ඊයේ අම්මටයි කෙනුලටයි දෙන්නටම ටිකක් සැරටම පාරවල් කීපයක් වැදුණා වෙද්දි කෙනුලව ගෙට ගන්නත් බැරිව රෑ තිස්සක් අඬනවා ඇහුණ අම්මාත් අද තාම නින්දේ ඉද්දී උන්න තැනම ඉදගෙන කෙනුල අතපය දික් කරලා හිරි ඇරියා...එහෙම්ම පස්සෙන්ම රූටලා ඇවිත් පුංචි පිල් කණ්ඩියෙන් පහලට කකුල් දාගත්තා වෙද්දි කෙනුලගේ ඇස් මිදුල පුරා විසිරිලා තියෙන බත් ඇටයි,අම්මා අවුරුදු ගාණක් පරිස්සම් කරපු තාත්තා බත් කාපු මැටි අඩි වලඳේ කෑලි ටිකයි ළඟ නතර වෙද්දි ඊයේ දවල් කෑව හැටියේ බත් ඇටයක් වැටුණේ නැති බඩත් කෑ ගහනවා දැණෙද්දී කෙනුලට හරි අසරණ කමක් දැනුණා..
තාත්තා හිටියානම් කියලා හිත කෑ ගහද්දී පොල් අතු පැලට වම්පැත්තෙන් තිබුණ,වැස්සට අවුවට අහු වෙලා ගරා වැටිලා තිබුණ තාත්තගේ හීන මාලිගේ දැක්කම කෙනුලගේ ඇස් නොදැනිම තෙත් උණා..ගෙපලක් තිබුණ බවට කළු ගල් වලින් පොලවෙන් උස්සලා දාපු අත්තිවාරම විතරක් සාක්ෂියට තියෙද්දි අත්තිවාරමෙන් වෙන් කරපු කාමර කෑලි පුරා කෙනුල එළවලු හදලා තිබුණා...
වටපිටේ කුඹුරු වල අය ගොඩ වගේම මඩ ඉඩම් කරගෙන යද්දි කුඹුරු වලට එන අයගෙන් කෙනුලට එළවලු ඇට ලැබුණා...ඒ මිනිස්සු වාරේට වගා කරත් කෙනුලගේ පුංචි වගාවේ අවාරෙටත් හදන එළවලු වලින් ඒ මිනිස්සුන්ටත් එයාලගෙ පංගුව පුළුවන් හැටියකට කෙනුලගෙන් හම්බ උණා...
අනික් අතට නුවරඑළියෙන් මෙහෙට බැඳලා ඇවිත් හිටපු ඉමල්කා ටීච එහෙ උන්න යාලුවෙක්ගේ පැල තවානකින් දැන් අවුරුදු ගාණක් තිස්සේ මල් ඇටයි,මල් ගැන විස්තර තියෙන පොත්,සඟරා එහෙම කෙනුලට ගෙනත් දුන්නා...කුඹුරු ඉඩම් නිසා කොහොමත් පෑවිල්ලේත් පොළවේ සීතල තිබුණා..දකුණේ උණාට කෙනුල මුහුද දැකලා තිබුණෙම වතාවක් දෙවතාවක් වෙද්දි මුහුදු හුළං අහලකවත් නැති ගම්මානේ ගොයම් කපන කාලෙ ඇරුණම ඇලවල්වල වතුරත් තියෙද්දි කෙනුලගේ මහන්සියයි අත්ගුණෙයි එක්ක මේ දකුණේ ගමක හැදෙයිවත් හිතන්න බැරි විදිහෙ මල් කෙනුලගේ මිදුල පුරා වැවිලා තිබුණා...හොටෙල් එකක වැඩ කරපු ඉමල්කා ටීචගෙ හස්බන්ඩ්ම තමා කෙනුලට මල් දෙන්න හොටෙල්ස් අල්ලලා දුන්නේ...මහලොකු ඕඩර් නොවුණත් guest කෙනෙකුගේ ඉල්ලීමකට flower bouquet එකක දෙකක ඕඩර් එකක් ඉඳලා හිටලා කෙනුලට හම්බ උණා...
අම්මා ,අක්කා, පුංචි කෙල්ල වෙනුවෙන් කෙනුලටත් බලාපොරොත්තු හුගාක් තියෙනවා..වැස්සෙන් ,අවුවෙන් සීතලෙන් කරදරයක් නැති පුංචි ගෙයක් මේ හැමෝම වෙනුවෙන් ගොඩ නඟන්න, ආස දෙයක් බඩපිරෙන්න කන්න, දියවෙලා ගිය ඇඳුම් වෙනුවට අලුත් ඇඳුමක් ගන්න , කඩේ ණය පොත හිස් කරන්න වගේ පොඩි පොඩි බලාපොරොත්තු වලින් ඒ ලෝකේ පිරිලා තිබුණා...ඉස්කෝලෙ ගමන නතර කරලා වැඩකට යන්න හිතුණත්, අඩුම නමටහරි ඒලෙවල් පාස් වෙන එක අම්මගෙ වගේම කෙනුලගේත් ලොකු ආසාවක්...කෙනුල දන්නේ නෑ කොහොමද කියන්න...ඒත් කෙනුලට ඕනා මේ අපායෙන් එක අඩියක් හරි එළියට එන්න...
පිල්කන්ඩියේ ඉඳගෙනම වත්ත පුරා ගිය කෙනුලගෙ ඇස් වල කඳුලු පිරෙද්දී කෙනුල දණිස් දෙකට වැලමිට තද කරන් අත් අස්සෙ මූණ හංගන් තොල් හපන් කඳුලු නවත්වා ගන්න උත්සාහ කරා...ඊයේ රෑ පැලුන තොල්පොටෙන් ලේ රහ කටට එද්දී, තද කර ගත්ත හකු එක්ක ඔළුව පැත්තක් රිදුම් දෙන්න ගද්දී පාලනේ කරගන්න හැදුවත් කෙනුලට ඉකි ගැහුනා...
"හේ..යි....පුංසි මල් කුමාරයා..."
.......
"little flower prince....!! Are you okay...!!"
බැලුන් සද්දෙට ඇහැරුනාට කල්පනාවේ උන්න කෙනුලට ඔය ගැන වගේ වගක් තිබුණෙ නෑ...පිටින් ආපු කෙනෙක්ටනම් උදේම බැලුන් යනවා බලන එක පාන්දර ඇහැරගෙන බලන්න තරම් පුදුමයක් විශේසයක් උණා..ඒත් කෙනුල පොඩි කාලෙ කොල්ලො කුරුට්ටෝ එක්ක, හරි ලස්සනට පෙනුණ බැලුන් පස්සෙ බයිසිකල් වල නැගලා පාරවල් දිගේ කිලෝ මිටර් ගණන් පන්නන් ගිහිං බැලුන් බාන තැනකට අහම්බෙන් දවසක සෙට් උණත්...දැන් කෙනුලට ඒවා පස්සෙ පන්නනවා තියා ලස්සනක් දකින්නවත් ඒ දිහා බලන්නවත් උවමනාවක් තිබුණෙ නෑ...
දන්න දවසේ ඉඳන් දැකලා දැකලම කෙනුලටත් හරියට ඒක හැමදාම දකින කුකුලාගේ කරමලේ වගේ...දැක්කත් ගාණක් නෑ...අනික් අතට ඒ ගෑස් ගහන සද්දේ අර කම්මලේ බල්ලට වගේ...ළඟ ඇහුණත් ගාණක් නැති වෙද්දි...අද උන්න කල්පනාව එක්ක කොහොමවත් ඒ ගැන ගානක් තිබුණෙ නෑ...හිටි හැටියේ නුපුරුදු කටහඬකින් ඇහුණ මුල්ම ආමන්ත්‍රණෙත් එක්ක ගැස්සිලා ගිය කෙනුල ඉක්මනින් අත් දෙකෙන්ම කදුළු පිහගෙන එහෙම්ම ඉඳගෙන උඩ බැලුවා වෙද්දි කෙනුලගේ ඇස් වලට අහු උණේ අඩි 10ක් 12ක් තරම් පහළින් ගියපු බැලුන් එකේ වේවැල් බාස්කට් එකේ අඩිය කොටස වෙද්දි බැලුන් එකේ ඉඳන් පහලට එබීගෙන උන්න කෙනා නම්, මල් වත්තක් මැද පුංචි පොල් අතු පැලේ එළිපත්තේ ඉඳගෙන කකුල් අස්සෙ ඔළුව ගහන් උරිස් ගස්සා ගස්සා උන්න පොඩි කොල්ලව සෑහෙන දුරක ඉඳන් එයාගෙ දර්ශන පතේට අහු කරන් උන්නා...
කොහොමත් ඔය බැලුන් පහතින් ගෙවල් කිට්ටුවෙන් යද්දි ඒවයෙ යන සංචාරකයෝ..ගොඩක් වෙලාවට විදේසිකයෝ පහළින් ඉන්න අයට මොනවාහරි කියාගෙන අත් වනන් යන්නත් පහල ඉන්න අයත් හු කිය කිය කෑ ගහ ගහ අත්වනන්නත් පුරුදු වෙලා හිටියා...කෙනුලටත් ඒ වගේ අත් දැකීම් ඕනා තරම් තිබුණා...ඉතිං කවුරු උණත් මේ කතාකරන්නේ තමන්ට බව හැඟෙද්දී කෙනුල පිල් කණ්ඩියෙන් නැගිටලා එළියට බැස්සා...
"little boy..ඔයා හුඳින් ද..."
කෙනුලගේ නමේ තේරුමම සුවබර සිනහවකින් යුතුව තමන් සිටින තැනට ආලෝකය දෙන්නා කියන එක උණත්, බාස්කට් එකෙන් පහලට එබිලා සිංහලෙන් සැප දුක අහන සුද්දා දැකපු කෙනුලට නම් මේ වෙලාවේ හිනාවෙන්න අමතක උණා...
"Please tell me... Are you okay...!!"
.......
"කියන්න ඇයි අතන්නේ..!!"
වෙනදාට ලොකු කූඩ එක්ක ලොකු බැලුන් ගියත් අද ගියේ ගොඩක් ලොකු නැති බැලුන් එකක්...ඒකත් එක්කෙනෙකුට යන්න පුළුවන් විදිහෙ පොඩි බාස්කට් එකක් එක්ක...අනික මේ හිටපු සුද්දා මීට කලින් නොදැකපු කෙනෙක්...
"සෙවරින් මහත්තායාගේ පුතා ඇවිල්ලලු ඔය...මහත්තයා වගේ නම් නෙමෙ වගේ...අර ඉස්සර හිටපු ක්ලාස්ද මොකාද කියන කුපාඩියා වගේ එකෙක්ද කොහෙද... පේන් නැද්ද ආපු දවසේ ඉඳන් කොල්ලො එකතු කරන් බීගෙන සද්ද දාන හැටි ගමට ඇහෙන්න...උඹ එහෙම පේන්න යන්නෙ නෑ ඕකුන්ට...බිගත්තාම කොල්ලෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ ඕකුන්.."
බංගලාවක් නොවුණත් ගමේ මිනිස්සු කියන නමින් සුද්දගේ බංගලාව උණ සෙවරින් මහත්තයාගෙ ගෙදර තිබුණෙ කෙනුලලාගේ ගේ කිට්ටුවම...හරියට බැලුවොත් මේ වෙල් යාය මැද්දෙ තිබූණ එකම ගෙවල් දෙක...ප්‍රධාන පාරෙ ඉඳන් එද්දී සුද්දගේ වතු පහු කරගෙනයි කෙනුලලාගෙ වෙළේ ගෙදරට ආවෙ...කෙනුලලා වෙළේ එක කොණක..සුද්දගේ බංගලාව අනික් කොණේ...වෙල මැද්දෙන් ඒ ගෙවල් දෙක අතරින් ගමට යන පාර...ඉතිං දවස් දෙක තුනකට කලින් ඉඳන් සුද්දගේ බංගලාවෙන් රෑ වෙද්දි ඇහෙන බජව් සද්දෙට කන්දීගෙන අම්මා කියපු දේවල් කෙනුලට මතක් උණා...
සෙවරින් මහත්තයා නම් හැමෝගෙම හිත් දිනා ගත්ත ගමේ මිනිස්සුන්ටත් ගොඩක් උදව් කරපු කෙනෙක්..ඒත් සෙවරින් මහත්තයාගෙ මල්ලි ක්ලවුස් ,ගමේ අයට අනුව ක්ලාස් මහත්තයා නම් උන්න ටික කාලෙට ගමටම පිළිලයක් වෙලා හිටපු මිනිහෙක්..කොටින්ම කෙනුලගෙ අක්කාවත් අනාත කරලා ගියේ ඔය මිනිහගෙ ගෝලයෙක්...ඉතිං ඔය ඔක්කොම කල්පනා වෙද්දි කෙනුලට අලුත් සුද්දා එක්ක හිනාවෙන්න අමතක උණා වෙද්දි කෙනුලගෙන් ඔළුව උඩට හරවන් බලන් ඉන්නවා ඇරුනම ප්‍රතිචාරයක් නොවෙද්දී හෙමින් සීරුවේ මිදුල පහුකරන ගමන් තිබුණ බැලුන් එකේ උන්න සුද්දා ආයි ආයි කෙනුලට කතා කරා..
"Please smile.."
අන්තිමේ බැරිම තැනදෝ සුද්දා කටත් මුක්කන් කරගද්දී ඒකටනම් කෙනුලට හිනාවක් ආවා..කෙනුල හිනාව හංගා ගන්න හැදුවත් කෙනුල ළඟම ඇස් තියන් උන්න සුද්දට ඒ හිනාව අහු වෙද්දි මාපට ඇඟිල්ලයි දඹරගිල්ලයි එල් අකුර වගේ හදන් තමන්ගෙ කට දෙපැත්තෙ තියලා කෙනුලට ලස්සනම හිනාවක් දීපු සුද්දා කෙනුලගෙනුත් හිනාවෙන්න කියලා ඉල්ලුවා..
නමටම හරියන හිනාව නිසා හැමෝ අතරම ප්‍රසිද්ද කෙනුලට ඒ හිනාව ඉස්සරහා හිනා නොවී බැරිවෙද්දී කෙනුල හරි ලස්සනට හිනා උණා..
කෙනුලගෙ නමවත්,තේරුමවත් සුද්දා නොදන්නවා උනත් ඒ හිනාවෙන් පුංචි කොල්ලා ඉන්න තැනක් උණත් ආලෝකෙන් පිරෙනවා ඇති කියලා ඒ හිනාව දැකපු මුල්ම තප්පරේම සුද්දට හිතෙද්දි ඒ මොහොතෙම බෙල්ලෙ එල්ලන් උන්න කැමරාව ඉහලට එද්දී කෙනුලගේ හිනාව , ඊට පස්සෙ හිටි ගමන් එල්ල උණ කැමරාව නිසා පුදුම උණ මූණ,ඊට පස්සෙ ඇස් හීනි කරන් රවා ගත්ත මූණ එක පෙළට සුද්දගේ කැමරා කාචේ සටහන් උණා...
"ම්ම් catch..."
කැමරාව දිහා තෘප්තිමත් බැල්මක් හෙළපු සුද්දා එහෙම්ම මොකක්දෝ එකක් පහලට විසි කරද්දි රවාගෙන හිටියත් කෙනුලගේ අත් ඉබේම උඩට ගිහිං ඒ විසි කරපු දේ අල්ලා ගත්තා..
"Your very beautiful................අර මල් වලටත් වඩා.........."
අතේ තිබුණ ලොකු චොක්ලට් බාර් එක දැකපු කෙනුලට ආපහු හිනාවක් යද්දි මිදුලෙන් සෑහෙන දුරක් ගිහිං තිබුණ බැලුමේ උන්න සුද්දා මහ හයියෙන් කෑ ගහ ගහ අත වනද්දී ,බැලුන් එක නොපෙනෙන තරම් වෙල් යායට උඩින් ඈතට යද්දි...චොක්ලට් බාර් එක එක අතකින් පපුවටම තුරුලු කරන් පොඩි කාලෙ වගේ, ඒ එක්ක හෙමින් සීරුවේ පස්සෙන් ගියේ ඇයිද කියන්නවත්, මූණ පුරා හිනාවෙවී ආපිටට අත වැනුවේ ඇයිද කියන්නවත් කෙනුල දැනගෙන හිටියෙ නෑ....
තමන් සතියකට කලින් ලංකාවට ආවේම මරන්න ගෙනියන හරකෙක් වගේ වෙද්දි ඒ ආවත් හරි උවමනාවකට ඇර කාත් එක්කවත් කතා නොකරපු තමන්, මේ දැන් දැකපු පොඩි එකෙකුගේ සැප දුක ඇහුවේ ඇයිද කියන්නවත්, ළඟම කෙනෙකුට ඇරුනම වෙන කෙනෙක්ට නම් ලේසියෙන් නොදෙන හිනාව ලෝබ නැතුව ඒ පොඩි කොල්ලට දුන්නේ ඇයිද කියන්නවත් සුද්දා දැනගෙන හිටියේත් නෑ...ඊටත් වඩා බැලුන් එක පොල් අතු පැල තිබුණ ඉඩම් සීමාව පහුකරන්න ගියේම විනාඩි 5කටත් අඩු කාලයක් වෙද්දි ඒ පුංචි වෙලාව ඇතුලේ සිද්ද උණ මේ සිද්දි දාමේ අවසානේ...ඉල්ලලාම ගත්ත හිත පිරෙන හිනාවකට හිලව් වෙන්න චොක්ලට් බාර් එකත් එක්කම ඇමිනිලා, තමන්ගෙ හදවතත් බැලුන් එකෙන් පහලට පැනපු බව ලෙවින් දැනගෙන හිටියේත් නෑ....
මතුසම්බන්ධයි....
👩💻 dil
2023/12/28
🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺
ඉතිං ඔන්න එයාලා මුණ ගැහුනා....🤗🤗
වර්තමාන කතාව ගැන හිතන්න එපා වැඩිය...😊😊
මගේ කලින් කතා කියවපු අය දන්නවා මන් ප්‍රධාන චරිත දෙක තුන් වැනි පාර්ශව වලින් නොසෑහෙන්න පරිස්සම් කරනවා...☺️☺️ ff විදිහට කියවන අය පොඩ්ඩක්වත් බයවෙන්න එපා කසාදේ කියන වචනෙ ඇහුණ ගමන්...😌😌
ඉතිං මාව විස්වාස කරන්න කියලා තමා මේ වතාවෙත් කියන්න තියෙන්නේ...🤗
ඉතිං vote එක හරි ඔබන් යන්න මන් වෙනුවෙන්....
🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺🪂🌻🌺
ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබෙ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් වෑහිලා එනමුත් නොහැගෙදෝ
ආදරේ ඉතිරෙන ආදරේ
ඔය හද තුල තියා
මට සිත දෙයිදෝ
පැතු කුමරියේ...
මාගේ දෛවේ පිදු ඒ උරුමේ
ඔබ වේදැයි සිත කීවේ
දුටු මුල් දිනේ පැටලුම් වීලා
විසඳුම් සොයලා සිත ළඟ පෑහී
කියනු ඔබ කවුදෝ කියා...
ඔබ නිසා නෙතු ඇහැරීලා
අඳුරේ පවා තනිකඩද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත් මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා එය ඔබෙ නමට පුදමී සදා...
ඔය ඇස් දිහා පෙම යාවෙලා...
ඇසෙනා මානේ ඔබ අද වේ නම්
ඇති නම් හර්දේ ප්‍රේමේ නොපිරූ
ඉඩක් මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ නොපිරූ තැන් පුරවන්නමයි ඔබ නිසා තැනු ගීතේ අවසානය කෙරේ මැවු සිහිනෙ පිබිදෙයිද මං...
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්....