සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.2K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දොළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• පහළොස් වන දිගහැරුම •

599 141 61
By ___Sky-Heart___


" ශ්ශ් ලමයි ඔය කෑ ගහන එක නතර කර ගනිල්ලා ලෙක්චස් ඉවර උනු හැටියෙම පිස්සෝ වගේ දගලනවා පොඩ්ඩක් මං කියන දේ අහ ගන්නවලා "

ලෙක්ච එක ඉවර උනු ගමන් හෝල් එකේ හිටපු උන් ටික මොක්කුද වගේ කෑ ගහන්න ගද්දි විශේෂ පණිවිඩයක් මුන්ට කියන්න හිටපු ප්‍රොෆිසෙර්ට ඒක කියා ගන්න බැරි උනා . මුන් හොදින් කිව්වම අහන්නේ නැති නිසා ප්‍රොෆිසෙර්ට සිද්ද උනා මුන්ට ටිකට ටිකක් තදින් කියන්න .

මුලු හෝල් එකම සයිලන්ට් නොවුනත් කීප දෙනෙක් හරි කෑ ගහන්නේ නැතුව හිටපු නිසාම ප්‍රොෆිසෙර් තමන්ගේ අතේ තිබුනු කොලේ කට්ටියට ඇහෙන්න කියවන්න ගත්තා . ඔන්න ඒ පාර නම් එක එකා කටවල් පියා ගෙන ප්‍රොෆිසෙර් කියන දේවල් තිතටම අහන් ඉන්න ගත්තා . ජීවිතේට ඉගෙන ගන්න දෙයක් කිව්වම අහන්නේ නැති උන් දැන් කියන ඒවා දිහා අහන් ඉන්න විදිහ දැක්කම ප්‍රොෆිසෙර්ටත් පුදුම හිතුනා .

" ලබන සතියේ බ්‍රහස්පතින්දයි සිකුරාදයි එතකොට ලෙක්චස් නැහැ ඒක නිසා ඔයාලට පුලුවන් එදාට කැම්පස් එකේ තියෙන ඩීජේ එකට එන්න .. උදේ ඉදන් ඇවිත් උබලා මේකේ අස්සේ ලැග ගෙන ඉන්න එපා ඩීජේ එක පටන් ගන්නේ හයට ඒ වෙලාවට ඇවිත් ඉදපන් .. සිංදු කියන්න කැමති උන්ට එදාට ස්ටේජ් එකට නැගලා සිංදු කියන්න පුලුවන් නටන්න කැමති කෙල්ලෝ ඉන්නවා නම් උබලා නටන්න බලා ගෙන වරෙම් හැබැයි ස්ටේජ් එකට නැගලා තොපි උඩරට එහෙම නැටුවොත් කවුරු නැතත් තොපිට හූ කියන්නේ මම !! හරි එහෙනම් ජර මර බැහැ ඩීජේ එක දවසට විනය තියා ගෙන මගේ නමත් රැක ගෙන ඉදපල්ලා "

ප්‍රොෆිසෙර් වෙන්න ඕනේ දේවල් සේරම කියලා ලෙක්ච හෝල් එකෙන් එලියට යද්දි ලමයි සේරම අතරේ කසු කුසුවක් පැතිරුනා . සාමාන්‍යයෙන් කැම්පස් එකේ ඩීජේ එකක් ගහන්නේ අවුරුද්දටම එක පාරක් හෝ දෙපාරක් නිසා කට්ටියම උද්‍යෝගයෙන් ඩීජේ එක ගැන කතා කරන්න ගත්තා . ඒ අතර යුගාන් තමන්ගේ පොත් ටිකත් බෑග් එකට දා ගෙන තීනු දිහාවට හැරුනේ තීනු ඩීජේ එකට එනවද කියලා දැන ගන්න හිතා ගෙන .

" තමුසෙ ඩීජේ එකට එනවද තීනු ?? "

" ඔව් මෝඩයෝ මේ වගේ එකක් මිස් කර ගන්නේ කවුද ?? "

" එතකොට තමුසෙගෙ අම්මා ?? "

" අම්මට කියන්නේ නැහැ බ්‍රහස්පතින්දයි සිකුරාදයි ලෙක්චස් නැහැ කියලා .. මම තීර්ථලගෙ ගෙදර ගිහින් ඌ එක්ක ඩීජේ එකට ඉදලා ගෙදර යනවා !! "

" ඩීජේ එක ඉවර වෙන්න රෑ වෙයි එතකොට මොකද කරන්නේ ?? "

" ඊසී ඊසී !! පාඩම් කරන්න තීර්ථලගෙ ගෙදර යනවා කියනවා !! "

තීනු තමන්ගේ කොණ්ඩේ කැරැල්ලක් කන පිටු පසින් රදවා ගන්න ගමන් කියද්දි තීනුගේ කපටි කතාවට යුගාන්ට හිනා ගියා . තීනුගේ අම්මා යුගාන්ට ලෙක්චස් නැත්තම් කැම්පස් එකේ තියෙන ඩීජේ පාටිස් වලට ඉන්න දෙන්නේ නැහැ ඉතිම් තීනු කරන්නේ ලෙක්චස් නැහැ කියලා නොකියා වෙනදා වගේම කැම්පස් එන විදිහට ගෙදරින් ඇවිත් තීර්ථලගේ ගෙදර යන එක .

එහෙ ඉදන් ඩීජේ පාටි වලට ගැලපෙන ඇදුමකුත් ඇදලා ඩීජේ එකටත් ඉදලා තීනු හොදට එන්ජෝයි කරලා ආයේ ගෙදර එද්දි උදේ ඇදන් ගියපු ඇදුම ඇදන් එන්නේ පාඩම් කරලා මහන්සි වෙලා වෙනවා වගේ . තීනු කරන මේ හොර අජාසත්ව වැඩේ තාම තීනුගේ අම්මට නම් මාට්ටු උනේ නැහැ . ඒත් තීනු කියන්නෙත් යුගාන් වගේම කොල්ලෙක් කොහොමත් කොල්ලොන්ව හිර කරලා හදනවා කියන එක නම් බොරුවක් .

" තමුසෙ ගොඩක් නරක් වෙලා තීනු !! "

" අනේ මේ හරි සීලවන්තයනේ මට කියන්නේ !! "

තීනු යුගාන්ට රවන ගමන් මේසේ උඩ තිබුනු තමන්ගේ පොත් ටික බෑග් එකට දා ගත්තා . තීනු පිටි පැස්ස හැරිලා බැලුවේ තීර්ථ තාම ලෙක්ච හෝල් එකේ ඉන්නවද කියලා බලන්න වාසනාවකට වගේ තීර්ථ තාම නෝට් ටික කම්ප්ලීට් කරනවා දැකපු නිසා තීනු තමන්ගේ බෑග් එකත් දාගෙන තීර්ථ ගාවට දුවන්න හදද්දි යුගාන් තීනුගේ බෑග් එකෙන් අල්ල ගත්තා .

" කොහෙද දුවන්නේ ?? "

" තමුසෙ නිසා තීර්ථ තරහා උනානේ එයාව යාලු කර ගන්න !! "

තීනු යුගාන්ට රවලා කියද්දි යුගාන් තමන්ගේ අත් දෙක හරහට බැද ගන්න ගමන් තීනු දිහා ඇස් හීනි කරලා බැලුවා .

" තමුසෙ බබෙක්ද තීනු ?? පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ ?? "

" අනේ මේ තීර්ථව නැති කර ගන්න බැහැ එයා මගේ හොදම යාලුවා මම යනවා එයා එක්ක කතා කරන්න !! "

" යනවා ඉතිම් හැබැයි මම කැම්පස් එකේ ගේට් එක ගාව ඉන්නවා තමුසෙ එතනට ආවේ නැත්තම් මම හොද වැඩක් කරනවා "

" හරි හරි නපුරෝ මම එන්නම් "

තීනු යුගාන්ගේ අත ගසලා දාලා දුවද්දි තීනු අන්තිමට තමන්ට නපුරා කියලා කිව්ව නිසා යුගාන්ගේ කම්මුල නිකන් රෝස පාට වීගෙන ආවා . බොරු කියන්න ඕනේ නෑනේ තීනු හුරතල් විදිහට කතා කරද්දි ඒක යුගාන්ට දරා ගන්න බැරි උනාම මේ වගේ පොඩි පොඩි ආපාදවන් වලට යුගාන් ලක් වෙනවා . කවුරුත් තමන්ගේ රෝස පාට උනු කම්මුල් දකින්න කලින් යුගාන් ලෙක්ච හෝල් එකෙන් ලිස්සලා ගියා .

යුගාන් බූමි තෙල් ගහපු ගැරඩියා වටේ ලිස්සිලා යනවා දැකපු සිතිජ ඩෙස් එක උඩින් පැනලා දුවද්දි තීනු ගිහින් තීර්ථ ගාවින් හිට ගත්තා . ඒත් තීර්ථ නම් තීනුව සතේකට ගනන් ගත්තේ නැහැ . තීනු තීර්ථට කොච්චර කතා කරත් තීර්ථ ඇහෙන්නේ නැහැ වගේ හිටියා මිසක තීනුට උත්තරයක් නම් දුන්නේ නැහැ . බැරිම තැන තීනු තීර්ථගේ ඔලුවට ගද්දි තීර්ථ තීනු දිහා රවලා බැලුවා .

" මොකද උබ ?? "

" අනේ ඕයි තීර්ථ යාලු වෙනවකෝ හලෝ !! උබ හොද එකානේ යුගාන් කියපුවා අමතක කරලා දාපන්කෝ උගේ හැටි දන්නවනේ උබ "

" තීනු මේ මම කැමති නැහැ එක එකාගේ ලොකුකම් බලන්න ඔය යුගාන් කැරියට වඩා මේ සිතිජ හොදයි ආයේ මම එන්නේ නැහැ උබ යුගාන් එක්කම හිටපන් !! "

තීර්ථට මල පැනලා පොත් ටිකත් බෑග් එකට දාගෙන ඉක්මනින් ලේක්ච හෝල් එකෙන් එලියට ආවේ තීනුගේ උරහිසෙත් වැදී ගෙන . තීර්ථ කැමති නැහැ යුගාන් නිසා තීනු එක්ක ප්‍රශ්න ඇති කර ගන්න ඒත් තීනුත් යුගාන්ට නැමෙද්දි තීර්ථට තීනු එක්කත් තරහක් ඇති උනා . ඒක නිසාමයි තමන්ගේ කටින් තීනුට වැරදි දෙයක් කියවෙන්න කලින් තීර්ථ ලෙක්ච හෝල් එකෙන් එලියට ආවේ .

තීනු ඉතිම් ආයේ තීර්ථගේ පස්සෙන් නොයා ඉන්න හිතුවේ කොච්චර තීර්ථ එක්ක කතා කලත් ඔච්චරයි කියලා දන්න නිසා . තරහින්ම ලෙක්ච හෝල් එකෙන් එලියට ගියපු තීර්ථ තීනුටත් බැන බැනම ඊතලේ වගේ විදගෙන ග්‍රවුන්ඩ් එක මැද්දෙන් ආවා . ඒත් පේපර්ස් ටිකකුත් උස්සන් ආපු හස්නා තීර්ථගේ ඇගේ වැදෙද්දි හස්නගේ අතේ තිබුනු පේපර්ස් සේරම ටික බිමට වැටුනා .

" තමුසෙ ඇස් දෙක කටේ දා ගෙනද යන්නේ !! "

හස්නා තීර්ථට බනින ගමන් බිම වැටුනු තමන්ගේ පේපර්ස් ටික හුලගට යන්න කලින් ඇහිද ගත්තා . ඒත් තීර්ථ නම් හස්නා පේපර්ස් ඇහිදන දිහා බලන් හිටියා ඇරෙන්න හස්නට පේපර්ස් ටික ඇහිද ගන්න උදව් කලේ නම් නැහැ . ඒත් ඒකෙන් උනේ හස්නට මල පැන්න එක .

" මේ අයිසේ තමුසෙ ගන්ජා ගහලද ?? බලනවා මගේ පේපර්ස් ටිකත් බිම වැට්ටුවා අඩුම ගානේ සොරි වත් කිව්වද ?? "

" අහ් සොරි !! "

තීර්ථ එහෙම කියලා හැරිලා යද්දි ඉනට අත් දෙක තියා ගත්තු හස්නා දුවලා ඇවිත් පේපර්ස් සෙට් එකෙන්ම තීර්ථගේ ඔලුවට ගැහුවා . තීර්ථත් ඔහොම හිටියට හෙන ගනන්කාරයා නිසා හස්නට මුලින්ම දැම්මේ ඒජන්ත සීන් .

" මොකද ඕයි !! සොරි කිව්වනේ තමුසෙ මෙතන මේ ගහ ගෙන එන්නේ යුගාන්ගේ කෑල්ල උනු නිසාද "

තීර්ථ හස්නව තල්ලු කරන ගමන් කියද්දි හස්නත් හිටියේ ඕන දේකට රෙඩි වෙලා . තීර්ථ තමන්ව තල්ලු කරපු නිසාම හස්නා තීර්ථට බැන ගෙන බැන ගෙන ගියා .

" තමුසෙ කොට බිබික්කම මගෙන් ගුටි කන්න එපා !! ඇස් දෙක ජොකා අස්සේ දාගෙන ඇවිත් මගේ පේපර්ස් ටිකත් වට්ටලා පොර ටෝක් දාලා යන්නේ තමුසේ සීනියර් කෙනෙක් උනු නිසාද ?? මේ අහ ගන්නවා සීනියර්ලට බයත් නැහැ ණයත් නැහැ ගේම නම් ගේම පරිස්සමෙන් ඉන්නවා !! "

හස්නා තීර්ථට ඇගිල්ලකුත් දික් කරන් බනිද්දි තීර්ථ නිකන් හිටියේ කැම්පස් එකට අද ඊයේ ආපු එකෙක් වගේ . හස්නා කෙල්ලෙක් නිසා තීර්ථ වැඩිය මුකුත් නොකිව්වත් හස්නගේ රැස් දැකලා තීර්ථට හොම්බට හැටක් අනින්න හිතුනා . ආයෙම පේපර්ස් සෙට් එකෙන් තීර්ථගේ ඔලුවට පාරක් ගහලා තීර්ථටත් බැන බැනම හස්නා කැම්පස් එකේ ගේට් එක දිහාවට ගියා .

තමන්ටත් බැන බැන යන හස්නා දිහා තීර්ථ අමුතු විදිහට බලන් හිටියත් තීර්ථ හස්නට මුකුත්ම කිව්වේ නැහැ . හැබැයි හස්නා කතා කරපු විදිහට තීර්ථට කොල්ලෙක් එහෙම කතා කලා නම් මෙලහකටත් තීර්ථ ඒ කොල්ලා එක්ක පටලැවිලිලා . ආපහු හැරුනු තීර්ථ තමන් යන්න ගියපු ගමන යද්දි හස්නා කැම්පස් එකෙ ගේට් එක ගාවටත් ගිහින් තිබුනා .

හස්නා යද්දි යුගාන් සිතිජ විතරක් නෙමෙයි තීනුත් එතන හිටියා . නෝමල් එකේ හස්නා යුගාන් ගාවට යද්දි යුගාන් හිනා වෙල හස්නගෙ අතින් අල්ල ගත්තා . හස්නත් හිනා වෙලා යුගාන්ගේ මුලු අතම බදා ගනිද්දි තීනු මේ දිහා රබර් ඇහැ දාලා බැලුවා . සිතිජ නම් මේ දිහා රට කජු ගොට්ටකුත් කන ගමන් බලන් හිටියා . ආයේ ඉතිම් තීනුගේ මූණ තමා මූණ !!

" ඔයා කෑවද බබා "

" තාම නැහැ බබා ඔයා කෑවද ?? "

" මං කාපු ඒවලින් වත් වැඩක් තියෙනවද බබා ඔයා නොකා ඉද්දි ?? ඇයි කෑවේ නැත්තේ ?? මගේ ආමාංශයේ ඇතුලෙ තියෙන එක බත් ඇටයක් ඇටයක් ගානේ කෑ ගහනවා බබා ඔයා වෙනුවෙන් !! "

යුගාන් හස්නගේ අතින් අල්ල ගෙන කියන මේ කුනුහරප ඇහෙද්දි තීනු තමන්ගේ ඇදුමේ මුල් දෙකෙන් තද කරලා මිරික ගත්තා . ලෙක්චස් ඉවර උනු ගමන් තමන්ට යුගාන් ගේට් එක ගාවට එන්න කිව්වේ මේ සමයම පෙන්නද කියලත් තීනුට හිතුනා . මූණත් රතු කරන් තීනු හෙන ගේමක් දුන්නා හස්නට ගහන්නේ නැතුව ඉන්න . දැන් දැන් නම් තීනුට හස්නව පේන්න බැරි වෙලා ඉවරයි .

" අනේ බබා ඔයා මට එච්චර ආදරෙයිද ?? "

" මොනවා අහනවද බබා ඔයාට ඇරෙන්න වෙන එක පරට්ටයෙක්ට වත් මේ හිතේ ඉඩක් නැහැ !! "

යුගාන් කිව්ව කතාවට තීනුගේ ඇස් දෙකත් ලොකු උනා . කරන්න පුලුවන් අමන වැඩ සේරම කරලා මූ සැබෑ ප්‍රේමවන්තයා වගේ කතා කරද්දි තීනුට යුගාන්ගේ දත් සෙට් එක බඩට යන කල් බිම දාගෙන නෙලන්න හිතුනා . යුගාන් උදේ කරපු පිස්සුව නිසා තීර්ථත් තරහ උනු නිසා තීනුට දැනුනේ කාන්තාරෙක තනි උනු ඔටුවෙක්ගේ ෆීලින් එකක් .

" බබා ඔයා ස්වීට් අනා !! "

හස්නා යුගාන්ගේ කම්මුලකින් හාදුවක් තවරද්දි තීනු තමන්ගේ දිව තදින් හපා ගත්තා . තීනු ඉන්නේ නිකන් අර්සස් අමාරුව හැදිලා යන්න ලැට් එකක් නැතුව ඉන්න එකෙක් වගේ .

" අපි යමුද බබා ඔයාව කරේ තියන් අද මම ගෙදර එක්කන් යන්නම් !! "

" අනේ පිස්සු කොල්ලා !! තව ලෙක්ච එකක් මට තියෙනවා මෝඩයෝ ඔයා යන්න මම ඒක ඉවර වෙලා ගෙදර යන්නම් "

" එහෙනම් ලෙක්චස් ඉවර උනාම මට කෝල් කරන්න එතකොට මම එන්නම් ඔයාව ඇරලවන්න "

" ම්ම්හ් තෑන්ක්ස් බබා එහෙනම් මම යනවා "

හස්නා යුගාන්ගේ කම්මුලකින් ආයෙම හාදුවක් තවරලා යුගාන්ට බායි කියා ගෙන කැම්පස් එක ඇතුලට යද්දි යුගාන් හස්නට අත වනන්න ගත්තා . තීනු නම් රතුම රතු පාට වෙලා පුපුරන්න ඔන්න මෙන්න ඉන්න සයිස් එකෙන් හිටියේ . සිතිජ යුගාන්ට ඇස් වලින් තීනුව පෙන්නද්දි තීනු යුගාන් දිහා අලු වෙලා යන බැල්මක් දැම්මා .

යුගාන් දිහා බලපු සිතිජ හිමින් සැරේ මාරු උනේ යුගාන්ව මරු කටට අතෑරලා . තමනුත් මෙතනට වෙලා හිටියොත් තීනු තමන්ට ගහනවා කියලා සිතිජ ඉර හද වගේ දැනන් හිටියා . තමන්ව තනි කරලා ගියපු එකට යුගාන් හිතින් අම්බානක සිතිජට බනින්න ගත්තා . සිතිජ නැතුව තීනු එක්ක ලව් කරන්න යුගාන්ට පුලුවන් නම් සිතිජ නැතුව ගුටි කෑවට මොකද වෙන්නේ ??

" මොකද මේ දාඩිය දාලා රස්නේ වැඩියි නම් මම බීම එකක් අරන් දෙන්නද ?? "

" අරන් දී ගනිම් උබේ බබාට !! මෙච්චර වෙලා ඒකිව නලවලා මොන පුකකටද දැන් මාව නලවන්නේ ??? අනික තමුසෙ දැන් කිව්වේ ඒකි නැතුව වෙන පරට්ටයොන්ට ඉඩ නැහැ කියලා !! උබ මහ අවලමෙක් යුගාන් වටේ යන එකෙත් සීමාවක් තියා ගනිම් !! "

තීනු යුගාන්ට බැනලා යුගාන්ටත් ගස්ස ගෙනම යන්න හද්ද්දි යුගාන් තීනුගේ අතින් අල්ල ගත්තා .

" ඒත් වැඩියෙන්ම ආදරේ ඔයාටනේ තීනු !! "

" වට උද්දිකයා නවත්තපන් ඕක !! "

තීනු තමන්ගේ බෑග් එක ගලවලා අතට අරන් යුගාන්ගේ ඔලුවට පාරක් දෙද්දි යුගාන් අඩියක් පිටි පැස්සට විසික් උනා . තීනු ඉන්නේ යකා ආවේස වෙලා කියලා යුගාන්ට හොදටම තේරුන් ගියා . යුගාන් ආයෙම තීනු ගාවට ලං වෙද්දි තීනු යුගාන්ට බෑග් එකෙන් ගහ ගෙන ගහ ගෙන ගියේ කැම්පස් එකේ ගේට් එක ගාව හිටපු උන් පෙරහක් දිහා බලන් ඉන්නවා වගේ යුගාන් තීනු ගෙන් ගුටි කනවා බලන් ඉද්දි

" අහ් තීනු ගහන්න එපා බං !! !

එක පාරක් ඇවිත් යුගාන්ගේ නහයේ වද්දි යුගාන්ට මාර සනීපයක් දැනුනා . ඒත් කොහෙද තීනු ඇති වෙන්න යුගාන්ට ගහලා තමයි ආයෙම බෑග් එක එල්ල ගත්තේ .

" මම යනවා යන්න තමුසෙ මගෙ පස්සෙන් ආවොත් ගහලා මරන්නේ !! "

තීනු යුගාන්ට ඇගිල්ලකුත් දික් කරලා බස් හෝල්ට් එක දිහාවට යද්දි යුගානුත් තීනුගෙ පස්සෙන් ගියා . යුගාන් තමන්ගේ පස්සෙන් එනවා දැකපු නිසාම තීනු අඩිය ඉක්මන් කරද්දි තීනුව මිස් වෙන්න කලින් යුගානුත් දුවලා දුවලා වගේ තීනුගේ පස්සෙන් ගියා . යුගාන් තමන්ගෙ පස්සෙන් එක නතර කරන්නේ නැති නිසාම තීනු හෝල්ට් එකට යන එක නතර කරලා යුගාන් දිහාවට හැරුනා .

" මොකද මගෙ පස්සෙන් එන්නේ ?? "

" පස්සෙන් ආවේ නැහැ පාරේ ගියේ !! දන්නවනේ මම නගින්නෙත් තමුසෙ නගින බස් එකටමයි කියලා "

යුගාන් තමන්ගේ අත් දෙකත් හරහට බැදන් කියද්දි යුගාන්ට මුකුත් කියන්න බැරි නිසාම තීනු ආයෙම හෝල්ට් එකට ගියා . හෝල් එක ගාව තියෙන පොඩි බංකුවෙන් තීනු වාඩි උනාට පස්සේ යුගානුත් තීනු හරියෙන්ම හිට ගත්තා . දෙන්නම ඇවිත් විනාඩියක් වත් යන්න කලින් බස් එක ආවත් සැමන් පුරවපු ටින් එක වගේ තියෙන බස් එකට නැග ගන්නේ කොහොමද කියලා තීනු කල්පනා කලා .

ෆුට් බොඩ් එකෙන් විතරක් යන්න ඉඩ තිබුනු නිසාම තීනු ඉක්මනින් ෆුට් බෝඩ් එකට නගිද්දි යුගානුත් තීනු නැග්ග තැනින්ම ෆුට් බෝඩ් එකට නැග්ගා . හරියටම කිව්වොත් තීනු හිටියේ යුගාන්ගේ පපුවට හිර වෙලා . තීනුට හෙල්ලෙන්න වත් පුලුවන් කමක් තිබුනේ නැහැ . යුගාන්ගේ මෝඩ මූණ කෙලින්ම තමන්ට පේද්දි තීනු තමන්ගේ යටි තොලත් හපා ගන්න ගමන් බිම බලා ගත්තා .

" අහ් ඔය පිටි පැස්සේ ෆුට් බෝඩ් එකට දැන් නැගපු මල්ලිලා දෙන්නා සල්ලි ගන්න "

ඒ අස්සේ කොන්දා ඇවිත් සල්ලි ඉල්ලද්දි තීනුට තමන්ගේ බෑග් එක ගලව ගහන්නත් බැරි උනා . යුගාන් තමන්ගේ කලිසම් සාක්කුවේ තිබුනු පර්ස් එක අරන් රුපියල් සීයක් අතට අරන් ආයෙම පර්ස් එක දා ගත්තත් තීනු හෙන අසරණව යුගාන් දිහා බැලුවේ තීනුට හෙලවෙන්න වත් බැරි උනා . තීනු ඉන්න වීදිහට සිරාවටම යුගාන්ට හිනා ගියා .

" නාග විහාරේ ගාවට ටිකට් දෙකයි "

" ඉතුරු බැහැ ගද්දි ඉල්ල ගන්න "

සෙනග අස්සෙන් අත දාලා සල්ලි ගත්තු කොන්දගෙන් ආයේ ජීවිතේට ඉතුරු හම්බ වෙන්නේ නැති නිසා යුගාන් පාඩුවේ හිටියා . බස් එක බ්‍රේක් ගහන වාරයක් වාරයක් පාසා තීනු පිටි පැස්සේ ඉන්න මිනිස්සුන්ගෙ ඇගට වැටෙන්න යද්දි තීනු යුගාන්ගේ අතින් අල්ල ගෙන ඉක්මනට කෙලින් උනා . දෙතුන් වතාවක්ම තීනු වැටෙන්න ගියපු නිසා යුගාන් තමන්ගේ සාක්කුවෙ තිබුනු අත තීනුගේ ඉන වටින් දාලා තීනුව අල්ල ගත්තා .

" මොනවද කරන්නේ "

තමන්ගේ ඉනේ තියෙන යුගාන්ගේ අත නිසාම තීනු ඇඹරෙන්න ගත්තා .

" බොරුවට දගලන්න එපා මම තමුසෙව ඇතෑරියොත් බස් එකෙන් එලියේ ඉදියි !! " 

යුගාන් තරමක් තදින් තීනුගේ කන් වලට කොදුරදි තීනු මුකුත් නොකියා යුගාන්ට හිර වෙලා හිටියා . කොහොමත් බස් එකේ ගියපු අනිත් අයට උනත් යුගානුයි තීනුයි ඉන්න විදිහ වැඩිය මීටර් නොවුනේ ඒ අයත් හරි අමාරුවෙන් බස් එක ඇතුලේ හිර වෙලා ගියපු නිසා . විනාඩි විස්සක් විතර ෆුට් බෝඩ් එකේ කොල්ලෝ දෙන්නට හිර වෙලා යන්න සිද්ද උනා .

රජ මහා විහාරේ ගාවින් බස් එක නතර කරද්දි මුලින්ම යුගාන් බැස්සා . හිර වෙලා හිටපු තීනු හොද හුස්ම ටිකක් අර ගන්න ගමන්ම බස් එකෙන් බැහැ ගද්දි යුගාන් තීනු ගාවට ඇවිත් තීනුගේ කරෙන් අතක් දැම්මා . ඒත් තීනු නම් කලේ යුගාන්ව අහකට තල්ලු කරලා කලින් වගේම පාරේ ගියපු එක . ඉතිම් යුගානුත් කලේ කලින් වගේම තීනුගේ පස්සෙන් ආව එක .

" තමුසෙ හෙන නරකයි තීනු මට නිකමට වත් තෑන්ක්ස් කලේ වත් නැහැ "

" ඒ මොකටද මම දැන් තමුසෙට තෑන්ක්ස් කරන්නේ  ?? "

" මම ඔයාට ටිකට් කැඩුවා තව ඔයාව බස් එකේදී වැටෙන්න නොදී මැණිකක් වගේ පරිස්සන් කලා "

" මං කිව්වේ නෑනේ ඔයාට ඒවා කරන්න කියලා !! "

තීනු පොල්ලෙන් ගැහුවා වගේ යුගාන්ට කියද්දි යුගාන්ගේ පෙම් සිත රිදෙන්න ගත්තා . කොහොමත් තීනුට ලං වෙනවා කියන්නේ ඔස්කා සම්මානෙන් පිදුම් ලබන්න ඕනේ වැඩක් . ඒ තරම්ම අමාරුයි !! යුගාන් තීනුගෙ පස්සෙන්ම ආපු නිසා තමන් හැරෙන්න ඕනේ තැනින් හැරෙන්නේ නැතුව දිගටම කියව කියව යුගාන් තීනුගේ පස්සෙන් ගියා .

" තමුසෙගෙ ගෙවල් තියෙන්නේ මේ පාරේ නෙමෙයි යුගාන් අනිත් පාරේ යනවද යන්න වදයක් නොවී "

" ඉස්සරහට තමුසෙ ගෙවල් පාර මට ගොඩක් වැදගත් වෙයි "

" ඒ මොකටද ?? "

" මම ඔයාව කැන්දන් යන්න ආවට පස්සේ අපේ ගෙවල් නෑයෝ වෙනවනේ තීනු එතකොට ඉතිම් මේ පාරවල් කොච්චර අපිට වැදගත්ද ?? "

යුගාන් හීන මල්ලක් පොදි බැදන් කියද්දි තීනු හෙව්වේ ලග පාත් හොද ගල් ගෙඩියක් තියෙනවද කියලා . වාසනාවකට වගේ තඩි ගඩොල් බාගයක් බිම තියෙද්දි තීනු ගඩොල් බාගේ අරන් යුගාන් දිහාවට හැරෙද්දි පොදි බැදපු හීන මල්ලත් මග දාලා යුගාන් තමන්ගේ ගෙවල් දිහාවට දුවන්න ගත්තා . යුගාන් දුවන දිහා බලන් තොලුත් තද කර ගත්තු තීනු ගඩොල් බාගේ බිම දාලේ ගේට්ටුවත් ඇරන් තමන්ගේ ගේ ඇතුලට ගියා .



To be continue

_________________________________________

Good morning වේවා !!

උදේම අප්ඩේටුවකුත් අරන් නෙස්ටමෝල්ට් එකකුත් බීලා මම ආවා 😌

ඉස්සරහට කැම්පස් එකේ ඩීජේ එකේදී තීනුයි යුගානුයි මොන නාඩගමක් නටයි කියලද හිතන්නේ

හස්නා ලගදිම තීනු ගෙන් කනවා එච්චරයි

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

66.3K 10.3K 92
ඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook FanFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka...
53.8K 652 28
Vivian Fisher was the nicest girl you could ever meet. Everyone loved her, but this summer was different. She got quiet, stayed in her room all the t...
9.9K 1.5K 8
කොහෙන් කොහොම හරි අවසානෙ නිසල වෙන මලකඳකට .., ජීවත් වෙයන් කියලා හුස්ම පිඹලා උඹටම දවසක මහන්සි දැනේවි. අන්න එදාට බැරිවෙලාවත් .. මට දිගටම හුස්ම අරගන්න ආස...