~හීන~ [ONGOING]

By Eily_4_

11.5K 1.4K 1.3K

"උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." "උඹට බැරි වුනාට මොකද මැණික..... මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව... More

01 වන කොටස
02 වන කොටස
03 වන කොටස
04 වන කොටස
05 වන කොටස
06 වන කොටස
07 වන කොටස
08 වන කොටස
09 වන කොටස
10 වන කොටස
11 වන කොටස
12 වන කොටස
13 වන කොටස
14 වන කොටස
15 වන කොටස
16 වන කොටස
17 වන කොටස
18 වන කොටස
19 වන කොටස
20 වන කොටස
21 වන කොටස
22 වන කොටස
23 වන කොටස
24 වන කොටස
25 වන කොටස
26 වන කොටස
27 වන කොටස
28 වන කොටස
29 වන කොටස
30 වන කොටස
31 වන කොටස
32 වන කොටස
33 වන කොටස
34 වන කොටස
35 වන කොටස
36 වන කොටස
37 වන කොටස
38 වන කොටස
39 වන කොටස
40 වන කොටස
41 වන කොටස
42 වන කොටස
43 වන කොටස
45 වන කොටස
46 වන කොටස
47 වන කොටස
48 වන කොටස

44 වන කොටස

135 21 22
By Eily_4_

"ආයිෂ්.....මොකාද මේ උදේ පාන්දර වාත වෙන පකිස් බූරුවා...... ම්ම්....... අයියේ........ අයියේ නැගිටිනවකො මිනිහෝ........"

" ම්ම්.........."

" හුම් හුම් නෙවෙයි ගිහින් දොර පොඩ්ඩක් අරිනවකෝ......."

" අනේ මේ...... උදේ පාන්දර වද දෙන්න එපා බං....."

මහ පාන්දර හතරට විතර නින්දට වැටුණු අපි දෙන්නම හිටියෙ ට්‍රේන් ටු බුසාන් එකට රගපාන්න ඇදගත්තු සොම්බියො දෙන්නෙක් ගානට හෙම්බත් වෙලා....

" අනේ අයියේ....... ගිහිං පොඩ්ඩක් බලනවකෝ....."

" කට පියාගෙන බුදිය ගනිං රෙහාන්......"

අවුල් වෙච්ච කොන්ඩෙත් එක්ක බොහොම අමාරුවෙන් ඇර ගත්ත තනි ඇහැට පේන දර්ශන පථයෙන් මං සහස්ව හොයාගෙන ඒකාව නැගිට්ටවන්න හැදුවත් ආපිට සහස් කරේ මගෙ බෙල්ලෙන් අල්ලලා මූණ කොට්ටෙ අස්සට ඔබපු එක.....අනේ මගේ ඤහයත් එක්ක තැලුනද කොහෙද සාන්ත........

" ම්ම්...... අයියේ........  අයියේ........"

" ඇයි බං......."

" ගිහින් අර දොර පොඩ්ඩක් ඇරලා බලන්නකො අනේ...."

" මට බෑ.....උඹට ඕනෙ නම් පලයං....."

දොර අරින්න බෑ කියලා සහස් ආයෙම වතාවක් රෙද්ද පොරවං නිදාගන්න හදනකොට මේ පාරනම් මගෙත් ඉවසීමෙ සීමාව අන්තෙටම පැන්නුවා.....

" නැගිටපිය කුම්භකරනයා......"

" ආ....ආව් බං.... මගේ කොන්ද ...."

" එකපාර නැගිට්ටනං ඔහොම වෙන්නේ නෑනේ....."

" මැරියං උඹ......"

" දැන්ම බෑ ඒයී......තාම කසාද බැන්දෙත් නෑනේ......"

ආයෙම වතාවක් රෙද්ද පොරවං බුදිය ගන්න හදපු මගේ කටුස්සට එල්ල වෙච්ච පා පහර නිසා අමාරුවෙන් වුනත් ඒක රිදුනේ නෑ වගේ රගපාන්න හදන අයියා දිහා මං බලාගෙන හිටියේ පුදුම අමාරුවෙන් මගෙ හිනාව කාගන්න ගමන්....මොකද මේ වෙලාවේ මං හිනා වුනොත් ඒක මේ අහිංසක කොලු පැටියගෙ අවසාන තත්පර කිහිපය බවට පරිවර්තනය වෙන්න තියෙන ඉඩ කඩ බොහෝම වැඩී.......

ඇදෙන් බිමට වැටුණු එකේ වාඩුව ගන්න කියලා හිතාගෙන ආපිට මට තඩි කොට්ටෙකින් දමලා ගහපු සහස් උදේ පාන්දර ආපු එකාටත් දෙහි කපන ගමන්ම කාමරෙන් එලියට යන්න යනකොට මාත් හෙන ගේමක් දීලා මගේ ඇස් දෙකම ඇරගෙන ඇඳ උඩින් පොඩ්ඩක් වාඩි වුණා....ඇත්තමයි මට නම් දැන් සිරාවටම දැනෙන්නෙ මාව වෙන කොහෙන්හරි ගෙනල්ලා මෙතනට අත ඇරියා වගේ මහ කුජීත හැගීමක්....ඒ තරමටම මගේ නිදිමත ගැන මට විස්තර කරගන්න තේරෙන්නේ නෑ.......

විනාඩි දහයක් වගේ යනකොට මාත් හෙන අමාරුවෙන් පඩි පෙල බැහැගෙන සාලෙට එන්න ආවේ දොර අරින්න ගියපු සහස් ආයේ ආසාවටවත් මගේ කාමරේට ආපු නැති හින්දයි......

" අහ්....තෝද මේ උදේ පාන්දර මිනිස්සුන්ට පව් පුරවන අරාබි හිකනලා........."

" මොන උදේ පාන්දරක්ද යකෝ දැන් වෙලාව දොලහටත් කිට්ටුයි......"

නවෝද් එහෙම කියනකොට මං කෙලින්ම බැලුවෙ බිත්තියේ එල්ලලා තිබුණු බිත්ති ඔරලෝසුව දිහා...ඔව් ඌ කියපු කතාව හරියටම හරි....දැන් වෙලාව එකොළහයි පනස් පහයි....ඒ වුනාට ඉතිං හතරෙ ඉදන් බැලුවම මං නිදාගෙන තියෙන්නේ පැය අටකටත් වඩා අඩු කාලයක්නෙ සාන්ත.....

" උඹ තනියම ද ආවේ......"

උඹ තනියමද ආවේ කියලා මං නවෝද්ගෙන් අහනකොට ඒකා මට ඇස් දෙකෙන් පෙන්නුවේ කුස්සියට වෙලා සහස් එක්ක කියව කියව ඉන්න උගෙ අයියව...

" ඒ කියන්නේ කොකටුවත් ඇවිල්ලා......"

" රෙහාන් මේ......"

" ම්ම්......"

" මොකක්ද බං ඊයේ සිද්ද වෙලා තියෙන්නේ.....මහිම මට පාන්දර කෝල් කරනකොට මගෙ බොක්කත් එක්ක රත් වුනා බං......."

" ඒ කියන්නේ මහිම හිටියෙත් උඹත් එක්කද....."

" නෑ නෑ අයියා ආවෙ අද උදේ....මං කියන්නේ ඊයෙ රෑ වෙච්ච ප්‍රශ්නෙ ගැන මහිම මට කියනකොට නම් මං සිරාවටම බය වුනා ඕයී....."

" අනේ මන්දා බං....මේවා කොහෙන් කෙලවර වෙයිද කියලා දන්නේ දෙයියොම විතරයි..."

" ඒක නෙවෙයි මං මේ කි........."

කුස්සියේ හිටපු අයියලා දෙන්නා ආපිට සාලෙට එනකොට නවෝද් කියන්න හදපු දේ බලෙන්ම වගේ නවත්ත ගත්තා.... එතනින් එහාට මාත් ඒ ගැන වැඩිය උගෙන් හාරවුස්සන්න ගියේ නෑ..... මොකද ඌ දෙයක් කිව්වත් නොකිව්වත් ඒ කරන්නේ හේතුවක් ඇතුව කියන්න මං දන්නවා....

" ඒ කන්න මුකුත් ගෙනාවේ නැද්ද බං....... "

" අන්න දැක්කනේ...මං මේ මිනිහට කිව්වා බං....යනකොට කන්න මොනවහරි අරගෙන යං කියලා කිව්වම මොකක්ද කිව්වේ...නෑ නෑ බබා ඕනෙ නෑ එයාලා උයලා ඇති අපරාදෙනෙ අපිත් කෑම අරගෙන ගියොත්....යැයි යැයි තමයි....දැන් හරිද අමාරුව....."

" හරි බබා ඉතිං මේ අහල පහල ඕන තරම් කඩ තියෙන්නේ අපි මොනවහරි ගිහින් අරගෙන එමු හොඳද...."

" අරගෙන එමු තමයි... එකපාර අරගෙන ආවා නම් ආයේ පාරවල් ගානේ රස්තියාදු වෙන්න ඕනේ නෑනේ මනුස්සයො...."

" හරි අපි තව ටිකකින් ගිහින් මොනවහරි අරගෙන එමුකෝ......."

අම්මපා ඇත්තමයි මේ මහිමයගෙ ඉවසීමට නම් සම්මානයක් දෙන්න වටිනවා...මොකද මේකා මේ ඉවසන ඉවසිල්ල ආයෙ වෙන මොකෙක්ටවත් ඉවසන්න බෑ නෙවෙයි ඉවසන්නේ නෑ.......

" ගෙදර එන්නේ නැද්ද සහස්......."

මහිම අයියා සහස් ගෙන් එහෙම අහනකොට සහස් කරේ බිම බලාගෙන හිටපු එක......"

" ඊයෙ මුලු රෑම අම්මට නින්දක් නෑ.... එයා තමයි මට උදේන්ම ගිහින් උඹ ගැන බලන්න කියලා කිව්වේ....."

" ම්ම්......"

මහිම කියපු දේවල් වලට සහස්ගෙන් ලොකු ප්‍රතිචාරයක් ලැබුණෙ නැති හින්දම කතාව වෙනස් කරන්න කියලා හිතාගෙන මහිම එතනින් නැගිට්ටා.

" හරි එහෙනම් අපි ගිහින් මොනවහරි කන්න අරගෙන එන්නම්....."

මහිම නැගිටිනවත් එක්කම මගේ නැට්ටත් එතනින් නැගිටලා ඌ කරේ පාඩුවේ හිටපු මගේ ඔලුවට ඇනපු එක...අම්මපා මුන් දෙන්නම එකයි.....අයින්නෙම මගේ ඔළුවටනෙ රෙද්ද.....

" මොනවද කන්නෙ....."

" ඔය මොනවහරි බලලා තියෙන දෙයක් අරගෙන වරෙං බං......"

" ම්ම්..... දැන් දෙන්නත් එක්ක ගිහිල්ලා දත කට මැදගෙන ඔය මූණ කට පොඩ්ඩක් හෝදගන්නවලා.... බලහං හැටි විතරක්.... අමුම අමු මල පෙරේතයො දෙන්නෙක් වගේ.....ෂික්....."

" උඹ මෙතන මහ පගයා වෙන්නැතුව ගිහින් දුන්න වැඩේ කරපං බෝදිලිමා......"

මහිමයි නවෝදුයි කන්න මොනවහරි අරගෙන එන්නම් කියලා ගෙදරින් එලියට යනකොට මං අයියා එක්ක ටිකක් කතා කරන්න ඕනේ කියලා හිතාගත්තා......

" ඒයි මේ......."

" ම්ම්......."

" සොරි හොඳද....."

මං සොරි කියලා කියනකොට සහස් මං දිහා බලාගෙන හිටියේ ප්‍රශ්නාර්ථ බැල්මකින්...."

" නෑ මේ......අර පයින් ගහපු එකට සොරි හොඳේ.... රිදෙනවද ඒයී....."

"අත ගෑවොත් නම් රිදිල්ල අඩු වෙයි මයෙ හිතේ...."

" ආස ඇති....තව කොහෙද දන්නෑ මෙයාගෙ අත ගාන්න ඕනේ......."

" අත ගාන්න ඕන තැන් ටික මං උඹට කියන්නද චූටි බේබී....ම්ම්........"

සහස් හෙන වල් විදියට මගේ බෙල්ල ගාවට පහත් වෙන ගමන් එහෙම කියනකොට නම් බොරු කියන්න ඕනේ නෑනේ මගෙ මුලු ඇගේම වගේ මේ මහ ගිනි දවාලේ හිරිගඩු පිපෙන්න පටං ගත්තා.....

" එහාට වෙනවා වල් හෝතම්බුවා....තමුසෙ හෙන වල් ඕයී......"

" ඉතිං එහෙම හොඳ නැද්ද බබා......"

" අයියේ !! "

" හරි හරි බං ජෝක් එකක් කරේ...අර වැදිච්ච පයින් පාරට කොන්දක් ඉතුරු වෙච්ච එකම මදැයි...."

" ඔන්න ඔහේ සමාව භාජනේකට දාලා දෙන්න ඒයී.. පුංචි කමට කරන වැරදිනෙ ඕවා....."

" ම්ම්.....මං කිරි එකක් හදන්නද....."

" දැන් එපා අයියේ...තව ටිකකින් කොහොමත් දවල්ට කන එකනේ......"

" හරි එහෙනම් මං ගිහින් වොෂ් එකක් දාගෙන එන්නම් ..."

" හරී....."

සහස් උඩ තට්ටුවට ගියත් හරි සෝෆා එකේ පැත්තකට වෙන්න තිබුණු අයියගෙ ෆොන් එක එකදිගට රින්ග් වෙන්න පටං ගත්තා.... කොයි එකටත් මං ඒ ෆෝන් එක අරගෙන ඩිස්ප්ලේ එක දිහා බැලුවේ ඔය කතා කරන්නෙ මහිම වෙන්න ඇති කියලා හිතාගෙන... හැබැයි ඩිස්ප්ලේ එකේ තිබුණු නම දැක්කම නම් මාව දෙලෝ රත් වුනා.... ඊටත් හපන් මට දැනුනේ ලොකු කේන්තියක්......ඔය කතා කරනවා ඇත්තේ ආයෙම වතාවක් අයියගෙ ඔලුව අවුල් කරන්න හිතාගෙන වෙන්න ඇති...... අප්පච්චිගෙන් ආපු කෝල් එක රින්ග් වෙලා එහෙම්මම කට් වෙලා යනකොට මාත් වොෂ් එකක් දාගෙන එනවා කියලා හිතාගෙන මගේ තාත්තගෙ කාමරේට එන්න ආවා.......මොකද මටත් දැන් අම්බානෙකට බඩගිනියි...ඉක්මනට නාගෙන මොනවහරි කාලා හවසට පල්ලිය පැත්තෙත් ගිහිං එන්න ඕනේ......ඇයි ඉතිං අද උදේ මට පූජාවටත් ගිහින් එන්න බැරි වුණානේ.....

"මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ... මගේ ආලෝකෙ ඔබ නේද සංසාරයේ.... මගේ ජීවන හදේ....බැමි ඉස්තීර වේ...ඔබ හිමිවෙන්නේ කවදාද පෙම් වන්තියේ...ඔබ හිමි වෙන්නේ කවදාද පෙම්වන්තියේ.....ඔහ් යේ...."

පැය භාගයක් විතර හොදට නාගෙන මං කෙලින්ම පය තිබ්බෙ අපෙ අප්පොච්චගෙ සිරි යහන් ගබඩාවට...හප්පේ මේකෙ ලස්සන... අවුරුදු දහ අටක් තිස්සේ මං මේ ගෙදර ඉදලත් අද තමයි මට මිස්ටර් මහේන්ගෙ බෙඩ් රූම් එක ඇතුලට බයක් හැකක් නැතුව අඩියක් තියාගන්න පුලුවන් වුනේ....හප්පේ මේ ලොයර් අන්කල් උලන සැන්ට් පවුඩර් තොගේ.... ම්ම්....මේ රෙහාන් කොලුවටත් ඔය සැන්ට් පවුඩර් පිස්සුව ආවේ කාගෙන්ද කියලා මට දැන් හිතාගන්න පුලුවන්.....

කන්නාඩි මේසෙ ගාව තිබුණු සේරම ජාති ටික උලාගෙන මං ඇදගන්න කියලා අරගෙන ආපු බොටම් එකයි සුදු පාට ටීෂට් එකයි ඇගට දාගත්තට පස්සේ මං කෙලින්ම කරේ තාත්තගෙ කාමරේ ඇතුලෙ පොඩි සර්ච් පාරක් දාපු එක.... කියන්න බෑනේ ඉතිං යම් කිසි අත්භූත දේවල් වුනත් මට මිස්ටර් මහේන්ගෙ බෙඩ් රූම් එක අස්සෙන් හම්බවෙන්න තියෙන සම්භාවිතාව බොහොම වැඩී.......

නිකං ඉන්න බැරි කමටම මං තාත්තගෙ ෆයිල්ස් වගයක් අහුරලා තිබුණු උස යකඩ රාක්කෙ පැත්තට ගෑටුවා... මේකත් නිකං හරියට අර පරණ කන්තෝරු කාමරයක් වගේ... බලන බලන තැන තියෙන්නේ තඩි බොක්ස් ෆයිල්ස් විතරමයි...... ඔය අතරේ තමයි මං තාත්තගෙ කාමරේ පැත්තකට වෙන්න තියලා තිබුණු ලී මේසෙ පැත්තට ඇවිද ගෙන ගියේ...වෙනසක් නෑ ඒක යටත් පිරිලා තිබුනෙ මොන මොනවදෝ කුනු ගොඩවල් වගයක් පුරවපු කාඩ් බෝඩ් පෙට්ටි තොගයක්.... හැබැයි ඉතිං කෝකටත් කියලා මං එතනින් පිටීමපස්සට වෙන්න තියලා තිබුණු කාඩ් බෝඩ් පෙට්ටිය එලියට අරගෙන ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා බැලුවා... මොකද මං මේ වගේ කුප්ප වැඩ කරන්න හරිම ආසයි....

ඒ කාඩ් බෝඩ් පෙට්ටිය ඇතුලේ ඒකාකාරෙට දූවිලි පිරිලා.... මං මගේ අතින්ම ඒ දූවිලි ටික පොඩ්ඩක් ගසලා දාලා එහෙම්මම බිම ඉදගෙන ඒක ඇතුළෙ තිබුණු දේවල් එකින් එක එලියට ගන්න පටං ගත්තා.... පේන විදියට මේ පෙට්ටිය ඇතුළෙ තිබුණෙ තාත්තගෙ පරණ මතක වල එකතුවක්..... මං එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි පෙට්ටිය ඇරපු ගමන්ම වගේ මට හම්බවුණේ රෝස පාට මල් වැලක් ගියපු පුංචි ලේන්සුවක්...සමහර විට මේක අපේ අම්මා තාත්තාට දීපු තෑග්ගක් වෙන්න ඇති....එහෙම නැත්තං ඉතිං ඔය ඉස්කෝලෙ යන කාලෙ කවුරුහරි කෙල්ලෙක් දුන්න ආදර තෑග්ගක් තමයි ඕක.... තව ලස්සන කොන්ඩ කටුවකුත් ඒ පෙට්ටිය ඇතුලෙ තිබුනා....මට විශ්වාසයි මේක නම් අයිති වෙලා තියෙන්න ඇත්තේ මගේ අම්මටම තමයි ..... මොකද ඒ කොන්ඩ කටුවෙ පැත්තකට වෙන්න R කියන අකුර හරි ලස්සනට කැටයම් කරලා තිබුනා....හරියට නිකං ඒක කාටහරි කියවලා හැදෙව්වා වගේ........ ඔය මොන දේටත් වඩා මගේ හිත ගැස්සුණෙ පුංචි පොතක් ඇතුළෙ තිබුණු ෆොටෝ එකක් දැක්ක නිසයි.... ඒ වෙන මොකක්වත් නෙවෙයි....දරු ගැබක කලු සුදු පිංතූරයක්....මේක කාගෙද මේකෙ ඉන්නෙ කවුද කියන්න මං හොඳාකාරවම දන්නවා....ඒත් ඇයි මට මේක දැක්කම ලොකු වේදනාවක් දැනෙන්නේ ...... හරියට නිකං මේ ලෝකේ කරන්න පුලුවන් ලොකුම වැරැද්ද කරපු වැරදි කාරයා මේ මං කියලා මට දැනෙන්නේ ඇයි දෙයියනේ....

" රෙහාන්......."

ඒ ඇවිත් හිටියේ සහස්....කලබලේ වැඩි කමටම අයියා තාමත් ඉන්නේ මේ අපේ ගෙදරම නේද කියන එකත් ඒ අස්සේ මට අමතක වුනා.....

" අයියේ..... මහිම අයියලා ආවද.......ආ.....ආව්...."

තිබිච්ච හදිස්සියට මං ඒ ෆොටෝ එකත් පෙට්ටිය ඇතුලට දාලා ආපිට නැගිටගන්න හදනකොටම මගේ කකුල ලිස්සලා මාව අනිත් පැත්තට ආපහු වැටෙන්න ගියා.....සහස් නොහිටින්න තව පොඩ්ඩෙන් මගේ ඔලුව ගිහිල්ලා අර තඩි ලී මේසෙ කොනක වදිනවා.....

" මොකද බං මේ වෙලා තියෙන්නේ....."

" නෑ නෑ හරි.... පොඩ්ඩක් කකුල ලිස්සුවා....."

ඇස් වලට ආපු කදුලු සහස් දකී කියන බයටම මං එයාගෙ ඇස් දෙක මග ඇරලා කතා කරනකොට අයියා කෙලින්ම කරේ මගේ නිකටෙන් අල්ලලා මාව එයාගේ පැත්තට හරව ගත්ත එක.....

" ඇයි මෙතනට තනියම ආවේ අහ්....."

" ඇ...ඇයි අහන්නේ අනේ මේක මගේ ගෙදරනේ.....ඇරත් මේක මගේ තාත්තගෙ රූම් එක....මේකට එන්න මං කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑනේ අයියේ......"

" ඔව් ඒක නම් එහෙම තමයි...දැන් මේක ඇතුලට ආවා කියලා උඹට මොනවහරි දෙයක් ලැබුනද රෙහාන්.... ම්ම්....."

" එහෙම මුකුත් නෑ අයියේ...මං මේ...නිකමට වගේ මේ රූම් එක ඇතුලට ආවේ....... "

සහස්ගෙන් ඈත් වෙලා මං ඒ පෙට්ටිය ආපහු තිබුනු තැනින්ම තියන්න හදනකොට කියන්න සතුටුයි මේ පාරත් මං හත්පොලේම ගාගත්තා.....

" ඔය ඔය බලාගෙන රෙහාන්.....කෝ පැත්තකට වෙයං.... "

තනියම උස්සගන්න හදපු කාඩ් බෝඩ් පෙට්ටිය සී සී කඩ බිම ඉහිරිලා යනකොට ඒක ඇතුළෙ තිබුණු හැම දෙයක්ම වගේ සහස්ටත් එයාගේ ඇස් දෙකෙන්ම දැකගන්න පුළුවන් වුනා.... හැබැයි එකම එක ෆොටෝ එකක් ළග නැවතිලා සහස් බලාගෙන හිටියේ ඒ දැකපු දේ එයාට විශ්වාස කරගන්න බැහැ වගේ මහ අමුතු බැල්මකින්.....

" අප්පච්චි......."

ඒ ෆොටෝ එක දිහා බලාගෙන අයියා කිව්වෙ එච්චරයි.... ඇත්තටම ඒ ෆොටෝ එකේ තිබුනෙ මොකක්ද කියලා දැනගන්න ඕන වෙච්චි නිසාම මමත් ඒ ෆොටෝ එක මගේ අතට අරගෙන ඒ දිහා හොඳට බැලුවා......

" දෙයියනේ........මේක කොහොමද සිද්ද වුනේ......"

මමයි අයියයි එකම වතාවෙදි අපි දෙන්නගෙම මූණු දිහා බලාගන්න කොට තවත් එක ප්‍රශ්නයක් අපේ ජීවිත වලට අලුතින් එකතු වුණා....... හැබැයි මේ පාර නම් ඒක එච්චර ලේසි වෙන පාටක් නෑ වගේ......









දැනෙන දේ කියන්න❤️

Continue Reading

You'll Also Like

323K 8.5K 87
What do you do when you find out your Aunt is your father's mistress? Your lovely sweet cousin is actually your half sister? Cheng Bi Yu thought she...
9.4K 324 23
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...
766K 15.5K 111
Yaszy Romano has been through so much pain and suffering her entire life but it makes her who she is. Dark Angel...Dangerous, Powerful. An Assassin...
28.2K 6K 34
OPEN! Join a community of passionate readers, where the love of literature meets a welcoming and professional atmosphere.