👑 🌷කිරුළ නුඹ මගෙ නම්🌷👑 C...

Por ChenQing4

42.9K 6.1K 3.7K

🪂🌷👨🏻‍🦱👨🏻‍🦰 FF/Non FF 👨🏻‍🦱👨🏻‍🦰🌷🪂 කිරුළ නුඹ මගෙ නම්..කඳුළු ඇයි මෙතරම්.... අනුන්සතු උයනක පිපී ඔබ... Más

👑 කිරුළ නුඹ මගෙ නම්..👑
👑🌺 කිරුළ 🌺👑
👑🌺 කිරුළ 1 🌺👑
🪂🪂 Air balloon introduction 🪂🪂
👑🌺 කිරුළ 2 🌺👑
👑🌺 කිරුළ 3 🌺👑
👑🌺 කිරුළ 5 🌺👑
👑🌺 කිරුළ 6 🌺👑
👑🌺 කිරුළ 7 🌺👑
👑🌺 කිරුළ 8 🌺👑
👑🌺 කිරුළ 9 🌺👑
👑🌺 කිරුළ 10 🌺👑
👑🌺 කිරුළ 11 🌺👑
👑🌺 කිරුළ 12 🌺👑
👑🌺 කිරුළ 13 🌺👑
👑🌺 කිරුළ 14 🌺👑
👑🌺 කිරුළ 15 🌺👑
👑🌺 කිරුළ 16 🌺👑
👑🌺 කිරුළ 17 🌺👑
👑🌺 කිරුළ 18 🌺👑
👑🌺 කිරුළ 19 🌺👑
👑🌺 කිරුළ 20 🌺👑
👑🌺 කිරුළ 21 🌺👑
👑🌺 කිරුළ 22 🌺👑
👑🌺 කිරුළ 23 🌺👑
👑🌺 කිරුළ 24 🌺👑
👑🌺 කිරුළ 25 🌺👑
👑🌺 කිරුළ 26 🌺👑
👑🌺 කිරුළ 27 🌺👑
👑🌺 කිරුළ 28 🌺👑
👑🌺 කිරුළ 29 🔞 🌺👑
👑🌺 කිරුළ 30 🌺👑
👑🌺 කිරුළ 31 Bonus 🌺👑
👑🌺 කිරුළ 32 🌺👑
👑🌺 කිරුළ 33 🌺👑
👑🌺 කිරුළ 34 🌺👑
👑🌺 කිරුළ 35 🌺👑
👑🌺 කිරුළ 36 🌺👑
👑🌺 කිරුළ 37 🌺👑
👑🌺 කිරුළ 38 🌺👑
👑🌺 කිරුළ 39 🌺👑
👑🌺 කිරුළ 40 🌺👑
👑🌺 කිරුළ 41 🌺👑
👑🌺 කිරුළ 42 🌺👑
👑🌺 කිරුළ 43 🌺👑
👑🌺 කිරුළ 44 🌺👑
👑🌺 කිරුළ 45 ~ End ~ 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා...කිරුළ spec 1 - 1 🌺👑
👑🌺 පිහිණුවෙමු උඩු ගම්බලා.. අවසානය 🌺👑

👑🌺 කිරුළ 4 🌺👑

937 136 96
Por ChenQing4

~~~🌷🌷❤️❤️❤️💚💚💚
සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත, නිදුක් නිරෝගී සුබ අළුත් අවුරුද්දක් වේවා මගේ කදුලු සුරදූතයිනේ..~~~🌷🌷🌷❤️❤️❤️💚💚

~~~ කෙනුල POV ~~~

ස්කුල් ගිහිං ආපු මං උදේ ඉතිරි බත් ටිකකුත් කාලා හෙට විටට ඔතන්න පුවක් ටිකකුත් කපලා තියලා කරදමුංගු ,කරාඹූ නැටි,සාදික්කා ,වසාවාසි,ඉඟුරු පියලි ,කොත්තමල්ලි ලට්ට පට්ට ඔක්කොම පොඩි යකඩ වංගෙඩියේ දාලා කොටලා විටට ඔතන සුවද කුඩු ටිකත් හැදුවා...මහ ගොඩක් නෙමෙ ගිනිපෙට්ටියක් විතර සයිස් පුංචි කොලේක ඔතලා,බුලත් පුවක්,හුණු දුම්කොල එක්ක සුවද කුඩු ටිකකුත් රුපියල් 50 හෙ විටයක් එක්ක ඔතන්න ඕන...අපි දැම්මට කන අය කනවාද කියන්නවත් නොදන්නවා උණත් පිළිකා අනම් මනම් ලෙඩ ඇති නොවෙන්න  හරි විදිහට විට කන්න ඕනා විදිහ ආයුර්වේදේ එහෙම සදහන් වෙන්නේ එහෙමළු...

යාන්තං 4 පහුවෙද්දී වැඩ ටික ඉවර කරලා ගේත් අතුපතු ගාලා දාපු මං ලොකු බේසමට හෝදන්න තිබුණ වළං ටිකත් පටවාගෙන බකට් එකෙන් එකක් සෝදන්න තිබුණු රෙදිත් එකතු කරගෙන  ගේ ඉස්සරහින් කුඹුරු යායට එපිටින් තියෙන පොඩි ඇලට ආවා...ගේ හදන්න වැඩ පටන් ගද්දී ගේ ළඟම තාත්තා අඩි 30ක් විතර යටට අතින් හාරපු නල ළිඳක් හදවලා තිබුණත් අවුරුදු බාරගාණක් ආපහු අලුත් වැඩියා කරලා නැතිව රොන් මඩ පිරිලා නිසා තියෙන වතුර ටික උඩට ගන්න අත කැඩෙනකං ජැක් එක ගහ ගහ ඔට්ටු වෙන්න උණා...

වැඩ කරලා කරලා මහන්සියට රෙදි කන්දකුයි වළං කන්දකුයි නලෙන් සෝදන්න ගියොත් හොඳ පණ යන නිසා ඇලේ වතුර තිබුණ දවසට අම්මා උණත් මං උණත් කරේම ලට්ට පට්ට උස්සන් ඇලට එන එක...මේ දවස්වල කුඹුරු වපුරන කාලෙ නිසා කොහොමත් හැමදාම වගේ ඇලේ වතුර තිබුණා...
ගමට යන පාරත් අපෙ ගෙදරින් එන පාරත් එකට එකතුවෙන තැනම මයිල ගහ යටින් ඇලට බහින්න අඩි 3ක් විතර පළලට, පඩි 5ක් එක්ක පසිමෙන්ති පඩි ටිකක් දාලා තිබුණා වෙද්දි එතනට හැමෝම කිව්වේ වෙළේ ගෙදර මංකඩ කියලා...


ලොකු ඇලක් නොවෙද්දී පලලින්ම අඩි 6ක් 7ක් වෙද්දි පාරට එපිටින් පෙට්ටි ඇල දිගේ ආපු වතුර පාර, පාරට යටින් ඇවිත් සොරොව්වෙන් මේ පැත්තට මතු උණේ ලොකු වතුර පාරක් එක්ක වෙද්දි එතන ඉඳන් අඩි 20ක් 30 එහාට යනකං දෙපැත්තෙ සිමෙන්ති බැම්ම බැදලා තිබුණා...සොරොව්වෙන් වතුර මතු වෙන තැනම වාඩිවෙනන්න පුළුවන් තරම් උස බැම්මකුත් එතනින් පහලට ටැංකිය වගේ ගැඹුරට කොටසකුත් හදලා තියෙද්දි ඇලේ ඉන උසටවත් වතුර නැතත් ඒ වලට බැහැලා බැමම වාඩි වෙලා හොඳ හැටි නාගන්න පුළුවන්කම තිබුණා..සොරොව්වෙන් එන වතුර පාරට පිටු පාලා එතන ඉඳගෙන ඉන්න එකත් වෙනම ආතල් එකක් වෙද්දී එතනට යන්න නම් පාර දිගේ ගිහිං බැම්මෙන් පහලට වලට පනින්න ඕනා ..කොහොම උණත් මං ආස උණේම එහෙම නාන්න...

ඇල ළඟට ඇවිත් එතනම තිබුණ බැම්ම උඩ ටවල් එකත් තියලා මුලින් වළං ටික අරන් ඇලට බැස්සා.. පඩිය උඩ බේසම තියලා පහුගිය දවස්වල වගේ පුරුද්දට මං හරියටම ඒ කෙලින් පේන බංගලාව දිහා බැලුවා...

අදත් ඉන්නවා...ටිකක් ඈත නිසා පැහැදිලිව නොපෙනුණත් බැල්කනියට වෙලා ඉන්න සුදු දිගංචියාව මට ඈතට ඡායාව වගේ පෙනුණා...එදා පාරෙදි දැක්කට පස්සෙ දවස් කීපයක් ගත වෙලා තිබුණත් මට සුද්දව ආයි මුන ගැහුනෙම නෑ...ඒත් දැන් දවස් ගාණකට කලින් ඉඳන් හැමදාම මං නාන්න එනවෙලාවට ඒ මනුස්සයාත් බැල්කනියේ ඉන්නවා මං දැක්කා...සමහරවිට ඉතිං මාවත් පේනවා ඇති...කූඹියෙක් වගේ...ඒත් ඉතිං මං කියලා දන්නවා ඇයි...දැන ගත්තත් මොකද...ඈත් ඉඳන් කෑ ගහලා උයා මලක් වගේ ලෂ්සනයි...ප්ලීස් ස්මයිල්....කියාවිද...නිකමට මට හිතෙද්දි ඉතිරි කරන් ආපු බත් අහුර මාළුවොන්ට කන්න දාලා එකපොදියට ආපු මාලු රොත්ත බත් ඇටත් එක්ක අතුරු දන් වෙනකං බලන් ඉඳපු මං ඒ සුදු මඟුල අමතක් කරලා වළං ටික සෝදන්න ගත්තා..

මෙහෙමයි ඉතිං...අමතක් කරලා කිව්වට මොකක්දෝ අහේතුවකට ඒ මනුස්සයාව හරියටවත් මතක් වෙනවා..
මුණ ගැහුණ දෙවතාවේම මං ලස්සනයි කියපු හැටි මතක් වෙනවා...හිනා වෙන්න කියන ගමන් මාත් එක්ක හිනා උණ හැටි මතක් වෙනවා...ගමේ මිනිස්සු කිට්ටු වෙන්නවත් බය ලොකු මනුස්සයෙක් උණත්, එදා චොක්ලට් කොලේ සාක්කුවේ දාගත්ත හැටි, වචනයක් නොකියා විට මල්ල අරන් ගිය හැටි මතක් වෙනවා....

මෙහෙ කොල්ලෙක්නම් කෙල්ලෙක්ට මිසක්  නොදන්න කොල්ලෙකුට ජීවිතේට ලස්සනයි කියයිද හේතුවක් නැතිව..අනික අතේ තියන කුණු රොඩ්ඩත් අහුවෙන තැන අත අරින බහුුතරේ අතරෙ අනුන්ගේ කුණු ඇහිදියිද...සමහරවිට ඒ එයා හැදුණ සංස්කෘතියත් එක්ක එයා පුරුදු උණ හැටි වෙන්න ඇති..ඒත් ඒ මොහොතකට උණත් එයාගෙන් දැකපු ඒ හැසිරීම නිසා..මං හිතන්නෙ මගේ හිත ගැස්සිලාද කොහෙද...

අර ගොම්මනේ දැකපු හොල්මනකට බයවෙනවා වගේ උදේ පාන්දර දැකපු සුද්ද නිසාත්, විට මල්ල සුද්දා ලවා අද්දවගෙන කාපු චාටර් එකත් නිසා මගේ හිත ගැස්සිලා...වෙන දෙයක් නිසා නෙමෙ බයට...බංගලාවේ රෙස්පට් පිට ඉන්න සුද්දාගෙ ඇගෙත් හැප්පිලා සුද්දා ලව්වාම කුණුත් අද්දවන්, බඩුත් අද්දවන් දඩුවම් ලබන්න වෙයි කියන බයට තමා එදා අර තරං පපුවත් එක්ක උඩ පැන්නේ කියන්න මට විස්වාසයි...

ඒත් මට තේරුම් ගන්න බැරි එකම දේ ඒ සුද්දාව මතක් වෙද්දීත් පපුවට දැනෙන ඒ ගැස්ම එක්ක හිත පුරවන හැඟීමක් දැනිලා මට තනියම හිනා යන එක වෙද්දි,මේ අහසට පොලව වගේ උණ හැඟීම් මටම විකාරයි වගේ දැනෙද්දී
මං පුළුවන් තරම් ඒ මනුස්සයා ගැන නොහිතා ඉන්න උත්සාහ කරා...

"හේයි...flower prince..."

වළං ටික හෝදලා රෙදි ටිකත් සෝදපු මං,පාර දිගේ ගිහිං වලට පැනලා හිතේ හැටියට වරුවක් තිස්සේ වතුර වලට බැහැගෙන හිටියා..ඒ ඉන්න ගමන්ම,අරන් ආපු පොල් කොස්සෙන්  නිදහසේ වරුවක් තිස්සේ ඇගිලි ටික අතුල්ල ගත්තා...පුවක් දුම්කොල කහටට ඒවා කහ ගැහිලා..කොච්චර මැද්දත් පහුවදාට ආයි ඒ වගේ...ඒත් හැම වෙලාවකම මට හිතෙන්නේ මං නොමැදම හිටියොත් මොනා වෙයිද ඉයලා ඉතිං මං හැමදාම නියපොතු මදින ගමන් ඇගේ මහන්සිය යන්නත් එක්ක වතුරෙ බැහැගෙන හිටියා...
මේ වගේ බාත් ටබ් ඉතිං ගමේ අපටම විතරයි...ඔය සුදු බංගලාවල ඒවා වගේ නෙමෙ මේවා...

වලෙන් පහලට තියෙන ඇල බැම්ම දිගේ වතුර පාරත් එක්ක පහලට පස්සෙන්ම රූටන් පහලට ආපු මං මේ දැන් කැඩුව සුවද ගහන කැලින් සබන් කෑල්ලත් ඇගේ උලන් අහු මුළු ඔක්කොම නිදහසේ අතූල්ලගෙන,සුවද විහිදුවන් ආපහු වතුරට බහින්න යද්දි මට සාංකාවටමදො අර සුදු දිගංචියාගේ කටහඬ ඇහෙද්දී මං සබන් විසිවෙන්නම ඔළුවත් දෙපැත්තට වනලා ගිහිං ජබොක් ගාලා ඇලට පැන්නා...

"හේ.. කුල්ලෝ...නෑවත...ඕහ්..."

ආයි ඉතිං වලට බහින්නෙ නෑ...එන වතුරෙන් ඉක්මනින් නාගෙන ගොඩ වෙන්නයි මං පුරුදු වෙලා හිටියෙ...ඉතිං පුළුවන් හැටියට එබිලා නාගෙන බකට් එකෙනුත් වතුර දෙකක් දාගෙන,තව වතුර බකට් එකක් පඩිය උඩින් තිව්වා...ඇයි යකෝ මොකා මොන හේතුවකට හරි පඩි හදලා තිබුනෙ ඇල පතුලේ ඉඳන් අඩි 3කට වඩා උඩින්..ඉතිං ඕක උඩ අත් තියලා ඉඳගෙන ඕනා නැගිටින්න...ඒ විදිහට හැඟිටගෙන මං යට පඩියේ ඉඳන්ම බකට් එකේ වතුර එකත් ඇඟට දාගෙන, එතන බැම්ම උඩ දාපු ටවල් එකත් අරන් ඇග එහෙන් මෙහෙන් පිහගෙන ටවල් එක පටල ගත්තා..ආයි බහින්න බැරි නිසා පඩියෙන් පහලට නැමිලම ඇඳගෙන උන්න ශෝට් එකත් හෝදන් සබන් පෙට්ටියත් අරන් හැරෙද්දීම ඇහුණ කටහඬත් එක්ක බලද්දී දැකපු දේ එක්ක කලබල වෙද්දි මාව එහෙම්ම ලිස්සලා වතුරට වැටුණා...

වැටුණා තමා...වැටුණ පාරට සාලුව ඇලේ...ලැජ්ජාව මගේ කේන්ති නහර අවුස්සද්දී ගොඩ ඒගන්න බැරි කමට මං වතුර අස්සෙන්ම සාලුව පස්සෙ ගියා...සිමෙන්ති බැම්ම තිබුණ සීමාවත් පහු කරන් තණකොල ගොල්ල තියෙන ටිකෙත් සෑහෙන දුරක් ගිහිං බොහොම අමාරුවෙන් සාලුව අල්ලන් විලි වහගෙන ජාමේ බේරා ගත්තත් සබන් පෙට්ටියයි අලුත්ම සබන් කෑල්ලයි වතුරෙ යද්දි වල් ගොල්ලෙ හිරවෙලා තිබුණ සබන් පෙට්ටියේ පියනත් අහුලන් මං දත් මිටි කකා ආපහු වතුර දිගේ ම උඩට ආවා...

පීනන්න තරම් වතුර නෑ..ඒත් පහල ඉඳන් උඩට එන්න අමාරු තරං යටින් වතුර පාර සැර වැඩි..ඒ අස්සෙ නූල් ඇදිලා තිබුණ තෙත සාලුව වතුර පාරෙ සැරට ඔට්ටු වෙවී මගේ විලි වහන්න බෑ කිය කිය එකම යුද්දෙක වෙද්දි සාලුව ඉණේ තියාගන්න මට හොඳ ගේමක් දෙන්න උණා..ඔය අස්සෙ අර අයිස් කූල් ඇඩ් එකේ ජෝන් ඒබ්‍රහම් නාගෙන වතුර බෝල දිලිසව දිලිසවා ගැම්මෙන් එන හැටි මට මතක් උණා...තව ටිකෙන් ගැම්ම හෝදගෙනම යනවා සාලුව එක්ක ඇලේ....

ආපහු මංකඩට එන ටිකට හැමදාම නාන ඇලත් මට එපා වෙද්දි, අර මුල් දවසෙ මුණ ගැහෙද්දී තිබුණ බය පක්ෂපාත කමත් කේන්තිය නිසා ඇලේම ගහන් ගිහිං තියෙද්දි වතුරටම බැහැලා කොකෙක් වගේ උසට උසේ හිටගෙන මං එනකං කටත් ඇරගෙන බලන් උන්න සුද්දට මං ඈත තියාම හැටට හැටේ රැව්වා...

"වැතුනා නේද...කුල්ලා.. අපොයි මං බය කරාද උයාව...මං හිටුවේ ගිආ කියලා ඒලේ..."

වැටුණා කුල්ල නෙමෙ රෙද්ද කියන්න කටට ආවත් මං දත්මිටි කාගෙන කලින් ශිල්පේම දාලා පඩියට ගොඩ වෙලා නැඟිටලා යන්න හැදුවේ දිගංචියාව ඇලටම තල්ලු කරලා දාන්න හිතෙද්දී උණත් ඊලඟට උණ දේ නිසා මාව ගැස්සිලා ගියා...

"මොන..!!"

සුද්දා පඩි ටික මැද හරියේ ඉද්දී ඌට ඉස්සරහින් පොඩි ඉඩෙන් දෙවැනි පඩියටත්ත් නැගින්න ගිය මගේ අත එකපාර වතුරෙ මට පහලින් උන්න සුද්දගේ අතක පැටලෙද්දී කුණුහරුපයක් කියවෙන්න ගියත් උඩ පඩියට තියපු කකුල එහෙම  තියන්ම මං හැරිලා බලද්දී ඒ බලන් උන්න බැල්මට මගේ වචන එහෙම්ම හිර උණා...

"ස්..සොරි..මං කටා කරා ඇවිත්..උයාට එහුණේ නේ..අතන හිටිඑ වටුරේ...shop..shop කරන්න ආවමට් කටා කරා..උලා බැලුඑ නේ..ඉටින් නාන කන් අටනට වෙලා බලන් හිටිආ මං...පය කරන්න හිටුඑ නේ.."

වතුර වල දිහාටත් මයිල ගහයට තියෙන කොටේ ළඟටත් අත දික් කර කර කියද්දි, මං නාන දිහා ගොඩක්වෙලා බලන් ඉඳලා කියලා හිතෙද්දි අහේතුක ලැජ්ජාවක් නිසා මේ හීතලෙත් මගේ කන් දෙක රත් උණා...ඊටත් වඩා ඇත්තටම ඒ මූණේ තිබුණෙ වරදකාරී පෙනීමක් වෙද්දි අත ආපස්සට ගන්නත් අමතක වෙලා මං වතුරෙ උන්න සුද්දා දිහා ගුලි කාලා වගේ ඔහේ බලන් හිටියා...

පොරත් තෙමිලා හොඳට...කොහොමත් පහතම පඩිය තියෙන්නේ සිමෙන්ති දාපු ඇල පතුලේ ඉඳන් අඩි 3ක් විතර උඩින් නිසා එක්කො එතනින් ඇලට පනින්න ඕනා...නැත්තං පඩියේ වාඩි වෙලා බහින්න ඕනා..එක්කො යටයි කියලා නොදැන අඩිය තියලා...නැත්තං.... මං ගහගෙන ගියා කියලා බයට පඩියෙන් පහලට පැනලද මන්දා.....

"එත්..තටම පය උණා මං..ගියා කියලා හිතුඑ.."

ඇල පහලට ඇස් යවපු සුද්දා තවත් මූණ අහිංසක පාට කරන් ආපිට හැරුණත් ඒ හැරුණ පිම්මේ සුද්දව ගැස්සිලා යද්දී කලින් කතා කරද්දි මගේ ඇස් එක්ක පැටලිලා තිබුණ ඒ ඇස් එකපාරම මගේ කකුල් දිගේ උඩට කලබලෙන් උඩට එද්දී පොරගේ කන් එක හැටියේ රතු වෙලා යද්දි මං ඇස් දෙක පොඩ්ඩක් පහලට හැරෙව්වා...මල හුට්ටප්පරයයි යකෝ එක කකුලක් උඩ එකක් පහල වතුර බරට එල්ලුන සාලුව පුප පල්ලේ...
සබ්බසකලමනාවම සුද්දගේ ඇස් ඉස්සරහා එළියේ....!! ගහගෙන යද්දි අමාරුවෙන් අල්ලන් ආපු නම්බුව දන්නෙම නැතිව ඇලේ....

"හේයි..කුල්ලෝ...ඉන්න...මට එන්න දන්නේ නේ..උඩට... එලේ යාවි මාව..."

අනේ මන්දා ඉතිං...ඌත් කොල්ලෙක් මාත් කොල්ලෙක්...ඊටත් මේ මෑතක් වෙනකං මේ මංකඩේ කොලු නඩේ එක්ක හෙලුවෙන් නාපු එකෙක් මං...සුද්දෙක් උනාට මූත් කොල්ලෙක්...පාටයි,සයිස් එකයි වෙනස් උනාට තියෙන්නේත් එකමනේ...ඒත් සුද්දට එහා ගිහිං මාව කෙල්ලෙක් වගේ රතු වෙද්දි මං බලෙන්ම අත ඇදගෙන ඉතිරි පඩි දෙකත් ගොඩ වෙලා වළං බේසම ගන්න නැමෙද්දී සුද්දා කෑ ගහලා මාව නතර කරද්දි මං ඇස් හීනි කරන් සුද්දා දිහා බැලුවා...

"එත්තටම..බෑ.. මන් දන් නේ... අදමයි එලේ ආවෙ..ප්ලිස්...ගන්න...මාව යයි... Crocodile එයි.."

මොනා උණත් අහසින් ගොඩ බැහැපු සුදු කොකාව දාලා යන්නත් බැරි කමට මං ටිකක් කල්පනා කරා..මං උදව් කරොත්.. සබන් කෑල්ලේ ගාණ කපාගන්න පුළුවන් එදා විට මල්ල උස්සන් ගියපු එකේ ගාණට...සබන් පෙට්ටිය, ඇගේ හැප්පුණ එකට...එතකොට මං වෙනුවෙන් කුණු ඇද්දා වෙනුවට පොරව ගොඩට   අදිනවා...එතනින් එහා...ආයි ණයත් නෑ..මං බයත් නෑ...

බේසම තියලා ආපහු නැගිටපු මං සුද්දට රව රවම ටවල් එක ලිහලා තද කරලා ආයි ඇඳ ගත්තා... ඇයි ඉතිං අලි කඳෙක්ව ඇලෙන් ගොඩට අදින්න එපැයි...ආයි සබ්බසකලමනාව ප්‍රදර්ශනේ උනොත් ඇලටම පණින එක සැපයි...ඔක්කොටමත් හරියන්න මේ රෙද්ද තෙමිලා නිසා කකුල් දෙක අස්සෙ රිංගලා ඇලවෙන්න හදනවා...

"ගන්න වටින්නේ නෑ කරපු වැඩේට... Crocodile කාපු දෙන් ඇවිත්... තමුන් හින්දා..මගේ අලුත් සබන් කෑල්ලත් ගියා ඇලේ...කලු කුමාරයාද ඇවිත් කොල්ලො නානවා බලන් ඉන්නේ...ලැජ්ජා නැති සුද්දා..."

මාව වතුරෙ දාලා , සබන් කැටෙත් ඇලේ යැව්වට පස්සෙ අර මගේ හිතේ ඌට තිබුණ බයක් වගේ එක ඇලේම හේදිලා ගිහිං තිබුණත්, ඇලේ හිටපු ලැජ්ජා කූඩැල්ලෙක් ලැජ්ජා නහරෙ හොඳම තැන බලලා එල්ලිලා තිබුණා...ඒබවක් නොපෙනෙන්න දන්න දහන් ගැට ඔක්කොම දාන්න මට ඕනා උණා...මොකද ලැජ්ජා බව පෙන්නුවොත් තව ලැජ්ජා වෙන එකමයි වෙන්නේ...ඒ නිසාම මං බොරුවටත් එක්ක සුද්දට මහ සද්දෙන් බැන බැනම කකුල් දෙක ඈත් කරලා පස්සත් වනලා ඇලෙන්න හදන ටවල් එක හදන් බලද්දී මේකා මං දිහාම බලන් ඉන්නවා ඇස් කටේ දාගෙන...අවුරුදු බර ගාණක් පරණ පාටවත් හොයන්න බැරි මගේ සාළුව ගැන පුදුම වෙලාද මන්දා..

"මොනවාද බලන්නේ....! මැජික් ද...."

ඌ පහල මං උඩ...යසයි කෙනුලයො...විලි සංගයක් නැති ප්‍රදර්ශනේ...කඩපිය VIP ටිකට්වත් හොඳ ගාණකට...අලි කඳා වතුරට හිනා වෙවී අත් දෙකෙන් වතුර උඩ දදා ආතල් ගද්දී  කුටු කුටු ගගාම මං පහලට බැස්සා...මං පහල පඩියේ හිට ගත්තාම ඌ ඉන්නවා මගේ පොඩි අලි කදෙක් වගේ...

පොර එක්ක එකට හිට ගත්තම මං පපුව ළඟට වගේ ඇති..මං බලන්න ගියේ නෑ ඉතිං...ඒ වගේ ඇති ඇහේ මිම්මට...එච්චර උස වෙලත් තමා මේකට ඔය ටික නඟින්න බැරිව හුරතල් වෙන්නේ...පුලුවන්ද බලන්නවත් හෙල්ලෙන්නේ නෑ...කණුව හිටෙව්වා වගේ ඉන්නවා...

"එන්න ඉති....."

මං පහළම පඩියට බැහැලා කොන්දත් නමන් සාලුව ආයි කට ඇරිලා රහස් ප්‍රදේස ප්‍රදර්ශනේ නොවෙන්න,සාලුවෙ නිදහස් කොනත් වම් අතින් අල්ලන් සුද්දට අත දික් කරද්දි ඌ ඒ පමාවට මගේ අත අල්ල ගත්තා...අල්ලන් මාව තව ටිකක් අතෙන් පහලට ඇදලා මගේ කණට ලං වෙද්දි මගේ හුස්මත් එක්ක හිර උණා..

"එත්තටම උයා ලස්ෂණයි... uniform ඉකටත් වඩා...උහොම ඉද්දී හලියටම ශුදු පාට ලිලී මලක් වගේ..."

මොකක්දෝ අමුතු නුහුරක් එක්ක හිරි ගඩුත් පිපෙද්දී ගලක් බෙල්ලෙ බැදලා වතුරට දැම්මා වගේ හැඟීමක් එක්ක ආයි පපුව පිස්සු කෙලින්න ගද්දී ඌ කියපු දේ එක්ක තව පොඩ්ඩෙන් මං සුද්දගේ උඩ ටම දඩ බඩොං....

"මඟුලක් කියවන්නේ නැතිව ඔය ගලට අඩිය තියලා වරෙන් අලි කඳා...."

එක තප්පරේට මුළු සර්වාංගේම ඇවිලෙන ගතියක් එක්ක සිහි විකල් වෙන්න ආවත් මෙතන ඉන්නෙ කොහෙන්දෝ ආපු සුද්දෙක් නෙමෙ මං දන්න කියන එකෙක් කියලා හිතන ගමන් මං පොරව අතෙන් උඩට ඇද්දා....

"අම්මූ... එති යාන්තං....කලපලේට පෙන්නට...හිලවෙන්නවත් පයේ හිටිඑ මං....මං හිතුඑම ගහන් යයි කියලා..එතුලේ වටුර හරි speed.."

ඇදලා ගත්ත පාරට මං එහෙම්ම පොරත් එක්කම වැටෙන්න යද්දි සුද්දා ඉක්මනින් මගේ ඉණෙන් ඇදලා අල්ලාගත්තා...එහෙම්ම වතුරට බැල්මක් දාන ගමන් හොඳ සුසුමක් හෙළලා කියපු විදිහට මට තේරුනා පොර ගල්වෙලා වගේ හිටන් උන්නේ ඇත්තටම බයවෙලා කියලා...ඒ කියන්නේ පොර මං ගහගෙන ගියා කියලා තමා පැනලා තියෙන්නේ....

සුද්දා මොකට වතුරේ ගල්වෙලා උන්නත් ඌත් එක්ක අඩි 2ක් විතර පළල පඩියේ ඒ එක මොහොතට ඇලවිලා වගේ ඉද්දී එතනින් යාගන්නත් බැරිව මමත් ගල්වෙලා හිටියා...අම්මා ළඟ,පුංචි එකි ළඟ මෙච්චරකල් මං හරි උස මහත ලොකු මිනිහෙක් කියාලු හිතන් හිටියට...මං කොච්චර පුංචිද කියලා ඒ මොහොතට මට තේරුම් ගියා...සුද්දගෙ අතක් තාම මගේ අත අල්ලන් අනික තාමත් ඉන වටේ තියෙද්දි වතුරෙන් ආපු ඒ නිල් ඇස් ඔළුවත් උස්සන් උඩ බලන් උන්න මගේ ඇස් එක්ක පැටලෙද්දී අපි දෙන්නම බලන් හිටියේ අපිටම තේරුම් ගන්න බැරි බැල්මකින්...

"උඩට එන්න ආයි වැටෙයි..."

එකපාර මගේ ඉන වටේ තිබුණ ඒ අත තද වෙද්දි මං සිහියට ආවා වෙද්දි නොසන්සුන්කම යවාගන්නත් එක්ක වටපිට බලන ගමන් ඒ අතෙන් ඇදගෙනම උඩට ආවා...

"කිරුළ....!!"

........

"ඔයා යන්වද..."

උඩට ආවාට මට කියන්න දෙයක්වත් හිතාගන්න බැරි වෙද්දි මං සද්ද නැතිවම වළං බේසමත් ඉනට අරන් රෙදි බකට් එකත් අතට අරගෙන එන්න හැරුණත් සුද්දා මොකක්දෝ කියලා කතා කරනවා ඇහෙද්දි එතන උන්නේ මං විතරක් නිසා මං ආයි හැරිලා බැලුවා...

"ඒ..ක්..ඒ..ක කැඩිලාද...ස්..සොරි..සොරි සර්.මං..මං..."

මං බලද්දීත් සුද්දා සාක්කුවෙන් ගත්ත වතුර බේරෙන තඩි ෆොන් එකක් හරවා හරවා බලද්දී ඇග පුරා බේරෙන ඔක්කොම වතුර එකපාර වේලිලා යන තරමට මං බය වෙද්දි මං බකට් එක එතනම තියලා ආයි සුද්දා ළඟට දිව්වා...

"ම්ම්..ඒකනි...අරන් දෙන්න වෙයි දැන්..."

"අ.. අනේ...ස...ර්... අ.. නේ... අනේ...මං.."

ඇත්තටම මං බය උණා...ටිකක් නෙමේ ගොඩක්...මං නිසා උණ දෙයක් නොවුණත්, එහෙම නෑ කියන්නත් බැරි නිසා බය උණා...අග හිඟකම් මැද්දෙ  උස් මහත් උණ මං, දන්න දා ඉඳන් එක රුපියලක් වෙනුවෙන් මහන්සි උණ මං හොඳ හැටි දැනගෙන හිටියා...ඉදිකට්ටක පවා,සීනි ඇටේක පවා තියෙන වටිනාකම...සල්ලි කන්දක් තියෙන මනුස්සයෙක් ඒ දේවල් වලට දෙන වටිනාකම ගැන කිසිම අදහසක් මට නැතිවෙද්දි,වතුරට පෙගුණ අළුත්ම අළුත් තඩි ඇපල් ෆෝන් එක දකිද්දී, මං නිසා වෙන කෙනෙකුගේ වටින දෙයක් නැති උණා කියලා හිතෙද්දි, දොස් අහන්න වෙයි කියලා බයටම,ජීවිත කාලෙම ඔට්ටු උණත් ඒ වගේ ෆෝන් එකක් අරන් දෙන්න බැරි උනොත් දඩුවම් විඳින්න වෙයි කියලා හිතෙද්දි දැනුණ අසරණකමටම මගේ ඇස් වල කදුලු පිරෙද්දි ටිකකට කලින් සැහැල්ලුවෙන් උන්න කෙනුල අතුරුදන් වෙලා තිබුණා..

"ම්ම්..මං..මං...කොහොම හරි අරන් දෙන්න..ම්ම්...."

"හේ...flower prince..!! උයා අඬනවාද මේ.."

"හිතලා...හිතලා කරේ..නෑ...මං.. මන්...."

කරන්න පුළුවන් දෙයක් නොවුණත් බයටම මට කිය උණත්,අනික් අතට ඒ වෙනුවෙන් ලක්ෂ ගාණක් හොයන්න උනොත්, මට තව කොයිතරම් මහන්සි වෙන්න වෙයිද හිතෙද්දි,අම්මාව පොඩි එකිව වේල් කියක් බඩගින්නේ තියන්න වෙයි ද කියලා හිතෙද්දි , සමහරවිට ඉස්කෝලෙ පවා නොගිහිං වැඩ කරන්න වෙයි කියලා හිතෙද්දි තව දුරටත් නතර කරගන්න බැරි උන කඳුලු සුද්දාගෙ අළුත් ඇඳුම් වලිනූත්, මගේ හම්පඩ ගැහුණ සාලු කෑල්ලෙනුත් ගලාගෙන ගිහිං පොලවට උරපු වතුර පාරටම එකතුවෙද්දී මගේ නිකටට යටින් බර දුන්න ඒ ලොකු ඇගිල්ල නිසා බිමටම නමන් උන්න ඔළුව උස්සන්න වෙද්දි මට ඉකි ගැහුනා...

"හයියෝ...කුල්ලෝ....විහිළු කරේ මං...ඒක මුකුත් වෙලා නෑ...වටුර යන්නෙ නෑ ඒකට...මේ හොදට වැඩ.."

........

"අනික කැඩුණත් උයා මොකක් කරන්න...මමනේ පෙන්නේ වටුරට...මං ගියානම් හැබෙයි වටුරේ...උලාට අපෙ පපාට මං කෙනෙක් ගෙනට් දෙන්න වෙයි...හ..හා..හා...."

මෝඩ සුද්දා මාව බය කරලා  මොකුත් උණේ නෑ කිය කිය ෆෝන් එක එහෙට මෙහෙට ඔබලා පෙන්නන ගමන් හිනා වෙද්දි මං කඳුලුත් ගල් කරන් ඒ හිනාව දිහා බලන් හිටියා...ඒ හිනාව.....ඒක....දෙයියනේ මට පිස්සු යකෝ....නාලා වැඩි වෙලා අද මොලේ පෙගිලා....

"මෝඩ දින්චියා....අලි කඳා....මාව බයකරලා,ලැජ්ජා කරලා,මගේ සබන් කෑල්ලත් ඇලේ යවපු සුදු කොකා....ගෙරි සුද්දා.....ගල් ඉබ්බා..."

මං බලන් උන්න හැටි දැක්කම සුද්දට තව ටිකක් හිනා යද්දි පොර දන්න අදුනන එකෙක් වගේ මගේ කොණ්ඩේත් අවුස්සලා ආයි මගුලක් කියවද්දී ඌට තේරෙන්නේ නැති වෙයි කියලා දන්න නිසාම මං දන්න නම් වනම් ඔක්කොම මහ හයියෙන් කෑ ගහල ඌට බනින ගමන් ගස්සාගෙනම එතනින් එන්න ආවා...

"කිරුළ..............උයා හරි අහිංශකයි ලෂ්සන කුල්ලෝ....."

ඒ දිග අඩි සද්දේ මගේ පස්සෙන් ඇහෙද්දී මං මයිල ගහ ළඟින් දකුණට හැරිලා එන්න එද්දී එතනින් වමට හැරිලා ටික දුරක් ගිය සුද්දා කෑ ගහනවා මට ඇහුණා....කිරුළ ඒ මොකාද ඒ....

මතුසම්බන්ධයි....
👩‍💻 dil

2024/01/01

   🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

මගේ වස්තුලා.....🤗🤗

ඉතිං අවුරුදු කොහොමද.....😊😊

උදේම හොඳට නෑවද..... ☺️☺️

අද pov එක වෙනස් කරා...ආසාව තිබුණට author pov ලියන්න මෙහෙම ලියද්දි ලේසි වගේ අප්පා...author POV ලියද්දි හැඟීම් ලියන්න අමාරුයි වගේ....කවලමේ දෙන්නම් හොඳේ... 🤗

කෝ ඇලේ නාන්න ආස අය.....මං නම් ආසයි අප්පා.....🙈🙈

ඉතිං අළුත් අවුරුද්දෙ...වචනයක් කොටන් යන්න මං වෙනුවෙන්....🤗🤗

  🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺

හීනෙදෝ හැබෑවදෝ
මගෙ දෑසෙ ගැටී රහස ලිහුනා
ඔබේ නීල දෑසේ රටාව කෝ
මං ආසයි මවාගන්න ලග මා....

සද නොරිදා විදින්නෙ දුර මා
ඔබ දැකලා මිදෙන්න ඕනා...//

හිතේ රෝස මල මෙන් ඇදේවී
ඔබ මට දුන්න හැම හීන විදිනූ ගලා යන්න දෙන්නම් වසන්තේ තව නොරිදෙන්න සුලගක්ව හිදිනූ...

සද නොරිදා විදින්නෙ
දුර මා ඔබ දැකලා මිදෙන්න ඕනා...//

සිනාවෙන්ම සගවා ඔයාගේ හිත
මගෙ ගාව තිබුනත් සමීපේ
ඉතින් වෙන්ව යන මේ සුයාමේ අපි හමු වන්නෙ නෑ එකම අහසේ....

හීනෙදෝ හැබෑවදෝ මගෙ දෑසෙ ගැටී රහස ලිහුනා...//

Seguir leyendo

También te gustarán

46.9K 1.9K 40
After living a peaceful and somewhat slacker life Cale passed away in old age. Only to wake up as a child in another world. Cale was now Sam Witwicky...
1M 54.6K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
1.1M 44.3K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
18.1K 426 13
jaune is a orphan boy who wanted to dream of being a hero after losing a kidney and a eye to pay off his debt to the mafia he couldn't pay it deep do...