බොඳ මීදූම් ||𝐓𝐡𝐞 𝐁𝐥𝐮𝐫�...

By _peachy_shew_

4.6K 707 256

""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අ... More

INTRODUCTION
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10

CHAPTER 01

588 74 15
By _peachy_shew_

"සැනසීම"

මට හිතුනෙම ඒ වචනේ කොච්චර නම් ලස්සනද කියලා.නෑ ඒත් ඒ වචනේ තේරුම හිතන්නවත් මට අකැප වෙද්දී මන් කල්පනා කලා මගේ ජීවිතේ තේරුම මොකක්ද කියලා.සමහරක් විට මන් කරපු මෝඩ දේවල් වලටම මන් විදවනවා කියලා තේරේද්දී අනිත් පැත්තට මට හිතුනෙම කාලය ආපස්සට ගෙනියන්න.

සැනසීම, කාලය !!!!
මේ වචන දෙකේ මහ ලොකු බරක් නොතේරුනත් ඒ වචන දෙකේ වටිනාකම දන්න අයට ඇත්තටම ඒක මහ බර වචන දෙකක්.හරියට මේ මට වගේ.

පැය තුනක්!!
හරියටම පැය තුනක් මන් මේ වැල්ලේ ඉදගෙන
තාමත් ඉස්සරහා සන්සුව රැලි ගහන මුහුද දිහා බලාගෙන මන් මොකක්ද කරන්න ඕනේ කියලා කල්පනා කරනවා.එහෙමම බෑග් එකත් අරන් වැල්ලෙන් නැගිට්ට මම කලිසමේ තිබ්බ වැලි ටික පිහිදගත්තේ ගෙදර යන්න කියලා හිතාගෙන.මොකද මේ වෙනකොටත් මන් දැනන් හිටියා හවස පහ පහු වේලා ඇති කියලා.මන් පොඩ්ඩක් පරක්කු වෙද්දී මුලු පපුව ගිනි තියාගන්න මගේ අහිංසකී මන් එනකන් බලාගෙන ඉන්නවා කියලා මතක් වෙද්දී මන් ටක් ගාලා 138 බස් ඒකේ නැඟ්ගේ පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්න.

සෙනඟ.හොදට සෙනඟ.වැඩ ඇරිලා යන මිනිස්සුන්ගේ මුලු බස් එකම පිරිලා තියෙද්දී මන් බස් එකට නැඟලා කොහොම හරි බස් එකට අස්සට රිංග ගත්තේ ෆුට් බෝඩ් වල ගිහින් හොස්පිල් ගානේ ලඟින් බැරි නිසා.කොල්ලෙක් වෙච්චි මන් වගේ උන් කොලුකමට ඒ වගේ වැඩ කලත් මන් බය උනා මට මොනවා හරි උනොත් අර අහිංසකීට මොකක්ද යන කල දසාව කියලා.හම්බෙන තුට්ටු දෙකෙන් හරි මාව ගොඩදාන්න නහින මගේ අම්මට දුක් දෙන්න මන් කැමති උනේ නෑ ඒ නිසා මන් පරිස්සම් උනා.මගේ අම්මා වෙනුවෙන් මන් පරිස්සම් උනා.

බස් ඒකේ බන්ට් එකක් අල්ලන් මන් අමාරුවෙන් හරි හිටියේ මුන් ඔක්කොම කොටුව ස්ටේශන් එක ගාවින් බහිනවා කියලා දැනන් හිටපු නිසා.

"ටව්න් හෝල් ටව්න් හෝල් නගින්න නගින්න ඉක්මන් කරලා නගින්න"

මුගේ ආච්චිට හික්කඩු යන්ඩ.යකෝ මෙච්චර පැක් වේලා මේ රෙද්ද අස්සේ ඉද්දී මේ බේසිකයා තව උන්ව මේක අස්සට ගහනවා.මට පුදුම තරම් කේන්තී මේ කොන්දොස්තර ලා එක්ක.බස් එකකට උනත් මිනිස්සු පුරවන්න පුලුවන් ලිමිට් එකක් තියනවා.මුන් කරන්නේ ඒක පැනලා තියෙද්දී තවත් මිනිස්සුන්ව පුරවන එක.සමහරක් අයට කියන්න පුළුවන් එයාලට සල්ලි ඕන නිසා එයාලා ඒ දේ කරනවා කියලා ඒත් මන් කියන්නේ යන ගමන් නිකන් හරි ඇක්සිඩන්ට් එකක් උනොත් මේ ඔක්කොම මිනිස්සුන්ට මොකක්ද වෙන්නේ කියපන්කෝ.මුන් ඒවා ගැන හිතන්නේ නෑ ෆුල් ලෝඩ් දාගෙන පාගගෙන රේස් යනවා ඔක්කොම හැතිකරේ එකයි.

කොටුවේ ස්ටේශන් එකෙන් ගොඩක් අය කෝච්චිය අල්ලගන්න ඉක්මන් කරලා බහිද්දී බස් එකේ ගොඩක් ඉඩ ඉතුරු උනා.මන් ටක් ගාලා ගිහින් සීට් එකකින් ඉදගත්තේ තව මොකෙක් හරි ඉදගනී කියලා.එහෙමම ෆෝන් එක අතට අරන් ෆලයිට් මෝඩ් ඔෆ් කලේ කෝල් සීයක් විතර බලාපොරොත්තුවෙන්.

10 Missed calls from Amma❤️🌎
02 Missed calls from Rithum❤️

හිතුවා හරි.අනේ මගේ අහිංසකී.මන් දන්නවා දැන් එයා හොදටම බය වේලා ඇත්තේ.එයා ගෙදර එන වේලාවෙදිත් මන් නොහිටි එකට බය වේලා ඇති හොදටම.මන් අම්මට අහපවු කෝල් බැක් කරන්න නොගියේ මෙහෙමම ගෙදර යන නිසා.ඊලඟ මන් එහෙමම අත අරන් ගියේ රිතුම්ගේ නම්බර එක ලඟට.හරියටම රින්ග්ස් දෙකක් යද්දී අනිත් පැත්තෙන් කෝල් එක ආන්සර් වෙද්දී මගේ කන කීන් කීන් ගෑවේ හික් ගෑවෙන්න.

"කොහෙද පකයෝ තෝ ඉන්නේ.මන් මොන තරම් බය උනාද ආදී.උබට යන ලබ්බක කියලා යන්න බැරි ද හුත්තෝ"

අනිත් පැත්තෙන් මට සුද්ධ සිංහල අහන්න ලැබෙද්දී මන් කට ඇරියේ ඌට උත්තර දෙන්න උනත් ඒ පොඩි පගයා මට ඒකට ඉඩක් නොතියාම කියවන් ගියා.

"හරි දැන් උබ ඉන්නේ කොහෙද කියපන්කෝ ආදී"

"උබට දැන්ද යකෝ මට කතා කරන්න දෙන්න ඕනේ කියලා මතක් උනේ මෙච්චර වේලා මහ පගයා වගේ කියවලා කියවලා දැන් අහනවා කොහෙද ඉන්නේ කියලා"
මන් කෙලින්ම ඒ පොඩි පගයට කියලා දැම්මේ අමු තිත්ත කුණුහර්පෙන් මට අහපවු අහගන්න වෙන බව දැන දැනමයි.ඕකට තියෙන්නේ කටක් නෙවෙයි බෝක්කුවක්.මේ මට කියලා වෙනසකුත් නෑ ඉතින්.සිරාවටම මායි ඌයි නියමෙටම මැච් උනා.රිතුම් කියන්නේ මන් ඉස්කෝලෙට ආපූ දවසේ ඉදන්ම මාත් එක්ක හිටපූ එකා.මන් ඇත්තටම ඌට අදටත් පින් දෙනවා මොකද මගේ ජීවිතේ හැම අමාරු ඍතුවක ඒකා හරි ලස්සනට මාත් එක්ක ඉදලා මාව සැනසෙව්වා.අපි දෙන්නගේ අදහස් උනත් එකකට එකක් නියමෙටම ගැලපුනා.එහෙමයි කියලා ඌ කවදාවත් වැරදි තීරණයක් ගත්තේ නෑ.මට වැරදි තීරණයක් ගන්න දුන්නෙත් නැ.අනේ මගේ යක්ස පැටියා.අපි දෙන්නා උන්නේ හරියට ගෑණියි මිනිහයි වගේ.දකින දකින හැම එකෙක්ම ඒක අපිට කියන්න ගද්දී අපිව ලඟින්ම ආශ්‍රය කරපු උන් විතරක් දැනන් හිටියා එහෙම දෙයක් නෑ කියලා.හැබැයි මටයි ඌටයි ලෙසටම රයිකාන්තොපිනි පිස්සුව ගහලා තිබ්බා.ඉතින් මන් අදටත් කියනවා මට ජීවිතේ තියෙනකන් මූ වගේ යාලූවෙක් හම්බෙන්නේ නෑ.

"අහපවු කියපන් බලන්න තෝ පකයා.මොකක්ද තෝ කිවුවේ තිරිසනෝ.තෝට කතා කරන්න දෙන්න වටින්නේ නෑ තමා යකෝ.කරන්න තියෙන ඔක්කොම මෝඩ වැඩ මට හොරෙන් කරලා ඔක්කොම අනාගෙන දැන් බොරුවට දුක් වෙවී ඉන්නවා.උබ ලබ්බක් කතා කරන්න එපා ආදිත්‍ය යකෝ ඔය නාස්ති කරන වේලාවෙත් ගිහින් පාඩමක් කරපම්"

මට වචන නැති උනා.නෑ ඇත්තටම මට ඇඬුනා.ඇයි හැමෝම!!ඇයි හැමෝම මගේ දුර්වලම තැනට පහර දෙන්නේ.මන් දන්නවා රිතුම් කොයිම වේලාවකවත් ඒක හිතලා කිවුවේ නෑ ඌට ඒක කියවුනා.ඒත් මට රිදෙනවා රිතුම්.මට රිදෙනවා ගොඩක්.මගේ AL ජිවීතේ ෆර්ස්ට් ශයි එක ඔහේ ගෙවිලා ගියේ මගේම තියන මෝඩකම නිසා.මේ යන්නේ මගේ සෙකන්ඩ් ශයි එක.මට සතුටුයි රිතුම් එක පාරින්ම ගොඩ දාගත්ත එකට මොකද ඌ මගේ එකා මට කොයිම වේලාවක වත් ඌ ගැන ඉරිසියාවක් හිතුනේ නෑ.මට මන් ගැනම දැනුනේ කලකිරීමක්.එදා විභාග ශාලාවෙන් එලියට එනකොටම මන් තේරුම් ගත්තා මට හොද රිසාල්ට් එකක් එන්නේ නෑ කියලා.ගෙදරටත් හොරෙන්ම මන් සෙකන්ඩ් ශයි ලියන්න හිතාගත්තේ මේ පාරින් හැමදේම ඉවර කරන්න.ඒත් කොහොමද දෙයියනේ මන් කටක් ඇරලා අම්මට කියන්නෙ.අනේ ඒකී මගේ ක්ල්ස් වලට සල්ලි දෙන්න නැහුන නැහිල්ල දන්නේ මන් විතරයි.අනේ උබේ පුතාට සමාව දියන් මගේ අම්මේ!!

"ආදී අනේ අඬන්න එපා බන්.මගේ පපුව කකියනවනේ උබ ඔහොම අඬනකොට.මන් ඒක එච්චර හිතලා කිවුවේ නෑ බන්.අපි මේ පාර හොදටම කරමු.බය නොවී ඉන්නකෝ මන් ඉන්නවා උබ එක්කම"

මන් ඌට මෙච්චර ආදරේ මේකයි.මගේ කටින් ඉකියක්වත් පිට නොවී කදුලු විතරක් ඇස් වලින් පිටාරා ගලද්දි උනත් ඌට තේරුම් ගන්න පුළුවන් මන් ඉන්න තත්ත්වේ.

'මන් ඒක දන්නවා රිතූ.ඒකට කමක් නෑ.මන් බහින තැන් ලන් උනා මන් උබට ගෙදර ගිහින් ගන්නම්.මන් තියන්නම් සප්තලනේ.ආදරෙයි ඈ'

හිතින් ඔක්කොම අමතක කරලා එහෙමම කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට දාගෙන හෝල්ට් එකෙන් බැස්සා.හෝල්ට් එක ලඟම නවත්තලා තිබ්බ 176 බස් එකට අහපවු නැඟ්ග මන් තිබ්බ සීට් එකකින් වාඩි උනා.තවත් විනාඩි 15ක් විතර යද්දී බස් එකෙන් බැස්ස මට කෙලින්ම පෙනුනේ UCFM එක.එහෙමම මහ බර හුස්මක් මන් පහල දැම්මේ හිතේ ඇති උන මූසල හැඟීමත් එක්කමයි.කමක් නෑ මේ පාර මන් කොහොම හරි ඒක කරනවා.

"කොහෙද දෙයියෝ උබ ගිහින් හිටියේ.මන් කෝල් කීයක් නම් ගත්තද"

ගෙට ඇතුල් වෙනවත් එක්කම අම්මාගේ අදෝනාව මට ඇහෙනකොට මන් හිනා වේවීම බෑග් එකට සැටිය උඩින් දාලා අම්මව ගිහින් බදාගත්තා.

"ඔයාගේ පැංචා ඉස්කෝලෙට ගියානේ අයියෝ.පැංචා ඉතින් දැන් කෙලින්ම top board එකේනේ"
එහෙම කියලා මන් එහෙමම චොක් ගාලා අම්මගේ කම්මුලට හාදුවක් දුන්නේ එයා රතු වෙද්දී.අම්මට තියෙන්නේ හරි ලස්සන පාට හමක්.මහ ලොකු සුදකුත් නැති සුදුමැලිමත් නැති හරි ලස්සන හමක්.ඒක පොඩ්ඩ නැත්නම් ඇල්ලුවොත් රතු වෙනවා.අනේ මන්දා අයියෝ.

"අහකට පලයන් සුදු පුතා දාඩිය ගන්දස්සාරේ බෑ.ගිහින් ඇඟ හෝදන් වරෙන්"

අන්න අන්න කුමාරිහාමි වැඩ වරද්දගන්න තමා ඔය හදන්නේ.මේ සුවද ගහන මලක් වගේ ඉන්න මටනේ මේ කිවුවේ ගඳයි කියලා.මන් එහෙමම අම්මගේ කම්මුලට අත් දෙක තියලා චොක් චොක් ගාලා අම්ම්ගේ මුලු මූණටම හාදූ දීලා බෑග් එකත් අරන් කාමරේට රින්ග ගත්තේ කුමාරිහාමි පරණ තැටිය වාදනේ කරද්දී.

"මන් උබට ගහනවා සුදු පුතේ හොදේ"

අම්මා කියන දේට හිනා වේවීම ටවල් එකත් අරන් බාතෲම් එකට රින්ගගත්‍තේ හොදට වොශ් දාලා පාඩම් කරන්න හිතාගෙන.හෙට ඉස්කෝලේ යන්නත් තියනවා.පැංචා දැන් ඉතින් එසේ මෙසේ පොරක් නෙවෙයිනේ.කෙලින්ම top board ඒකේ තමා.ගැම්මක් පැංචා ඈ.රිතුම් අපේ ඉස්කෝලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙද්දී ඌටම හරියන්න මන් උප ප්‍රධාන ක්‍රීඩා නායකයා උනා.හෙට ඉදන් අපේ ඩියුටි පටන් ගද්දී ඒවට හරියන්න මන් හැමදේම ලෑස්ති කරන් හිටියා.ගැම්මෙන් ඉන්නෝන දැන් ඉතින් උප ප්‍රධාන ක්‍රීඩා නායකයනේ.ම්හුක්.

අද ගෙදර හරි සාමකාමී.ආච්චි මාමලාගේ ගෙදර ගිහින් ඉද්දී පුදුම සැනසීමක් මේ ගේ ඇතුලේ තිබ්බේ.හැමෝටම වගේ මට ආච්චිගේ ආදරේ ලැබුනේ නෑ.මන් දන්නේ නෑ මොන හේතුවකටද කියලා ඒත් ආච්චිට මාව පෙන්නන්න බැරි චරිතයක් උනා.වලව් පරම්පරාවෙන් නාවත් මොකද වලව් කුමාරිහාමිලට තිබ්බ මාන්නක්කාරකම ඒ විදියටම අපේ ආච්චිට තිබ්බා.එක වේලාවකට මට හොදට සලකන ආච්චි තවත් වේලාවක මටයි අම්මටයි පුදුම තරම් නපුරු උනා.එයාට වැදගත් උනේ මාමගේ දුවයි පුතයි විතරක් වෙනකොට මට කරන්න පුළුවන් ඔක්කොම කෙනෙහිලිකන් ටික ආච්චි මට කලා.මට මොකක් කිවුවත් මට දුකක් නෑ.අනේ ඒත් අර අහිංසකී ආච්චිගේ වචන නිසාම කොච්චර අඬනවද කියලා මතක් වෙද්දී මගේ නහය අඟ ඉදන් දන්න ගන්නවා.මොනවා කලත් ඒ මගේ ආච්චි අම්මා මන් ආදරෙයි එයාට ඉතින්.

පැය භාගෙකින් විතර නාගෙන ආපූ මන් ඉක්මනට පහලට ගියේ කෑම කන්න.මට ඉතින් ඔය මහ ලොකු වේලාවක් යන්නේ නෑනේ නාන්න.තිබ්බේ සන්ලයිට් කැටේද ඔලුවෙයි ඇඟෙයි අහවල් තැනෙයි ඔක්කොම ඒක ගාලා හොදන් එනවා එච්චරයි.ඒකට අපේ රිතුවා යකෝ ඌ නිකන් මිස් වර්ල්ඩ් වගේ.පුදුම ප්‍රොඩක්ස්ට් තොගයක් පාවිච්චි කරන්නේ.
මූණට ඇඟට පස්සට ඔලුවට එකම සන්ලයිට් කැටේ පවිච්චී කරන මට උබ වගේ එකෙක් ගැලපෙන්නේ නෑ සුදු මහත්තයෝ.අනේ රිතුවෝඕඕඕඕ.

රිතුවවත් මතක් කරන ගමන්ම මන් අහපවු ඇවිත් මගේ කුමාරිහාමි ගේ කරේ එල්ලුනේ කොන්ඩේ සුවඳ බලන ගමන්.සුවඳයි! මන් එහෙමම අත අරන් ගියේ පස්සෙන් පහලටත් වැවිලා තියෙන අම්මගේ දිග කොණ්ඩෙට.අනේ ලස්සනයි දෙයියනේ.මට හරි ලෝභයි මෙයා ගැන.අපේ අම්මට වයස 37ක් උනත් තිබ්බේ පුදුම ලස්සනක්.ඇත්තටම අම්මා කියන්න බැරි තරම් ලස්සනයි.හැමෝම කියන්නේ මට ඇවිත් තියෙන්නේත් ඒ ලස්සනයි කියලා.අම්මා ලස්සන උනාම අම්මගේ පැංචා ලස්සන නොවී කොහොමද ඉතින්.

"කෝ එහාට වෙයන් සුදු පුතේ මේ බත් එක බෙදලා දෙනකන් අර පුටුවට වේලා වාඩි වේලා හිටපන්කෝ වද නොදී"

බෑනේ කොරන්ට බෑනේ අනේ බෑනේ
මෙයාලා ඔහොම්මයි.මන් පොඩ්ඩක් හුරතල් වෙන්න ආවෝත් තමා ඔක්කොම.අර නැන්දගේ පොඩි උන් දෙන්නා ආවෝත් නම් කරේ උඩ තියන් නටයි.අනේ මුන් ඔක්කෝගෙම ඝනකම.මන් එහෙමම අම්මටත් ගස්සලා ඇවිත් පුටුවෙන් වාඩී උනේ ෆෝන් එක අතට ගන්න ගමන්.
රිතුවට ගෙදර ගිය ගමන් ගන්නම් කිවුවත් හරි ඌට කෝල් එකක්වත් නොදුන්න නිසා මන් එහෙමම එයාට කෝල් එකක් ගත්තා.

වෙනසක් නෑ හැමදාම වගේ රින්ග්ස් දෙක තුනක් යද්දී ඌ ආන්සර් කලා.

"මගේ යකින්නියේ"

ඉදකින්.පුදනකොටම කාපී යකා කිවුවලූ.මූ ඔහොම්මමයි.

'අනේ මගේ යක්සෝ පැටියෝ.ඔයාගේ යකින්නී ගෙදර ආවෝ දෙයියෝ'

"දැන්ද පකෝ උබ ගෙදර ගියේ බොරුව නොදා ඉදහන් උබ.කොහොමද කිවුවේ නම් අඤැ මඤ්ං ගෙදඤැ ගිය ගමන් ගඤඤං යැයි යැයි තමා"

'හරි හරි බං ඉතින් මන් මගේ කුමාරි හාමිව ටිකක් හුරතල් කලානේ මන් උබව හෙට හුරතක් කරන්නම්කෝ හාද'

"අනේ පලයන් යන්න.මේ දැන් උබ හෙට එනවා නේද වරෙන් හොදේ"

'ඔව් ඔව් යකෝ එනවා උබත් වරෙන් මන් වේලාසන එනවා.මන් තියනවා බන් එහෙනන් ආදරෙයි ඈ'

"හරි සප්තලනේ පාඩම් කරපම් හොදෙ.ගුන බුස ජපුර උම්මාහ්හ්හ්හ්"

ඉව් මේ තිරිසනා නම් මට සීයට දෙසීයක් ෂුවර් මූ ස්ක්‍රීන් එක කිස් එකක් දීලා ඒකේ කෙල ගාන්න ඇති.තිරිසන් අවලමා.ඒ උනාට මන් මූට හෙන ආදරෙයි අප්පා.

මන් කෑම එක ගෙනල්ලා තිබ්බ නිසා මන් කෑම එකත් කාලා අම්මට උම්මියකුත් දීලා එහෙමම කාමරේට ගිහින් ඇදේ පෙරලුනා.ගෙදර ලයිට් ඔක්කොම ඕෆ් කරලා අම්මගේ කාමරේ දොර වැහෙනවා ඇහෙද්දී එහෙමම ඇඳෙන් නැගිට්ට මන් මේසේ ගාව තියන ලෑම්ප් එක ඔන් කරලා බයෝ පොත අතට ගත්තේ පාඩම් කරන්න හිතාගෙන.එක්සෑම් ඉවර වේලාත් මොනවද පාඩම් කරන්නේ කියලා මන් ඇහුවොත් මන් මොනවද දෙයියනේ කියන්නේ.අහපවු සෙකන්ඩ් ශයි කරනවා කියලා මන් කිවුවොත් ඒ අහිංසකී මොන තරම් දුක් වෙයිද.ඊටත් වඩා පවුලේම උන්ගෙන් කුණු කතා අහන්න වෙද්දී මගේ අම්මා කොහොම ඉවසන් ඉදීද.මගේ ඔලුවට ලොකු බරක් පැටවෙද්දී මට ඕන උනේ නෑ ඒ බර අහපවු අම්මගේ ඔලුවට පටවන්න.ඒ නිසාමයි අම්මට හොරෙන් මන් පාඩම් කරන්න ගත්තේ.මන් උබව ඉක්මනට මේ අපායෙන් ගොඩ ගන්නම් මගේ අම්මේ.උබේ සුදු පුතාව මේ පාරට විතරක් විශ්වාස කරන්න.

නවයේ ඉදන් පාන්දර දෙක හමාර වෙනකන්ම පාඩම් කරපු මම එහෙමම පාඩම් පොත වහලා දාලා පහ හමාරට එලාම් එකත් තිබ්බා.පැය තුනයි.පැය තුනයි නිදාගන්න තියෙන්නේ.කමක් නෑ ආදී කට්ට කාපම් උබේ මෝඩ වැඩ වලට දැන් කට්ට කාපම්.එහෙමම ඇඳට නැඟ්ග මන් දාපනේ දාලා ඇඳේ ඒ මේ අත පෙරලුනේ නින්දාගන්න.

හෙට ඉදන් අපේ අලුත් ඩියුටි පටන් ගන්නවා!!!

--------------------------------------------------------------------

කතාව හොදද පැටව්නේ.
ඔයාලට දිගටම මේක ඕනේද.ඔයාලා කැමති නම් මන් දිගටම ඔයාලට මේක දෙන්නම්.
කැමති නම් කියන්නම්කෝ.මන් දෙන්නම්❤️
මන් හිතනවා මට ඒ දෙන්නට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා❤️

Continue Reading

You'll Also Like

191K 20.4K 56
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
8.5K 159 25
It's classification day for Riley. he is finally 18 but when he gets his results things turn for the worst quickly when he has to stay with his broth...
57.3K 1.2K 26
.. a story, of a girl who has a condition that could change her life for the greater good. Loni has a medical condition that stopped her from develop...
44.2K 1K 6
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Kanoko), best friend (Ayumu), and mom (Kaede...