතා කරන්න අකමැති නිසා නිකන් ඉන්නම්

මට ආදරේ කරන මගේ කතා වලට ආස කරන ඔයාලා මට හොදටම ඇති ❤️

ඉතිම් නෝවා ඔයාලට ආදරෙයි ❤️

       ▼ ̄>-―-< ̄▼
  Y             Y
  /\   /   ●    o  ●)
\  |  つ     ヽ♡

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

9.9K 1.5K 8
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...
10.8K 332 56
Alexandra Amethyst Morin that's his name,but most prepare Sky Scotland,she's A coldhearted person,kapag nakita mo ang childish side nya siguradohin m...
4.6K 901 45
~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව හරි විශේෂ විදියට දකින්න පුරුදු වෙලා ඉදි...
16.7K 481 26
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...