සිහින ඔච්චම් || 𝐓𝐊 || 𝐍𝐎�...

By ___Sky-Heart___

22.2K 4.5K 3.1K

ප්‍රේමයේ සිහිනයන් පුරාම ඔච්චම් කරමින් ප්‍රේමයෙන් හදවත් ඒකාබද්ධ කෙරූ හිරි කෝඩු යෞවනයේ ප්‍රේමාන්විත අරගලය ... More

• හැදින්වීම •
• පළමු වන දිගහැරුම •
• දෙවන දිගහැරුම •
• තුන් වන දිගහැරුම •
• හතර වන දිගහැරුම •
• පස් වන දිගහැරුම •
• හය වන දිගහැරුම •
• හත් වන දිගහැරුම •
• අට වන දිගහැරුම •
• නම වන දිගහැරුම •
• දහ වන දිගහැරුම •
• එකළොස් වන දිගහැරුම •
• දහතුන් වන දිගහැරුම •
• දහහතර වන දිගහැරුම •
• පහළොස් වන දිගහැරුම •
• දහසය වන දිගහැරුම •
• දහහත් වන දිගහැරුම •
• දහඅට වන දිගහැරුම •
• දහනව වන දිගහැරුම •
• විසිවන දිගහැරුම •
• විසිඑක් වන දිගහැරුම •
• විසි දෙවන දිගහැරුම •
• විසිතුන් වන දිගහැරුම •
• විසිහතර වන දිගහැරුම •
• විසිපස් වන දිගහැරුම •
• විසිහය වන දිගහැරුම •
• විසිහත් වන දිගහැරුම •
• විසිඅට වන දිගහැරුම •
• විසිනව වන දිගහැරුම •
• තිස්වන දිගහැරුම •
• තිස්එක් වන දිගහැරුම •
• තිස් දෙවන දිගහැරුම •
• තිස්තුන් වන දිගහැරුම •

• දොළොස් වන දිගහැරුම •

558 135 52
By ___Sky-Heart___

හැම ඉරිදා දවසකම කැම්පස් එකේ ලෙක්චස් නොතිබුනු නිසා යුගාන් පුරුද්දක් විදිහට ඉරිදා දවස සිතිජ එක්ක රෝන්දේ ගැහුවා . අදත් කිට මරලා උදේම ඇද ගත්තු යුගාන් රූං කුරුල්ලා වගේ බයික් එකේ නැගලා ආවේ සිතිජලගේ ගෙදරට . සිතිජගේ ගෙදර තමන්ගේ ගෙදර වගේ නිසා ගේට්ටුවත් ඇරලා බයික් එකත් මිදුලේ දාලා යුගාන් ගේ ඇතුලට ආවා .

සිතිජගේ අම්මටයි තාත්තටයි පවා යුගාන් කියන්නේ තමන්ගෙම දරුවෙක් . සිතිජයි යුගානුයි ඇටයෝ කාලේ ඉදන් බොක්කේ මිතුරෝ නිසා උන් දෙන්නා කන එකේ ඉදන් රෙන එක පවා කලේ එකට . ඒක නිසා යුගාන් උගේ ගෙදර වගේ කඩා ගෙන බිද ගෙන සිතිජලගේ ගෙදරට රිංගන එක ඒ ගෙදර මිනිස්සු නම් ගානකට ගත්තේ නැහැ .

කෙලින්ම සිතිජගේ අපායක් වගේ තියෙන කාමරේ ඇතුලට යුගාන් හොම්බ දාද්දි සිතිජ තාමත් පුක උඩ දාන් නිදි . තමන් ඉරිදා එනවා කියලා දැන දැනත් පොලේ ගහපු ඇට ගෙම්බා වගේ සිතිජ ඇදේ පත බෑවිලා ඉද්දි යුගාන්ට තද උනා . තමන් ඇදන් හිටපු අත් දිග ශර්ට් එක අත් දෙක උඩට නවා ගත්තු යුගාන් සිතිජ ගාවට ලං වෙලා උල් කරන් ඉන්න සිතිජගේ පුකට හොද පාරක් දුන්නා .

යුගාන් දුන්නු ශොට් එක කොහොමද කියනවා නම් උදේම බිම හිටපු පනුවෝ ටිකක් අහුලං කකා හිටපු චූට්ටන් බට්ටිත්තෙක්ට පනුවත් හිර උනා . තිත්ත සිංහලෙන් ආමන්ත්‍රණය කරන ගමන් සිතිජ නැගිට්ටේ ලග ඉන්න යුගාන්ට මැද ඇගිල්ලත් පෙන්නන ගමන් . රෑ එලි වෙනකල් වැල් බල බල හිටපු නිසා උදේ පාන්දර ඇස් දෙක අරින්න වත් බැරි තරටම ලොකු නිදිමතක් සිතිජට තිබුනා .

" යසයි කැරියා පුකත් උල් කරන් නිදා ගෙන ඉන්න විදිහ !! අමන පකා මං උබට ඊයේ එනවා කියලා කිව්වා නේද "

" අනේ හුත්තෝ මට නින්ද ගියා උබෙන් නම් දස වදයක් තියෙන්නේ .. ආයේ උබ මෙහෙ පැත්ත පලාතේ එන්න එපා පගයා !! "

නිදි මතේ බෙඩ් ශීට් එකත් ඔලුවේ ඔතා ගන්න ගමන් සිතිජ යුගාන්ට කෑ ගහද්දි ඇද ගාවින් හිටපන් හිටපු යුගාන් සිතිජට පයින් පාරක් දුන්නේ සිතිජ බෙඩ් ශීට් එකත් එක්ක බිමට වැටෙද්දි . සිතිජ බිමට පත බෑ වුනු ගමන්ම යුගාන් ඇදට පැනලා කකුල් දෙකත් උඩ දාගද්දි බිම වැටුනු සිතිජ හොල්මන වගේ බෙඩ් ශීට් එකත් ඔතන් නැගිට්ටා .

" මගෙ ඉරිදා දවසත් කන්න හැමදාම මෙහෙ එන්න එපා පකෝ "

" උබ කිව්වා කියලා මම නෑවිත් ඉන්නේ නැහැ උබේ අම්මා මට එන්න එපා කිව්ව දවසට විතරක් මම නෑවිත් ඉන්නම් අනික උබට බැහැ මට එන්න එපා කියන්න මොකද උබේ තාත්තා උබට තාම ගේ ලියලා දීලා නෑනේ පිනට කකා තාත්තගේ සල්ලි වලින් රගන ගොන් පගයා !! "

යුගාන් දිවත් එලියට දාලා සිතිජට හෙන පල් එක දාද්දි උදේ පාන්දරම යුගාන් එක්ක ඇන කොටා ගන්න තරම් පිට් එකක් නැති නිසා සිතිජ ලග තිබුනු දැල් පුටුවෙන් වාඩි උනා . යුගාන් කිව්වා වගේ සිතිජ හම්බ නොකෙරුවත් ඌ තාත්තගේ සල්ලි වලින් රගන්නේ හරියට ඌ දුක් මහන්සි වෙලා හම්බ කරලා වගේ . පුටුවේ වාඩි වෙලත් තාම නිදි කරන සිතිජව දකිද්දි යුගාන්ට හිතුනේ මූ මොන කාලකණ්ණියෙක්ද කියලා .

" උබ නම් මහ මූසලයෙක් බං මුස්පේන්තුවා වගේ කුණු කෙල පෙරන් ඉන්නේ නැතුව ගිහින් වතුර එකක් දාගෙන වරෙම් "

" ඔව් ඔව් උබත් ඉතිම් මට මූසලයා පකයා මුස්පේන්තුවා කිය කියම මගේම රෙද්ද අස්සෙම නේද රිංගන්නේ ගෝතයා "

සිතිජ බෙඩ් ශීට් එකෙන් යුගාන්ගේ මූණට දමලා ගහන ගමන් කාමරේ මුල්ලේ බිම වැටිලා තිබුනු තමන්ගේ තුවා කැල්ලත් සියාතු ගොයියා වගේ කරෙන් දා ගත්තා . කටු බොඩිය වැහිලා තිබුනු බැනියම් කෑල්ල ගලවලා සිතිජ කාමරෙන් එලියට ගියේ වතුර එකක් දා ගෙන එන්න . සිතිජ එනකල් කකුලත් වන වන යුගාන් ෆෝන් එක ඔබන්න ගත්තා .

ඉන්ස්ටර්ග්‍රෑම් එකේ තීනු පෝස්ට් කරලා තියෙන අලුත් පෝස්ට් වලට ලයික් කමෙන්ට් කර කර ඉද්දි තීනු ඔන්ලයින් කියලා වැටුනු නිසාම ඉන්ස්ටර්ග්‍රෑම් එකෙන්ම යුගාන් තීනුට කෝල් එකක් ගත්තා ඒත් තීනු කෝල් එක කට් කරපු නිසා මූණත් කුණ්ඩ හට්ටිය කර ගත්තු යුගාන් ඉන්බොක්ස් තීනුට මැසේජ් කර කර වද දෙන්න ගත්තා .

ඒත් ඒ හැම මැසේජ් එකක්ම තීනු සීන් කරලා නිකන් ඉද්දි යුගාන්ට දැනුනේ තමන්ගේ කන් වලින් දුම් පිට වෙනවා වගේ හැගීමක් . ඩේටා ඕෆ් කරලා ෆෝන් එක පැත්තට දාපු යුගාන් ඇටි කෙහෙල් කාපු කල වැද්දා වගේ තමන්ගේ කොණ්ඩෙන් ඇද ගත්තා . තීනු කරන දේවල් නිසාම යුගාන්ගේ ඉවසීම එන්න එන්නම යුගාන් ගෙන් ඈතට ගියා .

හැබැයි යුගාන්ට වෙඩි තියලා මැරුවත් තීනුගේ පස්සෙන් යන එක නම් නතර කරන පාටක් පේන්න තිබුනේ නැහැ . තීනු තවත් යුගාන්ට ගස්සන්න පුප්පන්න එකට එක කියන් එන්න ගත්තේ හස්නා කැම්පස් එක ආව දවසෙමයි . නොකිව්වට මොකද තීනුටත් දාමරික යුගාන් ගේ විකාර නැතුව හරි පාලුයි . හස්නව දකින දකින සැරේට තීනුට ඕනේ උනේ බිම දාගෙන හස්නට ගහන්න .

ඒත් හස්නා කියන්නේ හරියටම කාගේ කවුද කියලා දැන ගත්තු දවසට තීනුට පිස්සු හැදිලා නතර උනොත් හොදටම ඇති . වතුර එකක් දා ගෙන එන්න ගියපු සිතිජ නාගෙනම තුවා කැල්ලකුත් පටලවන් ආයේ කාමරේට එද්දි යුගාන් හෙන නසරානී හිනාවක් සිතිජට දැම්මා . යුගාන්ගේ බලු හිනාව සිතිජට වැඩිය දිරෙව්වේ නැති නිසාම පුටුවක් උඩ ගොඩ තිබුනු තමන්ගේ ඇදුම් ගොඩෙන් ඇදුමක් අරන් සිතිජ ආයේ මාරු උනා .

මොකද හදිස්සියේ වත් යුගාන් තමන්ගේ ටවල් එක ගලවලා ෆොටෝ දෙක තුනක් ගහ ගත්තොත් තමන්ගේ නම්බුව බේර ගන්න යුගාන් ඉස්සරහ පච වෙන්න වෙනවා කියලා සිතිජ අත් දැකීමෙන්ම දැනන් හිටියා . කෝටටත් අවදානමට පෙර සූදානම හොද නිසා සිතිජ ආයේ වොශෘම් එකටම ගිහින් තමන් අදින්න ගත්තු කොට ශෝටයි ටී ශර්ට් එකයි ඇද ගෙන ආයෙම කාමරේට ආවා .

" ලමිස්සි වගේ මොකද උබ ඇදුනුත් අරන් ගියේ "

" දඩාර වල් පකෙක් මගේ කාමරේ අස්සේ ඉද්දි කොල්ලෙක් උනත් මටත් බය හිතෙනවා යකෝ "

තමන්ගේ ඇද පිහිද ගත්තු තෙත් ටවල් කෑල්ල සිතිජ යුගාන්ගේ මූණට විසි කරද්දි යුගාන් මහ අප්පිරියාවෙන් සිතිජ ඇග පිහිදාපු ටවල් කෑල්ල අහකට වීසී කරලා දැම්මා . සුදු පාට ටවල් එක සිතිජ පිහිදලම දුඹුරු පාට වෙලා . ටවල් එක දකින ඕක එකෙක්ට කියන්න පුලුවන් හත් අවුරුද්දකින් සිතිජ තමන්ගේ ටවල් එක හෝදලා නැහැ කියලා .

" බලහන් හුත්තෝ ඒකේ ගද අප්‍රසන්නයි බං "

යුගාන් තමන්ගේ නහයත් තද කරන් කෑ ගහද්දි බිම වැටිලා තියෙන තමන්ගේ ටවල් එක අතට ගත්තු සිතිජ ටවල් එකේ සුවද බැලුවා . ඒත් සිතිජට නම් ගදක් දැනුනේ නැහැ . කොහොමත් උරුලෑවට උගේ ගද දැනෙන්නේ නැහැලුනේ .

" බොරු කියන්න එපා පකෝ බලපන් මගේ ජීවන සුවද කොච්චර ප්‍රිය ජනකද කියලා "

සිතිජ තාමත් ටවල් එකේ සුවද බල බල ඉද්දි ඇද ගාවම තිබුනු මේසේ උඩ තිබ්බ හිස් වතුර බෝතලේ යුගාන් සිතිජගේ මූණට විසික් කලා . හොද බෝතල් පාරක් තමන්ගේ නහයට වදිද්දි සිතිජගේ නහය අස්සේ තිබුනු හොට්ටකුත් එලියට විසික් උනා . හොටු කෑල්ල සිතිජගේ තොල් උඩට වැටෙද්දි සිතිජ දිවෙන් හොට්ට කටට ගත්තා .

ඒක දැකපු යුගාන් තමන්ගේ අත් දෙකෙන් කට තද කර ගත්තේ සිතිජ කරපු දේට තමන්ට නිකන් වමනේ යන්න වගේ ආපු නිසා . ටවල් කෑල්ල ගුලි කරලා මේසෙයක් උඩට විසික් කරපු සිතිජ ඇදේ හිටපු යුගාන්ගේ ඇග උඩට පැන්නේ යුගාන්ගේ ඇට දෙකත් පාගන් සිතිජ කොට්ටේ උඩට එද්දි . දැනෙන වේදනාවට කර කියා ගන්න දෙයක් නැති උනත් යුගාන් හරි අමාරුවෙන් හිනාවක් දාලා සිතිජගේ උරහිස තද කලා .

" කැරියා වරෙන්කෝ අපෙ ගෙදර බල්ලට කියලා හපවනවා උබේ ඇට දෙකම "

සිතිජගේ රත්තරං මූණ දිහා බලා ගෙන යුගාන් තමන්ගේ හිතින් හිතුවේ සිතිජට ඇඩ්‍රස් නැති වෙන්න ගේමක් දෙන්න හිතන ගමන් . මැණික් කැට දෙකක් වගේ තියෙන තමන්ගේ ඇට දෙක සිතිජ මොන හිතකින් පෑගුවද කියලා යුගාන්ට හිතා ගන්න බැරි උනත් සිතිජට සමාවක් දෙන්න නම් යුගාන්ට කිසිම වුවමනාවක් තිබුනේ නැහැ .

" මේ යුගාන් උබට දෙයක් කියන්න ඕනේ "

සිතිජ ෆුල් සීරියස් මූඩ් එකකින් කියද්දි යුගාන් සිතිජ දිහාවට හැරුනා . යුගාන්ට නම් සිතිජගේ මූණ දැක්ක ගමන්ම හිතුනේ මූ ආයේ මොකක් හරි කොස්සක් පටලව ගෙන වෙන්න ඇතී කියලා

" හ්ම් කියපන් මොකක්ද සීන් එක "

" මම තව ටිකක් කල්පනා කලා බං "

" මොනවා ගැනද ?? "

යුගාන් තමන්ගේ නිකට පිරිමදින ගමන් සිතිජ ගෙන් ඇහුවා .

" මමයි ඈන් ගැනයි !! ඒකි පව් බං ඒකි මාව දාලා වෙන එකෙක් එක්ක ගියාට මම තාමත් ඒකිට පණ ඇරලා ආදරෙයි බං ඒකිගේ බඩේ ඉන්න දරුවා මගේ නෙමෙයි කියලා මම දන්නවා ඒත් එදා ඈන්ගේ ගෙදර උන්ට සල්ලි දීලා මම අත පිහිද ගත්තත් ඒකි බඩත් උස්සන් කැම්පස් එනවා දකිද්දි මගේ පපුව හෝස් ගාලා යනවා බං "

සිතිජගේ කට හඩ ගොඩක් බාල වෙලා තිබුනා . එදා ඈන් සිතිජව දාලා දෙනෙත් එක්ක යද්දි සිතිජ කෙල්ලෙක් නිසා පලවෙනි පාරට හොදටම ඇඩුවා . කෙල්ලෝ ඕන තරම් සෙල්ලමකට අරන් තිබුනු සිතිජ ඇත්තටම ආදරේ කලේ ඈන්ට විතරයි . ඒත් ටික දවසක් යද්දි දෙනෙත් ඈන්ව බඩ කරලා අත අරිද්දි ඈන් ආවේ සිතිජ ගාවට ඒත් දරුවා සිතිජගේ කිව්වත් සිතිජ ඒක පිලි නොගත්තේ එයාලා අතර තිබුනු සම්බන්දේ ඒ තරම් දුර නොගිය බව සිතිජ දන්න නිසා .

" ඉතිම් දැන් උබ මොකක්ද ඔය කරන්න හදන්නේ ?? "

" මොනවා උනත් ඉපදෙන්න ඉන්න දරුවට කවුරුත් අවජාතකයා කියන්න හොද නැහැ බං ඒක නිසා මම හිතුවා ඈන්ගේ බඩේ ඉන්න දරුවට තාත්තා කෙනෙක් වෙන්න මං හිතනවා ඒක හොද තීරණයක් කියලා "

සිතිජ කිව්ව දේත් එක්ක යුගාන් අකුණක් ගැහුවා වගේ සිතිජ දිහා බැලුවා . මීට කලින් කවදාවත් සිතිජ මේ විදිහට කතා කරලා තිබුනේ නැහැ . සිතිජ හිටි හැටියේම අරන් තියෙන මේ තීරණය නිසා යුගාන් ටිකක් කනස්සල්ලකට පත් උනා . සිතිජ කරන්න යන්නේ හොද දෙයක් උනත් යුගාන් බය උනේ ඒ දෙයම සිතිජගේ නරකට හිටී කියලා .

" උබ දැන් ඈන්ට මේ ගැන කිව්වද ?? "

" තාම නැහැ හෙට කැම්පස් ගියාම එයාට කියනවා එයා අකමැති වෙන එකක් නැහැ "

" මට උබට මුකුත් කියන්න බැහැ ඈන් කලෙත් හොද දෙයක් නෙමෙයිනේ ඒත් උබ කරන්න යන්නේ ඊටත් වඩා වෙනස් දෙයක් මට උබ වගේ කවදාවත් වෙන්න බැහැ සිතිජ !! මට විශ්වාසයි ඈන්ගේ බඩේ ඉන්න ඒ දරුවට උබ හොද තාත්තා කෙනෙක් වෙයි කියලා "

යුගාන් සිතිජගේ උරහිසින් අතක් තියලා කියද්දි යුගාන්ගේ වචන සිතිජට ලොකු හයියක් උනා . යුගාන් උනත් සිතිජ කරන්න යන දේ ඇතුලේ කිසිම වැරැද්දක් දැක්කේ නැහැ . සිතිජ වෙනස් වෙලා පරිණත වෙලා ඊටත් වඩා තමන් බොක්කෙන්ම ලව් කරන කෙල්ලට ලෝයල් වෙලා .

" උබ දැන් ගෙදර අයට කිව්වද මේ ගැන "

" තාම කිව්වේ නැහැ බං බයත් වගේ මැරි කරන්න කලින් කෙල්ල ප්‍රෙග්නන්ට් කිව්වොත් තාත්තා මගේ කන පලලා පොල් හිටවයි "

සිතිජ තමන්ගේ තාත්තගේ හැටි හොදටම දන්න නිසා එහෙම කියද්දි යුගාන් නම් කලේ සිතිජට හිනා උනු එක . කැම්පස් එකේ චණ්ඩියා වගේ ඉන්න සිතිජ තමන්ගේ තාත්තා පණ බයයි . තාත්තා නිකන් සිතිජගේ නම කියලා කතා කලත් සිතිජට නිකන් චූ යන්න වගේ . ඒත් සිතිජගේ මූණ දැක්කම යුගාන්ට පව් කියලා නොහිතුනාමත් නෙමෙයි . කොහොමත් නමුත් සිතිජ වෙනුවෙන් යුගාන් ඕනම දේකට ඉන්නවා කියන එක නම් සහතිකයි .

" මාත් උබලගේ තාත්තා එක්ක කතා කරන්නම්කෝ අනික ඈන්ගේ බඩේ දරුවෙක් ඉද්දි උබලගේ තාත්තා කෑ ගහන එකක් නැහැ උබලව ඉක්මනට බන්දලා දෙයි "

ඈන්ව ඉක්මනට සිතිජට බදින්න පුලුවන් වෙයි කියලා යුගාන් කියද්දි සිතිජගේ මූණ පුරා මල් පිපිලා වගේ සිරියාවකින් පිරුනා . මොනවා නැතත් පොර නම් ඈන්ට පණ ඇරලා ඉන්නවා කියන එක සිතිජගේ මූණ දැකපු හැටියෙම යුගාන්ට තේරුන් ගියා . අපතයා වගේ හිටපු සිතිජටත් හරියද්දි යුගාන්ට මතක් උනේ තමන්ගේ ඇට්ටර තීනුව . වෙලාවකට තීනු කියන්නේ හීනයක්ද කියලත් යුගාන්ට නොහිතුනාමත් නෙමෙයි .

.
.

" ආහ්හ් අම්මේ මේ බලන්නකෝ අයියා සාහිත්‍ය උගන්නවා නෙමෙයිනේ මට ටොකු අනින එකනේ කරන්නේ "

" බොරුවට අම්මට කතා කරන්න එපා තමුසේ හරියට මං කියන ඒවා අහන් ඉන්නවා නම් ටොකු කන්නේ නෑනේ !! "

දවල් වරුවේ මන්දාරමියි තීනුනෙයි මේ මරා ගන්නේ මන්දාරමීට සාහිත්‍ය පාඩමක් උගන්නන්න ගිහින් . තීනු නම් සාහිත්‍යට කැමති උනත් මන්දාරමීට නම් සාහිත්‍ය ඇස් දෙකට පේන්න බැහැ . තීනු පාඩම් උගන්නන්න ගත්තු වෙලාවේ ඉදන් මන්දාරමී නම් පාඩම පොඩ්ඩක් වත් අහන් හිටියේ නැහැ . තීනුගෙන් මෝඩ ප්‍රශ්න අහ අහ ටොකුත් කකා මන්දාරමී වෙනමම ආතල් එකක් ගත්තා .

" දැන් ඔය මං දුන්නු ප්‍රශ්න ටිකට උත්තර ටික ලියනවා විනාඩි පහයි දෙන්නේ "

තීනු මන්දාරමීට කෑගහද්දි මන්දාරමී තීනුට ඇද කරලා තීනු දුන්නු සාහිත්‍ය පාඩමේ ප්‍රශ්න ටික කියෙව්වා . මොලේ අවුල් වෙලා කැලඹිල යන විදිහේ ප්‍රශ්න ටිකක් තීනු තමන්ට දීලා තියෙන්නේ කියලා දකිද්දි ඉගෙනීම පැත්තකට දලා හොද හකුරු අප්පච්චියෙක් එක්ක පැනලා යන්න මන්දාරමීට හිතුනා .

" අනේ අයියේ මට මේවා තේරෙන්නේ නැහැ හලෝ මුලින්ම පාඩම කියලා දීලා ඉන්නවා ඊට පස්සේ මම උත්තර ලියන්නම් "

" මෙච්චර උබට මම පාඩම තමයි කියලා දුන්නේ තමුසෙ පාඩම් අහන් ඉන්නේ නැතුව මගුලක්ද කලේ "

" මේවා මොලේට සමනල් ගැට වැටෙන ප්‍රශ්න අනේ මට තේරෙන්නේ නැහැ ඕවා "

මන්දාරමී තමන්ගේ පොත වහලා මේසෙන් ඔලුව තියා ගනිද්දි තීනු තවත් හොද පොල් ටොක්කක් මන්දාරමීගේ ඔලුව හිල් වෙන්න දුන්නා . තීනු ගෙන් ලැබුනු ටොක්කට කටත් ඇද කර ගෙනම මන්දාරමී ආයේ පොත දිග ඇර ගත්තේ තීනුට නොසෑහෙන්න හිතින් බනින ගමන්

" තමුසේ මාර නපුරුයි අයියේ "

" ඇයි තමුසේ හා පැටියෙක්ද ?? ඔය ලියපු පලවෙනි ප්‍රශ්නේ කියවනවා බලන්න තේරේන්නේ නැත්තම් කියලා දෙන්න "

" අහ් ඔහොම ඉන්න "

පොතේ පිටු දාගෙන පෙරලලා කොහොම තීනු දුන්නු ප්‍රශ්න ටික පෙරල ගත්තු මන්දාරමී තමන් ලියා ගත්තු ප්‍රශ්න දිහා බැලුවා . ඕනවටත් එපාවට ලියා ගත්තු නිසා මන්දාරමීට තමන් ලියා ගත්තු ඒවා වත් තේරුනේ නැහැ . කලවම් මැල්ලුම වගේ සේරම එකට ලියා ගත්තු නිසා මන්දාරමී ඔන්න ඔහේ ලියා ගෙන තියෙන එක තීනුට ඇහෙන්න කියෙව්වා .

" ගුත්තිල වීනා වයමින් සිටියදි සිලිදු එල්ල කල වෙඩි පහරින් මැටිල්ඩාගේ මාලය බැද්දෙගම ගම් පියසට ඇතුලු වෙද්දි විද්වද් දූ ජාතික තොටිල්ල රචනා කෙරූ සක්‍ර දෙවියෝ දැක ලෙන් දොර බිද ගෙන ආවේ කවුරුන් සමගද ?? "

මන්දාරමී ලියා ගෙන තියෙන ප්‍රශ්නෙ ඇහෙද්දි වතුර ටිකක් බොන්න ගත්තු තීනුට ඉස්මොල්ලෙත් ගියා . තමන්ට ඉන්න එකම නංගි මේ තරම් ගවයෙක් කියලා තීනු නම් හීනෙකින් වත් හිතුවේ නැහැ . පැන්සලෙන් ඔලුව කස කස ලියා ගෙන තියෙන ප්‍රශ්නෙට උත්තර හොයන මන්දාරමී දැක්කම තීනුට නම් හිතුනෙම මේකිව කාණුවකින් ඇහිද ගත්තු එකියක්ම තමයි කියලා .

" ඕයි ගෑනියේ මොන වදුරු කුනුහරපද මේ ලියලා තියෙන්නේ ?? "

" තමුසේ කිව්ව ඒවා තමා මම ලිව්වේ "

" ආර්ර් උබට උගන්නන්න මට නම් බැහැ බං ඕන රෙද්දක් කර ගනිම් "

පුටුවේ වාඩි වෙලා හිටපු තීනු තමන්ට පිස්සු හැදෙන්න කලින් මන්දාරමීගේ කාමරෙන් එලියට ආවේ මන්දාරමී පොත් ටිකත් වහලා දාලා ෆෝන් එකත් එක්ක ආයෙම ඇදට පනිද්දි . තීනු කෙලින්ම පහලට ගියේ මිදුලේ තියෙන තමන්ගේ බයික් එක පොඩ්ඩක් හෝදලා දාන්න . නිතරම බයික් එක පදින්න බැරි උනත් තීනු තමන්ගේ බයික් එකට හෙනම ආදරෙයි .

බයික් එක පිහි දාන්න රෙදි කැල්ලක් අරන් ඇවිත් මිදුලේ තියෙන ටැප් එකෙන් රෙදි කෑල්ල තෙමා ගත්තු තීනු වතුර ටිකත් මිරිකලා තෙත රෙදි කෑල්ලෙන් බයික් එක පිහිදාන්න ගත්තා . බයික් එක ඉර එලියට දිස්නේ ගහද්දි බයික් එක නම් තීනු දැක්කේ මැණික් කැටයක් වගේ . ඒ අතර සිතිජගේ ගෙදර ගිහින් ආයෙම යමින් හිටපු යුගාන් නිකමට වටේ තමන්ගේ බයික් එක තීනුලගේ ගෙවල් දිහාවට හැරෙව්වා .

තීනු මිදුලට වෙලා බයික් එක පිහිද පිහිද ඉන්නවා දැකපු යුගාන් දෙතුන් පාරක්ම බයික් එක නතර කරන් ගේට් එක ගාව ඉදලම රේස් කරන්න ගත්තා . ඒත් සින්දුවක් කිය කිය චූන් එකේ බයික් එක පිහිද පිහිද හිටපු තීනුට නම් කිසිම ගානක් නැහැ . තීනු නිකමට වත් හැරිලා පිටි පැස්ස බලන්නේ නැති නිසාම යුගාන් හෝන් කරන්න ගත්තා . ඔන්න ඒ පාර නම් තීනු පිටි පැස්ස හැරිලා බැලුවා .

කට පුරාම හිනාවකුත් දාගෙන යුගාන් ගේට් එක ගාව ඉන්නවා දකිද්දි තීනු යුගාන්ව දැක්කේ අහසින් කඩන් පාත් උනු මරාලයක් හැටියට . යුගාන් හෝන් කරන එක තාමත් නතර කරලා නැති නිසා රෙදි කෑල්ල බයික් එක උඩින් තියලා තීනු ගේට් එක ගාවට ගියා . දැල් ගේට්ටුව අරින්නේ වත් නැතුව තීනු යුගාන්ට කතා කෙරුවත් යුගාන් නම් බලන් හිටියේ තීනු ඇතුලට කතා කරන කල් .

" මොකටද තමුසෙ මෙහෙ ආවේ "

" මොකටද කියලා අහන්නේ මගේ නැන්දම්මවයි නෑනා පොඩ්ඩවයි බලලා යන්නනේ තීනු බබා ආවේ !! ඒක නෙමේ මාමණ්ඩි ඉන්නවද ගෙදර පොඩ්ඩක් කියන්න එයාලගේ බෑණා ඇවිත් කියලා "

" තමුසේ ඇවිත් ඉන්නේ වැරදි ගෙදරකට !! තමුසේ කෙලින්ම යන්න ඕනේ හස්නලගේ ගෙදරට මිසක මෙහෙට නෙමෙයි !! "

ගේට්ටුවෙන් එලියේ ඉන්න යුගාන්ට තීනු කෑ ගහන්න ගද්දි හෙල්මට් එක ගලවලා බයික් එක ස්ටෑන්ඩ් කරපු යුගාන් තමන්ගේ අත් දෙකත් හරහට බැදන් බයික් එකට හේත්තු උනේ හිනා වෙන ගමන් . තීනු නම් බලන් හිටියේ යුගාන් මෙතනින් යන කල් . හැම දාම ඉරිදා දවසට යුගාන් ඇවිත් මොකක් හරිම මගුලක් තීනු ලගේ ඉස්සරහ ඉදන් කරන්න ගන්නවා .

හැබැයි යුගාන් නම් තීනුව අවුස්සලා මාර ෆන් එකක් ගත්තා . තීනුගේ මූණ දැක්කම යුගාන්ට කියන්න පුලුවන් හස්නා නිසා තීනු ඉන්නේ තරහින් කියලා . කැම්පස් එකේදී අනන්තවත් යුගාන් දැකලා තියෙනවා තීනු හස්නට ඔරවන් ඉන්නවා ඒත් තීනු තාම කෙලින්ම තමන්ගෙන් ඒ ගැන අහන්නේ නැති නිසා යුගාන්ට ඕනේ උනේ තීනුගේ කටින්ම හිතේ තියෙන දේ එලියට ඇදලා ගන්න .

" ඒකත් ඇත්ත තමයි හස්නා එක්ක ඇවිදින්න යන්න ඕනේ ඔයත් එනවද අපි එක්ක යන්න "

" අහවල් එහෙකටද මං එන්නේ ?? උබලා ලව් කරනවා බලන් ඉන්නද ?? "

" පිස්සුද තීනු බබා අපේ බෑග් උස්සන් යන්න කවුරුත් නැහැ ඒකටයි කතා කලේ !! "

" ඊට වැඩිය හොදයි මම හෙලුවෙන් මහ පාරේ දුවන එක !! "

යුගාන්ට රවලා තීනු ආයෙම මිදුලේ තිබුනු තමන්ගේ මැණික් කැටේ ගාවට ගියේ යුගාන් ගේට් එක උඩින් ජිරාෆ් වගේ ඔලුව දාද්දි . ගේට්ටුව අරින්න කියලා යුගාන් කොච්චර කෑ ගැහුවත් තීනු නෙමෙයි ගේට්ටුව ඇරියේ .

" තීනු බබා ඔයා ගේට්ටුව ඇරියේ නැත්තම් මම ඇරගෙන එනවා "

" ඇරෙගෙන වරෙම් ඉතිම් උබ අරින්න කොහොමත් දක්සයිනේ !! "

තීනු කිව්ව කතාවට යුගාන්ට බැලුනේ තමන්ගේ රන්දික දිහා . නිකැලැල් පිරිසිදු අවලමේ ගියේ නැති තමන්ගේ රන්දිකට තීනු ඒ වගේ කතාවක් කියද්දි යුගාන්ගේ පපුව හෝස් ගාලා ගියා . ගේට්ටුවත් ඇරගෙන මිදුලට ආපු යුගාන් තීනුගේ ඇදුමෙන් අල්ලලා තීනුව තමන් දිහාවට ඇදලා ගත්තා . යුගාන් ඇද්ද පාර තීනු කෙලින්ම හිටියේ යුගාන්ගේ පපුවේ . යුගාන් ගෙන් තීනු ඈත් වෙන්න උත්සාහ කලත් යුගාන් තීනුගෙ මැණික් කටුව හරියෙන් හද කරලා අල්ල ගත්තා .

" දැන්මම මගේ රන්දික ගෙන් සමාව ගන්නවා !! "

" වටේට ඇරපු උබේ රන්දික ගෙන් සමාව ගන්නේ නැහැ මම !! "

" මම අරිද්දි තමුසෙද පන්දම අල්ලන් හිටියේ "

" ඔව් යකෝ ඔව් අහකට පලයන් වටේට අරින එකා !! "

යුගාන් තල්ලු කරලා තමන්ගේ බයික් එක පිහිද පිහිද හිටපු තෙත රෙදි කෑල්ලෙන් යුගාන්ගේ මූණට තීනු දමලා ගැහුවා . මිදුලේ හිච්චි වලියක් යන්න හැම දේම ලෑස්ති වෙලා . ඒ අස්සේ උඩ බැල්කෙනියට ආපු මන්දාරමී දැක්කේ මිදුලේ තියෙන ගල් කැට උස්සන් යුගාන්ට ගහන තීනුව . යුගානුත් බිම තියෙන කොට්ටන් ඇට වැලි වලින් එහෙම තීනුට පෙරලා පහර දෙන්න ගත්තා .

බිම තිබුනු හොද පේර ඉත්තක් අතට ගත්තු තීනු යුගාන්ට පුකට චටාස් ගාලා දෙද්දි ඒකට උඩ ඉදන් බලන් හිටපු මන්දාරමීගේ පුකත් හිරි වැටුනා . හදිස්සියට තීනුට පහර දෙන්න යුගාන් ගාව ආයුදයක් තිබුනේ නැහැ . මිදුලේ පුරාම තිබුනේ යුගාන් vs තීනු ඇටෑක් ශෝ එකක් . පේර කොට්ටෙන් ගුටි කාලම යුගාන්ගේ ඇග පුරා රතු පාට ඉරි . එක පාරටම පේර කෝටුව විසික් කරපු තීනු යුගාන් දිහාවට දුවගෙන එන්න ගත්තා .

තීනු තමන් දිහාවට දුවන් එන විදිහ එච්චර ඇගට ඇල්ලුවේ නැති නිසා යුගාන් හැදුවේ ගේ ඇතුලට දුවන්න උනත් තීනු කෙලින්ම යුගාන්ගේ ඇගට පනිද්දි යුගාන් දඩෝස් ගාලා බිම වැටුනා . තීනු ගෙන් ගුටි කාලම යුගාන්ගේ ශර්ට් එක මැද ලොකු හිලක් වගේ ඉරිලා තිබුනා . ඉරිච්ච තැනින් යුගාන්ගේ පපුව හොදට පේද්දි තීනු තමන්ගේ දත් සැට් එකෙන් යුගාන්ගේ පපුව හැපුවා .

" බුදාම්ම්මෝමෝමෝමෝමෝමෝ බේර ගන්ඩෝ නැන්දම්මේ එන්නකෝ !!!! "

යුගාන් බෙරිහන් දෙද්දි කුස්සියට වෙලා උය උය හිටපු තීනුගේ අම්මා රෙද්ද කරේ තියන් මිදුලට ආවා . තීනු දාගෙන යුගාන්ව හපනවා දකිද්දි තීනුගේ අම්මා තමන්ගේ අතේ තිබුනු තෙල් හැන්ද තීනුගේ පුකෙන් තිබ්බා . පුක බැදෙනවා වගේ ෆීලින් එකක් එද්දි තීනු ටුකුස් ගාලා යුගාන් ගෙන් එහාට උනා . තීනුගේ අම්මට පින් දෙන ගමන් යුගාන් හරි අමාරුවෙන් නැගිට්ටා . තීනු හපපු තැනින් ලේ එනවා දකිද්දි යුගාන් බැලුවේ හිමිච්චා වගේ ඉන්න තීනුව .

" උබට මලගිය සුනඛ පරානයක් වැහිලද ?? මොකටද යකෝ මේ අහිංසක කොල්ලව හපන්න ගියේ උබට මදනයා ගහලද කියපන් !! හත්තික්කේ මේ දරුවගේ පපුව තුවාල වෙලා ඇස් ඇරලා බලපන් ලේත් එනවා දෙයි හාමුදුරුවනේ !! "

තීනුගේ අම්මා අත් දෙක ඔලුවේ තියන් කියද්දි තීනු කකුලෙ ඇගිල්ලෙන් පොලොව හාරන්න ගත්තා . ඒක දැක්ක තීනු ගේ අම්මා ආයෙම තීනුට ගහන්න තෙල් හැන්ද උස්සද්දී තීනු සුටුස් ගාලා යුගාන්ට කවර් උනා .

" හොද හිතින් කියන්නේ තීනු මේ දරුවට ඇග පත හෝද ගන්න ඇදුමකුත් දීලා උබම බෙහෙත් දාපන් මේ කොල්ලට !! "

" ඇයි අනේ මම ?? "

" දැන් මමද මේ අහිංසකයව බිම දාගෙන හැපුවේ ??? "

" හ්ම්ක් හරි හරි එනවා යන්න ඉතිම් !! "

මූණත් කුණ්ඩ හට්ටිය කර ගත්තු තීනු යුගාන්ගේ අතින් අල්ල ගෙන යුගාන්ව තමන්ගේ කාමරේ ඇතුලට එක්කන් ගියා . යුගාන්ට එහෙම ලොකු අමාරුවක් නැති උනත් තීනු ඉස්සරහට යුගාන් නිකන් මැරෙන්න පණ අදින එකා වගේ ඇක්ට් එක දැම්මා . තීනුත් ඉතිම් හිතුව තමන් මොකක් හරි වැරදී නහරයක් වත් හපපු නිසා යුගාන්ට අමාරු වෙන්න ඇතී කියලා .

ඒක නිසාම යුගාන් කියන්නේ මොනවද මී හරකා වගේ තීනු විශ්වාස කලා . බොරු කියන්න ඕනේ නෑනේ තමන් යුගාන්ව හපලා තියෙන විදිහ දැක්කම තීනුට යුගාන් ගැන බය හිතුනා . ඒත් යුගාන් මලොත් යුගාන්ගේ කරදරය තමන්ගෙන් නැති උනත් යුගාන්ව හපපු එකට තමන්ට හිරේ යන්න වෙයිද කියලත් තීනු කල්පනා කලා .

To be continue

_________________________________________

හලූ ලමයි කොහොමද ඉතිම්

දිගම දිගම දිග චැප්ටර් එකක් හොදේ අද ගෙනාවේ 😌

ඔච්චම් කතාව Awards වලට මෙන්ෂන් කරලා තිබුනු හැමෝටම ගොඩක් තෑන්ක්ස්

ඒ වගේම මම ආදරෙයි හරිද ❤️

ආයේ අලුත් එකකින් හම්බ වෙමු

වෝට් කමෙන්ට් කරන අයට කුමාවෝ 💕

Continue Reading

You'll Also Like

16.4K 472 25
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...
66.3K 10.3K 92
ඉනාවකි නුඹේ සිනහව මා ගොළු කරවනා නැහැ දන්නේ ඇයිද කියා නුඹ මාගෙ යැයි හැගෙනා...💜💚 ♡ TaeKook FanFiction ♡ Side ship - Sope ♡ Ranking #1 - Sri Lanka...
1.8K 244 7
දගකාර මුරන්ඩු හිත් දෙකකුයි දඩබ්බර ආදරනීය හිත් දෙකකුයි එකතු උනොත්...ඒක කොයි වගේ තියෙයිද..♡ මේ එයාලගෙ කතාව♡ ʏɪᴢʜᴀɴ ᴛᴏᴘ- ʏɪʙᴏ ʙᴏᴛᴛᴏ- ᴢʜᴀɴ ᴛᴀᴇᴋᴏᴏᴋ ᴛᴏᴘ...